🥀 සිදුර තුලින් ආලෝයක්


හැමතැනම තිබ්බේ අදුරම විතරයි. ඇස් අරින්න බැරි තරමටම ඇස් දෙක බරයි. චිමිගේ ඇස් වලින් හෝ ගාලා කදුලු කැට බිමිට වැටුනා.

සිනිදු සුවපහසු ඇදක අප්‍රාණිකව වැටිලා ඉන්න චිමි හිමීට එයාගේ ඇස් ඇරලා කලුවර අතරින් හෙව්වේ පුංචිම හරි ආලෝකයක්.
දැන් දවස් ගානක් වෙනවා චිමී හරියට එලියක් දැක්කේ නෑ. කිසිම සද්දයක් ඇහුනේ නෑ, ච්මි ඉන්න තැනට ලගින්ම වහලෙ බටේකින් කාන්දුවෙන වතුර බින්දු බිමට වැටෙන සියුම් සද්දය විතරයි චිමීට ඇහුනේ ඒ තරම් පුදුම නිහඩබවක් තිබ්බේ.

චිමී එයාගේ බෙල්ල වේදනාවෙන් අල්ල ගත්තේ ඩීමන් එයාව හපාකාපු නිසාත් එතනින් එන ලේ දැන් ගල් වෙලා උනත් ඒ තුවාලය චිමීට වේදනාවක් ගෙනාපු නිසයි. චිමී කොච්චර කෑ ගහලා ඇඩුවත් කිසිම කෙනෙක් එයා ලගට ආවේ නෑ. චිමීගේ ඇග මේ වෙනකොට හුගාක් අප්‍රාණිකයි. අඩුම තරමේ එයාට එයාගේ ඇදෙන්වත් නැගිට ගන්න බැරි උනා.

අමාරුවෙන් උඩබෙලි අතට පෙරලුනු චිමි එයාගේ බෙල්ලෙන් හිමීට අත අරගෙන එයාගේ කම්බුල් දිගේ ගලන කදුලු පීදුවා. කියාගන්න බැරි තරම් අසරණ කමින් චිමී එයාගේ හිතින් එයාගේ හෙයොන්ලට කතා කලා. මොකද චිමීට දැන් වචනයක්වත් කතා කරගන්න පනක් නෑ.

රෑද දවල්ද කියලා කියන්න බෑ.
දැන් උදේද එහෙමත් නැත්තනම් රෑද.
මේ අදුර නිසා චිමී දන්නේ නෑ එලිවෙනවද රෑ වෙනාද කියන්නවත්. නොකඩවා බිමට වැටෙන වතුර බින්දුවල තාලේට චිමි ඇස් පිල්ලම් ගැහුවා.
චිමීගේ මූනට හිනාවක් ආවා.
ඒ එයාගේ නපුරු හෙයොන් එයාගේ කන ලග ඉදන් කතා කරනවා වගේ එයාට දැනුනු නිසයි.
එයාගේ ලොකු හෙයොන් එයාට ලස්සන කතා කියලා දුන්නා.
හෝසොක්ගේ ලස්සන හිනාව චිමීට ඇහුනා.
ජේකේගේ විහිලු තහලු චිමීට ඈතින් ඇහුනා.
ඒ ලගින්ම ටේ එයා එක්ක හිනා වෙනවා.

මේ දේවල් එක්ක එකපාරටම ගැස්සුනු චිමි

"හෙ...යො...න්... අන්..ති...ම...ට.... ඔ..යා...ආවා...නේ..ද..... හෙ...යො..න්.."

චිමී අමාරුවෙන් බෙල්ල හරවලා එයාගේ කන පැත්ත බැලුවා. කලුවර නිසා කිසිම දෙයක් පෙනුනේ නෑ. චිමි එයාගේ ඇගට වාරු අරගෙන ඇදෙන් නැගිට්ටා.

නෑ චිමි ඇදගෙන බිමට වැටුනා.
ඇස් වල කදුලු පුරෝගෙන චිමී එයාගේ කකුල්වලට වාරු අරගෙන හිටගන්න හැදුවා. ඒත් එයාට කිසිම පනක් නෑ. එයාගේ හෙයොන්ලා එයා ලග නෑ.. චිමී අඩන්න ගත්තා. චිමීට එයාගේ හෙයොන් ලගට ය්න්න ඔනේ...

චිමී එයාගේ අත් බිමට තද කරලා බිම දිගේ ඇදි ඇදි එලියක් හම්බෙනකල් ඉස්සරහටම ගියා. අදුරේ බිත්ති වලත් භාගෙට කැඩුනු ලී බඩු වලත් වැදි වැදි චිමී බිම දිගේ අමාරුවෙන් එලියක් හොයාගෙන ගියා.

වැඩි දුරක් යන්නත් කලින් චිමී පුංචි එලියක් දැක්කා. වේදනාව දරාගෙන චිමී ඒ එලිය ලගට ගියා.
ඒක පුංචි සිදුරක්. ලීයක ඇනයක් ගහපු සිදුරක්. චිමී සිදුරෙන් එහා පැත්ත බැලුවේ එයාට මෙතනින් එලියට යන්න පුලුවන්ද කියලා බලන්නයි. චිමී හොදට ඇස් පුංචි කරලා ඒ සිදුරෙන් එහා පැත්ත බැලුවා. චිමි දැක්කේ එයා දකින්න භයානම දේ. එයා මේ ලොකේ භයානකම දේ. එයාව මේ තැනට වැටෙන්න එකම හේතුව.

ඒතමයි ඩීමන්.

අදුරේ ඩීමන් එයාගේ පූසා මීයෙක්ව මරාගෙන සෙල්ලන් කරන දිහා කූර සතුටකින් බලන් ඉන්න ඩීමන් එකපාරටම චිමී බලන් ඉන්න සිදුර දිහා බලන්නේ ඔයා බලන් ඉන්නවා කියලා මම දන්නවා කියන්න වගෙයි.

ඩීමන්ගේ භයානක බැල්ම නිසාම හොදටම බය උනු චිමී සිදුරෙන් එහාට පැන්නේ එයාගේ ඉකි ගහන සද්දේ ඇහෙයි කියලා බය වෙලා කට හයියෙන් අත් දෙකෙන්ම තද කරගෙනයි.

ඒත් එක්කම චිමීව බිත්තිය දිහාවට විසික් වෙලා ගියා.

එයාව තල්ලු කරලා දැම්මා කිව්වොත් හරි.

______________________________________

Hi gyz 😶

පීස් එපා.... බයින්න එපා... ඇත්තමයි මේක අප්ඩේට් කරන්නේ අත ගැහි ගැහි... 😶

අනේ මම කමේන්ට් වලට රිප් දන්නෑ... බොලාලා මාව මරයි... 😶😬😂

ඒත් කතාව ලස්සන මෙහෙම නේද...? එකපාරටම එයා හොද කෙනෙක් උනොත් කතාව ලස්සන නෑ... රිප් දාන්නම් අවුලක් නෑ.. 😬 මම මනුස්සයෙක් හුදේ.. දරාගන්න පුලුවන් විදිහට බයින්න... 🙇

..........................♿..............................

බය යන්නත් එක්ක මම පොඩි ඇඩ්වටීස්මන්ට් ටිකක් දන්නම්

**ලමයි මේ ඉන්නේ twilight ෆිල්ම් එකේ ඉන්න ඩොක්ට Carlisle cullen... මෙයා තමයි අපේ ජින් ඔප්පා....

** මේ volturi aro එයා තමයි නායකයා.. එකේ හැටියට love bite එකේ බිග් බ්‍රදර් නම්ජුන් තමයි මේ

**යා... මේ ඉන්නේ මන් ඒ කතාවේ ආසම එක්කෙනා... ඔයේ... මේ ඉන්නේ alice... ඒකේ හැටියට love bite මගේ කතාවේ ඉන්න හෝසොක් තමයි මේ

** මේ ඉන්නේ alec . මේ කතාවේ හැටියට love bite කතාවේ කායි තමයි මේ ඉන්නේ...


** jane කියන මෙයා love bite මගේ කතාවේ ලීසා...


** හරියටම බැලුවොත් මේ ඉන්නේ ටේයි ජේකේයි..
edward කියන්නේ love bite එකේ ජේකේ
bella කියන්නේ love bite එකේ ටේ...

**twilight කතාවේ මේ කෙනා benjamin කියන මෙයාට වස්තූන් ඒ කියන්නේ භූමි වස්තූන් පාලනය කරන්න පුලුවන්. ඉතින් ගින්දර ජලය හුලග ඔනිම දෙයක් එයාට පාලනය කරන්න පුලුවන්. ඉතින් මෙයාගේ බලයක් දෙකට කඩලා මම love bite එකේ ජෙමින් ජිමින් කියන දෙන්නව නිර්මානය කලා. (🙈 ) හැබැයි ගින්දරයි ජලයයි විතරයි එයාගේ බලයන් වලින් මම ගත්තේ..

** supernatural කතාවේ ලුසිෆර් තමයි මේ. archangel කෙනෙක්.

මෙයා godගේ පුතෙක්. God තමයි ඒන්ජල්ලව නිර්මානය කරන්නේ. කනම වැඩක් නෑ.. ඒත් ඔයාලා ලුසිෆර් ගැන දැන ගන්නෝනි..
හේතුවක් නිසා...
හරි...
ලුසිෆර් කියන්නේ ඒන්ජල් කෙනෙක්.. එයාට ඔනේම දෙයක් කරන්න පුලුවන්. එයාට හැමෝම බයයි. මොකද හිතන්නත් කලින් එයාට ඔනිම කෙනෙක් අගිලි දෙක එකට ලන් කරන තප්පරේට පුපුරවා හරින්න පුලුවන්.
හිතාගන්නකෝ එයාට ඔනිම දෙයක් කරන්න පුලුවන් කියලා, කරන්න බැරි දෙයක් නෑ. එයාගේ බලය දරාගන්න පුලුවන් එයාගේ දරුවට විතරයි. අර jackව මතක ඇතිනේ.

[මගේ කතාවට god නම් සම්බන්ද වෙන්නෑ. ]


** මේ ඉන්නේ supernatural කතාවේ ඉන්න jack. ලුසිෆර්ගේ දරුවා.

Love bite කතාවේ ඩීමන්

ඔන්න හා ගන්න අපේ ඩීමන් (යුන්ගි) ඉපදුනු හැටි.

හැබැයි මේ මම හදපු ඩීමන්ගේ බිහිවීම මිසක් supernatural jack ඉපදුනු විදිහ නෙවේ. මේක මගේ විදිහ. මේක මගේ කතාව..

ලුසිෆර්ව දේව ලෝකෙන් පල්ලෙහාට තල්ලු කරනවා.
එයා godගෙන් ප්‍රශ්න කරපු නිසා එයාව දේව ලෝකෙන් අපායට තල්ලු කරනවා. ඒක ලොකු වැරැද්දක්ද හාන්න එපා ඉතින් දෙවියන්ගෙන් එහෙම ප්‍රශ්න කරන්න බෑනේ.

ලුසිෆර් අපායෙදි නිර්මානය කරනවා ඩීමන් කෙනෙක්ව. හැම බලයක්ම හිමි කෙනෙක්. එයාගේ ඇස් සුදු පාටයි, ලුසිෆර්ගේ ඇස් රත්තරන් පාටයි.

God උඩ ඉදගෙන ඒන්ජල්ලව නිර්මානය කරද්දී ලුසිෆර් පල්ලෙහා ඉදගෙන ඩීමන්ලව නිර්මානය කලා. ලව නෙවේ එක්කෙනයි.... ඒ තමයි ලිලිත්.. එයා තමයි පලවෙනිම ඩීමන්.
ලිලිතුයි ලුසිෆරුයි එකතු වෙලා ඉපදෙන ලමයා තමයි මේ love bite කතාවේ එන ඩීමන්. (yoongi 🙄😳)

God තමයි මුලු ලෝකෙම නිර්මානය කරන්නේ ඉතින්.. එයාගේ බලය හිතා ගන්න බෑ. එයාට ඔනෙ විදිහටනේ ඔක්කොම වෙන්නේ..
ගෝඩ් වගේ නෙවෙයි.. ලුසිෆර් ඩාක් කෙනෙක්.. අදුරු කෙනෙක්... ගෝඩ් කියන්නේ හැමදේම දන්න අලෝකමත් කෙනෙක් ඒත් ලුසිෆර් කියන්නේ අපායේ අධිපති වගේම ගොඩාක් දරුනුයි.

එතකොඩීමන් කියන්නේ සතෙක්.. අමනුස්සයෙක් කිව්වොත් හරි. එයාගේ ලේ කලුපාටයි. එයාත් අමරණීයයි. ලුසිෆර්ට වඩා මේ ඩීමන් භයානකයි. මේ ඩීමන්ට පුලුවන් ලුසිෆර්ගේ ශක්තියට අවනත නොවී දරා ගන්න.

එයාව නවන්න බෑ මොන දේ කලත්. ලුසිෆර් කියන ඒන්ජල්ගේ බලය සම්පූර්ණයෙන්ම ඩීමන්ට හිමී. ඒ විතරක් නෙවෙයි
නරකම දේ..
ලුසිෆර් ලිලිත්ව නිර්මානය කරන්නේ එක මනුස්ස දුවක් ගොඩාක් ලස්සන
කෙනෙක් වගේම ටේ වගේම විශේෂ මනුස්ස දුවක්. ඉතින් ලුසිෆර් මෙ මනුස්ස දුවට ආදරය කරනවා.
හැබැයි මිනිස්සු කියන්නේ හැමදාම ඉන්න අය නෙවේනේ.. එයාලා මැරෙනවා.
ඉතින් සාතන් ඒ කියන්නේ ලුසිෆර් ඒ කෙල්ලව මරනවා.
ඒ කෙල්ලගේ අත්මය පාතාලෙට ඒ කියන්නේ අපායට අරන් ගිහින් හොදටම වද දෙනවා. එතකොට ලිලිත්ගේ ආත්මය දරුනු වෙනවා.
ලිලිත්ව බලවත් දරුනු කෙනෙක් කරනවා ලුසිෆර්.
ලිලිත්ගේ විශේෂ බලයත් වැඩි දියුනු වෙලා එයා ගොඩාක් දරුනු අදුරු බලවේගයක් වෙනවා.

එහෙම තමයි ඩීමන්ගේ ඔම්මාව නිර්මානය වෙන්නේ.
ඉතින් අපේ ඩීමන්ට ලුසිෆර්ගේ සම්පූර්න ආක් ඒන්ජල් බලයත් ලිලිත්ගේ සම්පූර්න අදුරු බලවේගයත් හිමි වෙනවා.

මේ බලයන් හිමි වීම නිසා ඩීමන් හිතා ගන්නවත් බැරි බලවත් කෙනෙක්.

කතාවේ ඩීමන්ට බලවත් වෙන්න හාෆ් වැම්පයර් බලඩ් ඔනි වෙනවා. ඒකෙන් තමයි එයා ගොඩාක් බලවත් වෙන්නේ. එයා පවර් ෆුල් තමයි.
ඒත් එයාටත් බැරියල් එකක් තියෙනවා. කොච්චර බලවත් උනාත් මුලු ලෝකෙම යටත් කරගන්න තරම් එයාට බලයක් නෑ.

මේ ඩීමන් වසර ගානකට කලින් මුලු ලෝකෙම එයාගේ දන ලග නමා ගන්න එයාගේ සම්පූර්න බලයම පාවිච්චි කලා. අන්තිමට උනේ එයාගේ බලය අඩපන වෙච්ච එකයි.
( හිතන්න බැට්රියේ චාජ් බැහැලා කියලා). ඉතින් එයාට පවර් එක ලැබෙන්නේ හාෆ් වැම්පයර් බලඩ් වලින්. හාෆ් වැම්පයර් බලඩ් වලින් හිතාගන්න බැරි බලයක් ලැබෙනවා. එයාගේ බලයටත් වඩා ලොකු බලයක්. ඒකෙන් ලෝකයම විතරක් නෙවේ විශ්වයම එයාට නතු කර ගන්න පුලුවන්.

*තව දෙයක්...
මේක දැන්ම නෙවේ ඒත් පස්සේ ඔයාලට ඔනේ වෙනවා. ඉතින් දැනම් ඉන්න ඔනේ.

ලුසිෆර් වගේ ඒන්ජල්ලට මිනිස් ලෝකෙට එන්නනම් god නිර්මානය කරපු මිනිස්සු අතරින් විශේෂ මිනිහෙක්ගේ ඇගකට එන්න වෙනවා. නැත්තනම් එයාලට මිනිස් ලෝකෙට එන්න බෑ. ඒන්ජල්ලට ශරීරයක් නෑ. ඉතින් එයාලව මිනිස්සුන්ට පේන්නේ නෑ.
සහා වැදගත්ම දේ ඒ මනුස්සයගෙන් අවසරයක් ගන්න ඔනේ ඇගට ඇතුල් වෙන්න.
හොල්මන්නම් ඔනි ඔනි කෙනාගේ ඇගට ඇතුල් වෙනෝනේ. ඒත් මේකේ එහෙම බෑ. අනිවාරෙන් අවසර ගන්නම ඔනේ. අවසරයක් විශේෂ මනුස්සයාගෙන් හම්බුනේ නැත්තම් එයාලට ඇගට ඇතුල් වෙන්න බෑ.

(හපොයි කතාව සම්පූර්නෙන්ම කිව්වා විතරක් නෙවේ හින්ට් එකකුත් දුන්න වගේ 😳🙄😬🤣)

ලමයි මේක ටිකක් අමාරු වැඩී.... මේ කොටස වැඩිය තේරුම් ගන්නම ඔනි කියලා එකක් නෑ. නිකන් දල වශයෙන් පවර්ස් ගැන හිතාගන්න මම මේක දැම්මේ. ආතල් එකට කිව්වොත් වඩා නිවැරදී.. මන් දන්නව ඔයාලා බය වෙලා ඇත්තේ මේ මොන අන්ඩර දෙමලයක්ද මේ ගෑනී මේකියවන්නේ කියලා. 😂

නැත්තන් ඇඩ් එකට කිව්වත් හරි 😅 (අම්මෝ ඒක😬🤣)

මේ ඇත්තමයි හොදේ නහයෙන් අඩන්න එන්න එපා 😅

මම මේ ඔයාලව අවුස්සනවා අර tv series බලන්න කියලා 😅.. ඉන්න තව ඇඩ්ටිකක් තීනවා...

.............................................................

මේවා කොහෙත්ම අදාල නෑ ඉතින්...
ඔයාලගේ ෆැන්ටසී ලෝකෙට මම කතා කීපයක් එකතු කරන්නයි යන්නේ....


Korean drama විතරක් නෙවෙයි මේවත් බලන්න හුදේ...
ඇත්තටම ලස්සනයි.
මේ කෙල්ලත් මරු ...


Gys මේක shadowhunters කියලා tv series එකක් හරිද. මේකෙ ඉන්නවා ඇලෙක් මැග්නස් කියලා දෙන්නෙක් එයාලා ගේ කපල් එකක්. ඇත්තටම කතාව ලස්සන මේ දෙන්නා ඉන්න නිසයි. ඒත් මේ දෙන්නා නෙවේ කතාවේ මේන් රෝල් එකනම්.
කතාව බලන්න..
මෙයාලා දෙන්නා හොදම bl නලුවෝ දෙන්නා වෙලා තිබ්බා.
තායි කතා වගේමයි ඒත් ඩාක්.
පට්ට සුපිරි මරු...😬

මේකනම් ලමයි ඩීමන්ලා සාතන්ලා වැම්පයර්ලා ඉන්න කතාවක් නෙවෙයි. මේකේ ඉන්නේ වෙයාවුල්ෆ්ලා.. ඇල්ෆලා.. හන්ටස්ලා වගේ අය. මාරම ලස්සන ටීවී සීරියස් එකක් ලමයි.

....

ඉතින් මගේ ලෝකේ මේවා තමයි තීන්නේ.. ඒක වෙන්නැති මට මේ වගේ කතාවක් ලියන්න හිතුනේ. හැබැයි මගේ කතාව කොපියක් නෙවේ..
මේවා බලපු අයට ඒක හොදටම තේරෙයි. 😅🎊️🎉️
ඒක ගැනනම් ආඩම්බරයි.

ඇඩ්වටීස්මන්ට් ඉවරයි ලමයි....🤣

ලේ පෙරාගෙන ඉන්න වැම්පයර්ලා පේන නපුරු ඩීමන්ලා පේන භයානක හීන පෙනේවා, මට බයින්න මරන තර්ජන කරන්න කට හදාගෙන ඉන්න අයට විතරක් හාද 😂😅🎉️🎊️

මේ වෙනකල් මට මරනතර්ජන එල්ල නොකරපු හැමෝටම සුරන්ගනාවෝයි bts කුමාරවරුයි පෙනේවා..... පුහ්...😯🧐🤭

හු හු gn

Enjoy 🎊️

Ishki 🧐

Bạn đang đọc truyện trên: AzTruyen.Top