Chapter 14 🥺
සද නැති අමාවක රාත්රියක මුලු පරිසරය පුරාම පැතිරිලා තිබුණේ අදුරත් සීතලත් පමනයි සිහින් සුලං රැලි වලට සෙලවෙන ගස් වල සිලි සිලි සද්දය ඇගේ බිය තවත් වැඩි කලා ඇදගෙන හිටපු ගවුමේ කොනක් එක අතකින් අල්ලාගෙන අනිත් අතින් ඉදිරියට නෙරා තියෙන කුසත් අල්ලාගෙන වනාන්තර මැදින් බයෙන් ඇවිදගෙන ගියා
" ජන්කූක්... මට බයයි.."
නොනවත්වා කඩාගෙන හැලෙන කදුලු අතරේ සනා මිමිනුවා ඒත් එක්කම පිටිපස්සෙන් කෝටුවක් කැඩෙන සද්දයක් ඇහෙද්දී සනා වේගෙන් ඇවිදින්න ගත්තා පිටිපස්සෙන් ඇහෙන අඩි සද්දේ ලග ලගම ඇහෙන්න ගනිද්දී කෙල්ල දුවන්න ගත්තා
" ජන්කූක්.... චේබල්.. එන්නකෝ.."
කෙල්ල එහෙම මුමුනන ගමන් දුවගෙන ගියා ඒත් සනාගේ කකුල වැලක පටලැවිලා බිම වැටුනා කෙල්ල බඩත් අල්ලාගෙන වේදනාවෙන් කෑගැහුවා සනා අනිත් පැත්ත හැරිලා බිම දිගේ පිටිපස්සට ගියා
" චේබල්.. මට මුකුත් කරන්න එපා.. මට යන්න දෙන්න..."
සනා අඩන ගමන් කිව්වේ එයාගේ ඉස්සරහ කලු පැහැති ඇදුම් වලින් සැරසුණු ගන්ස්.. කිනිසි තියාගෙන වියරුවෙන් වගේ තමන් දිහා බලාගෙන ඉන්න මිනිස්සුන්ට
" ම..මට කරදරයක් කරන්න එපා..."
සනා කියන දේවල් ඇහෙන්නේ නැති ගානට එක මනුස්සයෙක් කෙල්ලට ගන් එක ඒම් කලා
" එපා...චේබල්..."
" සනා...සනා බේබි.. ඇස් අරින්න.."
සනා හීනෙන් බය වෙලා කෑගහද්දී ජන්කූක් ඇහැරිලා ලයිට්ස් ඔන් කරලා කෙල්ලගේ කම්බුලට ගහලා කතා කලා සනාගේ ඇග දහඩියෙන් තෙත් වෙලා කෙල්ල බය වෙලා වෙව්ලනවා
" සනා..."
ජන්කූක් ටිකක් හයියෙන් කතා කරනකොට සනා ඇස් ඇරලා බැලුවා කෙල්ලගේ ඇස් බයෙන් පිරිලා වේගෙන් හුස්ම ගන්න ගමන් වටපිට බලන සනාගේ කම්බුලෙන් ජන්කූක් අතක් තිබ්බා
" සනා බේබි මොකද වුනේ ම්ම් "
" ජන්කුකී... එයාලා මාව මරන්න හදන්නේ මට බයයි අපේ දරුවා......."
" ශ්ශ්ශ්.... මුකුත් වෙන්නේ නැ "
සනා බයෙන් වෙව්ලන ගමන් කතා කරනකොට ජන්කූක් කෙල්ලව තුරුල් කරගත්තා සනා වෙව්ලන අත් වලින් ජන්කූක්ගේ ඇදුමේ කොනක් තද කරලා අල්ලගන්නවා කොල්ලාට දැනුනා සනා මෙච්චර බය වෙලා ඉන්නවා ජන්කූක් දැක්ක පලවෙනි වතාව ජන්කූක් කෙල්ලගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා
" සනා බේබි... ඔයා කාටවත් බය වෙන්න ඕන නැ ජේකේගේ වයිෆ් අතක් තියන්න තරම් කාට ද හයියක් තියෙන්නේ ම්ම් ඒක අමතක කරලා නිදාගන්න බය වෙන්න එපා "
ජන්කූක් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වා
" ඒත්...."
" ඒත් මේත් නෙවෙයි නිදාගන්න කෝ ඇස් පියාගන්න.."
සනාව ඈත් කරලා හරියට කොට්ටෙත් හදලා ඔලුව තිබ්බා කම්බුල් වල තිබුණු කදුලු පිහිදලා නලලට සොෆ්ට් කිස් එකක් දුන්නා
" දැන් නිදාගන්න ම්ම්ම්... "
" යන්න එපා.."
" මම කොහෙවත් යන්නේ නැ සනා බේබි නිදාගන්න "
ජන්කූක් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් කිව්වාම සනා ඇස් පියාගත්තා තාමත් කෙල්ලගේ හදවත වේගෙන් ගැහෙනවා සනා දැන් පුංචි දේත් ලොකුවට හිතන නිසා ජන්කූක් කෙල්ල එක්ක වැඩ කරද්දී පරිස්සම් වුනා සනාගේ බන්ඩියට කිස් එකක් දීපු ජන්කූක් කෙල්ලව තුරුල් කරගත්තා ටිකකින් සනාට නින්ද ගිය්පු නිසා ජන්කූක් නින්දට වැටුනා
_________________________
" අහ්.. ඔම්මාහ්.. තවත් නම් එක අඩියක්වත් මම හෙල්ලෙන්නේ නැ "
" නැගිටිනවා ඕයි... තමුසේ තාම වට කීයද දිව්වේ..?"
" තමුසේ හිතාගෙන ඉන්නේ මම යකඩෙන් හැදිලා කියලා ද.. මට මහන්සියි මිනිහෝ.."
ජීසූ ground එක මැද වාඩිවෙලා හයියෙන් හුස්ම ගන්න ගමන් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න ටේහ්යුන්ට කෑගැහුවේ පාන්දර පහට ජීසූගේ රූම් එකට කඩාගෙන පැන්න ටේහ්යුන් නැගිට්ටුවා ජීසූව නැගිට්ටවන්න ගිහින් තව පොඩ්ඩෙන් ටේහ්යුන්ගේ අනාගතය අදුරු වෙනවා කොල්ලා වතුර භාජනයක් පුරවගෙන ඇවිත් ඒකට අයිස් කැට කිහිපයකුත් දාලා නිදාගෙන ඉන්න ජීසූට ගැහුවා කෙල්ල රටේ ලෝකේ නැති කුනුහරප වලින් ටේහ්යුන්ට බැන්නත් කොල්ලා එයාට නෙවෙයි වගේ හිටියා
කොහොමහරි කෙල්ලව ලෑස්ති කරගෙන 5.30 වෙනකොට ground එකට බැස්සා මේ ground එකේ තමයි රෝයල් ගාඩ්ස්ලා පුහුණු වීම් කරන්නේ ඒත් අද ground එකේ ටේසෝ විතරයි ground එක වටේ වට දෙකක් දුවලා තමයි ජීසූ ඔය පොලොව බදාගෙන මහන්සියි කියලා කෑගහන්නේ දැන් වෙලාව උදේ හයයි දැන් ඔයාලා කල්පනා කරනවා ඇති 5.30 ඉදලා 6.00 වෙනකම් මේකි බඩගෑවාද කියලා ඔව් මිතුර ජීසූ දුවනවාට වඩා කලේ ගල් වලට පයින් ගහපු එක තනකොලවල දිග මැන්නා
" තමුසේ සීනි බෝල කෙල්ලෙක් නේ හලෝ පිම්බත් ඇති ගහගෙන යන්න "
ටේහ්යුන් නෝන්ඩියට වගේ හිනා වෙන ගමන් කිව්වා
" තමුසේ මට ද ඔය කියන්නේ "
" යේ නැත්නම් වෙන කවුරුහරි මෙතන ඉන්නවා ද..?"
ජීසූ කේන්තියෙන් නැගිටලා ටේහ්යුන් දිහා බලාගෙන හිටියේ දවා අලු කරන බැල්මක්
" තමුසේ තාම ජීසූ කියන්නේ කවුද කියලා දන්නේ නැ "
ජීසූ තරහෙන් කියලා ටී ශර්ට් එක ගලවලා ටේහ්යුන්ගේ මූනට ගැහුවා මුහුනට වැදුනු ටී ශර්ට් එක අයින් කරපු ටේහ්යුන් කෙල්ල දිහා බැලුවා කොල්ලාට හුස්ම ගන්න පවා අමතක වුනා ජීසූ කොල්ලා දිහා බලලා කට කොනින් හිනා වෙලා දුවන්න පටන් ගත්තා ටේහ්යුන්ට හිතුනේ ගාඩ්ස්ලාට අද ground එක පැත්ත තහනම් කරපු එක හොදයි කියලා ටේහ්යුන් කෙල්ල පස්සෙන් දුවන්න පටන් ගත්තා
උදේ 7.30 වෙනකොට ටේහ්යුන් කෙල්ලට පොඩි සටන් ක්රම ටිකක් කියලා දුන්නා ජීසූ නම් හිටියේ භාගෙට මැරිලා වගේ එතකොට ටේහ්යුන්ට එයාගේ හැගීම් පාලනය කරගෙන ඉදලාම මහන්සියි දාඩියෙන් තෙත් වෙලා තියෙන සිරුර වේගෙන් උඩ පහල යන පපුව ලෙගින් එකෙන් පේන කෙල්ලගේ ඇග දිහා ටේහ්යුන් බලාගෙන හිටියේ අමාරුවෙන්
" අදට ඉවරයි හෙට උදේ 5.00 වෙනකොට තමුසේ ground එකට ඇවිත් ඉන්නවා "
" ෆුහ්....."
ටේහ්යුන් කියලා ඉවර වෙනවත් එක්කම ජීසූ ground එක මැද ගෙම්බා පොලේ ගැහුවා වගේ වැටුනා ටේහ්යුන් ජීසූ දිහා නොබලා අහක බලාගත්තා
" චේන්ජ් කරගෙන එනවා.."
" ටේහ්යුන්..."
කොල්ලා එතැනින් යන්න හදනකොට ජීසූ කතා කලා කෙල්ල ටේහ්යුන් දිහා බලාගෙන වාඩිවෙලා හිටියේ
" මට තමුසෙගෙන් අහන්න දෙයක් තියෙනවා "
" මොකද්ද..."
" තමුසේ පස්ස කොහොමද කවකටුවෙන් ඇන්දා වගේ රවුම් වුනේ "
ජීසූ අහපු ප්රශ්නෙට කොල්ලාගේ ඇස් ලොකු වුනා කෙල්ල නම් කිසිගානක් නැතුව ටේහ්යුන් දිහා බලාගෙන ඉන්නවා එයා අහපු ප්රශ්නෙට උත්තර හම්බවෙනකම්
" කැහැක්.කැහැක්.."
කොල්ලා ප්රශ්නේ මගහරින්න වගේ කැස්සා
" මගේ පස්සවත් ඔච්චර හැඩ නැ නේ ඕයි.."
ජීසූ යටි තොල පිට පෙරලගෙන දුකින් වගේ කිව්වා
" තමුසේ ගිහින් චේන්ජ් කරගෙන එනවා.."
ටේහ්යුන් එහෙම කියලා හැරිලා ගියා
" යාහ්හ් මම අහපු ප්රශ්නෙට උත්තර ඕන "
ජීසූ කෑගහන ගමන් කොල්ලාගේ පස්සෙන් දුවගෙන ගිහින් ටේහ්යුන්ගේ කරට පැන්නා තව පොඩ්ඩෙන් දෙන්නාම පොලොව සිපගන්නවා
" යාහ්හ් තමුසෙට පිස්සු හැදිලා තව පොඩ්ඩෙන් දෙන්නාම බිම.."
ටේහ්යුන් කෙල්ලව අල්ලගන්න ගමන් කිව්වා ජීසූ කොල්ලාගේ බෙල්ල වටේ අත් ඔතාගෙන ටේහ්යුන්ගේ උරහිසෙන් නිකට තියාගත්තා
" මගේ කකුල් රිදෙනවා තමුසේ දැන් මාව මෙහෙම එක්කගෙන යනවා..."
" අයිෂ්... තමුසේ නම් මහ වදයක් ඕයි.."
ටේහ්යුන් එහෙම කියලා කෙල්ලව එක්කගෙන ගියා ඒත් මේ දෙන්නා දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා දෙන්නාගෙන් එක්කෙනෙක්වත් දැනගෙන හිටියේ නැ
___________________________
උදේ සනා නැගිටලා ඇවිත් living room එකේ තියෙන ජනේලෙන් එලිය බලාගෙන හිටියා කවුරුහරි මොනාහරි ඇහුවොත් ඒකට කෙටියෙන් උත්තර දෙනවා ඊයේ රෑ දැකපු හීනේ එක්ක කෙල්ලගේ හිත ගැස්සිලා තිබුණේ එයා බයවෙලා හිටියේ එයාගේ බබාට කරදරයක් වෙයි කියලා ඒ දේ සනාගේ හිතට ගොඩක් වද දුන්නා
" සනාට මොකද වෙලා තියෙන්නේ...?"
සූයා යුන්සෝ බබාත් වඩාගෙන සුකීගෙන් ඇහුවේ ජනේලේ ලග වාඩිවෙලා එලිය බලාගෙන ලොකු කල්පනාවක ඉන්න සනා දිහා බලාගෙන
" දන්නේ නැ ඔන්නි ඇහුවාම මුකුත් නැ කියනවා.."
සුකී උත්තර දුන්නා
" කාත් එක්කවත් කතා කරන්නෙත් නැ "
හෝසොක් කිව්වා
" ඊයේ හොදට හිටියා නේ එකපාරට මොකද වුනේ "
නම්ජූන් ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව
" අර මෝඩ හාවා කෙල්ලට බනින්න ඇති මම මූට කිව්වා කෙල්ලට බනින්න එපා කියලා "
ජිමින් ඉදගෙන ජන්කූක්ට දෙහි කපනවා
" දැන් ඔක්කොම වට වෙලා කතා කර කර කෙල්ල දුකින් ඉන්න හේතුව උපකල්පනය කරන්නේ නැතුව සනා එක්ක කතා කරපල්ලා "
ජින් කෑගහගෙන ආවාම කෙල්ල ගැස්සිලා ගිහින් බැලුවා ඔක්කොම නිකන් කන්න වගේ කෙල්ල දිහා බලාගෙන ඉන්නවා
" වේ.. හැමෝම මගේ දිහා බලාගෙන ඉන්නේ..?"
සනා ඇහුවේ හැමෝම දිහා බලන ගමන්
" ඔයා ප්රශ්නෙක ද සනා.. එහෙනම් අපිට කියන්න ඔයා හිතේ තියාගෙන ඉන්න එපා "
යුංගි කිව්වේ කෙල්ලගේ ඔලුව අතගාන ගමන්
" එහෙම මුකුත් නැ ඔප්පා "
සනා හිනා වෙලා කිව්වා
" මුකුත් නැති වෙන්න විදියක් නැ මොනාහරි වෙලා තියෙනවා "
සූයා කිව්වේ ඇස් හීනි කරගෙන
" අර තඩි හාවා ආපහු ඔයාට බැන්නා ද සනියා.."
ජිමින් අහනකොට ජන්කූක් පඩිපෙළ බැහැගෙන පහලට ආවා ඔක්කොගේම ඇස් ජන්කූක්ගේ ලග නතර වුනා
" මොකද මේ..."
" හොබා... සෝස්පන් එක රත් කරලා අරගෙන වරෙන් "
ජින් කිව්වේ ජන්කූක් දිහාට මාරාන්තික බැල්ලමක් දාගෙන හෝසොක් ගිහින් සෝස්පන් එක අරගෙන ඇවිත් ජින්ගේ අතට දුන්නා ජින් සෝස්පන් උස්සගෙන එද්දී ජන්කූක් සෝෆා එක උඩින් පැනලා දිව්වා කොච්චර චන්ඩියා උනත් ජින්ගේ සෝස්පන් එකට ජන්කූක් බයයි
" යාහ්හ් හියුන්ග් ගහන්නේ ඇයි කියලා කියන්නකෝ.."
ජන්කූක් දුවන ගමන් ඇහුවා සනට ඔක්කොම අමතක වෙලා හිනා ගියේ ජන්කූක්ගේ බෙරි වුනු මූන දැකලා
" උබ දන්නෙම නැ... උබ බබා.."
ජින් එහෙම කියලා ජන්කූක්ගේ පස්ස රත් වෙන්න සෝස්පන් එකෙන් ගැහුවා කොල්ලා පස්සත් අල්ලාගෙන කෑගහනකොට සනා වගේම අනිත් අයත් හිනා වුනා
" ගහන්න කලින් හේතුව කියන්න ඕන කියලා දන්නේ නැද්ද "
" උබ මොකද මේ කෙල්ලට බැන්නේ...?"
ජින් නඩුකාරයා වගේ ජන්කූක්ගෙන් අහද්දී කොල්ලා ඇස් බෝල කරගෙන සනා දිහා බැලුවා
" ඔප්පා... එයා මුකුත් කිව්වේ නැ "
සනා කිව්වේ අහිංසක හිනාවක් දාගෙන
" ජන්කූක් බැන්නේ නැත්නම් මොකද්ද ප්රශ්නේ "
ජිමින් ඇහුවා
" හීනයක් දැකලා බය වෙලා හියුන්ග්..."
ජන්කූක් කිව්වේ සනාව තුරුල් කරගන්න ගමන්
" යාහ්හ් සනා ඒක හීනයක් විතරයි ඕක අමතක කරන්න ඔච්චර හිතන්න එපා "
සූයා කිව්වාම සනා ඔලුව වැනුවා ඒත් කෙල්ලගේ ඔලුවේ ඒ හීනේ තාම හොල්මන් කරනවා එයාට ඒ හීනේ මතක් වෙනකොට බයයි ඇත්තටම එහෙම දෙයක් වුනොත් කියන දේ කෙල්ලගේ හිතට වද දුන්නා
" ඒක නේ සනියා.. ඔයා බය හිතෙන දේවල් ගැන හිතනකොට ඒක අපේ චන්ඩියාටත් හොද නැ ඔයා රිලැක්ස් එකේ ඉන්න ඕන "
සුකී කිව්වා ඒ හැමදේටම සනා ඔලුව වැනුවා විතරයි ජන්කූක් අනිත් අයට යන්න කියලා අතින් සන් කලේ කෙල්ල එක්ක තනියෙන් කතා කලොත් හොදයි කියලා හිතුනු හින්දා හැමෝම ගියාට පස්සේ කෙල්ලගේ අත් දෙක අල්ලාගෙන සනා ඉස්සරහින් ජන්කූක් දන ගැහුවා
" මම දන්නේ නැ බේබි ඔයා දැක්ක හීනේ මොකද්ද කියලා බය වෙන්න එපා සනා බේබි ඔයා හිතනවා ද මම ඔයාටවත් champ ටවත් කරදරයක් වෙන්න දෙයි කියලා ම්ම්."
සනා නැ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා
" එහෙනම් ඇයි ඔය ගැන තවත් හිතන්නේ... ඒක හීනයක් විතරයි කියලා අමතක කරලා දාන්න සනා බේබි ඔයා ඒ ගැනම කල්පනා කරන එක හොද නැ.. මම ඔය දෙන්නාව පරිස්සම් කරනවා.."
ජන්කූක් සනාගේ කම්බුලක් සියුම්ව පිරිමදින ගමන් කිව්වා කෙල්ල ජන්කූක්ගේ අතට මුහුන නැබුරු කලාම කොල්ලා හිනා වෙලා සනාගේ තොල් වලට පෙක් එකක් තියලා සනාගේ බන්ඩිය උඩින් හාදුවක් තැවරුවා සනා ජන්කූක් දිහා බලලා අහිංසක විදියට හිනා වුනා
" ඔහොම හිනා වෙලා ඉන්න ඕන "
" හරි හරි "
ජන්කූක් සනාගේ කම්බුල් මිරිකලා කිව්වා
" අපි යන් breakfast ගන්න අපේ champ ට දැන් බඩගිනිත් ඇති "
ජන්කූක් එහෙම කියලා සනාව එක්කගෙන dinning room එකට ගියා අද සනාට ක්ලිනික් යන්න තිබුණු දවස ජන්කූක් කෙල්ලව එක්කගෙන hospital එකට ආවා ජන්කූක්ට වැඩි වෙලාවක් හොස්පිටල් එකේ ඉන්න නොලැබුනේ ඔෆිස් එකෙන් ආපු කෝල් එකක් හින්දා ජන්කූක් ෆෝන් එක අතේ තියාගෙනම සනාගේ පැත්තට හැරුනා කෙල්ලට තේරුනා ජන්කූක්ට දැන් යන්න වෙනවා කියලා
" ඔයා යන්න කුක්කෝ... මට ප්රශ්නයක් නැ "
සනා හිනා වෙලා කිව්වත් එයාගේ හිතේ ලොකු දුකක් තිබ්බා
" ඒත්...."
ජන්කූක් මුකුත් කියන්න කලින් කෙල්ල කොල්ලාගේ තොල් වලට ඇගිලි තියලා ජන්කූක් කතා කරන එක නැවැත්තුවා
" මට ප්රශ්නයක් නැ කිව්වා නේ ඔයා යන්න ඊයේ ඔෆිස් ගියෙත් නැ නේ කුක්කෝ මොනාහරි ප්රශ්නයක් ද දන්නේ නැ නේ "
සනා කිව්වාම කොල්ලා සනාගේ කම්බුල පිරිමැද්දා..
" හරි එහෙනම් මම යන්නම්.. පරිස්සමින් හරි ද කොහෙවත් ඇවිත් යන්න එපා checkup එක ඉවර වුනු ගමන් ගෙදර යන්න ඕන checkup එක ඉවර වුනු ගමන් මට කෝල් එකක් දෙන්න ඕන හරි ද අමතක කරන්න එපා මොනාහරි ඕන නම් මට මැසේජ් එකක් දාලා තියන්න මම එනකොට අරගෙන එන්නම් මොනාහරි හදිස්සියක් වුනොත් අනිවාර්යයෙන් කෝල් කරන්න ඕන අරස්සෝ...?"
" Yes sir...."
සනා ගැම්මෙන් සැලූට් කරලා කිව්වාම ජන්කූක් හිනා වුනා
" පරිස්සමින්..."
ජන්කූක් එහෙම කියලා සනාගේ කම්බුලට තට්ටුවක් දාලා ගියා කෙල්ලගේ ආරක්ෂාවට ගාඩ්ස්ලා කිහිප දෙනෙක් නතරකලා
" හනා..
දුල්..
සෙත්.."
සනා ගනන් කරලා ඉවර වෙනකොට ජන්කූක් ආපහු ඇවිත් කෙල්ලගේ නලලට කිස් එකක් දීලා දුවලා ගියා මේ දිහා hospital එකේ සමහර අය සතුටින් බලාගෙන ඉදිද්දී සමහර අය ඉරිසියාවෙන් තරහෙන් බලාගෙන හිටියා සනා checkup ඉවර වුනාම හිටියේ සතුටින් එයාගේ බබා ගොඩක් නිරෝගීව වැඩෙනවා කියද්දී සනාට ගොඩක් සතුටු හිතුනා කෙල්ල ජන්කූක්ගේ කෝල් එකක් දුන්නාම එකපාරක් රින්ග්ස් යනකොට කොල්ලා ආන්සර් කලා
" බබා ඔයා හොදින් නේද ප්රශ්නයක් නැ නේ ද මම එන්න ද සනා බේබි කතා කරන්න "
" මම කතා කරන්නේ කොහොමද මෝඩ හාවෝ තමුසේ කියවගෙනම ගියා ජින් ඔප්පාගේම සහෝදරයෙක් තමයි "
" ඔයා හොදින් නේද බේබි..champ ට කොහොමද "
" මාත් හොදින් ඔයාගේ champ හොදින් ඉන්නවා "
සනා එයාගේ පුංචි බන්ඩිය අතගාන ගමන් ජන්කූක් එක්ක හිනා වෙවී කතා කරන ගමන් හොස්පිටල් එකෙන් එලියට ආවා
" පරිස්සමින් යන්න බේබි ගිහින් අමතක නොකර කෝල් එකක් ගන්න.."
" හලි හලි මේ කුක්කෝ..."
ගාඩ් කෙනෙක් කැබ් එකේ දොර ඇරලා දෙනකොට කෙල්ල පරිස්සමින් කැබ් එකට නැග්ගා
" මොකද...?"
" එනකොට චොකලට් අයිස්ක්රීම් අරගෙන එන්නකෝ... චේබල් අනේ බැ කියන්න බැ මට ඕනමයි නැත්නම් මම දැන් ගිහින් කනවා.."
" හරි මම අරගෙන එන්නම් කෝලම.."
" ඉක්මනට එන්න කුක්කෝ මම බලාගෙන ඉන්නවා "
" හරි බබා.."
සනා හිනා වෙවී ෆෝන් එක ශීට් එකට දාලා ශටර් එකෙන් එලිය බලාගත්තා ටික දුරක් යද්දී අතුරු පාරක් දිගේ අධික වේගෙන් ආපු වාහනයක් කැබ් එකේ හැප්පුනා....💥
To be continue..........
බුහ්හාහා....
සනා බබා එක්කම අවසන් ගමන් ගියා ජන්කූක් පිස්සෙක් වුනා..
Bạn đang đọc truyện trên: AzTruyen.Top