Chapter 08 🔍

ජනාධිපතිතුමා ලගම ආරක්ෂකයෙකු වූ කෙනෙක් ඊයේ රෑ ඝාතනය කර ඇත මල සිරුර හමුවී තිබුණේ blue house පිටුපස තිබිලා මල සිරුරේ කැපුම් තිහකට අධික ප්‍රමාණයක් ඇති බව පශ්චාත් මරන පරීක්ෂණයේ දී තහවුරු වී ඇත මල සිරුර අසල තිබූ තාප්පයේ ලේ වලින් "I'm back " ලියලා තිබුනා

ජනාධිපතිතුමා කලබල වෙලා හිටියේ ජීසූ ගොඩක් වෙලාවට ඉන්න තැනක තමයි ඝාතනය සිද්ධ වෙලා තිබුණේ blue house එක ඇතුලේම මෙහෙම දෙයක් සිද්ධ වුනාම හැමෝම කලබල වෙනවා

" සර්..."

කලබලයෙන් එහෙ මෙහෙ ඇවිදින ජනාධිපතිතුමාට කතා කලේ ජනාධිපති ලේකම් මිස්ටර් හන්

" කියන්න මිස්ටර් හන් "

" පක්ෂ නායක රැස්වීම උදේ 10.00 තියෙනවා සර් "

ජනාධිපතිතුමා හුස්මක් පහත හෙලුවා

" හරි මිස්ටර් හන් අපි යමු "

ජනාධිපතිතුමා එහෙම කියලා කැබින් එකෙන් එලියට එනකොට දැක්කේ වූ බින් එක්ක ලොකු සාකච්ඡාවක ඉන්න ටේහ්‍යුන්ව ජනාධිපතිතුමා දැක්ක ගමන් දෙන්නා කතාව නවත්තලා ආචාර කලා

" මොනාහරි හොයාගත්තා ද "

" මුකුත් නැ සර් මේක හොදට ප්ලෑන් කරලා කරපු දෙයක් කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන්න සූක්ෂම විදියට කරපු murder එකක් ඒ සයිඩ් එකේ තිබුණු CCTV camera off කරලා blue house එක ඇතුලෙම ඉන්න කෙනෙක් මේකට සම්බන්ධයි කියලා මට හිතෙන්නේ අපි ඉක්මනට ඔක්කොම හොයාගන්නම් සර් "

වූ බින් ඔක්කොම විස්තර කරලා කියද්දී ටේහ්‍යුන් මුකුත් නොකියා හිටියා

" ම්ම් හරි ටේහ්‍යුන් ජීසූ ගැන ඇහැ ගහගෙන ඉන්න කොයිවෙලේ පැනලා යයි ද කියන්න බැ "

ජනාධිපතිතුමා කියනකොට ටේහ්‍යුන් කට කොනින් හිනා වුනා

" ඒ ගැන බය වෙන්න එපා සර් "

" මම ඔයාව විශ්වාස කරනවා ටේහ්‍යුන් "

ජනාධිපතිතුමා එහෙම කියලා එතැනින් යන්න ගියා ටේහ්‍යුන් කලිසමේ සාක්කුවට අත් දෙක දාගෙන ජීසූගේ රූම් එක පැත්තට ගියේ දැනටමත් මොන දහඅට සන්නිය නටලා ද කියලා ෂුවර් නැති නිසා කොල්ලා රූම් එක ලගට ගිහින් හිටගන්නකොට ටේහ්‍යුන්ගේ අතින් ඇදලා ඇතුලට අරගෙන බිත්තියට තද කලා ඒත් එක්කම රූම් එකේ දොර ලොක් කරලා ටේහ්‍යුන්ගේ පැත්තට හැරුනා

" තමුසේ මොකද්ද කරන්න හදන්නේ "

" තමුසෙව රේප් කරන්න හදන්නේ "

ජීසූ කොන්ඩේ උඩට කරලා බන් එකක් ගහගෙන ටේහ්‍යුන්ගේ ලගට එන ගමන් කිව්වා කොල්ලා තාමත් බිත්තියට හේත්තු වෙලා බලාගෙන ඉන්නවා ටේහ්‍යුන්ගේ ලගට ආපු කෙල්ල ටේහ්‍යුන්ගේ නලලේ ඉදලා එයාගේ ඇගිල්ලක් පහලට අරගෙන ඇවිත් තොල් ලග නතර කලා කොල්ලා ජීසූ මොකද්ද කරන්න හදන්නේ කියලා බලාගෙන ඉන්නවා ජීසූගේ අතින් රේප් වෙන්න වුනත් ටේහ්‍යුන් අකමැත්තක් නැ වගේ

" මට තමුසෙගෙන් දෙයක් දැනගන්න ඕන "

ජීසූ එහෙම කියලා ටේහ්‍යුන්ගේ තොල් මත තිබුණු එයාගේ ඇගිල්ල අරගෙන කොල්ලාට පිටුපාලා ඇවිදගෙන ගිහින් ඇදෙන් වාඩිවුනා

" මොනාද "

", murder එක ගැන "

ජීසූ එහෙම කිව්වාම ටේහ්‍යුන් ඇහිබමක් උස්සගෙන කෙල්ල දිහා බලාගෙන ඉදියේ

" තමුසෙද murder එක කරේ "

" තමුසෙගේ ඔලුව කොහෙද වැදුනේ සයිබීරියානු හැලි කොටියෝ විකාර නොකියා ඉන්නවා ඒ මනුස්සයා මරන්න මට කරලා තියෙන වරද මොකද්ද "

ජීසූ ටේහ්‍යුන්ට රවන ගමන් කිව්වා

" තමුසේ විශ්වාස කරන්න බැ නේ "

" හරි මට දැන් කියනවා "

" මොකද්ද "

" murder එක ගැන "

ටේහ්‍යුන් කෙල්ලගේ උඩ ඉදලා යටට බැලුවේ මේකිට මොකටද ඔච්චර මිනිමැරුමක් ගැන හොයන්නේ කියලා හිතන ගමන්

මේකි ඌ එක්ක මොනාහරි සම්බන්ධයක් තියෙනවා ද දන්නේ නැ

ටේහ්‍යුන්ට ඊලගට හිතුනේ ඕක තමයි

" ගිහින් වැඩක් බලාගන්නවා murder ගැන විස්තර හොයන්නේ"

ටේහ්‍යුන් එහෙම කියලා ජීසූ තවමොනාහරි කියන්න කලින් එතැනින් වාෂ්ප වුනා ජීසූ කේන්තියෙන් ලග තිබුණු පුටුවට පයින් ගැහුවා පුටුව වැටුනේ නැ මිතුර පයින් ගහපු පාර ජීසූගේ කකුලට රිදුනේ කෙල්ල කකුලත් අල්ලාගෙන උඩ පනින ගමන් පුටුව හදපු එකාගේ ඉදලා ටේහ්‍යුන්ගේ කිරි කෑ හැල්මොනී දක්වා සියලුදෙනා හදපිරි මෙව්වා එකකින් මතක් කරන ගමන්

Murder කේස් එකත් එක්ක blue house එකේ ආරක්ෂාව වැඩි කලා ඒ වගේම මේ ගැන හොයන්න ජනාධිපතිතුමා වෙනම රහස් කන්ඩායමකට පැවරුවා මේ දේවල් ගැන රටේ ජනතාව දැනගන්නවාට ජනාධිපතිතුමා අකමැති නිසා ජීසූට රූම් එකෙන් එලියට ඒම ද මේ දේවල් එක්ක තහනම් කලා blue house එකේ නිති රීති තදටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා ඒ කෙසේ වෙතත් ජීසූට නම් ඕන මෙතනින් කොහොමහරි බේරිලා එලියට පැනගන්න ඒකට තිබුණු ලොකුම බාධාව වුනේ කිම් ටේහ්‍යුන් කිව්වේ

ටේහ්‍යුන් එක්ක ජීසූට ලේසි වුනේ නැ ජීසූ මොනාහරි කියාගෙන ගියොත් ටේහ්‍යුන් නවත්තන්නේ මොනාහරි වල් කතාවක් කියලා ඒක නිසා කෙල්ලට ඔක්කොටම වඩා තරහයි ටේහ්‍යුන් කොයිවෙලෙත් ජීසූගේ රූම් එක ලගට වෙලා හිටියා ජීසූට ඕන වුනේ murder එක ගැන හොයන්න ඒත් කවුරුවත් කෙල්ලට හරි තොරතුරක් දුන්නේ නැ කෙල්ල ප්‍රශ්නයක් ඇහුවොත් ඒක හැමෝම මගහැරියා ජනාධිපතිතුමා හැමෝටම උපදෙස් දීලා තිබුණේ මේ ගැන කිසිම දෙයක් ජීසූ දැනගන්න බැ කියලා ඒ නිසා කවුරුවත් ජීසූට murder එක සම්බන්ධව කිසිදෙයක් කිව්වේ නැ

ජීසූ නියපොතු හපන ගමන් රූම් එකේ ඒ කොනට මේ කොනට ඇවිද්දින ගමන් ලොකු කල්පනාවක හිටියේ

" හරි පත්තු වුනා "

කෙල්ලගේ මූනට හිනාවක් ආවේ ආයාසයකින් ඒත් විනාඩියක් යන්න කලින් ඒ හිනාව මැකිලා ගියා

" එයාගේ contact number එකක්වත් නැ මාව මතක ද දන්නේ නැ එයා මොන වගේ situation එකක ඉන්නවා ද දන්නේ නැ යාහ්හ් ජීසූ ඔයාට එයාව අන්තිමට හම්බුනේ අවුරුදු නවයකට කලින් අඩුගානේ මම එයාට කෝල් එකක්වත් දුන්නේ නැ ෂුවර් එකට මාත් එක්ක තරහ ඇති මට එයාව හොයාගන්න ඕන ඒකට මට මෙතනින් එලියට පැනගන්න වෙනවා නැතුව ඉතින් මෙහේ ඉන්න උන් එකෙක්වත් මම කියන කිසිදේකට උදව් කරන්නේ නැ "

ජීසූ මිමිනුවා කෙල්ලගේ කල්පනා කලේ දැන් මෙතනින් පැනගන්න මොකද්ද කරන්නේ කියලා කෙල්ල බැල්කනියට ගිහින් පහල බැලුවේ බැල්කනියෙන් පැනලා යන්න පුලුවන් තත්ත්වයක් තිබේද කියලා හැමතැනම ආමි එකෙන් වගේ ජනාධිපතිතුමාගේ පෞද්ගලික ආරක්ෂයොත් හිටියා කෙල්ල ඒ අදහස අතහැරලා රූම් එකේ දොර ඇරිලා ඔලුව දැම්මා ටේහ්‍යුන් එතැන බිත්තියට හේත්තු වෙලා මල් වැහි සීතල මල් වැස්සේ වගේ මල් මල් හිනාවක් දාගෙන ෆෝන් එක කොටනවා ඒ පැනි හිනාව දුටු ජීසූට හිතුනේ මූට යොංජාචිංගු කෙනෙක් ඉන්නවාමයි කියලා හිතාගෙන

" තමුසේ මොනාද මගේ දිහා බලාගෙන ඉන්නේ "

ටේහ්‍යුන් ෆෝන් එකෙන් ඇස් නොගෙන එහෙම කිව්වා

" තමුසෙට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා ද "

ජීසූ හරියට කෙලින් වෙලා ඇහුවාම ටේහ්‍යුන් ෆෝන් එක සාක්කුවට දාගෙන ඇහිබමක් උස්සගෙන ජීසූ දිහා බැලුවා

" මම නිකන් ඇහුවේ තමුසේ කොයිවෙලෙත් garden එකට වෙලා ඇබරි ඇබරි කකුලෙත් තනකොල ගලවන ගමන් කතා කරන නිසා "

ටික වෙලාවක් ජීසූ දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් හෙනම කුප්ප හිනාවක් දැම්මා

" යේ මට යොංජාචිංගු කෙනෙක් ඉන්නවා "

" මට හිතුනා ඇබරෙන ඇබරිල්ලට "

" එයා pregnant වෙලා මාස තුනක් "

" මොහ්.."

ජීසූගේ කට අක්කරයක් විතර ඇරුනා ටේහ්‍යුන් කියපු කතාවට කෙල්ල වේගයෙන් ඇස්පිය ගහන ගමන් පපුව අල්ලගත්තා

" තමුසේ මාර වල් කොටියෙක් නේ තමුසේ ලග ඉන්නත් බයයි "

" ලග හිටියා කියලා pregnant වෙන්නේ නැ බබා ඔයාට ඕන රූම් එක ඇතුලට යමු මම බබෙක් හදලා දෙන්නම් "

ටේහ්‍යුන් ඇහැක් ගහලා කිව්වාම ජීසූට හුස්ම ගන්නත් අමතක වුනා

", යාහ්හ් වලත්තයා මම තමුසෙගේ කට තලනවා "

ජීසූ එහෙම කියලා සද්දෙන් දොර වැහුවා ටේහ්‍යුන් බිත්තියට හේත්තු වෙලා දෙකට නැවිලා හිනා වෙනවා කොල්ලා ජීසුව අවුස්සලා හැමදාම හිනා වෙනවා දැන් ඒක ටේහ්‍යුන්ගේ hobby එක වෙලා ජීසූව තරහ ගැස්සුවේ නැත්නම් කොල්ලාට වේලක් කෑවේ නැ වගේ ඒක නිසා පුලුවන් හැමවෙලේම කරන්නේ ජීසූව තරහ ගස්සලා හිනා වෙන එක ජීසූ දන්නවා නම් ටේහ්‍යුන් එයාව ආතල් එකට අරගෙන කියලා ටේහ්‍යුන් මෙලහකටත් cemetery සාමයේ සැතපිලා

Next Day Morning

" අනේ මිස් අඩන්න එපා කියන දේ අහන්නකෝ "

" මිස් පොඩි බබෙක් වගේ අඩන්න මිස් රතු වෙලා "

සෝයා මිස් චෝයි එකතු වෙලා අත පය විසි කරන ගමන් අඩන ජීසූ බබාව නලවන්න හදන්නේ ඒත් කොහෙද ජීසූ තව හයියෙන් කෑගහලා අඩනවා කෙල්ලගේ මූන අඩලාම රතු වෙලා චෙරි ගෙඩියක් වගේ සෝයාටයි මිස් චෝයි හොද පන ගිහින් නාකි බබ්බු නලවන්න ගිහින්

" අප්පාට එන්න කියන්න හුවෑව් "

එහෙම කියපු ජීසූ කොට්ටෙකුත් බදාගෙන අඩන්න පටන් ගත්තා වැඩේ හරි යන්නේ නැති තැන මිස් චෝයි සෝයාට කිව්වා ජනාධිපතිතුමාට මේ ගැන කියන්න කියලා සෝයා ගියාම ටේහ්‍යුන් ඇතුලට ඇවිත් දොර ලගට හේත්තු වෙලා ඇදේ පෙරලි පෙරලි අඩන ජීසූ දිහා බලාගෙන හිටියේ හිනාව කාගෙන

" ටේහ්‍යුන් ඔයාවත් මිස්ට කතා කරන්න "

දොර ලග ඉන්න ටේහ්‍යුන් දැක්ක මිස් චෝයි කිව්වා ටේහ්‍යුන් එයාගේ පැත්තට ඇගිල්ලක් දික් කරගෙන මිස් චෝයි දිහා බැලුවාම මිස් චෝයි ඔව් කියන්න ඔලුව වැනුවා මිස් චෝයිට මේ නාකි බබා නලවන්න ගිහින් හොදටම හති ටේහ්‍යුන් කොට්ටේ මූන ඔබාගෙන අඩන ජීසූ ලගට කිට්ටු වුනා

" ඕයි ජීසූ තමුසෙගේ සද්දේ වැඩියි හලෝ තමුසේ අඩනකොට කැඩිච්ච ට්‍රැක්ටරයක් ස්ටාර්ට් කලා වගේ නේ පුදුම කන්කරච්චලයක් "

ටේහ්‍යුන් එහෙම කිව්වාම මිස් චෝයි ඔලුව අත ගහගත්තේ මරු කෙනාට නේ මාත් දෙයක් කිව්වේ කියලා හිතන ගමන්

" තමුසේ කටවහගෙන යනවා වල් කොටියා අප්පාට එන්න කියනවා නැත්නම් තමුසේ මට කියපු වල් කතා ඔක්කොම මම අප්පාට කියනවා හුවෑව් "

ජිසූ ඔලුව උස්සලා ටේහ්‍යුන්ට එහෙම කියලා මූන කොට්ටේ ඔබාගෙන අඩන්න පටන් ගත්තා ටිකකින් ජනාධිපතිතුමා දහසක් වැඩ පැත්තකින් තියලා තමන්ගේ දුව අඩන්නේ මොකද කියලා බලන්න ජීසූ මුලු ඇදම බදාගෙන මිනිහා මැරුනු ගෑනි වගේ අඩනවා

" ජීසූ මැනික මොකද මේ පුංචි බබෙක් වගේ අඩන්නේ "

ජනාධිපතිතුමා කෙල්ලගේ ලගින් වාඩිවෙලා ඔලුව අතගාන ගමන් ඇහුවා

" අ..අප්පා.."

" කියන්න මැනික "

ජීසූ ජනාධිපතිතුමාගේ උකුලෙන් ඔලුව තියාගත්තා

" මට මෙහෙම ඉන්න බැ අප්පා මට එලියට යන්න ඕන "

" ජීසූ මම එකසැරයක් කිව්වා කොහෙවත් යන්න මගෙන් අවසර ඉල්ලන්න එපා කියලා විකාර නොකර ඔහොම ඉන්න "

ජනාධිපතිතුමා තදින් කියනකොට කෙල්ල ඔලුව ඉස්සුවා

" අප්පා චේබල් එහෙම කරන්න එපා මමත් ආසයි අනිත් අය වගේ නිදහසේ ඉන්න මම හිර වෙලා ඉන්න කැමති නැ කියලා වේ අප්පාට නොතේරෙන්නේ ඉස්සෙල්ලාම බ්ලූ හවුස් එකෙන් එලියට යන්න එපා කිව්වා දැන් රූම් එකෙන් එලියට බහින්න දෙන්නේ නැ මොකද්ද අප්පා මේ කරන්නේ මගේ ආරක්ෂාවට කියලා මාව හිර කරලා තියාගත්තාම හරි ද "

" ජීසූ මොනදේ කිව්වත් මගේ තීරණයේ වෙනසක් නැ "

" ඔම්මා හිටියා නම් අද මට මෙහෙම වෙන්නේ නැ "

ජීසූ එහෙම කියලා ඇදෙන් බැහැලා බාත් රූම් එකට ගිහින් දොර හයියෙන් වැහුවා ජනාධිපතිතුමා හුස්මක් පහත දාලා නැගිට්ටා

" එයාව බලාගන්න "

ජනාධිපතිතුමා කිව්වාම මිස් චෝයි ඔලුව නැව්වා ජීසූගේ රූම් එකෙන් ජනාධිපතිතුමා එලියට යනකොට ටේහ්‍යුන් ජනාධිපතිතුමා පස්සෙන් එලියට ගියා

" සර්.."

ටේහ්‍යුන්ගේ කටහඬ ඇහිලා ජනාධිපතිතුමා නැවතුනා

" ටේහ්‍යුන් කියන්න "

" ජීසූට යන්න දෙන්න සර් "

" ටේහ්‍යුන් දන්නවා දැන් තියෙන තත්ත්වය මට ඉන්නේ ජීසූ විතරයි මට එයාව නැති කරගන්න බැ "

" එහෙම කියලා ජීසූව හිර කරලා තියාගන්න එක වැරැදියි සර් හිර කරලා තියාගෙන ඉන්න කිරිල්ලී දවසක නොකියාම ඉගිලිලා යයි එයාගේ නිදහස හොයාගෙන එහෙම ගියොත් ආපහු කවදාවත් සර් ලගට එන එකක් නැ මාව ගත්තේ ජීසූගේ bodyguard විදියට නේද සර් මං ගැන සර්ට විශ්වාසයක් නැද්ද "

" ටේහ්‍යුන් එහෙම දෙයක් නෙවෙයි "

" එහෙනම් සර් ජීසූට යන්න දෙන්න මම එයා එක්ක ඉන්නවා "

ටේහ්‍යුන් දිහා ටික වෙලාවක් බලාගෙන ඉදපු ජනාධිපතිතුමා මද සිනාවක් පෑවා

" ටේහ්‍යුන් ගැන විශ්වාස තියලා යන්න දෙන්නම් "

ජනාධිපතිතුමා එහෙම කියලා ටේහ්‍යුන්ගේ උරහිසට තට්ටුවක් දාලා ගියා ටේහ්‍යුන් ජීසූගේ රූම් එකට ඇවිත් මිස් චෝයිට කිව්වා ජීසූට එලියට යන්න ජනාධිපතිතුමා අවසර දුන්නා කියලා කොල්ලා එහෙම කියලා garden එකට ගියේ වාහනේ චෙක් කරන්න ඕන නිසා

To be continue........

ටේ ජීසූ ගැන හිතනවා වගේ නේත 🌝

බෙස්ටි යාලු කරගැනීම සදහා අප්ඩේට් කරන ලද්දක් බව කරුනාවෙන් සලකන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top