Chapter 11

Jin's pov.

අපි ඉක්මනට හොස්පිට්ල් එකෙන්  අපාට්මන්ට් එකට ආවේ තවදුරටත් එතන හිටියොත් අපිව පැපරාසි කාරයින්ට අහු වෙන්න පුලුවන් නිසා.ඒ හොස්පිට්ල් එකේ ඩිරෙක්ටර් නම්ජූන්ගේ හොඳම යාලුවෙක් හින්දා එයාලට ඕනි විදිහටම ප්ලෑන් එක ආරක්ෂිතව කරගන්න එයා උදව් කරා කියලා කුකී මට කිව්වා.ඒත් අපි මේ විදිහට හැසිරෙන එක හරිම භයානකයි.
කොහොමහරි එළියේ මිනිස්සුන්ගෙන් බේරිලා අපාට්මන්ට් එකට ආවත් අපිට සේජින් හ්‍යුන්ගෙන් බේරෙන්න බැරි වුණා.

"කොහෙද කට්ටියම රවුම් ගහන්න ගියේ? කිසිම ගාඩ් කෙනෙක් වත් නැතුව?"

'රවුම් ගහන්න ගාඩ්ලා එක්කන් යන්නෙ කවුද සේජින් හ්‍යුන්ග්?'

අපි හැමෝම රත් වෙලා ඉන්න වෙලාවේ කිසිම ගානක් නැතුව කුකී උත්තර දෙන විදිහට අපි හැමෝම පුදුම වුණා.

සේජින් හ්‍යුන්ග්ට තරහා ගිහින් තවත් මොනවද කියන්න යනකොට ම නම්ජූන් කතා කරා.

"හ්‍යුන්ග්,අපි ප්‍රැක්ටිස් කරලා එනකොට  ජන්ග්කුක්ට බඩ රිදෙනවා කිව්වා.ඒ හින්දා අපි එයාව හොස්පිට්ල් එකට එක්කන් ගියා."

මායි කුකීයි නිසා නම්ජූන්ටත් ඇත්ත වගේ බොරු කියන්න වෙලා.

'පොඩ්ඩක් මට කෝල් කරලා කියන්න ඕනි කියලා එක්කනෙක්ට වත් හිතුනේ නැද්ද?'

"හදිස්සියක්නේ වුණේ හ්‍යුන්ග්.ඉතින් කාටවත් මතක් වුණේ නැහැ."

'හරි දැන් ඔයාට මොකද? ඉන්න විදිහට නම් කිසිම ලෙඩක් තියෙනවා කියලා පේන්නැහැ'

සේජින් හ්‍යුන්ග් ඇහිබැමි ළං කරලා ජන්ග්කුක් දිහා බලලා ඇහුවා.

"මට දැන් හොඳයි හ්‍යුන්ග්.
මට ඕනි කරන බෙහෙත ගත්තට පස්සේ කලින්ටත් වඩා මං හොඳටම හොඳින්."

ජන්ග්කුක් මගෙ දිහා බලලා එයාගේ බනී හිනාව දාලා කියන කොට මගේ කන් රත් වුණා.ඒ විතරක් නෙවෙයි අනිත් අයත් අමුතු විදිහට හිනා වුණා.ජිමින් බොහොම අමාරුවෙන් එයාගේ හිනාව පාලනය කරගෙන ඉන්නවා කියලා මට පෙනුණා.

'ආයේ මෙහෙම දෙයක් වුණොත් අනිවාර්‍යෙන්ම මට හරි මැනේජ්මන්ට් එකේ කාටහරි අනිවාර්‍යෙන් කියන්න.අනේ මන්දා තමුන්ලා නිසා මට දවසක පිස්සු හැදෙනවා කියලා නම් මම හොඳටම දන්නවා.'

සේජින් හ්‍යුන්ග් අපි දිහා බලලා පොඩි හිනාවක් දාලා ඒ වුණත් ටිකක් තද හඬකින් කිව්වා.

අපිට ඩිනර් ඕඩර් කරලා සේජින් හ්‍යුන්ග් යන්න ගියාම අපි හැමෝම සැනසීමෙන් හුස්මක් ගත්තා.
මට බය හිතෙනවා. පොඩි වැරැද්දක් ඇති අපි හැමෝගෙම හීන විනාස වෙලා යන්න.මම කැමති නැහැ මම හින්දා අනිත් අය දුක් විඳිනවට.ඒක මගේ හිතට ලොකු බරක් වෙනකොට කුකී මගෙ ඇස් දිහාම බලන් මගේ අතක් අල්ලගෙන එයාගේ අතේ ඇඟිලි එක්ක තදින් පටලව ගත්තා.

"බය වෙන්න එපා හ්‍යුන්ගී.මම ඉන්නවනේ"

~ඔව්,එයාට මගේ ඇස් දිහා බලන් මගේ හිතේ තියෙන දේවල් කියවන්න පුලුවන්!

කුකීගේ ඒ වචන ඇත්තටම මට සැනසීමක් ගෙනාවා.

'අපිත් ඉන්නවා! මොනදේ සිද්ද වුණත් අපි හත්දෙනා එකටම ඉමු.'

හොබී කියනකොට අනිත් අයත් ඒකට එකඟ වුනාට පස්සේ ජිමින් අපිව ගෲප් හග් එකකට ඇඳලා ගත්තා.

මට ගොඩාක් සතුටු හිතුණා.මගේ පවුලේ අයගෙන් ලැබෙන ආදරය,සහයෝගය මට ඕනිවටත් වඩා දැනුණා.

"අඬන්න ඔට්ටු නැහැ හ්‍යුන්ගී"

සතුටට මගේ ඇස්වල කඳුලු පිරෙන කොට කුකී මගෙ ලිප්ස් වලට පෙක් එකක් දුන්නා.

'යාහ්හ්...මෝඩ හා තඩියා පොඩ්ඩක් හැසිරෙන්න ඉගෙන ගන්නවකෝ....
ඕවා බලලා මගේ ජිමිනි නරක් වෙනවා.'

"ඔව් ඔව් ජිමින් හ්‍යුන්ග් හරි අහිංසකයිනේ නේද?"

'ඔව් මම ඔයා වගේ නෙවෙයි නේ.මම අහිංසකයි තමයි.'

කුකී එවිල් හිනාවක් දාලා කියනකොට ජිමිනුත් ඒ හා සමානව කැත හිනාවක් දාලා කිව්වම අපි හැමෝම හිනා වුණා.

"ඒ වුණාට කරන්න දෙයක් නැහැ.මම මට ඕනි වෙලාවට මගේ ජිනී හ්‍යුන්ගිව කිස් කරනවා.ඔයාලා දැක්කේ නෑ වගේ ඉන්න.එතකොට හරි නේ"

කුකී මේ කියන දේවල් වලට මාව හොඳටම රතු වෙනවා.මම එයාගේ ශෝල්ඩර් එකට එකක් ගහලා වොශ් ගන්න බලෙන්ම එයාගේ රූම් එකට යැව්වා.
අනිත් හැමෝමත් වොශ් කරගන්න ගියාට පස්සේ ඩයිනින් ටේබ්ල් එක ඇරේන්ජ් කරලා මාත් වොශ් ගන්න ගියා.

                                        <>  

හැමෝම එක එක දේවල් ගැන කතා කරන ගමන් ඩිනර් අරගත්තට පස්සේ එක්කෙනා දෙන්නා එයාලගේ රූම්ස් වලට ගියා.අන්තිමට මායි,කුකියි,නම්ජූන් විතරක් ඉතුරු වුණා.
නම්ජූන්ගේ මූනෙන් එයා ලොකු කතාවකට මුල පුරන්න හදනවා කියලා මට තේරුණා.

"හ්‍යුන්ග්,ජන්ග්කුක් ඔයාලා දන්නවා අපෙ පොඩි වැරද්දකින් අපි මෙච්චර කල් මහන්සි වෙලා ගොඩනගාගත්තු හැමදෙයක්ම විනාස වෙලා යන්න පුලුවන් කියලා.ඉතින් ඔයාලාට ගොඩක් පරිස්සම් වෙන්න වෙනවා හ්‍යුන්ග්.මොකුත් සිද්ද වෙනවට වඩා අපි ම ඒකෙන් ආරක්ශා වෙන එක හොඳයි නේද?විශේෂයෙන් ම ජන්ග්කුක්.ප්ලීස් හෙට ඉඳන් අපෙ වැඩ වලදි ඔයාගේ හැසිරීම ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න.මම ඔයාලට බල කරනවා නෙවෙයි,ඉල්ලීමක් කරන්නේ.ඔයාලා මාව තේරුම් ගනියි කියලා හිතනවා."

'ඔයා බය වෙන්න එපා ජූන්.අපි ගොඩක් පරිස්සම් වෙන්නම්.'

"ඔව් ජූන් හ්‍යුන්ග්."

'තැන්ක් යූ.මම ඔයාලව විශ්වාස කරනවා...ගුඩ් නයිට් දෙන්නටම!'

"ගුඩ් නයිට්!"

නම්ජූන් මගෙයි කුකීගෙයි උරහිසට තට්ටු කරලා හිනාවෙලා එයාගේ රූම් එකට ගියා.
මම දන්නවා, ලීඩර් හැටියට එයාට ලොකු වගකීමක් තියෙනවා.නම්ජූන් හිනාවෙලා හිටියට එයා ඉන්නේ ලොකු ප්‍රෙශර් එකක.ඉතින් අපි දෙන්නා හින්දා එයාව තවත් ස්ට්‍රෙස් කරන්න මට ඕනි නැහැ.ඒ නිසා පුලුවන් හැමවෙලේම ආරක්ශා වෙනවා කියලා මම හිතා ගත්තා.

අද ජිමිනුයි ටේයි ඩිශස් හෝදපු නිසා මම ලයිට්ස් ඕෆ් කරලා කුකී එක්ක උඩට ආවා.
වෙනදා පුරුද්දට කුකී මගේ ළඟින් නිදා ගන්න ආවත් මට අද ඒක අපහසුවක් වුණා.

"ඔයා යන්න කූ...අපිට බැහැ එහෙම ඉන්න."

'ඇයි බැරි අනේ? අපි මෙච්චර කල් නිදා ගත්තෙත් එහෙම නේ හ්‍යුන්ග්....'

"ඒ ඉස්සර නේ.දැන් බැහැ..."

මම දන්නැහැ මම ඒක කිව්වේ ඇයි කියන්න.මම ඒ ටිකට රතු වෙලා...

'මෙන්න මෙහෙ එන්න හ්‍යුන්ගී.මම ඔයාට මොකුත් කරන්නැහැ.'

මම එයාට යන්න කිව්වට මම ඇත්තටම  කැමතියි කුකී මගෙ ළගින් නිදාගන්නවට.පහු ගිය මාස එක හමාරම වගේ කුකී නැතුව මම නිදා ගත්තේ බොහොම අමාරුවෙන්.ඇත්තම කිව්වොත් මට නින්ද ගියේ නැතිම තරම්.

~මගේ කූ දන්නෙම නැතුව මගෙ lullaby එක වෙලා ....

කුකී මාව බැක් හග් කරගෙනම බෙඩ් එකට එක්කන් ගියා.මම එයාගේ උණුසුම් පපුවෙන් මගේ ඔලුව තියලා එයාට තවත් තුරුල් වෙනකොට එයත් මගේ ඇඟ වටේ අත් යවලා මාව එයා ළඟටම කරගෙන මගෙ නළලට කිස් එකක් දුන්නා.
මම ආසයි වචනෙන් විස්තර කරන්න බැරි තරම් දැනෙන මේ හැඟීමට.වෙන කවුරු ළඟදිවත් දැනෙන්නේ නැති මේ දැනෙන අමුතුම උණුහුමට මම හරි ආදරෙයි...

හැමදාම මට මේ විදිහට එයාගේ අත් අතර මේ උණුහුමේම පැටළිලා ඉන්න පුලුවන් වෙන්න කියලා මම උඩ ඉන්න හැම දෙවිකෙනෙක්ගෙන්ම ඉල්ලුවා.
මට එයත් එක්ක ගොඩක් දේවල් ගැන කතා කරන්න ඕනි වුණත් මේ වෙලාවේ නින්ද ඒකට හරස් වුණා.අද දවසම ගොඩක් මහන්සි වුණ හින්දා මට ඇස් පිය වෙන්න ඔන්න මෙන්න තියෙන කොට මට කලින් කුකීට නින්ද ගිහින් තියෙනවා කියලා එයාගේ පොඩි පොඩි ගෙරවිලි සද්ද වලින් මට තේරුම් ගියා.
මම එයාගේ ලස්සනට ගැහෙන හාට් බීට් එක අහගෙන ඉන්න කොට ඉක්මනට නින්ද මගේ ළඟටත් ආවා.


                                     ****












Bạn đang đọc truyện trên: AzTruyen.Top