Chapter 2

Jin's pov.

'යූ ගොට් ද බෙස්ට් ඔෆ් මී........'

"ආශ්....මෙච්චර ඉක්මනට උදේ වුනේ කොහොමද?මං දැන් ටිකකට කලින් නේ නිදා ගත්තේ......"

මම ඇස් පියාගෙනම නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුන ෆෝන් එක ගන්න හැදුවත් මට ඒක කරන්න බැරි වුනේ හෙලවෙන්න බැරි වෙන තරමටම මම මොකක හරි හිර වෙලා හිටපු හින්දා.ටික වෙලාවක් ඒ විදිහටම හිටපු මට මොකද්ද සිද්ද වෙලා තියෙන්නේ කියලා හරියටම තේරුම් ගියා.

"ජන්ග්කූ...ක්"

"අයින්වෙන්න මගෙ ඇග උඩින්"

"හිතන් ඉන්නේ ඔයා කුරුලු පිහාටුවක් වගේ කියලද ?"

"මට අමාරුයි මනුස්සයෝ..."

මම ජන්ග්කුක්ව අයින් කරන්න අසාර්ථක උත්සහායක යෙදෙන ගමන් කෑගැහුවා.
ඒත් නෙමෙයි මේ මනුස්සයට ඇහෙන්නේ...
ආශ්.....ගල් ගෙඩිද මන්දා කන්නේ.පුදුම හයියක්නේ තියෙන්නේ මෙයාට.

"ජන්ග්කුකී අහන්නකෝ,අද අපිට ගමනක් යන්න තියෙනවා.
දුර ගමනක් හරිද?
ඔයා දැන් නැගිටුනේ නැත්තම් අනිත් අය අපිව දාලා යයි.
ඔයා කැමතිද මෙහෙට වෙලා ඉන්න, තනියම දවස් පහක්? ටේයි ජිමිනියි නැතුව ඔයාට පාලු හිතෙයි..."

මම ටිකක් හොදින් එයාට කතාකරා.ඇත්තටම මගේ පණ යනවා මෙයාව ඇහැරවන්න ගියාම.අවුරුදු 22ක් වෙලත් තාමත් පොඩි එකෙක් වගේ.

'එයාලා නැතුවට කමක් නෑ,මගේ ජිනී හ්‍යුන්ග් ඉන්නවනේ මං ළග....'

"මොකද්ද ජි-නී???"

මට හුස්ම ගන්නත් බැරි වෙන තරමටම එයාගේ අඩු වගේ අත් වලින් මාව තවත් තුරුලු කරගත්තේ මට හිතන්නවත් වෙලාවක් ඉතුරු නොකර.

"මොකද්ද කරන්-නේ කුකී.ම-ට ය-න්න දෙන්-න කෝ."

'තව ටිකක් නිදා ගමුකෝ හ්‍යුන්ග්...'

ඒ පාර නම් එයා මාව ටිකක් ලිහිල් කරා.අම්මෝ මං හිතුවේ මම මැරෙයි කියලා...

"ඔයා එහෙනම් නිදා ගන්න ඇති වෙනකම්,මට යන්න දීලා.
ඇයි අනේ ඔයාට ලොකු රූම් එකකුයි තඩි ඇදකුයි තියෙද්දී මගෙ අස්සටම  එන්නේ?"

'මට ඕනි නම් මං එනවා.'

~හ්‍යුන්ග්.....

ජන්ග්කුක් ඉද්ද ගැහුවා වගේ ඉක්මනින් නැගිට්ටේ ජූන් කතා කරපු නිසා.

"එන්න ජූන් ඇතුළට."

~ගුඩ් මෝනින් හ්‍යුන්ග්.ආ...ඊයෙත් පොඩි මහත්තයා හ්‍යුන්ග් ළගද හිටියේ?

'ආ...ඔව් ජූනි හ්‍යුන්ග්.මං නරක හීනයක් දැක්කා.ඒ නිසා ආවේ මෙහෙට'

මම උත්තර දෙන්න කලින් කුකී එයාගේ බනී ස්මයිල් එක දාලා කියන කොට මටයි ජූන්ටයි හොදටම හිනා ගියේ එයා හැමදාමත් ඕක කියන නිසා. ජන්ග්කුක් පොඩි කාලේ ඉදන්ම එයාගේ කොට්ට මෙට්ට ඔක්කොම උස්සන් මාව හොයන් එනවා රෑට එයාට තනි හිතුනොත්.තාමත් ඒ පුරුද්ද එයා අතෑරලා නෑ.ඉස්සර යුන්ගි රෑ මැද ඇහැරලා නින්දෙන් අපි දෙන්නටම හොදටම කෑගහනවා මතක් වෙනකොට මට තනියම හිනා යනවා.

ජන්ග්කුක්ට ඔම්මා නැති අඩුව තාමත් දැනෙනවා ඇති.....

~දෙන්නම ඉක්මනට ලෑස්ති වෙලා එන්න .හය වෙනකොට අපි පිටත් වෙනවා.

"හරි ජූන්.අපි එන්නම් ඉක්මනට.අනිත් අයත් ඇහැරලද කියලා බලනවද ඔයාට පුලුවන් නම්?"

~මං බලන්නම් හ්‍යුන්ග්.

ජූන් ගියාට පස්සේ මම කුකීව එයාගේ රූම් එකට බලෙන්ම යවලා මමත් ඉක්මනට ලෑස්ති වුනා.
මම කෑම කන්න පහළට යන්න හැදුවත් ආයෙත් නැවතුනේ කුකී එක්කම යන්නම් කියලා හිතාගෙන.

"කුකී ඉක්මනට එන්නකෝ.තවත් මොකද කරන්නේ?"

මම ජන්ග්කුක්ගේ රූම් එකේ දොර ළග ඉදන් එයාට කතා කරා.කොහොමහරි තවත් විනාඩි දහයකට විතර පස්සේ තමයි එයාගේ බැගේජසුත් අරගෙන එළියට ආවේ.

"ඔමෝ....සුවද....මට නිකන් කැරකිල්ල වගේ.ඔයා පර්ෆියුම් බොට්ල් එකම හලා ගත්තද කුකී?"

'නෑ....අද මම අලුත් බ්‍රෑන්ඩ් එකක් ට්‍රයි කරා.හ්‍යුන්ග්ටත් ඕනිද?'

"එපා එපා.දැන්වත් යමුද එහෙනම්?"

අපි දෙන්නා යනකොට හොබී එක්ක යූන්මින් දෙන්නා බ්‍රෙක්ෆස්ට් ගන්න ගමන් හිටියේ.

"ගුඩ් මෝනින් හැමෝටම.කෝ ටේ,ජූන් දෙන්නා?එයාලා කෑවද ?"

'ගුඩ් මෝනින් හ්‍යුන්ග්.ඒ දෙන්නා තාම ආවේ නෑ පහළට.තව ටිකකින් එයි.'

"මම ගිහින් කතා කරන්නද එයාලට?"

'ඕනි නෑ හ්‍යුන්ග්.එයාලා කිව්වා එන්නම් කියලා.ඔයාලා කාලා ඉන්නකෝ.'

ජිමිනි කිව්වට පස්සේ මම කෑම බෙදාගෙන හොබී ළගින් වාඩි වෙන්න ලෑස්ති වුනා විතරයි කුකී කෑගහන්න ගත්තා.

'ජින් හ්‍යුන්ග්.....මෙතනට එන්න.'

"ඇයි ඔයාට එළිවුනාමත් තනිකම් දෝශේ තියෙනවද කුකී?ඔතන ජිමිනි ඉන්නවනේ;ආයේ මම එන්නේ මොකටද?"

'ජින් හ්‍යුන්ග් මැරි කරලා යන දවසටත් කුකා එයි පස්සෙන්.හ්‍යුන්ග් පරිස්සමින් ඉන්න හොදේ...´

ඔච්චර වෙලා නිදිමතේ හිටපු යුන්ගියා එකපාරටම කියන කොට අපි හැමෝම එකඑක්කෙනාගේ මූනු දිහා බලලා හයියෙන් හිනා වුනා.

'පුලුවන් නම් ඒකත් කරනවා මං.'

ජන්ග්කුක් ඇහැක් ගහලා කියන කොට ජිමිනි එයාගේ ඔලුවට එකක් ගැහුවා.
.
.
.
.
ටික වෙලාවකට පස්සේ ජන්ග්කුක් එයාගේ කෑම ප්ලේට් එකේ තිබුන කෑම ටික උඩින් පල්ලෙන් කාලා දාලා මං ළගට ඇවිත් මගේ කෑම එකෙනුත් කන්න පටන් ගත්තා.

මේ කොල්ලා කොහොමහරි එයාට ඕනි දේවල් කරගන්නවා....

'හ්‍යුන්ග් අද-ම-ගේ පා-ට්-න-ර් වෙන්-න හරිද?'

කටේ කෑමත් පුරවන් ජන්ග්කුක් ආයෙත් කියවන්න ගන්න කොට නම් මට තරහා ගියා.

"ජන්ග්කුක් මම කියලා තියෙනවා නේද කනකොට කතා කරන්න එපා කියලා??"

'මට මතක නෑ හ්‍යුන්ග්.ඒකෙන් වැඩක් නෑ,කියන්නකෝ අද ඔයා මගේ පාට්නර් වෙනවද කියලා?
හැබැයි ඔයා අකැමති වුනත් කරන්න දෙයක් නෑ.මම එනවා ඔයා ළගට කොහොමත්.'

"ඒක ඒ වෙලාවට බලමුකෝ.දැන් කාලා ඉන්න"

අපි කාලා ඉවර වෙනවත් එක්කම ටේ ජූන් දෙන්නත් ආවා.

කොහොමහරි හය වෙනකොටම අපිට පිටත් වෙන්න පුලුවන් වුනා.අපි ඉන්නේ අපේ වැකේශන් එකේ වුනත් කම්පැනි එකෙන් සැලකිය යුතු තරමේ ගාඩ්ස්ලා ප්‍රමාණයක් අපිත් එක්ක එව්වා.

එයාපෝට් එකට ආවට පස්සේ අපිටම වෙන්වුන ෆ්ලයිට් එක ළගට අපි හැමෝම පිය මැන්නා.හැමකෙනෙක්ම ඇතුළට ගියාට පස්සේ මමයි,ජූනුයි තව ගාඩ්ස්ලා කිහිප දෙනෙකුයි අන්තිමට ෆ්ලයිට් එකට ගොඩ වුනා.

'ජින් හ්‍යුන්ග්.....මෙතනට එන්නකෝ.´

මට හිතන්නවත් වෙලාවක් ඉතිරි නොකර ටේ මාව එයා ළගින් වාඩි කරව ගත්තා.

ඒත්,
ජන්ග්කුක්....

එයා මම එනකම් බලන් ඇති.පව්....මගෙ පොඩි එකා.එයා මාත් එක්ක තරහා වෙයි.
ඒත් මට ටේට බෑ කියන්න පුලුවන්කමකුත් නෑ.ටේයි ජිමිනියි හැමවෙලේම ජන්ග්කුක් එක්ක රන්ඩු කරගන්නවා මාව බෙදා ගන්න බැරිව.එයාලා හැමවෙලේම කිව්වේ මම ජන්ග්කුක්ට වැඩියෙන් ආදරෙයි,එයාලට කුඩම්මගේ සැලකිලි කියලා.ඒත් මම එහෙම කරන්නෑ.මම හැමෝටම එක වගේ ආදරෙයි.
ඒත් ඇත්තටම මොකද්දෝ හේතුවකට මම ජන්ග්කුක් ගැන වැඩියෙන් හොයලා බැලුවා; අපි හත්දෙනා එකටම ඉන්න වෙලාවක වුනත් මගේ ඇස් නිතරම හෙව්වේ ජන්ග්කුක්ව.

මම හෙමීට පිටිපස්ස හැරිලා බැලුවා, ජන්ග්කුක් මොකද කරන්නේ කියලා.මම දැක්කා එයාගේ ඇස් වල කදුලු පිරිලා තියෙනවා.එයා ශටර් එකෙන් එළිය  බලාගෙන ලොකු කල්පනාවක හිටියේ.එයා ගොඩක් දුකින් වගේම තරහෙන් ඉන්නේ කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.

'හ්‍යුන්ග් කොහෙද බලන් ඉන්නේ?
මොනාහරි කියන්නකෝ හ්‍යුන්ග්.මට කම්මැලියි අනේ.´

ටේ නම් මාත් එක්ක එක එක ඒවා කියවනවා ඉවරයක් නෑ.එයා අහන දේවල් වලට මම වෙනසක් නොපෙන්වා උත්තර දුන්නේ මම ටේ ටත් කුකීට වගේම ආදරේ නිසා .ඒත් මගේ හිත තාමත් ජන්ග්කුක් යාලු කරගන්න විදිහ ගැන වද දුන්නා.
.
.
.
.
පැයකට විතර පස්සේ අපි ජේජු වලට ඇවිත් තිබුනා.කොහොමහරි මටයි ටේටයි හොදටම නින්ද ගිහින්.ටේ තාමත් මගේ ශෝල්ඩර් එකේ සනීපෙට නිදි.එයා නිදන් ඉන්න විදිහ දැක්කම මට ඇහැරවන්නත් ලෝබ හිතුනා.

"ටේ නැගිටින්න.අපි ආවා "

"කෝ...කෝ"

"ඉක්මන් කරන්න"

මම ටේව ඇහැරවන අතරේ අනිත් අය අපිව පහු කරන් ගියා.මම දැක්කා කුකී අපි දෙන්නා දිහා අමුතු පෙනුමකින් බලන් ඉදලා කදුලු පුරවගෙන එතනින් යනවා.

අයිගෝ...  මට හරිම මහන්සියි මේ පොඩි අයගේ රණ්ඩු විසදලා.මමමයි හැමදේකින්ම තැලෙන්නේ.

'හ්‍යුන්ග් අපි මෙච්චර ඉක්මනට ආවද?´

අන්තිමට ටේ කොහොමහරි ඇහැරලා මැලි කඩන ගමන් ඇහුවා.ටේත් කුකීටම දෙවනි නෑ ඉතින් නිදා ගන්න ගියාම.

"ඔව් ඔව්,යමු ඉක්මනට.අපි දෙන්නා පරක්කුයි."

අපි දෙන්නා ෆ්ලයිට් එකෙන් බහින කොට අනිත් පස් දෙනා ගාඩ්ස්ලා එක්ක අපි එනකම් බලන් හිටියා.
මම ටේගෙන් ඈත් වෙලා ජන්ග්කුක් ළගට යන්නයි හැදුවේ.ඒත් එයා මාව නොදැක්කා වගේ එතනින් යන්න ගියා.

"ජන්ග්කුකී....පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ.හ්‍යුන්ග් එක්ක තරහයිද?"

'තව ටිකකින් හරියයි හ්‍යුන්ග්.එයාට ඔහොම ඉන්න දෙන්න ටිකක්.´

ජිමින් මගේ උරහිසට තට්ටුවක් දාලා කිව්වේ මගේ හිතේ තියෙන දේ තේරුම් අරන් වගේ.

ජන්ග්කුක් හොබී එක්ක යද්දි මමත් අනිත් අයත් එක්කම ඉස්සරහට ඇදුනේ හැමදේම තව ටිකකින් හරියයි කියලා හිතාගෙන.

To be continued....

කතාව බෝරින් වගේද ළමයි??????ඔයාලට හිතෙන දේ කියන් යන්නකෝ....



Bạn đang đọc truyện trên: AzTruyen.Top