Chapter 18
කොන්සට් එකට ලෑස්ති වෙන අතරේ අපිට රන් එපිසෝඩ්ස් කීපයක්,තව පොඩි පොඩි ශූට්ස් වගයක් කරන්න තිබ්බා.
ඒ හැම දවසකම රින් එක මගේ වගේම කුකීගේ ඇඟිල්ලෙත් තිබ්බා.කුකී ඒක දාගෙන ඉන්නවා ඈත ඉදන් බලන් ඉන්නකොට මගෙ හිතට අමුතු සතුටක් දැනුණා..
කුකී නිසා හැම මොහොතක්ම සතුටින් ඉන්න මට පුලුවන් වුණාට ළඟකදි ඉදන් මගේ හිතේ සැනසීම උදුරගන්න අපෙ අලුත් කොරියොග්‍රැෆර් චෝයි මින්හෝට පුලුවන් වුණා..මින්හෝ ගොඩක් උසයි.හැන්ඩ්සම් කියලා කියන්න පුලුවන්,හැබැයි මගෙ ජන්කුකී තරම් නම් කොහෙත්ම නැහැ.එයා මට වඩා ටිකක් වැඩිමහල්.
ඒ මනුස්සයාගේ අවධානය තාමත් මගෙ දිහාවට තිබුණා අඩුවක් නැතුව..ඒක මාව නොසන්සුන් කරා..ඉස්සර ඈත ඉදන් බලන් හිටියට දැන් මේ මනුස්සයා මාව අල්ලන්නත් එනවා.අනිත් මෙම්බර්ස්ලට එහෙම කරන්නෑ.ඔව් ඉතින් එහෙම කරන්න වුවමනාවක් නැහැ මොකද මම නටන්න දක්ශ නෑ නේ එයාලා වගේ..මින්හෝ මගෙ වැරැද්දක් හොයන් මගෙ ළඟටම,ළඟටම කිව්වේ හොඳටම ළංවෙලා මගෙ අත් වලින්,ඉනෙන් අල්ලන්, හරි dance moves කියලා දුන්නා..මීට කලින් වෙන කිසිම කොරියොග්‍රැෆර් කෙනෙක් එහෙම කරල නෑ.එයා මාව එහෙම අල්ලන හැම වෙලාවකම මම ඈත් වුණා ආචාරශීලී විදිහට..ඒක මට හරිම අපහසුවක් ගෙනාවා වගේම පිළිකුලක් ඇති කරා..ඒ වෙලාවට මම කුකී දිහා බලන කොට මම දැක්කා එයා හයියෙන් හුස්ම ගන්න ගමන් එයාගේ ඇස් කේන්තියෙන් ගිනිගන්නවා..
මින්හෝ මට ළං වෙන හැම පාරම කුකී මගේ ළඟට ඇවිත් එයා මට කියලා දෙන්නම් කියලා මාව එක්කන් එළියට ආවා..
අදත් එහෙම දවසක්..මට දැන් ඇති වෙලා මේක..අද නවත්තයි හෙට නවත්තයි කියලා බලන් හිටියට මේ මිනිහා මගේ වැරැද්දක් නැතුවමත් මාව අපහසුතාවයට පත් කරනවා..කුකී මෙච්චර කල් බොහොම අමාරුවෙන් ඉවසන් හිටියා.තවත් එක දවසක් හරි එහෙම කරොත් මට විශ්වාසයි කුකී මින්හෝව මරලා දානවා..කුකී ඒ තරමට කේන්තියෙන් හිටියේ..මටත් කේන්ති ගිහින් හිටියේ..මම කොච්චර ප්‍රතික්ශේප කරත් ඒ මිනිහා නතර කරන පාටක් පේන්න නෑ..
"ජින් ඔයා අදත් වරද්දනවා.."
මින්හෝ මගේ ළඟට එන ගමන් කිව්වා.මම ඉබේම අඩියක් පස්සට ගියා..
"මිස්ටර් චෝයි මම ඔයා කියන විදිහටනේ කරේ..මම හිතන්නේ මම අද වැරැද්දුවේ නැහැ.."
"ඔව් ජින් හ්‍යුන්ග් වැරැද්දුවේ නෑ..එයා හරියට කරා..මිස්ටර් චෝයි මන් හිතන්නේ අද ඔයාට වැරදිලා."
"හෝසොක් ඔයා ජින් නටන දිහාද බලන් හිටියේ?"
"ඔව්.මම සාමාන්‍යයෙන් එහෙම කරනවා."
"ඔයා ජින් ගැන වද වෙන්න ඕනි නෑ..මම බලාගන්නම් එයා ගැන.ඒක මගෙ ජොබ් එක"
"එහෙනම් මිස්ටර් චෝයි ඔයා ඔයාගෙ ජොබ් එක හරියට කරන්න.මම නම් ඔයා ඒක හරියට කරනවා කියලා හිතන්නෑ..
මම දැන් කීපපාරක්ම වැරැද්දුවා,ඒත් ඔයාට ඒක ගැන කිසි ගානක් නෑ.ඒත් හරියට කරපු ජින් හ්‍යුන්ට බොරුවට කෑගහනවා.මට දැනගන්න පුලුවන්ද හේතුව?"
"ම-ම ම ආහ්හ් ජන්කුක් ඔයා මගේ වැඩ ගැන හොයන්න ඕනි නෑ.තමුන් වැරැද්දුවා නම් ආයේ හරියට කරනවා.."
"මම අහපු දේට උත්තරේ හම්බුනේ නෑ.
ඒත් ජින් හ්‍යුන්ග්ට හේතුවක් නැතුව ආයෙත් මෙහෙම කරොත් අපි මැනේජ්මන්ට් එකට කම්ප්ලේන් කරනවා."
"ඊට කලින් මම තමුන්ලා ගැන කම්ප්ලේන් කරනවා.කරුණාකරලා මම කියන විදිහට වැඩ කරන්න,නැත්තම් පසුතැවිලි වෙන්න වෙයි."
"මොකද්ද තමුන් කිව්-"
වෝනින් එකක් දෙන විදිහට කියලා එතනින් යන්න ලෑස්ති වුණ මින්හෝට කුකී ගහන්න ගියා.
ඒත් යුන්ගියි,මායි එයාව නැවැත්තුවා..
"ජන්කුක් ඕක නවත්තන්න!"
මින්හෝ මට කැත ස්මර්ක් එකක් දීලා එතනින් ඉක්මනට යන්න ගියා..
"මේ වගේ වෙලාවට ඔහොම කලබල වෙලා බෑ ජන්කුක්.පොඩ්ඩක් ඉවසපන්"
"ඉවසන්නේ කොහොමද යුන්ගි හ්‍යුන්ග්? ඒකා අපි කවුරු කියලද දන්නෑ හිතන් ඉන්නේ"
"දැන් උඹ මින්හෝට ගැහුව නම් ඒක ඌටමයි වාසි වෙන්නේ.කොහොමත් ඕකාට තව වැඩි කාලයක් උඩ පනින්න හම්බෙන්නෑ.
බය වෙන්නැතුව ඉන්නකෝ.අපි මොකක් හරි කරමු."
"අපිට දැන්ම කම්ප්ලේන් කරන්න බෑ මැනේජ්මන්ට් එකට.අන්තිමට ඒකටත් වැරදි වෙන්නේ ජින් හ්‍යුන්ග්ව.ඒ හින්දා අපි ටිකක් බලමු තව"
"මම තවත් නම් ඉවසන්නෑ නම්ජුනි හ්‍යුන්ග්..මම ඕකව මරල දානවා ආයේ මගෙ ජින් හ්‍යුන්ග්ට කරදර කරොත්."
"කුකී සන්සුන් වෙන්නකෝ..මට මොකුත් වුණේ නෑ නේ..මම හොඳින්.ඔයා බය වෙන්න එපා. මම ඒ මනුස්සයා මට කරදරයක් කරනකම් බලන් ඉන්නෙ නෑ.."
කුකී හයියෙන් හුස්ම ගන්න ගමන් මන් දිහා බලන් හිටියා.මට එයාව කිස් කරලා හග් කරන්න ඕනි.එයාව සන්සුන් කරන්න පුලුවන් එකම විදිහ ඒක.ඒත් මෙතන මට එහෙම කරන්න බැරි එකට මම ගොඩක් දුක් වුණා..
දැනටමත් මින්හෝ කුකී එයාට ගහන්න ගියපු එක මැනේජ්මන්ට් එකට කියලද දන්නෑ.මම එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරලා කුකීගේ ඇස් දිහා බලන් එයත් එක්ක ඇස් වලින් කතා කරා..
මින්හෝ ගියාට පස්සේ අපි තව ටිකක් වෙලා නිකන්ම බිම වාඩිවෙලා හිටියා.කවුරුත් මොකුත් කතා කරේ නෑ..හැමෝම මහන්සි අරින ගමන් හිටියා.මම කුකී ළඟින් වාඩි වෙලා එයාගේ අතක් හෙමීට අතගෑවා.
නම්ජූන් ගිහින් සේජින් හ්‍යුන්ගෙන් අවසර අරගෙන ඇවිත් අපිට ගෙදර යන්න කිව්වා.ඒ වුණාට නම්ජූන්ට තව ඩොකියුමන්ට්ස් වල වැඩ වගයක් කරන්න තියෙනවා කියලා නැවතුණා..එයත් එක්කම යුන්ගිත් නැවතුණා එයාගේ වැඩවගයකට.
අපි අපාට්මන්ට් එකට ආවට පස්සේ මම කුකී එක්කම වොශ් ගන්න ආවා..මට කාලෙක ඉදන් ඕනි වෙලා තිබ්බා එයත් එක්කම වොශ් ගන්න..
බාත් ටබ් එකේ සීතල වතුරේ මම කුකීගේ අත් අතර උණුහුමට ගුලිවෙලා හිටියා නිහඬවම..මට එයාගේ හාට්බීට් එක ලස්සන සංගීතයක් වගේ ඇහුණා..
"හ්‍යුන්ගී.."
"ම්ම්..."
"ඔයා බය වෙන්න එපා.මින්හෝගේ ප්‍රශ්නෙ අපි ඉක්මනට විසඳගමු.හරිද?"
"හ්ම්ම්..මම බය වෙන්නේ මොකටද මගෙ කුකී මගෙ ළඟින්ම ඉන්නකොට.ඒ වුණාට මට බයයි ඔයාට කේන්ති ගියාම කරදරයක් වෙයි කියලා.."
"මට මාව පාලනය කරගන්න බැරි වෙනවා ඒ මිනිහා හ්‍යුන්ගිට ළං වෙන වෙලාවට.මාව ඇතුළාන්තයෙන් පිච්චෙනවා වගේ..මට මාත් එක්කම තරහයි මම ඉන්නකොට මගෙ ඇස් ඉස්සරහම වෙන මිනිහෙක්ගේ හුස්මක්වත් හ්‍යුන්ගිට ළඟින් දැනෙනකොට"
"ඉතින් ඔයා මාව හැමවෙලාවකම ඒ මිනිහගෙන් බේරගත්තානේ.මට කරදරයක් වුණේ නෑනේ කුකී.."
කුකීගේ ඇස් වලට කදුළු පිරිලා, කම්මුල් දිගේත් කදුළු බිංදු එක දෙක ගලාගෙන ගියා..මම ඒ හැම කදුළකටම පොඩි හාදුව ගානෙ දෙනකොට කුකීගේ අත් මගේ ඉන වටේ තවත් එතුණා..
"ඒ වුණාට මට බයයි..ඒ මිනිහා ඔයාට කරදරයක් කරයි කියලා.."
"මම මින්හෝට මට කරදරයක් කරන්න දෙන්නෙ නෑ..ඔයා බය වෙන්න එපා කූ"
"මම ඔයත් එක්කම ඉන්නවා.."
"මාත්.."
අපි තව ගොඩක් වෙලා එහෙම්ම ඉදලා එළියට ආවා..
මම අපි දෙන්නට කොෆී දෙකකුත් හදාගෙන මගෙ රූම් එකට ආවා.
කුකී අපිට බලන්න ඇනිමේ එකක් හොයනකොට ජිමින් ඇවිත් අපිට කතා කරා..
"ජින් හ්‍යුන්ග් අපි ගමනක් යනවා.ඔයාලත් එනවද?"
"කොහෙද මේ රෑ වෙලා යන්නේ ජිමිනා?"
"එච්චර දුරකට නෙවෙයි හ්‍යුන්ග්.රූෆ් ටොප් එකට යන්නේ.ඔයාලා එනවද?"
" බෑ හ්‍යුන්ග්..නිදි මතයි"
"ඇනිමේ බලන්න නිදි මත නැද්ද එතකොට?"
"න් නෑ-"
"අපි එන්නම් ජිමිනා..ඔයාලා යන්න"
මට ජිමින්ගේ අහිංසක මූන දිහා බලන් බෑ කියන්න හිතුනෙ නෑ.
"හරි එහෙනම්.."
ජිමින් ගියාට පස්සේ කොෆි එක බීලා ඉවර කරලා මම කොහොමහරි කුකීව එක්කගෙන රූෆ් ටොප් එකට ආවා.
අපි යනකොට ජිමින් යුන්ගි දෙන්නා පුටු දෙකක හාන්සි වෙලා අහස දිහා බලාගෙන සෝජු බොන ගමන් බර කතාවක හිටියේ.
"ඕහ්හ් හ්‍යුන්ග් ඔයාලා ආවද? අපි හිතුවේ එන එකක් නැහැ කියලා මේ හා තඩියා හින්දා.."
යුන්ගි කුකීගේ කකුලක් කොනිත්තලා එයාගේ gummy smile එක දැම්මා.
"අනේ හ්‍යුන්ග් යන්නකෝ අප්පා වද නොදී..අපි කොහොමහරි ආවා නේ.."
අපි දෙන්නත් එයාලා ළඟින්ම වාඩිවෙලා ඒ දෙන්නගේ සෝජු පාටියට එකතු වුණා..
අපි ගොඩක් දේවල් ගැන කතා කරා..ඒ දෙන්නගේ ආදරෙත් දවසෙන් දවස වැඩි වෙනවා.මට එයාලා දිහා බලනකොට ගොඩක් සතුටු හිතුණා..
එයාලට ජිමින්ලගේ ගෙදරින් කැමත්ත දීලා තියෙන්නේ..ඒත් තාමත් යුන්ගිගේ ගෙදර අයට එයාලා ගැන කියලා නැහැ..
අපි දෙගොල්ලම එකම බෝට්ටුවේ වගේ..ඒත් ඒ දෙන්නා හරිම සාමකාමියි.
අපි හැමෝටම හොඳම අවසානයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරා.
"නම්ජූන් ගෙදර ආවද යුන්ගියා?"
"ඔව් හ්‍යුන්ග්.එයා සේජින් හ්‍යුන්ග්ට මින්හෝ ගැන කියලා..සේජින් හ්‍යුන්ග් කිව්වලු ඒ ගැන බලන්නම් කියලා.ඒ ප්‍රශ්නේ ඉක්මනට විසඳෙයි, හ්‍යුන්ග් බය නොවී ඉන්න.."
"හ්ම්ම්.."
මට කියන්න පුලුවන් වුණේ එච්චරයි.නම්ජූන් ගොඩක් හොඳ ලීඩර් කෙනෙක්.ඒ වගේම හොඳ සහෝදරයෙක්!
අපි තවත් එක එක දේවල් කතා කරා..යුන්ගි ගිටාර් එක ප්ලේ කරනකොට මම කුකීගේ අතක් එක්ක මගේ අත පටලවගෙන තරු දිහා බලන් හිටියා.
මේ පොඩි සෝජු පාටිය නිසා මගේ හිත ගොඩාක් සැහැල්ලු වුණා.
අපි තවත් ගොඩක් වෙලාවක් එහෙම්ම ඉදලා අපෙ රූම්ස් වලට ඇවිත් නිදාගත්තා.
<>
පහුවදා මින්හෝ ආවා වෙනදා වගේම කිසිම දෙයක් නොවුණ ගානට..
අපි කවුරුත් එයාට විශේශ අවධානයක් දුන්නේ නෑ.අපි සාමාන්‍ය විදිහට ප්‍රැක්ටිස් කරා..පහුගිය දවස් ටිකේම සේජින් හ්‍යුන්ග්ට අපි ප්‍රැක්ටිස් කරන වෙලාවට ඉන්න ලැබුණෙ නෑ.වෙනදට එයා පොඩි වෙලාවකට හරි බලලා යනවා අපි ගැන..මේ දවස් වල එයා වෙන වැඩ වගයකට හිර වෙලා හිටියා.ඒ වුණාට එයා අද ආවා අපෙ ස්ටූඩියෝ එකට.අපි ප්‍රැක්ටිස් කරනකම් එයත් බලන් හිටියා..මින්හෝ වෙනදා වගේ නැතුව හරිම හොඳ මනුස්සයෙක් වගේ හැසිරෙන්න ගත්තා.ඒ වුණාට ඒ මනුස්සයා මං දිහා බලනවා කීපපාරක්ම මට නෝට් වුණා..මට විතරක් නෙවෙයි කුකීටත්..මගේ ඇඟිල්ලේ දාලා තිබ්බ රින් එක දිහාත් මින්හෝ බලන් හිටියා.
සේජින් හ්‍යුන්ග්නුත් හරිම පරීක්ශාකාරි විදිහට මින්හෝ දිහා බලන් හිටියා..
ඔහොම දවස් දෙකක්ම ගත වුණා..ඒත් සේජින් හ්‍යුන්ග් ඉස්සරහා මින්හෝ අමුතු හැසිරීමක් දැක්වුවේ නෑ.මට වැරදෙන තැන් හරිම හොඳට කියලා දුන්නා ඈත ඉදන්.
සේජින් හ්‍යුන්ග් මට කිව්වා ඒ මනුස්සයගෙන් කෝකටත් පරිස්සම් වෙන්න කියලා..ආයෙත් හදිස්සියක් වුණොත් එයාට හරි මැනේජ්මන්ට් එකේ කාටහරි ඉක්මනට දන්වන්න කියලත්.සේජින් හ්‍යුන්ග් මෙහෙම අපිට සපෝට් කරන එක මට ලොකු සහනයක් වුණා.
අනිත් දවසේ සේජින් හ්‍යුන්ග් ආයෙත් ආවෙ නැහැ එයාගේ වැඩ වලට ගිහිල්ලා නිසා.
ඒ වුණාට මින්හෝ කලින් වගේ නරක විදිහට හැසිරුනේ නෑ..හරි අමුතුයි!
මේ මිනිහා ඒ විදිහට නිශ්ශබ්දව ඉන්න එකත් මාව බය කරා..
මම ආයෙත් කුකී එක්ක නැවතුණා වැඩියෙන් වෙලාවක් ප්‍රැක්ටිස් කරන්න.කුකීව ගෙදර යවන්න හැදුවට එයා යන්නෙ නෑ.විශේෂයෙන් ම මින්හෝ නිසා දැන් නම් කීයටවත් මාව තනියෙන් තියන්නෙ නෑ.
මට පහුගිය දවස් ටිකේම හවස ඉන්න හම්බුනේ නෑ..කොන්සට් එකත් ළඟ නිසා මම ආයෙත් රෑ වෙනකම් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා ඊයේ ඉදන්.මට කුකී ගැන දුකයි.ඒත් මම මගේ උපරිමේ කරන්නත් ඕනි කොන්සට් එකේදි.
ඒත් කුකී එයාට කොච්චර මහන්සි වුණත්
ඒ බවක් පෙන්නුවේ නෑ..මාත් එක්ක හිනාවෙවී අපි දෙන්නම ප්‍රැක්ටිස් කරා..එයා සතුටින්..එයා සතුටින් ඉන්න තාක් කල් මාත් සතුටින්..
"ආහ්හ් මහන්සියි.."
අපි දෙන්නම බිම වාඩිවෙලා හයියෙන් හුස්ම ගත්තා.
"හ්‍යුන්ගී වතුර.."
"අයිගෝ වතුර ඉවර වෙලානේ කුකී.ඉන්නකෝ මම ගිහින් අරන් එන්නම්."
"එපා එපා හ්‍යුන්ගී..අපි දැන් ගෙදර යන ගමන්ම මොනවහරි බොමු."
"හා එහෙනම්"
අපි දෙන්නා නැගිටින්න හදනකොට ම කුකීට සේජින් හ්‍යුන්ග්ගෙන් කෝල් එකක් ආවා..
"සේජින් හ්‍යුන්ග් ටිකකට එන්න කිව්වා නේ හ්‍යුන්ගී..අපි දෙන්නම යමු නේද?"
"මට වොශ් රූම් යන්න ඕනි කුකී..මම එනකම් ඔයා ගිහිල්ලා එන්න"
"මට බයයි ඔයාව තනියම දාලා යන්න."
"මට මං ගැන බලාගන්න පුලුවන් අනේ..ඔයා ගිහින් එන්න.."
"මින්හෝ?"
"ඒ මිනිහා මෙච්චර රෑ වෙනකම් වැඩ කරන්නෙ නැතුව ඇති..ඔයා ගිහින් එන්නකෝ ඉක්මනට.මම පරිස්සමට ඉන්නම්"
"මම ඉක්මනටම එනවා.මෙතනම ඉන්න හරිද?"
"හරී..දැන් යන්න"
කුකී ආයෙත් හැරි හැරී මගෙ දිහා බල බලා සේජින් හ්‍යුන්ග් ළඟට යන්න ගියා..
~මගේ චූටි හා පැටියා...
මම වොශ් රූම් එකට ගිහින් මගෙ වැඩ ටික කරගෙන මූණත් හෝදගෙන,කුකීට ඇඳුම් මාරු කරගන්න වෙන්නෙ නැති නිසා මාත් ප්‍රැක්ටිස් කිට් එක පිටින්ම යනවා කියලා හිතාගෙන වොශ් රූම් එකෙන් එළියට ආවා..
මම එනකොට ස්ටූඩියෝ එකේ හිටපු කෙනා දැකලා මට බය හිතුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්..
"මි-මිස්ටර් චෝයි?"
****
Bạn đang đọc truyện trên: AzTruyen.Top