Chapter 6

Jungkook's pov.

ඔලුව ඇතුළෙන් ම ආපු වේදනාවත් එක්ක මට ඇහැරුනා.ජිනී හ්‍යුන්ග් මගේ ඇග වටේට අත් යවලා මගේ ළගින්ම නිදා ගෙන හිටියා.එළියේ හොදටම වහිනවා.බැල්කනි එකේ තවදුරටත් ඉන්න බැරි නිසා මම හ්‍යුන්ග්ව උස්සගෙන ගිහින් ඇදෙන් තිබ්බා. වෙලාව පාන්දර තුනට කිට්ටුවෙලා තිබුනා.ඔලුව රිදෙන හින්දා පේන් කිල'ස් අරගෙන මාත් හ්‍යුන්ග් ළගින්ම ඇදේ ඇලවුනා.මම ඊයේ රෑ මත්වෙලා හිටියත් මම හ්‍යුන්ග්ට කියපුවා මට මතක තිබුනා.ආශ්.....මං මොනවද ඒ කිව්වේ....

හ්‍යුන්ගේ මූනේ වේළිලා ගියපු කදුලු පාරවල් තිබුනා.එයත් මාත් එක්කම අඩලා.මම ඇත්තටම මගේ ජිනී හ්‍යුන්ග් අඩනවා දකින්න කැමති නැහැ,සතුටකදි වුණත්....
අපි දෙන්නම දෙපැත්තක ඉදන් අඩනවා හ්‍යුන්ග්....තව ටික දවසකින් මම මේ හැමදෙයක්ම විසදනවා.මට විශ්වාසයි එතනින් එහාට අපි දෙන්නට එකටම හැම දෙයක්ම දරාගන්න පුලුවන්!

මට ඉක්මනට හ්‍යුන්ග්ට කියන්න ඕනේ;මං එයාට කොච්චර ආදරේද කියලා;හැමදාම මේ වගේ මගෙ අන්තිම හුස්ම වෙනකම් ම එයාව මගේ පපුවට තුරුල් කරන් ඉන්න ඕනි කියලා;ජීවිතේ ඉතුරු කාලේ මොනදේ සිද්ද වුණත් අපි දෙන්නත් එක්කම එකට අත් පටලවගෙන ඉස්සරහට යමුයි කියලා........
ඒත් මම බයයි ප්‍රතික්ශේප වෙන්න.මට බය හිතෙනවා ආයේ ඔයා මගේ මූනවත් බලන එකක් නැහැයි කියලා.ඒ හින්දයි මම තවත් කල් ගන්නේ...මට ඔයාටම දැනෙන්න දෙන්න ඕනි මම ඔයාට ආදරෙයි කියලා....

"හ්‍යුන්ග් ඔයාට මගෙ ආදරේ තාම තේරුනේ නැද්ද පොඩ්ඩක්වත්? නැත්තම් ඔයා නොතේරුනා වගේ ඉන්නවද?
හ්ම්ම්...."

'.......'

මම හ්‍යුන්ගේ නළලට කිස් එකක් දීලා එයාව මගෙ පපුවට තවත් ළං කරගෙන නිදා ගත්තා.
<>

උදේ නැගිටිනකොට මට හෙම්බිරිස්සාව හැදිලා,ඊයේ රෑ එළියෙ සීතලේ හිටපු එකේ ප්‍රතිඵල විදිහට.මම හ්‍යුන්ගේ නළලට අත තියලා බැලුවා එයාට උණ අරන්ද කියලා.
සාමාන්‍ය රස්නයක් මගෙ අතට දැනුණු නිසා සැනසීමෙන් හුස්මක් අරන් එයාට ඩුවට් එක තවත් හොදට පොරවලා මම මගෙ රූම් එකට ආවා.
වොශ් කරගෙන ඉවර වෙලා පහළට යනකොට ජිනී හ්‍යුන්ග් ඇරෙන්න අනිත් හැමෝම බ්‍රෙක්ෆස්ට් ගන්නවා.

"ගුඩ් මෝනින් හ්‍යුන්ග්ලා...."

'ගුඩ් මෝනින් ජන්ග්කුකා.ජින් හ්‍යුන්ග් නැගිටලා නැද්ද?'

"තාම නැහැ හ්‍යුන්ග්."

'පුදුමයි! හ්‍යුන්ග්ට අසනීපයක්වත් ද?
කුකී මොකුත් කරාද අපෙ හ්‍යුන්ග්ට?'

"අනේ යන්න කොට ජිමිනා.....මම මගේ හ්‍යුන්ග්ට මොනා කරන්නද? "

මමත් කෑම බෙදාගෙන එයාලා ළගින් වාඩි වුනා.ඒ වුනත් මේ ජිමින් හ්‍යුන්ග් හින්දා මට දැන් කන්න වෙන්නැති වෙයි වගේ....

'හරි හරි කුකී...අපි ඔයාගේ හ්‍යුන්ග්ලා නෙවෙයි නේද? ජින් හ්‍යුන්ග්ව ම තියා ගන්නකෝ එහෙනම්.පොඩි කාලේ ඉදන් මෙයාව බලාගත්තට අපිට සළකන විදිහ බලන්නකෝ...'

"ආව්ව්....යුන්ගි හ්‍යුන්ග්....අතාරින්නකෝ...."

යුන්ගි හ්‍යුන්ග් මගේ කනෙන් හොදටම ඇද්දා.ඒක නම් ඇත්තටම රිදුනා.

'ඇත්තටම ජින් හ්‍යුන්ග් කෝ?'

"හ්‍යුන්ග් තව ටිකකින් නැගිටියි ජූනි හ්‍යුන්ග්.මම බුෆේ එක අයින් කරන්න කලින් එයාට කෑම ගිහින් දෙන්නම්..."

'කුකී, කාලා ඉවර වෙලා මාත් එක්ක බීච් එක පැත්තට යන්න එන්න පුලුවන්ද?'

"හා ජිමිනි හ්‍යුන්ග්.මම එන්නම්."

බ්‍රෙක්ෆස්ට් අරන් ඉවර වෙලා හැමෝම එයාලගේ වැඩ කරගන්න ගියා.
මට මේ දවස් වල කෑම කන්නවත් පිරියක් නැහැ වගේ.මම කෑම පොඩ්ඩක් කාලා ජිනී හ්‍යුන්ග්ටත් බ්‍රෙක්ෆස්ට් අරගෙන එයාගේ රූම් එකට ආවා.
හ්‍යුන්ග් තාමත් නිදි.එයාට ඇත්තටම අසනීප නිසාද මෙහෙම ඉන්නේ? මම ඊයේ කිව්වේ එයා ගැන කියලා හ්‍යුන්ග්ට තේරිලද? එයා දැන් ඉදන්ම මාව රිජෙක්ට් කරනවද? ආහ්හ්....මගෙ ඔලුව ආයෙත් රිදෙනවා.

මම හ්‍යුන්ගේ නළලට අත තියලා ආයෙත් බැලුවා.එයාට උණ හැදිලා නැහැ.ඒ වුනාට එයාගේ මූනේ අලුත් වුන කදුලු තිබුනා.
ආහ්හ්...ඇයි මම ඊයේ ඒ විදිහට හැසිරුනේ?

"හ්‍යුන්ග්,නැගිටින්නකෝ.ඔයාට සනීප නැද්ද? "

'.........'

"හ්‍යුන්ග්.......නැගිටින්නකෝ අනේ....
කාලා ඉන්න..."

'මට බඩගිනි නැහැ කුකී.මට නිදා ගන්න දීලා ඔයා යන්න දැන්... හච්චිං....'

හ්‍යුන්ග් හෙමීට ඇස් ඇරලා මගෙ දිහා බලන්නෙවත් නැතුව උත්තර දීලා ආයෙත් ඩුවට් එක අස්සට ගුලි වුනා.

'හච්චිං....ආහ්හ්හ් මේ කරදරකාර හෙම්බිරිස්සාවක් හින්දා මට නිදා ගන්නත් නෑ.'

මම මගේ රූම් එකට ඇවිල්ලා බෙහෙත් බීලා හ්‍යුන්ග්ටත් බෙහෙත් අරගෙන ආයෙත් එයාගේ රූම් එකට ආවා.

"හ්‍යුන්ග්,නැගිටලා කාලා මේ බෙහෙත් බොන්න."

මම නයිට් ස්ටෑන්ඩ් එක උඩින් බෙහෙතුයි වතුරයි තියලා ආයෙත් එයාට කතා කරා.

'මම පස්සෙ කන්නම් ජන්ග්කුක්.ඔයා දැන් යන්න.මට මෙහෙම ඉන්න ඕනි.'

"කෑම සීතල වෙන්න කලින් කන්න.හ්‍යුන්ග්ට අමාරුයි නම් මට හරි, වෙන කාටහරි කියන්න.මම යනවා"

හදවත ගොඩක් රිදෙන කොට මම හ්‍යුන්ග් ආයේ උත්තරයක් දෙන්න කලින්ම රූම් එකෙන් එළියට ආවා.

ඇයි හ්‍යුන්ග් ඔයා මට මෙහෙම කරන්නේ?

මම කදුලු එන එක නවත්තගන්න උත්සාහ කරන ගමන් බීච් එක පැත්තට දුවගෙන ගියා.

~යාහ්හ්...ජන්ග්කුක් ඉවසන්න.මෙච්චර කාලයකුත් ඔයා ඕනිතරම් ඔය වගේ දේවල් ඉවසුවනේ.දැන් අන්තිම හරිය.
හොදට හුස්ම ගන්න....

"ටෙන්...නයින්...එයිට්...සෙ-"

'ජන්ග්කුකා...... මාව දාලා...ආ..වා...නේද?'

ජිමිනි හ්‍යුන්ග් හති දාගෙන මගෙ පැත්තට දුවගෙන ආවා.

"මට අමතක වුනා හ්‍යුන්ග්."

'ඊයේ මොකද වුනේ? ඔයා ජින් හ්‍යුන්ග් එක්ක කතා කරාද?'

"ඔව්...."

මම ජිමිනි හ්‍යුන්ග්ට ඊයෙ රෑ වුන දේවල් කිව්වා.ඒකෙන් පස්සේ අද උදේ ජින් හ්‍යුන්ග්ගේ හැසිරීම ගැනත් කිව්වා.
එළියෙ සීතල වුනාට මට හොදටම දාඩිය දාලා.....

'කුකී මම නම් කියන්නේ තවත් කල් ගන්නැතුව හ්‍යුන්ග්ට ඒ ගැන කියන්න.'

"මම එයාට ඒක කියන්න හරියන වෙලාවක් එනකම් ඉන්නේ හ්‍යුන්ග්.ඒත් මට බයයි...එයා මට...ම...ට...."

මට කතා කරගන්න බැහැ උගුර හිරවෙනවා වගේ.ජිමිනි හ්‍යුන්ග් මගේ උරහිස වටේ අතදාලා මාව එයා ළගට කරගෙන මගෙ ඔලුව අතගාන්න ගත්තා.

'අහන්නකෝ කුකී, ඔයා හ්‍යුන්ග් දෙන උත්තරේ ගැන හිතන්න එපා.මොකක් හරි වෙන්න ඔයා මුලින්ම එයාට කියලා ඉන්න.
ඔයා දන්නවද? මට හොදටම විශ්වාසයි ජින් හ්‍යුන්ග් ඔයාට කැමති වෙනවා.'

"ඔයා කොහොමද එහෙම කියන්නේ හ්‍යුන්ග්? ජින් හ්‍යුන්ග් gay නෙවෙයි නේ.ඉතින් එයා එකපාරටම මට මල්ලිට වගේ නැතුව ඊට වඩා ගොඩාක් එහාට ගියපු ආදරයක් දෙයිද?'

'ඉතින් කුකී ඔයත් gay නෙවෙයි නේ.ඒත් ඔයා ජින් හ්‍යුන්ග්ට ආදරේ කරනවා,එහෙම නෙවෙයිද? ඒකට තමයි ඇත්තටම ආදරේ කියලා කියන්නේ.ආදරය ඇති වෙන්නේ හදවත් දෙකක් අතරේ.හරි,උදාහරණයකට ඔයාගේ ජිමිනි හ්‍යුන්ග්වයි යුන්ගි හ්‍යුන්ග්වයි ගන්නකෝ.'

"යාහ්හ්..හ්‍යුන්ග්....ඔයා මගේ සීරියස් මූඩ් එක විනාස කරනවනේ...."

'මම ඒක ඇත්තටම කිව්වේ කුකී.ඔයාලට අපි දෙන්නව මතක් වෙනකොට හිනා ගියාට අපි දෙන්නගේ බැදීම ගැන විස්තර කරන්න වචන නැහැ.
Love has no gender bro!
කුකී,ඔයා නොදන්නවා වුනාට ජින් හ්‍යුන්ග් ඔයාට ආදරෙයි,මල්ලි කෙනෙක්ට වඩා එහාට ගියපු විදිහට.එයා ඔයා දිහා බලන විදිහ,ඔයාව බලාගන්න විදිහ...ඒ හැමදෙයක්ම අනිත් අයට වඩා වෙනස්. ඔයාව දැක්කම ජින් හ්‍යුන්ග් රතු වෙනවා.ඔයත් එක්ක කතා කරනකොට එයාගෙ ඇස් දිලිසෙනවා,හරිම ලස්සනයි....
ඒත් මං හිතන්නේ එයා ඔයාට ආදරෙයි කියලා තවම තේරුම් අරගෙන නැතුව ඇති.එක්කෝ එයා ඒක පිළිගන්න කැමති නැතුව ඇති.'

"අනේ හ්‍යුන්ග්.....මම මොකද්ද කරන්නෙ කියන්නකෝ...."

'ඔයා එයාට ඉක්මනට කන්ෆෙස් කරන්න.එතකොට ජින් හ්‍යුන්ග්ට ඩිසිශන් එකක් ගන්නම වෙනවා.හ්‍යුන්ග්ට එයාගේ හදවත කියන එක අහන්නම වෙනවා.'

'මට විශ්වාසයි එයාගේ හදවත කියන්නේ හොදම දෙයක් කියලා කුකි.'

'ඒ නැතත් අපෙ කුකී එයාට ඕනි හැමදෙයක්ම කොහොමහරි ම ලබා ගත්තා නේ.ඉතින් මං දන්නවා BTS ගෝල්ඩන් මැක්නේ එයාගේ ලව් ගේම් එකත් කොහොමහරිම දිනනවා කියලා'

ජිමිනි හ්‍යුන්ග් ඇස් දෙක පේන්නෙ නැති තරමටම හිනා වෙලා මගෙ කොන්ඩෙ අවුල් කරා.එයා ඇත්තටම ආ'මිලා කියනවා වගේම ඒන්ජල් කෙනෙක්.මගේ හිතට ගොඩ කාලෙකට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනෙන්න ගත්තා.....

'ඔයා බය වෙන්න එපා කුකී.කාලය හැමදේම හොදම විදිහට විසදයි.
කෝ දැන් ඉතින් පොඩ්ඩක් හිනාවෙන්න..'

කාලෙකට පස්සේ මාත් එයත් එක්ක ඇත්තටම හිනා වුනා.

"හ්‍යුන්ග් එන්නකෝ යන්න..."

අපි දෙන්නම පොඩි ළමයි වගේ මුහුදු රැල්ල පෑගුවා.වැලි මාලිගත් හැදුවා.
ටික වෙලාවකට පස්සේ ටේ හ්‍යුන්ග් නුත් ඇවිත් අපිත් එක්ක එකතු වුනා.අපේ හිනාවල් වල සද්දේ මුහුදෙ සද්දෙටත් වඩා හයියෙන් ඇහුනා.

මම ඒ වෙලාවේ ඇත්තටම සතුටින් හිටියා.
ඒත්....ජිනී හ්‍යුන්ගිව මිස් වුනා....







note- BTS ලා ඉන්න හොටෙල් එක එයාලට ම වෙන් කරලා කියලා හිතාගන්නෝ....හරියට in the soop එකේ වගේ....

Thank you for the votes and comments guys!!!♥️

Bạn đang đọc truyện trên: AzTruyen.Top