☘︎.04
ටේහ්‍යුන් කොස්ටරිකාවලට ආපු දවසට පහුවදා ඉදන් ට්‍රැවල් කරන්න යන්න හිටියත් ටේහ්‍යුන්ට මහන්සි කිව්ව නිසා ජිමින් ඔක්කොම දේවල් කල් දැම්මා.කලින් වගේම ජිමින් එක්ක රණ්ඩු කරලා,විහිලු කරලා හිටියා වුනත් ටේහ්‍යුන් මොනවා හරි දෙයක් නොකියා හිතේ හිර කරන් ඉන්නවා කියන එක නම් ජිමින්ට ගොඩක් දැනුනා.
ෆ්ලයිට් එකේදි මුන ගැහුනු ඒ සුන්දර රූපය කොච්චර අමතක කරන්න හැදුවත් ඒ දේ කරන්න ටේහ්‍යුන් හිත පොඩ්ඩක්වත් එකග වුනේ නැහැ.අහම්බෙන් හම්බුනු කෙනෙක් , එක වචනෙකින්වත් ඇදුරුම්කමක් නැති කෙනෙක් ගැන හිත හිත තමන් මෙහෙම දුක් වෙන්නෙ ඇයි කියන එක ගැන ටේහ්‍යුන්ට පොඩ්ඩක්වත් තේරුමක් තිබුනෙ නැහැ.
කොච්චර සතුටින් මේ ගමන ආවත්, කිසිම තැනක ඇවිදලා බලන්න,විනෝද වෙන්න එක බිංදුවකවත් ආසාවක් දැන් නොතිබුනත්, තමන් නිසා ජිමින්ගේ සතුටත් නැති වෙනවා කියලා හිතුනු නිසා ටේහ්‍යුන් ජිමින් එක්ක ඇවිදින්න යන්න එකග වුනා.
පහුවදා උදේම ඒ දෙන්නා පිටත් වුනේ සැන් ජෝස් නගරේ සුන්දරත්වය විදින්න පිටත් වුනා.කා එකක් තිබුනා වුනත් දෙන්නටම ඕනේ වුනේ පයින් යන්න.
ඉස්සෙල්ලම සැන් ජෝස්වල හදවත වගේ වුනු මෙට්‍රොපොලිටානේ ලා සබානා පාර්ක් එකට.ඒකේ තිබුනු කියුරියෝස් වගේම එතන තිබුනු ස්ටාඩියම් එකේ ගේම්ස්,ස්පෝට්ස් රසවිදපු ඒ දෙන්නා ඊට පස්සේ පිටත් වුනේ MADC ආර්ට් මියුසියම් එකට.

(Parque Metropolitano La Sabana)
MADC මියුසියම් එකේ තිබුනු ඇමරිකානු සම්බවයක් ගත්තු විවිදාකාරයේ ආර්ට්ස් ක්‍රාෆ්ට්ස් රසවිදපු ටේයි ජිමිනුයි එතනින් මර්ච්ස් ටිකකුත් ගත්තේ මතක සටහනක් විදිහට.


(MDAC - Museo
De
Arte Y Disero
Contemporaneo )
කොස්ටරිකාවල නැශනල් මියුසියම් එකෙත් ඇවිදලා ඒ කොස්‍ටරිකානු සංස්කෘතියේ ලස්සන විද ගත්තු යාලුවෝ දෙන්නට දවල් වෙද්දි කෙලින් හිට ගන්නවත් පනක් තිබ්බේ නැහැ.
සැන් ජෝස්වල ප්‍රධාන රෙස්ටුරන්ට් එකක් වුනු ටින් ජෝ ඒශියන් රෙස්ටුරන්ට් එකට ගියපු ටේයි ජිමිනුයි ඇවිදලා ඇවිදලා ඇතිවුනු මහන්සිය නැති වෙනකන්ම කෑවා.



(Tin Jo Asian Restaurant & Foods in San Jose', Costa Rica )
(A/N: Pinterest එකේ ෆොටෝ අස්සේ ඕතරයා හූල්ලලම මැරුනා.🙂💔)
"යා ටේ අපරාදේනේ පයින් ආවේ.අපිට කා එකේ එන්න තිබ්බේ"ජිමින් කිව්වේ රෙස්ටුරන්ට් එකේ වට පිටාව දිහා බලන ගමන්.
"ඔව් ජිමිනා.මගේ කකුල් දෙක ගෙවිලා වගේ"ටේට කාලා වැඩිවෙලා මහන්සියටත් එක්ක ඈනුමකුත් ගියා.
"ටේ අපි ඩිවර්ශන්ස් එකට ගිහින් කෙලින්ම ගෙදර යමු.මට ඉතුරු තැන් ටික හෙට."
"ඕකේ ජිමිනා.බිල් එක පේ කරලා යමු"
බිල් එක ගෙවලා ටේයි ජිමිනුයි කෙලින්ම ගියේ (A/N: කෙලින්ම කිව්වට වංගු තිබුනා ඈ😂💔) ඩිවර්ශන්ස් පාර්ක් එකට.


(Parque Diversiones San Jose', Costa Rica - An amusement park)
කොච්චර මහන්සියක් තිබ්බත් පාර්ක් එකට ආපු හැටියෙම දෙන්නටම මහන්සිය අමතක වුනා.පොඩි ළමයි දෙන්නෙක් වගේ අමියුස්මන්ට් පාර්ක් එකේ තිබුනු රෝලර් කෝස්ටර් එකේ වගේම ක්‍රේමියම් ශේකර් එකේ විනෝද වුනු දෙන්නා මහන්සිය වැඩි නිසාම ගිහින් බෙන්ච් එකක වාඩිවුනා.
"ටේ අතන අයිස්ක්‍රීම් ශොප් එකක් තියෙනවා.මන් අයිස්ක්‍රීම්ස් අරන් එන්නම්"
"එතන් දිග කිඋ එකක් තියෙනවනේ ජිමිනා"
"ඒකට කමක් නෑ.අනිත් ශොප් එක තියෙන්නේ ගොඩක් ඈත.මේ ළග තියෙන එකෙන් ගමු.ඔයා ඔතනම ඉන්න.මන් අරන් එන්නම්."
"ඕකේ මට ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්"
"ආපෝ ස්ට්‍රොබෙරි පෙරේතයා."
"අනේ ජිමිනො"
"හරි හරි ගේන්නම්.කොහෙවත් නොයා ඉන්නවා ඈ.ඔයාව මේ සෙනග ගොඩේ නැතිවුනොත් එහෙම ඔයාගෙ කෑල්ලක්වත් හොයන්න වෙන්නේ නෑ."
"ඒ මොකෝ?"
"මෙතන ඉන්න ඔක්කොම කෙල්ලො ටික ඔයාව කෑලිවලට බෙදලා අරන් යයි"
"යා ජිමිනි" ටේහ්‍යුන් ජිමින්ට ගහන්න පනිද්දි ටේහ්‍යුන්ට දිව දික් කරපු ජිමින් ඉක්මනට අයිස් ක්‍රීම් ශොප් එක ළගට දුවගෙන ගියා.
"මේකව නම් හදන්න බෑ"ටේහ්‍යුන් හිනා වෙවී බෙන්ච් එක ළගට ගිහින් වාඩිවුනා.
ෆෝන් එක අරන් ට්විටර් ඉන්ස්ටවල උඩ පහළ ගියපු ටේහ්‍යුන් සැරින් සැරේ ජිමින් ඉන්න දිහා බැලුවත් ජිමින් පෝලිමේ අඩියක්වත් ඉස්සරහට යන බවක් නම් පෙනුනේ නැහැ.
"හාආආආආආආ" ෆෝන් එක සාක්කුවට දා ගත්තු ටේ දිග ඈනුමක් ඇරලා වටපිට බැලුවා.
පාර්ක් එකේ පොඩි ළමයි සෙල්ලම් කරන දිහා බලාගෙන හිනා වුනු ටේහ්‍යුන්ට තමන්ගේ එහා පැත්තේ බෙන්ච් එකේ ඉන්න කෙනා දැක්කහම හුස්ම හිරවෙන්න ආවා.
"එ-ඒ එයා නේද?"
.................................................................
ආවෝ ගියෝ.
කාවද ටේ දකින්න ඇත්තේ.?😏
නෑ නෑ ඔයාලා හිතන කෙනා නෙමේ😌😌😌
මැදින් ඇඩ් දැම්මට සොරි.මට කට කහනවා වගේ ගතියක් ආවා🙂💔.ඔහ් සොරි කට නෙමේ අත🙂😂💔
කතාව බෝරින් නේත?☹️💔 හෙන අවුල් අප්පා.මටත් හිතුනා.☹️💔
මේ මන් ආපහු බදාදයින් පස්සේ එන්නම්. මගෙ announcement එක දකින්න ඇතිනේ.නැත්තන් බලන්න.
අලුත් වන්ශොට් එකත් අරම්ම එල්ලම්😌😌😌❤️
ඒනම් බායි....
Stay safe ya'll
LYSM
~Fayetta~ (Amusement park එකේ පදුරක් පිටුපස සැගවී😌😂😂😂😂😂😂😂😂😂💔)
Bạn đang đọc truyện trên: AzTruyen.Top