Chapter 12 ❤️
ජීසූගේ සිද්ධිය වෙලා සතියක් ගත වෙලා ගියත් කිසිදෙයක් හොයාගන්න හම්බුනේ නැ ජීසූට වෙඩි තියන්න හදපු එකා අල්ලගත්තාත් ප්රශ්න කිරීම් අතරතුර මිය ගියා ටේහ්යුන් තමයි ඒ මනුස්සයාගෙන් ප්රශ්න කිරීම් කලේ ටේහ්යුන්ගේ දරුනු වද හිංසා නිසා ඒ මනුස්සයා මැරුනා
ජීසූට වුනු දේවල් එක්ක තවත් නීති රීති වැටුනු එක තමයි සිද්ධ වුනේ කෙල්ල නම් ඒ කිසිදෙයක් ගනන් ගන්නේ නැ මොකද ජීසූගේ hobby එක වුනේ නිති කඩන එක කොච්චර මොන දේ වුනත් ජීසූව වෙනස් කරන්න කාටවත් බැරි වුනා
ජනාධිපතිතුමා blue house එකේ නැ කියලා දැනගත්ත ජීසූ හිමින් සැරේ රූම් එකෙන් එලියට ඔලුව දාලා වටපිටාව නිරීක්ෂණය කරනකොට එයාගේ ඉදිරියේ පර්වතයක් එකපාරට මතු වුනා
" කවුද යකෝ මගේ මාර්ගය අවහිර කරන ඊජිප්තු පුල්ලි හිපාටුවා "
ජීසූ එහෙම කියන ගමන් උඩ බැලුවා කෙල්ල දැක්කේ තමන්ව උදෑසන ආහාරයට ගන්න වගේ බලාගෙන ඉන්න කොටියෙක්ව ජීසූ දත් තිස් දෙකම නියවලා අහිංසක හිනාවක් පෑවේ එයා තමයි මේ ලෝකේ ඉන්න අහිංසකම දැරිවිය කියන්න වගේ ඒත් එයා දිහා බලාගෙන ඉදපු කොටියාගේ බැල්ම නම් පොඩ්ඩක්වත් වෙනස් වුනේ නැ
" ටේටේ..."
" කොහෙද තමුසේ හොර පූසි වගේ මාරු වෙන්න හදන්නේ "
ටේහ්යුන් රවාගෙන ඇහුවා ජීසූ කෙලින් වෙලා හුරතල් මූනක් මවාගත්තා
" ටේටේ අහන්නකෝ.."
" මට අහන්න වුවමනාවක් නැ "
" ඒ වුනාට මට කියන්න ඕන "
" මට අහන්න ඕන නැ "
" මට කියන්න ඕන "
" අහන්න ඕන නැ "
" යාහ්හ් කිම් ටේහ්යුන් මම කියන දේ අහපන් "
ජීසූ එකපාරට කෑගැහුවේ ටේහ්යුන් එයා කියන දේවල් අහන්න ලෑස්ති නැ කියලා තේරුනු නිසා අනික ජීසූට තරහ ගියා ටේහ්යුන් කෙල්ල කෑගැහුව නිසා කොල්ලා පොඩ්ඩක් ගැස්සුනා එකපාරට බෙල්ල කෑවා වගේ කෑගැහුවාම ටේහ්යුන් ගැස්සුනු එක සාධාරණයි
" හරි දැන් කියනවා "
" ආන් ඒ බය තියාගන්නවා "
ජීසූ ගැම්මෙන් කිව්වාම ටේහ්යුන් දරුනු ගනයේ කොටියෙක් වගේ රැව්වා
" මට සනාව බලන්න යන්න ඕන "
" ඒ මොකටද "
" මට ඕන නිසා "
" කලින් වුනු දේවල් අමතක ද එච්චර දෙයක් වෙලත් කිසිගානක් නැතුව එලියට යන්න හදන්නේ "
ටේහ්යුන් ඇහුවා වෙන කෙල්ලෙක් නම් වුනු දේවල් වල හැටියට රූම් එකෙන් එලියට එන්නේ නැ ඒත් ජීසූ එලියට යන්නමයි බලන්නේ
" බයට හැංගිලා කාමරයක් අස්සට වෙලා හිටියත් මැරෙන වෙලාවට මැරෙනවා ටේහ්යුන් අපි හැමදාම ජීවත් වෙන්නේ නැ මට යන්න වෙලාව ආවාම මම යන්න යයි එදාට අප්පාටවත් ඔයාටවත් මුකුත් කරන්න බැ ටේහ්යුන් "
ජීසූ පුංචි හිනාවක් එක්ක කිව්වා ටේහ්යුන් කෙල්ලගෙන් මේ වගේ උත්තරයක් බලාපොරොත්තු වුනේ නැ
" හරි එහෙනම් මම එක්කගෙන යන්නම් "
ටේහ්යුන් එහෙම කිව්වාම ජීසූගේ මූන සතුටින් පිරුනා
" ඕ යේහ්.."
කෙල්ල අත්පුඩි ගහන ගමන් උඩ පනින ටේහ්යුන් බලාගෙන හිටියා කොල්ලාටත් හිනා ගියේ ජීසූගේ මුල් ලමා වියේ වැඩ වලට ඒත් ඒ හිනාව වැඩි වෙලාවක් නොතිබුනේ ජීසූ ඊලග තත්පරේ කරපු දේ නිසා
ජීසූ කකුලේ ඇගිලි තුඩු වලින් ඉස්සිලා කොල්ලාගේ උරහිස් වලින් අත් තියලා ටේහ්යුන්ගේ කම්බුලට කිස් එකක් දුන්නා කෙල්ලගේ තොල් වල ස්පර්ශය එක්ක ටේහ්යුන්ගේ මුලු ඇගම සීතල වෙලා ගියා ජීසූ කොල්ලාගේ ලගින් ඈත් වෙලා දුවගෙන ගියා ජීසූ කිස් කරපු කම්බුල අල්ලාගෙන කොල්ලා කට කොනින් හිනා වුනා
" යාහ්හ් කිම් ටේහ්යුන් අද එන්නේ නැද්ද "
ජීසූ ගිහින් ආපු හැරිලා ටේහ්යුන්ට කතා කලේ තාමත් හිටපු තැන ගල් පිලිමේ වගේ හිටගෙන ඉන්න නිසා කෙල්ල කතා කරපු නිසා ටේහ්යුන් සුපුරුදු නපුරු මූනත් මවාගෙන සාක්කුවට අත් දාගෙන ජීසූ පාස් කරගෙන ඇවිදගෙන ගියේ කෙල්ලව නොදැක්ක ගානට
" හහ්.. මුගේ ලොකුකම "
කෙල්ලට දුවගෙන ගිහින් ටේහ්යුන්ගේ ඇගට පැනලා බිම පෙරලගෙන හොම්බ කට බොම්බයි මොටයි වෙන්න නෙලන්න නොහිතුනාම නෙවෙයි ජීසූ කොල්ලාගේ පස්සෙන් දුවගෙන ගියා
__________________________
ජන්කූක් අතකුත් ඔලුවට තියාගෙන ඇදට බර වෙලා සැපට නිදාගෙන ඉන්න සනා දිහා බලාගෙන හිටියේ සුදු පැහැ කර්ටන් අතරින් උදෑසන හිරු කිරන සනාගේ මූනට වැටෙද්දී සනා නින්දෙන් කෙදිරිගෑව නිසා ජන්කූක් අතකින් කෙල්ලගේ මූනට හිරු කිරන වැටෙන එක නැවැත්තුවා සනා තව ටිකක් ජන්කූක්ට තුරුල් වුනා
" ගුඩ් මෝනින් සනා බේබි.."
සනා ඇහැරිලා කියලා තේරුනු කොල්ලා සනාගේ කනට මිමිනුවා
" ගුඩ් මෝනින් කුක්කෝ.."
කෙල්ල නිදිමතේ සිහින් හඩකින් මිමිනුවාම ජන්කූක් හිනා වුනා.. සනා ජන්කූක්ගෙන් ඈත් වෙලා ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වුනා
" ගුඩ් මෝනින් Champ "
ජන්කූක් සනාගේ ඉදිරියට නෙරා තියෙන පුංචි කුසට හාදුවක් තැවරුවා
" කුක්කෝ.. අද ඔෆිස් යන්නේ නැද්ද..?"
සනා ඇහුවේ වෙලාව බලන ගමන් ජන්කූක් එයාගේ champ එක්ක ලොකු කතාවක නිසා සනා කියපු දේවල් ඇහුනේ නැ
" ජන්කූක් මම තමුසෙට කතා කරන්නේ "
සනා ටිකක් සද්දෙන් කතා කලා
" බලන්නකෝ champ ඔම්මා ඔයාගේ අප්පාට කෑගහන විදිය මම තනිවෙලා champ ඔයා ආවාම අප්පා එක්ක එකතු වෙලා ඔම්මාට හොද පාඩමක් උගන්නමු "
" දැන් එතකොට අප්පායි පුතායි ඔම්මාට විරුද්ධව කුමන්ත්රණ කරන්න ද හදන්නේ "
" champ කියනවා ඔව් කියලා "
ජන්කූක් කෙල්ලගේ බඩට කන තියාගෙන කිව්වා
",අප්පාව පයින් ගහලා එලවලා දානවා එතකොට මගේ prince එක්ක කුමන්ත්රණ කරලා ඉවරයි "
" බලන්නකෝ champ ඔයාගේ ඔම්මා අප්පාට සලකන විදිය "
ජන්කූක් පොඩි බබෙක් වගේ අඩන්න වගේ කිව්වා
" champ කියනවා ඔම්මාට හොරා අප්පා හම්බවෙනවා කියලා "
" අහ් හරි අපි බලාගනිමුකෝ "
",ඔයා කවද්ද champ එන්නේ ඔම්මා ඔයාගේ අහිංසක අප්පාට වෙනස්කම් කරනවා "
ජන්කූක් අඩන්න වගේ කිව්වා
" කුක්කෝ ඔෆිස් යන්නේ නැද්ද "
" ඔක්කොම වැඩ පැත්තකට දාලා එයා එක්ක ඉන්න හැදුවාම ඔෆිස් යන්නේ නැද්ද කියලා අහනවා '
ජන්කූක් මූනත් නරක් කරගෙන කිව්වා සනාගේ දෙතොලතර ලොකු හිනාවක් මැවුනේ ආයාසයකින් ඔය හිනාව හැමදාම තියෙන්න ඕන කියලා ජන්කූක් හිතින් ප්රාර්ථනා කලා ඒත් ඉදිරි අනාගතය ගැන හරියටම කියන්න අපි කාටවත් බැ
" මොහ්.. චින්චා..?"
" යේ.. පිස්සියේ.."
ජන්කූක් කෙල්ලගේ කම්බුල් මිරිකලා කිව්වා සනා සතුටින් හිනා වෙන ගමන් හිටියේ කෙල්ලගේ සතුට එයාගේ ඇස් වලින් පේනවා ගෙවුණු සතිය පුරාවට ජන්කූක් කම්පැනියේ වැඩ එක්ක බිසි වුනා ජන්කූක් ගෙදර එනකොට ගොඩක් වෙලාවට සනාට නින්ද ගිහින් සනා නැගිටලා හිටියාත් කොල්ලාට සනා එක්ක කතා කරන්න වෙලාවක් තිබුණේ නැ සනා ඉන්නේ දුකින් කියලා දන්න ජන්කූක් අද දවසේ තිබුණු ඔක්කොම වැඩ හෙටට කල් දාලා සනා වෙනුවෙන් වෙන් කරන්න තීරණය කලා
" වොෂ් එකක් දාගෙන එමු "
සනාව වඩාගෙන බාත් රූම් එකට ගියා කෙල්ලව වොෂ් දාවලා කොල්ලත් වොෂ් එකක් දාගෙන ආවා සනාට ලස්සන ගවුමකුත් අන්දලා කෙල්ලගේ කොන්ඩේ පීරන්න ගත්තා ජන්කූක් හිමින් කොන්ඩේ පීරුවේ කෙල්ලට රිදෙයි කියලා බයට ජන්කූක් පරිස්සමින් සනාගේ කොන්ඩෙත් පීරලා දිවත් හපාගෙන කොන්ඩෙට බූල් එක දැම්මා සනා mirror එකෙන් ජන්කූක්ගේ වැඩ දිහා බලාගෙන හිනා වෙනවා ජන්කූක් හුස්මක් පහත දැම්මේ රුසියන් යුක්රේන් යුද්ධය ඉවර කරලා වගේ
" මම එනකම් ඔතනම ඉන්න "
ජන්කූක් තාම ටවල් එක පිටින් ඉන්න නිසා කොල්ලා එහෙම කියලා යන්න හදනකොට සනා ජන්කූක් නැවැත්තුවා
" වේ...?"
සනා දබරගිල්ලෙන් නලලට තට්ටුවක් දැම්මා ජන්කූක් හිනා වෙලා කෙල්ලගේ නලලට කිස් එකක් දීලා ක්ලෝසෙට් එකට ගියා
" මගේ පැටියෝ.. අප්පා මගේ මැනිකට ආදරෙයි කියලා මම කිව්වේ අප්පා බිසී නිසා තමයි බබා එක්ක කතා නොකලේ අද දවසෙම ඔම්මායි බබායි එක්ක අප්පා ඉන්නවා කිව්වා නේ අපි අප්පාට වද දෙමු "
සනා එයාගේ පුංචි කුස අතගාන ගමන් කිව්වා ජන්කූක් මේ හැමදේම අහගෙන හිටියා සනා වෙනුවෙන් එයා මීට වඩා කාලයක් වෙන් කරන්න ඕන කියලා ජන්කූක්ට හිතුනේ කොල්ලා ඉක්මනට ඇදුමකුත් ඇදගෙන ආවා සනාවත් පරිස්සමින් නැගිට්ටගෙන dinning room එකට ගියා කෙල්ලව වාඩිකරවලා ජන්කූක් බැලුවේ කෝ එයාගේ හියුන්ග්ලා ටික කියලා
" සූයා නූනා කෝ හියුන්ග්ලා "
" එයාලා කිචන් එකේ "
සූයා කිසිගානක් නැතුව කියලා දැම්මා ජන්කූක් හිමින් සැරේ කිචන් එක පැත්තට ගිහින් ඔලුව දාලා බැලුවා හියුන්ග්ලා කිචන් එකේ බරටම වැඩ ජන්කූක් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා
" යාහ්හ් කිම් සොක්ජින් කෝ මගේ කොෆි එක දැන් මං තමුසෙගෙන් කොෆි එකක් ඉල්ලලා විනාඩි 15 වැඩියි "
ජියා කොහු මිටක් උස්සගෙන කිචන් එකට ආවේ
" සමාවෙන්න උත්තමාවියනි මෙන්න ඔබගේ කොෆි එක "
ජින් හතරට පහට නැමිලා ජියාට කොෆි මග් එක දුන්නාම ජියා අහිංසක පනු පැටියෙක් වගේ ඉන්න ජින්ට ගස්සගෙන ගියා ඒක දැකලා ජන්කූක් හිනා වෙන්න පටන් ගත්තා
" උබට මැරෙන්න ආසාවක් ඇවිද්ද..?"
ජින් ඇහුවේ සෝස්පන් එක ජන්කූක්ගේ පැත්තට දික් කරන ගමන්
" ලැජ්ජයි හියුන්ග් කට ඇරලා කොහොමද කියන්නේ මාෆියා කියලා "
ජන්කූක් කිව්වේ හිනා වෙන ගමන්
" තෝ අපිට ද කියන්නේ උබ මාෆියා කින්ග් කියලා කටක් ඇරලා කොහොම ද කියන්නේ කියලා කල්පනා කරපන් උබට මතක නැත්නම් මම මතක් කරන්නම් "
ජිමින් එහෙම කියලා සාක්කුවේ තිබුණු ෆෝන් එක අරගත්තා
" 2021 දෙසැම්බර් මස 10 වන දින යූරා එක්ක මහ පාරේ කතා කර කර ඉදියා කියලා රූම් එකෙන් එලියට දැම්මා එදින සිට සති දෙකක් යනතුරු රෑට ජන්කූක්ට නිදාගන්න වුනේ living room එකේ couch එකේ ගත කිරීමට සිදු විය
2022 ජනවාරි මස 21 වන දින සනාගේ කෝල්ස් ආන්සර් නොකිරීමේ වරදට ඇදෙන් පයින් ගහලා බිමට දමා තිබුනි
2022 පෙබරවාරි මස 19 ක්ලබ් ගිහින් බීලා ආවා කියලා ගේ ඇතුලටවත් ගත්තේ නැ
2022 පෙබරවාරි........"
ජිමින්ට එච්චරයි කියන්න හම්බුනේ ජන්කූක් අතට අහුවුනු එකෙන් ගැහුවා ජිමින්ගේ කොහෙදෝ තිබුණු වාසනාවකට ජන්කූක්ගේ අතට අහුවුනේ මලක් ජන්කූක් මලෙන් ගැහුවාම ජිමින් ඒක අල්ලගත්තා
" ඔහ්.. කුක් මට මල් දෙන්න එපා ගිහින් සනාට දෙන්න "
ජිමින් හිනා වෙලා කිව්වා ජින් කිචන් එකේ කවුන්ටරේට ගහන ගමන් හිනා වෙනවා හෝසොක් යුංගි බදාගෙන හිනා වෙනවා නම්ජූන් හිනා වෙනවා ජන්කූක් මූන අහක බලාගෙන ගහපු බිත්තරයක් වගේ
" තව කියන්න ද "
" උබ කට වහගෙන හිටපන් නැත්නම් තව කොට වෙන්න ගහන්නේ "
ජන්කූක් ජිමින්ට රවාගෙන කිව්වා ජන්කූක්ගේ මූන දැකලා හිනා වෙන ජිමින් තව පොඩ්ඩෙන් බිම වැටෙනවා
" ඕකට තමයි කොල්ලෝ කියන්නේ ඉල්ලගෙන කනවා කියලා "
ජින් එහෙම කියලා හයියෙන් හිනා වෙනවා ජන්කූක් ජින්ටත් රවාගෙන බනානා මිල්ක්ශේක් අරගෙන එතැනින් ගියා කොල්ලෝ ටික කිචන් එකේ වැඩ වලට දාලා කෙල්ලෝ ටික බබාලා බලාගෙන ඉන්නවා සනා සුකී එක්ක කතාවකට සෙට් වෙද්දී ජන්කූක් කිචන් එක පැත්තට ගියා
දැනටමත් නම්ජූන් අතින් ප්ලේට් දෙක තුනක් බිදුනු හින්දා ජින් නම්ජූන්ට පයින් ගහලා කිචන් එකෙන් එලියට දැම්මා යුංගි ෆ්රිජ් එකට හේත්තු වෙලා හොද නින්දක් දාගෙන ඉදිද්දී ජිමින් ගිහින් ෆ්රිජ් එකේ දොර ඇරියේ යුංගි බැලන්ස් නැතුව බිම වැටුනා ඒත් එක්කම පිටි භාජනයක් උස්සගෙන ආපු හෝසොක් යුංගිගේ ඇගේ හැප්පිලා බිම වැටුනා සෝප් ඩබල පිටිවලින් නෑවිලා හොල්මන් වගේ
" යාහ්හ් තොපි දෙන්නත් පලයව් මෙතනින් බලපන් තොපේ හැටි හොල්මන් වගේ පිට නාගෙන වතුර ටිකක් ගහපන් මුන් දෙන්නාට "
ජින් කේන්තියෙන් කෑගැහුවාම ජන්කූක් අතේ තිබුණු වතුර වීදුරුව අනිත් පැත්ත හැරෙව්වේ සෝප් ඩබල වතුරෙන් නැහැවිලා යද්දී
" ඕයි නැගිටපන් අලියෝ "
හෝසොක්ට යට වෙලා යුංගි කෑගැහුවා
" හියුන්ග් දැන් අනන්න ද "
" අනපන් උබේ........... "
ජින් ටීක් ටීක් වචන ටිකක් කියාගෙන ගියේ කොල්ලෝ ටික ඇගිලි කනේ ගහගනිද්දී ජින් පයින් ගහලා ඔක්කොම කිචන් එකෙන් පන්නලා තනියෙන් උයන්න පටන් ගත්තා
පැය භාගයකට විතර පස්සේ ජින් කෑම ඔක්කොම dinning table එකට ගෙනාවා ජින් ගැම්මෙන් ජියා ලගින් වාඩිවුනා
" ජින් ඔප්පා ඔක්කොම වැඩ තනියෙන් කරද්දී තමුසේ නිදාගත්තා ද මින් යුංගි "
සූයා යුංගිගෙන් අහද්දී කොල්ලා තෙත කොන්ඩේ අතින් අවුල් කරගත්තා
" ජින් හියුන්ග් තමයි අපිව එලෙව්වේ "
" නැත්නම් ඉතින් අපිට කන්න වෙන්නේ නැ නේ "
සුකී කිව්වා කට්ටිය කතා කරන ගමන් කෑම කෑවා සනා ආසම කෑමක් හදලා තිබුණු නිසා කෙල්ල ජින්ට flying kiss එකක් දුන්නා ඒක දැක්ක ජන්කූක් කෙල්ලට රැව්වා එහෙන් ජියා ජින්ව බදාගෙන ජින්ව දෙන්නේ නැ කියලා කෑගහනවා
" Hey guys i'm back.."
" පොඩ්ඩක් හිමින් ඔය ටකරම අරිනවා මේ ගෙදර පොඩි ලමයි ඉන්නවා "
To be continue..........
ගොඩ කාලෙකින් ඕතර් කතාව අරගෙන සම්ප්රාප්ත වුනා අප්ඩේට් කිරීමට ප්රමාද වීම පිලිබද ඕතර් නිදහසට කරුනු නොකියමි ඇත්ත වශයෙන්ම කිව්වොත් කියන්න දෙයක් නැ ඉතින්
Bạn đang đọc truyện trên: AzTruyen.Top