Chapter 07 👀

ජීසූ රූම් එකට ඇවිත් ඇදෙන් වාඩිවෙලා රතු වෙලා තියෙන අත දිහා බලාගෙන හිටියේ කෙල්ලගේ රතු වෙලා තියෙන අත දැක්ක මිස් චෝයි ගිහින් බාම් එකක් අරගෙන ආවා ජීසූගේ අත අරගෙන හිමින් බාම් එක ගාන්න ගත්තා

" මිස් මොකටද ඒ වගේ දෙයක් කලේ "

මිස් චෝයි කෙල්ලගේ අතේ බාම් ගාන ගමන් ඇහුවා

" සුලගේ වේගය බලලා අංශක 75.89 ක් මැනලා අරගෙන හරියටම ඉලක්කයට මල් වාස් එක විසි කරලත් දර්ශන පථය මැදට බූරුවෙක් පැන්නා නේ මිස් චොයි ඒක මගේ වරදක් නෙවෙයි නේ පැනපු බූරුවාගේ වරද "

මිස් චෝයීට හිනා යන්න ගියත් හිනාව කාගෙන හිටියාට සෝයා නම් හිනා වෙනවා

" ඒ වුනාට මිස් නේ ගැහුවේ "

" යේ මම තමයි ගැහුවේ ඒත් වෙන එකෙක්ට ගැහුවේ වැදුනේ අදාළම නැති එකෙක්ට "

ජීසූ කිව්වේ හලි වේදනාවෙන්

" මිස් චෝයි යන්න "

ජීසූ කිව්වාම මිස් චෝයි සෝයා එක්ක එතැනින් යන්න ගියාම ජීසූ ටේහ්‍යුන්ගේ හත්මුතු පරම්පරාව ආදරයෙන් සිහිපත් කරමින් බාත් රූම් එකට ගියා ජීසූ ටේහ්‍යුන්ට බනින ඔක්කොම කොල්ලා ජීසූගේ රූම් එකේ දොරට කන තියාගෙන අහන ඉදියා

විනාඩි කිහිපයක් ගත වෙනකොට ජීසූගේ රූම් එකේ බඩු පෙරලෙන සද්දයක් ආපු නිසා දොර ලග ඉදපු ටේහ්‍යුන් ගැස්සිලා ගියා

" ජීසූ.."

මිහිරේ මදු මිහිරේ කන් කලු මිහිරේ
ඕයේ ඉස්කි ඩිඩින්

කවුරුන්ද කවුලුව වැහුවේ
මට ඉන්න බැ කලුවරේ වේදනාවේ
ඕයේ අත් උස්සලා

අද නතර වුනු තැනම මා හිදී
ඔබ නැවත නොයන බව මා දනී
හිත හොයන සතුට මට හිමි නැති
කැරකිලා ඉස්කි ඩිඩින්

උමතු කල ඒ සිනාවන්
වසි කල ඒ කතාවන්
කරපු හැමදේ මුලාවක් නම්
නවතින්නම්

ඇහිපිල්ලම් යට හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූ ඒ ආදරේ රිදුම් ඕයේ

ටේ කොටියා පුල්ලි හලා
මම ගැහුවා ඌ මැරිලා
තේරී දීවානී දීවානී

ඉස්කි ඩිඩින්
මල් වැහි සීතල මල් වැස්සේ
ටේ කොටියා මල් වාස් පාරක් කෑවේ

ටේහ්‍යුන්ට ඇහුනේ කර්න පටහ පටලය කඩාගෙන බිදගෙන යන සුලි කුනාටුවක් වගේ වොයිස් එකකින් කවුදෝ කෑගහනවා කවුදෝ නෙවෙයි ජීසූ තමයි ටේහ්‍යුන් ඉන්නේ අහස කඩාගෙන වැටෙන සීන් එකක කොල්ලා හිමින් සැරේ රූම් එකේ දොර ඇරියා ජීසූ දොර ලොක් කරලා නෙවෙයි තිබුණේ ටේහ්‍යුන් ඇතුලට ගියාම දැකපු දේ හින්දා කොල්ලා කට අක්කරයක් විතර ඇරුනා

ජීසූ ඇද උඩ නැගගෙන සිංදු කියන ගමන් නටනවා ඒක නෙවෙයි අවුල කෙල්ලගේ මුලු ඇගටම තිබුණේ ටවල් එක විතරයි ජීසූ නාලා ඉවර වෙලා තෙත කොන්ඩේ ගසන ගමන් හිටියේ හදිස්සියේවත් ටවල් එක ගලවලා විසි කලොත් මොකද වෙන්නේ කියලා ටේහ්‍යුන් කල්පනා කලේ මේ අවස්ථාව වන විට ටේහ්‍යුන්ගේ dirty mind එක on වෙලා තිබුණේ

ජීසූට නම් ගානක් නැ එයා දිහා කන්න වගේ ටේහ්‍යුන් බලාගෙන ඉන්නවා කියලා ඇත්ත වශයෙන්ම කිව්වොත් ජීසූ දන්නේ නැ ටේහ්‍යුන් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා ජීසූ ටවල් එකේ ගැටේත් අල්ලාගෙන අනිත් පැත්ත හැරෙනකොට දැක්කේ ටේහ්‍යුන් කට ඇතුලේ දිව තෙරපන ගමන් කෙල්ල දිහා බලාගෙන ඉන්නවා

" යාහ්හ් වනචරයා.."

ජීසූ යටි ගිරියෙන් කෑගහලා ඇදෙන් පනින්න යද්දී වැටෙන්න ගියපු නිසා ටේහ්‍යුන් කෙල්ලව අල්ලගෙන බිම වැටුනා ටේහ්‍යුන්ගේ පපුව උඩ ජීසූ ඔලුව තියාගෙන ඉන්නවා ටේහ්‍යුන් පොඩ්ඩක් ඔලුව උස්සලා බලලා කෙල්ලගේ ඉන වටේ රැදිලා තිබුණු අත ටිකක් තද කලා වැටුනු පාර ජීසූගේ ටවල් එකේ ගැටේ ලිහිල් වෙලා තිබුණේ

ජීසූ ඔලුව උස්සලා ටේහ්‍යුන් දිහා බලද්දී කොල්ලා හෙනම වල් හිනාවක් දාගෙන ඉදියා ටේහ්‍යුන්ගේ ඇස් තිබුණේ භාගෙට නිරාවරණය වෙලා පේන ජීසූගේ පපුවේ ඒක දැකපු ජීසූ නැගිටින්න ගියත් ටේහ්‍යුන් කෙල්ලට නැගිටින්න දුන්නේ නැ

" යාහ්හ් කිම් ටේහ්‍යුන් මාව අතහරිනවා නැත්නම් කෑගහනවා "

" උප්ස් බේබි මේ ෆ්ලෝ එකේ ඉන්නේ ඔයායි මමයි විතරයි අනික හැමෝටම මේ ෆ්ලෝ එකට එන්න අවසර නැ කියලා ඔයා දන්නවා නේ බේබි "

ටේහ්‍යුන් කිව්වේ කෙල්ලගේ මූනට වැටිලා තිබුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවන ගමන්

" අයිෂ් තමුසෙගේ අත ගන්නවා මට දවසෙම මෙහෙම ඉන්න බැ "

ජීසූ ටවල් එකේ ගැටේ එක අතකින් තද කරගන්න ගමන් අනිත් අත ටේහ්‍යුන්ගේ පපුවට තියලා නැගිටින්න හැදුවේ ඊට වඩා ඉක්මන් වුනු ටේහ්‍යුන් කෙල්ලව අනිත් පැත්තට පෙරලගෙන ජීසූගේ ඇග උඩට ආවා ජීසූ ටවල් එක පපුවට තද කරගෙන ටේහ්‍යුන්ට රවාගෙන බලාගෙන ඉදියා

" ඔයා රවනකොට ගොඩක් ලස්සනයි බේබිගර්ල් "

ටේහ්‍යුන් කිව්වේ ජීසූගේ තොල් වල ගෑවි නොගෑවී

" එහාට වෙනවා "

ජීසූ කෑගහනකොට ටේහ්‍යුන් කෙල්ලගේ ඇග උඩින් අයින් වුනා ජීසූ ටවල් එකත් පපුවට තද කරගෙන නැගිට්ටා යන්න ගියපු ටේහ්‍යුන් ආපහු ජීසූගේ පැත්තට හැරුනා

" මොනාද තමුසේ බලන්නේ ආ යනවා "

" බේබිගර්ල් ඔයාගේ සයිස් එක කීයද "

" යාහ්හ් මම තමුසෙව මරනවා වල් කොටියා යනවා මෙතනින් "

ජීසූ අතට අහුවුනු කොට්ටෙන් දමලා ගැහුවා

" ඔය ටවල් එකෙන් ගැහුවා නම් හරි නේ බේබිගර්ල් "

" තමුසෙට මම..."

ජීසූ පොතක් විසි කරලා ගැහුවා පොත ගිහින් දොරේ වදිද්දී ටේහ්‍යුන් හිනා වෙවී දොර වැහුවා ජීසූව තරහ ගස්සලා ටේහ්‍යුන් ගන්නේ වෙනම ආතල් එකක්

" මරු bodyguard කෙනෙක් අප්පා හොයලා දුන්නේ මට මුගෙන් ආරක්ෂා වෙන්න වෙන්නේ "

ජීසූ මුමුනන ගමන් ගිහින් ක්ලෝසෙට් එකෙන් ඇදුමක් අරගෙන ඇදගත්තා

_________________________

" Blue house එකේ ඉන්න අපේ එකා මොනාද කිව්වේ අලුත් දෙයක් "

" සර් ජනාධිපතිතුමා ජීසූ මිස්ට රූම් එකෙන් එලියට එන එක තහනම් කරලා ටේහ්‍යුන් කොයිවෙලෙත් ජීසූ මිස්ගේ පස්සෙන්ම ඉන්නවා ලු "

" ජනාධිපතිතුමාට පොඩි වෝර්නින් එකක් දෙන්නත් එක්ක පොඩි ගේම් එකක් දෙමු තමුන් කරන්න ඕන දේවල් දන්නවා නේ "

" යේ සර්."

" මේක ගෙනිහින් අරූට දීලා වෙන්න ඕන දේ කියපන් හදිස්සියේවත් ඌ අහුවුනොත් මගේ නම කියන්න එපා කියපන් "

ඒ මනුස්සයා එහෙම කියලා තමන්ගේ ඉදිරියේ හිටපු පුද්ගලයා දෙසට සල්ලි මිටියක් විසි කලා ඔහු සල්ලි මිටිය අරගෙන එතැනින් යන්න ගියා

______________________

ටික ටික රෑ වෙනකොට ටේහ්‍යුන් ෆෝන් එකත් අරගෙන  garden එකට ආවා කොල්ලා ජන්කූක්ට කෝල් එකක් අරගත්තා දෙපාරක් රින් වෙද්දී ජන්කූක් කෝල් එක ආන්සර් කලා

" ආ කුක්කෝ මැරිලා ද කියලාවත් හොයපන් "

" උබ දැන්ම මැරෙන්නේ නැ කියලා දන්නවා එකපාරට මොකද මාව මතක් වුනේ "

" උබව මට එහෙම අමතක වෙනවද රත්තරං ඔය සුන්දර මුහුන කෙසේ නම් අමතක කරන්න ද "

" තෝ මොකාටද එන්න හදන්නේ "

ටේහ්‍යුන් හිනා වෙන්න ගත්තා

" කෙල්ල හොදයි ද "

" කතා කරන්න එපා බන් කෙල්ලෙක් නෙවෙයි යක්සනියක් වගේ මම එකක් කිව්වොත් ඒකි දාහක් කියලා සනා හොදයි බන් "

", උබට ඔහොම තමයි වෙන්න ඕන "

" හරි සතුටු ඇති නේ දැන් කෝ සනා "

" ම්ම් ඉන්නවා බන් මාත් එක්ක රන්ඩු වෙලා දැන් නිදි "

" මොකද්ද තෝ කලේ.."

" උබ නැති හින්දා ඔෆිස් එකේ ඔක්කොම බලාගන්න වෙලා තියෙන්නේ මට නේ ක්ලබ් එක ගැන නම් ජූන් හියුන්ග් බලනවා සනාට පොඩ්ඩක් කෑගැහුවා බන් ඊට පස්සේ යාන්තම් කතා කරලා සේප් කරගෙන එනකොට යූරා කතා කලා උබට මම අමුතුවෙන් කියන්න ඕන නැ නේ සනාට යූරාගේ නම ඇහුනත් ඇති කේන්ති යන්න "

" ඔව්වා උබේ වැරැදි පුතේ මොනාහරි කරලා යාලු කරගනින් මහ ලොකු මාෆියා කින්ග් ගෑනිට බය වෙලා අඩනවා "

" කවුද යකෝ ඇඩුවේ "

' කොහොම වුනත් උබ සනාට බයයි එහෙම නේත "

" උබට මේවා තේරෙයි පවුලක් temple එකක් වුනාම අනික තොට සෙට් වෙන කෙල්ල සනාට වඩා නපුරු කෙල්ලෙක් වෙන්න ඕන "

" එව්වා සදේ තමයි කුක්කෝ "

" හරි අපි බලමුකෝ කොටියෝ මම තියන්වා "

ජන්කූක් කෝල් එක කට් කලා ටේහ්‍යුන් garden එකට වෙලා තණකොළ කකුලෙන් ගලවන ගමන් කතා කරන දිහා බැල්කනියට වෙලා ජීසූ බලාගෙන ඉදියා

කාත් එක්ක ද යකෝ ඔච්චර ඇඹරී ඇඹරී කතා කරන්නේ ෂුවර් එකට යොංජාචිංගු එක්ක වෙන්න ඕන එතකොට මූට යොංජාචිංගු කෙනෙක් ඉදීද්දී දවල් මාත් එක්ක අරම හැසිරුනේ හරි හිටුකෝ කොටියාගේ ඇත්ත උගේ නැට්ටෙන්ම හොයාගන්න

ජීසූ එහෙම හිතලා ඇදට පැන්නේ නිදාගන්න වුනත් ආපහු අර හීනේ මතක් වෙද්දී කෙල්ල ඇදෙන් නැගිට්ටා බ්ලැන්කට් එකයි කොට්ටෙයි අරගෙන ගියපු කෙල්ල couch එකේ නිදාගත්තා

.
Next Day Morning

මිස් චෝයි උදේ ජීසූව නැගිට්ටන්න ආවත් දුටු නිසා කම්ෆියුස් වෙලා හිටියේ පිටිපස්සෙන් ආපු සෝයාත් එහෙම්ම නතර වෙලා බලාගෙන හිටියේ පොලේ ගහපු ගෙම්බා වගේ couch එක බදාගෙන නිදාගෙන ඉන්න ජීසූව

" සෝයා මිස්ට මොනා වෙලා ද couch නිදාගන්නේ "

" ඇදේ මකුනො ද දන්නේ නැ "

" විකාර නොකියා ඉන්න සෝයා "

සෝයා දත්තිස් දෙක නියවලා හිනා වුනා මිස් චෝයි ඇවිත් ජීසූට තට්ටුවක් දාලා කතා කලා එකපාරින් කෙල්ල නැගිටලා මිස් චෝයි දිහා බැලුවේ ඇස් පොඩි කරන ගමන්

" ගුඩ් මෝනින් මිස් චෝයි "

එහෙම කියාගෙන නැගිටලා බාත් රූම් එකට වැනි වැනි යන දිහා මිස් චෝයි සෝයා බලාගෙන ඉදියේ අටවැනි පුදුමේ එයාලගේ ඇස් ඉදිරියේ වෙන දේ අදහාගන්න බැරුව ජීසූව ඇහැරන්න වෙනදාට තුන් වැනි ලෝක යුද්ධය කරලා කොහොඹ කංකාරිය නටලා දහ අට සන්නිය රග දක්වලා එක පිස්සුවක් නටන්න ඕන 

" මිස් චෝයි අද ඉර පෑයුවේ බස්නාහිරින් ද "

" ඒක තමයි සෝයා මාත් බැලුවේ "

ඒ දෙන්නාගේ සතර කන් මන්ත්‍රණය ඉවර වෙනකොට ජීසූ බාත් රූම් එකෙන් එලියට ආවා කෙල්ල රූම් එකෙන් එලියට යන්න හදනකොට අත් දෙකත් දෙපැත්තට කරගෙන මිස් චෝයි ඉස්සරහට පැන්නා

" මොකද මේ "

" ජනාධිපතිතුමා කිව්වා මිස්ට සතියක් යනකම් රූම් එකෙන් එලියට එන්න දෙන්න එපා කියලා "

" කවද්ද කොහෙද කීයටද මට එහෙම දෙයක් මතක නැ නේ "

ජීසූ එහෙම කියලා රූම් එකේ දොර ඇරගෙන ගියේ මිස් චෝයි සෝයා මූනට මූන බලාගනිද්දී මිස් චෝයි සෝයා දෙන්නා ජීසූගේ පස්සෙන් දුවගෙන ගියේ ආපහු මොන මරාලයක් දාගනියි ද කියලා දන්නේ නැති නිසා

Blue house එකේ හැමෝම කලබලයෙන් එහෙ මෙහෙ දුවනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැරුව ජීසූ හැමෝම දිහා බලාගෙන ඉදියා

" මිස් චෝයි මොකද්ද වෙලා තියෙන්නේ ඇයි හැමෝම කලබලයෙන් "

ජීසූ ඇහුවේ මිස් චෝයිගේ පැත්තට හැරෙන ගමන් මිස් චෝයි බිම බලාගත්තා ඒත් එක්කම එතැනින් දුවගෙන යන බිස්කට් කුඩු නොහොත් යුග්යොම්ට ජීසූ කතා කලාම බිස්කට් කුඩු කෙල්ල ලගට දුවගෙන ආවා

" මිස්.."

" මොකද බිස්කට් කුඩු කූබි ගුල ඇවිස්සිලා වෙලා වගේ කට්ටිය දුවන්නේ "

" මිස්ට මතක ද ජනාධිපතිතුමා ලගම හිටපු තට්ට සිරා.."

බිස්කට් කුඩු අහනකොට ජීසූ කල්පනා කලේ තට්ට සිරා කවුද කියලා

" වූ බින් සර් එක්ක කොයිවෙලෙත් ඉන්නේ "

" යේ.. වේ තට්ට සිරා pregnant ද "

" මොනාද මිස් අහන ප්‍රශ්න ඇහුවොත් අහන්නේ ඔය වගේ මැන්ටල් ප්‍රශ්නයක්මයි ඊයේ රෑ කවුද එයාව මරලා "

" මොහ්..."

ජීසූ ඇස් දෙකත් ජිල් බෝල කරගෙන බිස්කට් කුඩු දිහා බලාගෙන ඉදියා

" කොහොමද එහෙම වෙන්නේ "

බිස්කට් කුඩු උරහිස් ඇකිලුවේ දන්නේ නැ කියන්න වගේ

" මම හිතන්නේ මිස් රූම් එකට ගියොත් හොදයි වගේ "

කලිසමේ සාක්කුවට අත් දෙකත් දාගෙන ජීසූ දිහා බලාගෙන ඉදපු ටේහ්‍යුන් කිව්වේ ටිකක් තදින්

" ඒත්...."

" යන්න.."

ටේහ්‍යුන් ගැඹුරු හඩකින් කියද්දී කෙල්ල ගියේ ජනාධිපතිතුමා ආවොත් තවත් ප්‍රශ්නයක් වෙන නිසා

To be continue.......

කාලෙකින් නේද

මම වැටිලා අත හොල්ලන්න බැරුව හිටියා ඒකත් දකුණු අත ඒකයි අප්ඩේට් කරන්න බැරි වුනේ අප්ඩේට් කරනකම් බලාගෙන ඉදපු හැමෝටම සමාවෙන්න

ඊයේ රෑ 2021 උසස් පෙල ප්‍රතිඵල නිකුත් වෙයි කියලා නිව්ස් වලට කියනකොට සාමාන්‍ය පෙල ප්‍රතිඵල කියලා ඇහිලා පුටුවෙනුත් වැටුනු අහිංසක මම හාර්ට් ඇටෑක් හැදිලා වගේ හිටියේ ඊට පස්සේ සරසවි වරම් ලබාගත් ගාන කියනකොට තමයි උසස් පෙල ප්‍රතිඵල නිකුත් වෙලා තියෙන්නේ කියලා හුස්මක් ගත්තේ  මම පව් ජෙයියනේ

Thank you for 2k Readers 🥺❤️💜

Bạn đang đọc truyện trên: AzTruyen.Top