Chapter 02 😒

කොරියාවේ ජනාධිපති මේ අවස්ථාවේ හිටියේ ගොඩක් කලබලයෙන් මොකද ජනාධිපතිගේ හිතුවක්කාර දියනිය කාටවත් නොදන්නවා කොරියාවට ඇවිත් නිසා

" කොහොමහරි මගේ දුවව හොයාගන්නවා "

ජනාධිපති කෑගැහුවේ එයාගේ ඉස්සරහ ඉන්න ගාඩ්ස්ලාට

" මාව හොයන්න මහන්සි වෙන්න ඕන නැ ජනාධිපතිතුමනි මම ආවා "

පිටිපස්සෙන් ඇහුනු කටහඬ නිසා ගාඩ්ස්ලා දෙපැත්තට වෙලා ඒ ගෑනු ලමයාට එන්න දුන්නා ආඩම්බරයෙන් ගාඩ්ස්ලා අතරින් ඇවිදගෙන ආපු කෙල්ල ජනාධිපතිතුමාට ආචාර කලා

" කොහොමද අප්පා...."

කෙල්ල ලස්සන හිනාවක් මුහුන රදවගෙන ඇහුනත් ජනාධිපතිතුමා කෙල්ලට රවාගෙන හිටියේ

" අයියෝ අප්පා ඔයාගේ එකම දුව එක්ක තරහ ද ම්ම් "

කෙල්ල හුරතලේට කියද්දී අනිත් අය යන්න ගියේ අප්පාටයි දුවටයි තනිවෙන්න ඉඩ දීලා

" එකම දුව හින්දා තමයි මෙච්චර මම ඔයාව ආරක්ෂා කරන්නේ ජීසූ.."

Kim Jisoo කොරියාවේ ජනාධිපතිතුමාගේ එකම දියනිය හිතුවක්කාර ආඩම්බර චරිතයක් දෙයක් කරන්න ඕන කියලා හිතුනොත් අනිවාර්යයෙන් ඒ දේ කරන කෙනෙක් ජීසූගේ ඔම්මා එයාගේ පුංචි කාලේ දී නැති වුනා ඉතින් ජීසූගේ අප්පා තමයි එයාගේ මුල ලෝකෙම වුනේ ජනාධිපතිතුමා ජීසූගේ ආරක්ෂාවට අවුරුදු 17 දී එයාව ඇමරිකා යවනවා දැන් ජීසූට අවුරුදු 26 ක් ඉතින් මේ හිතුවක්කාර කෙල්ල කාටවත් නොදන්නවා කොරියාවට එන්නේ එයාගේ අප්පා දකින්න

" අප්පා බය වෙන්න එපා අනේ ඔයා දන්නවා නේ මට මං ගැන බලාගන්න පුලුවන් මං ගැන හිතන්න එපා ඔයාට ඊට වඩා හිතන්න ගොඩක් දේවල් තියෙනවා "

ජීසූ එයාගේ අහිංසක හිනාව දාගෙන කිව්වා

" ජීසූ පරිස්සම් වෙන්න මට ඔම්මා වගේ ඔයාවත් නැති කරගන්න බැ "

" Don't be කලබල අප්පා මම ඔයාට නැති වෙන්නේ නැ "

ජීසූ එහෙම කිව්වාම ජනාධිපතිතුමා කෙල්ලගේ ඔලුව අතගෑවේ ආදරෙන්

" මගේ ජීවිතේට තියෙන තර්ජන ඔයා දන්නවා නේ ජීසූ එයාලා ඔයාව ඉත්තෙක් කරගෙන මට බලපෑම් කරන්න පුලුවන් "

ජනාධිපතිතුමා කිව්වේ තමන්ගේ දුවට කරදරයක් වෙයි කියලා බයෙන් අනික ජීසූගේ හිතුවක්කාර වැඩ ගැන ජනාධිපතිතුමා හොදටම දන්නවා

" දැන් ගිහින් රෙස්ට් කරන්න මහන්සි ඇති නේ "

" හරි අප්පා "

ජනාධිපතිතුමාට ආචාර කරලා කෙල්ල හිනා වෙවී යන්න ගියා ජීසූ යනකම් හිනා වෙවී ඉදපු ජනාධිපතිතුමාගේ හිනාව මැකිලා ගියා මෙච්චර කාලයක් හංගගෙන හදාගත්‍ත එයාගේ එකම දුව ජීසූ මෙහෙට ආවා කියන්නේ එයාගේ ජීවිතේ අනතුරේ ජීසූව ආපහු ඈත් කරන්නත් ජනාධිපතිතුමාගේ හිත ඉඩ දෙන්නේ නැ

ඒත් කෙල්ලගේ ආරක්ෂාව.....?

ජනාධිපතිතුමාට තිබුණු ලොකුම ප්‍රශ්නය ඒක ජීසූ එයාගේ ආරක්ෂාවට දාලා තිබුනු ගාඩ්ලා සෙට් එක රවට්ටලා ඕන තරම් blue house එකෙන් පැනලා ගිහින් තියෙනවා පුංචි වයසේ දී එහෙම කරපු කෙල්ලට දැන් අවුරුදු 26 ක් ඉතින් ජනාධිපතිතුමා බය වෙන එක සාධාරණයි

_________________________

ජන්කූක්ගේ කැබින් එකට වෙලා කකුල් දෙකත් ටේබල් එක උඩ තියාගෙන දිවත් හපාගෙන ටේහ්‍යුන් ගේම් ගහනවා මේ වෙලාවේ ජන්කූක් හිටියේ මීටින් එකක ටේහ්‍යුන් ඒ මීටින් එකට ගියේ නැත්තේ ගේම් ගහන්න ඕන නිසා ජන්කූක් මීටින් එක හැඩල් කරගෙන යන නිසා ප්‍රශ්න නැ

ජන්කූක් කැබින් එකට එනකොට ටේහ්‍යුන් ඉන්න විදිය දැකලා කොල්ලාගේ ඔලුවට ෆයිල් එකකින් ගැහුවා

" යාහ්හ් මෝඩ හාවෝ තමුසේ හින්දා මම ගේම් එකෙන් අවුට් වුනා අපරාදේ යකෝ කොච්චර කට්ටක් කාලාද ඕයි අන්තිම level එකට ආවේ "

ජන්කූක් ෆයිල් එක ටේබල් එක උඩින් තියලා එයාගේ චෙයාමන් ශීට් එකේ වාඩිවුනා

" ඔෆිස් එන්නේ ගේම් ගහන්න ද කොටියෝ "

ජන්කූක් අනිත් පැත්තට ඇහුවා ටේහ්‍යුන් කකුල් දෙකත් බිමට දැම්මා

" ඇත්ත වශයෙන්ම පැවසුවොත් ඔව් "

ටේහ්‍යුන් එහෙම කියලා නැගිටලා ගියේ ජන්කූක්ගේ කෑගැහිල්ල මැද්දේ ටේහ්‍යුන් කා එකට නැග්ගේ ක්ලබ් එක පැත්තේ යන්න කියලා හිතාගෙන මොකද කොල්ලාට කාලෙකින් ඒ පැත්තේ ගිහින් එන්න බැරි වුනා

Colour light එක කා එක නවත්තපු කොල්ලා වටපිට බලනකොට දැක්කේ එහා පැත්ත කා එකට වෙලා ඉන්න ඊයේ එයාට මරන බිය ඇති කරපු කෙල්ලව ටේහ්‍යුන් sunglass දෙකත් ගලවලා ශටර් එකත් පහත් කරලා කෙල්ල දිහා බැලුවා

" හේයි බේබි.."

ටේහ්‍යුන්ගේ කටහඬ ඇහුනු ගමන් කෙල්ල ගැස්සිලා ගියා ටේහ්‍යුන්ව දැක්ක ගමන් කෙල්ල එයාව අදුරගත්තා

" හේයි හැන්සම් "

කෙල්ල අත වනලා හිනා වුනා ගාඩ්ස්ලා ෆුල් කම්ෆියුස් කෙල්ල ලේසියෙන් කෙනෙක් එක්ක හොදින් කතා කරන කෙනෙක් නෙවෙයි විශේෂයෙන් කොල්ලෙක් එක්ක

" මිස් ප්ලීස් බහින්න නම් එපා "

කෙල්ල කා එකෙන් බහින්න හදන නිසා ගාඩ් කෙනෙක් එහෙම කිව්වේ ජීසූගේ හිතුවක්කාර වැඩ නිසා තමන්ගේ බෙල්ල ගහලා යන බව ගාඩ්ස්ලා දන්නවා ඒක නිසා කවුරුවත් ජීසූගේ ගාඩ් එකට යන්න කැමති නැ කෙල්ලට පිටින් වැඩ කරන්නත් බැ ජනාධිපතිතුමාගේ අනට අකීකරු වෙන්නත් බැ ඉතින් ජීසූගේ ගාඩ් එකට යන අය ගිරයට අහුවුනු ඇපල් ගෙඩිය වගේ

" තමුසෙලා කා එක අරගෙන පස්සෙන් එනවා මම යනවා "

ජීසූ එහෙම කියලා මහ පාර මැද කා එකෙක් බැහැලා ඇවිත් ටේහ්‍යුන්ගේ කා එකට නැග්ගේ කොල්ලා ඇස් හීනි කරගෙන බලාගෙන ඉදිද්දී

මේකි යකෝ ජනාධිපතිගේ දුව කියලා ද දන්නේ නැ හිතාගෙන ඉන්නේ මේකිට ගියපු රට...

ටේහ්‍යුන් හිතුවේ පැසෙන්ජර් ශීට් එකේ වාඩිවෙලා කොන්ඩේ හදන කෙල්ල දිහා බලාගෙන

" වේ හැන්සම් අපි යමු "

Colour light එක green වුනු නිසා කොල්ලා drive කරන්න පටන් ගත්තා

" තමුසේ කොහොමද මෙහෙම අනුන්ගේ car ඇතුලට කඩාගෙන පනින්නේ "

" උප්ස්....එතකොට මේ car එක ඔයාගේ නෙවෙයි ද"

කෙල්ල ඇස් ලොකු කරගෙන ඇහුවා ටේහ්‍යුන්ට හිතුනේ කෙල්ලගේ ඔලුවට දෙකත් අනින්න

" අයිෂ්.....තමුසේ.. "

ටේහ්‍යුන් කා එක පාරේ අයිනේ නැවත්තලා කෙල්ලගේ පැත්තට හැරුනා

" තමුසේ මම කවුද කියලා හරියට නොදැන දැක්ක පලියට දුවගෙන ඇවිත් කා එකට නගින එක හරි ද අනික තමුසේ කෙල්ලෙක් නේද මම මොන වගේ මිනිහෙක් ද කියලා දන්නවා ද "

ටේහ්‍යුන් ටිකක් සද්දෙන් කෑගහලා අහද්දී කෙල්ලගේ මූන වෙනස් වුනා කියලා ද හිතුවේ පිස්සු ද මිතුර කෙල්ල තාමත් හිනා වෙවී ටේහ්‍යුන් දිහා බලාගෙන ඉන්නවා කොල්ලා කම්ෆියුස් ඉතින් බනිද්දී කවුද හිනා වෙන්නේ

" තමුසෙට සයිකෝ ද ඕයි "

" කැමති නම් එහෙම හිතාගන්න මිස්ටර් හැන්සම් "

ටේහ්‍යුන් ඔලුව දෙපැත්තට වනලා ටිකක් සන්සුන් වුනා

",දැන් තමුසේ කොහේ යන්න හිතාගෙන ද නැග්ගේ "

" heaven "

කෙල්ල තොලත් හපාගෙන ඇහැක් ගහලා කිව්වේ කොල්ලාට හිතුනේ මේ කෙල්ල එක්ක තව ටික වෙලාවක් හිටියොත් නහරයක් පුපුරලා මැරෙයි කියලා

" ඉස්සරහ ශොපින් මෝල් එක ලගින් drop කරන්න "

කෙල්ල කිව්වාම ටේහ්‍යුන් ආපහු drive කරන්න පටන් ගත්තා

" තමුසෙගේ නම මොකද්ද "

Car එක පුරා පැතිරී තිබුණු නිහඩතාවය බිද දමමින් ටේහ්‍යුන් ඇහුවා

" ජීසූ.."

ශටර් එකෙන් එලිය බලාගෙන ඉදපු කෙල්ල ටේහ්‍යුන්ගේ පැත්තට හැරිලා කිව්වේ පුංචි හිනාවක් දෙතොලතර රදවගෙන

" එතකොට මිස්ටර් හැන්සම්ගේ නම "

" කිම් ටේහ්‍යුන් "

කොල්ලා එහෙම කියලා කා එක නැවැත්තුවා ජීසූ ඇහිබමක් උස්සලා ඇයි කියලා අහද්දී කොල්ලා පෙන්නුවේ ශොපින් මෝල් එක කෙල්ල ශොපින් මෝල් එක දිහා බලලා ටේහ්‍යුන් දිහා බලලා හිනා වුනා

" ඕහ්.."

කෙල්ල එහෙම කියලා කා එකෙන් බැහැලා ශොපින් මෝල් එක ඇතුලට යන දිහා ටේහ්‍යුන් බලාගෙන ඉදියේ කට කොනින් හිනා වෙන ගමන්

" උදව්වක් කලාම ස්තූති කරන්න දන්නේ නැද්ද "

ටේහ්‍යුන් එහෙම මුමුනලා කා එක ස්ටාර්ට් කරන්න ගියත් කවුරුහරි ඇවිත් ශටර් එකට තට්ටු කරපු නිසා කොල්ලා ශටර් එක පහත් කලා

" කුමාවෝ ටේටේ "

ජීසූ එහෙම කියලා ටේහ්‍යුන්ට හිනාවකින් සංග්‍රහ කරලා දුවලා ගියේ කොල්ලා අතින් කොන්ඩේ අවුල් කරගනිද්දී ටේහ්‍යුන් ක්ලබ් එක පැත්තට drive කරගෙන ගියා

__________________________

" යූරා පෙරේදා cancel කරපු meeting එක හෙට දාන්න ඕන documents ටික මට mail කරන්න ක්ලයන්ට්ලාට inform කරන්න meeting එක ටිකක් දවල් වෙලා දාන්න "

යූරා..... අපු වෙලාවේ ඉදන් යූරා එක්ක කියවනවා ඉවරයක් නැ මහ ලොකුවට ආවේ කොහොමද මගේ සනා බේබි බලන්න ආවේ සෙද්ද තමයි මම පැත්තක යූරා එක්ක කියවලා එයි නේ මගේ ලගට ගහනවා පයින් විසි වෙලා ගිහින් පාරට වැටෙන්න එදා මට ඕකිගේ මූන කට රොටියක් වෙන්න නෙලන්න බැරි වුනා නේ

සනා ඇදේ headboard එකට හේත්තු වෙලා යූරාට දත කට පූට්ටු වෙන්න නෙලන්න බැරි වුනු එක ගැන 199999999 වතාවටත් පසුතැවෙන ගමන් හිටියේ ජන්කූක් අද කලින් ආවෙත් සනාව බලන්න වුනත් කොල්ලා ආපු වෙලාවේ ඉදලා යූරා එක්ක කෝල් එකක ඒක නිසා සනාට කේන්ති ගිහින් ඉන්නේ කෙල්ල කටත් ඇද කර කර යූරාට බනිනවා

(යූරා කියන්නේ ජන්කූක් secretary)

කෝල් එක ඉවර වෙලා සනා දිහා බලපු කොල්ලා දැක්කේ තමන්ට රවාගෙන ඉන්න කෙල්ලව

" වොෂ් එකක් දාගෙන එන්නම් ම්ම් "

කොල්ලා එහෙම කියලා බාත් රූම් එකට යද්දී සනා රවලා අහක බලාගත්තා ඇදේ කොනේ තිබුණු ජන්කූක්ගේ ෆෝන් එක අරගත්ත කෙල්ල යූරාට කෝල් කලේ කන් දෙකේ ඇගිලි ගහගන්න කියනවා කියලා හිතාගෙන ජන්කූක් බාත් රූම් එකේ හින්දා කෙල්ල බැල්කනියට ගියා

බැල්කනියේ අත් වැටට අතක් තියාගෙන කෙල්ල හිටියේ යූරා කෝල් එක ආන්සර් කරනකම් ටිකකින් යූරා කෝල් එක ආන්සර් කලා

" ජන්කූක්..."

යූරා එහෙම කතා කලාම සනාට තවත් කේන්ති ගියා බැල්කනියේ අත්වැට තද කරලා අල්ලගත්තා

" ජන්කූක් නෙවෙයි එයාගේ වයිෆ් ජන්කූක් කියන්නේ තමුසේ බොස් එයාට නම කියලා කතා කරන්නේ මොන අයිතියකට ද ඔෆිස් එකේ දේවල් ඔෆිස් එකේ දී කරගන්නවා එයා ගෙදර ආවාට පස්සේ කෝල් කරන්නේ ආපහු තමුසේ කෝල් කරලා තිබුනොත් මම තමුසේ ගැන බලාගන්නම් "

කෙල්ල යූරාට වචනයක්වත් කියන්න නොදී කෝල් එක කට් කරලා අනිත් පැත්ත හැරෙනකොට ජන්කූක් බැල්කනියේ දොරට හේත්තු වෙලා අත් දෙක බැදගෙන කෙල්ල දිහා බලාගෙන ඉන්නවා කොල්ලා හිටියේ ඉනට ටවල් එක ඇදගෙන සනා බැල්කනියේ අත් වැටට හේත්තු වෙලා බිම බලාගත්තා ජන්කූක් කෙල්ලගේ දෙපැත්තට අත් දෙක තියලා සනාගේ නිකටෙන් අල්ලලා ඉස්සුවා

" සනා බේබි...... ඔච්චර තරහ ගන්න එපා "

කොල්ලා කිව්වේ සනාගේ කම්බුලක් අතින් පිරිමදින ගමන්

" කුක්කෝ... මාව දාලා යන්නේ නැ නේද "

සනා ඇහුවේ ජන්කූක්ගේ ඇස් දිහා බලාගෙන කොල්ලා ටික වෙලාවක් සනා දිහා බලාගෙන ඉදලා කෙල්ලගේ නලලට සොෆ්ට් කිස් එකක් දුන්නා

",ඔයාව දාලා යන්න ඕන නම් මෙච්චර දුරක් එනවද ම්ම් සනා නැතුව ජන්කූක්ට පැවැත්මකුත් නැ විකාර ප්‍රශ්න අහන්න එපා සනා ඔයාව දාලා ගිහින් කොහොමද මම ඉන්නේ ඔෆිස් ගියත් කොයිවෙලේ ද මේ කෝලම බලන්න එන්නේ කියලා මම හිත හිතා ඉන්නවා "

කොල්ලා කිව්වාම සනා ජන්කූක්ගේ නිරුවත් පපුවට තුරුල් වෙලා ඇස් දෙකත් පියාගත්තා

" ඉතින් මාත් එක්ක කතා නොකර අර ඔෆිස් එකේ  ඉන්නේ උඩැක්කිය එක්ක මොකටද කතා කර කර හිටියේ "

සනා කොල්ලාගේ පපුව උඩින් නිකට තියාගෙන ජන්කූක් දිහා බලාගෙන ඇහුවා

" ඒක ඔෆිස් එකේ වැඩක් බබා "

" ඔෆිස් එකේ වැඩක් නම් ඔෆිස් එකේ දී කරන්න තිබුනා නේ "

" ඉතින් සනා බේබි බලන්න තිබුණු හදිස්සියට මට ඒක යූරාට කියන්න අමතක වුනා "

" යූරා....?"

කෙල්ල ඇහිබමක් උස්සගෙන ඇහුවා

" වැරදුනා මිස් යූරා "

" ආන් ඒ බය තියාගන්න "

" සනා...."

සූයාගේ කටහඬ ඇහෙද්දී ජන්කූක් සනාව එක්කගෙන රූම් එකට ආවා

" ආ...ජන්කූක් ඉන්න එක හොදයි මට ඔයාගේ සනා බේබිගේ හපන්කම් ගැන කියන්න තියෙනවා "

සූයා එහෙම කියද්දී ජන්කූක් සනා දිහා බැලුවේ ඒ ගමන මොකද්ද කරපු පන්ඩිත වැඩේ කියලා කල්පනා කරන ගමන් සනා නම් මුකුත් නොදන්න අත දරුවෙක් වගේ ඉන්නවා

" මොකද්ද නූනා කරලා තියෙන්නේ "

ජන්කූක් අහනකොට සනා සූයාගේ අතේ තිබුණු පලතුරු ප්ලේට් එකත් අරගෙන ඇදට ගිහින් වාඩිවුනා

" ඊයේ ගෙනාපු අයිස්ක්‍රීම් එක ඔක්කොම කාලා ඒ මදිවට යුංගිගේ කොට්ටේත් හංගලා ඒ පූස් තඩියා මාව කන්න හදනවා "

" මොහ්....සනා බේබි කොහෙද යුංගි හියුන්ග්ගේ කොට්ටේ හැංගුවේ "

" කිචන් එකේ බිස්කට් දාන කබඩ් එක ඇතුලේ "

සනා පොඩි බබෙක් වගේ කිව්වා

" මම යන්නම් කුකී මේ පන්ඩිත හැල්මොනී ගැන බලන්න "

සූයා එහෙම කියලා ගියා ජන්කූක් සනාගේ පැත්තට හැරුනා කෙල්ල පලතුරු කනවා කොල්ලා සනාගේ කකුල් දෙක උකුලට අරගත්තා

" දග වැඩ කරන්න එපා කියලා නේද මම ගියේ "

" යුංගි ඔප්පා මගේ අයිස්ක්‍රීම් එක හංගපු නිසා මම යුංගි ඔප්පාගේ කොට්ටේ හැංගුවේ "

සනා තොලත් පිට පෙරලගෙන කිව්වා ජන්කූක්ට ඉස්සරහට බබාලා දෙන්නෙක් බලාගන්නේ කොහොමද කියලා කොල්ලා කල්පනා කලේ

" යුංගි හියුන්ග් ඔයාගේ හොදට නේ බබා කියන්නේ ඔයා අයිස්ක්‍රීම් වැඩියෙන් කාලා අසනීප වුනොත් "

" හරි ආපහු එහෙම කරන්නේ නැ "

කෙල්ල ඔහොම කිව්වාට ඊලග වතාවේ කරන්නේ ඔක්කොටම උන ගැනෙන වැඩක් කියලා ජන්කූක් අත්දැකීමෙන් දන්නවා

" ආපහු කලොත් ලොකු පනිශ්මන්ට් එකක්දෙනවා "

ජන්කූක් කොච්චර පනිශ් කරනවා කියලා කිව්වත් කොල්ලා පනිශ් කරන්නේ නැ කියලා සනා දන්න නිසා කෙල්ලගේ පන්ඩිත වැඩ වල ඉවරයකුත් නැ සනා ඔලුව වැනුවා කොල්ලා සනාගේ පලතුරු ප්ලේට් එකේ තිබුණු ඇපල් කෑල්ලකුත් අරගෙන ක්ලෝසෙට් එකට ගියා

To be continue....................

Vote , comment කරන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top