Chapter 15
කුකී කිස් එක නවත්තන්නේ නැතුවම මාව ගොඩාක් පරිස්සමට බෙඩ් එකෙන් තියලා එයා මගේ එහා පැත්තෙන් ඇල වුණා..තත්පර විනාඩි ගණන් වෙනකම් ඇදිලා ගියපු කිස් එක අපිට හුස්ම ගන්න අමාරු වෙනකොට නතර කරන්න වුණා..
ජන්කුකී මගෙ ඇස් දිහාම බලන් ලේ පිරිලා තිබුණ මගේ කම්මුල් හරිම සිනිඳුවට අතගෑවා..එයා මගේ ඇස් දිහා බලන් හිටියේ අවසර ඉල්ලන්න වගේ...
මම එයාගේ සිනිඳු කෙස් අතරින් මගේ ඇඟිලි යවන ගමන් ආයෙත් එයාව කිස් කරන්න ගත්තා..මන් දන්නෑ මට මොකක් වෙලාද කියලා..එයාගේ ලිප්ස් වලට මාව මත් වෙලා වගේ මට දැනුණා..ඇල්කොහොල් නැතුවම මාව මත් කරන්න එයාගේ චූටි තොල් වලට පුළුවන් වෙලා..මට මොහොතකටවත් එයාගෙන් ඈත් වෙන්න ඕනි වුණේ නැහැ..තව තවත් එයාවම ඕනි වෙන්න ගත්තා..
මම කිස් එක අතරින්ම එයාගේ දුහුල් ශර්ට් එකේ බට්න්ස් ගලවලා ඕපන් කරලා එයාගේ රස්නෙම රස්නේ පපුවට තවත් තුරුල් වුණා..මන් දන්නවා කුකී මම ඒ කරපු දේ එක්ක ගොඩාක් පුදුම වෙන්න ඇති...මටත් පුදුමයි මං ගැන...
ඒත් මට මේ වෙලාවේ ඕනි මගේ කූ විතරමයි....
කිස් එකෙන් පටන් ගත්තු ඒ ලස්සන ගමන ගොඩාක් දුරකට ඇඳිලා යනකොට අපේ කෙටි සුසුම් වල සද්දෙන්,මගේ කටින් කූගේ නම පිටවෙන හීනි සද්දෙන් මුළු රූම් එකේම නිහඬ බව බිඳුනා..
කීපසැරයක්ම අපි අපේම වෙනකොට අපි දෙන්නට ගොඩක් මහන්සි දැනුණත් මටවත් කුකීටවත් මේ මොහොත කීයටවත් නැති කරගන්න ඕනි වුණේ නැහැ..අපි දෙන්නම අපේම ලෝකෙක අතරමං වෙලා හිටියා..
ඇත්තටම කාලේ දැන් නවතිනවා නම්...මට මේ මොහොත ඉවර වෙනවා දකින්න කීයටවත් වුවමනා වුණේ නැහැ..මේ ලස්සන හීනේ හැමදාටම හිර වෙලා ඉන්න මට ඕනි වුණා..
බැල්කනි ලයිට්ස් වලින් විතරක් එළිය වෙලා තියෙන අඳුරු රූම් එකේදි කුකීගේ ලස්සනට තරු වගේ
දිලිසෙන,නොසෑහෙන්න ආදරය පිරිලා තියෙන ඇස් දකිනකොට මම තව තවත් ඒ මලානික එළිය පිරුණු අඳුරට ආසා කරා..
කොච්චර මහන්සියක් දැනුණත් ,ඇස් නින්ද ඉල්ලුවත් මම මගේ කුකීගේ රස්නේ පපුවට තුරුල් වෙලා එයාගේ හැඟීම් ගොඩාක් පිරුණ බෝල ඇස් දිහාම බලන් හිටියා..වචන වලින් නැතත් මම එයාගේ ඇස් එක්ක කතා කර කර හිටියා..එයත් මහන්සි පිරුණු මගේ ඇස් දිහාම බලාගෙන මගේ ඔලුව හෙමීට අතගෑවා..ඒ සනීපෙටම මට නින්ද යන්න ගන්නකොට මම මාව නවත්තන්නේ නැතුව හිටියා..ටිකකින් කුකීගේ සීතල තොල් මගේ නළලේ තැවරෙනවා දැනෙනකොට මම තවත් එයාගේ අස්සටම ගුලි වෙලා නින්දට වැටුණා..
<>
නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබුණ ෆෝන් එක රින්ග් වෙනකොට මගේ සුවපහසු නින්දට බාධා වුණා...
කුකීගේ ලොකු අත් අතර මම පුංචි ළමයෙක් වගේ හිරවෙලා හිටියා..හිරවෙලා කිව්වට ඒක මට අපහසුවක් ගෙනාවෙ නැහැ..මම හෙමීට එයාව ඇහැරෙන්නේ නැතිවෙන්න ෆෝන් එක අර ගත්තා..
"හ්‍යුන්ග් ඔයාලා ලන්ච් ගන්න එන්නෙ නැද්ද? "
"ඔයාලා කන්න ජිමිනා..මට දැන්ම කන්න බෑ වගේ.."
"හ්‍යුන්ග් ජන්ග්කුක් ඔයා එක්ක නෙවෙයිද ඉන්නේ? "
"ආහ්...න් -නෑ නෑ.."
"හරි ඔයා කියන දෙයක් තමා හ්‍යුන්ග්..එහෙනම් අපි කනවා~"
"ඕකේ..."
මම තාමත් උදේ කියලා හිතන් හිටියට දැන් ගොඩක් දවල් වෙලා තියෙන්නේ.කර්ට්න්ස් අතරින් ඉර එළිය ඇවිත් රූම් එක ගොඩක් එළිය වෙලා තිබුණා..
මම ෆෝන් එක තියලා ආයෙත් හෙමීට කුකීගේ පැත්තට හැරුණා..එයා තාමත් හොඳ නින්දක හිටියේ..
එයාගේ බාගෙට ඇරුණු තොල් වලින් එළියට එන පුංචි පුංචි හුස්මවල් මගේ මූණේ වැදෙනකොට මට ඊයේ රෑ සිද්ද වුණ දේවල් එක පෙළට ආයෙත් මතක් වෙන්න ගත්තා..
මගෙ කම්මුල් වලට ලේ පිරෙනවා දැනෙන කොට මම කුකීට තවත් තුරුල් වෙලා එයාගේ සන්සුන් මූණ දිහා බලන් හිටියා..
මනුස්සයෙක් කොහොමද හැමදේකටම පර්ෆෙක්ට් වෙන්නේ?
මගෙ කුකී වයසින් පොඩි වුණාට හැමදේකටම ගොඩාක් දක්ශයි..
එයා දිහා බලන් ඉන්නකොට මගෙ හදවත ආදරෙන් පිරිලා ඉතිරිලා යනවා මට දැනෙනවා..හරියට මාව දියවෙලා යනවා වගේ..මම එයාගේ මූණේ හැමතැනකටම පෙක් ගොඩාක් දීලා අන්තිමට ලිප්ස් වලටත් පොඩි පෙක් එකක් දුන්නා..
"දැන් ඇතිද හ්‍යුන්ග්? "
~ආහ්හ්....මේ මනුස්සයා ඔච්චර වෙලා නිදාගෙන නෙවෙයිද හිටියේ....
කුකී හෙමීට ඇස් ඇරලා බලලා මාව එයාගේ මූණ ළඟට ළං කරගත්තා..එයාගේ දිග ඇස් පිහාටු මගේ කම්මුල් වල ගෑවුණා..
ඒ පුංචි දේට පවා මගේ කොන්ද දිගේ හිරියක් ගලාගෙන යන්න තරම් මට මොකද්දෝ වෙලා..
"ඔ- යා ඔයා නිදාගෙන නෙවෙයිද හිටියේ?"
"නිදාගෙන තමයි හිටියේ..හැබැයි රතුම රතු වෙලා ඉන්න ජම්බු ගෙඩියක් මගෙ මූණට වද දුන්නානේ..ඒ හින්දා ඇහැරුණා.."
එයා මාව ටීස් කරනකොට මම මගේ රතු වෙලා තියෙන මූණ එයාගෙන් හංගගෙන ඩුවට් එක අස්සට ගුලි වුණා..
"කුකී,සේජින් හ්‍යුන්ග් අපිව හොයයි..ඒ හින්දා ඔයා යන්න දැන්.."
"මට බෑ..තව ටිකක් නිදා ගමු හ්‍යුන්ගී..."
එයා මාව තවත් එයාගේ ශක්තිමත් අත් අතර හිර කරගත්තා..
"ඒ වුණාට..එ-"
"අද අපෙ නිවාඩු දවස..ඒ නිසා එයා එන්නෑ.."
"මට බඩගිනී කුකී.."
"එහෙනම් කමු.."
"වොශ් ගන්න ඕනි මුලින්ම.."
"යමු ඉතින්...
මම ඔබේ සේවය වෙනුවෙන් කැපවී සිටින්නෙමි කුමරුනි...ඔබ කියන්නේ කෙසේද ඒ සියලු දේ මම ඔබට ලබාදෙන්නම්..."
කුකී ඩ්‍රාමටික් විදිහට කියලා නැඟිටලා එකපාරටම මාව එයාගේ අත් අතරට අරගෙන වොශ් රූම් එකට එක්කන් ආවේ සිද්ද වෙන්නේ මොනවද කියලා ඔලුවට ප්‍රොසෙස් වෙන්නවත් මට වෙලාවක් ඉතුරු නොකර..
ජන්කුකී මාව පරිස්සමට වොශ් කරා..එයා කවදාවත් මීට කලින් මෙහෙම කරලා තිබ්බේ නැහැ.ඉස්සර මම එයාව බලෙන් වොශ් කරන විදිහ මතක් වෙනකොට මට දැන් ඉන්න කුකීව දැක්කම හිනා ගියා..
ඔහ්...එයා කොච්චර නම් වෙනස් වෙලාද...
කුකී මාව ටීස් කර කර ඒ ටීස් කරන ගානට මාව රතු වෙන කොට මම ඒ මොකුත් නොහිතා මගේ කෙයාරින් බෝයිෆ්‍රෙන්ඩ් දිහා ආදරේ පිරුණු ඇස් වලින් බලන් හිටියා..
දෙන්නම එක වැරම නාලා ඉවර වුණාට පස්සේ එයා මට රොබ් එකක් අන්දවලා මගේ කොන්ඩෙත් ටවල් එකෙන් පිහ දැම්මා..මට ඒ හැමදේම තනියෙන් කරගන්න පුලුවන් වුණත් මම එයාව නවත්තන්නේ නැතුව හිටියා..මොකද මේ වගේ මොහොතක් ආයේ ආවේ නැත්තම්...මම ඒකට ගොඩක් බය වුණා..
"කූ..."
"ම්ම්.."
"මට ඔම්මව මතක් වුණා."
"අපි ඔම්මට කතා කරමු දැන්..අපි ගෙදර ගියපු ගමන් ඔම්මව බලන්න යමු ම්ම්.."
"හා..අපෙ ඔම්මට එයාගේ ආදරණීය ජන්කුකී පුතා නැතුව පාලු ඇති.."
"ඔව්..ඇයි අප්පට?"
"ඔව්..ඔව්..
එයාලට ඉතින් මාව අමතකයිනේ මම ඔයා එක්ක එහෙ ගියපුවම.."
මම බොරු තරහක් මවන් කිව්වා..මගේ ගෙදර අය කුකීට ගොඩක් කැමති එක මට ඇත්තටම සැනසීමක් ගෙනාවා..
කුකී ඉස්සර ඉදන්ම මගේ පවුලේ අයත් එක්ක ගොඩක් එකතුයි..
කුකී පොඩි කාලේ ඔම්මව මතක් වෙනවා කියලා අඩපුවම මම එයාව අපේ ගෙදර එක්කන් ගියා..එතකොට මගෙ ඔම්මා කුකීව එයාගෙම දරුවෙක් වගේ ආදරෙන් බලාගත්තා..තාමත් ඒ ආදරේ වෙනස් වෙලා නැහැ..
ඒත්...අපේ රිලේශන්ශිප් එක දැනගත්තම එයාලගේ රියැක්ශන් එක මොන වගේ වෙයිද කියලා මම ගොඩක් බයයි..
"ඉන්නකෝ මම කියන්න ඔම්මට ජන්කුකීගේ වීරකම් ගැන..එතකොට එයාලා ඔයාව පුතාකමින් අයින් කරයි.."
"මොනවද මම කරපු වීරකම් හ්‍යුන්ගී?"
"ඔම්මගේ ජිනීව දැලේ දාගත්තා..තව ඊයේ රෑ එ-"
කුකී මාව ආයෙත් පුලුන් වගේ උස්සලා අරගෙන බාත් රූම් එකෙන් එළියට එන්න ආවා..
"මාව බිමින් තියන්න....මට යන්න පුලුවන් කුකී.."
"මොකද්ද හ්‍යුන්ග් ඔයා කලින් කියන්න ගියේ?"
"මොකුත් නෑ.."
කුකී මාව බෙඩ් එකෙන් හෙමීට තියලා මට අඳින්න ඇඳුමකුත් ළඟට ගෙනත් දුන්නා..
"හ්‍යුන්ගී..."
"ම්ම්.."
"ඇත්තටම ඔම්මා මාව පුතාකමින් අයින්කරයිද? අපි ගැන දැනගත්තම"
"න් නෑ නෑ කූ..එහෙම වෙන්නෑ...මම ඒක නිකන් කිව්වේ..මම එහෙම දෙයක් අදහස් කරේ නෑ කුකී..එයා-ලා එයාලා ඔයාට ගොඩක් ආදරෙයිනේ..ඉතින් එයාලා තව සතුටු වෙයි අපි ආදරේ කරනවා කියලා දැනගත්තම.."
මගේ ඇස් වලට කඳුලු ඉනුවත් මම ඒක පාලනය කරගෙන කුකීගේ අත් දෙකම තදින් අල්ලගත්තා..
"මමත් එහෙම හිතනවා හ්‍යුන්ගී...ඔයා බයවෙන්න එපා..හැමදේම හොඳට සිද්ද වෙයි.."
"හ්ම්ම්.."
එයා මාව හග් කරගෙන හෙමීට ඔලුව අතගෑවා..
අපි දෙන්නා ටිකක් වෙලා එහෙම්ම ඉදලා කුකී මගේ ඇඳුමකුත් ඇඳගෙන රූම් එකෙන් එළියට ගියා අපි දෙන්නට කෑම අරගෙන එන්න..
පණ්ඩිතකම් කියෙව්වට මට තාමත් අමාරුයි ඇවිදගන්න..අනික මට මේ විදිහට අනිත් අය ඉස්සරහට යන්න බෑ..මම කුකී එනකම් ඇඳට වෙලා බලාගෙන හිටියා එයා ඊයේ ඇඳගෙන හිටපු ශර්ට් එකත් ළඟ තියාගෙන..
කුකී අයිස් කැට ගෙනල්ලා මගේ ඇඟේ මාක්ස් තිබුණ තැන් වලින් තියලා හෙමීට තැව්වා..
අපි දෙන්නා කෑම කාලා ඉවර වෙලා මූවි එකකුත් බැලුවා..වීඩියෝ ගේම් එකකුත් ප්ලේ කරා..අද නිවාඩු දවස හරිම විදිහට ගත කරන්න අපි දෙන්නට පුලුවන් වුණා..කවුරුත් අපිට බාධා කරන්න ආවේ නෑ..සාමාන්‍යයෙන් මෙහෙම දවස් වලට මෙම්බර්ස්ලා තනි තනියෙන් එයාලගේ විදිහට දවස ගත කරනවා..ගොඩක් වෙලාවට කරන්නේ ඉතින් නිදාගන්න එක තමයි..සේජින් හ්‍යුන්ග්නුත් දන්නවා අපි නිදාගන්නවා කියලා..ඒ නිසා එයා අපි මොනවද කරන්නේ කියලා වැඩිය හොයන්නෑ නිවාඩු දවසට ගොඩක් වෙලාවට..
හවස අපි ඩිනර් ගන්න අනිත් අයත් එක්ක එකතු වුණා.
ඒ පස්දෙනා අමුතු විදිහට හිනාවෙවී අපි දිහා බලන් හිටියා.
බැරිවෙලාවත් මෙයාලා දැනගෙනවත්ද?
මම පුළුවන් තරම් සාමාන්‍ය විදිහට ඉන්න ට්‍රයි කරා..ඒත් හැමදාම වගේ මගේ කන්දෙක මට විරුද්ධ වෙනවා..
"සුබ පැතුම් දෙන්නටම!!!"
හැමෝම එකට කියලා හයියෙන් හිනාවෙන්න ගත්තා..මම වටපිට හැරිලා බැලුවා සේජින් හ්‍යුන්ග් හරි අපේ අනිත් මැනේජර්ස්ලා හරි ළඟ පාතක ඉන්නවද කියලා..හොඳ වෙලාවට එයාලා කවුරුත් හිටියේ නෑ..
"හ්‍යුන්ග් අපි තරහයි ඒ වුණාට..ඇයි අපිට නිකමටවත් කිව්වේ නැත්තේ ඔයාලා හනිමූන් ආවා කියලා.."
"ඒවා එහෙම කිය කිය ඉන්න හොඳ නෑ හ්‍යුන්ග්..ඒකයි"
"කිව්වනම් අපිටත් උදව් කරන්න තිබ්බනේ හරියට අර ෆිල්ම් වල වගේ.."
"කමක් නෑ..උදව් කරන්න හැදුවට තැන්ක් යූ හ්‍යුන්ග්"
නවතින්නේ නැතුවම මෙයාලා දිගටම අපිව ටීස් කරනකොට මම මොකුත් නොකියා හරිම අපහසුවෙන් හිනාවෙලා හිටියා..
අපරාදේ එළියට ආවේ..කුකී යන්න බෑ කියලා කියද්දි එයාවත් බලෙන්ම එක්කන් ආවට හොඳ වැඩේ මට.
සමහරවිට කුකී දැනගෙන ඉන්න ඇති මෙයාලා ඒ ගැන දන්නවා කියලා..
අහ්හ්..කොට ජිමිනට කියන්න පුලුවන් කුකී හැරෙනකොට එයා මොනවද කරන්නේ කියලා...
ටික වෙලාවකින් එයාලා ටීස් කරන එක අමතක කරලා වෙන වෙන හිනා යන දේවල් ගැන කතාකරන්න පටන් ගත්තා..
"ඔයාලා දන්නවද සේජින් හ්‍යුන්ග් ඇයි පේන්න නැත්තේ කියලා?"
"නෑ..ඇයි එයාට කරදරයක්ද?"
"ඔව් ඔව්..ලොකූ~ කරදරයක්..
හ්‍යුන්ග් නූනා එක්ක අවුලක් දාගෙන"
"ඔහ්හ්.."
"හැමෝම පරිස්සම් වෙන්න වෙයි එහෙනම්..මූණට හම්බෙන කෙනාට ගහලා දාන්නත් ඉඩ තියෙනවා.."
තවත් වෙලාවක් හිනාවෙවී කතා කර කර ඉදලා අපි ආයෙත් රූම්ස් වලට ආවා..කුකී එයාගේ රූම් එකට වොශ් ගන්න ගියාම මමත් මගේ රූම් එකට ඇවිත් ඔම්මට කතා කරලා පොඩි වොශ් එකක් අරන් නිදාගන්න ඇඳට ආවා..ඒත් මට කුකීව මතක් වෙනවා..කුකී එයි කියලා පුංචි බලාපොරොත්තුවක් හිතේ පැළ වෙද්දි තාමත් ඇඳේ තිබුණ කුකී ඊයේ ඇඳගෙන හිටපු ශර්ට් එකේ සුවඳ බල බල ඉන්නකොට මට කෝල් එකක් ආවා කුකීගෙන්.
"හ්‍යුන්ගී,ඔයාට පුළුවන් නම් දැන් මගෙ රූම් එකට ටිකකට ඇවිත් යන්න එන්න පුලුවන්ද?"
"හා..එන්නම්..ඇයි හදිස්සියක්ද කුකී?"
මම එහෙම ඇහුවේ එයා සාමාන්‍යයෙන් මගේ ළඟට එනවා මිසක් මාව එයා ළඟට ගෙන්න ගන්නේ නැති නිසා.
"නෑ නෑ..එහෙම ලොකු හදිස්සියක් නෙවෙයි.ඒත් දැන්ම එන්න.."
මම මගේ රූම් එකෙන් එළියට ඇවිත් බොහොම පරිස්සමට කුකීගේ රූම් එකට ආවා..
******
Bạn đang đọc truyện trên: AzTruyen.Top