🥀සුගා....?
සාතන්ගේ අදුරු බව නිසා සාතන්ට රතු පල්ලියේ මේ සභාව තියෙන ශාලාවට යන්න බෑ. එතන තියෙන්නේ ලොකු ආරක්ශක වලල්ලක්. ඉතින් ඒක නිසා සාතන්ට ඇතුල් වෙන්න බෑ. ඒත් දැන් හැමෝම එක්ක ටේ ඇතුල්ට යන්න පිටත් උනා.
ප්රදාන දොරෙන් හැමෝම ඇතුල් උනා. අන්තිමට ඇතුල් වෙන්න හිටියේ ටේ ජේකේ ජින්.
"තේහියුන්ගා... මොකද උනේ... "
"නෑහ්.. හෙයොන් යන්න..."
"මොනාද කරන්නේ තේහියුන්ග්ශී..."
ජෙමින් එකපාරටම ටේගේ අතින් ඇදලා ඇතුලට ගත්තා. ජෙමින් හිටියෙත් ටේ එක්ක තරහෙන්. ඒක පිට කරන්නම බලාගෙන ටේව ඇදලා දැම්මා. ටේ ඇතුල්ට විසික් වෙනවත් එක්කම ටේගේ අතින් අල්ල ගත්ත ජේකේ ජෙමින් දිහාවට රවාගෙන පැන්නේ ජෙමින්ගේ උගුරු දන්ඩත් තද කරලා අල්ලගෙනයි. ජෙමින් ජේකේව ඈත් නොකරම ජේකේගේ ඇස් දිහා බලාගෙන හිටියා. ජේකේගේ වෙනස ජෙමින් හොදට බැලුවා. ජේකේගේ ඇස් වල රතුපාර ඉරි ගිහින් තිබුනා. බලන්න බැරි තරම්ම ජේකේ ඇස් භයානක පාටට හැරිලා. ජේකේ තවත් ජෙමින්ගේ බෙල්ල තදින් අල්ල ගනිද්දී ජෙමින්ගේ ඇග රත්වෙන්න ගත්තා. ජින්ගේ ඇස් උඩ ගියා මේ වෙන දේවල් දැකලා. හොදටම බය උන හෝසොක් ජේකේව තදින් අල්ල ගත්තා. ඒත් ජේකේගේ ශක්තිය නිසා ජේකේව හොල්ලන්නවත් බෑ. ජින් ජෙමින්ව ඇදලා ගත්තා.
"වේ....😧 ජේකේ.... එපා... 😨හෙයොන්ට රිදෙනවා... එපා... නවත්තන්නකූ... අනේ හෙයොන්....😰"
චිමී හොදටම බය වෙලා ජේකේගේ කම්බුල් අල්ලගෙන එයාගේ හෙයොන්ව අත අරින්න ගගා අඩන්න ගත්තා. ඒත් ජේකේ චිමීව ගනම් නොගෙන කිසිදෙයක් ඇහෙන්නේ නැති ගානට තදින්ම ජෙමින්ගේ බෙල්ල අල්ලගෙන තරහා පිට කරන්න ගත්තා. ජෙමින් පුපුරන්න ඔන්න මෙන්න, එතකොටම ටේ ජේකේගේ පිට අත ගානගමන් කනට ලන්වෙලා
" ඇති...."
කියලා කිව්වා විතරයි ජේකේ ජෙමින්ගේ බෙල්ල අත ඇරියා. ඒ දේ හැමෝම හොදට දැක්කා. මෙච්චර දේවල් කරලත් ජේකේව නවත්ත ගන්න බැරි උනා ඒත් මේ මොකක්ද උනේ. ටේ ඇති කිව්වා විතරයි ජේකේ නැවැත්තුවා. මොකක්ද මේ වෙන්නේ.
හැමෝම පුදුම වෙලා බලන් ඉන්නවා දැකපු ටේ රගපාන්න පටන් ගත්තා.
" ඔහ් කුකී...🙄. ඔයා මොකක්ද මේ කරන්න ගියේ...😦ජෙමින්ගෙන් සමාව ගන්න... බලන්න ඔයා කරපු දේ... එයා ඔයාගේ සහෝදරයනේ...😢."
"ටේටෙ... එයා ඔයාට රිද්දුවා😞... ඔයාට රිදෙන්න ඇති හුගාක්.. ඔයාට අමාරුවක් නෑ නේද😞... ඇත්තමයි මන් තමුසෙව මරනවා.. මගේ ටේටෙට ආයි එහෙම දෙයක් කරොත්.. 😡"
" මොනාද තමුන් කියන්නේ.. ජේකේ.😤 තමුසේ හොද සිහියෙන්ද කතා කරන්නේ... ආ... 😠මේ පොඩි දේට මෙච්චර කේන්තියක්... තමුසෙට මොනාද වෙලා තියෙන්නේ.. 🤬.."
" අනේ බබා එපා... එන්න ජෙමින් කෝ මෙහාට එන්න..."
හෝසොකා ජේකේව අත ඇරලා ගිහින් ජෙමින්ව තදින්ම බදා ගත්තා. පුපුරන්න ගියපු ජෙමින් කාම් උනා.
ඒත් ජේකේගේ ඇස්නම් තාම ඇවිලෙනවා. හැමෝම ජෙමින්ගේ දිහාවට හැරෙනවත් එක්කම ටේ ජේකේගේ කනට මොනාදෝ කොදුරන්න ගත්තා. ඒත් එක්කම ජේකේ ආයිමත් ජෙමින්ට ගහන්න පැන්නා. ලුසිෆර්ට ඔනේ උනේ නම්ජුන් එන්න කලින් කෝම හරි මෙතනින් පැනගන්නයි. නම්ජුන් ජේකේගේ මනස දැක්කොත් හැමදේම ඉවර වෙනවා කියලා ලුසිෆර් දන්නවා. මෙ ගමන එන්න උනේ අහම්බයකට උන නිසා ලුසිෆර්ගෙ සැලැස්ම කනපිට ගැහුනා. දැන් ජේකේලව පල්ලියේ නවත්තලා ගෙදර ගියාට පස්සේ ඩාක්නස්ව අල්ල ගන්න හිතාගෙන ලුසිෆර් හිටියා. ඒත් ජේකේ එක්කම ලුසිෆර්ව අහු වෙන්නයි යන්නේ දැන් ලුසිෆර් ඉන්නෙත් නම්ජුන්ට අහුවෙන්න ඔන්න මෙන්නයි. ලුසිෆර් බය නැතුව පල්ලිය ආවේ නම්ජුන් ඉස්සරහට යන්න වෙන්නෙ නෑ කියලා දන්න නිසයි. මේ වගේ දෙයක් වෙයි කියලා ලුසිෆර් හීනෙකින් වත් හිතුවේ නෑ.නම්ජුන් දැනගන්න ඉස්සෙල්ලා ලුසිෆර්ට මෙතනින් පැන ගන්න වෙනවා.
ජේකේගේ මේ වැඩ නිසා ජින් ටේට කිව්වා එයාව එලියට එක්කන් යන්න කියලා. ටේට ඉතින් හොද අවස්තාව. ජින් කියපු ගමන් ජේකේවත් අරගෙන කට කොනට හිනා වෙන ගමන් ටේ ජේකේව එලියට අරගෙන ගියා.
මේ හැමදේම දිහා කෙනෙක් මුල ඉදන්ම හොදින් බලන් හිටියා.
ජේකේව එක්කගෙන ටේ යන දිහා නම්ජුන් හොදින් බලාගෙන කලින්ට වඩා වෙනස් ජේකේගේ ඉරියව් වගේම ටේගේ ඉරියව් දිහා බැලුවා. ඒත් එක්කම නම්ජුන්ගේ දැහැන බිදින්න වගේ ජින්ගේ ඇස් එයා ඉස්සරහට ආවා. නම්ජුන්ට එයා කර කර හිටපු දේත් අමතක උනා.
ඒත් එක්කම කතා කරන්න ගත්ත හෝසොක් නිසා ජින් පස්සට උනේ එයා නම්ජුන් එක්ක දැන් කතා කරන්න යන එක හොද දෙයක් නෙවේ කියලා තේරුන නිසයි. ජින් නම්ජුන්ව දැක්ක ගමන් ඇස් වල කදුලු පුරෝ ගත්තා. නම්ජුන් එයා දිහා නොබලා අහක බලාගෙන ඉන්නවා දැක්කම ජින්ගේ පපුව පිච්චෙන්න ගත්තා. ඇයි නම්ජුන් එයාට එහෙම කරන්නේ කියලා ජින් දුක් උනා. ජින්ගේ කදුලු දිලිසි දිලිසි කම්බුල් දිගේ ගලාගෙන ගියා.
හෝසොක් කතා කරත් නම්ජුන්ගේ ඇස් ජින්ගෙන් එහාටනම් ගියේ නෑ. ඒත් ජින්දිහා කෙලින් බලන් ඉන්න තරම් ශක්තියක් නම්ජුන්ට නෑ. හෝසොක් දිහා බලන මුවාවෙන් නම්ජුන් ජින් දිහා බලාගෙන හිත යටින් හූල්ලන්න ගත්තා. ජින් එයාට තාමත් ආදරෙයි කියලා නම්ජුන්ට දැනෙන්න ගත්තා. ජින්ගේ ඇස් වල එයාට තියෙන ආදරේ අඩුවක් නැති වග නම්ජුන් දැක්කා. ඒත් නම්ජුන්ව තාමත් ජින් ප්රතික්ෂේප කරයි කියන දේ නම්ජුන්ගේ හිතේ කා වැදිලා තිබුනා.
" බ්රදර් මම හොයලා බැලුවා. මිනියේ සලකුනු ඩීමන්ගේ සලකුනු වගේ නෙවෙයි. ඒවා වෙනස්. මෙතන වෙන මොකඛරි ලොකු දෙයක් තියෙනවා.."
" හෝසොක්ගේ ඇස් වලට මොකුත් හන්ගන්න බෑ. ඒ කියන්නේ මෙතන ඉන්නේ ඩීමන් නෙවේද... කවුරු වෙන්න පුලුවන්ද.."
නම්ජුන් හෝසොක් එක්ක කතා කර කර ඉද්දී චිමී බිම බලාගෙන දුකෙන් හිටියා. මොකද ඩීමන් කිව්වා අද එයා එක්ක නම්ජුන්ව බලන්න එනවා කියලා. හැම ප්රශ්නයක්ම එතකොට විසදෙයි කිව්වා.
ඒත් ඩීමන් ආවේ නෑ.
ඒ කියන්නේ ඩීමන් චිමීගෙන් ඈත් උනාද.
චිමීව පල්ලියේ නවත්තන එක හොදයි කියලා ඩීමන්ට හිතිලද.
චිමීට එතන ආරක්ශාවක් තියෙනවා කියාලා සමහරවිට ඩීමන්ට හිතෙන්නත් ඇති.
නගරේ වෙන දේවල් ඩීමන් උනත් දන්නවා. ඒ මහ දවාලේ වෙච්ච දේ ගැන ඩීමන්ටවත් හොයා ගන්න බැරි උනා. ඒ මිනිමරුවා මොකෙක්ද කියලා ඩීමන්ට හිතා ගන්න බැරි උනා. ඩීමන්ගේ සලකුනු වලට බොහොම සමාන මේ බොරු සලකුනු දැක්කම ඩීමන්ට දෙයක් මතක් උනා.
පාතාලේ සමහර මෙල්ල කරන්න මාරු උනු නපුරු ආත්මයන් එක්ක සාතන් ඒ කාලේ විනෝදයක් විදිහට ඒ ආත්ම එක්ක පොර බදිනවා. නිකන්ම මායාවකින් විනාශ කරලා දාන්න පුලුවන් උනාත් විනෝදය උදෙසා සාතන් මේ වගෙ නපුරු භයානක වැඩ කලා. ඒවයින් ඒ ආත්ම හිමි ශරීර වල මේ වගේම සලකුනු ඇතිඋනා කියලා ඩීමන්ට මතක් උනා. ඒත් ඒක වෙන්න බෑ.
සාතන් දැන් ගිහින් හුගාක් ලොකු කාලයක් වෙනවා. ආයෙත් එන්න විදිහක් නෑ.
එහෙමයි ඩීමන් හිතුවේ. ඒත් මේ කෙනා හරියටම කවුද කියන එක ඩීමන්ට හොයා ගන්න ඔනේ උනා.
චිමී දුකෙන් ඇස් වල කදුලුත් පුරෝගෙන ජින්ව බදාගත්තා. චිමීට හොදටම දුකයි. මොකද එයා හිතන් හිටියා ඩීමන් ආවට පස්සේ ආයිමත් එයාට ගෙදර යන්න පුලුවන් වෙයි කියලා වගේම ඩීමන් එක්ක සතුටින් එකටම ඉන්න පුලුවන් වෙයි කියලා. මොකද ඩීමන්ගෙන් එයාලට කරදරයක් නෑ කියලා දැන ගත්තම චිමීලට ගෙදරම ඉන්න පුලුවන් බයක් නැතුව.
ඒ ත් දැන් ඇත්තටම චිමීට ජින්ව දාලා මෙහේ නවතින්න වෙනවා. ඒ වගේම හෝසොක්වත් ටේවත්. චිමීට ඇති උනේ පුදුම දුකක්.
පල්ලිය ලගට ඈත තියාම, එද්දී ජනේලෙන් එබි එබි චිමී හෙව්වේ ඩීමන්ව. ඒත් පේන්න කොහෙවත්ම නැති වෙනකොට චිමී බය උනා.ඒ වගේම ඒ බය දුකක් බවට පත් උනේ හුගාක් වෙලා බලන් ඉදලත් ඇත්තටම ඩීමන් පල්ලියට ආපු නැතිනිසායි. චිමී එයාගේ පුංචි මාලිගාවන්, බලාපොරොත්තු සුන් කරගෙන හිටියා.
ඒත් ඩීමන් ගැන චිමීට කිසිම තරහක් නෑ. ඒ චිමී ඒ තරමටම ඩීමන්ට ආදරේ කරපු නිසායි. ඩීමන් මේ දේ කරන්න ඇත්තේ හොදකට වෙන්න ඇති කියලා චිමී හිත හදා ගන්න හැදුවා. ඒත් චිමීගේ ඉකිය එන්න එන්නම වැඩි උනේ එයාගේ හෙයොන්ලා දෙන්නගෙන්ම වගේම එයාගෙ හදවතේ අයිතිකාරයගෙනුත් ඈත් වෙන්න උන නිසායි. චිමීගේ දුක වැඩී.
" ඔව් ඩීමන්ගේ ගෝල රොත්ත වෙන්නත් පුලුවන්කම තියෙනවා."
ජැක්සන් එයාගේ වැඩ ඉවර කරලා සභාවට එද්දී හෝසොක් නම්ජුන් ලොකු කතාවක හිටියා. ජෙමින් චිමි ජින් එයාලගේ පිටිපස්සට වෙලා හිටියා.
"ජැක්සන්.. ජෙමින් ජන්කුක් ජිමින් මේ තුන්දේනාට ඇතුල පෙන්නන්න. එයාලගේ තැන් වලට එයාලව අරගෙන යන්න. එලියේ ඉන්නවා ජන්කුක්."
චිමීගේ ඉකිය හොදටම වැඩිවුනා. චිමී නිසා ජින්ට තවත් දරාගෙන ඉන්න බැරි උනා. චිමීව තදින්ම බදාගෙන ජින් අඩන්න ගත්තා. ඒත් තවත් මෙහෙම ඉන්න ගියොත් එයාට චිමීව දාලා යන්න බැරි වෙනවා. ඒ නිසා ජින් චිමීගේ අත් දෙක එයාගේ ඇගෙන් හිමීට ගලවන ගමන් නම්ජුන් දිහා අසරනව බලාගෙන අනික් පැත්ත හැරිලා යන්න අඩිය තියද්දිම
" සුගා නෙවෙයි යෙඔන්ජුන්ව මැරුවේ. ඒක කලේ වෙන කෙනෙක්. සුගාට ඔනේ නෑ අපිට කරදර කරන්න.. එයා හොද කෙනෙක්..😭 අනේ... අපිව වෙන් කරන්න එපා... මට බෑ මගේ හෙයොන්ලා බැතුව ඉන්න... මෙතන නපුරු දෙයක් වෙනවා... අනේ මාව දාලා යන්නෙපා...😭"
චිමී එකපාරටම නම්ජුන්ගේ කකුල් දෙක ලග දනගහගෙන අඩන්න ගත්තා. ජින් ආපිට හැරිලා ඉක්මන්ට බිම හිටපු චිමීව ඇදලා ගත්තේ නම්ජුන්ට කේන්ති ගිහින් චිමීට දඩුවම් කරයි කියලා හිතිලයි.
දැන් නම්ජුන් උනත් වෙනස් වෙලා නිසා ආයෙත් ඉන්නේ ඉස්සර හිටපු නම්ජුන්ම නිසාත් ජෙමින් ටක්ගාලා චිමීව එයාගේ පිටිපස්සට කර ගත්තා. හෝසොක් ජින්ගේ මූන දිහා බලාගෙන චිමීව එලියට එක්කන් යන්න වගේ හැගෙව්වා.
නම්ජුන් අනිත් අයට වඩා ඉහලින් හිටපු පඩියෙන් බැහැලා ජෙමින්ගේ ඉස්සරහින් හිට ගත්තා. ජෙමින් නම්ජුන්ගේ බැල්ම නිසා කෙලින්ම බිම බලා ගත්තා. ඒත් ජෙමින් එයාගේ පිටිපස්සේ ඉන්න චිමීවනම් ඉස්සරහට කලේ නෑ. චිමීව එයාගේ පිටිපස්සටම කරගෙන හංගගෙන හිටියා.
"ජෙමින් මට ජිමින්ට දඩුවම් කරන්න ඔනේ නෑ.. ඒත් සුගා කියන්නේ කවුද කියලා ඔයාට දැන ගන්න ඔනේ නැද්ද.. මන් හිතන්නේ ජිමින් මෙතන වැදගත්ම දෙයක් දන්නවා.. ඉතින් එයාට පුලුවන් වෙයි අපිට උදව් කරන්න.. ඉතින් ජෙමින්...."
ඒ කියද්දී ජින්, එයා ලගම හිටපු ජෙමින්ට කතා කලා
" එයා කියන දේ කරන්න ජෙමින්... ඒකට කමක් නෑ..."
ජින්ගේ ඇස් දිහා බලපු ජෙමින් නම්ජුන්ට චිමී ලගට යන්න දීලා, චිමීගෙන් ඈත් වෙලා හෝසොක් ලගට උනා.
නම්ජුන් ලගට එද්දී චිමී බිම බලාගෙන ඉකි ගැහුවා. චිමී නම්ජුන්ට බය නෑ. නම්ජුන් ගැන චිමීට තිබ්බේ ජින්ට වගේම ලොකු ගවුරවයක්.
" හ්ම්........
ජිමින්... මතකද මන් ඔයාට කිව්වා.. මන් ඔයාගේ අප්පා කියලා... "
චිමී ඒත් එක්කම ඇස් ලොකු කරගෙන නම්ජුන් දිහා බැලුවා. එයා ආයිමත් ඒ කතාවම අදත් චිමීට කිව්වා. ජෙමිනුත් ඇස් ලොකු කරගෙන මේ මොනාද මේ කියවන්නේ වගේ බලන් හිටියා.
නම්ජුන් චිමීට තේරුම් කරන්න ගත්තා එයා එයාලා දෙන්නගේ අප්පා කියලා. ජෙමින්ට කිසි දෙයක් හිතා ගන්න බෑ.
නම්ජුන් එයාගේ ඔම්මා එක්ක තිබ්බ සම්බන්දය වගේ එක එක දේවල් වගේම නම්ජුන් අන්තිමට ඔම්මා කියන සින්දුවක පේලියක් කිව්වා. එතකොට චිමීගේ ඇස් වල කදුලු දිය ඇල්ලක් වගේ කම්බුල් දිහේ කඩන් වැටුනා. චිමීට දැනුනේ සතුටක් වගේම දුකක්. ඒ එයාගේ ඔම්මා නැති උන එක ගැන.
චිමීගේ පුංචි අත් දෙක හිමීට නම්ජුන් අල්ල ගත්තා. ඒත් එක්කම නම්ජුන් චිමීගේ සම්පූර්න මනස දිහා බලන්න ගත්තා.
_________________________________
Hi gyz 😭
චිමියා පව් කියලා මටත් හිතෙන වාරනම් අනන්තයි. Ot7 උනු මන් මගේ කතා නිසාම ජිමින් බායස් කර ගත්තා දෙයියනේ. 😭
මේහ් ගායිස් මම කිව්වේ තව චැප්ටවල් දෙකයි කියලා... 😂 ඒ මොනාටද කියලා කිව්වේ නෑ.. 😂 හයියෝ මාව කෑවේ නැති ටික විතරයි 😥 ඕකනේ කියන්නේ හලියට කියවන්න කීලා... ඕම බෑ හුදේ.. මම ඉස්සරහට ශර්ලොක් හෝමස් වගේ කතා ලියනවා. ඒවා කෝමැයි තේරුම් ගන්නෙ අලේ. 😂
Ad.....
ඔන්න අද කතාවක් දැම්මා.. පලවෙනි එක නම්ජින් එකක්.. 😍 කෙටි කතා වලට ආස අය කියවන්න... 🤩
.......
Enjoy 😍
Ishki_
Bạn đang đọc truyện trên: AzTruyen.Top