Chapter 9
Author's pov.
ජින් සෝල් වලට ඇවිත් එයාලා හැමෝම ඉන්න අපාට්මන්ට් එකට ආවා.කලින් දවසේ නිදා ගන්න ලැබුනේ නැති නිසාත්,තිබුන ගමන් මහන්සිය නිසාමත් ජින් එයාගේ ගෙදර නොයා එදා දවස සෝල් වලම ඉන්න තීරණය කරා.
එයාට ඕනි වුණා හැමෝගෙන්ම ඈත් වෙලා තනියම ඉන්න.එයාට ඕනි වුණා මේ ප්‍රශ්නෙට උත්තරයක් තමන් තුළින්ම හොයාගන්න......
ඒ වුණාට අසනීපෙන් ඉන්න කොට ජන්ග්කුක්ව දාලා ආපු එක ගැන එයාගේ අයියා විදිහට ජින්ගේ හිතේ ලොකු බරක් තිබුණා.අනිත් මෙම්බර්ස්ලා එයාව බලාගනියි කියලා ජින් විශ්වාස කරා.
දවල් වෙනකොට ජන්ග්කුක්ගේ අසනීප ගතිය ටිකක් අඩු වුණත් එයාගේ හිත,දරුණුම විදිහට අසනීප වෙලා තිබුණා.එයා ගතින් කොච්චර ශක්තිමත් වුණත් මේ වෙලාවේ එයාගේ හිතට දැනුණු දුක දරාගන්න එයාට අමාරු වුණා.ජන්ග්කුක් කෑගහලා ඇඬුවා.එයාගේ ජින් හ්‍යුන්ග්ව ඉල්ලලා එයා හයියෙන් කෑගහලා ඇඬුවා.
ඒත්.....අන්තිමට ජින් කියලා ගියපු වචන මතක් කරගෙන එයා කාලයට ඉඩ දීලා බලන් ඉන්න තීරණය කරා.....
ඒත් එයා ගොඩක් මානසිකව වැටිලා හිටියා.
මෙම්බර්ස්ලා හැමෝම ජන්ග්කුක්ව ආදරෙන් බලා ගත්තා;විශේෂයෙන් ම ජිමින්.ජන්ග්කුක් දුක් වෙනවා බලන් ඉන්න එක ජිමින්ට ගොඩක් අමාරු වුණා.ජන්ග්කුක් අඬනකොට ජිමින්ට,ජින් එයාව දාලා ගියපු එක ගැන ලොකු කේන්තියක් ආවා.ඒත් එයා ජින් ඉන්න තත්වෙ ගැනත් හිතුවා.ජින් ඉක්මනට ම එයත් කුක්ට ආදරෙයි කියලා තේරුම් ගනියි කියලා ජිමින් විශ්වාස කරා.
ජිමින් නිතරම ජන්ග්කුක් ළගින්ම ඉඳලා එයාව සැනසුවා.
ජින්,ජිමින්ට කතා කරලා ජන්ග්කුක්ගේ තත්වේ ගැන අහලා බැලුවා.එයා බලාපොරොත්තු වුණා ජිමින් එයාට බනියි කියලා.ඒත් ජිමින් එහෙම කරේ නැහැ.
ඒ වෙනුවට එයා ජන්ග්කුක් ගැන හිතන්න කියලා ඉල්ලීමක් කරා.ජිමින්ගේ කටහඬේ තිබුණ වේදනාව ජින්ට තේරුම් ගන්න එච්චර අමාරු වුණේ නැහැ.ජිමින් එයාට බැන්නා නම් හොඳයි කියලා ජින්ට එක මොහොතකට හිතුණා.
එයා නිසා අනිත් අය දුක් විඳිනවා බලන්න ජින් කොහෙත්ම කැමති නැහැ.
එයාට තමන් ගැනම කලකිරීමක් දැනෙන කොට කාත් කවුරුත් නැතුව ජින් තනියම ඇඬුවා.
කන්න බොන්න වත් ගානක් නැතුව ජින් ඔහේ ඇඳට වෙලා හිටියා.ටික වෙලාවකට නින්ද ගියත් ජන්ග්කුක්ව හීනෙන් පෙනිලා ආයෙත් නැගිටුනා.
"මම ජන්ග්කුක්ට ආදරෙයිද? සහෝදරයෙක්ට වඩා? "
ජින් තමන්ගෙන් ම ඇහුවා.
ඒකට උත්තර විදිහට ජන්ග්කුක්ගේ මූන,බෝල ඇස්,එයා ළඟදි දැනෙන අමුතුම ආරක්ශාව මතක් වෙලා වෙනදා වගේම ජින්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.එයාගේ කම්මුල් වලට ලේ පිරෙනවා වගේ දැනුණා.
හොඳයි,ජින් කියන විදිහට එයා ජන්ග්කුක්ට ආදරේ නැත්තම් ඇයි එහෙම වෙන්නේ?
සහෝදරයෙක්ට එහා ගිය, ආදරයට කලින් නැවතුන බැඳීමක් ඒ දෙන්නා අතර තියෙනවා කියලා විතරක් ජින් ඒ වෙනකොට තේරුම් අරන් තිබුණා.
මුළු දවසටම හරියට කෑමක් බීමක් අරගෙන හිටපු නැති හින්දා දැනුණු බඩගින්නට රාමෙන් කප් එකක් හදාගෙන කාපු ජින් පොඩි වොශ් එකක් අරගෙන නිදාගන්න හැදුවා.ඒත් නින්ද අහළකවත් නැති වෙනකොට ජින් එයාගේ රූම් එකෙන් එළියට ඇවිත් ජන්ග්කුක්ගේ රූම් එකට ගියා.ඒ රූම් එක ඇත්තටම අපිළිවෙලයි.ජින් අපිළිවෙලට ඉන්න පොඩ්ඩක්වත් ආසා නැහැ.ඒත් ජන්ග්කුක්ගේ අපිළිවෙල රූම් එක දැකලා ඉබේම එයාගේ මූනට හිනාවක් ආවා.
"මේ කොල්ලා කොහොම මේක අස්සේ ඉන්නවද මන්දා...."
ජින් තමන්ටම කියා ගන්න ගමන් ජන්ග්කුක්ගේ රූම් එක අස් කරන්න ගත්තා.
"එයා වැඩි හරියක් ඉන්නේ මගෙ රූම් එකේනේ.ඉතින් එයාට මේක අපායක් වුණත් කමක් නැහැ."
ජින් කඳුලු අතරින් හිනාවෙලා කිව්වා.
අස් කරන කොට ජින්ට,කවර් එකට එයාගෙයි ජන්ග්කුක්ගෙයි ලස්සන ෆොටෝ එකක් තියෙන පොතක් හම්බුණා.
ඒක දකින කොට ජින්ගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.
ඒ පොත ඇතුළේ එයාලා දෙන්නා පළවෙනියට ම මුනගැහුනු දවසේ ඉඳන් ජේජු යන්න කලින් දවස වෙනකම් ම ඒ දෙන්නගේ හැම මෙමරි එකක් ම ජන්ග්කුක්ගේ අත් අකුරින් ම ලියලා තිබුණා.ලස්සන කවි,සින්දු වගේ දේවල් ලියලා තිබුණා.ඒ දෙන්නා එකට සතුටින් හිනා වෙලා ඉන්න ෆොටෝස් ගොඩාක් අලවලා තිබුණා.ජින් ළඟවත් නැති එයාගේ ෆොටෝස් ජන්ග්කුක් ඒ පොතේ අලවලා තියෙනවා ජින් දැක්කා.
ඒ පොතේ හැම පිටුවකම ,
"Jin hyungie is my everything "
කියලා ලියලා තිබුණා.
"ඔයා මට මෙච්චරටම ආදරේ කරාද කුකී?"
ජින්ගේ ඇස් වලින් කඳුලු ගලාගෙන යනකොට එයාගේ කටින් පිටවුණා.
ජින් ඒ පොත අරගෙන එයාගේ රූම් එකට ඇවිත් ඇඳේ ගුලි වුණා.
ඒ පොතේ මුල් පිටු ටික කියවන් යද්දි එයාලගේ චුටි කාලේ මතක එක පෙළට ජින්ගේ ඔලුවට එනකොට එයා කඳුලු අතරින් ම ලස්සනට හිනා වුණා.
ජින්ට අද ගොඩක් මහන්සියි.එයාට තවත් අඬන්න ශක්තියක් තිබුණේ නැහැ.ඒ නිසා පොතේ මුල් පිටු කිහිපය විතරක් කියවලා එයා පොත කියවන එක නතර කරා.
එයා නිදා ගන්න හැදුවා.ඒත් අද නිදාගන්නකොට ජන්ග්කුක් එයා ළඟ නැහැ.
ජින් කොච්චර බැන්නත්, අකැමතියි කියලා පෙන්නන්න හැදුවත් ඇත්තටම ජන්ග්කුක් එයා ළඟ නිදා ගන්න එකට ජින් කොච්චර කැමතිද කියලා අද තේරුම් ගත්තා.ජන්ග්කුක්ගේ ලොකු උණුසුම් අත් එයාට ගොඩාක් මතක් වුණා.
~ඒ වගේම එයා ජන්ග්කුක්ට කොච්චර ආදරේද කියලත් තේරුම් ගනීවි ඉක්මනටම......
පහුවදා ජින් එයාගේ ඔම්මලාගේ ගෙදර ගියා.එහෙදි ජින්ට ජන්ග්කුක්ව අමතක වෙයි කියලා හිතුවට හැම මොහොතකදීම එයාට ජන්ග්කුක්ව මතක් වුණා.ඒ මූන එයාට මැවිලා පෙනුණා.ඒ කටහඬ නිතරම එයාට ඇහුණා.
ජින් ඒ කාලේ ඇතුළත අනිත් මෙම්බර්ස්ලා එක්ක කතා කරේ නැහැ.
එක දවසක් යුන්ගි ජින්ට කෝල් කරා.
"හ්‍යුන්ග්,ඔයාට කොහොමද? මං හිතනවා ඔයා හොඳින් නෙවෙයි ඉන්නේ කියලා."
'ම-ම මම හොඳින් යුන්ගියා'
"හ්‍යුන්ග්,ඔයා ඔයාවම රවට්ට ගන්න එක නතර කරන්න.පොඩ්ඩකට ඔයාගේ හදවත කියන දේ අහන්න හ්‍යුන්ග්....
ලෝකෙ ගැන,හරි වැරැද්ද ගැන හිතන්න කලින් මුලින් ම තමන්ගේ සතුට ගැන හිතලා ඉන්න හ්‍යුන්ග්"
'හ්ම්ම්...'
ජින් ලොකු සුසුමක් හෙලුවා.යුන්ගි තවත් මොකුත් කියයි කියලා ජින් බලාපොරොත්තු වුණත් එයා ආයේ මොනවත් කිව්වේ නැහැ.
ඒ වෙනකොටත් ෆෝන් කෝල් එක ඉවර වෙලා තිබුණා.
'ඇත්තටම මගේ සතුට තියෙන්නේ කොහෙද?'
ජින් එයාගෙන්ම ඇහුවත් ආපිටට එයාට උත්තරයක් ලැබුනේ නැහැ.
<>
බෝයි බෑන්ඩ් එකේ නිවාඩුව ඉවර වෙලා හැමෝම ආයෙත් එයාලගේ අපාට්මන්ට් එකට ආවා ආයෙත් වැඩ පටන් ගන්න.
පහු ගිය සති දෙක පුරාවට ජින් එයාගේ හැඟීම් එක්ක තරඟ කරන කොට අනිත් පැත්තෙන් ජන්ග්කුක් නරකම විදිහට ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙලා හිටියා.
බෑන්ඩ් එකේ වැඩ සාමාන්‍ය විදිහට වුණත් ජන්ග්කුක්ගේ හැසිරීම අසාමාන්‍ය විදිහට වෙනස් වුණා.එයා ජින් දිහා හැරිලවත් බැලුවේ නැහැ;ජින්ව මඟඇරියා.ඒත් එයා ජින් ඉස්සරහම අනිත් මෙම්බර්ස්ලා එක්ක සාමාන්‍ය විදිහට හිනා වෙලා හිටියා,බොරුවට රණ්ඩු කරා.වෙනදට ජින් එක්ක කරන හැමදෙයක්ම එයාලා එක්ක කරා.
ජන්ග්කුක්ගේ මේ හැසිරීම ජින්ට ලොකු දුකක් වගේම පළවෙනි පාරට ඉරිසියාවක් ගෙනාවා.
~ඔව් ඇත්තටම ජින්ට ඉරිසියා හිතුණා.
ඒ හැම මොහොතකම එයාගේ හදවත බිඳිලා යනවා වගේ එයාට දැනුණා.
ජන්ග්කුක් ජිමින්,ටේහ්‍යොන්ග් එක්ක හැමදාම හවසට බයික් පදින්න පුරුදු වෙලා හිටියා.කම්පැනි එකට අහුවෙන්න ගියපු හැමවතාවකම එයාලා මොකක් හරි බොරුවක් කියලා ඒකෙන් බේරුණා.
බයික් පැදලා ඉවර වෙලා අපාට්මන්ට් එකට ඇවිත් ජන්ග්කුක් ඇල්කොහොල් ගත්තා.කාටවත් එයාව නවත්තන්නත් බැරි වුණා.ජින්ට ඕනි වුණා ජන්ග්කුක්ට කතා කරන්න.ඒත් ඒකට ජන්ග්කුක් අවස්ථාවක් දුන්නෙම නැහැ.
ජන්ග්කුක්ගේ මේ හැසිරීම දිහා බලාගෙන වේදනා විඳපු ජින් හැමදාම රෑට ජන්ග්කුක්ගේ පොත ආයෙත් ආයෙත් කියෙව්වා.
එක දවසක ජින් ඇරෙන්න අනිත් හැමෝම ප්‍රැක්ටිස් ඉවර වෙලා අපාට්මන්ට් එකට ගිහින් තිබුණා.ජින් තවත් අමතර පැය දෙකක් ඉල්ලගෙන එයාලගේ choreographer එක්ක එයාට අමාරු කොටස් තවත් ප්‍රැක්ටිස් කරමින් හිටියා.ඉස්සර නම් ජින් එක්ක ජන්ග්කුක් හැමදාම මේ වගේ එක්ස්ට්‍රා සෙශන්ස් වලදි එයා එක්කම හිටියා.ඒත් දැන් තත්වෙ වෙනස්.
ජින් ප්‍රැක්ටිස් කරනකොට එයාට ජිමින්ගෙන් කෝල් එකක් ආවා.අමාරුවෙන් හුස්ම ගන්න ගමන් එයා කෝල් එකට උත්තර දුන්නා.
'කියන්න ජිමිනා'
"හ්‍යු-න්ග් මට පො-රො-න්දු වෙන්-න ම-ම දැන් කියන දේ අහ-ලා කලබල වෙන්-නෑ කිය-ලා"
'ඇයි ජිමිනා මොකද්ද වෙලා තියෙන්නේ?'
"හ්‍යු-න්ග් ජ-න්ග්කු-ක් "
ජිමින් එතනින් එහාට මොකුත් නොකියා හයියෙන් හුස්ම ගත්තා.
'ජන්ග්-කුක්ට මො-කද වුනේ කියනවා...ඇ-යි ඇයි කතා කරන්නැත්තේ?
මගෙ කු-කීට මොකද වෙලා තියෙ-න්නේ?'
"හ්‍යුන්-ග් එ-යා එයා ඇ-ක්සි-ඩන්ට් වුණා...."
****
A/N- Author's pov එකකින් ලිව්වේ මට මේ වගේ වෙලාවකදි එයාලට දැනෙන හැඟීම් ලියාගන්න එක අමාරු නිසා,එයාලට දැනෙන දුක ලේසියෙන් කියාගන්න බැරි හින්දා.අනිත් එක ජින්,ජන්ග්කුක් දෙන්නවම කවර් වෙන විදිහට ලියන්න ඕනි වුනා මේ චැප්ටර් එක.
writing style එක වෙනස් නිසා ඔයාලට අපහසුවක් වුණා නම් සමාවෙන්න!
Bạn đang đọc truyện trên: AzTruyen.Top