Chapter 7
Jin's pov.
'ආහ්හ්ශ්.....ජිනා දැන් ඕක ගැන හිතන්න එපා..... ජන්ග්කුක් කියන්නේ මං ගැන නෙවෙයි.එයා එහෙම කරන්නැහැ.එයාට එහෙම කරන්න බැහැ.මම එයාගේ ලොකු අයියා.....ඉතින් එයා කොහොමත් මට ආදරෙයි.මාත් එයාට ආදරෙයි.මම මොනවද මේ හිතන්නේ?'
බබ්ල් බාත් එකට වෙලා ඉන්නකොට පුදුම තරම් සනීපයක් දැනෙන්නේ.මගේ වටේ තියෙන හැමදෙයක්ම අමතක වෙලා ගිහිල්ලා අමුතුම ලෝකෙකට ගියා වගේ.
මට හැමදාම මෙහෙම ඉන්න තිබ්බා නම්......
'හ්‍යුන්ග්,අපි ලන්ච් ගන්න යන්නේ.ඔයා එන්නැද්ද?'
ටේහ්‍යොන්ග් ලන්ච් ගැන කියන කොට තමයි මට මතක් වුනේ මන් තාම බ්‍රෙක්ෆස්ට් වත් අරගෙන නෑ නේද කියලා.
"මම එන්නම් ටේහ්‍යොන්ගී.ඔයාලා මම එනකම් ඉන්න එපා ගිහින් කන්න"
මම බාත් රූම් එකේ ඉදන්ම කෑගහලා කියලා බාත් ටබ් එකෙන් එළියට ආවා.රැලි වැටිලා තිබුන මගේ ඇගිලි දකිනකොට මම
දැන් පැය දෙකකට කිට්ටු වෙන්න බබ්ල් බාත් එකේ ඉදලා කියලා මට තේරුම් ගියා.
ජන්ග්කුක් උදේ ගෙනාපු කෑම එහෙම්ම නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුනා.
ඒවා සීතල වෙලා කන්න බැහැ දැන්.ඒත් මට ඒවා කන්නෙ නැතුව අයින් කරන්න හිත දුන්නැහැ.ඒකෙන් කන්න පුලුවන් ඒවා අරන් ටිකක් කෑවේ කුකී දැක්කොත් එයාට දුක හිතෙයි කියලා හිතලා.
මට කුකී ඉස්සරහට යන්න ඇත්තටම අපහසුවක් දැනුණා.කුකී කිව්වේ මම ගැන නෙවෙයි කියලා මගෙ හදවත කියනකොට මගේ මොලේ,කුකීගේ ආදරේ මම ම තමයි කියලා කෑගැහුවා.ඒ මොනවා වුනත් මම මගේ හදවත කියන එක පිළිඅරගෙන කුකී ඉස්සරහා සාමාන්‍ය විදිහටම ඉන්නවා කියලා හිතා ගෙන පහළට ගියා.
පහළට යනකොට අනිත් අය එයාල කැමති විදිහට එයාලගේ රෙස්ට් එක ගන්න ගමන් හිටියා.
මම ඩයිනින් ඒරියා එකට ආවට පස්සේ කුකීයි,ජිමිනියි,යුන්ගියයි ඇවිත් මාත් එක්ක ම කෑම බෙදා ගත්තා.
"ඔයාලා කෑවෙ නැද්ද තාම?"
'නෑ හ්‍යුන්ග්.අපි හ්‍යුන්ග් එනකම් හිටියේ.'
"ඕහ්හ්...මට එච්චර ආදරයක්? I'm so touched,Jiminaah!"
මම එහෙම කියලා ජන්ග්කුක්ගේ මූන දිහා බැලුවා.එයා තනියම බිම බලාගෙන හිනා වෙනවා.
වෙනදා වගේම ජන්ග්කුක් මගේ ළගින් වාඩිවුණා.අපි එක එක දේවල් ගැන කතා කර කර,හිනා වෙවී කෑම ගත්තා.මට කුකී ළගදි අපහසුවක් දැනුනත් ඒ බවක් එළියට නොපෙන්වා මම කුකී එක්ක ඉස්සර වගේ සාමාන්‍ය විදිහටම ඉන්න උත්සාහ කරා.එයාගෙත් එහෙම වෙනසක් පේන්න තිබුනේ නැහැ.මම මගේ ප්ලේට් එකේ තිබුණ චිකන් කෑල්ලක් කුකීගේ ප්ලේට් එකට දැම්මා.
අද උදේ මම එයාට සළකපු විදිහ හරි නැති හින්දා මගේ හිතේ වරදකාරි හැගීමක් තිබුණා.ඒ නිසා මට ඕනි වුනේ මගෙන් වුන වැරැද්ද හදාගන්න.
'හ්‍යුන්ග්,හෙම්බිරිස්සාව හොදයිද දැන්?'
"ඔව් කුකී.මම බෙහෙත් බිව්වා උදෙන්ම."
කුකීගේ ඇස් වල කියාගන්න නොතේරෙන හැගීම් ගොඩක් තිබුණා.පහුගිය මාසවල එයාගේ හැසිරීමට වඩා අද එයා වෙනස් කියලා මට තේරුණා.වෙනදට වඩා අද එයා සතුටින් ඉන්නවා දැක්කම මගේ හිතටත් සැනසීමක් දැනුණා.
කුකී කාලා ඉවර වෙලා මගෙ බෙල්ල මසාජ් කරන ගමන් යූන්මින් දෙන්නව ටීස් කර කර හිටියා.වෙනදට වඩා අද කුකී මෙහෙම කරනකොට මට අපහසුවක් දැනුණත් මම ඒක ගණන් නොගෙන එයාලත් එක්ක හිනා වෙවී කාඩ් සෙල්ලම් කරා.
කොහොමහරි අද හවස් වරුවම කුකී මාත් එක්කම හිටියා.වෙලාවකට බොරුවට පොඩි ළමයෙක් වගේ රණ්ඩු වෙනවා.තව වෙලාවකට මට හරිම සපෝටිව්,මං ගැන හොයලා බලනවා. අනිත් මෙම්බර්ස්ලා නොකරන වැඩ එයා කරනකොට ඔච්චර වෙලා හැංගිලා තිබුණ දේ මගේ ඔලුව අස්සෙන් ආයෙත් දෝංකාර දෙන්න ගත්තා.මම ආයෙත් මටම බැනගෙන කලින් විදිහටම ඉන්න උත්සාහ කරා.
<>
හැමෝම හවස වොශ් අරන් ඉවර වෙලා බීච් එකට එකතු වුණේ අපි කාලෙක ඉදලා බලාගෙන හිටපු බාබකියු පාටි එක දාන්න.
මේ වෙලාවෙ එළියෙ කොච්චර සීතල තිබුණත් අපිට ඒක වැදගත් වුනේ නැහැ.කැමරා නැතුව
හත්දෙනාම මේ විදිහට එකතු වෙලා අපේ කාලේ නිදහසේ ගත කරන්න,හිත් අස්සේ හංගන් ඉන්න දේවල්,අදහස් හුවමාරු කරගන්න අපි පුදුම තරම් ආසා කරා.
අපි හැමෝම ගිනි මැලය වටේට ඉදගෙන හිටියා.ජන්ග්කුක් මට හරියටම ඉස්සරහින් ඉදගෙන මගෙ පැත්තට මූන හරවලා හිටියා.
අනිත් හයදෙනාට වඩා හැමවෙලාවකම මගේ අවධානය ජන්ග්කුක්ට ම යන්නෙ ඇයි කියන්න මං දන්නැහැ.අපි කොහේ හිටියත් මගේ ඇස් නිතරම කුකීගේ ඇස් හෙව්වා.
' අපේ පරණ වගේම ඉස්සරහට එන්න තියෙන ලස්සන මතක වලට,මෙච්චර කාලයක් අපේ හාඩ් වර්ක් වලට චියර්ස්!!!'
පරණ මතක අලුත් කරන ගමන් අපි champagne ගත්තා.
'ඔයාලට මතකද ජන්ග්කුකී මුලින් ම සෝල් ආපු දවස? එදා කොහොමද හිටියේ මෙයා....'
"ඒ දවස කොහොම අමතක වෙන්නද නම්ජුනි හ්‍යුන්ග්?....මට මුලින්ම ජින් හ්‍යුන්ග්ව හම්බුනු දවස ....
මට තාමත් මතකයි මම එදා බය වෙලා ඉන්නකොට ජින් හ්‍යුන්ග් මාව බලාගත්ත විදිහ.."
'කාලය එහෙ බලලා මෙහෙ බලන කොට ඉගිල්ලිලා...කුකී කොච්චර ලොකු වෙලාද දැන්? අපිටත් වඩා ලොකුවෙලා හැම අතකින්ම..'
මට කුකී දිහා බලනකොට ආඩම්බරයක් දැනුණා.එයා දැන් ලොකු වෙලා.මට ඇත්තටම සතුටුයි එයාව මේ වෙනකම් බලාගත්ත එක ගැන.
අපි ගොඩක් දේවල් ගැන කතා කරා.BTS කියලා බෝයි බෑන්ඩ් එකක් තිබුනේ නැත්තම් අපි මේ වෙනකොට මොනවා කරයිද? වයසට ගියාම අපි එකතු වෙලා කරන වැඩ ගැන...කවදාහරි අපිට බබාලා ඉන්නකොට එයාලව එකතු කරන් කරන වැඩ....ඒ වගේ තව ගොඩාක් දේවල්...
'මට දැනගන්න ඕනේ ඔයාලට ආදරේ ගැන තියෙන අදහස්'
"මේක තමයි ආදරේ කියන්නේ ටේහ්‍යොන්ගී."
හොබී අපිව පෙන්නලා කියන කොට ටේහ්‍යොන්ග් කට ඇද කරගත්තා.
'ඒ ආදරේ ගැන නෙවෙයි මං අහන්නේ හ්‍යුන්ග්.මැරේජ් එකකට යන ආදරයක් ගැන'
ටේහ්‍යොන්ග් එයාගේ බොක්සි ස්මයිල් එක දාලා ආයෙත් ඇහුවා.
"ඒවා ගැන නම් මන් දන්නැහැ හැබැයි...යුන්ගි හ්‍යුන්ග් නම් දන්නවා ඇති..."
හොබී යුන්ගියාව ටීස් කරන ගමන් කියනකොට හැමෝම හිනා වුණා.
'ආදරේ කියන්නේ ලස්සන දෙයක්...
අපි ආදරේදි අපේ හදවත කියන දේයි අහන්න ඕනේ,ඒකෙන් අනිත් අයට,තමන්ට හානියක් නැත්තම්...'
"වාව්...යුන්ගි හ්‍යුන්ග්....."
යුන්ගිගේ කතාවට හැමෝම හිනා වුණත් ,එයාලා හැමෝම ඒකට එකග වුනා.මාත් හොරෙන්ම ඒක ඇත්තද කියලා පොඩ්ඩක් හිතලා බැලුවා.....
~ඔව් ඒක සමහරවිට ඇත්ත වෙන්නැති....
ගැඹුරින් කතා කරන්න ඕනි දේවලුත් හිනා වෙවී කතා කරලා අන්තිමට කුකී ගිටාර් එක ගහන කොට අපි සින්දු කිව්වා.
එන්න එන්නම සීතලත් වැඩි වෙන හින්දා අපේ බාබකියු පාටි එක, ලස්සන පැය කීපයකට පස්සේ ඉවර කරා.ඒක්කෙනා දෙන්නා හොටෙල් එක ඇතුළට යනකොට මම මුහුදු රැල්ල දිහා බලාගෙන හිටියා.
පැත්තකින් පොඩි තුන්දෙනා සෙල්ලම් කරනවා මම දැක්කා වුණත් මම එයාලට අවධානය නොදී මගෙ 'මී ටයිම්' එක ගත කරා.
"හ්‍යුන්ග්,ඇතුළට යන්නැද්ද?"
මම මගේ කල්පනා ලෝකෙන් එළියට ආවේ කුකීගේ කටහඩ ඇහිලා.
'යමු කුකී තව ටිකකින්...අර දෙන්නා ගියාද?'
"ඔව් හ්‍යුන්ග්.හ්‍යුන්ග්ට සීතල නැද්ද?"
'චුට්ටක් විතර.ඒත් මට මෙහෙම ඉන්න ඕනේ...'
කුකී මගේ ළගට ඇවිත් මාව බැක් හග් කර ගත්තා.
"දැන් හරිද හ්‍යුන්ග්?"
'හ්ම්ම්...හරි හරි....'
මම හිනා වෙලා කුකී දිහාවට මූන හරවලා කියන කොට එයා එයාගේ උපරිම බනී ස්මයිල් එක දාලා මාව තවත් එයාට ළං කර ගත්තා.
මාත් ඒ විදිහටම හිටියා.මම ඇත්තටම එහෙම ඉන්න ආසා කරා.....
'කුකී....මේ.....මේ....බලන්න......'
ජේජු වල පළවෙනි ස්නෝ ෆෝල් එක....
"හ්‍යුන්ග්,හිම වැටෙනවා.....වාව්...."
'මට හරිම සතුටුයි පළවෙනි ස්නෝ ෆෝල් එකට මෙහෙම ඉන්න ලැබුනට...වාව් කුකී....'
මම හිම පියලි අතට අරගන්න ගමන් සතුටින් කෑගහලා කියන කොට කුකී මං දිහා දිලිසෙන ඇස් වලින් බලන් හිටියා.
"හ්‍යුන්ග් දන්නවද? මේ වගේ පළවෙනියටම හිම වැටෙන වෙලාවක කරන ප්‍රාර්ථනා හැබෑ වෙනවලු."
'ඔයා ඒවා විශ්වාස කරනවද? පුදුමයි!'
"අද මම විශ් එකක් කරනවා.ඒක ඇත්ත වුනොත් මම විශ්වාස කරනවා"
'එහෙනම් අපි දෙන්නම එකටම ප්‍රාර්ථනා කරමු'
මම ප්‍රාර්ථනා කරා කුකීගේ හිනාව හැමදාම ඒ විදිහටම තියෙන්න කියලා.එයා බලාපොරොත්තු වෙන එයාගේ ආදරේ එයාටම ලැබෙන්න කියලා.
මම ඒ වෙලාවේ මම ගැනවත් හිතන්නෙ නැතුව කුකී ගැන විශ් එකක් කරේ ඇයි කියන්න මටම තේරුනේ නැහැ.ඒත් මම සතුටින්,මගෙ මුලු හදවතින්ම ඒ විශ් එක එයා වෙනුවෙන් කරා.
"හ්‍යුන්ග් මට මේ දවස විශේශ එකක් කරගන්න ඕනි.
මම අද මගෙ ආදරේට,මම ආදරෙයි කියලා කියනවා..."
කුකී දිලිසෙන ඇස් වලින් මගෙ ඇස් දිහාම බලන් කියන කොට මගේ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.එයා කියපු එකට බය වෙලාද,නැත්තම් එළියෙ තිබුණ සීතල නිසාද කියන්න දන්නැහැ,මාව වෙවුලන්න ගත්තා.
මොකුත්ම කියාගන්න බැරුව මම ජන්ග්කුක් දිහාම බලාගෙන හිටියා.
"හ්‍යුන්ගී,මම ඔයාට ආදරෙයි !"
****
සමාවෙන්න කියපු තරම් ඉක්මනට දෙන්න බැරි වුණාට!
Thank you for the votes and comments♥️
Bạn đang đọc truyện trên: AzTruyen.Top