Chapter 10🩸
ටේහ්යුන් ජන්කූක්ව ඇදගෙන එලියට ගියා ජන්කූක්ගේ මූන නම් එච්චර හොද නැ
" සනා තමුසෙගේ යොංජාචිංගු කිව්වේ මොකද "
" ඒක නිකන් කිව්වේ උබ තරහ නොගෙන ඉදපන් මට සනාව ඕන නැ "
ජන්කූක් ඇහිබමකුත් උස්සගෙන ටේහ්යුන් දිහා බලාගෙන හිටියා
" හියුන්ග් දන්නවා නේ මං ගැන "
" හරි බන් දන්නවා පොඩ්ඩක් රගපාපන් වැඩේ ඉවරයි මම උබේ සනාව අයිති කරගන්න එන්නේ නැ "
" ම්ම්ම්.."
ජන්කූක් හිටියේ ටේහ්යුන්ට ඔරවගෙන ටේහ්යුන් එයාගේ පෙට්ටි හිනාව ප්රදර්ශනය කරලා ජන්කූක් ඇදගෙන කෙල්ලෝ දෙන්නා ඉන්න තැනට ගියා ඒ දෙන්නා නම් ලොකු සාකච්ඡාවක් කොල්ලෝ දෙන්නා ආවා කියලවත් දන්නේ නැ
" මුන්ට කෝප්ප හෝදන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැ "
ටේහ්යුන් එහෙම කිව්වාම ජීසූ කොල්ලාට රැව්වා
" සනා මූට කටවහගෙන ඉන්න කියපන් නැත්නම් කොටි හම ගැලවෙන්න නෙලන්නේ "
ජීසූ එහෙම කිව්වාම සනා හිනා වුනා ජන්කූක් ඕන දෙයක් කරගන්න කියලා පැත්තකින් වාඩිවෙලා සනා දිහා බලාගෙන ඉන්නවා
" පුලුවන් නම් ගහනවා බලන්න දොඩම් ගෙඩි දෙකක් උස නැ ඒ වුනාට කට ගමකට ගහන්න "
" හෝව් හෝව් මෙතන රන්ඩු වෙන්න එපා වටේ මිනිස්සු බල බලා යනවා "
සනා කිව්වේ ජීසූ වලියක් පටන් ගත්තොත් ඒක ඉවර කරන්නේ දේපල හානියක් සිදු කිරීමෙන් පසුව බව දන්න නිසා ජීසූ ටේහ්යුන්ට රවලා අහක බලාගත්තා ඒ අතරේ සනා ජන්කූක් දිහා බැලුවාම කොල්ලා මූනත් බෙරි කරගෙන ඉන්නවා සනාට ජන්කූක්ගේ මූන දැකලා හිනා ගියා
" ජීසූ ආපහු ඉක්මනට මීට් වෙමු දැන් නම් මට යන්න වෙනවා "
සනා එහෙම කිව්වාම ජන්කූක්ගේ මූන මලක් වගේ පිපිලා ආවා
" හරි හරි සනා පරිස්සමින් යන්න "
" යන්නම් ටේ ටේ '
සනා හිනා වෙලා ටේහ්යුන්ට ඇහැක් ගහලා කිව්වා
" උබ නම් මාවම කන්න ආපු සාපයක් හියුන්ග් "
ජන්කූක් ටේහ්යුන්ට විතරක් ඇහෙන්න කියලා එතැනින් යන්න ගියා ජන්කූක් ගිහින් සනාව කා එකෙන් වාඩි කරලා කොල්ලාත් කා එකට drive කරන්න ගත්තා
" අනෙව් මෙන්න කුක්කෙක්ට තරහ ගිහින් "
සනා ජන්කූක්ගේ කම්බුලක් මිරිකන ගමන් කිව්වා
" තරහ ගිහින් නෙවෙයි තරහ ඇවිත් "
ජන්කූක් තමන්ගේ කම්බුලේ රැදුනු සනා අත අල්ලගන්න ගමන් කිව්වා
" ඔච්චර තරහ ගන්න එපා කුක්කෝ "
" ඌ නම් මාවම කන්න ආපු එකෙක් ඌ mansion එකේ ඉන්නකොටත් පුලුවන් තරම් බාල්දි පෙරලපු එකමයි කලේ දැන් ඌ ගිහිල්ලාත් නිදහසේ ඉන්න දෙන්නේ නැ "
ජන්කූක් කට හදන ගමන් පොඩි බබෙක් වගේ කියනකොට සනා හිනා වුනා
" මොකද හිනා වෙන්නේ "
ජන්කූක් සනාට රවන ගමන් ඇහුවා
" ඔච්චර හිතන්න එපා කුක්කෝ මම ඔයා ලග ඉන්නවා නේ "
සනා ජන්කූක්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තා ඒත් එක්කම ජන්කූක්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්ත නිසා කෙල්ල ජන්කූක්ගේ උරහිසෙන් ඔලුව අරගත්තා
" යූරා තමුසේ ඕක බලාගන්නවා මට එන්න වෙන්නේ නැ
අයිෂ් ශිට් මම එන්නම් "
ජන්කූක් එහෙම කියලා ෆෝන් එක පැත්තකට විසි කරලා ඇගිලි තුඩු වලින් නලල පිරිමදින ගමන් හිටියේ
" කමක් නැ කුක්කෝ ඔයා යන්න "
සනා හිනා වෙලා කිව්වත් එයා ඉන්නේ දුකින් කියලා ජන්කූක්ට තේරුනා
" යන තැනකට තමුසෙවත් එක්කගෙන යන්නේ "
ටිකකින් කම්පැනිය ඉස්සරහ කා එක නවත්තලා කා එකේ කී එක ගාඩ් එකට විසි කරලා සනාව එක්කගෙන ඇතුලට ගියා වැඩ කරන හැමෝම නැගිටලා ආචාර කරද්දී ජන්කූක් ඒ කවුරුවත් ගනන් ගන්නේ නැතුව එයාගේ කැබින් එකට ගියා සනාව චෙයාමන් ශීට් එකෙන් වාඩි කරලා යූරාට කැබින් එකට එන්න කිව්වා සනා වාඩිවෙලා කැරකි කැරකි හිටියා
",සර්.."
යූරා කැබින් එකට ආවාම සනා යූරා දිහා තියුනු බැල්ලමක් දැම්මා
" අරු දැන් මොකද්ද කියන්නේ "
" සර් එක්ක කතා කරන්න ඕන ලු "
" ඌට මොකද්ද තවත් මාත් එක්ක කතා කරන්න තියෙන්නේ එදා ඔක්කොම ඉවර කලා "
සනාගේ ඇස් නම් කොයිම වෙලාවකවත් යූරාගෙන් ඈතකට ගියේ නැ යූරා සනාගේ ඇස් මගහැරලා හිටියේ
" අයිෂ් තමුසේ යනවා මම එන්නම් "
ජන්කූක් එහෙම කියලා සනාගේ පැත්තට හැරුණේ පුංචි හිනාවක් එක්ක කෙල්ල තාමත් බලාගෙන ඉන්නේ යූරා යන දිහා ජන්කූක් සනාගේ මූනට එබුනාම තමයි සනා කොල්ලා දිහා බැලුවා
" මොකද "
" ඔයා ගොඩක් නපුරු වෙලා සනා බේබි "
" එහෙම නැතුව බැ "
සනා ඇස් හීනි කරගෙන ජන්කූක් දිහා බලාගෙන කිව්වා
" මම ගිහින් අරූ එක්ක ප්රශ්නේ විසදගෙන එන්නම් "
ජන්කූක් එහෙම කියලා ලාච්චුව ඇරලා ගන් එක අරගෙන ඉනේ ගහගත්තා
" පරිස්සමින් ඉන්න හරි ද මම ඉක්මනට එනවා "
සනා ඔලුව වැනුවාම ජන්කූක් යන්න හැදුවත් කොල්ලා නැවතුනේ සනා ශර්ට් එකෙන් ඇද්ද හින්දා
' වේ.."
කෙල්ල එයාගේ නලලට ඇගිල්ලෙන් තට්ටුවක් දැම්මා ජන්කූක්ගේ දෙතොලතර රැදුනු හිනාවක් එක්ක සනාගේ නලලට හාදුවක් තැවරුවා කොල්ලා හිනා වෙලා සනාගේ කොන්ඩේත් අවුල් කරලා ගියා
___________________________
මේ අතරේ ටේහ්යුන් ජීසූ දෙන්නා රන්ඩු වෙන ගමන් හිටියේ ජීසූට නම්සන් ටවර් එකට යන්න ඕන කිව්වා ඒ වුනාට ටේහ්යුන් කැමති වුනේ නැ මොකද මේ දවස් වල නම්සන් ටවර් එක ලග සෙනග වැඩි හින්දා ඒත් ජීසූ වැඩේ අතහරින්නේ නැ අන්තිමේ දී ටේහ්යුන්ට කැමති වෙන්න සිද්ධ වුනා නම්සන් ටවර් එක ලග කැබ් එක නතර කලා ජීසූ කැබ් එකෙන් බැහැලා වටයක් කැරකුනා අදුර වැටීගෙන එන නිසා නම්සන් ටවර් එක විවිධ ආලෝක ධාරා වලින් ආලෝකමත් වෙලා තිබුනා
" කොහෙවත් දුවන්නේ නැතුව මගේ ලගින් ඉන්නවා "
කෙල්ල සෙනග අතරේ අතරමං වෙයි කියලා ටේහ්යුන් කෙල්ලගේ අතින් අල්ලාගත්තා ජීසූ එයාගේ අත අල්ලාගෙන ඉන්න ටේහ්යුන්ගේ අත දිහා බලලා ටේහ්යුන්ගේ මූන දිහා බැලුවා
" ආසාවට නෙවෙයි අල්ලගත්තේ තමුසේ සෙනග අතරේ කොහේහරි ගිහින් අතරමං වුනොත් ජනාධිපතිතුමාට දෙන්න කෙල්ලෝ මගේ ලග නැ "
ටේහ්යුන් කෙල්ලගේ මූනවත් නොබලා කිව්වාම ජීසූ කොල්ලාගේ අතින් එයාගේ අත නිදහස් කරගන්න හැදුවේ
" දැගලුවාට වැඩක් නැ බබා මට ඕන වෙලාවට අත අතහරින්නේ "
ජීසූ මුකුත් කියන්න කලින් ටේහ්යුන් කෙල්ලගේ අතින් ඇදගෙන ගියා සෙනග අතරේ ජීසූ ඒ වටපිටාවේ සුන්දරත්වය විදිමින් හිටියත් ටේහ්යුන්ගේ අවධානය නම් තිබුණේ එයාලා වටේ කැරකෙන මිනිස්සු ගැන ටේහ්යුන් ජීසූගේ අත අතැරපු නිසා කෙල්ල ටේහ්යුන් දිහා බැලුවා
" මම පස්සෙන් එන්නම් ඉස්සරහට යන්න "
ටේහ්යුන් එහෙම කිව්වාම කෙල්ල ඉස්සර වෙලා ඇවිදගෙන යන්න ගත්තා ඒත් එක්කම ජීසූගේ පිටිපස්සෙන් කිනිස්සක් අරගෙන ආපු මනුස්සයෙක් කෙල්ලට කිනිස්සෙන් අනින්න හදනකොට ටේහ්යුන් ඒ මනුස්සයාගේ අතින් තද කරලා අල්ලගත්තා කොල්ලා අත පිටිපස්සට අබරනකොට කිනිස්ස ඒ මනුස්සයා අතින් ගිලිහුනා කිනිස්ස බිම වැටෙන්න නොදී අල්ලගත්ත ටේහ්යුන් ඒ කිනිස්සෙන් අර මනුස්සයාට තදින් ඇන්නා ටේහ්යුන් කිනිස්ස ඇදලා අරගන්නකොට ඒ මනුස්සයා එතැන දන ගැහුනා
" යුග්යොම් වරෙන් "
ටේහ්යුන් bluetooth වලින් කතා කරලා කියනකොට එතැනට යුග්යොම් වගේම තව කිහිපදෙනෙක් ආවා ටේහ්යුන්ට මුල ඉදන් සැක හිතිලා තිබුණේ කවුරුහරි එයාලාව follow කරනවා කියලා ඒ නිසා රෝයල් ගාඩ්ස්ලාට casual එන්න කියලා ටේහ්යුන්ට දැනුම් දුන්නා ගාඩ්ස්ලා දෙන්නෙක් පන අදිමින් හිටපු මිනිහා අරගෙන ගියා
ටේහ්යුන් අතේ තියෙන ලේ පිසදන ගමන් ජීසූ ලගට ගියා ජීසූ හිටියේ පුංචි ටෙඩි බෙයාර්ලා ඉන්න shop එකක් ඉස්සරහ ජීසූ ටේහ්යුන් දිහා බලලා ඇතුලට ගියා කොල්ලා අත් දෙක පිටිපස්සට කරගෙන ජීසූ පස්සෙන් ගියා කෙල්ල ටෙඩි බෙයාර්ලා දිහා ඇවිදගෙන යද්දී කෙනෙක් ජීසූ දිහා පිහියක් අතැතිව බලාගෙන හිටියා කෙල්ල රාක්කයක තිබුණු ටෙඩි බෙයා කෙනෙක් බලමින් ඉන්නකොට අර මනුස්සයා කෙල්ලට පිහියෙන් අනින්න ගියත් ටේහ්යුන් ඒ මනුස්සයා පිටිපස්සෙන් ගිහින් කකුල් නවලා ගැහුව පාර අතේ තිබුණු පිහිය බිම වැටුනා ජීසූ ඒත් එක්කම පිටිපස්ස හැරුනු නිසා ටේහ්යුන් කකුලෙන් පිහිය රාක්කයක් අස්සට තල්ලු කලා
" මොකද ද මේ "
ජීසූ ඇහුවේ එක දනහිසක් බිම ගහගෙන ඉන්න මනුස්පයා දිහා බලාගෙන
" මෙයා වැටුනා මම නැගිටින්න හැදුවේ "
ටේහ්යුන් හිනා වෙලා කිව්වා ජීසූ උරහිස් අකුලලා ටෙඩියෙකුත් උස්සගෙන එතැනින් ගියා
" shop එකෙන් එලියට යන්න එපා "
ටේහ්යුන් කෑගැහුවාම කෙල්ල අත උඩට උස්සලා වැනුවා ටේහ්යුන් ඒත් එක්කම සපත්තුව අස්සේ තිබුණු කිනිස්සක් අරගෙන අර මනුස්සයාගේ බෙල්ල හරහා යන්න හරහට ඇන්නා අනිත් පැත්තෙන් පිහියේ තුඩ මතු වුනා ඒ සැනින් අනිත් පැත්තට කිනිස්ස ඇදලා ගත්තා මනුස්සයා එහෙම්ම බිම වැටුනේ එතැන ලේ ගගක් කරලා එතැන හිටපු දෙන්නෙක්ට ටේහ්යුන් ඔලුව වනලා ගියේ බොඩි එක අස් කරලා මෙතන පිරිසිදු කරන්න කියන ගමන්
ටේහ්යුන් යනකොට තඩි ටෙඩි බෙයා කෙනෙකුත් උස්සගෙන shop එකේ දොර ලගට වෙලා ඉන්නවා ටේහ්යුන්ගේ දෙතොලතර සිහින් සිනාවක් රැදුනේ ජීසූට වඩා ටෙඩියා ලොකු හින්දා
" තමුසේ මොන්ටිසොරි බබෙක් වගේ නේ "
ටේහ්යුන් එහෙම කියාගෙන කෙල්ලගේ ලගට ගියා
" මම මොන්ටිසොරි යන බබෙක් තමයි "
ජීසූ එහෙම කියලා ටෙඩියා උස්සගෙන shop එකෙන් එලියට ගියා ටේහ්යුන් කෙල්ල පස්සෙන් ඇවිදගෙන ගියේ වටපිටාවට අවදානය දෙන ගමන් බැලුම් බෝල විකුණන මනුස්සයෙක් ජීසූ ලගට කිට්ටු වෙනකොට ඒ ගැන සැක හිතුනු ටේහ්යුන් කෙල්ලගේ අතින් ඇදලා කොල්ලාගේ පපුවට තුරුල් කරගත්තා පිටිපස්සෙන් ආපු යුග්යොම් ඒ මනුස්සයාගේ ඔලුවට ගැහුවේ සිහිය නැතුව බිම වැටෙද්දී ටේහ්යුන්ගේ ශක්තිමත් අත් වලින් බේරෙන්න ජීසූ දගලනවා යුග්යොම් තව ගාඩ් කෙනෙකුයි එකතු වෙලා සිහිය නැතුව ඉන්න මනුස්සයා අරගෙන ගියාම ටේහ්යුන් කෙල්ලව අතහැරියා
" යාහ්හ් තමුසෙට පිස්සු හැදිලා ද "
" ඔයා නිසා තමයි බබා පිස්සු හැදිලා තියෙන්නේ "
ටේහ්යුන් එහෙම කිව්වාම ජීසූ කොල්ලාට රවලා ඉස්සරහට ඇවිදගෙන ගියා ටික දුරක් යනකොට ටේහ්යුන් දැක්කේ ජීසූගේ බෙල්ල හරියට වැටිලා තිබුණු රතු පාට තිත කොල්ලා ඒත් එක්කම බැලුවේ ඒ ලග තිබුණු බිල්ඩින් එක දිහා
" ජීසූ...."
කොල්ලා ජීසූව ඇදලා අරගෙන එයාගේ පපුවට තුරුල් කරගත්තා ඒත් එක්කම ඇහුනු වෙඩි සද්දේ නිසා මිනිස්සු කෑගහගෙන දුවන්න ගත්තා ජීසූට තියපු වෙඩිල්ල වැදුනේ වෙන කෙනෙක්ට
" ස්පයිනර් කෙනෙක්... බිල්ඩින් එක වට කරලා අල්ලාගනින් යුග්යොම් මිස්ව blue house එකට එක්කගෙන යන්න "
ටේහ්යුන් එහෙම කියලා එයාගේ තුරුලේ හිටපු ජීසූ ඈත් කරලා කිව්වා
" යුග්යොම් එක්ක යන්න "
ටේහ්යුන් එහෙම කියලා ජීසූව යුග්යොම්ට භාර දීලා කොල්ලා දුවලා ගියා යුග්යොම් එක්ක ජීසූ කැබ් එකට ගියා කෙල්ල වුනේ මොකද්ද කියලා කල්පනා කරන හිටියේ එයාගේ අත් වෙව්ලනවා ටිකකින් blue house එකට ආපු ජීසූ ඇතුලට ගියා ජනාධිපතිතුමා මීටින් එකක හිටපු නිසා තාම blue house එකට ඇවිත් තිබුණේ නැ ජීසූගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන යනකොට කෙල්ල එයාගේ රූම් එකට ඇවිදගෙන ගිහින් රූම් එකේ දොර වහගත්තා කෙල්ල තාමත් වෙව්ලනවා එයා වෙඩි හඩට බයයි
කෙල්ල එයාගේ රූම් එකේ තිබුණු ඔම්මාගේ ෆොටෝ එක වෙව්ලන අත් වලින් පපුවට තුරුල් කරගත්තා
" ඔම්මා... මට බයයි.."
ජීසූ සිහින් ඉකියක් එක්ක මිමිනුවා ඒ මොහොත මතක් වෙන වාරයක් ගානේ කෙල්ල බයට වෙව්ලනවා ඔම්මාගේ ෆොටෝ එක තුරුල් කරගත්ත කෙල්ල එහෙම්ම බිම හාන්සි වෙලා ඇස් පියාගත්තා
To be continue....
ෆයිටින් සීන් එක හොදයි ද ලමයි
Bạn đang đọc truyện trên: AzTruyen.Top