🎅01🎅

" හත්තිලව්වේ... මේ සීයේ නැගිටපන්... උඹ මලොත් මාත් ගස්..."

ජිමින් එහෙම කිය කිය තවත් උත්සාහ කලා...

" මේකා නැගිටින්නෑ නේ... මොකද කරන්නේ..."

කෘතිම ස්වසනය දෙන්න ජිමින්ට මතක් උනේ එතකොට...එයා නත්තල් සීයගෙ වෙස්මූණ ගලවල අයින් කරන්න හදන්නෙ...

" කෙහෙල්මල් වෙස් මූණකුත් දාගෙන..."

තනියම බැන බැන ඒ මනුස්සය ලග වාඩි වෙලා වෙස්මූණ ගලවපු ජිමින්ට දැකගන්න පුලුවන් වෙච්ච දේ නිසා ජිමින්ට දෙවියන්වහන්සේ සිහිවුනා...

" දෙයියනේ... මෙච්චර දුරක් මං අරන් ඇවිත් තියෙන්නෙ කෙල්ලෙක්වද? "

ජිමින්ට හීන් දාඩිය දැම්ම...

🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁

නත්තල ගෙවී ගිහින් මධ්‍යම රාත්‍රි දොළහ පසු වේගෙන එද්දි සෝල් නගරයම අධික ශීතලකින් වෙලාගෙන තිබුන... මහා මාර්ගය උනත් රෑ බෝවී තිබුන නිසා වාහන තදබදයෙ යම් අවම වීමක් දක්නට ලැබුනා... ජිමින් කියන්නෙ බයික් එක ටිකක් වේගයෙන් පදවන්න කැමති තරුණයෙක්... ඉතින් ඔහු ඒ සදහා තෝරගන්න මේ වෙලාව තමා...වෙඩි උණ්ඩයක් වගේ වේගයෙන් ධාවනය කරන්න ඔහුට අධික හිම පතනය බාධාවක් උනේ නෑ...

දුර තියාම දකින අමුතු සිදුවීමක් නිසා ජිමින් බයික් එකේ වේගය බාල කරනවා...

" මොකක්ද අතන වෙන්නේ...?"

තමන්ටම කියාගත්ත ජිමින් ඒ දෙසට ලං වෙලා බලද්දි පාලම ලග කීප දෙනෙක් පොලු මුගුරු අරගෙන නත්තල් සීයෙක් ට පහරදෙන ආකාරය දැකගන්න පුලුවන් උනා...

" ඒයි...එ..ඒයි... නවත්තනව ඕක... ඔය මිනිහ මැරෙයි... තොපිලට පිස්සුද..."

යහමින් මදුවිතින් සප්පායම් උන පිරිස ජිමින් ගෙ ඇගට ගොඩ වෙන්න ආව...

" මහා..ත්තයා... යන අතක යනෝද අපිට පව් නොදී...ආ.....ව මෙතන..."

" ඔව්..ඔව්... පල පල යන්න... ඕන්නැති මගුලක් නෑ..."

ඒත් ජිමින්ට නං එතනින් යන්න හිතක් නෑ..

වට පිට බලපු ජිමින්...

"  මං පොලීසියට කෝල් කරනව... බලන් ඉදපන්... තොපිට මොකද වෙන්නෙ කියලා..."

කලබලයට පත් උන පහරදෙන්නන් නත්තල් සීයාව ඔසවලා පාලමෙන් පහලට දැම්ම.. ඒක වලක්වන්න වත් ජිමින්ට කාලයක් ලැබුනෙ නෑ... බයික් එකත් පෙරලගෙන බිම පතබෑවුන ජිමින් එහෙම ම දුවගෙන ගියේ පාලම ලගට...

" ඒයි නැවතියන්..."

ඒ වෙනකොටත් පහර දුන් අය පලා ගිහින්...පාලමෙන් එබුන ජිමින්ට දැකගන්න පුලුවන් උනේ ගිලෙන්න ආසන්නව වතුරෙ දගලන සැන්ටව...

" දෙයියෝ...ඔහොම ඉදපන් නත්තල් සීයේ... මං එනවා..."

මිනිත්තුවක් ගතවීමටත් කලින්  මොහොතක්වත් නොහිතපු ජිමින් වතුරට පැන්නා... පිහිනීමට ශූරයෙකු වූ ජිමින් දිය යට කිමිදෙමින් ගොස් නත්තල් සීයා කරතියාගෙන ගොඩට පීනුවා... නත්තල් සීයට නං ගොඩ එනකොටත් සිහිය නෑ...

" ඒ... නැගිටපන්... කවුද බං උඹ? "

ජිමින් බිම පෙරලපු නත්තල් සීයගෙ මූණට තට්ටු කර කර ඇහුවා...

කිසිම හැල හොල්මනක් නැති සැන්ටගෙ සිරුර ජිමින්ගෙ හිතේ තිගැස්මක් ඇති කලා...

" මොකද කරන්නේ... හොස්පිට්ල් අරන් යනවද... ඔම්මා... මේ වෙලාවෙ මේ වගේ එකෙක් හොස්පිටල් අරන් ගියොත් මට පොලිසි ගානේ ලගින්න වෙයි..."

කලබල උන ජිමින් නත්තල් සීයා ඔසවල බයික් එක උඩින් තියල පටියකින් තමන්ගෙ සිරුරට තියල ගැටගහගත්ත...

" ගෙදර එක්ක යනවා... හොස්පිට්ල් ගෙනියනවට වඩා ඒක ලේසී..."

තනියම සිතමින් ධාවනය කල ජිමින් දෙතුන් වතාවක් හැරී බැලුව...

" බය නැතුව ඉදපන්.. මං උඹව කොහොම හරි බේරගන්නවා..."

🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄🎄

හායි ගායිස්...

ඔයාලට අපිඩේට් දෙන්නත් බැරි උනා කාලෙකින්...

Christmas gift එකක් දෙන්න කියල බැලුවේ... kim_yun_jee මේ ගිෆ්ට් එක ඔයාට මගෙන්... Christmas එකට...
මෙයා මාව හරියට හීනෙන් දකිනවලු... ඒ නිසා නත්තල් තෑග්ගක් දෙනවා..🤣🎁🎅🎄

Bạn đang đọc truyện trên: AzTruyen.Top