Chapter 8
Jin's pov.
"හ්‍යුන්ගී,මම ඔයාට ආදරෙයි!"
ජන්ග්කුක් මගෙ ඇස් දිහා කෙලින් ම බලාගෙන කිව්වා.
මෙච්චර කල් මම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු දේම මගෙ ඇස් ඉස්සරහා වෙනකොට හොලවන්නවත් බැරි තරමට මගේ ඇග ගල් ගැහිලා වගේ මට දැනුණා.
ජන්ග්කුක් නැවිලා මගේ ලිප්ස් පෙක් කරද්දි මගේ කොන්ද දිගේ හිරියක් ගලාගෙන ගියා.මගේ ඇස් වලින් කදුලු බිංදු එක දෙක වැටෙනකොට ජන්ග්කුක් එයාගේ මහපට ඇගිල්ලෙන් ඒවා පිහලාදැම්මා.මොකුත්ම කරකියා ගන්න බැරිව මම ඔහේ බිම බලගෙන හිටියා.
"හ්‍යුන්ග් ම-"
'ඇ-ති....ජන්ග්කුක්...මො-කුත්-ම කිය-න්න එ-පා ඔයා...
මේ-ක වෙන්-න බැහැ....ඒ-ක වැරදියි...
නෝ.....'
මට කියාගන්න පුලුවන් වුනේ එච්චරයි.ජන්ග්කුක් මට තවත් මොනවදෝ කියනකොට මම ඒවා අහන්නැතුව එතනින් දුවගෙන ආවා.
මුලු ලෝකෙම මගේ වටේ කැරකෙද්දි මම එකම තැන නැවතිලා වගේ මට දැනුණා.හදවත එළියට පනින්න තරම් වේගයකින් ගැහෙද්දි මම මගේ රූම් එකට ඇවිත් දොරවහගෙන එතනම බිම වාඩිවුණා.
'මම දැන් මොකද්ද කරන්න ඕනි?....මේ හැමදේම හීනයක් වෙනවා නම්.....'
දනහිස් පපුවට ළංකරගෙන මම මගේ ඔලුව ඒ අස්සේ හංගන් හොදටම ඇඩුවා.මේ වෙලාවේ මට කරන්න පුලුවන් එච්චරයි.....
<>
සීතල ටයිල් පොළොවේ මට එහෙම්ම නින්ද ගිහින් තිබුණා.නැගිටලා මගෙ ෆෝන් එක හොයාගෙන මම සේජින් හ්‍යුන්ග්ට කෝල් කරා.
'හ්‍යුන්ග්,මට ගෙදර යන්න ඕනේ...'
"හදිස්සියෙම මොකද?මොකුත් ප්‍රශ්නයක්ද ජිනා?"
'නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ.මට ඔම්මාව බලන්න යන්න ඕනෙ හ්‍යුන්ග්.අනික මෙහෙ සීතල වැඩියි.'
"හරි ඔයා කියනවනම් මම හෙට උදේට තියෙන ෆ්ලයිට් එකක් බුක් කරන්නම්."
හ්‍යුන්ග් තවත් මොකුත් හරස් ප්‍රශ්න අහන්නැතුව මට උදව් කරපු එක මට ලොකු සහනයක් වුණා.
අද දවසේ දෙවනි වතාවටත් බබ්ල් බාත් එකේ පැයක් විතර ඉදලා මට ඇති වෙනකම් අඩලා එළියට ආවා.
මම ඔම්මටත් කෝල් කරලා නිදාගන්න යනකොට ජිමින් ඇවිත් මට කතා කරා.
"ජින් හ්‍යුන්ග්,ජන්ග්කුක් ඔයත් එක්ක නෙවෙයිද හිටියේ? එයා නෑ නේ"
'එයා මාත් එක්ක නෙවෙයි හිටියේ ජිමිනා.මම දන්නැහැ එයා ඉන්න තැනක් ගැන.'
දැන් වෙලාව රෑ 12ට කිට්ටු වෙන්න ළගයි.තාමත් ජන්ග්කුක් හොටෙල් එකට ඇවිත් නැහැ.
~මේ කොල්ලා කොහෙ ගිහින්ද?
මගේ හිත අමුතුම බයකින් පිරිලා ගියා.මොනදේ සිද්ද වුණත් මට එයා ගැන නොහිතා ඉන්න බැහැ.
'පොඩ්ඩක් ඉන්න.මම එන්නම්.'
මම ඉක්මනට ජැකට් එකක් ඇදගෙන ජිමින් එක්කම ජන්ග්කුක්ව හොයන්න එළියට ගියා.
~අනේ එයාට මොකුත් කරදරයක් වෙන්න එපා....
මම හින්දනේ මේ ඔක්කොම.....මගෙ හිත ඇතුළෙන් මම කෑගහලා ඇඩුවා.
"එයාගේ ෆෝන් එකත් ඕෆ් හ්‍යුන්ග්.එළියෙ හොදටම හිම වැටෙනවා.මට බයයි එයා ගැන "
'ක-ලබල වෙ-න්න එපා ජිමිනි...එයාට මො-කුත් වෙන්නැහැ....'
හිම වැටෙන නිසා එළියේ පුදුම තරම් සීතලයි.මම ජිමින් එක්ක බීච් එක දිගේම ඇවිදගෙන ගියා.ඒත් එයා කොහෙවත් නැතිවෙනකොට මගේ කකුල් දෙක පණ නැති වෙලා වගේ මට දැනුණා.
"අපි මැනේජර් කෙනෙක්ටවත් කියමුද හ්‍යුන්ග්?"
'හා...'
ජිමින් මැනේජර් කෙනෙක්ට කෝල් කරන්න යනකොට ම මම දැක්ක දෙයින් මගේ හදවත වේගෙන්,තවත් වේගෙන් ගැහෙන්න ගත්තා.
'ජිමිනා...අ-ර කු-කී......'
ගල් ගැහෙන තරම් සීතලේ ජන්ග්කුක් බෙන්ච් එකකට වෙලා ඉදගෙන හිටියා.අපි ඉක්මනට එයා ළගට දුවගෙන ගියා.
'ජන්ග්කුක්....'
"කුකී....."
එයාගේ මුලු ඇග ම සීතල වෙලා.තොල් වෙවුලනවා.එයා ඇස් ඇරගෙන නෙවෙයි හිටියේ.ඒ වුනාට මූන පුරා ම කදුලු පාරවල් තිබුණා.
"ජි-නී හ්‍යු-න්ග්...."
එයා තොල් අතරින් මුමුනණවා.ඒ ඇහෙන ගානට මගේ කොන්ද දිගේ හිරියක් ගලාගෙන යනවා.
"ජන්ග්කුක් පව් හ්‍යුන්ග්.....මට මේ කොල්ලා ගැන හරිම දුකයි...."
ජිමින් කියනකොට මට මං ගැනම පසුතැවීමක් දැනුණා.
'කු-කී නැ-ගිටින්-නකෝ....'
ජිමින්ටයි මටයි කුකීව උස්සන් යන එක අමාරු වැඩක් නිසා අපි ගාඩ්ස්ලට කතා කරලා එයාලගේ උදව්වෙන් කුකීව හොටෙල් එකට එක්කන් ආවා.
ඒ වෙනකොටත් කුකීට උණ අරන් තිබුණා.අපේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් එයාව චෙක් කරලා බෙහෙත් දුන්නා.
"ජින් මොකුත් ප්‍රශ්නයක් නම් අපිට කතා කරන්න."
'හරි ඩොක්ටර් තැන්ක් යූ! '
අපි ගාඩ්ස්ලටයි,ඩොක්ටර්ටයි ස්තූති කරලා ,ආචාර කරාට පස්සේ එයාලා ගියා.
අන්තිමට කුකීගේ රූම් එකේ ජිමිනායි,මායි කුකීයි විතරක් ඉතුරු වුණා.
"හ්‍යුන්ග්,මට ජන්ග්කුක් ගැන බයයි....
එයා ගොඩාක් අඩනවා හ්‍යුන්ග්.ආයෙත් එයාට මෙහෙම කරදරයක් වෙන්න දෙන්න එපා ප්ලීස්! "
ජිමින් ඇස් වල කදුලු පුරවන් කියන කොට මාව හිරිවැටිලා ගියා.ඒක තර්ජනයක්ද නැත්තම් ඉල්ලීමක්ද කියලා මට හිතාගන්න බැහැ.
ජිමිනුත් දන්නවා ඇති අපි දෙන්නගේ ප්‍රශ්නෙ ගැන....
මට මොකුත් ඒ වෙලාවේ කියාගන්න බැරි වුනා.මම කරේ ඔහේ බිම බලාගෙන නිහඩව අඩපු එක විතරයි.
'ජිමි-නා ඔ-යා දැන් ය-න්න.ගි-හින් නිදා ගන්-න.ම-ම කුකීව බ-ලා ගන්න-ම්.'
'ඔයා බය වෙන්න එපා.
මම කුකීට කරදරයක් වෙන්න ඉඩ තියන්නැහැ.'
මම බොහොම අමාරුවෙන් ජිමින්ව නිදා ගන්න යැව්වා.මං දන්නවා එයාටත් මහන්සි ඇති.ඊටත් වඩා එයාට ගොඩාක් දුක ඇති....
~මට සමාවෙන්න මේ හැමදේකටම!
කවුරුත් නොදන්නවා වුනාට මට දැනෙන්නේ මාව ඇතුළාන්තයෙන්ම පිච්චෙනවා වගේ....
~කුකී.....ඔයා මේ දේවල් තවත් මට අමාරු කරවනවා...
මම කුකීගේ සීතල රෙදි අයින් කරලා අලුත් උණුසුම් ඇදුම් ඇන්දෙව්වා.බෙහෙත් වලට එයාට උණ අඩු වෙලා තිබුණත් එයා තාමත් වෙවුලනවා.මම බ්ලැන්කට්ස් වලින් එයාට හොදට පෙරෙව්වා.තවත් එයාට සීතල ඇතියි කියලා හිතලා මම මගේ රූම් එකට ගිහින් මගේ බ්ලැන්කට්ස් ඔක්කොමත් ඇරගෙන ඇවිත් එයාට පෙරෙව්වා.
එයා තාමත් තොල් අතරින් මගේ නම මුමුණනවා.එයාගේ ඇස් වලින් කදුලු ඔහේ ගලාගෙන යනවා.
'ඔයාව මෙහෙම දකිනකොට හ්‍යුන්ග්ට ගොඩක් අමාරුයි කුකී....ඔයා අඩනවා බලන්න මම පොඩ්ඩක්වත් ආසා නැහැ....
ඔයා මෙහෙම ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි කුකී.....'
මම එයාගේ සිනිදු කොන්ඩෙ අතරින් මගෙ ඇගිලි යවන ගමන් ගොඩාක් කල්පනා කරා.....
~මේ ප්‍රශ්න මගේ ඔලුවට ගොඩාක් බර වැඩියි....
ටික වෙලාවකට පස්සේ එයාට නින්ද ගියා කියලා තේරුනම මමත් එයා ළගින්ම ඔලුව තියාගත්තා.ඒත් නින්ද මගේ ළගට ලේසියෙන් ආවෙ නැහැ.මම කුකීගේ එක අතක් අරගෙන මගේ අත එක්ක පටලවගෙන මගෙ පපුවට ළං කරගෙන හිටියා.මම එහෙම කරේ ඇයි කියන්න මම දන්නැහැ.ඒත් මම ඒක කරා.
කොහොමහරි මට නින්ද ගිහින් තිබුණා.ආයෙත් මට නැගිටුනේ කුකීගේ කෙදිරිගාන සද්දෙ ඇහිලා.මම එයාගේ නලළට අත තියලා බැලුවා.හොදටම රස්නෙයි.උණ කටුව තියලා බලනකොට එයාට ආයෙත් උණ අරගෙන කියලා මට පෙනුණා.
ඩොක්ටර්ට කතා කරලා ආයෙත් කුකීව පෙන්නලා එයාට අමාරුවෙන් බෙහෙත් පෙව්වා.
තාමත් එයාට උණ අඩු වෙලා නැති හින්දා මම එයාට පොරවලා තිබුණ බ්ලැන්කට්ස් ටිකක් අයින් කරලා බාත් රූම් එකට ගිහින් වෙට් ටවල්ස් අරගෙන ඇවිත් එයාගෙ ඇග තෙත මාත්තු කරා.
වෙලාව බලනකොට පාන්දර 5ට කිට්ටු වෙලා තිබුණා.මට දැන් ගෙදර යන්න වෙලාව හරි නිසා මම මගේ රූම් එකට ඇවිත් ඉක්මනට මගේ බඩු පැක් කරලා වොශ් කරගෙන ජිමින්ට ටෙක්ස්ට් එකක් දැම්මා කුකීව බලාගන්න කියලා.මැනේජර්ස්ලට මන් යන එක ගැන කියලා, නම්ජූන්ට නොකියා යන එක හරි නැති හින්දා එයාටත් ටෙක්ස්ට් එකක් දාලා, කුකීව බලපු ඩොක්ටර්ටත් එයා ගැන බලන්න කියලා මම මගේ රූම් එකෙන් එළියට ඇවිත් කුකීගේ රූම් එකට ආවා.
කුකී තද නින්දේ හිටියේ.මට එයාව ඇහැරවන්න උවමනාවක් තිබුනේ නැහැ.මට ඕනි වුනේ එයාව එක පාරක් බලලා යන්න.එයාට ඒ වෙනකොට උණ අඩු වෙලා තිබුණා.
කුකීගේ හා පැටියෙක් වගේ මූන දකින කොට හැමදාමත් වගේ මගේ හිත කියා ගන්න තේරෙන්නේ නැති හැගීම් ගොඩකින් පිරිලා යනවා.
තාමත් වේළිලා ගියපු කදුලු පාරවල් තිබුණ එයාගේ කම්මුල් වලට මම කිස් එකක් දෙනකොට මගේ ඇස් වලින් වැටෙන කදුලු බිංදු ඇවිත් කුකීගේ මූනට වැටුනා.
'හ්‍යුන්ගිට සමාවෙන්න කුකී!....
මට ටික කාලයක් දෙන්න.....'
"හ්‍යු-න්ග් මා-ව දා-ලා යන්-න එ-පා.ප්ලීස්!"
මම එයාගෙ කන ළගට කරලා කියලා එන්න යනකොට එයාගේ අතක් මගේ අතින් තදින් අල්ල ගත්තා.මට යන්න එපා කියලා එයා ඇස් පියාගෙන මිමිණුවා.ඒ ඇස් වලින් කදුලු කැට එක දෙක එයාගේ මූන දිගේ ගලාගෙන ගියා.
~කුකී ඔයා ආයෙත් මට හැමදේම අමාරු කරවනවා....
' මට ටිකක් කල් ඕනි ......ප්ලීස් කුකී....මාව තේරුම් ගන්න....'
මම ඉක්මනින් මගේ අත අරගෙන කදුලු පිහදාගෙන රූම් එකෙන් එළියට ආවේ තවත් එතන හිටියොත් මට මාව පාලනය කරගන්න බැරි වෙන නිසා.
****
A/N- ජින්,කුකීට ආදරෙයි.ඒත් එයා තාම තේරුම් අරන් නැහැ එයාගේ හිතේ තියෙන්නේ මල්ලි කෙනෙක්ට දෙනවට වඩා එහාට ගියපු ආදරයක් කියලා.
ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා....
Bạn đang đọc truyện trên: AzTruyen.Top