Chapter 03 😶

" ජීසූ එක්ක හිටපු කොල්ලාගේ ගැන විස්තර හොයාගත්තා ද "

ජනාධිපතිතුමා කන්නාඩිය ගලවලා ටේබල් එක උඩින් තියන ගමන් ඇහුවේ තමන් ඉස්සරහ ඉන්න ප්‍රධාන ආරක්ෂකගෙන්

" යේ සර්....
නම Kim Taehyung
JJK Industries අයිතිකරු Jeon Jungkook ලගම හිතවතෙක්
Underworld එකට සම්බන්ධයි
Best Fighter, Sniper "

ප්‍රධාන ආරක්ෂක කියාගෙන යද්දී ජනාධිපතිතුමා ලොකු කල්පනාවකට වැටුනා

" ජීසූට මොකද්ද ඒ වගේ කෙනෙක් එක්ක තියෙන සම්බන්ධය "

" ඒ ගැන නම් දන්නේ නැ සර්.."

ඒත් එක්කම ජීසූ ආපු නිසා ප්‍රධාන ආරක්ෂක හිස නවලා ආචාර කරලා යද්දී කෙල්ල ගිහින් couch  එකේ වාඩිවුනා ජනාධිපතිතුමා කෙල්ල ලගින් වාඩිවුනා

" මොකද මගේ චන්ඩි කෙල්ලගේ මූඩ් හොද නැත්තේ "

" අප්පා යන යන තැන ගාඩ්ස්ලා අරගෙන යන එක මට මහ හිසරදයක් මට අනිත් අය වගේ නිදහසේ ඉන්න ඕන ගාඩ්ස්ලා වටේටම දාගෙන යනකොට මිනිස්සු මගේ දිහා කන්න වගේ බලනවා අයිෂ් මට එතකොට ඉන්න එවුන්ට ගහන්න හිතෙනවා "

ජීසූ කියවගෙන ගියා ජනාධිපතිතුමා හුස්මක් පහත දැම්මා

" ජීසූ ඔයාගේ ආරක්ෂාවට නේ ගාඩ්ස්ලා දැම්මේ "

" අප්පා මට මං ගැන බලාගන්න පුලුවන් කවුරුවත් ඕන නැ "

ජීසූ කේන්තියෙන් කියලා ජනාධිපතිතුමාට ගස්සගෙන එතැනින් යන්න ගියා ජීසූගේ හිතුවක්කාර වැඩ ගැන දන්න ජනාධිපතිතුමා හිටියේ කොයිවෙලෙත් බයෙන් එයාට දෙයක් කරන්න හිතුනොත් ඒ දේ කොහොමහරි කරන බවත් දන්නවා කොච්චර බැන්නත් කෙල්ල වෙනස් වෙන්නේ නැ ජීසූගේ ගාඩ් එකට දාන සමහර ගාඩ්ස්ලා අස් වෙලා ගියේ කෙල්ලගේ දසවද දරාගන්න බැරුව

" Jeon Jungkook ඉක්මනට රහසේ හමුවෙන්න ඕන "

ජනාධිපතිතුමා කෝල් එකක් අරගෙන ඔහුගේ විශ්වාසවන්තම ආරක්ෂකයාට කිව්වා

__________________________

" ජනාධිපතිතුමා එයාගේ දුවව ආරක්ෂා කරගන්න මහන්සි වෙනවා වගේ "

සුඛෝපභෝගී හොටෙල් රූම් එකට වී සිටි වයස 57 ක් පමන වන පුද්ගලයෙක් එසේ පවසා සිනාසෙන්නට විය

" සර්..අපි මොකද්ද කරන්න ඕන "

" ජීසූ ගැන හොයලා විස්තර කියපන් කෙල්ල යන්නේ කොහෙද කාත් එක්ක ද කතා කරන්නේ හැමදේම මට දැනගන්න ඕන "

" හරි සර් "

ඒ පුද්ගලයා එතැනින් ගියා

" මමයි අද කොරියාවේ President  වෙන්න හිටියේ ඒත් උබ ඒ සේරම විනාස කරලා president වුනා බලාගෙන ඉදපන් උබේ වටිනම දේ මම උදුරගන්න හැටි "

ඒ පුද්ගලයා එහෙම කියලා වියරුවෙන් වගේ හිනා වෙන්න පටන් ගත්තා

ඒ අතරේ ක්ලබ් එකට යන්න ගියපු ටේහ්‍යුන් ආපහු  mansion එකට ආවේ ජීසූ ගැන හිත හිතා

" අයිෂ්....ඒ කෙල්ල මට පිස්සු හදවලා නවතින්නේ "

ටේහ්‍යුන්ගේ එයාගේ කොන්ඩේ අතින් අවුල් කරගන්න ගමන් කිව්වේ වටේ ඉන්නේ කවුද කියලා මෙලෝ ගානක් නැතුව

" මොන කෙල්ල ද බන් "

ටේහ්‍යුන්ගේ උඩ ඉදලා යටට බලන ගමන් ජිමින් ඇහුවා කොල්ලාට දැන් තමයි තේරුනේ වැරදි වෙලාවේ වැරදි දෙයක් මුඛයෙන් පිට වෙලා කියලා

" මොන කෙල්ලෙක් ද කොටෝ "

ටේහ්‍යුන් හය තියා එකවත් ලියන්න දන්නේ නැති පොඩි එකා වගේ ජිමින්ගෙන් ඇහුවා

" තොට පිස්සු හදවන කෙල්ල කවුද "

ජිමින් ඇහුවේ තමන්ගේ හාල්කෑල්ල දිහා බලාගෙන ඇහිබමක් උස්සලා

" මේ කිම් ටේහ්‍යුන්ට පිස්සු හදවන්න පුලුවන් කෙල්ලෙක් තාම මේ ලෝකේ ඉපදිලා නැ කොටෝ පොඩ්ඩක් උබේ කන් දෙක අලවංගුවක් දාලා සුද්ද කරගනින් "

ටේහ්‍යුන් එහෙම කියලා ගැම්මෙන් ගියා

" අපි බලාගමුකෝ පිටසක්වලයෝ "

ජිමින් කට කොනින් හිනාවක් දාගෙන ගැම්මෙන් යන එයාගේ හාල්මේට් කෑල්ල දිහා බලාගෙන මිමිනුවා

" යාහ්හ් පාර්ක් ජිමින් "

ටේහ්‍යුන් දිහා බලාගෙන ඉදපු කොල්ලා ඇහුනු කටහඬ පැත්තට හැරුනා තෙලට කනවද මිරිසට කනවද අමුවෙන් කනවද ඩෙවල් දාලා කනවද වගේ බලාගෙන එයාගේ ආදරනීය දයාබර වයිපරේ නෙවෙයි මිතුර යොංජාචිංගු තාම වයිපරේ වුනේ නැ ඉස්සරහට වයිපරේ කරගන්න බලාපොරොත්තුවක් තිබේ

" වේ බේබි කෑගහන්නේ "

කිසිත් නොදන්න අහිංසක තාර පැටියෙක් වගේ ඇහුවා

" මම තමුසෙට කී පාරක් කියලා තියෙනවා ද තෙත ටවල් එක ඇද උඩ දාන්න එපා කියලා "

සුකී මීතොටමුල්ලේ කුනු කන්දෙන් උස්සගෙන ආපු හත් අවුරුද්දකින් හෝදලා නැති ටවල් එක ඇගිලි දෙකකින් අල්ලාගෙන කෑගැහුවා

" හරි බබා ඕකට තරහ ගන්න ඕන නැ නේ "

" හරි කොහෙද මනුස්සයෝ වැරැදියි "

" හරි වැරැදියි "

" හරියි වැරැදියි දෙකක් මොකද්ද වැරැදියි තමයි ඒක පිලිගන්නවා "

" ඕකේ බේබි මම වැරැදියි "

" ආන් ඒ බය තියාගන්නවා "

සුකී ගැම්මෙන් කියලා අතේ තිබුණු කුනු ටවල් එක ජිමින්ගේ ඇගට විසි කලා කොල්ලාගේ ඔලුවට වැටුනු ටවල් එක අරගෙන සුකී දිහා බැලුවේ දැන් මොකද්ද කරන්න ඕනි කියලා අහන්න වගේ

" ඕක දැන් හෝදලා දානවා හත් අවුරුද්දකින් හෝදලා නැ පුදුම කුනු කරවල ගදක් නේ තියෙන්නේ "

" හරි බේබි "

ජිමින් එහෙම කියලා වොෂින් මැෂින් එකට ටවල් එක දාන්න යද්දී සුකී ආපහු ජිමින්ට කතා කලා

" කොහෙද යන්නේ ආ වොෂින් මැෂින් එකට දාන්න නෙවෙයි තමුසේ අතින් හෝදන්න ඕන යනවා බාත් රූම් එකට "

සුකී කෑගහද්දී කොල්ලා අහිංසක විදියට සුකී දිහා බැලුවත් සුකී ජිමින්ව ගනන් නොගෙන ගියා ඒත් එක්කම ජිමින්ට ඇහුනේ වීදුරු කෑලි වලට කුඩු වෙලා යන කින්කිනි හිනාවක් ඒ හිනාවේ අයිතිකාරයා කවුද කියලා දැනගෙනම ජිමින් පිටිපස්ස හැරුනා

" හියුන්ග් "

ජිමින් ඇස් හීනි කරගෙන කතා කලේ බිත්තියට ගහන ගමන් හිනා වෙන ජින්ට

" උබට හොද වැඩේ ජියා මට ඉස්සර අහුවුනු එකෙන් ගහනකොට උබ හිනා වුනා මතක ද දැන් උබට ඒවා පල දෙනවා "

ජින් එහෙම කියලා ආපහු හිනා වෙලා

" හියුන්ග් මම ඔයාගේ මල්ලී "

" යේ උබ මගේ මල්ලී නිසා තමයි යකෝ හිනා වෙන්නේ "

" ජිමින්......"

ආපහු සුකී කෑගහලා ජිමින්ට කතා කලා

" කලකම් පල දෙනවා බ්‍රෝ දැන් මගේ අවස්ථාව හිනා වෙන්න "

ජිමින් මූනත් දෙල් කරගෙන ගියේ ජින්ගේ වීදුරු පිහිදන හිනාව මැද්දේ

________________________

රාත්‍රියේ සෝල් නගරයේ අදුරු අතුරු පාරකට වී හොර රහසේ ජනාධිපතිතුමා සිටියේ තවත් ආරක්ෂකයෙකු සමගින්ය එම ප්‍රදේශයේ පැතිරි තිබුණේ දැඩි නිහඩ බවක් මෙන්ම පාලු ස්වභාවයකි ඒත් එක්කම කා එකක හඩ ඇසුනු නිසා ජනාධිපතිතුමා සහ ආරක්ෂකයා ඒ දෙස බැලුවා ඔවුන් ඉදිරියේ කා එක නතර කරපු පුද්ගලයා තනි කලු ඇදුම්න් සැරසී සිටියා ඔහු දාගෙන හිටපු කැප් එක නිසා ඔහුගේ මූන හරියාකාරව නොපෙනුනි

" JK.."

ජනාධිපතිතුමාගේ මුවින් පිට වනවිට කට කොනින් හිනා වුනු ජන්කූක් අඩියක් ඉස්සරහට තිබ්බාම ආරක්ෂයා ජන්කූක්ට ගන් එක එල්ල කලා ජනාධිපතිතුමා අතින් සන් කරනකොට ආරක්ෂකයා ගන් එක පහත් හෙලුවා

" ඔබතුමාට හදිස්සියේම හොර රහසේ මාව හම්බවෙන්න ඕන වුනේ ඇයි කියලා දැනගන්න පුලුවන් ද "

ජන්කූක් ඇහුවේ ජනාධිපතිතුමාට ලං වෙන ගමන්

" මට ජේකේගෙන් උදව්වක් ඕන "

ජනාධිපතිතුමා එහෙම කියද්දී ජන්කූක් ඇහිබමක් උස්සලා කල්පනා කලේ ජනාධිපති කෙනෙක්ට මොකද්ද එයාගෙන් ඉල්ලන උදව්ව කියලා

" මගේ දුව හදිස්සියේම කොරියාවට ඇවිත් එයා හිතුවක්කාර කෙනෙක් මුරන්ඩුයි ලේසියෙන් කවුරුවත් කියන දේ අහන්න නැ ජීසූගේ ගාඩ් එකට දාන ගාඩ්ස්ලා උපරිම ඉන්න සතියක් වගේ මගේ ජීසූව ආරක්ෂා කරලා දෙන්න "

ජනාධිපතිතුමා හිතේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ආයාචනාත්මකව ඉල්ලුවේ

" අපේ කොල්ලෙක් එවන්නම් "

" එපා මම කෙනෙක් හොයාගත්තා ඒත් එයා කැමතියි ද කියන්න දන්නේ නැ "

" කවුද ඒ "

" Kim Taehyung "

ජනාධිපතිතුමා කියද්දී ජන්කූක් බැලුවේ සීරියස් ද කියන්නේ වගේ බැල්මක්

" ඒ මගේ හියුන්ග් "

" මම ඒක දන්නවා ජේකේ මට මේ උදව්ව කරන්න මගේ දරුවාගේ ජීවිතේ අනතුරේ මම ඉල්ලන ඕන දෙයක් දෙන්නම් "

" හියුන්ග්ගෙන් අහන්න ඕන "

ජන්කූක් එහෙම කියලා එතැනින් පිටත් වුනේ ජනාධිපතිතුමාත් එතැනින් පිටත් වෙලා ගියා ඒ වන ටිට පාන්දර එකත් පහුවෙලා තිබුනා ජනාධිපතිතුමා යනකොට blue house එකේ විශාල කලබලයක් හැමෝම කලබලයෙන් එහෙ මෙහෙ දුවනවා ජනාධිපතිතුමා දැක්ක ගමන් දුව දුවා හිටපු ඔක්කොම සේවක සේවිකාවෝ නතර වෙලා ජනාධිපතිතුමාට ආචාර කලා

" මොකද මේ කලබලේ "

" සර්...මිස්.."

" ජීසූ "

ඒත් එක්කම blue house එකේ රාජකීය මුලුතැන් ගෙය පැත්තෙන් බෝම්බයක් ගැහුවා වගේ විශාල ශබ්දයක් ඇසුනේ ජනාධිපතිතුමාගේ හදවතත් විනාඩි ගානකට නතර කරලා ඇගේ ලේ අස්‍රැත ජලය බවට පරිවර්තනය වෙද්දී ජනාධිපතිතුමා ඉක්මනට අඩිය තියලා කිචන් එක පැත්තට ගියේ දැන් blue house එකේ ලෝකේ දරුනු ගනයේ න්‍යෂ්ටික බෝම්බයක් ජීවත් වන බව සිහිවුනු නිසාවෙන්

ජනාධිපතිතුමා රාජකීය මුලුතැන් ගෙයට පය තියන්න හදනකොටම කොහෙද ඉදලා ආපු රෝලින් පින් එකක් එතුමාගේ කකුල් දෙක ලග නතර වුනා තම පියානෝ දුටු ජීසූ අතේ තියාගෙන හිටපු පිහිය හිමින් සැරේ ලග හිටපු චෙෆ්ගේ අතට මාරු කලේ දත්තිස් දෙක නියවගෙන හිනා වෙන ගමන් රාජකීය මුලුතැන් ගෙය පුරා ඇස් ගෙනියපු ජනාධිපතිතුමාට හිතුනේ මේ රාජකීය මුලුතැන් ගෙය නෙවෙයි රාජකීය පිස්සන් කොටුව කියලා කිචන් එක ලීක්ස් කොල ගෝවා කපලා හැමතැනම දාලා කැරට් කෑලි හැමතැනම පිටි ඉහිරවලා  කිචන් එකේ කවුන්ටරේ උඩ වතුර ඉහිරවලා නූල්ඩස් කෑලි එල්ලෙනවා අවසාන වශයෙන් ජීසූ දිහා බලපු ජනාධිපතිතුමාට හිනා යන්න ආවත් හිනාව කාගෙන හිටියේ යක්ස කෙල්ලගේ හැටි දන්න නිසා ජීසූගේ කොන්ඩේ පිටි වගේම නූල්ඩස් කෑලි එල්ලෙනවා

" Kim Jisoo..."

ජනාධිපතිතුමා උච්ච ස්වරයෙන් කෑගහද්දී ඔක්කොම බිම බලාගත්තා

" Yes sir "

කෙල්ල සීරුවෙන් හිටගෙන සැලූට් කරගෙන කිව්වා

" යනවා රූම් එකට "

ජනාධිපතිතුමා ටිකක් තදින් කියද්දී ජීසූ ඔලුව නවාගෙන එතැනින් මාරු වුනා කිචන් එක දිහා බලපු ජනාධිපතිතුමා ආපහු හුස්මක් පහත දැම්මා

" ඔක්කොම අස් කරන්න "

ජනාධිපතිතුමා එහෙම කියලා එතැනින් ගියා

Next Day Morning

උදේ පාන්දර Jeon Mansion එක දෙදෙරා ගියේ ජින්ගේ සුමිහිරි ටින් කිරි වොයිස් එකෙන් උච්ච ස්වරයෙන් රැප් එකක් පටන් ගත්ත නිසා

" යාහ්හ් කිම් නම්ජූන් තමුසේ මොනාද පොඩි කාලේ කෑවේ බලනවා තමුසේ ඇල්ලුවොත් දෙයක් විනාසයි ෆ්‍රිජ් එකේ දොරට දැන් මම තමුසෙද තියෙන්නේ තමුසේ කවදාහරි බදින කෙල්ලට තමුසෙට බැනලාම ඉවරයක් නැති වෙයි "

" මම තනිකඩව ඉන්න තීරණය කරලා ඉවරයි හියුන්ග් ඒ පිලිබදව බය වෙන්න එපා "

නම්ජූන් ගැම්මෙන් කියලා දාද්දී ජින් නම්ජූන් දිහා අමුතු විදියට බැලුවා

" උබ මොකද තනිකඩයි ඉන්න හදන්නේ "

" ජියා නූනා හියුන්ග්ට දුන්නු වද දැක්කාම සුගා හියුන්ග් නින්ද මරාගෙන සූයාට කෑම ඇදපු හැටි දැක්කාම කොරියාවේ Number One Businessman cold hearted jeon jungkook තමන්ගේ වයිෆ්ව ඔලුව නමාගෙන ඉන්න විදිය දැක්කාම තනිකඩ ජීවිතේ දාහකින් සැපයි කියලා හිතුනා හියුන්ග් "

" උබ ගත්තේ හොද තීරණයක් ජූනෝ උබට තියෙන්නේ මොලයක් නෙවෙයි මොල ගෙනාපු නැවක් කියලා නිකන් ද කියන්නේ "

යුංගි නිදිමරගාතේ ඇවිත් ෆ්‍රිජ් එකට හේත්තු වෙලා කිව්වා

" යුංගි මොකද ඕයි මේ "

ජින් ඇහුවේ සසර කලකිරිලා වගේ ඉන්න යුංගිගෙන්

" පුරුස හිංසනය හියුන්ග් "

" සූයා අතවරයක් එහෙම කලා ද "

එහෙම අහගෙන ආපු ජිමින් කිචන් එකේ කවුන්ටරේ උඩින් වාඩිවුනා දැන් මෙතන වාර්ෂික පුරුෂ මහා රැස්වීම වගේ

" එහෙම නම් කමක් නැ කියපන්කෝ මාව ඇදෙන් තල්ලු කලා යකෝ ඊයේ රෑ නිදාගත්තේ couch දැන් කොන්ද රිදෙනවා වගේ "

යුංගි කිව්වේ කොන්ද අතගාන ගමන්

" උබ මොකක් හරි බරපතල වැරැද්දක් කරන්න ඇති "

" වැඩි දෙයක් නෙවෙයි ජූනෝ බබා නිදාගන්න කලින් මට නින්ද ගියා ඒකයි "

"  අපි මේ අසාධාරණයට විරුද්ධව නැගි සිටින්න ඕන යකොව් "

ජිමින් කිව්වා

" උබ නැගි සිටලා බිමට කඩාගෙන වැටියන් ඊයේ තොට කියලා සුකී රෙදි හෝදගත්ත හැටි මතක නැද්ද "

ජින් කිව්වාම ජිමින් කටවහගත්තා ඒත් එක්කම ජන්කූක් කොන්ඩේ අවුල් කරගන්න ගමන් ඇවිත් ජින්ගේ ඇගට හේත්තු වුනා ජින් කොල්ලාගේ කර වටේ අතක් දාලා ලගට ගත්තා

" ඔය ආවේ අඩුපාඩුව "

නම්ජූන් කිව්වේ ජන්කූක් දිහා බලාගෙන

" මොකද මෙතන වෙන්නේ "

" පුරුස හිංසනය ගැන සාකච්ඡාවක් "

ජන්කූක් අහපු දේට ජිමින් උත්තර දෙන්න

" මටත් කතා කරන්න ඕන "

ජන්කූක් කිව්වේ අත්ලෙන් නහය පිහිදන ගමන්

" ආ කියපන් උබේ දුක් වේදනාත් අහගෙන ඉන්නම් "

නම්ජූන් කිව්වේ පුටුවක් අරගෙන වාඩිවෙන ගමන්

" සනා... පොඩ්ඩ ඇත්නම් කෑගහනවා මහ රෑට නැගිටලා කන්න දේවල් ඉල්ලනවා ඒකත් ගෙදර පැත්ත පලාතේ නැති දේවල් මගෙන් පලිගන්න හදනවා වගේ බන් සමහර දවසට නිදාගන්න බැ යකෝ "

ජන්කූක් එයාගේ දුඛිත කතාව පැවසුවා

" ඕවා ඔහොම තමයි කොල්ලෝ "

ජින් කිව්වේ ජන්කූක්ගේ කොන්ඩේ අවුල් කරන ගමන්

" ජීවිතේ කරපු ලොකුම වැරැද්ද සූයා මැරි කරපු එක බන් "

" මොහ්..."

ඔක්කොම ගැස්සිලා ගිහින් හැරිලා බැලුවේ කිචන් එකේ දොර ලග හිටගෙන ඉන්න සූයා දිහා සූයා දැක්ක ගමන් යුංගිගේ නිදිමත ලෙෆ්ට් වෙලා ගියා කෙල්ල ටික වෙලාවක් යුංගි දිහා බලාගෙන ඉදලා යන්න ගියා

" කෙල්ලට අවුල් ගියා ඈ "

නම්ජූන් කිව්වේ යුංගි දිහා බලන ගමන්

' සූයා නූනා හියුන්ග් කියපු දේ සීරියස් අරගෙන වගේ "

ජිමින් කිව්වා

" මම ගිහින් බලන්නම් "

යුංගි එතැනින් ගියා ජන්කූක් සනාගේ බනානා මිල්ක් ශේක් එක අරගෙන ඉක්මනට ගියේ දැනටමත් විනාඩි තුනක් පරක්කු නිසා

To be continue........

ම්ම්ම් 🌝🌚

kimsuah2004 whatsapp එකේ උද්ඝෝෂණ කරන එක නවත්තපන්

Bạn đang đọc truyện trên: AzTruyen.Top