Chapter 13 😋
" Hey guys i'm back.."
" පොඩ්ඩක් හිමින් ඔය ටකරම අරිනවා මේ ගෙදර පොඩි ලමයි ඉන්නවා "
ටේහ්‍යුන් එක්ක jeon mansion එකට ආපු ජීසූ කෑගහගෙන ඇතුලට යනකොට කොල්ලා නෝක්කාඩුවෙන් කිව්වේ
" තමුසේ කටවහගෙන ඉන්නවා ඔක්කොටම ඉස්සෙල්ලා "
ජීසූ රවාගෙන ටේහ්‍යුන්ට කියලා අනිත් පැත්තට සනා දිහා බැලුවේ ලස්සන හිනාවක් එක්ක සනා නම් ජීසූ දිහා බලාගෙන ඉදියේ පුදුමෙන් ජීසූ දුවගෙන ගිහින් සනාගේ පිටිපස්සෙන් බෙල්ලේ වටා අත් ඔතාගෙන සනාගේ කම්බුලට එයාගේ කම්බුල් තිබ්බේ හිනාවෙන ගමන් අනිත් අය වෙන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව ජීසූ දිහා බලනවා ටේහ්‍යුන් දිහා බලනවා ආපහු සනා දිහා බලනවා ජන්කූක් නම් හැගීම් රහිත මුහුනකින් සනා දිහා බලාගෙන ඉදියා ටේහ්‍යුන් ඔලුවේ පිටිපස්ස කසන ගමන් ජන්කූක්ගේ එහා පැත්තේ හිස් පුටුවෙන් වාඩිවුනා
" මෙහේ මොකටද ආවේ..?"
සනා එයාගේ බෙල්ල වටේ ඔතාගෙන ඉන්න ජීසූගේ අතකට ගහලා ඇහුවා
" මම ආවේ මගේ යොංජාචිංගු බලන්න.."
ජිසූ හිනා වෙලා කියනකොට සනා වේදනාවෙන් හුස්මක් පහත දැම්මේ ජීසූ මෙහෙම කියපු පලවෙනි වතාව මේක නොවෙන හින්දා ජන්කූක් තාමත් කලින් වගේම බලාගෙන හිටියත් අනිත් අයගේ හැසිරීම වෙනස් වෙන්න ගියේ තත්පර ගානයි ටේහ්‍යුන් බොන්න ගත්ත ඔරේන්ජ් ජූස් වීදුරුව එහෙම්ම තියාගෙන ගල් ගැහිලා වගේ ජීසූ දිහා බලාගෙන ඉන්නවා ජින් කටට ගත්ත නූල්ඩස් ටික බිමට වැටිලා ඒත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා යුංගි නින්දෙන් ඇහැරුනා වගේ ඉන්නේ ජිමින් සුකීවත් පෙරලගෙන බිම වැටුනා හෝසොක් හැන්දත් කටේ තියාගෙන එහෙම්ම බලාගෙන ඉන්නවා ඒත් එක්කම සලාංංංං ගාලා සද්දයක් ආවේ මෙච්චර වෙලා ජීසූගේ සිහියෙන් හිටපු හැමෝගෙම අවධානය නම්ජූන්ගේ පැත්තට හැරෙද්දී නම්ජූන් අහිංසක විදියට හිනා වුනේ ඊලගට වෙන දේ අත්දැකීමෙන් දන්න නිසා
" කිම් නම්ජූන්............."
ජින් උච්ච ස්වරයෙන් කෑගැහුවේ mansion එක අසල තිබුණු ගසක හිටපු කපුටෙක් බැසිල් කියාගෙන අහ් නැ වැරදුනා කාක් කාක් කියාගෙන පියාගෙන ගියා
" තමුසේ මේ සතියට කඩපු 29 වැනි බඩුව ඔය අයිෂ් තමුසේ මොනාද කන්නේ අතට ගත්තොත් ඒක ඉවරයි පොඩ්ඩක් පරිස්සමින් බඩුවක් අල්ලනවා මනුස්සයෝ "
ජින් කෑගැහුවාම ජීසූ ඇස් දෙකත් ලොකු කරගෙන ජින් දිහා බලාගෙන ඉදියා
" එයා හැමදාම මෙහෙම ද..? මොනා වුනත් හැන්සම් සුරදූතයෙක් වගේ "
ජිසූ සනාගේ කනට කරලා රහසින් කිව්වා
" එයා මැරි කරලා ඉන්නේ අවුරුද්දක බබෙකුත් ඉන්නවා "
සනාත් ජීසූ වගේම රහසින් කිව්වා
" ඕමෝ.. අපරාදේ.."
" මට ඕකම හිතුනා.."
සනා ජීසූ රහසින් කතා කරද්දී ටේහ්‍යුන් ජීසූ දිහා බලාගෙන හිටියා
" මොනාද තොපි රහස් සාකච්ඡා පවත්වන්නේ "
නම්ජූන්ට බනිමින් හිටපු ජින්ගේ ඇස් ඊලගට නැවතුනේ සනාගෙයි ජීසුගෙයි රහස් සාකච්ඡාව ලග
" ඔප්පා හැන්සම් කියලා කිව්වේ නේද සනා.."
ජීසූ හිටපු විදිය වෙනස් නොකරම කිව්වා ජියාගේ මූන නම් අහක බලාගෙන ගහපු කොත්තුවක් වගේ වුනා ජින් නම් හෙන ගැම්මෙන් කොන්ඩෙත් හදාගත්තා
" I know.."
ජින් ආඩම්බරයෙන් කිව්වා ජීසූ හිනා වුනා
" ඔයා කවුද කියලා කිව්වේ නැ නේ "
ජින් ඇහුවේ ජීසූ දිහා බලාගෙන
" මම ජීසූ.. කිම් ජීසූ සනා හයි ස්කූල් කාලේ හොදම යාලුවා "
" ඕමෝ..සනාගේ යාලුවෙක් ද..?"
ජිමින් ඇහුවාම ජීසූ ඔව් කියන්න
" එහෙනම් මරු.."
සුකී කිව්වේ කුප්ප හිනාවක් දාගෙන
" කුක්.. එහා පුටුවට යන්නකෝ..."
සනා හිනා වෙලා කියනකොට ජන්කූක් නැගිටලා එතැනින් යන්න ගියා ජීසූ ජන්කූක් ගියාට පස්සේ එතැනින් වාඩිවුනා ජීසූ අනිත් අය එක්ක ඉක්මනට යාලු වුනා කස්ටිය එක්ක ටික වෙලාවක් කතා කරමින් ඉදලා සනා ජීසූ එක්කගෙන garden එකේ තියෙන බෙන්ච් එකෙන් වාඩිවුනා එතැන වටේම විවිධ වර්ගයේ මල් පැල හිටවලා තිබුණේ සනා ගොඩක් වෙලාවට එතැනට වෙලා තමයි හිටියේ
" සර් දන්නවා ද මෙහේ ආවා කියලා "
සනා ඇහුවේ එයා ලගින් වාඩිවෙලා වටපිට බල බලා ඉන්න ජීසූගෙන්
" අහ්.. අනියා.. මම එනකොට අප්පා හිටියේ නැ "
" ම්ම්ම් සර් කැමති නැ උබ මාව හම්බවෙන්න එනවාට.."
සනා කිව්වේ හුස්මක් පහත දාන ගමන් මෙච්චර වෙලා වටපිට බල බලා ඉදපු ජීසූ සනා දිහා බැලුවා
" උබත් හදන්නේ මාව තනිකරන්නද..?"
" අනියා... මම එහෙම කරන්නේ නැ ඒත් සර් මේක දැනගත්තොත් ප්‍රශ්නයක් වෙයි "
" අයිෂ්.... උබ ඒ ගැන හිතන්න එපා ටේහ්‍යුන් ඉන්නේ ඒ කොටි හපුවා බලාගනියි.."
ජීසූ ඇහැක් ගහලා කිව්වාම සනා හිනා වුනා
" උබ පරිස්සම් වෙයන් ජීසූ එදා වුනු දේවල් මතක නැද්ද මෙහෙම එන එක හරි ද "
" දැන් උබ හදන්නේ මාව එලවගන්න ද ආ.."
ජීසූ නැගිටලා අත් දෙකත් ඉනට තියාගෙන සනාගෙන් ඇහුවා
" යාහ්හ් මම එහෙම දෙයක් කිව්වා ද..?"
ජීසූ රවාගෙන ආපහු සනා ලගින් වාඩිවුනා
" උබ එකපාරට මාව හම්බවෙන්න ආවේ නිකන් වෙන්න බැ "
" යාහ්හ් උබ ඔය මං ගැන හිතාගෙන ඉන්න විදිය ද "
" ඉතින් මම බොරු ද කියන්නේ...? Blue house එකේ වුනු murder එක ගැන හොයන්න අදහසක් තියෙනවා නම් ඒක අතහැර ගනින් උබේ හොදට කියන්නේ ටේටේ ඒ ගැන බලාගනියි "
සනා කිව්වේ ජීසූගේ වැඩ ගැන දන්න හින්දා සනා එහෙම කිව්වාම ජීසූගේ මූන අපායට ගහපු කැලැන්ඩරේ වගේ වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ
" ඒක නෙවෙයි පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලපන් එක පාර බලන්න එපා ස්කූල් කාලේ වගේ සේප් එකේ බලපන් "
සනා ඇස් හීනි කරගෙන ජීසූ දිහා බලාගෙන හිටියා ස්කූල් කාලෙදීත් කවුරුහරි සනා දිහා බලාගෙන ඉන්නවා නම් ජීසූ ඔහොම කියනවා සනා සේප් එකේ හැරිලා බැලුවා එතකොට දැක්කේ බැල්කනියේ අත්වැටට බර වෙලා මග් එකත් අතේ තියාගෙන එයාගේ දිහා බලාගෙන ඉන්න ජන්කූක්ව සනා flying kiss එකක් දුන්නාම ජන්කූක් කලේ කෙල්ලට අංශක 270 කෝනකින් රවලා අහක බලාගත්තා
" හම්මියෝ... එයා හෙන හැන්සම් බන් ඒ tatoos එක්ක හොට් හොට් කෙටල් එකක් වගේ සෙට් කරගන්න බැරි ද දන්නේ නැ "
ජීසූ කියාගෙන යද්දී සනාට තරහ ගියා කෙල්ල රවාගෙන ජීසූ දිහා බැලුවා
" මොකද උබ රවන්නේ උබේ යොංජාචිංගු ටේහ්‍යුන් නේ.. "
ජීසූ කියනකොට සනා වටපිට බැලුවේ ජීසූගේ ඔලුව සමතලා වෙන්න ගහන්න දෙයක් නැද්ද කියලා සනාගේ බැල්ම තේරුනු ජීසූ සේප් එකේ එතැනින් නැගිටලා යන්න හැදුවා
" උබට මම...."
සනාගේ අතට අහුවුනේ එයාගේ ෆෝන් එක කෙල්ල ෆෝන් එකෙන් ජීසූට ගැහුවා ජීසූ උඩ පැනලා ෆෝන් එක අල්ලගත්තා
" ඒ කුක්කා මගේ "
ජීසූ හිනා වෙලා සනාට ඇහැකුත් ගහලා ෆෝන් එකත් අරගෙන දුවලා ගියා සනා අත් දෙකත් බැදගෙන බෙන්ච් එකට වෙලා හිටියා සනා බැල්කනිය දිහා බලනකොට ජන්කූක් එතැන හිටියේ නැ සනා බෙන්ච් එකේ වාඩිවෙලා එයාට පේන දේවල් ගැන විස්තර කරමින් එයාගේ බබා එක්ක කතා කලා සනා තනිවුනු හැමවෙලාවකම කරන්නේ මෙලොව එලිය නොදුටු කිරි කැටියා එක්ක කතා කරන එක
" පැටියෝ.... ඔයාගේ අප්පා ඔම්මා එක්ක තරහ වෙලා නේ අප්පා අපි එක්ක ඉන්න නේ ඔක්කොම වැඩ පාඩු කරගෙන නැවතුනේ ඒත් ටේටේ සම්චොන් එක්ක පිස්සියෙක් කඩාගෙන වැටුනා නේ ඔහ්.. මගේ මැනිකට ඒ පිස්සිව අදුන්වලා දෙන්න බැරි වුනා නේ මගේ ෆෝන් එකත් උස්සගෙන කොහෙට අන්තරස්දාන වුනා ද මන්දා "
සනා එහෙම කතා කර කර ඉන්නකොට ජීසූ ෆෝන් එකත් අරගෙන ආවා සනා ජීසූව අදුරන්නේ නැති ගානට ඉන්නවා
', සනා..."
" අපි අදුරන්නේ නැති කෙනෙක් ඇවිත් මගේ නම කියලා කතා කරනවා නේ පැටියෝ.."
සනා කිව්වාම ජීසූ කෙල්ලගේ ලගින් වාඩිවුනා
" හලූ සූති බබෝ... ඔයා ප්‍රින්ස් කෙනෙක් ද ප්‍රින්සස් කෙනෙක් ද ඔයාගේ ඔම්මා කිව්ව විදියට නම් ඔයා ප්‍රින්ස් කෙනෙක් වෙන්න ඕන තව පොඩ්ඩෙන් මට ඔයාට මාව අදුන්වලා දෙන්න බැරී වෙනවා නේ මගේ නම ජීසූ එතකොට මම ඔයාගේ ඉමෝ "
සනාගේ සුති බන්ඩියට අත තියාගෙන ජීසූ කිව්වා ජීසූගේ කතාවට සනාට හිනාවක් ගියා
" මම නෙවෙයි මෝඩියේ මෙයා ප්‍රින්ස් කෙනෙක් කියලා කිව්වේ ජියා නූනා මොකද මට කන්න හිතෙන හැමදේම ජන්කූක් කැමති දේවල් "
සනා ජීසූගේ ඔලුවට තට්ටුවක් දාලා කිව්වා
" කලින් දැනුවත් කරන්න එපැයි ඉතින් "
ජීසූ ඔලුව අතගාන ගමන් කිව්වා
" ඕයි ජීසූ වරෙන් යන්න president blue house එකට ඇවිත්..."
" මොහ්..."
ජීසූට හුස්මත් හිර වෙලා හීන් දාඩිය දැම්මේ යමරජාගේ පුරෝහිතගේ පුතාගේ වයිෆ්ගේ හැල්මොනීගේ පුතාගේ පුතාගේ සිහිවුනා කෙල්ල නිකන් අකුනක් ගැහුවා වගේ එහෙම්ම හිටගෙන ඉන්නවා
" උබට අබ සරනයි ජීසූ පුතේ.."
සනා කිව්වා
" එසේ නම් ලව් පරිස්සමින් සිටින්න මා පියානන් අපගේ පරම පිවිතුරු නිකලැල් ප්‍රේමයට කෙතරම් අකුල් හෙලුවත් මා නැවත කෙසේ හෝ නුබ බැලීමට පැමිනෙන්නම් රොබින් හුඩ් ජුලියට්ට ලව් කරා සේ මාද ඔබට ප්‍රේම කරමි "
ජීසූ full dramatic විදියට කියද්දී ටේහ්‍යුන් බලාගෙන හිටියේ මේකිට එකපාරට වැහුනු old actor කවුද කියලා කල්පනා කරන ගමන් ටේහ්‍යුන්ට හිතුනේ ජීසූව සෙව්වන්දි මෑනියෝ ලගට එක්කගෙන ගිහින් පොල් ගෙඩියක් කෙලින් කරන්න වෙයි කියලා
" රොබින් හුඩ් ජුලියට් නෙවෙයි යකෝ රෝමියෝ ජුලියට්.."
ටේහ්‍යුන් කිව්වා සනා නම් හිනාව කාගෙන දෙන්නා දිහා බලාගෙන ඉන්නවා
" මොකෙක් හරි ඒක තමුසෙට අදාල නැ නේ මැදින් ෆ්‍රී ඇඩ් දාන්නේ නැතුව හිටු.. මගේ ෆීලින්ස් ඔක්කොම මූ අනුභව කලා තනකොල කන කොටියා..."
" තමුසේ මට ද තනකොල කන කොටියා කිව්වේ ආ.. හරි බලාගමුකෝ මම ප්‍රසිඩන්ට් ට කියන්නම් තමුසෙගේ හපන්කම් "
" ඉතින් කියනවා මම අල්ලගත්තා ද.. මම ගිහින් එන්නම් සනියෝ.. පරිස්සමින් ඉන්න ඔයාගේ හොට් ඇන්ඩ් සෙක්සි හස්බන්ව පරිස්සම් කරගන්න "
ටේහ්‍යුන් එක්ක රන්ඩු වෙවී හිටපු ජීසූ සනාගේ ඔලුව අතගාලා කිව්වා හැබැයි ජීසූ අන්තිම ටික කියද්දී නම් ටේහ්‍යුන්ට හීක් ගෑවුනා කොල්ලාගේ බොරු එලිවුනු නිසා
" ඔයත් පරිස්සමින් ඉන්න ජීසුයා.."
සනා එහෙම කියලා හිනා වුනා ජීසූ ටේහ්‍යුන්ට ගස්සගෙන එතැනින් යන්න ගියා
" මේකි මොන mental hospital එකේ දී හිටියේ සනා"
ජීසූ යනකම් ඉදලා ටේහ්‍යුන් ඇහුවා
" මොහ්...."
" අහ්.. මම යන්නම් පරිස්සමින් ඉන්න වැඩිය කේන්ති ගන්න එපා බබාට හොද නැ "
ටේහ්‍යුන් එහෙම කියලා සනාගේ කොන්ඩේ අවුස්සලා යන්න ගියා ටේහ්‍යුන් ගියාට පස්සේ සනා එතැනින් නැගිටලා garden එකේ ඇවිදිනකොට කවුරුහරි ඇවිත් කෙල්ලව උස්සලා ගත්තා
" ඔහ්..."
කෙල්ල බය වුනා
" කුක්කෝ.."
ජන්කූක් මුකුත් නොකියා සනාව වඩාගෙන රූම් එකට ගිහින් ඇදෙන් තියලා ජන්කූක් යන්න හැදුවේ
" අහ්.."
සනා කොන්දත් අල්ලාගෙන වේදනාවෙන් කෑගැහුවා යන්න ගියපු ජන්කූක් අඩියට දෙකට කෙල්ල ලගට ආවා
" සනා බේබි.. මොකද වුනේ කොහෙද රිදෙන්නේ "
ජන්කූක් කලබලයෙන් කෙල්ලගේ කම්බුල් අල්ලාගෙන ඇහුවා
" කොන්ද රිදෙනවා "
සනා කියද්දී කොල්ලා සනාව වැලදගෙන හිමින් කොන්ද අතගෑවා කෙල්ල ජන්කූක්ගේ ඉන වටේ අත් යවලා කොල්ලාට තුරුල් වුනා සනා බොරුවට කෑගැහුවේ කොන්ද රිදෙනවා කියලා මොකද ජන්කූක් යන්න හදපු නිසා ජන්කූක් එක අතකින් කෙල්ලගේ ඔලුව අතගාන ගමන් අනිත් අතින් කොන්ද අතගෑවා සනා ජන්කූක්ගේ පපුව අස්සේ මූන හංගගෙන කොල්ලාගේ උනුසුම විදිමින් ඇස් පියාගෙන හිටියා ජන්කූක් කට කොනින් හිනා වෙලා සනාගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා කොල්ලා දන්නවා සනා කලේ බොරු රගපෑමක් කියලා කෙල්ලගේ කපටි වැඩ ගැන ජන්කූක්ට හිනායි
________________________
ටේසෝ දෙන්නා blue house එකට යන්න පිටත් වුනා ජීසූ ශටර් එකෙන් එලිය බලාගෙන කල්පනා කලේ තම පියානන්ගේ දඩුවම් වලින් ගැලවෙන්න ක්‍රමයක් ටේහ්‍යුන් drive කරන ගමන් සැරින් සැරේ පැසෙන්ජර් ශීට් එකේ වාඩිවෙලා ලොකු කල්පනාවක ඉන්න ජීසූ දිහා බලනවා
" මගේ මූනේ නෙවෙයි කොටියෝ පාර තියෙන්නේ ඉස්සරහ බලාගෙන drive කරනවා "
ජීසූ කිව්වේ තමන් දිහා සැරින් සැරේ බලන ටේහ්‍යුන්ට
" මට ඕන විදියට මම drive කරන්නේ..."
ටේහ්‍යුන් කිව්වා
" මම ලස්සන හින්දා නේ මේ ඔක්කොම "
" මොහ්......."
ටේහ්‍යුන් එක පාරට බ්රේක් ගැහුවා ජීසූ කියපු දේ හින්දා නෙවෙයි colour light හින්දා ටේහ්‍යුන් ගහපු සුපිරි ගනයේ බ්රේක් එක හින්දා තව පොඩ්ඩෙන් ජීසූගේ මූන ඉස්සරහ වීදුරුවේ ගිහින් හැප්පිලා සමතලා වෙනවා
" තමුසෙට කවුද ඕයි ලයිසන් දුන්නේ බ්රේක් ගහනවා කියලා ඔහොමත් ගහනවා ද තව පොඩ්ඩෙන් අහිංසක සුන්දර මගේ මූන රොටියක් වගේ වෙනවා තමුසෙට මම රුසියාවෙන් බෝම්බයක් ඉල්ලගෙන ගහනවා මොකද තමුසේ ඔහොම බලාගෙන ඉන්නේ මට කරන්න බැ කියලා ද හිතන්නේ... මොකද ඔය.."
ජීසූ කැඩුණු රේඩියෝ එක වගේ කියවගෙන යද්දී ටේහ්‍යුන් බලාගෙන හිටියා ටික වෙලාවක් එහෙම ඉදලා ටේහ්‍යුන් කෙල්ලගේ පැත්තට නැවුනු හින්දා ජීසූ ඇස් බෝල කරගෙන ශීට් එකට හේත්තු වුනා කෙල්ලගේ හාට්ටුව බ්රේක් ඩාන්ස් දානවා වගේ ටේහ්‍යුන් කෙල්ලගේ මූනට නැවෙද්දී ජීසූ ඇස් පියාගත්තා ටේහ්‍යුන්ගේ උනුසුම් සුසුම් කෙල්ලගේ මුහුනේ වදිනවා ටික වෙලාවක් යනකොට මුකුත් නොදැනුනු හින්දා ජීසූ ඇස් ඇරියා එතකොට කොල්ලා කට කොනින් හිනාවක් එක්ක ජීසූ දිහා බලාගෙන ඉන්නවා කෙල්ලට වස විලි ලැජ්ජාවයි ජීසූ හිතුවේ කොල්ලා එයාව කිස් කරන්න හදනවා කියලා නේ
" wanna kiss....?"
" Fuck..."
ජීසූ වුනු ලැජ්ජාවට කෑගහලා අහක බලාගත්තා ටේහ්‍යුන් හිනාවක් එක්ක drive කරන්න පටන් ගත්තා blue house එකට යනකම් ජීසූ වචනයක්වත් කතා කලේ නැ ටේහ්‍යුන් මුකුත් කියන්න ගියේ නැ blue house එකට ආවාම ජීසූ බැහැලා ඉස්සරහ වෙලා යද්දී ටේහ්‍යුන් කා එකේ කී එක ගාඩ් කෙනෙක්ට විසි කරලා ජිසූගේ පස්සෙන් ඇතුලට ගියා
කෙල්ල ඇතුලට යනකොට president පේන්න හිටියේ නැ
" මිස්.. සර් මිස්ට ඔෆිස් රූම් එකට එන්න කිව්වා ටේහ්‍යුන් සර්ටත් එක්කම.."
මිස් චෝයි දෙන්නා දිහාම බලලා කිව්වා ජීසූ හොද හුස්මක් අරගෙන මීටර් 100 දුවන්න වගේ ලෑස්ති වෙලා ඔෆිස් රූම් එකට ගියා කෙල්ල යනකොට ජනාධිපතිතුමා මිස්ටර් හන් එක්ක සාකච්ඡාවක හිටියේ ඔෆිස් රූම් එකේ දොරෙන් එබෙන ජීසූ දැක්කාම ජනාධිපතිතුමා කතාව නවත්තලා මිස්ටර් හන්ට යන්න කිව්වා මිස්ටර් හන් ජනාධිපතිතුමාට ආචාර කරලා ජීසූටත් හිනාවකින් සංග්‍රහ කරලා ඔෆිස් රූම් එකෙන් ගියා ටේසෝ ඇවිත් ජනාධිපතිතුමාට ආචාර කලා
" කොහෙද ගියේ.."
ජනාධිපතිතුමා සන්සුන් වගේම ගැඹුරු හඩකින් ඇහුවේ කන්නාඩිය ගලවලා පිසදමන ගමන්
" නිකන් එලියට ගියේ අප්පා ඇවිදින්න "
ජීසූ හිනා වෙලා කිව්වා
" කොහෙද ඇවිද්දේ..?"
" අප්පා මොකද NIS එකෙන් වගේ ප්‍රශ්න අහන්නේ "
ජීසූ කිව්වාම ජනාධිපතිතුමා කෙල්ල දිහාට නපුරු බැල්මක් දැම්මා
" මම අහපු දේට උත්තර දෙන්නේ නැතුව මගෙන් තවත් ප්‍රශ්නයක් ඇහුවාම හරි ද ජීසූ.."
ජනාධිපතිතුමා එහෙම කිව්වාම කෙල්ල බිම බලාගත්තා
" මියානේ අප්පා.."
" කොහෙද ඇවිදින්න ගියේ.."
" අප්පා.... පාක් එකට ගියේ "
කෙල්ල බිම බලාගෙන කිව්වා
" එතකොට තමුන්ට පාක් එක තියෙන්නේ මිස්ටර් ජොන්ගේ mansion එකේ ද.."
ජනාධිපතිතුමා එහෙම ඇහුවාම ජීසූ වගේම ටේහ්‍යුන් ගැස්සිලා ගියා ජනාධිපතිතුමා ටේබල් එක උඩ තිබුණු ෆොටෝස් වගයක් ජීසූගේ පැත්තට විසි කලා ඒවායේ තිබුණේ ටේහ්‍යුන් එක්ක jeon mansion එකට යන ෆොටෝස් ඒ වගේම එදා ජීසූ සනාව මීට් වුනු තැනදී ෆොටෝ තිබ්බා
" අප්පා.... ටේ ඉන්නේ එහේ ඉන්නේ ඉතින් එයාගේ පවුලේ අය හම්බවෙන්න ගියේ.."
" ටේහ්‍යුන්ට තනියෙන් යන්න තිබුනා නේ මොකටද තමුන් යන්නේ "
ජනාධිපතිතුමා එහෙම ඇහුවාම ජීසූ නිහඩ වුනා
" සර්..."
" මම තමුන්ගෙන් මුකුත් ඇහුවේ නැ නේ ටේහ්‍යුන් මම ඇහුවේ මගේ දුවගෙන් "
ජනාධිපතිතුමා කිව්වාම ටේහ්‍යුන් කට වහගත්තා
" තමුන් එහෙට ගියේ හේසනා ඉන්න නිසා "
" අප්පා...."
" මම එදා ඉදන්ම කිව්වා හේසනා එක්ක කිසිම කතාවක් තියාගන්න එපා කියලා කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් එක්ක ඉදලා තමයි මෙච්චර හිතුවක්කාර වෙලා තියෙන්නේ හේසනා ස්කූල් එකේදී කරේ උගන්නපු ආපු teachers ලාට කරදර කරපු එක කිසිම හැදියාවක් නැති කෙල්ලෙක් මිස්ටර් ජන්ග් කියලා හොද මිනිහෙක් නෙවෙයි නේ "
ජනාධිපතිතුමා කියන දේවල් ටේහ්‍යුන් අහගෙන හිටියේ කේන්තියෙන් ජීසූ හිටියෙත් කේන්තියෙන් මොකද එයාලා දන්නවා සනා කියන්නේ කවුද කියලා ජනාධිපතිතුමා කෙල්ලගේ පිටත හැසිරීමෙන් බලලා එයාට චරිත සහතිකයක් දීලා ඉවරයි
" අප්පා.. සනා.."
" මට මුකුත් අහන්න ඕන නැ තමුන් මෙතනින් ෆෝන් එක තියලා රූම් එකට යන්න "
" අප්පා..."
" මම කිව්වා එක සැරයක් ජීසූ.."
ජීසූ ෆෝන් එක ජනාධිපතිතුමාගේ ටේබල් එක උඩින් තියලා ආචාර කරලා එතැනින් ගියේ දුකින්
" වැරැදියි සර් ගොඩක් වැරැදියි අද සර් මම ඉස්සරහ කියපු දේවල් ජන්කූක් ඉස්සරහ කිව්වා නම් සර් යන්න ඕන තැනට ගිහින් ඇති.."
ටේහ්‍යුන් එහෙම කියලා එතැනින් යන්න ගියේ ජනාධිපතිතුමා තවත් මුකුත් කියන්න කලින්..
To be continue...........
ගොඩ කාලෙකින් නේද
පරක්කු වුනාට සමාවෙන්න ලමයි පොඩි වැඩ වගයකට හිර වෙලා හිටියේ
කතාව පිලිබද ඔබේ අදහස් උදහස් දක්වන්න
එහෙනම් කෙම්ලනේ තවත් කල්පෙකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගනිමි..
Bạn đang đọc truyện trên: AzTruyen.Top