Chapter 12
Jin's pov.
'Love yourself' වර්ල්ඩ් ටුවර් එකේ අන්තිම කොන්සර්ට්ස් ටික ඊළඟ මාසෙන් පටන් ගන්න නිසා අපිට ආයෙත් හුස්ම ගන්නවත් වෙලාව නැති තරමට ම අපි හැමෝම බිසී වුණා.උදේ අටට පටන් අරන් රෑ අට වෙනකොට අපි හැමෝගෙම ප්‍රැක්ටිසස් ඉවර වුණත් මම රෑ දහය වෙනකම් වැඩිපුර ප්‍රැක්ටිස් කරා.ඒ හැම වෙලේම කුකී මගෙ ළඟින්ම හිටියා.එයාට කොච්චර මහන්සි වුණත්,එයාට රෙස්ට් කරන්න අවස්ථාව ලැබුණත් කුකී ඒ ගැන නොහිතා මට ඕනි හැම වෙලාවකම මාත් එක්කම හිටියා.
එයා එයාට පුලුවන් හැම විදියකින්ම මට ආදරේ දුන්නා;පුංචි පුංචි දේවල් වලින් පවා එයා මට ඇතිවෙන්න ආදරේ දුන්නා.
එයාගේ ආදරේ දැනෙන හැම මොහොතකම මේ ලොකේ ඉන්න වාසනාවන්තම කෙනා මම කියලා මට හිතුණා.කුකී මහ ගොඩක් මට ආදරේ දෙනකොට මම කරේ මුළු හදවතින්ම ඒ ආදරේ විඳ ගත්ත එක විතරයි.
මුළු දවස පුරාම මහන්සි වෙලා ගෙදර ඇවිත් කුකීගේ උණුහුමේ නිදාගත්තම මගේ හැම මහන්සියක් ම නැති වෙලා යනවා.මම හිතනවා එයාටත් එහෙම වෙන්නැති කියලා....
ප්‍රැක්ටිසස් පටන් ගන්නේ උදේ අටට වුණාට අපි හැමෝටම බ්‍රෙක්ෆස්ට් රෙඩි කරන්න මම උදේ හයට නැගිටිනවා.
වෙනදට මම උදේට නැගිටිනකොට කුකී මගෙ ළඟින් නිදාගෙන හිටියත් අද එයා හිටියේ නැහැ.මම නැඟිටලා පහළ කිචන් එකට ආවේ කුකී එයාගේ රූම් එකේ නිදාගෙන ඇති කියලා හිතලා.
පහළට ආවට පස්සේ මම කිචන් එකේදි දැක්ක දේ ලෝක පුදුම හත දැක්කටත් වඩා මාව පුදුම කරා.
වෙනදට අන්තිමට ම නැගිටින ජන්ග්කුක් අද හැමෝටම කලින් නැගිටලා අපි හැමෝටම බ්‍රෙක්ෆස්ට් රෙඩි කරනවා.
මම හීනයක් එහෙම දකිනවා නෙවෙයි නේද?
ඇස් දෙක පොඩි කර කර මම ආයෙත් ජන්ග්කුක් දිහා බලන ගමන් එයා ළඟට ගියා.
"ගුඩ් මෝනින් හ්‍යුන්ගී......"
කුකී ඉක්මනට මගෙ ලිප්ස් වලට පොඩි පෙක් එකක් දීලා ආයෙත් එයාගේ වැඩේ කරන්න පටන් ගත්තා.
හොඳයි,එයාට මේ වෙලාවේ මට වඩා උයන එක තමයි වැදගත්ම!
"මොනවද ඔය හදන්නේ? කෝ මට ඕක දීලා ඔයා ගිහින් නිදාගන්න කුකී"
"හ්‍යුන්ග් ඉතින් හැමදාම අපිට කෑම හදලා දෙනවනේ.අද මම කරන්නම්."
එහෙම කියපු එයා මාව උස්සලා කිචන් කවුන්ටර් එකෙන් වාඩි කෙරෙව්වා.
එයා මාව බලාගන්නේ හරියට පොඩි දරුවෙක් වගේ.හැබැයි මම ඒකට ආසයි!
"කුකී"
"ම්ම්.."
"ඔයාට දෙයක් අමතක වෙලා"
"මොකද්ද හ්‍යුන්ග්...?
ආහ්..ඉන්න මම මේක බලලා ඉවර වෙලා හ්‍යුන්ග්ට කොෆී එකක් හදලා දෙන්නම්"
"කොෆී නෙවෙයි"
"එහෙනම්...?"
"කෑම හදන්න ගියාම ඔයාට ඒකත් අමතක වුණාද කුකී...
ආහ්...කෝ මගෙ මෝනින් කිස් එක???"
"හහ්......ඒක තමයි එහෙනම් මේ මූණත් දෙක කරගෙන හිටියේ.."
එයා හයියෙන් හිනාවෙනවා.දැන් ඉතින් මේක මතක් කරලා මාස ගානක් යනකම් මට විහිලු කරයි.කමක් නැහැ.මට මේ වෙලාවේ ඕනි මෝනින් කිස් එක විතරයි!!!
එයා මගෙ ළඟට ඇවිත් මගෙ ලිප්ස් වලට ළං වෙනකොට මම ඇස් පියා ගත්තා.ටිකක් වෙලා ගත වුණත් එයාගේ ලිප්ස් මට දැනුනේ නැති හින්දා මම ඇස් ඇරලා බලනකොට එයා මගෙ මූන දිහා බලාගෙන හෙමීට හිනාවෙනවා.
~කිස් එක අමතක කරා මදිවට දැන් මාව ටීස් කරනවත් එක්ක.
"මම තරහයි ඇත්තටම...ආයේ කතා කරන්නෙම නැහැ."
මම එතනින් යන්න හදන කොට කුකී මාව එයාගේ අත් වලට හිරකරගෙන මගේ ලිප්ස් කිස් කරන්න ගත්තා.මම ඒත් රියැක්ට් නොකර හිටියත් කිස් එක දුර යනකොට එහෙම ඉන්න එක කරන්න අමාරු වැඩක් වුණා.
"මෙහෙම ගියොත් අද ලන්ච් එකට තමයි කෑම රෙඩි කරන්න වෙන්නේ"
මම මුලින්ම කිස් එකෙන් අයින් වුණේ තව දුරටත් මෙහෙම හිටියොත් කිචන් එකේ වෙන්න ඕනි නැති දේවල් සිද්ද වෙයි කියලා බයට.
"ඉතින් හ්‍යුන්ග් නෙවෙයිද පටන් ගත්තේ? මම මගෙ පාඩුවේ උයන කොට හ්‍යුන්ග් තමයි ඇවිත් මට කරදර කරේ..."
කුකී තොල් දෙකත් උල් කරගෙන කියනකොට මම එයා කියන දේවල් ඇහුණේ නෑ වගේ එතනින් ඇවිත් ඩයිනින් ටේබල් එක රෙඩි කරා.
"කෑම ලෑස්තියි...හ්‍යුන්ග් එන්න..."
"තාම මේක හරි නෑනේ කුකී"
"japchae හදන්නේ අනිත් හ්‍යුන්ග්ලට.මම මගේ හ්‍යුන්ගිට වෙන දෙයක් හැදුවා."
කුකී මාව කිචන් එකේම තියෙන පොඩි ටේබල් එක ළඟට එක්කගෙන ගිහින් වාඩි කෙරෙව්වා.
"ඔහ්! කුකී ඔයා මාව හැමදාම ඉම්ප්‍රෙස් කරනවා"
එයා මම කැමතිම විදිහට ඉන්ග්ලිශ් බ්‍රෙක්ෆස්ට් එකක් හදලා ලස්සනට ගානිශ් කරලා තිබුණා.ඒක හරිම කියුට් එයා වගේම!
"ඔව් අනිවාර්‍යෙන්ම! දැන් කාලා බලලා මට රසයිද කියලා කියන්න"
කුකී ඇස් දෙකත් ලොකු කරගෙන මම කන දිහා බලාගෙන හිටියා.
ඇත්තටම එයා ඒක හොඳට හදලා තිබුණා.නරකම නැහැ.
"රසයි!"
මම කිව්වට පස්සේ කුකී සතුටින් උඩ පැන්නා...
"කෝ මට කවන්නැද්ද?"
"නැහැ."
"ඇයි?"
"මේක ඔයා මට නේ හැදුවේ.ඉතින් ඔයාට කවන්නේ මොකටද?"
"අනේ හ්‍යුන්ග් පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්නකෝ...."
"දැන් රොමෑන්ටික් වෙන වෙලාවක් නෙවෙයි කුකී.මුලින්ම කාලා ඉන්න ඕනි"
~හොඳ වැඩේ මාව ටීස් කරාට.දැන් මගේ වාරේ....
"කෝ දෙන්න මන් කවන්නම් එහෙනම්"
"බෑ..හ්ම්ප්ප්."
එයා මට බලෙන්ම කවලා එයත් කෑවා.මම එයාට කැමති දෙයක් කරන්න දීලා බලන් හිටියේ තවත් මෙහෙම හිටියොත් අපිට ප්‍රැක්ටිසස් වලට යන්න පරක්කු වෙන නිසා.
"කුකී....තැන්ක් යූ!"
"හ්‍යුන්ග් මාව මෙච්චර කල් බලාගත්තා නේ.දැන් තියෙන්නේ මගේ වාරේ.අනික හ්‍යුන්ග්ට නැතුව මන් වෙන කාට මේවා කරන්නද? so,no more thank yous!"
"ඒ වෙනුවට මන් මොනවද ඔයාට දෙන්නේ? ම්ම්.."
"හ්‍යුන්ග් ඔයා මට ඕනිවටත් වඩා දේවල් දීලා තියෙනවනේ.ඉතින් හැමදාම මෙහෙම මගේ ළගින්ම ඉන්න,මට ඒ ඇති"
මම කුකීගේ කම්මුලකට කිස් එකක් දීලා එයාව ගොඩක් තදින් හග් කරේ මේ වෙලාවේ මට කරන්න පුලුවන් හොඳම දේ ඒක නිසා.
****
A/N - මේක ඇත්තටම බොළදයි කියලා දන්නවා.ඒත් මේ කියුට් ජින්කුක් සීන් එක නොලියා ඉන්න තරම් මගේ හිත හදාගන්න බැරි වුණා.
Really very sorry for delayed updates!
Bạn đang đọc truyện trên: AzTruyen.Top