Chapter 5
Jin pov.
"මොනවද ඔයා බොන්නේ? කොෆී? "
'එපා.මට බියර් ඕනි.'
"ම්ම්ම්....ඕකේ"
රූම් එකේ තිබුණ මිනි ෆ්‍රිජ් එකෙන් බියර් කෑන් එකක් අරන් මම ජන්ග්කුක්ට දුන්නා.
මේ වෙලාවේ මට ෆිල්ම් එකක් බලන්න තරම් මූඩ් එකක් නැතිවුනත් මට ඕනි වුනේ ෆිල්ම් එක මැදින් කුකිත් එක්ක එයාගේ ප්‍රශ්නෙ ගැන කතා කරන්න.
"කුකී ඔයා බලන්න කැමති එකක් කියන්නකෝ"
මම අපිට බලන්න ෆිල්ම් එකක් හොයන අතරේ ජන්ග්කුක් බැල්කනි එකට ගිහිල්ලා මට කතා කරා.
'හ්‍යුන්ග්,අපි පස්සේ ෆිල්ම් එක බලමුද? මට ඔයත් එක්ක කතා කරන්න ඕනේ.'
මට ඕනිම වුන දේ ජන්ග්කුක් මට ලේසි කරලා දුන්නා.
"හරි ඔයාගේ කැමැත්තක් කුකී."
මම ඉක්මනට කොෆි එකකුත් අරගෙන බැල්කනි එකට ගිහින් කුකී ළගින්ම වාඩි වුනා.
ටිකක් වෙලා යනකම් අපි දෙන්නා අතර කිසිම කතාවක් වුනේ නැහැ.
හද පායලා ඒ වීව් එක බැල්කනි එකට ලස්සනට පෙනුනා.කුකී අහස දිහාම බලන් හිටියා.එයාගේ මූනේ ලාවට හිනාවක් ඇදිලා තිබුනා.හද එළියයි බැල්කනි එකේ ලයිට්ස් වල එළියයි හින්දා එයාගේ බැම්බි ඇස් දිලිසුනා.හුළගට එයාගේ සිල්ක් කොන්ඩෙ එහෙ මෙහෙ යනවා.
~කුකී හරිම කියුට්.....
'හ්ම්ම් හ්ම්ම්.....හ්‍යුන්ග් මගේ දිහා බලන් හිටියා ඇති නම් අපි කතා කරමුද?'
"නෝ.....මං...මං....අහස දිහා බලන් හිටියේ..."
යාහ්...මේ පොඩි එකා නම්.....
මගෙ කන් දෙකත් රතු වෙලා.....
"හ්‍යුන්ග්ට සමාවෙන්න ජන්ග්කුකී."
'ඇයි හ්‍යුන්ග්?'
"දවල් මැච් එක ගැන මං කිව්වේ.අපෙ ටීම් එක දිනපු හින්දා-"
මම ඉතුරු ටික කියන්න කලින් කුකී කතා කරා.
'ආහ්....ඒකට සමාවගන්න ඕනි නෑ හ්‍යුන්ග්.මම ඒකට තරහ නෑ.'
"එහෙනම් මොකටද දහදෙනෙකුට ගහන්න වගේ හිටියේ?"
'නිකන්....ඒක හ්‍යුන්ග්ට වැඩක් නෑනේ.'
කුකී අහක බලාගෙන කියලා හිස් කරපු බියර් කෑන් එකත් අරගෙන රූම් එක ඇතුළට ගියා.මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන මට කියන්න නිකමටවත් අදහසක් නැහැ වගේ.
හුළගත් එන්න එන්නම වැඩි වෙලා හින්දා ගොඩක් සීතලයි.ජන්ග්කුක් ආයේ එන්නෙ නැතිවෙයි කියලා හිතලා මාත් රූම් එකට යන්න හදනකොට එයා ආවා.
'හ්‍යුන්ග් සීතලයි.මේක ඇදගන්න.'
එයා මට ජැකට් එකක් ගෙනල්ලා ඒක ඇන්දුවා.එයා මගෙ ජැකට් එකක් ඇදගෙන හිටියා.
~ජන්ග්කුක් කවදා ඉදන්ද මෙහෙම කෙයාරින් කෙනෙක් වුනේ?
'සීතල වැඩී නම් අපි ඇතුළට යමු හ්‍යුන්ග්'
"එපා ඕනි නෑ දැන්ම...අපි මෙහෙම ඉමු."
"ඔච්චර බියර් කෑන් මොකටද උස්සන් ආවේ? මට කියන්න එපා දැන් ඔයා ඔය ඔක්කොම බොන්න යන්නේ කියලා...."
'සොරි හ්‍යුන්ග්...ඒත් මට මේ ඔක්කොම අද බොන්න ඕනි....'
ජන්ග්කුක් තව බියර් කෑන් එකක් ඕපන් කරන ගමන් කිව්වා.
මම දැන් එපා කියලා කිව්වට එයා කීයටවත් මං කියන එක අහන්නෙ නැහැ.ඒ හින්දා මම මොකුත් නොකියම කතාව පටන් ගන්න විදියක් හිතුවා.
"අද අහස ලස්සනයි නේද කුකී?"
කුකී අහස දිහාම බලාගෙන ඉන්න හින්දා මම ඇහුවා.
'හ්ම්ම්..මම හරි ආසයි තරුත් එක්ක හද පායලා තියෙන කොට....හ්‍යුන්ග් දන්නවද මම ඒ ගැන ලියලා සින්දුවක් කරනවා අනිවාර්‍යෙන්ම.'
"ඔයා ඉතින් දක්ශයි නේ ජන්ග්කුකී....ඒ සින්දුවත් යූෆෝරියා වගේම ලස්සන එකක් වෙයි..."
'හ්‍යුන්ග්....ඔයාට...කවදහරි විශේෂ කෙනෙක් ගැන ආදරයක් ඇති වෙලා නැද්ද?'
මම මෙච්චර වෙලා බලාගෙන හිටපු මොහොත ආවා....එයාගේ ප්‍රශ්නෙ දැන් මට කියන්නයි යන්නේ.....
"ආහ්..නෑ කුකී...පොඩි කාලේ නම් තිබ්බා.ඒත් ඒ ආදරයක් කියලා මන් නම් හිතන්නැහැ.ඒක නිකන් ආකර්ශනයක් විතරයි..."
පොඩි කාලෙ කරපු ඒ මෝඩ වැඩ මතක් වෙන කොට මට ම හිනා යනවා....
"මොකද ඔයා එකපාරටම ආදරයක් ගැන අහන්නේ? ආහ්හ්...අපෙ පොඩි එකාට ලව් සික් හැදිලද?"
'ඔව්...හ්‍යුන්ග්...මම කෙනෙක්ට ආදරේ කරනවා. මට...මට...ඒක එයාට කියන්න ඕනි...ඒත් ....'
කුකී එහෙනම් ඇත්තටම කෙනෙක්ට කැමතියි...මට සතුටුයි...
ඒත් මට අඩන්න ඕනි වගේ දැනෙන්නේ ඇයි? ඇයි ඒ කෙනා මම වුනා නම් කියලා හිතෙන්නේ?
~ආහ්හ් ජින්....පිස්සු හැදිලද විකාර හිතන්නේ? ජන්ග්කුක් මගේ මල්ලි...මම එයාගේ ලොකු අයියා විදිහට මේ වෙලාවෙ එයාට උදව් කරන්න ඕනි...
"ඔයා ඒ ගැන එයාට කියන්න කුකී....පරක්කු කරන්න එපා.පස්සේ ඔයාට පසුතැවෙන්න වෙයි..."
මේ වෙනකොට ජන්ග්කුක් හොදටම මත් වෙලා හිටියේ...ඒත් මන් හිතනවා එයාට මම කියපු එක ඇහෙන්න ඇති කියලා.
'හ්‍යුන්ග්..ඒත්...ඒත් එයා... එයා... මට කැමති වෙන එකක් නැහැ.
එයා ගොඩාක් හොද කෙනෙක්.එයා මට හොදට සළකනවා.මට විතරක් නෙවෙයි, එයා හැමෝටම එහෙමයි.මට තරහා යනවා එයා එහෙම අනිත් අයත් එක්ක ඉන්න කොට...එයාට මාව විශේෂ නැහැ හ්‍යුන්ග්....ඒත්...ඒත්...මට එයාව ගොඩාක් විශේෂයි.මම කොච්චර උත්සාහ කරත් එයාට ඒ ගැන දැනෙන්න දෙන්න....එයාට මගෙ ආදරේ,මගෙ හැගීම් ගැන තේරෙන්නැහැ හ්‍යුන්ග්... මොකද එයා කීයටවත් ඒ දේ බලාපොරොත්තු වෙන දෙයක් නෙවෙයි.
මම මොකද්ද කරන්නෙ කියන්නකෝ හ්‍යුන්ග්....මට පිස්සු හැදෙයි මෙහෙම ගියොත්....'
ජන්ග්කුක් ඇඩුවා...මහ ගොඩක් හයියෙන් ඇඩුවා.මගෙ හදවත වේගෙන් ගැහෙන්න ගත්තා.හදවත අස්සෙන් ලොකූ වේදනාවක් ඇවිත් පුපුරන්න වගේ මට දැනුනා.ඇස් වලින් කදුලු තරගෙට ගලාගෙන ගියා.
මම ජන්ග්කුක්ව තදින් හග් කරා.එයා මගේ පපුව අස්සේ ඔලුව හංගන් තවත් හයියෙන් ඇඩුවා....
"ශ්....අඩන්න එපා කුකී.....ඔයා අඩනකොට හ්‍යුන්ග්ටත් ඇඩෙනවා.
අපි හැමෝගෙම චන්ඩියා නේද මේ පොඩි බබෙක් වගේ හොටු පෙරාගෙන අඩන්නේ....කෝ..කෝ...දැන් ඇති....."
ඒත් එයා නතර කරේ නැහැ....එකදිගටම ඇඩුවා.
මම එයාට ඇති තරම් අඩන්න දීලා එයාගේ ඔලුව අතගෑවා.
"හැමදේම හොදම විදිහට සිද්ද වෙයි කුකී.ඔයා බය නැතුව ඉන්නකෝ...ඕන් බලන්නකෝ,ඔයාගෙ ලව් ඔයාගෙම වෙනවා..."
මම එයාගේ ඔලුවට කිස් එකක් දුන්නා.
කුකීව මෙහෙම පපුවට තුරුලු කරන් ඉන්නකොට මගෙ හිතට අමුතුම හැගීමක් දැනෙනවා.හරියට නිකන් මාව හීල් වෙනවා වගේ....මගේ හැම දුකක් ම මගෙන් ඈතට යනවා වගේ....
ඇත්තටම මම කුකී එහෙම ඉන්නවට ආස කරා!
ටික වෙලාවකින් කුකීට නින්ද ගිහින් තිබුනා.මට එයාව ඇදට උස්සගෙන යන්න තරම් ශක්තියක් නැහැ.මේ වෙලාවේ වෙන කාටවත් කතා කරන එකත් එච්චර හොද නැති හින්දා මමත් එහෙම්ම හිටියා.
ඇත්තටම කුකී මේ කියන කෙනා කවුද? එයා කියන විදිහට නම් ඒ කෙනා කුකී ළගින්ම ඉන්න කෙනෙක් වෙන්න ඕනි...එයාට එහෙම වෙන කාවවත් ආශ්‍රය කරන්න ලැබිලත් නැහැ....මේකප් ආ'ටිස්ට් කෙනෙක්වත්ද?
ආහ්හ්හ්....කවුද මේ....
පහු ගිය මාස කීපයේදි කුකීගේ හැසීරීමත් එක්ක මට එක එක දේවල් හිතෙන්න ගත්තා....
~නෝ......නෝ....ඒක එහෙම නෙවෙයි.....
ඒක කොහෙත්ම වෙන්න බැහැ.....
ඒක....එහෙම....වෙන්නත්... එපා!........
.............
A/N - අද චැප්ටර් එක පොඩ්ඩක් බෝරින් වගේ නේද? 🤧මට නම් එහෙමයි....
But,trust me....හොදම දේවල් එන්නේ ඉස්සරහට 🤭
Thank you for the votes & comments♥️
I really mean it !!!
Bạn đang đọc truyện trên: AzTruyen.Top