Chapter 4
Jin's pov.
"මේ වෙලාවේ හැලසන් යන්නේ කොහොමද? "
"මහන්සි අරින්න කියලා ඇවිත් කදු නගින්න මට බෑ.මම යනවා නිදාගන්න"
යුන්ගි එහෙම කියලා ජන්ග්කුක්ගේ ඔලුවට තට්ටු කරලා ආයෙත් එයාගේ රූම් එකට ගියා.
මාස ගානක් එකදිගට ම අපි මහන්සි වුන හින්දා මටත් ඕනි වුනේ මේ මාසෙම වගේ නිදාගන්න.ඉතින් මාත් කුකීගේ අදහසට නම් කැමති නැහැ.මම විතරක් නෙවෙයි කුකී ඇරෙන්න අනිත් හැමෝම ඒකට කැමති වුනේ නැහැ.
මේ මනුස්සයාට මොනවා වෙලාද මන්දා....
"අපි වෙන දවසක යමු ජන්ග්කුකී.අද හැමෝටම මහන්සී නේ."
'අයිගෝ මොකද්ද හ්‍යුන්ග්,ඔයාලා මෙහෙ ආවේ නිදාගන්නද? අපරාදේ එහෙනම් අපිට ඩෝම් එකේම ඉන්න තිබ්බා'
"එන්න ජන්ග්කුකා අපි බීච් වොලිබෝල් ගහමු."
කුකී කටත් ඇද කරන් කියනකොට ජිමිනි එයාව ඇදගෙන බීච් එක පැත්තට ගියා.
අපිත් එයාලා පස්සෙන්ම ගියේ ඒ අවස්ථාව කීයටවත් මගඇරගන්න හොද නැති හින්දා.
යුන්ගි නැති හින්දා අපි හයදෙනා රොක්,පේපර්,සිසර් ගේම් එක කරලා ටීම්ස් දෙකකට බෙදුනා.මම,ජූන්,ජිමිනි එක ටීම් එකකටයි වැටුනේ.
මොකද්දෝ හේතුවකට මායි කුකීයි එක ටීම් එකකට වැටුනෙ නැති නිසා මට කියාගන්න තේරෙන්නෙ නැති දුකක් දැනුණා.
කුකී මූනත් අමුතු කරගෙන එහා පැත්තට යනවා මම දැක්කා.එයා දුකෙන්ද තරහෙන්ද ඉන්නේ කියලා මට හිතාගන්න බැහැ.කොහොමහරි මට තේරුන එකම දේ එයා හොදින් නෙවෙයි ඉන්නේ කියන එක විතරයි.
අපි සෙල්ලම් කරගෙන ගියා.මුලදි කුකී අවුලෙන් හිටියට ටික වෙලාවක් යනකොට එයා හිනා වෙලා ඉන්නවා දැක්කම මගේ හිතට සැනසීමක් දැනුණා.කීපවතාවක්ම අපි දෙන්නා අතරේ අයි කන්ටැක් වෙනකොට එයාගේ ඇස් මැච් එකට වඩා මගෙ දිහාවට ෆෝකස් වෙලා තියෙනවා කියලා මට තේරුණා.මගේ කන්දෙකම රත් වෙනකොට මම කුකී දිහා ආයේ නොබලා ඉන්න ගොඩක් උත්සාහ කරා.
මාස ගානක් තිස්සේ ඉදන් ජන්ග්කුක්ගේ මේ අමුතු හැසිරීම මගේ සැනසීමත් ගොඩක් දුර අරගෙන ගිහිල්ලා....
කුකීලගේ ටීම් එක අපිට වඩා ස්කෝ කරලා තිබුන හින්දා අපි තුන්දෙනා මැච් එකට ගොඩක් ෆෝකස් කරා.මම කුකීගේ මූන දිහා ආයේ බැලුවෙ නැහැ.
අන්තිම හරියෙදි අපෙ ටීම් එක එයාලට වඩා ඉස්සරහින් හිටියා.කුකීගේ මුලදි තිබුන උනන්දුව දැන් නැහැයි කියලා මට එයාගේ මූන දිහා නොබලම තේරුනා.
මම හෙමීට එයාගේ මූන බලනකොට බෝලෙට නෙවෙයි,අපි හැමෝටම ගහන්න වගේ මූනක් හදාගෙන එයා හිටියේ.එයාට හොදටම තරහා ගිහින්.මට එයාට කතා කරන්න ඕනි වුනත් මැච් එකේ අන්තිම හරිය හින්දා මම පස්සෙම ගිහින් එයාට කතා කරනවා කියලා හිතාගත්තා.එයාලා මැච් එක දින්නොත් කුකීගේ තරහ නිවෙයි කියලයි මං හිතුවේ.
ඒත් අන්තිමේදි අපෙ ටීම් එක මැච් එක දින්නා.කුකීගේ මූන තාමත් ඒ විදිහටම තිබුණා.
එයා මොකුත් නොකියම හොටෙල් එක ඇතුළට ගියා.මේ මනුස්සයා කවදා ඉදන්ද පොඩි මැච් එකක් හින්දා තරහා ගන්න පටන් ගත්තේ?
මම එයාගේ පස්සෙන් යන්න හදන කොට ජිමිනි මාව නවත්තලා එයා ගිහින් කුකීට කතා කරන්නම් කිව්වා.ජිමින්ට පුලුවන් හැමෝගෙම මූඩ් ෆික්ස් කරන්න.ඒ හින්දා මම එයාට ඉඩ දීලා නැවතුනා.
අපි හතරදෙනා තවත් ටික වෙලාවක් බීච් එකේ ඉදලා හොටෙල් එකට ආවා.ඒත් තාමත් මගේ හිත කුකී ගැන වද වුනා.අද දවස ඇතුළත එයාට කොහොමහරි කතා කරනවා කියලා මම හිතාගත්තා.
ශවර් එකක් අරගෙන ආවට පස්සේ මම දැක්කා ජිමිනිගෙන් ටෙක්ස්ට් එකක් ඇවිත් තිබුනා කුකී දැන් ඕකේ කියලා.ඩිනර් එක ගන්න තව වෙලාවත් තියෙන නිසා මම එළියට නොයා ඩිනර් වෙලාව එනකම් වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න ගත්තා.
කුකී ජිමිනි එක්ක ගොඩක් එකතු නිසා සමහරවිට එයා දන්නවා ඇති කුකීට තියෙන ප්‍රශ්නෙ ගැන.ඒ හින්දා ජිමිනි එක්ක ඒ ගැන කතා කරන්න හිතාගෙන මම එයාව හොයාගෙන එළියට ආවා.
ජිමිනයි,ටේයි ලෝන්ජ් එකට වෙලා හිනාවෙවී මොකද්දෝ වීඩියෝ එකක් බල බලා හිටියා.
"ජිමිනා,පොඩ්ඩක් කතා කරමුද?"
'ඉන්න හ්‍යුන්ග් මං එන්නම්.'
"ජන්ග්කුක් පහළට ආවෙ නැද්ද?"
'එයා රූම් එකේ ඇත්තේ හ්‍යුන්ග්.ගිටාර් ප්ලේ කරන්න ඕනි කිව්වා.'
"එයා මොකක් හරි ප්‍රශ්නෙක වගේ ඉන්නේ.ඔයාට කිව්වෙ නැද්ද මොකුත් ඒ ගැන? "
'ජන්ග්කුකා ප්‍රශ්නෙක වගේ තමයි ඉන්නේ හ්‍යුන්ග්.ඒක මේ......ආදරේ සම්බන්ධ දෙයක්'
ජිමිනි ඇස් පොඩි කරන් හිනාවෙවී කියනකොට මටත් හිනා ගියේ අපි බලාපොරොත්තු වුනා වගේම පොඩිම එක්කෙනා හැමෝටම කලින් ඉස්සර වෙලා හින්දා.
ඒ වුනාට ඒක අහපු වෙලේ ඉදන් හේතුවක් නැතුව ම මගේ හිතට අමුතු වේදනාවක් දැනෙන්න ගත්තා.
මම මගේ සැනසීම නැති කරන මේ වගේ ෆීලින්ස් වලට හේට් කරනවා.
ඇයි මට අනිත් අයට වගේ නිදහසේ ඉන්න බැරි? ආහ්හ්හ්....
"මේ කොල්ලා නිකමටවත් මට කිව්වේ නෑ නේ."
'එයා හරි වෙලාව ආවම හ්‍යුන්ග්ට කියයි.එතකන් පොඩ්ඩක් ඉවසන්න හ්‍යුන්ග්'
"හ්ම්ම්..."
"ජන්ග්කුක් වෙනුවෙන් චියර්ස් එහෙනම්!!!"
'චියර්ස් හ්‍යුන්ග්!!!'
ඒ විදිහට මායි ජිමිනයි,ජන්ග්කුක් වෙනුවෙන් බියර් කෑන් දෙකක්ම හිස් කරා.
<>
අපි දෙන්නා ඩිනර් ගන්න එනකොට අනිත් අයත් ඇවිත් හිටියා.ජන්ග්කුක් යුන්ගිගේ කොන්ඩේ අල්ලන් එයාගේ බනී ස්මයිල් එක දාගෙන සෙල්ලම් කරනවා මම දැක්කා.තාමත් පොඩි ළමයෙක් වගේ.
මැච් එකයි,එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ ප්‍රශ්නෙයි විසදිලා වගේ එයා හිටියේ.
කෑම අරගෙන ඇවිත් මම කුකී ගාවින්ම වාඩි වුනා.එයා හැමෝමත් එක්ක හිනා වෙවී එක එක දේවල් ගැන කතා කරා.මාත් එක්කත් කතා කරා.හැබැයි වෙනදට වඩා වෙනස් කියලයි මට හිතුණේ.ඒක මං ඕනිවට වඩා හිතන නිසාද නැත්තම් ඇත්තටම කුකීට මාත් එක්ක ප්‍රශ්නයක් තියෙනවද කියලා මං දන්නෙ නැහැ.
ඩිනර් අරන් ඉවර වෙලා අපි කාඩ් සෙල්ලම් කරා.ජූන් පුරුදු විදිහටම පොතක් කියෙව්වා.හැමදාම වගේ කාඩ් සෙල්ලම් වලින් මාව කාටවත් පරද්දන්න බැහැ.අදත් මම දින්නා.කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් මෙම්බර්ස්ලා හින්දා ඒ හැමදෙයක්ම පොඩි වෙලාවකට හරි අමතක වෙනවා.
එක්කෙනා දෙන්නා තම තමන්ගේ රූම්ස් වලට ගියාට පස්සේ මමයි,ගිටාර් එක ප්ලේ කර කර හිටපු කුකීවයි ලෝන්ජ් එකේ ඉතුරු වුනා.ඒ වුනාට එයා මාව දැක්කෙ නෑ වගේ හිටියේ.
"ජන්ග්කුකී,මම ඇනිමේ එකක් බලනවා ඔයා එනවද? "
'ඇනිමේ කම්මැලී හ්‍යුන්ග්.'
කුකී ඈනුමක් අරින ගමන් කිව්වා.මට ඕනි වුනේ කොහොමහරි මේ මනුස්සයා එක්ක කතා කරන්න.ඒ හින්දා මම උත්සාහය අතඇරියෙ නැහැ.
"මොකක් හරි බලමු....එන්නකෝ මාත් එක්ක..."
කොච්චර අමාරු වුනත් මම කුකීගේ මසල්ස් පිරුණු අත් වලින් ඇද ගෙන මගෙ රූම් එකට එක්කන් ආවා.
....................
Thank you for your votes and comments!!! ♥️
Bạn đang đọc truyện trên: AzTruyen.Top