Chapter 09 🐾

ජීසූ හරි සතුටින් රෙඩි වෙලා දුවගෙන ඇවිත් කැබ් එකට නැග්ගේ ටේහ්‍යුන් හිත යටින් හිනා වෙද්දී ටේහ්‍යුන් ඉස්සරහින් කැබ් එකට නැගලා driver ට යන් කියලා අතින් සන් කලා ජීසූ පොඩි බබෙක් වගේ ශටර් එකෙන් එලිය බලාගෙන හිනා වෙවී හිටියේ

" ජීසූ කොහෙද යන්නේ "

ටේහ්‍යුන් ටික දුරක් ඇවිත් පිටිපස්ස හැරිලා ජීසූගෙන් ඇහුවා

" ඉස්සරහින් නවත්තන්න "

එහෙම කිව්වාම පාර අයිනට කරලා කැබ් එක නැවැත්තුවාම ජීසූ ඔක්කොටම කලින් බැහැලා ඉවරයි ගාඩ්ස්ලා ඔක්කොම බැහැලා වටේම සර්ච් කරද්දී ටේහ්‍යුන් බැහැලා කෙල්ල ලගට ගියා පාරේ යන මිනිස්සු බල බලා යද්දී ජීසූ තරහින් මූනත් රතු කරගෙන හිටියේ කෙල්ලට ඕන වුනේ සාමාන්‍ය විදියට හැසිරෙන්න අනිත් අයට කැපිලා පේන්න ජීසූට ඕන වුනේ නැ ඒක නිසා තමයි ඔය තරහ ගිහින් ඉන්නේ

" මිස්ටර් කිම් විතරක් ඉදිද්දී අනිත් ඔක්කොම ආපහු යන්න "

ජීසූ තරහෙන් කිව්වා

" ඒත් මිස්..."

" මම තමුසෙලාට මොකද්ද කිව්වේ ආ යන්න කිව්වාම යනවා "

ජීසූ අත මිටමොලවගෙන හයියෙන් කෑගහද්දී ගාඩ්ස්ලා ඔක්කොම සී සීකඩ විසිරිලා ගියා අන්තිමේ දී ඉතුරු වුනේ ටේහ්‍යුන් ජීසූ විතරයි

' Follow me Mr.kim "

ජීසූ එහෙම කියලා කොන්ඩේත් ගසලා පිටිපස්සට දාලා ගැම්මෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා ටේහ්‍යුන් එයාගේ අතින් නලල මිරිකන ගමන් ඇවිදගෙන යන ජිසූ දිහා බලාගෙන ඉදියේ

" Hey Mr.Kim දවසම ඔතන ඉන්න ද හදන්නේ "

ටිකක් දුරක් ගියපු ජීසූ හැරිලා ටේහ්‍යුන්ට කතා කලා එතකොට තමයි ටේහ්‍යුන් ඇවිදගෙන කෙල්ල ලගට ගියේ

" තමුසේ මොකද අනිත් උන්ට යන්න කිව්වේ "

" උන් මහ හිසරදයක් අප්පා මුන් ටික මගේ පස්සෙන් එනකොට පාරේ යන මිනිස්සු කන්න වගේ මගේ දිහා බලනවා "

ජීසූ ඇවිදගෙන යන ගමන් කිව්වේ ටේහ්‍යුන් එයාට සමාන්තරව ඇවිදගෙන යද්දී

" තමුසේ මට ඉන්න කිව්වේ "

" වේ මෝඩ කොටියෝ තමුසෙට මතක නැද්ද තමුසේ මගේ bodyguard "

ජීසූ ඉනට අත් දෙක තියාගෙන ටේහ්‍යුන්ගේ පැත්තට හැරිලා ඇස් හීනි කරගෙන කිව්වා

" අහ් හරි යමන් ඉතින් යන තැනක "

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජීසූ කොල්ලාට ගස්සලා ඉස්සර වෙලා ගියා ජීසූ හරි සතුටින් උඩ පනින ගමන් වටපිටාව බල බලා ඇවිදගෙන ගියා ටේහ්‍යුන් කලිසමේ සාක්කුවට අත් දෙකත් දාගෙන කෙල්ලගේ පිටිපස්සෙන් ඇවිදගෙන ගියා ජීසූ එකපාරටම හැරිලා ඇවිත් ටේහ්‍යුන්ගේ අතක එල්ලුනා කොල්ලා ඇස් දෙකත් බෝල කරගෙන බලාගෙන ඉදියේ  අගහරු ජීවියෙක් තමන්ගේ අතේ එල්ලිලා ඉන්නවා වගේ කොල්ලා ෆුල් කම්ෆියුස් වෙලා හිටියේ

" ටේටේ...",

ජීසූ ඇබරෙන ගමන් ටේහ්‍යුන්ට එහෙනම් කතා කලාම කොල්ලාගේ ඇස් තවත් ලොකු වුනා දැන් ඇස් බෝල පුපුරන්න වගේ තියෙන්නේ

මොකද මේකි මෙච්චර ඇබරෙන්නේ කූබියෙක්වත් කෑවද දන්නේ නැ කූබියා කෑවේ කොහෙද දන්නේ නැ යාහ්හ් කිම් ටේහ්‍යුන් තමුසේ මොනාද හිතන්නේ මේ මේකී මොකද මගේ මූනට ලං වෙන්නේ

ජීසූ පපී eyes වලින් ටේහ්‍යුන් දිහා බලාගෙන කකුලේ ඇගිලි තුඩු වලින් ඉස්සුනා ටේහ්‍යුන් බෙල්ලෙන් පිටිපස්සට ගිහින් කෙල්ලගේ නලලට දබරගිල්ල තියලා පස්සට තල්ලු කලා

" තමුසේ මොනාට ද එන්න හදන්නේ "

ජීසූ කැපිච්ච පනුවා වගේ ඇබරෙනවා ඉවරයක් නැ 

" මොකද තමුසේ ඇබරෙන්නේ ලෙඩෙක් ද නැත්නම්......."

ටේහ්‍යුන් කෙල්ලගේ කන ලගට පහත් වුනා

" බ්‍රා එකේ හක් එකවත් පැන්නා ද "

ටේහ්‍යුන් කෙල්ලගේ කන් පෙත්තේ එයාගේ තොල් ගෑවි නොගෑවී මිමිනුවා ජීසූගේ මූන රතු වුනා ලැජ්ජාවට නෙවෙයි කේන්තියට ටේහ්‍යුන්ව පිටිපස්සට තල්ලු කරපු ජීසූ දබරගිල්ල දික් කරගෙන කොල්ලගෙන් ගේම ඉල්ලගෙන ගියා

" තමුසේ මහ වනචර වලත්තයෙක් ඕයි අම්මපා තොට ගහන්න මුකුත් නැ නේ මට අයිස්ක්‍රීම් ඕන කියලා කියන්න ගියේ මූ වෙන සෙද්දක් හිතාගෙන පලයා ",

ජීසූ පාරෙන් එහා පැත්තේ තිබුණු අයිස්ක්‍රීම් කඩේ පෙන්නලා කිව්වා

" යකෝ අයිස්ක්‍රීම් ඕන කියන්න ඔච්චර ඇබරෙන්න ඕන ද blue house එකේ කිචන් එකට නියගයක් ඇවිත් ද "

" තමුසේ මට අයිස්ක්‍රීම් අරන් දෙනවද නැද්ද අරන් දුන්නේ නැත්නම් මම අප්පාට කියනවා මම ඇදුම් අදිනකොට රූම් එකට ඇවිත් බලාගෙන හිටියා කියලා "

" එතකොට තමුසේ එහෙම ද මම කියනවා මාත් එක්ක sex කරන්න ඕන කිව්වා කියලා "

" WTF!!"

" Fuck කරන්නත් පුලුවන් බබා යමු ද කැබ් එකට "

" යාහ්හ් කිම් ටේහ්‍යුන් "

ජීසූ ටේහ්‍යුන්ගේ නම කියලා පලාත දෙදෙරන්න කෑගැහුවා අසල ගසක සිටි කපුටෙක් කාක් ගාගෙන එතැනින් පියාබගෙන ගියා

" යමන් අයිස්ක්‍රීම් අරන් දෙන්න "

ටේහ්‍යුන් එහෙම කියලා ජීසූගේ අතින් අල්ලාගෙන පාර පැනලා අයිස්ක්‍රීම් කඩේ ඇතුලට යන දිහා කෙනෙක් ඈත ඉදන් බලාගෙන ඉදියා ජීසූට වාඩිවෙන්න කියලා ටේහ්‍යුන් අයිස්ක්‍රීම් අරගෙන එන්න ගියා ඒ අතරේ වටපිට බලමින් හිටපු ජීසූගේ ඇස ගැටුනේ ගොඩ කාලෙක ඉදලා හම්බවෙන්න ඕන කරපු කෙනෙක්ගේ රුව ජීසූගේ ඇස් කදුලින් තෙත් වුනා

",ඒ එයාමද.... ?"

ජීසූ හිටපු තැනින් නැගිටලා ඇවිදගෙන ගියා ඒ කෙල්ල චොකලට් අයිස්ක්‍රීම් එකකට වැඩේ දෙන ගමන් හිටියේ එයා හිටියේ තනියම ජීසූ ඒ ගර්ල් ලගට ගිහින් හිටගත්තා

" සනා... "

කවුරුහරි එයාට තමන්ගේ නම කියලා කතා කරනවා ඇහුනු නිසා කෙල්ල හැරිලා බැලුවා

" ඔයා මාවද දන්නවා ද "

සනා එහෙම ඇහුවාම ජීසූගේ කම්බුල් දිගේ කදුලු බිදු ගලාගෙන ගියා

" තමුසෙට මාව මතක නැද්ද උට්ටියේ "

" ජීසුයා.. මේ තමුසෙද "

ජීසූ කදුලු අතරින් ඔලුව වනද්දී සනා නැගිටලා ජීසුව වැලදගත්තා

" තමුසේ මට නොකියා ගියේ මොකද බේ$%යෝ "

සනා අඩන ගමන් එහෙම ඇහුවා

" මියානේ "

දෙන්නා අඩලා ඉවරවෙනකොට ටේහ්‍යුන් ඇවිත් ජීසූ හොයනවා එතකොට තමයි දැක්කේ සනාගේ ලගට වෙලා ඉන්න ජීසූ ටේහ්‍යුන් එතැනට ගියා

" ආ තමුසෙගේ අයිස්ක්‍රීම් එක "

ටේහ්‍යුන්ගේ අතේ තිබුණු අයිස්ක්‍රීම් එක උදුරලා ජීසූ ගත්තා සනා ජීසූ දිහායි ටේහ්‍යුන් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා

" සනා බේබි.."

ටේහ්‍යුන් එකපාරට එහෙම කතා කලාම සනා ඇස් හීනි කරලා බැලුවා එතකොට ටේහ්‍යුන් ජීසූට නොපෙනෙන්න සනාට ඇහැක් ගැහුවා

" ඔය දෙන්නා අදුරනවා ද "

ජීසූ අයිස්ක්‍රීම් හැන්දත් කටේ ගහගෙන ඇහුවා

" යේ.... මේ මගේ යොංජාචිංගු "

ජීසූ එකපාරට සනා දිහා බැලුවේ ඇත්ත ද කියලා අහන්න වගේ එතකොට සනා ටේහ්‍යුන් දිහා බැලුවා ටේහ්‍යුන් එතැන අත පය විසි කරන ගමන් වෙනම රංගනයක් දක්වනවා

' යේ.. ටේ මගේ නම්චිංගු "

" මොහ්.. එතකොට තමුසේ මට එදා සනා ගැන ද කිව්වේ "

ජීසූ සනාගේ ඉදිරියට නෙරාගෙන තියෙන පුංචි කුස දිහා බලාගෙන ඇහුවා

" යේ..... ඒක නෙවෙයි සනා බේබි ඔයා කාත් එක්ක ද ආවේ "

ටේහ්‍යුන් ඇහුවේ වටපිට බලන ගමන්

" මාත් එක්ක ආවේ උබට ප්‍රශ්නයක් ද "

ජන්කූක් එහෙම කියාගෙන ආවා

මේ මුකලන් හාවාත් කඩාගෙන වැටෙන්නේ මේ වගේ වෙලාවකටමයි මූ දැන් මොනාහරි කිව්වොත් මගේ නම්බුව හේදිලා යනවා මේකිට තියෙන්නෙත් හැකර කටක් නේ මට වසන්න හම්බවෙන්නේ නැ

ටේහ්‍යුන් එහෙම හිතුවා

" ජන්කුකා වරෙන් උබ එක්ක කතා කරන්න දෙයක් තියෙනවා "

ටේහ්‍යුන් එහෙම කියලා ජන්කූක්ගේ කරට අතදාගෙන එහාට ගියා ඒ දෙන්නා යනකන් ඉදලා ජීසූ සනාගේ පැත්තට හැරුනා

" ඇත්ත කියාම් ටේහ්‍යුන් උබේ නම්චිංගු ද උබ බොරු නේද කිව්වේ "

සනා මුකුත් කිව්වේ නැ

" ඒ කියන්නේ බොරු "

ජීසූ සනා දිහාට තියුනු බැල්මක් දාගෙන කිව්වා සනා දත් තිස් දෙක නියවලා හිනා වුනා

" මට හිතුනා බොරුවක් කියලා උබ කාට බොරු කලත් මට බොරු කරන්න බැ "

ජීසූ ගැම්මෙන් කිව්වා

" උබ නැතුව මම කොච්චර පාලුවෙන් ද හිටියේ කියලා දන්නවා ද හිටි හැටියේ නොකියාම ගියාම මට කොච්චර දුක හිතුනා ද "

" මියානේ වැදිරියේ තමුසේ නැතුව මාත් පාලුවෙන් හිටියේ දැන් මම ආවා නේ "

ජීසූට සනාව හම්බවෙන්නේ හයි ස්කූල් එකේ දී දෙන්නා කරපු මගෝඩි වැඩ හින්දා දෙන්නා ෆිට් වුනා

.
Flashback
Before 12 Years

සනාට පේන්න බැරි subject එක වුනේ history කෙල්ල කරන්නේ එක්කෝ පීරියඩ් එක පුරා නිදාගන්නවා නැත්නම් history මිස්ට බාල්දියක් පෙරලනවා ඒ නිසා history මිස්ට සනා එක්ක ඇරියස් ඔය කාලේ තමයි ජීසූ සනාගේ ස්කූල් එකට එන්නේ

ඉතින් දවසක් සනා මිස් වාඩිවෙන පුටුවේ ගම් බෝතලයක් එහෙම් පිටින් හැලුවා එදා history paper එකක් තිබුණේ කෙල්ල කුප්ප හිනාවක් දාගෙන ගිහින් එයාගේ තැනින් වාඩිවුනා ටිකක් history මිස් ක්ලාස් එකට ඇවිත් එයාගේ බෑග් එක ඇරලා පේපස් ටික ගන්නකොට යම්කිසි දෙයක් සිනිදුවට අහුවුනු නිසා ඒක ඇදලා ගත්තා මිස් කෑගහලා පිටිපස්සට වුනු පාර පුටුවේ ඉන්දුනා බෑග් එකේ හිටියේ තඩි පොල් සයිස් ගෙම්බෙක් ක්ලාස් එකේ ගෑනු ලමයි ඔක්කොම කෑගහනකොට පිටිපස්සෙම පේලියේ හිටපු දෙන්නෙක් හිටියේ කියාගන්න බැරි සතුටකින්

පුටුවේ ඉන්දුනු මිස් නැගිටින්න හදනකොට චරාස් ගාලා මිස්ගේ ස්කර්ට් එක ඉරිලා ගියේ මුලු පන්තියම නිශ්ශබද කරලා ඒත් එක්කම කොල්ලෝ ටික හිනා වෙන්න ගත්තේ ඩෙස් පුටු  උඩ නැගෙන ගෙම්බාට බයේ ඉන්න ගෑනු ලමයි  හිනා වෙන්න ගත්තා පන්තියේ සිනා සාගරයක් සනා මේසේට ගහන ගමන් හිනා වෙනවා ජීසූ හිනා වෙලා පුටුවෙන් බිම වැටිලා ඒත් ගානක් නැ බිමට ගහන ගමන් හිනා වෙනවා

ඒත් එක්කම මුලු පන්තියම නිශ්ශබද කරමින් පන්තිය කඩාගෙන වැටුනු ප්‍රින්සිපල් ඔක්කොම ලමයි යාන්තම් හිනාව නවත්තගෙන වාඩිවුනා ප්‍රින්සිපල් තබ්බලා ගහන්න පුලුවන් තට්ටයක් හිමි බඩ තඩි ඩයල් එකක් ප්‍රින්සිපල් ඇවිදිනකොට නිකන් බැරල් එකක් ඇවිදගෙන යනවා වගේ තමයි මිස් බිත්තියට හේත්තු වෙලා හිටියේ

" මොකද මේ සද්දේ තමුසෙලා හිතුවද මේක නාඩගම් මඩුවක් කියලා හරියට හැසිරෙන්න ඉගෙනගන්නවා පිස්සු බල්ලෝ වගේ හැසිරෙන්නේ තමුසෙලා මේ හැසිරෙන හැටි දැක්කාම රටේ අනාගතය ගැන බයයි "

සනා යටි තොලත් හපාගෙන බිම බලාගෙන හිටියේ හිනාව කාගෙන

" මිස් මොකද වුනේ....?"

" මගේ බෑග් එකට කවුද ගෙම්බෙක් දාලා "

" මොහ්..."

" මිස්ගේ ස්කර්ට් එකත් ඉරුනා නේ "

කොල්ලෙක් එහෙම කියලා හිනාවෙනකොට අනිත් අයත් හිනා වුනා මිස් නම් හිටියේ පොලොව පලාගෙන යන්න ලැජ්ජාවෙන්

" Shut up "

ප්‍රින්සිපල් තරහින් කියනකොට ඔක්කොම නිශ්ශබද වුනා ප්‍රින්සිපල් පොල් කෝම්බ සයිස් කන්නාඩි කූට්ටම උඩට උස්සන ගමන් පන්තිය පුරා ඇස් යැව්වා අන්තිමේ දී පන්තියේ පිටිපස්ස පේලියේ ජනේලේ ලගට වෙලා හිටපු සනා ලග ඇස් නැවතුනා කෙල්ල නම් ජනේලෙන් එහා පැත්තේ තිබුණු මේපල් ගහ දිහා බලාගෙන හිටියා

" ජන්ග් හේසනා......"

ප්‍රින්සිපල් උච්ච ස්වරයෙන් කෑගැහුවාම සනා සීරුවෙන් හිටගත්තා

" yes sir "

" තමුන් මොනාද එලිය බලාගෙන කරන්නේ "

ප්‍රින්සිපල් ඇහිබමක් උස්සගෙන ඇහුවා සනා අහිංසක හිනාවක් දැම්මා

" මේපල් ගහේ කුරුලු කපල් එකක් ඉන්නවා කුරුල්ලා කිරිල්ලීගේ කට කනවා හරිම ප්‍රේමනීයයි ඒ දිහා මම බලාගෙන හිටියේ සර් "

සනා full dramatic විදියට කිව්වාම ප්‍රින්සිපල් කලිසම උස්සගෙන කේන්තියෙන් කෙල්ල දිහා බලාගෙන හිටියේ

" තමුන් නම් හදන්න පුලුවන් ලමයෙක් නෙවෙයි අප්පා සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරියකයෙක් කියලා තමුන්ගේ හැසීරිමෙන් කියන්න පුලුවන් ද මේ වගේ වැඩ කරලා තමුන් මොනාද බලාපොරොත්තු වෙන්නේ යනවා ඔෆිස් එකට "

ප්‍රින්සිපල් කෑගහලා කියද්දී සනා ගැම්මෙන් කොන්ඩෙත් පිටිපස්සට දාගෙන පන්තියෙන් එලියට ගියා

" සර් මිස්ගේ බෑග් එකට ගෙම්බා දැම්මේ සනා නෙවෙයි ජීසූ මිස්ගේ පුටුවේ ගම් ගෑවේ සනා තමයි "

Fashionable girl කෙනෙක් නැගිටලා එහෙම කිව්වාම ජීසූ ඒ කෙල්ල දිහා ඇස් හීනි කරලා බැලුවා

" කිම් ජීසූ මේ කියන්නේ ඇත්ත ද "

ප්‍රින්සිපල් එහෙම අහනකොට ජීසූ නැගිට්ටා අර ගර්ල් ජීසූ දිහා කටකොනින් හිනාවක් දාගෙන බලාගෙන හිටියා

" යේ සර් මම තමයි ගෙම්බා දැම්මේ "

" අයිෂ් එක මල පරාල ඇනයක් මදිවට තව එකක් ඇවිත් වගේ "

ප්‍රින්සිපල් මිමිනුවේ පෙශර් වැඩිවෙලා මැරෙන්න වෙයි කියලා තුන්වැනි හිත කියද්දී

" සර් මොනාහරි කිව්වා ද"

" අහ් අනියා ජීසූ තමුනුත් යනවා ඔෆිස් එකට "

ජීසූ අර කෙල්ලට ඇහැක් ගහලා පන්තියෙන් එලියට ගියා ජීසූ යනකොට සනා ප්‍රින්සිපල්ගේ පුටුවේ වාඩිවෙලා කැරකි කැරකි ඉන්නවා ජීසූ ආපු ගමන් සනා නැගිට්ටේ ප්‍රින්සිපල් කියලා හිතාගෙන වුනත් ජීසූ කියලා දැක්කාම කෙල්ල හුස්මක් පහත දාලා ආපහු වාඩිවුනා

" මම හිතුවේ අර බඩතඩි පිනා කියලා "

සනා වාඩිවෙලා එහෙම කිව්වා

" තව ටිකකින් එයි කොහොමත් වලිගේ පාගගෙන "
ජීසූ කිව්වේ ප්‍රින්සිපල්ගේ ටේබල් එක උඩින් වෙන ගමන්

" ඒක නේ උබ මොකද මෙතන "

සනා ඇහුවේ ජීසූගෙන්

" අර ගෙම්බා මිස්ගේ බෑග් එකට දැම්මේ මම "

" ඇත්තටම..?"

" යේ...."

" කොහෙන් ද යකෝ ඒ ගෙම්බා හොයාගත්තේ උගේ අමුතු ලස්සනකුත් තිබ්බා හැබැයි "

" උදේ කුනු කානුවක හිටපු ගෙම්බෙක් ගාඩ්ස්ලාට කියලා අල්ලගත්තේ "

" මොනා වුනත් ඌ පිනාගේ කපාපු පලුව බන් "

සනා එහෙම කියලා හිනා වෙන ගමන් high five දැම්මා ඒත් එක්කම ප්‍රින්සිපල් ආපු නිසා නැගිටලා හිටගත්තා ප්‍රින්සිපල් දෙන්නාටම රවලා චෙයාර් එකෙන් ඉදගත්තා

" තමුන්ලා දෙන්නා මොනාද මේ කරන්නේ එක්කෙනෙක් සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරියකයෙක්ගේ දුවෙක් අනිත් එක්කෙනා මිනිස්ටර් කෙනෙක්ගේ දුවෙක් ඔහොම ද හැසිරෙන්නේ history මිස්ගේ බෑග් එකට ගෙම්බෙක් දාලා පුටුවේ ගම් ගාලා තව දවසක් maths සර්ගේ සාක්කුවට සර්පයෙක් දාලා මොන විකාරයක් ද මේ තමුන්ලා ස්කූල් එන්නේ ඉගෙනගන්න නෙවෙයි ද මොන්ටිසොරි ලමයි වගේ හැසිරෙන්නේ තමුන්ලාගේ දෙමාපියෝ ගෙන්වන්න වෙනවා "

මෙච්චර වෙලා කියපු මෙලෝ දෙයක් අහගෙන හිටියේ නැතත් අන්තිමට කියපු දේට දෙන්නාම ගැස්සිලා ගියා කන හරහා ගිහින් මොලයට දෙකේ හතරේ පොල්ලකින් ගැහුවා වගේ

" හුටා...."

සනා කන් දෙක අත් දෙකින් වහගත්තේ ගිය සතියේ කරපු පන්ඩිත වැඩේ හින්දා එයාගේ දයාබර ඔප්පා කන මිරිකපු හැටි මතක් වෙලා ජීසූ නම් ඩෝන්ට් කෙයා මූඩ් එකෙන් ඉන්නවා

" සර් අපේ දෙමාපියන්ට කතා කරන්න කලින් මේක පොඩ්ඩක් බලලා ඉන්නකෝ  "

ජීසූ එහෙම කියලා ප්‍රින්සිපල්ට ෆෝන් එක අරගෙන වීඩියෝ එකක් පෙන්නුවා ඒක දැකපු ප්‍රින්සිපල්ට හීන් දාඩිය දැම්මා කන්නාඩි කූට්ටමත් ගලවලා දාඩිය පිහිදනවා ප්‍රින්සිපල්ගේ ඇස් පතෝල සයිස් අනියා වට්ටක්කා සයිස් කරගෙන ප්ලේ වෙන වීඩියෝ එක දිහා බලාගෙන ඉදියා ප්‍රින්සිපල්ගේ මූන දැක්ක සනා ඔලුව දාලා බැලුවේ ප්‍රින්සිපල් මෙච්චර බය වෙන්න හේතුව මොකද්ද කියලා

" ජෙයියනේ....සර් ඔයා..."

සනා ඇස් දෙකත් ලොකු කරගෙන ප්‍රින්සිපල් දිහා බැලුවා

" එතකොට සර් gay ද "

සනා කුප්ප හිනාවක් දාගෙන ඇහුවා වීඩියෝ එකේ තිබුණේ මිස්ටර් ලීව කිස් කරන බඩතඩි ප්‍රින්සිපල්ව ජීසූ ෆෝන් එක සාක්කුවට දාගෙන අත් දෙක බැදගෙන ප්‍රින්සිපල් දිහා බැලුවා

" සර් මොකද කියන්නේ මම මේක ස්කූල් ගෘප් එකට දාන්න ද "

" මේ... මේ කොහොමද ඔයාලාට "

" සර්ට දැන් ඒක ද වැදගත් මම හිතුවේ මම මේක ස්කූල් ගෘප් එකට දැම්මොත් මොකද වෙන්නේ කියලා හිතනවා කියලා "

ජීසූ කිසිගානක් නැතුව කියලා දැම්මා

" හරි මම ඔයාලාගේ දෙමාපියන්ට මේ ගැන කියන්නේ නැ ඒත් ඕක කාටවත් පෙන්නන්න එපා ජීසූ දුවේ "

" ඒක මදි සර් මේ සතියක් තියන්න තිබුණු එක්සෑම් එක කැන්සල් කරන්න "

සනා කිව්වේ ඇස් කොනින් ජීසූ දිහා බලලා

" ඔය දෙන්නා මාව blackmail කරනවාද "

" සර් කැමති නම් එහෙම හිතාගන්න '

ජීසූ කිව්වා

' ඕකේ ෆයින් මම එහෙම කරන්නම් හැබැයි මේක කවුරුවත් දැනගන්න බැ"

" ඕකේ සර් ඩීල් "

ජීසූ එහෙම කියලා ප්‍රින්සිපල්ට අතට අත දුන්නා

" එහෙනම් සර් අපි යන්නම් "

සනා එහෙම කිව්වාම ප්‍රින්සිපල් අතින් යන්න කියලා සන් කලා කෙල්ලෝ දෙන්නා ඔෆිස් එකෙන් එලියට ඇවිත් හිනා වෙන්න පටන් ගත්තා

" අම්බෝ යකූ ඕක කොහොමද උබ වීඩියෝ කලේ "

සනා හිනා වෙන ගමන් ඇහුවා

" ප්‍රින්සිපල්ට ගේමක් දෙන්න ඕන නිසා හොරාට පස්සෙන් ගිහින් තමයි වීඩියෝ කරගත්තේ "

" ආ කමක් නැ යාන්තම් මගේ කන බේරුනා නැත්නම් ඔප්පාගේ අතේ මගේ කන තියේවි "

" ඔප්පා කෙනෙක් ඉන්නවා ද එහෙනම් මාව නෑනා කරගන්න "

" යාහ්හ් "

සනා කෑගහනකොට ජීසූ හිනා වුනා දෙන්නාම පන්තියට ඇවිදගෙන ගියා

" එනිවේ... මම ජීසූ කිම් ජීසූ "

" ජන්ග් හේසනා , සනා කියලා කතා කරන්නකෝ "

" එහෙනම් අද ඉදලා යාලුවෝ වෙමු "

ජීසූ අත දික් කරලා කිව්වාම සනා කෙල්ලගේ අත දිහායි මූන දිහායි බලලා හිනා වෙලා අතට අත දුන්නා ඉතින් දෙන්නා හිනා වෙවී පන්තියට ගියා

Flashback Over

To be continue.......

දිග චැප්ටර් එකක් 🌝

ඔයාලාගේ ඕතර් හොදයි නේද ලමයි

Bạn đang đọc truyện trên: AzTruyen.Top