🥀 සිතුවිල්ල
* no one p.o.v. *
ජේකේ නම්ජුන්ගේ මාර්ගෙන් ජෙමින්, චිමිගේ ඔම්මා අප්පා ගැන දැන ගත්තා. මේ දේවල් ජින්ට කිව්වට පස්සේ හිත නිදහස් උනත් චිමි එයාගේ ඉස්සරහට එද්දී ජේකේට මූන දෙන්න බැරි උනා. ඒ එයා ඔම්මවයි අප්පවයි දැනගෙනත් හංගන් ඉන්නවා වගේ හැගීමක් එයාට දැනුනුනු නිසා.
ජේකේ ටේ එක්ක රංඩු කරන්න ගත්තේ කිසිම හේතුවක් නැතුවයි. ජන්කුක් ටේට කෑ ගැහුවේ එයාගේ දේවල් වලට ඇගිලි ගහන්න එපා වගේම,
එයා ගැන හොයන්න එපා කියලයි.
ටේ ඉක්මන්ටම හිත කඩා ගන්නවා චිමී වගේම. ඒත් චිමි වගේ පැත්තකට වෙලානම් ඉන්නෑ. ටේත් ජේකේ එක්ක එල්ලෙනවා.
එයාට ඇයි ජේකේ ගැන හොයන්න බැරි. ජේකේට මොනා වෙලාද...
ටේ තනියෙන් කල්පනා කලා.
සති අන්තෙදි ආයෙත් හතරදෙනාම ඇකඩමී හොස්ටල් එකට ගියා..
ජේකේ ටේව දකින දකින තැන ඔරවන්න ගත්තා. ටේත් අත ඇරියේ නෑ. හොදට එරෙව්වා. ජේකේට ටේගේ එරවිල්ලට හිනා යන්නත් ගිහින් අමාරුවෙන් තදකරගත්තා. ටේ එයාගේ නෙවේ කියලා දැනෙද්දී ජේකේට මහා දුකක් ඇටි උනා. එයා දුක නෙපෙන්නලා ඒක තරහක් විදිහට පිට කලා.
ජේකේ පස්සෙයි දැන ගත්තේ හරියටම ටේයි චිමි අතර එහෙම කිසිම දෙයක් නැති වග. එදා ටේ චිමීව කිස් කලෙත් නැ කියා ජේකේ දැන ගත්තා. ඒක හරියටම දැන ගත්තේ ආයි ඇකඩමී එකට ආවමයි. ඒ වෙනකල් ජේකේට චිමිගේ මූන බලලා කතා කරන්න බැරි උනා. ච්මි කොච්චර පස්සෙන් පැන පැන එල්ලි එල්ලී හුරතල් උනත් ජේකේ ගනම් ගත්තේ නෑ. ඒ තරහකට නෙවෙයි ඒ එයාගේ හැටි. ඒත් ලගදී ඉදලා ඒක වැඩී.
නිකමට වගේ ජේකේ ච්මිගේ හිත කියෙව්වා කුතුහලේ වැඩි කමටම. එතකොටයි දැන ගත්තේ එයා බොරුවට ටේ එක්ක මෙච්චර කල් රංඩු වෙලා කියලා. ඇත්ත දැන ගත්තම ජේකේගේ හිතේ තිබ්බ හැම දුකක්ම නැති උනා. ජේකේට චිමීව උස්සගෙන නටන්න හිතුනා.
ජේකේ ඊට පස්සේ දවස් කීපයක්ම ටේව යාලු කරගන්න හැදුවා. ඒත් ටේ නෙවේ යාලු වෙන්නේ. ඔව් ඉතින් එයා ගැන හොයන්න එපා අරකයි මේකයි කිව්වම හිත රිදෙන්නේ නැද්ද.
ඒකම නිසා ටේ ජේකේ එක්ක හොදටම තරහයි.
ජේකේ එයාගේ ඇදට වෙලා ටේ දිහා බලන් හිටියා. ටේ එයාගේ ඇදුම් පිලිවෙලට හදනවා චිමී එක්ක. ටේ නිකන්වත් ජේකේ දිහා බලන්නේවත් නෑ. ටේ එයා එක්ක හොදටම තරහ වෙලා. මොනා කරන්නද ඉල්ලගෙන කෑවනේ.
"මේහ්.... ජෙමිනෝ🙄.... මේ කෙල්ල ලස්සනද...😉"
ජේකේ ටේට ඇහෙන්න ජෙමින්ගෙන් ඇහුවා.
"මොන කුනු..🤮"
ජේකේ ටක්ගාලා ජෙමින්ට ඇහෙන් ඉගි කලා. ජේකේටම හරියම ජෙමින්
"ආව්....ආව්.... ජේකේ... උබනම්..මාරයි.... නියම කෙල්ල බන්.... ආයි.... නෑ... කියන්න වචන නෑ....😌 ටොපේ ටොප් මාර හැන්ඩ්ස... නෑ...නෑ... පට්ට සුපිරි.... වාව්....නයිස්...."
ජෙමින් මීට කලින් ජීවීතේට කෙල්ලෙක්ව මෙචචර වර්ණනා කරලා නෑ. ජෙමින් එක දිගට වර්ණනා කරද්දී චිමි වැඩේ නවත්තලා ඒ දිහාවට හැරුනේ ජෙමින්ට වැරදි බෙහෙතක්වත් පෙවිලද වගෙයි. ඇස් දෙකත් ලොකු කරන් චිමි ඒ දිහා බලන් ඉද්දී ජෙමින් මොකක්ද වෙන්නේ කියලා චිමීට ඉගි කලා.
ටේ මූන අනික් පැත්ත හරෝගෙන හිටිය නිසා කටවත් එයාගේ මූන පෙවුනේ නෑ.
එතකොටම ජෙමින් චිමීටත් කතා කරලා ජේකේගේ ෆෝන් එක දික් කරලා ලස්සනයි නේද ඇහුවම චිමිත්
"ඕ...."
කියලා හිනාවතද කරගත්තා.
තුන්දෙනාම දැන් ටේ දිහා බලන් හිටියේ එයා මොනවගේ දෙයක් කරයිද බලන්නයි. ටේ ටිකවෙලාවකට පස්සේ මොනාදෝ මුමුනන්න ගත්තා. එතකොටයි චිමිට මතක් උනේ
"හපොයි හෙයොන්... එයා ඉයෆෝන් ගහගෙන ඉන්නේ... 😅..."
චිමීට හොදටම හිනා. චිමී එක්ක ජෙමිනුත් හිනා වෙන්න ගනිද්දී මේ වැඩේ හරියන්නෑ කියලා ජේකේ නැගිටලා ගිහින් ටේගේ ඇද උඩින් ඉද ගත්තා.
ඒක දැකපු ටේ
"ඒයි නැගිටිනවා....😑"
"වේ...... මට බෑ....😌 ආදරෙන් කිව්වොත් නැගිටිනවා.."
"ආශ්... මගේ ඇදුන් ටික....😑"
හරිනේ ඉතින් ඔය කරගත්තේ. ටේ ලස්සනට නවලා කරලා ඇද උඩින් තිබ්බ ඇදුම් උඩනේ දන්නැතුව ජේකේ ඉදගෙන තියෙන්නේ.. මදෑ යාලු කරගන්න හැදුවා. මේ විදිහටම ජෙමිනුයි චිමිනුයි හිතුවා. ජේකේ ඉක්මන්ට හිට ගත්තා.
"මේ...මේ... ටේටෙ... මියානේ....😐 මන් දන්නෑනේ ඉතින්.... ඕකට කේන්ති ගන්න එපා ඔහොම..."
ජේකේ කියද්දී ටේට තවත් මල.
"මෙයාට ඔනි ඔනි වෙලාවට මා එක්ක සන්ඩු වෙන්නයි😑.. ඔනි ඔනි වෙලාවට ආදරෙන් කතා කරන්නයි🙄... හිතුවද මට වෙන වැඩ කියලා... හුම්😒... බැනලා බැනලා බැනලා...බැනලා.... බැනලා..."
"ෂ්...🤫"
ටේ එකදිගට කියවද්දී ජේකේ ටේගේ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට ලන් වෙලා ෂ් ගාද්දී ටේගේ කියවිල්ලත් නැවතුනා. ඇසුත් ලොකු කරන් ටේ ජේකේ දිහා බලන් හිටියා.
"මේ.😬.. තාර පැටියෝ යමු රෑට මොනා හරි කන්න ගේන්න.. "
ජේකේ ටේට ලන් වෙද්දී චිමිත් ඇසුයි කටයි ලොකු කරගෙන බලන් ඉද්දී ඒක දැකපු ජෙමින් ච්මිගේ ඇස් එයාගේ අතින් වහගෙන එලියට එක්කන් ගියා. ජෙමින් ඉක්මන්ට ච්මිව අරන් පැනගත්තේ වෙනමොනාවත් නිසා නෙවේ ච්මී ඊලගට අහන ප්රශ්න වලට උත්තර දෙන්න බැරි නිසයි. කිව්වත් වගේ හොස්ටල් එකෙන් ආව ගමන් ච්මි ප්රශ්න පත්තරේ දිග ඇරියා.
" හෙයොන්... ඇයි ජේකේ ටේගේ තොල් දිහාම බලන් හිටියේ.. හෙයොන් ජේකේ ඒම කා දිහාවත් බලන් නෑ... ජේකේ ටේගේ උඩ ඉදන් යට වෙනකල් බැලුවා... ඇයි ඒ.... 🤔"
ච්මිගේ ඔලුවට ඇනපු ජෙමින්
"තව කන්න ආසද...? 🤨 ඒම නැත්තන් ඔය කටර් එක නවත්තගෙන යමුද😒... මට බඩගිනි... බඩගින්න වැඩි උනොත් කනවා මේ ඔලු ගෙඩිය... හව්....😬.."
"ආව්....😖හෙයොන්..."
ච්මි කට උල් කරගෙන නහයෙන් අඩ අඩ ජෙමින්ගේ අතේ එල්ලීගෙන ගියා. ච්මි කට පියන් ඉදී කියලා ජෙමින් හිතුවත් ඒමනම් උනේ නෑ. දැන් ජෙමින් පව් කියලා හිතෙනවා.
මේ අතරේ ටේ ජේකේගේ අමුතු හැසීරිම ගැන කල්පනා කරනවා.
" මොකෝ...🤨"
ටේ ඔරවගෙන ජේකේගේ මූනට එබුනා. ජේකේත් තව ටිකක් ටේගේ මූනට එබුනා. මේ පාරනම් දෙන්නගේ නහයත් එකට වැදුනා. ජේකේගේ හුස්ම අමුතු විදිහට ටේගේ ඇගේ වැදෙන්න ගනිද්දී ටේව හිරි වැටිලා ගියා. ඒ පාර ටේ ඉක්මන්ට ජේකෙගෙන් එහාට යන්න හදද්දී ජේකේගේ ශක්තිමත් අත ටේගේ ඉන වටේ එතුනා.
"ටේටෙ... මියානේ... මම වැරදී වැටහීමක හිටියේ... 😕 මා එක්ක තරහවෙන්න එපා.. මට ඔයාව ඔනේ...."
ජේකේගේ කතාවට ටේට ඇහිපිල්ලන් ගහන්නත් අමතක උනා. උදේ හිටිය කෙනාද මේ කතා කරන්නේ වගේ ටේ ඇස් ලොකු කරන් ජේකේ දිහා බලන් හිටියා.
ජෙමින්ලා කෑමත් අරගෙන එන ගමන් හෝසොකාවත් බලන්න ගියා. හෝසොක් ජෙමින්ලා එද්දිමයි ජින්ට කෝල් කරලා කිව්වේ අද ගෙදර එන්නෙ නෑ කියලා. ඒක ඇහිච්ච ජෙමින්
"හෙයොන් මමත් මෙතන ඉන්නවා අද... 😊"
............................🌺
ජින් හෝසොක්ගේ කෝල් එකෙන් පස්සේ බැන බැන තනියෙම කාමරේ කොනට වෙලා ලැප් එකත් ඔබ ඔබ වැඩ කරන්න ගත්තා. මුලූ කාමරේම කලුවර නිසා කිසිම දෙයක් හරියට පෙවුනේ නෑ. ජින්ට හිතෙන්න ගත්තා එයා දිහා කවුරු හරි බලන් ඉන්නවා කියලා. ඒ වගේම එයා ලගම කවුරුහරි ඉන්නවා වගේත්.
ජින් හැරුනේ ලයිට් එක දාන්නයි ඒත් එයාට ඒක දාන්න හම්බුනේ නෑ.
"ඕක දැම්මොත් ඔයා හයියෙන් කෑ ගහනවා... ඒක නිසා නොදා ඉන්න ඉන්න එක ඇගට ගුනයි..."
ජින් ගැස්සුනා එයාගේ කන ලගින් ඇහුනු කට හඩ නිසා. ජින් දැන ගත්තා ඒ ඉන්නේ නම්ජුන් කියලා. ජින් තවත් බය උනා. ලැප් එක පපුවට තුරුල් කරන් ජින් ඇස් පියා ගත්තා.
" හ්ම්... මන් අදුරට කැමති... "
ජින් තවත් ලැප් එක පපුවට තුරුල් කරගෙන කකුල් දෙකත් ලන් කර ගෙන දනිස්ස උඩින් ඔලුව තියාගෙන නම්ජුන් ඉන්න පැත්තට විරුද්ද පැත්තට ඔලුව හරෝගෙන තවත් ඇස් තදකරගතා.
"ඔයා දැන් දිගටම ඔහොමද ඉන්නද හදන්නේ.........හ්ම්... "
නම්ජුන්ගේ කට හඩ ජින්ගේ කන ලගින්ම ඇහුනා. ජින් නිකමටවත් ඇස් ඇරෙයේ නෑ. ටිකවෙලාවක් යද්දී මුලු කාමරේම හරිම සංසුන්. ඉස්සෙල්ලා වගේම.
කාමාරේ එයා විතරයි කියලා ජින්ට නිකමට හිතුනා. ඒ පමාවට ජින් ලයිට් දැම්මා. ඔව් කවුරුත්ම නෑ. ජින් එහෙමම බිත්තියට හේත්තු වෙලා කල්පනා කලා. ජින්ට හිතාගන්න බෑ ඇත්තටම නම්ජුන් දැන් මෙතන හිටියද කියලා. ජින් දොර ආයෙත් ලොක් එක දාලාද බැලුවා. ඔව් ඒවත් ලොක් කරලා. එහෙනම් ජින්ට නම්ජුන්ගේ කටහඩ ඇහුනේ කොහොමද.... ජින් නිකමට කාමරේ ජනේලේ දිහා බැලුවා. ඒක හායි... ✋ ගාලා ඇරලා දාලා.
ඒ කියන්නේ ඇත්තටම නම්ජුන් එතන ඉදලා.
___________________________________
Hi gyz 😁
පොඩි චැප්පක් ගෙනාවා...😋 හේ හේ 🖐️
Enjoy 😋
Ishki 😌
Bạn đang đọc truyện trên: AzTruyen.Top