Chapter 17

අපි ෆ්‍රාන්ස් වලින් කොරියාවට ඇවිත් දැන් සතියක් විතර වෙනවා.. ව'ල්ඩ් ටුවර් එකේ වැඩ සුපුරුදු විදිහටම පටන් ගත්ත නිසා කලින්ට වඩා නැතත් ආයෙත් අපි බිසී වුණා..ඒ වුණාට ගත වුණ සතිය මගේ කලින් ජීවිතේට වඩා ගොඩාක් ලස්සන විදිහට වෙනස් වෙලා තිබ්බා..ජන්කුකී තවත් ආදරණීය වෙලා හිටියා..මම එයාගේ ආදරෙන් හැමදාම දියවෙනවා..මම හීනෙක ජීවත් වෙනවා වගේ හැඟීමක් මට දැනුණේ..මම දිවුරනවා මේ ගත වෙන්නේ මගේ ජීවිතේ මම සතුටින්ම ඉන්න කාලේ...

අපි කොරියාවලට ආවට පස්සේ ලැබුණ දවස් තුනක නිවාඩුවෙදි අපි බූසාන් වල ජන්කුකීලගේ ගෙදර ගියා...අපි දෙන්නා ආදරේ කරන්න පටන් අරගත්තට පස්සේ එහෙ ගියපු පළවෙනි පාර..
කුකීගේ හ්‍යුන්ග් දන්නවා අපි දෙන්නා ගැන..එයා ඉස්සර ඉදන්ම අපි දෙන්නට සපෝට් කරා..ඒ නිසාම කුකීගේ ඔම්මටයි, අප්පටයි අපි ගැන කියන්න එච්චර කරදර වෙන්න වුණේ නැහැ..එයාලා අපිව තේරුම් අරගෙන අපිට කැමැත්ත දුන්නා.එයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේම ආදරණීයයි.

මගේ ගෙදර අය ගත්තොත්,ඔම්මා මාත් එක්ක ගොඩක් එකතුයි,එයා මට ගොඩාක් ආදරෙයි.මම හැමදේම දාලා බිග් හිට් එකට ජොයින් වුණ එකට මුලදි අප්පා මාත් එක්ක හිත හොඳින් නෙවෙයි හිටියේ.ඒත් කාලයත් එක්ක එයා මාව තේරුම් ගත්තා.අප්පාට බිස්නස් ෆීල්ඩ් එකේ හොඳ තැනක් තියෙනවා.එයාට ගොඩක් යාලුවෝ ඉන්නවා.ඒ හැමෝම මං ගැනත් ගොඩක් අවධානෙන් ඉන්නේ..අවධානය කොච්චරක්ද කිව්වොත් අප්පගේ යාලුවොන්ගේ දුවලාගෙන් මට ගොඩක් මැරේජ් ප්‍රපෝසල්ස් එනවා.ඔම්මයි අප්පයි මට කැමති කාලෙකදි මැරේජ් එක ගැන හිතන්න කියලා ඉඩ දීලා තියෙන නිසයි බිග් හිට් එකට පින් සිද්ද වෙන්නයි තාමත් මම ඒවගෙන් බේරිලා ඉන්නවා.
මේ වගේ තත්වයක් තියෙද්දි මට ඔම්මටයි අප්පටයි අපි ගැන කියන්න කිසිම හයියක් තිබ්බෙ නැහැ.ඒත් ඒක ඉක්මනට ම කියන්න ඕනි..මට පොඩි හරි විශ්වාසයක් තියෙනවා අප්පා සමාජ තත්වෙට වඩා මං ගැන හිතයි කියලා..
කුකීගේ හ්‍යුන්ග් තරම් මගේ හ්‍යුන්ග් මට සමීප නැහැ.. එයා එහෙම නරක කෙනෙකුත් නෙවෙයි..ඒත් මට මොකද්දෝ හේතුවකට එයාට ඒ ගැන කියන්න හිත දුන්නැහැ..

මම බයයි දවසක මට කුකීවයි ගෙදර අයයි අතරින් කවුරුහරි තෝරගන්න වෙයි කියලා..ඒක ගැන හිතනකොට මගේ හුස්ම හිරවෙනවා වගේ මට දැනෙනවා.
ඒත්....මට දැන් කුකී නැති ජීවිතයක් ගැන හිතන්නවත් පුලුවන් කමක් නැහැ..
ඒ නිසා මන් ඒ ගැන නොහිතා ඉන්නවා..

අපේ ව'ල්ඩ් ටුවර් එකේ අන්තිම කොන්සට් එක විතරයි තව අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ..ඒක තියෙන්නේ සෝල් වල නිසා අපිට දිග air trips හම්බෙන්නේ නැති එක සහනයක් වුණත් මේක අන්තිම කොන්සට් එක නිසා ඒක වෙනුවෙන් අපිට ගොඩක් මහන්සි වෙන්න වුණා.සමහර සින්දු වල කොරියොග්‍රැෆි වෙනස් කරපු හින්දා ඒවට වෙනම ප්‍රැක්ටිස් වෙන්න වුණා.කොස්ටියුම්ස් වලත් වෙනස්කම් කරා.
ඒ ඔක්කොමත් හරි,අපිට අලුත් කොරියොග්‍රැෆර් කෙනෙක් ආවා.මට ඒ මනුස්සයා ගැන කිසිම හොඳක් දැනෙන්නේ නෑ.හරි අමුතුයි.අපි ප්‍රැක්ටිස් කරනකොට එයාගේ අවධානය ගොඩක් වෙලාවට මට යනවා කියලා තේරෙනකොට මම මගේ උපරිම හොඳට ඩාන්ස් කරා වරද්දන්නැතුව.
ඒත් එයාගේ අවධානය නම් අඩු වුණේ නෑ.කොරියොග්‍රැෆි එකේ මගෙ අතින් වරදින පොඩි පොඩි තැන් අල්ලගෙන එයා මට වෙනම කියලා දුන්නා.මට බැන්නෙත් නෑ.ඒත් ටිකක් තද විදිහට එයා හැමදේම පැහැදිලි කරලා දුන්නා..
~සමහරවිට ඒ මනුස්සයා හොඳ ඇති.
මම වැඩිපුර හිතන එක නතර කරලා සාමාන්‍ය විදිහට අනිත් අයත් එක්ක හිටියා එයාට මගේ අවධානය දෙන්නේ නැතුව.

<>

අපි බූසාන් ගිහිල්ලා ආවට පස්සේ මට කරන්න වැඩක් තිබ්බා.ඒකට හරියන්න ලස්සන වෙලාවක් එනකම් කියලා මං බලන් හිටියට තාම එහෙම වෙලාවක් හම්බුණේ නෑ.ඒ නිසා මම අද ඒකට කාලය දීලා ඒක 'ලස්සන වෙලාවක් 'කරගන්නවා කියලා හිතුවා.
ඩිනර් අරන් ඉවර වෙලා මම කුකී එනකම් යූටියුබ් එකේ 'ජින්කුක්' වීඩියෝ වගයක් බැලුවා..ඒවා මහගොඩක් නැති වුණත් තියෙන ටික හරිම ශෝක්..රණ්ඩු වෙන ඒවා වැඩියෙන් එළියට පේන්න තිබුණට අපි දෙන්නගේ පොඩි පොඩි ඉන්ටරෑක්ශන්ස් දැක්කම හරියට ආදරේ හිතෙනවා..

"හ්‍යුන්ගී..."

"ම්ම්.."

කුකී ඇවිල්ලා එයත් මාත් එක්ක ඒවා බැලුවා හිනාවෙවී..අපි දෙන්නම සාමාන්‍යයෙන් අපෙම වීඩියෝ බලනවා ගොඩක් වෙලාවට..

"හ්‍යුන්ග් අපි දෙන්නා ලයිව් එකක් කරමුකෝ..ගොඩ කාලෙකින් කරේ නෑනේ"

"හා කරමු."

"දැන් කරමු එහෙනම්"

"දැන් ? මෙච්චර රෑ වෙලා?"

"ඔව්."

"එහෙම බෑ නේ.සේජින් හ්‍යුන්ග් බනියි අපිට.එයාට කියලා කරමු."

"එතකන් ඉන්න බෑ හ්‍යුන්ගී..අනේ අපි අද කරමුකෝ.මේ බලන්නකෝ ගොඩක් ආමිලා ඉල්ලලා තියෙනවා අපි දෙන්නගේ ලයිව් එකක්."

"ඒත්-"

දැන් මම මොකුත් කිව්වට වැඩක් නෑ.කුකීට ඕනි නම් ඒක ඕනිමයි..
මමත් එයාට ඕනි දෙයක් කරගන්න ඉඩ දුන්නා.
අපි දෙන්නා රූම් එකේ තිබුණ මගෙ ස්ටඩී ටේබල් එක ළඟ වාඩිවෙලා ලයිව් එක කරන්න ගත්තා..වෙලාව අදාළ නෑ ආමිලා ගොඩක් ඇක්ටිව්.මම ගොඩක් නෝමල් විදිහට හිටියා ලයිව් එකේදි.මගෙ ඩෑඩ් ජෝක්ස් වලට කුකී හයියෙන් හිනාවෙනවා.ලයිව් එක පටන් ගත්ත වෙලේ ඉදන් වැඩියෙන්ම කරේ ඉතින් හිනා වෙන එක තමයි.
කුකී පුරුද්දට මගේ බෙල්ල මසාජ් කරනවා.තව මගේ අත අල්ලන් සෙල්ලම් කරනවා. එයාව එකපාරටම නවත්තන එක හොඳ නැති නිසා මම අපේ ෆයිනල් කොන්සට් එක ගැන කතා කරන්න පටන් ගත්තා.ආමිලා ඒක ගැන ගොඩක් උනන්දුයි.කුකී කොන්සට් එකේ අලුත් ඉවෙන්ට්ස් ගැන ස්පොයිල් කරනකොට නම්ජූන් ආවා අපිත් එක්ක ලයිව් එකට ජොයින් වෙන්න.
එයා ආවට පස්සේ කුකීයි මායි දැන් ආරක්ශිතයි කියලා මට හිතෙන්න ගත්තා.ඒ වුණාට අපි නිසා එයාට කරදරයක් වෙන්න ඉඩ තියන්නත් බෑ.

කුකී කොහොම වුණත් ජූන්ට බයයි.බයයි කියන්නේ එයා ජූන්ට හරිම කීකරුයි වගේම ගොඩක් ගරු කරනවා.ඒ නිසා ජූන් ආවට පස්සේ කුකී පරිස්සමට හැසිරෙන්න ගත්තා.
අපි තුන්දෙනා පැයක් විතර ලයිව් එක කරලා නැවැත්තුවා.හිනාවෙලාම මගෙ කට දෙපැත්තෙන් රිදෙන්නත් අරන්.
නම්ජූන් ලයිව් එකට ජොයින් වුණේ හේතුවක් ඇතුව.එයා බය වෙන්න ඇති..එහෙම බය වෙන එක සාධාරණයි ඉතින්.අපි නිසා නම්ජූන්ට සැනසීමේ නිදාගන්නවත් නැති එකට මට වරදකාරි හැඟීමක් දැනුණා.

"හ්‍යුන්ග් ඇයි එකපාරටම ලයිව් එකක් -"

"ජූන් හ්‍යුන්ග් මම තමයි ජින් හ්‍යුන්ග්ට ලයිව් එකක් කරමු කියලා කිව්වේ."

"මැනේජර්ස්ලා කවුරුත් දන්නෑ එහෙම නේ?"

"නෑ.."

"සමාවෙන්න නම්ජුනා..අපි ආයේ-"

"නෑ හ්‍යුන්ග්.ඔයාලා ලයිව් එකක් කරපු එක නෙවෙයි වැරැද්ද.සමාවෙන්න ඔයාලගේ පර්සනල් දේවල් වලට මෙහෙම අත දානවට..ඒත් අපිට ගොඩක් වෙලාවට හැඟීම් හංගන් ඉන්න අමාරු වෙනවනේ..
මට බය හිතුණා... ඔයාලට කැමරාවක් ඉස්සරහා ඉන්නේ කියලා අමතක වෙයි කියලා.ඒ නිසයි මම ආවේ....අපි හැමෝම වෙනුවෙන්"

"අපිට ඔයාව තේරෙනවා..අපි දෙන්නා ආයේ එහෙම නොකර ඉන්නම්.සමාවෙන්න නම්ජුනා! "

"හ්‍යුන්ග් මම ඉල්ලීමක් කරන්නද? ඔය දෙන්නා පුලුවන් නම් දැනට තව අපේ කවුරුහරි එක්කන් ලයිව් එකක් කරනවා නම් කරනවද? මම බලකරනවා නෙවෙයි.ඒත් ඒක අපි හැමෝටම හොඳයි නේ.."

"හ් -හ රි හ්‍යුන්ග්..ආයේ එහෙම කරන්නම්"

"ප්ලීස් පුළුවන් තරම් පරිස්සමින් වැඩ කරන්න.ගුඩ් නයිට් දෙන්නටම!"

"ගුඩ් නයිට්!"

මට තව දේවල් ජූන්ට කියන්න ඕනි.ඒත් ඒවා එළියට දාගන්න බැරිව හිර වෙලා වගේ..ජූන්ගේ මූණෙන් හොඳටම පේනවා එයා අපි හැමෝම ගැන වද වෙනවා.

"අපිට එහෙම නොකර ඉන්නයි තිබ්බෙ කුකී"

"හ්ම්ම්...ඒත් හ්‍යුන්ග්...අපි දෙන්නා ලයිව් එකේ කිස් කරේ නෑනේ.අපි yeobo වගේ වචන වලින් කතා කරෙත් නෑ එහෙම නේ?"

"නෑ...ඒත්-"

"අපරාදේ...අපි දෙන්නා තව ලයිව් එකකදි අනිවාර්‍යෙන්ම එහෙම කරමු..මට අමතක වුණොත් හ්‍යුන්ග් මට මතක් කරන්න හරිද?"

කුකී තොල් දෙකත් උල් කරගෙන කියන කොට මම පුදුම වුණා.මේ වෙලාවේ මම එයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.

"කුකී....
මේක විහිලු කරන වෙලාවක් නෙ හ්ම්ම්ප්ප්.."

එයා මම කියන්න ගියපු එක සම්පූර්ණ කරන්න නොදී මාව කිස් කරන්න ගත්තා.
මොහොතකට මගේ හිතේ නොසන්සුන්කම අමතක වෙලා ගිහිල්ලා අපි දෙන්නා විතරක් ඉන්න ලෝකේ මම අතරමං වුණා.

මගේ කුකී එහෙමයි..එයා ලොකු ප්‍රශ්න සුළුවට ගන්නවා නෙවෙයි.ඒ ප්‍රශ්න වලින් මාව ඈත් කරලා සතුටින් තියන්න හදනවා...මට ඒක තේරුම් ගන්න ටිකක් කල් ගියා.
එයා තනියම ඒ දේවල් දරාගන්න උත්සාහ කරනවා,හරියට ලොකු මනුස්සයෙක් වගේ.තනියම ප්‍රශ්න වලට විසඳුම් හොයනවා.ඒත් මට එහෙම ඕනි නෑ.මට ඕනි එයත් එක්ක සතුට වගේම දුකත් බෙදාගන්න;ප්‍රශ්න වලට එයත් එක්කම විසඳුම් හොයන්න.ඒත් එයා ඒකට මට අවස්ථාවක් දෙන්නෑ..

කිස් කරලා ඉවර වෙලා එයා මගෙ නළලටත් කිස් එකක් දීලා මාව එයාගේ පපුවට තුරුල් කරන් හිටියා..
නිහඬයි..
මම මොකුත් කිව්වෙ නෑ..
එයා මොකුත් කිව්වෙත් නෑ..
වචන නැතත් ඒ මොහොත ලස්සනයි.
කුකී මගෙ ඔලුව හෙමීට අතගාන ගමන් කතා කරන්න ගත්තා.

"හ්‍යුන්ගී.."

"ම්ම්.."

"වැඩිය හිතන්න එපා."

"හ්ම්ම්...ඒත් මට බයයි.අපි ගැන.අපි හැමෝම ගැන."

"බය වෙන්න එපා අනේ..එයාලා අපිව කම්පැනි එකෙන් දවසක අයින් කරොත් අපි restaurant එකක් දාගමු..හරි ලේසියි..."

"හා..ඒකත් නරක ම නෑ."

"මට විශ්වාසයි අපිට ඒකෙන් සින්දු කියනවට වඩා සල්ලිත් හම්බ කරන්න පුලුවන්,සතුටින් ඉන්නත් පුලුවන්."

"හ්ම්ම්..එහෙනම් එහෙම කරමු.."

අපි දෙන්නම හෙමීට හිනා වුණා.හිනා වුණාට මගේ ඇස් වලින් කදුළු ආවා.

ආයෙත් නිහඬයි..

මට අද කරන්නම් කියල හිටපු වැඩේ මතක් වෙලා මම කුකීගෙන් ඈත් වුණා..

"කුකී...ඔහොම ඉන්නකෝ පොඩ්ඩක්."

"ම්ම්..ඇයි මොකද වුණේ එකපාරටම?"

"ඉන්නකෝ~"

මම බූසාන් ගියාට පස්සේ කුකීගේ හ්‍යුන්ග් එක්ක ගිහින් අපි දෙන්නට මුදු දෙකක් ගත්තා.එක මුද්දක හාට් එකකින් බාගයක් තියෙන විදියට ඒවා ඩිසයින් කරලා තිබුණා.ඒ මුදු දෙක එකතු වුණාම හාට් එකක් සම්පූර්ණ වෙනවා.


මම මුදු දෙක අරගෙන ඇවිත් කුකීව එක්කගෙන බැල්කනි එකට ආවා.

"කුකී මේ..."

"ඔහ්! ලස්සනයි හ්‍යුන්ගී..."

"ඔයා ආසයිද ඒකට?"

"හ්ම්ම්..ඔව්"

"ඔයා ඔන්ලයින් ඕඩර් කරාද මේවා?"

"නෑ..බූසාන් ගියාට පස්සේ ජන්හ්‍යුන් එක්ක ඇවිදින්න ගිහින් ගත්තේ"

"කොයි වෙලාවෙද? මම එතකොට කොහෙද හිටියේ? "

"ඔයා නිදි"

"මම නිදාගන්නකම් ඉදලා ගියා නේද හොරෙන් දෙන්නත් එක්කම?"

"ඔව් ඉතින්.හැබැයි ඔම්මට කියලා ගියේ.."

"අපෙ හ්‍යුන්ග්ටත් ආයේ වෙන දෙයක් ඕනි නෑ ජින් හ්‍යුන්ග් කිව්වම,ලෝකෙම අමතකයි එයාට"

කුකීගේ හ්‍යුන්ග් මගෙ ලොකූ ෆෑන් බෝයි කෙනෙක්.කොච්චරද කිව්වොත් එයා ළඟ RJ ලත් ඉන්නවා..

"ඉතින් හොඳයි නේ.."

"ඒ වුණාට..ඔයා මගේනේ."

"ඔව් මම ඔයාගේ තමයි..
පව් එයා කුකී..ඔයාගේ හ්‍යුන්ග්ටත් ඔහොම ඉරිසියා කරන්න ගත්තම හරිද?"

මට මේ ඉරිසියාකාර හා පැටියා දැක්කම හිනා යනවා..එයා ගොඩාක් කියුට් මේ වෙලාවට..

"ඔව්.හ්‍යුන්ග් වුණත්-"

මම එයාට ඉක්මනට පොඩි පෙක් එකක් දීලා එයාගේ කතාව නැවැත්තුවා.

"කෝ ඔයාගේ අත දෙන්නකෝ."

මම එයාගේ දකුණු අතේ රින් ෆින්ගර් එකට රින් එකක් දාලා මගෙ වම් අත එයාට දුන්නා.

"ම්ම්..දැන් මට දාන්න"

එයාගේ ඇස් තරු වගේ දිලිසෙනවා.ලස්සන හිනාවකුත් එයාගේ මූණෙ ඇදිලා තිබ්බා..
මම ආසයි එයාගේ දිලිසෙන ඇස් දිහා බලන් ඉන්න..මම එයාගේ ඇස් දිහා බලන් ඉන්න කොට එයා මට රින් එක දාලා මගෙ අතට කිස් එකක් දුන්නා..

රෑ අහසයි, හඳයි,තරුයි සාක්ශි දරද්දි අපි මුදු මාරු කරගත්තා..

"කුකී..අපිට අපේ වැඩත් එක්ක මේ මුදු නිතරම අතේ දාගෙන ඉන්න බැරි වෙයි.ඒත් ඔයා හැමදාම මේ මුද්ද ඔයා ළඟම තියාගන්න."

"මම අනිවාර්‍යෙන්ම එහෙම කරනවා හ්‍යුන්ගී..ඔයත් මගේ හදවතේ ඉතිරි කොටස ඔයා ළඟින් ම තියාගන්න."

"හ්ම්ම්..හදවතේ කෑල්ලක් නෙවෙයි කූ..ඔයාගේ සම්පූර්ණ හදවතම මං ළඟ හැමදාම පරිස්සමට තියේවි..."

කුකී මාව මෘදු විදිහට කිස් කරා.ඒ හාදුවේ ආදරය ම විතරක් පිරිලා තිබුණා.
මට මේ මොහොත මගේ ළඟම හිර කරගෙන ඉන්න ඕනි...

~ඉස්සරහට එන්න තියෙන අඳුරු කාලේ ගැන මම කලින් දැනගෙන හිටියා නම් මම ඒ මොහොතෙම හිර වෙලා,අතරමං වෙනවා මොනදේ වුණත්...


****

























































Bạn đang đọc truyện trên: AzTruyen.Top