🥀සෙන්ගි චුගා

මුලු කාමරේම කලුවරයි. කවුරුත් නැ වගෙයි. ජේකේ ලයිට් නොදාම කාමරේට ඇතුල් උනා. එකපාරම මොකක්හරි වැටෙන සද්දයක් ඇහුනපාර හොදට තියුනු බැල්මක් කාමරේ පුරාම දැම්මා. ඒත් කවුරුත්ම නෑ. ජේකේ කාමරේ දිහා හොදට බලන ගමන් එයාගේ සංවේදී කන් වලින් හොදට ඇහුන්කන් දුන්නා. හදගැස්ම ඇහෙන දිහාවට ජේකේ යන්න ගත්තා. ජේකේ අදුර ගත්තා කවුද ඉන්නේ කියලා. ඒත් ජේකේ බය උනා තව කවුරු ඉන්නවා. එයා අදුර ගත්ත කෙනාත් එක්කම.

වොශෲම් එක ඇතුලේ කවුරු හරී ඉන්නවා ජේකේට දැනුනා.

දොර එකපාරටම ඇරගෙන ජේකේ ඇතුල්ට යද්දිම

"සෙන්ගි චුගා🗣️...... 🗣️ජේකේ.... 🎂🎊️🎉️"

ජේකේගේ ඇගට කඩන් පැන්නේ චිමි. ලයිට් දාලා ඒ වෙලාවෙම කෑ ගැහුවේ ජෙමින්. ඒත් ජේකේ බිම දාගෙන අත මිට මොලෝගෙන ගහන්න හැදුවේ අහිංසක ටේට. චිමි ජෙමිනුයි එතනම ගල් වෙලා බලන් හිටියා මේ මොකක්ද යකූ මේ උනේ වගේ.

ජේකේ දිහා බයෙන් බලන් හිටිය ටේ

"ජ..ජන්කු..ක්.. මගේ බෙල්..ල..."

ජේකේ ටක්ගාලා ටේගේ බෙල්ලෙන් අත ගත්තා. ටේ අමාරුවෙන් නැගිටලා ඇදුම හදා ගත්තා.

" මියානේ... මම..."

ජන්කුක් ගොත ගැහුවා

" ඒ.. ඕයි... හොද වෙලාවට ලයිට් දැම්මේ.. නැත්තම් කොල්ලා ඉවරයි.. "
"නෑ මම දන්නවා එතන හිටියේ මෙයා කියලා. ඒත් තව කවුරු හරි ඉන්නවා..."
"හරි හරි.. දැන් හරි.. මේ කේක් එක කමුද මට මේක දැක්ක වෙලේ ඉදන් ඉන්න බෑ.. පීස්..."

ජෙමින් කියද්දී ජේකේ එයාට දැනුන දේ කිව්වා. ජෙමින් ටග්ගාලා ජේකේ කියන්න ගියපු එක නතර කලේ මොකක්රි රහසක් එලියට පනී වගෙයි. චිමි කේක් එකත් අතේ තියාගෙන බයවෙලා බලන් ඉන්නෝ පොඩි එකෙක් වගේ කටත් ඇරගෙන. ඔන්න එතකොටම

" යා... කෝ මේ හාවා.... අද 120 පිරෙනවා. යා කවුද දැන් එන්න එන්නම වයසට යන්නේ ජන්කුකා... මටනේ වයසක එලුවා ගගා... මේ..."
"හී හී ඔව් ඔව් 20යි මම එච්චර වයස නෑ වයසක සීයේ.. සෝ පීස්... කට පියන් මගේ තෑග්ග දෙනවද..😏 "

ජින් කෑ ගහගෙන ජේකේලාගේ රූම් එකට ආවා ජේකේ ටක්ගාලා ජින් ඉස්සරහට පැනලා ටේ ඉන්නවා කියලා මතක් කරලා දීලා කතාව හැරෙව්වා. ජේකේ හරිම දක්ශයි කතාව අනික් පැත්ත ගහන්න.

"අයිගෝ... ජින්.. ඒකනම් රිදුනා... 😂"

ජින්ගේ පස්සෙන්ම ඇතුල්ට ආවේ ජේ හොප්. අදනම් මාරම ලස්සනයි හෝසොක්.

ඇකඩමී එකට අලුතෙන් ලමයින්ව බදව ගන්නවානේ,
මේ දවස් වල ඉතින් හෝසොක් කුමාරයෙක් වගේ අදින්නේ. හෝසොක්ව දැකලා ජෙමින්ගේ ඇස් උඩ ගියා. හෝසොක් විනිවිද පේන සුදු පාට ඇදුමක් ඇදලා හිටියා. හැමෝටම ලස්ස්නට හිනා උනා හෝසොක් ඒත් ටික වෙලාවක් ජේකේ දිහා බලන් හිටියා නිකන් මොකඛරි එකකට බය වෙලා වගේ.
ජෙමින් ගල් වෙලා හෝසොක්ගේ ලස්සනට.

"ජෙමින්.. අද ලස්සන කෙල්ලෙක් නම්බ එක දීලා අන්න... 🤣"

ජෙමින්ගේ කනට ලන්වෙලා ජේකේ කිව්වේ හෝසොක් බයේ හිතේ තියන් හිටිය එක. හෝසොක් ජේකේට වැන්දේ නැති ටික විතරයි අනේ කොල්ලෝ කියන්නනම් එපා. මට තෑග්ගක් ගන්න බැරි උනා මියානේ උබට මම කා එකක්ම අරන් දෙන්නම්.. ජෙමින්ටනම් කියන්න එපා කියලා. හෝසොක් හිතින් වැදලා ඉල්ලුවත් ජේකේ හිනාවෙවී ජෙමිනට කිව්වා. ජේකේ ඔය වගේ වැඩමයි කරන්නේ.

ජෙමින් මෙච්චරවෙලා හෝසොක්ගේ ලස්සන දිහා බල බල හිටියා ඒත් ජේකේ ඇවිස්සුව ගමන් ජෙමින්ට මෙලෝ සිහියක් නැතිඋනා ඉරිසියාවේ පැලෙන්න ගත්තා.

"හෙයොන්ග්...😏 පොඩ්ඩ්ඩක් එන්නකෝ...😚"

ජෙමින්ට තරහා ගියේ නැ.
එයාට හෝසොක් ගැන මොනා කිව්වත් තරහා යන්නෙ නෑ. පොඩි දේට තරහා ගියත් හෝසොක් ගැනනම් තරහා යන්නේ නෑ. හෝසොක්ව දැක්කම අයිස් ගොඩක් වෙනවා එයාව. ඒත් ඊරිසියාව කියන එකේ උඩම තැන ඉන්නවා ජෙමින්. ඉතින් කෙල්ලගෙන් නම් එක අරගෙනද කියලා ජේකේගෙන් ඇහුවත් ජේකේ උත්තර දුන්නෑ. ඉතින් ඒක හෝසොක්ගෙන්ම අහගන්න හිතාගෙන හරිම ආදරෙන් හෝසොක්ව එලියට ඇදන් ගියා ජෙමින්.

හරි අද ඉවරයි කියලා හිතා ගත්තා ටේ හැර ඔක්කොම. ජෙකේ හෝසොක්ට බැල්මක් දැම්ම සාදු මට තෑග්ගක් ගෙනාවෙ නෑනේ.
ටේ තාමත් වොශ්රූම් එක ලග හිටගෙන මෙයාලා කියෝන අන්ඩරදෙමල ගෙට ගගහා තේරුම් ගන්න හදනවා.

"ඔ‍යා ගනම් ගන්න එපා හලිද..🙊 ඒ දෙන්නා ඔම තමයි..😉"

චිමි ටේට කිව්වා.

"මේක දිග අරින්න දැන්ම ජන්කුකා ඔයා සප්රායිස් වෙනෝ ඇත්තමයි... 😉😗"

ජින් කිව්ව විදිහෙන් කාට උනත් තේරෙනෝ ඇතුලේ බෝම්බෙකටත් හපන් දෙයක් තියෙනවා කියලා.

"හහ් ඔයා මන් දිහා බලන් කියන්න... මම අරින්න කලින් හොයා ගන්නම් මොකක්ද කියලා..."

ජින් තෑග්ග දීලා පිටි පස්ස හැරුනේ ජේකේ සප්රයිස් වෙන්නෑනේ හිත කියෙව්වම.

"මේ පැත්ත බලන්න හෙයොන්.. ජිමින්ශී එදා වොශ් රූම් එකේ හැංගුවේ මොකක්ද එතකොට ඔයා මාර දක්ශවෙලා දැන් හිත එක තැනක තියා ගන්න.. නෑ මේ මම කිව්වේ... ඔයා හිතන එවා ඔයාගේ මූන දැක්කම ඔන කෙනෙක්ට කියන්න පුලුවන්නේ.. එද හොර වැඩක් කලා කියලා දන්නවා. ඒකත් අරන් එන්න ජිමින්ශී...😂"

චිමි ජේකේට හොරෙන් වොශ්රූම් එකේ හැංගුව තෑග්ග ගැන දැනම් හිටියේ ටේයි චිමි විතරයි. චිමි ටේට ඒක කිව්වේ ටේගේ හිත ජේකේට කියවන්න බැරි නිසා. චිමි ඇස් දිහා බලන් කතා කරන්න බය නිසාත් ජේකේට ගොඩාක් වෙලාවට චිමිගේ හිත කියවන්න බැරිඋනා. චිමි ඒක නිසාම දැන් වැඩි පුරත් එක්ක ජේකේ දිහා නොබලා හිටියා. ඒකයි ජේකේට තෑග්ග ගැන දැන ගන්න බැරිඋනේ. චිමි හිනාවෙවී වොශ් රූම් එකට ගිහින් එයාගේ තෑග්ග ගන්න ගියා.

ජේකේ ජෙමින්ගේ ඇද උඩින් ජින්ගේ තෑග්ග තිබ්බ කෝකටත් කියලා. ජෙමින් දැක්කනම් ජේකේ ඉවරයි. දැන් එයා නැති නිසා ජේකේ ජෙමින්ගේ ඇද උඩින් ඒක තියලා ටිකක් ඈත්වෙලා ඇගිලි දෙකෙන් රිබන් පටි ගලෝලා කොලේ ඉරලා ඉරලා විසික් කලා.

"ඔහ්... ජින් හෙයොන්😑.... ආශ්.... අනේ.... ඔයා ඇයි මේම😬.."

ඇතුලේ තියෙන දේ නිසා ජේකේ ටිකක් ගැස්සුනා. එයා අක්මැතිම දෙයක් ඇතුලේ තිබිලා.
වොශ් රූම් එකේ ඉදන් තෑග්ග අරන් ආව චිමි හිමීට මී පැටියෙක් වගේ ඇගිලි වලින් ඇවිදම් ඇවිත් ඇගිලි වලින් තව ටිකක් ඉස්සිලා බැලුවා.

"😂 හපොයි.... අනී... ජේකේ... මයික්‍රෝවෙව් අවන් එකක් නේද අනී... හපොයි... තේහියුන්ගා.. උයා දන්නුද අපේ ජේකේ හිතන්නේ ඔක ඔන් කලාම කොයිවෙලේ හරි පුපුරයි කියලා. හනී පූර් ජේකේ 🤧"

ජින් දාගෙන හිනාවෙනවා. හරියට වීදුරු පිහිදානවා වගේ. ඒ අස්සේ
චිමි විහිලුවට කියද්දී ජේකේ චිමිගේ පැත්තට නැගිටලා හප් ගෑවා.
ඔය වගේ පොඩි දේකින් චිමීව බය කරන්න පුලුවන් ඉතින් එහෙම බලද්දී අවන් එක මොකක්ද කියලා ටේ අතින් කට වහගෙන හිනා උනා. චිමි අත් දෙක පිටිපස්සට කරලා තෑග්ගත් හංගන් ජින්ගේ පිටිපස්සේ හැන්ගුනා.

"මේක දෙන්නෙම නෑ දැන්නම් හුම්..🤧 බලන්නකෝ හෙයොන්.. 😣"

චිමි නහය අතින් පොඩි කර කර ජින්ට කිව්වා.

"ජිමින්ශී........ කෝ මගේ තෑග්ග... 👀 හහ් හහ් හා.... මන් දන්නෝ ඔයා විතරයි මන් ආසම දේවල් දෙන්නේ... කෝ කෝ කෝ..... ජිමින්ශී🗣️..."

ජේකේ ජින්ගේ පිටිපස්සේ හැංගිලා ඉන්න චිමිගෙන් තෑග්ග ගන්න හැදුවත් චිමි තෑග්ග හංගගෙන ජින්ගේව පලිහක් කරගත්තා ආරක්ශාවට. අන්තිමට චිමි දිව දික් කරලා තෑග්ග දුන්නාම හා පැටියෙක් වගේ හිනාවක් දාලා ආසවෙන් තෑග්ග ලෙහුවා.

" ඕහ්... දැක්කද දැක්කද.. වයසක එලුවෝ... දැක්කද.. ජිමින්ශි විතරයි හැමසැරේම මට ලස්සන තෑග්ගක් දෙන්නේ..."

ජේකේ චිමි දුන්නු ඔරලෝසුව අතේ බැදගත්තා. හොරාට බැලුවේ ටේ දිහා. නිකන් කෝ මගේ තෑග්ග අහන්න වගෙයි. ටේ එයාව බිම දාගෙන ගහන්න ගියපු නිසා දෙන්නෑ කියන්න වගේ ටේ කට කම්බුලට අරන් ගිහින් රැව්වා. ජේකේ ඇස් දෙක ලොකු කරලා දෙන්න කිව්වම ටේ අහක බලා ගත්තා.

හතරදෙනා රූම් එකේ කෝලන් කරද්දී ජෙමින් හෝසොක්ව දාගෙන හපනවා. හෝසොක් දාගෙන ජෙමින්ව තල්ලු කරනවා. කොහෙද ජෙමින් මේ වගේ වෙලාවට හෝසොක්ව අත අරින්නෙම නෑ මොකා කිව්වත්. හෝසොක්ගේ සංවේදීම තැන එයාගේ කන ලග ලව් බයිට් තියද්දී හෝසොක්ව ඇවිස්සෙනවා කියල හොදටම දන්නවා ජෙමින්. ජෙමින් හිමීට හෝසොක්ව මෙල්ල කරගන්න හදදිම

"හෙයොන් එන්නෝ මෙන්නෝ කේක් එක මෙයාලා විනාස කලනෝ... හෙයො..න්...."

ජේකේයි ජිනුයි කේක් වලින් ගගහා රන්ඩු වෙද්දි චිමි එයාගේ හෙයොන්ටයි ටේටයි කේක් ඉතුරු කරන්න ගගා නහයෙන් අඩනවා.

ජෙමින්ගේ නම කියද්දී හෝසොක්ගෙන් ටිකක් ඈත් වෙලා ඇහුන්කන් දුන්නත් ඒ වගේද මේක කියලා ආයි ලංවෙන්න හදද්දිම ජෙමින් ලිහිල් කරන් හිටපු අත ගලෝගෙන හෝසොක් පැනගත්තා.

"ඒ.. ඒ... ඔහොම හිටු... 😳 "

ඇගිල්ලත් දික් කරන් කෑ ගහගෙන හෝසොගේ පස්සෙන් ජෙමින් ඇතුල්ට දිව්වා. කට්ටියත් ඉන්න නිසා ජෙමින් වැඩේ අත අරී කියලා හෝසොක් හිතුවත් ජෙමින් කා දිහාවත් නොබලා ඇස් දෙකත් ලොකු කරගෙන හෝසොක් ලගට ආවා.

" ජෙමින් මේ කෙක් කන්ඩ... බලන්ඩ.. මේකේ ලස්සන... මේකේ හාර්ටුවක් තියෙනවා.. හාටු.....😍"

බබෙක්ව හුරතල් කරන්න වගේ හෝසොක් ජේකේගෙන් කේක් එක උදුරගෙන ජෙමින්ව ශේප් කලා. හෝසොක්ගේ හුරතලේ නිසා ජෙමින්ට ඔක්කොම අමතකයි. ඒ දෙන්නා ඒ පාර හුරතල් වෙන්න ගත්තා කේක් එකත් එක්ක. හෝසොක් හරි ආසයි හුරතල් වෙන්න ජෙමින් එක්ක.

මේ මොන සමයමක්ද මේ වගේ බලන් හිටපු ජේකේයි ජිනුයි

"මෙහෙ දෙනවා ඕක.."

කියලා කේක් එක ඇදලා අරගෙන එක කටට කාගෙන කාගෙන ගියා ජේකේ. ටේයි චිමි පැත්තක ඉදගෙන මෙයාලගේ කෝලන් බල බල හිනා වෙනවා.

පස්සේ ජින් ගෙනාපු වයින් එක කඩපු ජේකේයි ජෙමිනුයි හොදට බිව්වා. ටේයි චිමි බයිට් වලට වැඩේ දුන්නා. ජිනුයි හෝසොකයි කාලා ආවා කිව්ව නිසා ටේ ඒ දෙන්නට කන්න කියලා බල කලේ නෑ.

පාන්දර වෙනකල් 6දෙනාම සිංදු කිය කිය රූම් එක දෙවනත් කලා. හොස්ටල් ලමයි කාවුරුත් දන්නේ නෑ මේ කාමරේ ඉන්නේ ඇකඩමී ප්‍රින්සිපල්වත් ඇකඩමී ඩොක්ටවත් කියලා. මහා පාන්දරක් වෙනකල් කට්ටිය කෑ ගගහා සිංදු කියද්දී කොහෙන්ද ආපු පිස්සෝ රැලක් කියලා කට්ටියට හිතුනා.

ඒ තරමටම හොද ජොලියක් ගත්තා එයාලා 6දෙනා. ජේකේ වැනි වැනි නටනවා. ටේයි චිමි අත් දෙක අල්ලගෙන කපල් ඩාන්ස් දානවා. ටිකක්වෙලා ඒ දිහා බලන් හිටපු ජේකේ චිමීව ටේගෙන් ඇදලා අරගෙන නැටුවා. ටේට කේන්තී හොදටම දැන්. ඇස් දෙකත් වපරකරගෙන ටේ එයාගේ ඇද උඩට නැගලා අත් දෙකත් ගෙට ගහගෙන බිම බලාගත්තා. ජේකේ හොදට චිමි එක්ක නැටුවා.

අන්තිමට ජින් හෝසොක් යන්න ගියා. මහන්සි නිසා කට්ටියම ඇදවල් වලට වැටුනා. ටික වෙලාවකින් ජෙමින් චිමිට නින්ද ගියාම එයාගේ ඇදගාව ලයිට් එක ඕෆ් කලා. චිමි කලුවරට බයයි නින්දයනකල් ලයිට් දාන් ඉන්නේ. ඊට පස්සේ ජෙමින් ලයිට් ඕෆ් කරනවා. පුදුම සහෝදරකමක් ඒක. දෙන්නා එක්කෙනෙක් වගෙයි හරියට. වෙනස් හැගීම් තිබ්බට දෙන්නට දෙන්නා නැතුවම බෑ. මුලු කාමරේම ලයිට් ඕෆ් කරලා ජෙමින් ඇදට වැටුනා. ඇදට වැටෙනවා විතරයි ජෙමින්ට මතක. එයා හොදට දොයි. ඒත් තාම ඇහැරිලා හිටියා ටේ. එයා විතරක් නෙවේ ජේකෙත්.

ටේ ඇදේ ඉදගෙන කලුවර අතරින් එයාගේ ඇදලග ජනේලෙන් අහස දිහා බලන් හිටියා. එකපාරටම ටේට තේරුනා ඇදේ කවුරු හරි එහා පැත්තේ ඉන්නවා කියලා. ටේ එහෙමම හිටියා. ටේට හොදටම දාඩියත් දැම්මා. ටේ හිමීට රෙද්දෙන් ඔලුව වහගත්තා.

ටිකක් වෙලා යද්දී කවුරු හරී රෙද්ද අස්සට ඇවිත් ටේ ලගට ලන් උනා. ටේට කෑ ගහන්න හිතුනා. ටේ ඇස් දෙකත් තදකරලා පියාගත්තා. බය වැඩි කමටම කෑ ගහන්න ගියත් කෑ ගැහුනේ නෑ. ටේ හැම්දාම දකින හීනේ මතකෙට එන්න ගනිද්දිම ටේගේ බෙල්ල ලගින් අමුතු සීතලක් දැනුනා.

________________________________________

HI GYZ...👀

හම්බූ දැන් ඉතින් කෑ ගහන්ට එපා හුඩේ... ඉක්මන්ට දෙන්නම්...
මම මෙහෙම පරක්කු වෙන කෙනෙක් නෙවේ අප්ඩේට් කරන්න.. ඒත් මේ දවස් වල ප්‍රශ්නනේ ඔයාලා දන්නූනේ...

හේ හේ තේරුන් නැති දෙයක් තිබේනම් හාන්ඩ. එහෙම දෙයක්නම් උනේනම් නෑනේහ්... හේ හේ...

Enjoy 😏

Ishki 🎉️

Bạn đang đọc truyện trên: AzTruyen.Top