Chapter 19

"මිස්ටර් චෝයි?"

"ජින් අපි පොඩ්ඩක් කතා කරමුද?"

"දැන්? මේ වෙලාවේ? අපි දෙන්නගෙම work time එක දැන් ඉවරයි මිස්ටර් චෝයි."

මම පොඩ්ඩක්වත් මින්හෝට බය වුණ බවක් පෙන්නුවේ නෑ.මම ඔලුව කෙලින් තියන් කතා කරා.

"ඒ වුණාට කමක් නෑ.මට ඔයත් එක්ක ප්‍රොෆෙශනල් දෙයක් නෙවෙයි කතා කරන්න ඕනි ජින්"

"එහෙනම්?
මට ඔයත් එක්ක වෙන කිසිම දෙයක් කතා කරන්න නැහැ.සමාවෙන්න මම දැන් යන්න ඕනි"

"ඔහොම පොඩ්ඩක් ඉන්න.මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.ප්ලීස් "

මම එතනින් යන්න හදනකොට මින්හෝ මගේ අතකින් අල්ලන් නැවැත්තුවා.ඒ මනුස්සයගේ ඇස් වල කදුලු පිරිලා තිබ්බා.
හොඳයි මේ මිනිහා දැන් මොකාටද මේ එන්න හදන්නේ?

"ඕකේ!.මම ඔයාට විනාඩි තුනක් දෙන්නම්.කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න,මට පරක්කු වෙනවා"

මම මගේ අත එයාගෙන් ඇදලා අරගත්තා.

"ජින් මම කාලෙක ඉදන් එක හීනයක් පස්සේ දුවනවා.දැන් මම ඒක ළඟටම ඇවිත් ඉන්නේ..ඒත් තාමත් එක හිස්තැනක් තියෙනවා මට ඒක ළඟා කරගන්න බැරි වෙන්න."

"මට තේරෙන්නෑ ඇයි ඔයා මට ඒ දේවල් කියන්නේ කියලා. මට ඔය දේවල් කිව්වා කියලා වැඩක් වෙන්නෑ මිස්ටර් චෝයි.
ඔයා අපි දෙන්නගෙම කාලේ නාස්ති කරනවා"

"ඔයාට නැතුව මම වෙන කාටද කියන්නේ? මොකද මට උදව් කරන්න පුලුවන් එකම කෙනා ඔයා විතරයි ජින්"

මින්හෝ හරිම dramatic විදිහට කිව්වා.මන් දන්නවා මේ මනුස්සයා ඊළඟට මොකද්ද කියන්න හදන්නේ කියලා.
මට මෙතනින් අතුරුදහන් වෙලා යන්න ක්‍රමයක් තිබ්බා නම් කියලා හිත හිත ඉන්නකොට මගෙ ෆෝන් එක vibrate වුණා.
අනිවාර්‍යෙන්ම කුකී වෙන්නැති.කෝල් එක කුකීගෙන් කියලා දැක්කම මම මින්හෝට හොරෙන් කෝල් එක answer කරලා හෙමීට මගේ ට්‍රවුසර් පොකට් එකට ෆෝන් එක දැම්මා,මේ වෙලාවේ කරන්න පුලුවන් හොඳම දේ ඒක කියලා හිතලා.

"මම කොහොමද ඔයාට උදව් කරන්නේ?
ඔයාගේ හීනෙට යන්න බැරි නම් ඔයා වෙන පාරකින් උත්සාහ කරලා බලන්න මිස්ටර් චෝයි.මෙතන මට කරන්න පුලුවන් කිසිම දෙයක් නැහැ."

"නෑ ඔයාට පුලුවන්.මොකද මගෙ හීනේ ඔයා ජින්.."

"මට තේරුණේ නැහැ?"

"මම ඔයාට ආදරෙයි ජින්.අවුරුදු ගානක ඉදන් මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන්නේ.ඔයා හින්දම මම මහන්සි වෙලා කොරියෝග්‍රැෆර් කෙනෙක් වුණා..ඊටපස්සේ තවත් මහන්සි වුණා බිග් හිට් එකේම ජොබ් එක අරගන්න..ඉතින් දැන් මම ඔයා ළඟටම,මගෙ හීනේ ළඟටම ඇවිත් ඉන්නේ..මට කියන්න....මට කියන්න...ඔයත් මට ආදරෙයි නේද?"

මේ මිනිහට පිස්සු හැදිලද කොහෙද.. ගහෙන් ගෙඩි එන්නා වගේ එකපාරටම මාත් එයාට ආදරෙයිද අහන්නේ?

"මිස්ටර් චෝයි ඔයා මම හින්දා අපහසුතාවයට පත් වුණා නම් සමාවෙන්න.ඒත් මම gay නෙමෙයි.කරුණාකරලා මං ගැන තියන් ඉන්න බලාපොරොත්තු අත ඇරගන්න.ඒක මටත් හොඳයි, ඔයාටත් හොඳයි."

මම මගේ බෑග් එකත් අරන් එතනින් එන්න හදනකොට මින්හෝ මගෙ අත්දෙකෙන්ම තදින් අල්ලගත්තා.ඒ මනුස්සයගේ ඇස් ගිනිගන්නවා මට පේනවා.
මම මට පුලුවන් උපරිම හයියෙන් මින්හොගෙ ශක්තිමත් ග්‍රහනයෙන් මිදුණා.

"ඔයාට දැනටමත් ලවර් කෙනෙක් ඉන්නවද? "

මින්හෝ මගේ ඇඟිල්ලේ තිබුණ මුද්ද දිහා බලන් එක ඇහිබැමකුත් උස්සලා ඇහුවා.

"ඒක මොකටද ඔයාට? ඔයාට අදාළ නෑ මගේ පර්සනල් දේවල් "

"ඔයා මට කැමති නැත්තේ ඔයාට වෙන කෙනෙක් ඉන්න නිසාද? කියනවා ජින්?"

"මිස්ටර් චෝයි තමුන්ගේ සීමාව පනින්න ලෑස්ති වෙන්න එපා.කරුණාකරලා මට යන්න දෙනවා."

"මට උත්තරයක් දෙනවා ජින්.තමුන් මට ආදරේද නැද්ද?"

"නෑ..
දැන් උත්තරේ දැනගත්තනේ,මම යන්නම්."

"තමුන් වෙනුවෙන් කොච්චර දේවල් මම කරාද? ඒ වෙලත් ඇයි මට ආදරේ නැත්තේ?"

"ආදරේ කියන්නේ මොකද්ද කියලවත් තමුන් දන්නේ නෑ මිස්ටර් චෝයි. ඔය කියන තරම් ඔයා මට ආදරෙයි නම් මට යන්න දෙන්න."

"මේ අවස්ථාව එනකම් මම කොච්චර කල් බලන් හිටියද? එහෙම ලේසියෙන් ඔයාට යන්න දෙන්නේ කොහොමද? "

මින්හෝ මගේ ළඟට කිට්ටු වෙන්න ගත්තා මගේ ලිප්ස් දිහා බලාගෙන එයාගේ ලිප්ස් දිවෙන් තෙත් කරගන්න ගමන්.
මම ටිකින් ටික පස්සට ගියා එකපාරටම දැනුණ බයත් එක්ක.
ඒත් ඇයි මම බය වෙන්නේ? මම බය නැහැ.මට පුලුවන් මාව ආරක්ශා කරගන්න.
මම පිටිපස්සට යන එක නතර කරලා මගෙ දනහිසකින් මින්හෝගේ ප්‍රයිවට් පාට්ස් වලට උපරිම ශක්තියෙන් ගැහුවා.ඒ වැදුනු පාරට මින්හෝ ගිහින් බිමට විසික් වුණා.

මම මගේ බඩු ටිකත් අරගෙන ස්ටූඩියෝ එකෙන් එළියට එන්න හදනකොට මින්හෝ  ආයෙත් නැගිටින්න උත්සාහ කරන ගමන් කතා කරා.

"තමුසේ gay නෙවෙයි කිව්වා නේද? එහෙනම් ජන්කුක් එක්ක මොකටද ලව් කරන්නේ? ඇයි ඌ ගෑනියෙක්ද?"

"මොකද්ද තමුන් කිව්වේ? "

මට මින්හෝ කියපු දේවල් වලට මුලින් බය හිතුණා.ඒ වුණත් කුකී ගැන කියපු ජරා කතාවට මගේ හිත බයට වඩා මින්හෝව ගහලම මරලා දාන්න තරම් කේන්තියකින් පිරිලා ගියා.
ඒ හින්දම මම ගිහින් බිම වැටිලා හිටපු මින්හෝට ආයෙත් ආයෙත් ගැහුවා මගෙ කේන්තිය ඇතිතරම් පිටකරන ගමන්.

"ඔය ජරා කටින් ජන්කුක්ගේ නමවත් කියන්න එපා."

"ඇ-යි ජන්-කුක් ගැන කියන කොට ඔච්චර තර-හ යන්නේ? මම කිව්වා වගේම ඌ ගෑනියෙක් තමයි.නැත්තම් තමුන්ව මෙහෙම දාලා යන්නෙ නෑ නේ.."

"මම එකපාරක් කිව්වා උඹට..තවත් නම් මම ඉවසන්නෑ..ඔය ජරා කට වහගන්නවා."

මම මින්හෝට ගහන්න මගෙ කකුලක් ආයෙත් උස්සන කොට ඒ මනුස්සයගේ ෆෝන් එක මගෙ මූණට ළ‍ං කරලා පෙන්නුව දෙයින් මගේ මුළු ඇඟම පණ නැතිවෙලා යනවා වගේ මට දැනුණා..

කුකීයි මමයි කිස් කරන බොහොම පැහැදිලි වීඩියෝ එකක් මින්හෝගේ ෆෝන් එකේ තිබුණා.මම ආයේ ආයේ ඒ වීඩියො එක බලලා කල්පනා කරා ඒ ඇත්තටම ඉන්නේ අපි දෙන්නමද කියලා.
ඒක බොරු එකක් නෙවෙයි.ඊයේ හවස ප්‍රැක්ටිස් ඉවර වෙලා කුකීයි මායි මෙහෙ වොශ් රූම් එකේදි කිස් කරපු එක මින්හෝ හරි ලස්සනට capture කරන් තිබ්බා.ඒක බලන ඕනි කෙනෙක්ට ලේසියෙන්ම තේරෙනවා ඒ ඉන්නේ අපි දෙන්නා කියලා.
මුලු ලෝකෙම මගෙ ඇස් ඉස්සරහා කඩන් වැටෙනවා වගේ හැඟීමක් මට දැනුණා..මගේ කකුල් පණ නැති වෙලා මම එතනම බිමට වැටුණා.

"මම ආයෙත් අහනවා ජින්..තමුන් gay නෙමෙයිද? දැන් කියන්න එපා මේ ඉන්නේ තමුසේ නෙමෙයි කියලා"

මින්හෝ හෙමීට නැගිටලා මගෙ ළඟට අඩි තිබ්බා.

"ම-ම.."

මට කතාකරගන්නවත් පණක් තිබ්බේ නැහැ..ඔච්චර කල් පරිස්සම් කරපු රහස එක තත්පරයකින් මුලු ලෝකෙම දැනගන්නයි යන්නේ..

"ඔව් ඔයා තමයි.ඉතින්? "

දැන් වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි.තව මම මෙතන මොනවා කිව්වත් වැඩක් වෙන්නෑ..මට ආයෙත් ඒ ජරා මිනිහගේ කටින් මගෙ කුකී ගැන නරක දේවල් අහන්න ඕනිත් නෑ.

"ඔව් ම-ම තමයි ඒ ඉන්නේ.. මම gay තමයි,හැබැයි එයා වෙනුවෙන් විතරයි..දැන් අහගත්තනේ.සතුටුද තමුසෙට?"

මගේ ඇස් වලින් කදුලු ගලාගෙන යනකොට, මූනේ ලේ පිහිදන ගමන් මගේ ළඟට එන මින්හෝ දිහා මම හිස් ඇස් වලින් බලන් හිටියා.
මින්හෝ ඇවිත් මගෙ කම්මුලකට හයියෙන් ගැහුවා.මගෙ තොල් පැලිලා ලේ ගලනවා මට දැනුණා.
මම කුකීව මේ වෙලාවේ බලාපොරොත්තු වුණා.එයාට කරදරයක් වෙලාද කියලා හිතලා මම තවත් බය වුණා..
මට මෙතනින් නැගිටලා දුවන්න ඕනි.මට මුලු ලෝකෙන්ම හැංගෙන්න ඕනි මගෙ කුකී එක්ක.ඒ වුණාට මාව පොළොවට ඇලවිලා වගේ දැනෙන්නේ..මට හෙලවෙන්නවත් බැරි තරමට මම දුර්වල වෙලා හිටියා..

"කියනවා ජින්..මමද?ජන්කුක්ද?
ඔයාලා හැමෝගෙම අනාගතේ තීරණය වෙනවා මගෙ අතින්..සෝ හොඳට හිතලා බලලා උත්තරයක් දෙනවා."

මින්හෝ එහෙම කියලා මගේ මූණට ළ‍ං වුණා..ඒ මිනිහගේ ජරා හුස්ම මගේ මූණ ළඟින්ම දැනෙනකොට මම මට පුලුවන් උපරිම ශක්තිය අරන් ඌව තල්ලු කරන්න යනකොට මින්හෝ විසික් වෙලා ගිහින් මට ගොඩාක් ඈතින් බිමට වැටුණා මම බොඳ වුණ ඇස් වලින් දැක්කා..

"කු-කී.."

කුකී ගොඩක් හයියෙන් මින්හොට බනින ගමන් එයාට හොඳටම ගැහුවා..කුකී ගිනිගන්නවා..එයා ඒ ගින්නෙන් මින්හෝව පුච්චලා දානවා.

"මගෙ ජින්ට ළං වෙන්න හිතුවෙවත් කොහොමද උඹ? මම අද උඹව ඉතුරු කරන්නෑ.."

"කු-කී ඕක නවත්-තන්න.
එපා..දැ-න් ඇති..ඔය මිනිහා මැරෙයි"

"ජන්කුක් ඕක නවත්තන්න.."

සේජින් හ්‍යුන්ග් ඇවිත් ජන්කුක්ව නවත්තනකම්ම එයා මින්හෝට ගැහුවා..
මින්හෝ සිහිය නැතිව වැටිලා හිටියා..
කුකීව නැවැත්තුවේ නැත්තම්  අනිවාර්‍යෙන්ම මින්හෝ එතනම මැරෙනකම් එයා මින්හොට ගහනවා.ඒ තරමට කුකී එයාගේ පාලනයෙන් මිදිලා හිටියා.

මම බොහොම අමාරුවෙන් නැගිටින්න උත්සාහ කරනකොට කුකී මගෙ ළඟට ආවා..එයාගේ අත්වල මින්හොගේ ලේ ගෑවිලා තිබ්බා..

"මට මේ ජරා ලේ ගෑවුණ අත්වලින් ඔයාව අල්ලන්න ඕනි නෑ.මම ගිහින් හෝදගෙන එන්නම් "

කුකී මම උත්තරයක් දෙන්න කලින්ම එතනින් ගියා.

සේජින් හ්‍යුන්ග් බිග් හිට් එකේ ම වැඩ කරන ඩොක්ටර් කෙනෙක්ට කතා කරලා එතනට එන්න කියලා මගේ ළඟට ඇවිත් මාව නැගිට්ටුවා.

"ජින් ඔයා හොඳින්ද?"

"න් නෑ."

"වීඩියෝ එක ගැනද හිතන්නේ? ඒක දැන් වෙලා ඉවරයි.බය නොවී ඉන්න අපි ඒකට මොකක් හරි කරමු."

"හ්‍යු-න්ග් දන්නවද ඒක ගැන?"

"ඔව්.අපිට ෆෝන් එකෙන් හැමදෙයක්ම ඇහුණා."

"හ්‍යුන්ග් අ-පි ගැන මැනේ-ජ්මන්ට් එක-ට දැනුම් දෙනවද?"

"මම එහෙම නොකර ඉන්න කැමතියි ජින්.ඒත්..මින්හෝ දැනටමත් වීඩියෝ එක share කරලද කියලා සැකයි.
මම කිව්වා ඔයාලට පරිස්සම් වෙන්න කියලා.ඇයි කිසිම වගකීමක් නැතුව වැඩ කරේ? මට මුල ඉදලම ඔය දෙන්නා ගැන සැක හිතුණා.ඒත් මම කටවහන් හිටියේ ඔයා ගැන විශ්වාස කරලා ජින්.ජන්කුක් නැතත් ඔයා වගකීමෙන් වැඩ කරයි කියලා මම හිතුවේ.."

"මට සමා-වෙ-න්න හ්‍යුන්ග්"

"දැන් හැමදෙයක්ම සිද්ද වෙලා ඉවරයිනේ.අපිට හැඟීම් ඇතිවෙන එක සාමාන්‍යයි.අපිට හැමදාම ඒවා හංගන් ඉන්න බෑනේ.
දැන් මේ ප්‍රශ්නේ කොහොමහරි විසදගන්න බලමු"

සේජින් හ්‍යුන්ග් මගේ උරහිසට තට්ටු කරන ගමන් කිව්වා.සේජින් හ්‍යුන්ග් අපිට  සපෝට් කරන එක මේ වෙලාවේ ලොකුම සහනයක් වුණා.
මම එතනම බිම වැටිලා තිබුණ මින්හෝගේ ෆෝන් එක අරගෙන වීඩියෝ එක ඉක්මනට ඩිලීට් කරලා සේජින් හ්‍යුන්ග්ට ආයෙත් ෆෝන් එක දුන්නේ එයා ඒක ටෙක්නිකල් ටීම් එකට දෙන්න ඕනි කියපු නිසා.
ඊට ටිකවෙලාවකට පස්සේ ඩොක්ටර් ඇවිත් එයාගේ crew එකේ අයගේ උදව්වෙන් මින්හෝව එතනින් අරගෙන ගියා ට්‍රීට්මන්ට්ස් වලට.

"ඔයා දන්නවද ජින්? මින්හෝ කියන්නේ මානසික රෝගයක් තියෙන කෙනෙක්.මම ඒක හොයාගත්තේ අද.එයා ඔයා හින්දම ලෙඩ වෙලා."

"එහෙමද? මම හින්දා කීදෙනෙක්ට නම් කරදර සිද්ද වෙලාද?"

"ඔයා ඒ ගැන වද වෙන්න ඕනි නෑ හ්‍යුන්ගී..ඔයා හින්දා කාටවත් කරදර වුණේ නෑ."

කුකී ගොඩක් වෙලා අරන් අත් හෝදගෙන  ඇවිත් මාව හග් කරගත්තා. එයාගේ තද රතුපාට ඇස් එයා අඬලා කියලා මට කිව්වා..

"ඔයා හොඳින්ද? මට සමාවෙන්න ඔයාට ඕනිම වෙලාවෙ ළඟ ඉන්න බැරි වුණාට.දැන් බය වෙන්න එපා මම ඉන්නවනේ..හරිද?"

තුවාල වෙලා තිබුණ මගේ තොල්වල කැටිගැහුණ ලේ උඩ කුකී හෙමීට අතගාන කොට මට කියාගන්න බැරි තරමේ ආරක්ශාවක් දැනුණා.

"මට කරදරයක් නෑ කුකී..ඒ-ත් අර වීඩියෝ එක"

"ඒක ගැන අපි දැනට නොහිතා ඉමු හ්‍යුන්ගී..එන දේකට අපි මුහුණ දෙමු.මොනදේ සිද්ද වුණත් අපි දෙන්නා එකටම ඉන්නවා! "

කුකී එහෙම කිව්වට මගේ හිතේ නොසන්සුන්කම නම් පොඩ්ඩකටවත් අඩු වුණේ නෑ.
ළ‍ඟදිම අපිව ලොකූ ආගාධයකට ඇඳිලා යනවා කියලා මගේ හිත කියද්දි කුකී මාව වාරු කරගෙන යනකොට සේජින් හ්‍යුන්ග් මින්හෝ ගැන බලාගන්නම් කියලා කියනවා මට හීනෙන් වගේ ඇහුණා.

                                ****














Bạn đang đọc truyện trên: AzTruyen.Top