Chapter 01 😌

💠 𝘈𝘍𝘛𝘌𝘙 𝘖𝘕𝘌 𝘠𝘌𝘈𝘙

සනා බේබි......."

" ජොන් ජන්කූක්..... තමුසේ මාත් එක්ක වචනයක්වත් කතා කරන්න එපා "

සනා එහෙම කියාගෙන ගියේ බැල්කනියට කොල්ලාත් සනාගේ පස්සෙන් ගිහින් කෙල්ලව බැක් හග් කලා

" මාව අතහරිනවා මෝඩ හාවා..."

සනා දගලලා කිව්වත් ජන්කූක් අතහැරියේ නැ

" බේබි... ඔයා ඉන්න තත්ත්වය එක්ක තරහ ගන්න හොද නැ "

එහෙම කියද්දී තමයි සනා ටිකක් හරි සන්සුන් වෙලා ජන්කූක් දිහාට හැරුණේ සනාගේ ඉන වටේ එතුනු ජන්කූක්ගේ අත් ටිකක් ලිහිල් වුනා

" තමුසෙට මොනාහරි වුනා නම් ආ..... මට මොකද වෙන්නේ ආ තමුසේ ලේ පෙරාගෙන ආවාම මට මොනවා හිතෙන්න ඇද්ද මම කලින්ම කිව්වා තුවාල කරගන්න එපා කියලා මම කියන කිසිදෙයක් ගනන් ගන්නේ නැ මොක්..."

සනා ඉතුරු ටික කියන්න කලින් ජන්කූක් සනාගේ තොල් වලට පෙක් එකක් දුන්නා

" මම හොදින් සනා බේබි.. බය වෙන්න එපා මට මුකුත් වෙන්නේ නැ කෝ දැන් අඩන්න එපා "

ජන්කූක් එහෙම කියලා කම්බුල් දිගේ ගලන කදුලු බිදු මහපටගිල්ලෙන් පිසදැම්මා සනා ජන්කූක්ගේ ශර්ට් එකේ උඩ බොත්තම් තුන ගලවලා කොල්ලාගේ තුවාල වුනු උරහිස දිහා දුකින් බලාගෙන ඉන්නවා

" ඒක පොඩි තුවාලයක් බේබි ලොකු දෙයක් නෙවෙයි "

" තමුසේ මගෙන් මුකුත් නාහ කටවහගෙන ඉන්නවා ද හොද පොඩි.... මැහුම් අටක් දාන්නේ තුවාලේ පොඩි වැඩි හින්දා වෙන්න ඇති "

ජන්කූක්ට හිනා ගියේ කෙල්ල කට ඇද කර කර කතා කරන විදියට

" රිදෙනවා ද "

ටික වෙලාවක් නිහඩව හිටපු සනා ඇහුවා කොල්ලා නම් හිටියේ සනාගේ දිලිසෙන ඇස් දිහා බලාගෙන

" ම්ම්ම්...."

සනා ඇගිලි තුඩු වලින් පොඩ්ඩක් ඉස්සිලා ජන්කූක්ගේ උරහිස හරියට කිස් එකක් දුන්නා

" දැන් නම් රිදෙන්නේ නැ වගේ...තව කිස් එකක් මෙතනට දෙන්න බැරී ද එතකොට හොදටම හොද වෙයි "

ජන්කූක් දබරගිල්ලෙන් තොල පෙන්නලා කිව්වාම සනා ඇහිබම අකුලගෙන කටත් ඇද කරගෙන ජන්කූක් දිහා බලාගෙන ඉන්නකොට කොල්ලා සනාව පපුවට තුරුල් කරගෙන ඔලුව අතගෑවා කෙල්ලත් ජන්කූක්ගේ ඉන වටේ අත් දෙක ඔතාගත්තා

" මගේ සනා බේබි...."

ජන්කූක් එහෙම කියලා සනාගේ හිස් මුදුනට හාදුවක් තැවරුවා

" කුක්කෝ..."

" හ්ම්ම්..."

" ටේහ්‍යුන් කෝ..."

මේ වෙනකොට ටේහ්‍යුන් කොන්ඩේ අතින් හදන ගමන් කොල්ලා ආවේ ජන්කූක් දීපු මිශන් එකත් සාර්ථකව අවසන් කරලා ගැම්මෙන් හැබැයි කොල්ලාගේ ගැම්ම ලෙෆ්ට් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැ

කොහෙදෝ ඉදලා දුවගෙන ආපු කෙල්ලෙක් ටේහ්‍යුන්ගේ ඇගේ එල්ලුනේ කොල්ලා කම්ෆියුස් උන්ගා බුන්ගා වෙද්දී

" හේයි....චේබල් හෙල්ප් මී.."

කෙල්ල වටපිට බලන ගමන් කලබලයෙන් කිව්වා ටේහ්‍යුන් නම් ඉන්නේ තාම මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඊලග තත්පරේ ටේහ්‍යුන්ගේ අතේ තිබුණු car එකේ key එක උදුරලා ගත්ත කෙල්ල ටේහ්‍යුන් කා එක ඇතුලට තල්ලු කරලා driving seat එකේ වාඩි වුනා ටේහ්‍යුන් තාම කල්පනා කරනවා මොකද්ද මේ වෙන්නේ කියලා කෙල්ල වාහනේ drive කරන්න පටන් ගත්තාම ජීවිතේ පලවෙනි වතාවට කොල්ලාට මරන බිය කියන එක හොදටම දැනුනා

ට්‍රැෆික් එක අස්සේ බයිසිකලේක යනවා වගේ වාහන අස්සෙන් දාගෙන කෙල්ල drive කරගෙන යනවා

" තමුසෙට මැරෙන්න ඕන වෙලා ද ආ "

" අනියා ජීවත් වෙන්න "

කෙල්ල කියපු දේට ටේහ්‍යුන් ඔලුවේ අත ගහ ගත්තේ මෙහෙම ගිහින් ජීවත් වෙන්න ලැබුනොත් ඒකත් ලොකු දෙයක් කියලා හිතන ගමන්

" තමුසේ දන්නවද මම කවුද කියලා "

ටේහ්‍යුන් ඇහුවේ එවිල් ස්මයිල් එක දාගෙන කිව්වා

" වේ...කවුද අගහරු ජීවියෙක් ද "

කෙල්ල ඇස් දෙක බෝල කරගෙන අහද්දී ටේහ්‍යුන්ට මතක් වුනේ තමන්ට පිටසක්වලයා කියලා විහිලු කරන තමන්ගේ සෝල්මේට් කෑල්ල වන පාර්ක් ජිමින්ව කෙල්ල එකපාරට ස්පීඩ් වැඩි කරපු නිසා ටේහ්‍යුන් පිටිපස්ස බැලුවේ කලු පාට කැබ් රථ කිහිපයක් පස්සෙන් පන්නනවා කෙල්ල Side mirror එකෙන් බලන ගමන් drive කරගෙන ගියා

" උන් මොකද තමුසෙගේ පස්සෙන් පන්නන්නේ "

ටේහ්‍යුන් එහෙම ඇහුවේ පිටිපස්සෙන් එන්නේ ජනාධිපති ආරක්ෂක කැබ් රථ නිසා ඒත් කෙල්ල මුකුත් නොකියා එකපාරට අතුරු පාරකට දැම්මේ පිටිපස්සෙන් පන්නපු අයට කෙල්ලව මග ඇරෙද්දී කෙල්ල කා එක නවත්තලා ඇස් පියාගෙන හුස්මක් ගත්තේ ඇති යාන්තම් කියලා හිතන ගමන්

" දැන් කියනවා තමුසේ කවුද "

ටේහ්‍යුන් කිව්වේ කා එකෙන් බැහැලා කෙල්ලගේ පැත්තේ දොර ඇරලා

" මම හිතන්නේ නැ තමුසෙට ඒක වැදගත් කියලා එනිවේ මට කරපු උදව්වට කුමාවෝ "

කෙල්ල එහෙම කියලා ටේහ්‍යුන් පිටිපස්සට තල්ලු කරලා කා එකෙන් බැස්සා

" තමුසේ......"

කොල්ලාට එච්චරයි කියන්න ලැබුනේ මොකද එයාගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා ටේහ්‍යුන් ෆෝන් එක අරගෙන කවුද කතා කරන්නේ කියලා බලලා ආපහු ඔලුව උස්සනකොට ටේහ්‍යුන්ට ඇහැක් ගහලා කෙල්ල දුවලා ගියා

" උබ කොහෙද යකෝ ඉන්නේ "

ටේහ්‍යුන් කෝල් කලේ ජන්කූක්

" වේ...."

" mansion එක ලගපාත නෙවෙයි නේ ඉන්නේ හිටියත් කමක් නැ ගිහින් fish cake එකක් අරගෙන වරෙන් "

" මේ රෑ කොහෙන් fish cake හොයන්නද් '

" හොයාගන්න නැත්නම් හදාගෙන හරි වරෙන් සනා මෙතන අඩනවා '

" උබට හොද වැඩේ මම කොහෙන් හරි හොයාගෙන එන්නම් "

' බනානා මිල්ක් ශේක් එකකුත් අරගෙන වරෙන් "

' ඒකත් සනාට ද '

" ඔව් බන් සනාට තමයි "

" හරි මම අරගෙන එන්නම් "

ටේහ්‍යුන් එහෙම කියලා ෆෝන් එක සාක්කුවට දාගෙන හුස්මක් පහත දැම්මා

" දැන් ඉතින් fish cake හොයපන්කෝ "

ටේහ්‍යුන් තමන්ටම මුමුනන ගත්තා
..
.
.
.
.
.
ටේහ්‍යුන් මුලු සෝල් ටවුන් එකේ ම ඇවිදලා කොහොමහරි fish cake එකක් බනානා මිල්ක් ශේක් හොයාගෙන mansion එකට එනකොට පාන්දර 2.00 ත් පහුවෙලා ටේහ්‍යුන් කෙලින්ම ගියේ ජන්කූක්ගේ රූම් එක පැත්තට දොර භාගෙට ඇරලා තිබුණු නිසා ටේහ්‍යුන් ඔලුව දාලා බැලුවා

සනා නම් හොදටම නිදි ජන්කූක් කෙල්ලගේ ඔලුව අතගානවා

", ඕයි...."

ටේහ්‍යුන් කතා කරපු පාර ගැස්සිලා ගියපු ජන්කූක් ටේහ්‍යුන්ට රවලා ආපහු සනා දිහා බැලුවේ ඇහැරිලා ද කියලා බලන්න කෙල්ල පුංචි බබෙක් වගේ නිදි.... ජන්කූක් ටේහ්‍යුන්ට යන්න කියලා අතින් සන් කරලා සනාට බෙඩ්ශීට් එකත් පොරවලා සනාගේ හිස් මුදුනට කිස් එකක් තවරලා යන්න ගියා

ජන්කූක් යනකොට ටේහ්‍යුන් ගෙනාපු fish cake banana milkshake එකක් තියාගෙන ඉන්නවා ජන්කූක්ව දැක්ක ගමන් ටේහ්‍යුන් දැම්මේ මරාගෙන මැරෙන සයිස් එකේ බැල්මක්

" යකෝ ඔහොම බලන්න එපා සනාට නින්ද ගියා ඉතින් මම කරදර කරන්න ගියෙත් නැ '

ජන්කූක් කිව්වේ ටේහ්‍යුන් ඉස්සරහින් වාඩිවෙන ගමන්

", උබ දන්නවා ද මම fish cake හොයන්න සෝල් වටේම ගියා අන්තිමේ දී රෙස්ටූරන්ට් වහන්න ගිය මනුස්සයාට පිස්ටල් එක පෙන්නලා බය කරලා ඔය අරගෙන ආවේ ඒ මිනිහා හිතන්න ඇති මට පිස්සු කියලා "

ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් හිනා වුනා

" මොකද උබ හිනා වෙන්නේ උබ වගේමයි ඔය ලැබෙන්න පොඩි එකාත් ඒකා මේ ලෝකෙට එන්න කලින් ඉදලාම මට වද දෙනෝ...."

ඔව් ඔව් සනා pregnant වෙලා මාස තුනක් ජන්කූක් කෙල්ලව හරි පරිස්සමට බලාගන්නවා කෙල්ල ඉල්ලන ඕන දෙයක් මොන ලෝකෙන් හරි ජන්කූක් හොයලා ගෙනත් දෙනවා

" මගේ පොඩි එකා මම වගේ වෙන්නේ නැතුව උබ වගේ වෙන්නද.."

" ඔය පොඩි එකා ආපු දවසට මේ mansion එකේ වාසය කරන අපි වගේ අහිංසක ජිවීන්ට යන්න තැනක් හොයාගන්න වෙයි "

ටේහ්‍යුන් කිව්වාම ජන්කූක් හිනා වුනා

" සනා නැගිට්ටොත් මාව හොයාගෙන එයි ඒක නිසා මම යනෝ "

ජන්කූක් එහෙම කියලා නැගිට්ටා

" යකෝ එතකොට මෙච්චර කට්ටක් කාලා fish cake උස්සගෙන ආවේ මොන සෙද්දක් කරන්න ද "

" ඕක උබ කාපන් බනානා මිල්ක් ශේක් එක විතරක් තියපන් "

ජන්කූක් එහෙම කියලා නැගිටලා ගියා ටේහ්‍යුන් fish cake එක ජැකීට දීලා බනානා මිල්ක් ශේක් එක ෆ්‍රිජ් එකට දාලා ගිහින් වොෂ් එකක් දාගෙන ඇදට පැන්නේ නිදාගන්න එතකොට කොල්ලාට එක පාරට මතක් වුනේ එයාව පෙරලගෙන කා එකට නැගපු කෙල්ලව ටේහ්‍යුන් කට කොනින් හිනා වෙලා ඇස් පියාගත්තා

.
Next Day Morning

සනා උදේ නැගිටිනකොට ජන්කූක් ලග හිටියේ නැ කෙල්ල ඇදේ headboard එකට හේත්තු වෙලා ඇස් රූම් එක වටේ යැව්වේ ජන්කූක් කොහෙද කියලා කොල්ලා නැති නිසා සනා ඇදෙන් බහින්න ගියේ එතකොට තමයි ජන්කූක් රූම් එකට ආවේ

" යාහ්හ් සනා බේබි කොහෙද යන්න හදන්නේ "

ජන්කූක් රවාගෙන කෙල්ලගෙන් අහද්දී සනා ඇස් හීනි කරලා බැලුවා

" ගුඩ් මෝනින් බබෝ.."

ජන්කූක් සනාගේ කුසට කිස් එකක් දීලා කිව්වා

" ජොන් ජන්කූක් මම තමුසේ එක්ක තරහයි.."

සනා රවලා කිව්වා

" වේ...."

" තමුසේ මට ආදරේ නැ මෙයාට විතරයි ආදරේ "

සනා එයාගේ බඩට අත තියලා කිව්වාම ජන්කූක් හිනා වෙලා කෙල්ලගේ කම්බුලට කිස් එකක් දුන්නා සනා කට ඇද කරලා ඇදෙන් නැගිට්ටා

" යාහ්හ් සනා බේබි කොහෙද යන්නේ "

" වොෂ් රූම් එකට "

" යන් මං එක්ක "

ජන්කූක් එහෙම කියලා කෙල්ලව එක්කගෙන වොෂ් රූම් එකට ගිහින් සනාව සෝදලා ඇදුමක් ඇන්දුවා සනා pregnant වුනු දවසේ ඉදන් ජන්කූක් කෙල්ලව බලාගත්තේ පොඩි දරුවෙක් වගේ

ජන්කූක් සනාව එක්කගෙන ඇවිත් dinning table එකෙන් වාඩිවුනා ජින්ගේ බබාට දැන් අවුරුද්දක් වෙනවා පුංචි කෙල්ල ජින්ට දෙන්න පුලුවන් ඔක්කොම දස වද ටික දෙනවා යුංගිගේ බබාට මාස පහක් වෙනවා යුංගිට ඉන්නේ පුතෙක් අපරාදේ කියන්න බැ කොල්ලා බැලුවොත් ඇත්නම් නිදි සූයාට කිසි කරදරයක් නැ යුංගිගේ පුතාගේ නම යුන්සෝ...

" යාහ්හ් ජියා... මේ කෙල්ල මගේ කම්බුල කනවා "

ජින් එකපාරට උච්ච ස්වරයෙන් කෑගැහුවාම යුංගිගේ අතේ නිදාගෙන හිටපු යුන්සෝ ඇහැරිලා අඩන්න පටන් ගත්තා

" හියුන්ග් පොඩ්ඩක් හිමින් කට අරින්න බැරි ද මට නිදාගන්න දුන්නෙත් නැ මගේ පොඩි එකාට නිදාගන්න දෙන්නෙත් නැ "

යුංගි ජින්ට බනින ගමන් යුන්සෝව වඩාගෙන රූම් එකට ගියා ටේහ්‍යුන් නැගිටලා ඔලුව කස කස ආවේ ඔය අවස්ථාවේ දී සනාට ජන්කූක් කවනවා නැත්නම් සනා ලේසියෙන් කන්නේ නැ කියලා දන්න නිසා

" සනා..."

Dinning table එකේ සනා ඉස්සරහින් වාඩිවුනු ටේහ්‍යුන් කෙල්ලට කතා කලා

" වේ...."

" මහ රෑ නැගිටලා කන්න දේවල් ඉල්ලන්න එපා හලෝ මට තමයි මහ රෑට සෝල් වටේම ඇවිදින්න වෙන්නේ බලනවා රෑ ඇවිදලා මම නිකන් සොම්බියෙක් වගේ වෙලා "

ටේහ්‍යුන් සනාට කෑගහලා කිව්වා

" උබ මහ රෑට කොහෙවත් යන්නේ නැති එකා පලයන් යන්න පිටසක්වලයා තෝ ක්ලබ් එකේ කෙල්ලෝ එක්ක නටලා නටලා එන්නේ පාන්දර නේ සනා ඔය කෑගහන්නේ ඔයාට කෑම ගේන්න ගියාම මූට ක්ලබ් යන්න බැ නේ "

ජිමින් එහෙම කියාගෙන ඇවිත් සනාගේ ලගින් වාඩිවුනා

" එහෙම නෙවෙයි යකෝ මම කන්න අරගෙන එනකොට මේකි නිදි...මේ පොඩි එකා ජන්කූක්ට වඩා හපන් "

ටේහ්‍යුන් කිව්වේ ජන්කූක්ගේ පොඩි එකා එයාට දෙන දස වද මැවිලා පෙනෙද්දී ජන්කූක් මුකුත් නොකියා සනාට කවනවා

" ටේ ඔප්පා මට ස්ට්‍රෝබෙරි ඕනි "

සනා කිව්වේ ඇස් දෙකත් හුරතල් විදියට හදාගෙන යටි තොලත් පිට පෙරලගෙන ඔක්කොම හිනා වෙන්න ගත්තා ජන්කූක් හිනාව කාගෙන හිටියේ කෙල්ලගේ වැඩ වලට

" සනා බේබි මේක කන්න "

" එපා මට ස්ට්‍රෝබෙරි ඕනි "

ජන්කූක් අතට ගහලා කෙල්ල කියද්දී ටේහ්‍යුන් මරන්න අරගෙන හරකෙක් වගේ සනා දිහා බලාගෙන හිටියේ

" ටේ දැන් හංගපු තැනකින් ස්ට්‍රෝබෙරි ගෙනත් දිපන් "

ජන්කූක් කිව්වා

" උබට කටවහගෙන ඉන්න තිබුනා පිටසක්වලයෝ "

ජිමින් හිනා වෙවී කිව්වා

" මට ස්ට්‍රෝබෙරි ඕනි එච්චරයි "

" මොකද සනා කෑගහන්නේ "

සනාගේ කෑගහනවා ඇහුනු නිසා ආපු හෝසොක් ඇහුවා

" හොබී ඔප්පේ ටේ ඔප්පා මට ස්ට්‍රෝබෙරි ගෙනත් දෙන්නේ නැ "

" ටේ මේ කෙල්ලට ස්ට්‍රෝබෙරි ගෙනත් දීපන් නැත්නම් ඉතින් දන්නවා නේ '

හෝසොක් කිව්වේ එයාට අතීතයේ සිදු වූ සිදුවීමක් සිහිපත් කරමින්

" හිටපන් මම ස්ට්‍රෝබෙරි ගෙනත් දෙන්න "

ටේහ්‍යුන් එහෙම කියලා නහය උඩට අදින ගමන් ෆ්‍රිජ් එක ලගට ගියා කොල්ලාට භාගෙට ඇඩිලා තියෙන්නේ ටේහ්‍යුන් ෆ්‍රිජ් එකේ හංගලා තිබුණු ස්ට්‍රෝබෙරි ටික ගෙනැල්ලා සනාට දුන්නා

කෙල්ල ස්ට්‍රෝබෙරි ගෙඩියක් කාලා ඉවර වුනා විතරයි නැගිටලා වොෂ් රූම් එකට දිව්වා කෙල්ලගේ පස්සෙන් ජන්කූක් ගියා කෙල්ල vomit කරනවා ජන්කූක් කෙල්ලගේ පිට අතගාලා මූනත් සෝදලා රූම් එකට ඇවිත් ඇදෙන් ඉන්දුවා

" මට දැන් යන්න වෙනවා අද important meeting එකක් තියෙනවා මම ඉක්මනට එන්නම් හොද සනා බේබි වගේ පන්ඩිත වැඩ නොකර ජියා නූනා එක්ක ඉන්න ඕන තනියෙන් කොහෙවත් යන්න එපා මොනාහරි ඕන වුනොත් මට කෝල් එකක් දෙන්න අරස්සෝ...?"

ජන්කූක් කෙල්ලගේ ඔලුව අතගාලා කිව්වාම සනා හා කියන්න ඔලුව වැනුවා ජන්කූක් කෙල්ලගේ තොල් වලට පෙක් එකක් දීලා ගියා

To be continue..........

මෙච්චර කාලයක් revenge season 02 එනකම් බලාගෙන හිටියා නේ පොඩ්ඩක් පරක්කු වුනා ඉතින් මියානේ ලමයි ඒකට

ඔයාලාගේ අදහස් කියාගෙන යන්න

Bạn đang đọc truyện trên: AzTruyen.Top