🥀 වශීවීම

වෝල්තුරීලා රතු පල්ලියේ ජීවත් උනා.

මිනිස්සු වෝල්තුරීලව දැනම් හිටියේ පල්ලියේ පූජකවරු විදිහටයි. පරන විශාල මාලිගාවක් තරම් පරන කැටයම් වලින් නිම කරපු පුදුම තැනක් උන මේ පල්ලිය රාජකීය පවුල්වලට උරුම කම් කිව්වා. නොදන්න කෙනෙක් ඇතුල් උනොත් අතරමන් වෙන්න පුලුවන් තරම් විශාලයි පල්ලිය. මිනිස්සූ වෝල්තුරීලව හැදින්නුවෙත් කුමාරවරු කියලයි. ඉතින් එයාලට මිනිස්සු ගෞරව කරා.

හැම මාසෙම දවසක් එනවා මුලු නගරෙම රතුපාටින් සරසන. මිනිස්සු රතු ඇදලා මැරිච්ච මිනිස්සුන්ව සිහි කරනවා.

මේ දවසට පල්ලිය ඇතුලේ ඇවිදින සමහරක් මිනිස්සු අතුරුදහන් වෙනවා. මිනිස්සු හිතුවේ මැරිච්ච මිනිස්සුන්ගේ ආත්ම එයාලගේ පව් නිසා අපායට ඇදන් යනවා කියලයි. ඒත් ඇත්තටම සිද්ද උනේ ඒ මිනිස්සුන්ව වෝල්තුරීලාගේ ආහාරවෙලට එක් උන එකයි. වෝල්තුරීලා දඩයම් කරලා ලේ බොන අයයි. අනික් වැම්පයර්ලා වගේමයි. ඒත් හිතෙන හිතෙන වෙලාවට මිනිස්සුන්ගේ ලේ බිව්වේ නෑ. එයාලට කාලයක් තියෙනවා ලේ ඇගට ඔනේ වෙන. ඒ වෙලාවට එයාලා දඩයම් කරනවා. වැම්පයර්ලාගේ ආහරය මිනිස් ලේ. ලේ නැතුව එයාලට ඉන්න බෑ.

වෝල්තුරී නායක බිග් බ්‍රදර්ව මේ වෙනකල් දැකලා තියෙන්නේ සහෝදරයන් හතර දෙනා විතරයි. ඒ හැර එයා දඩයම් කරන අය එයාව දකිනවා. ඒකත් අන්තිම මොහොතෙදී.

හෝසෝකා වගේම ජින් මිනිස් ලේ බොන එක අත ඇරියේ ගොඩාක් කාලෙකට කලිනුයි. ජින් කියන්නේ මිනිස් ලේ සුවදට වියරු වැටෙන්නේ නැති කෙනෙක්. අනිත් හැම වැම්පයර් කෙනෙක්ම ලේ සුවදට වියරු වැටෙනවා. ජින් හැමදේම ඉක්මන්ට තේරුම් ගන්න පුලුවන් කෙනෙක්. ගොඩාක්ම සාමයට කැමති. ඒත් හරිම මුරන්ඩුයි.
ජින්ට මහලොකූ හැකියාවක් තිබ්බේ නෑ එයා සාමන්‍ය වැම්පයර් කෙනෙක්.

හැම වැම්පයර් කෙනෙක්ටම බලයක් හිමි වෙන්නේ නෑ. ජින්ට ලේ සුවදට වියරු වැටෙන්නේ නැත්තේ එයා වැම්පයර් කෙනෙක් වෙන්න කලිනුත් මිනිස්සුන්ට බෙහෙත් කලා. එයා ලේ වලට පුරුදු කෙනෙක්. වැම්පයර් කෙනෙක් උනාමත් ජින් මිනිස්සුන්ට බෙහෙත් කලා. ජින් ඩොක්ට කෙනෙක් විදිහට ජීවත් උන නිසා එයාට ඉන්න වෙන්නේ ලේත් එක්කමයි. ලේ කියන්නේ එයාට සාමන්‍ය දෙයක්. එයා හොයාගත්තා මිනිස් ලේ වගේම සත්තුන්ගේ ලේ බීලත් ජීවත් වෙන්න පුලුවන් කියලා. ඉතින් මිනිස්සුන්ගේ ලේ අත ඇරලා සත්තුන්ව දඩයම් කරන්න ගත්තා. මුලදී අමාරු උනත් ඒකෙන් ජීවත් වෙන්න පුලුවන් නිසා ජින් එක දිගටම කලා. හෝසෝකාත් ඒක ඉක්මනින් අල්ල ගත්තා.

පුංචි ජන්කුක් වගේම අනික් දරුවෝ දෙන්නාත් ජින් හෝසෝකාගේ උණුසුමේ හැදී වැඩුනා.

මාස කීපයක් යන්න කලින්ම හරිම වේගෙන් ලමයි තුන්දෙනා උස්මහත් උනා. සාමන්‍ය මිනිස්සුන්ට වඩා මාරම වේගෙන් එයාලා වැඩුනා. මාස 12ක් ඇතුලත අවුරුදු 9යක ලමයෙක් වගේ වැඩුනා. ජන්ග්කුක් අනිත් ලමයි දෙන්නට වඩා මාස 6කින් බාලයි. මාස 6කට කලිනුයි අනිත් ලමයි දෙන්නා බිහි උනේ. එයාලා බිහි උනු විදිහ අදටත් හෝසොකාවත් ජින්වත් දැනම් හිටියේ නෑ. ඒත් එයාලා හාෆ් වැම්පයර්ලා නිසා ජිනුත් හෝසොකාත් රහසෙම හදාවඩා ගත්තා. හෝසෝකා තමයි ලමයි දෙන්නට නම් දැම්මේ ජිමින් ජෙමින් කියලා. ජිමින් ගොඩාක්ම ජින් එක්ක ඉන්න ආස කලා. ජින් අම්මා කෙනෙක් වගේ ලමයින්ව බලා ගත්තා.

මේ අතරේ හෝසෝකාගේ ඇගේ හැමදිස්සෙම එල්ලිලා හිටියේ ජෙමින්. ජෙමින් හෝසෝකාගේ හැමදේටම ආදරේ කලා. ඒ වගේම හෝසෝකාත් ජෙමින් එක්ක ඉන්න ආස කලා. ලමයි වේගෙන් වැඩුනා.

හරියටම අවුරුද්දකින් අවුරුදු 16සයක සාමාන්‍ය මනුස්සයන් තුන්දෙනෙක් වගේ වැඩුනේ බලා ඉද්දිමයි.

හරියටම අවුරුදු 1 1/2 යද්දී අවුරුදු 18ක ලමයි තරම්ම වැඩුනා. එතනින් එහාට එයාලා තවත් වැඩුනේ නෑ. අවුරුදු 18ක වගේ පෙනුමකදී එයාලා තවත් වැඩෙන එක නතර උනා.
සාමන්‍ය මනුස්සයන් වගේම එයාලත් කෑම කනවා.

මිනිස්සු කන කෑම එයාලට කන්න පුලුවන්. එයාලා වැම්පයර්ලාට වඩා ශක්තිමත්. බොහොම කලාතුරකින් තමයි මෙ වගේ දරුවන් බිහිවෙන්නේ. ඇත්තටම බිහිවෙන්නේ නැති තරම්. මොකද විශේෂ බලයක් තියෙන ගෑනු ලමයි ඉපදෙනවා අඩුයි. ලක්ශෙකින් එකයි එහෙම ඉපදුනේ. ඒ වගේ මිනිස් දුවක් වැම්පයර් කෙනෙක් එක්කම යාලුවෙනවා කියන එකත් අහම්බයක්.

ජන්ග්කුක්ගේ ඔම්මත් ඒ වගේ කෙනෙක්. එයාට අනික් අයගේ හිත තේරුම් ගන්න පුලුවන්. අනික් කෙනා හොදයිද නරකයිද කියලා නිකන් මූන බැලුවම එයා කියනවා. ඒත් ඒක හැකියාවක් කියලා කවුරුත් දැනම් හිටියේ නෑ. ඒක සාමන්‍ය දෙයක් විදිහටයි අනික් අය දැක්කේ. ඒත් සාමාන්‍ය අයට වඩා එයා වෙනස්. ඔම්මගේ හිත තේරුම් ගැනීමේ බලයත්, අප්පගේ ඒ කියන්නේ බෙකීගේ මතකයක් මකලා දැමීමේ බලයනත්, දෙකම හිත ඇතුලෙන් වෙන දෙයක්. ඉතින් ජන්කුක්ට හිත කියවීමේ බලය ලැබුනා.

ඒත් ඊට වඩා ජන්කුක්ට තවත් බලයන් තිබ්බා. ජන්ග්කුක් වගේම ජිමින් ජෙමින් කියන නිවුන්දරුවන්ටත්.

වැම්පයර් භාගයක් මිනිස් භාගයක් විදිහට ඉපදෙන මෙයාලගේ හදවත ගැහෙනවා. ඒත් වැම්පයර්ලා කියන්නේ මැරුනු අය.

ඒත් අමරණීයයි.

එයාලගේ හදවත් ගැහෙන්නේ හරිම හිමින්. ඒත් ගැහෙනවද කියලවත් හොයා ගන්න බෑ. ඒ තරම් හිමින් ගැහෙන්නේ.

ඒත් මේ හාෆ් වැම්පයර් දරුවෝ තුන්දෙනාගේ හදවත් සාමන්‍ය මිනිස්සුන්ගේ වගේම සාමන්‍ය විදිහට ගැහෙනවා. එයාලා උණුසුම්. සාමන්‍ය විදිහටම. ඒත් පලිගුවගේම ශක්තිමත්..

වැම්පයර්ලව මරන්න බෑ වෙඩි තියලවත්. එයාලට සීතල දැනෙන්නේ නෑ. ඒත් ගින්දරට එයාලා බයයි. මොකද එයාලව මරන්න පුලුවන් ගින්දරෙන්. නිකන් නෙවේ එයාලගේ කදින් බෙල්ල වෙන් කරන්න ඔනේ. නැත්නම් එයාලට බේරෙන්න පුලුවන්. සටනකදී වැම්පයර්ලා තව වැම්පයර් කෙනෙක්ව මරන්න කලින් ගිනි පෙල්ලක් අරන් යනවා. වෙනම ගිනි ගොඩක් ගහනවා.

වැම්පයර්ව මරන්නේ කදින් හිස වෙන්කරලයි. ඒත් වෙන් කරලා නිකන් තිබ්බොත් හා වෙන්න පුලුවන්. ඒ නිසයි ගිනිතියලා ඔලුව පුච්චන්නේ. බෙකීගෙත් බෙල්ල කඩලා එදා ගින්දරට විසික් කලා. බෙකී කරපු දෙයින් එදා එක පුංචි ගෑනු ලමයෙක් විතරයි ඒයාගේ ඇග දිලෙසෙනවා දැක්කා.

ඒ ලමයා තාමත් නොතේරෙන වයසේ දරුවෙක් නිසාත් කාලයක් යද්දී අමතක වෙන නිසත් කවුරුත් පොඩි අය කියන මේ වගේ දෙවල් මනස් ගාත කියලා හිතන නිසාත් එදා වෝල්තුරීලා ඒ දරුවව මැරුවේ නෑ. ඒ වෙනුවට බෙකීව මැරුවා. එහෙමයි එයලා නිතිය රැක්කේ.

මේ කාලය අතරතුර ජින් හෝසොක් ඒ තුන්දෙනාව හොදින් පුහුණු කලා. ඕනම දේකින් බේරෙන්න වගේම සටන් කරන්න. ඒත් එයාලා වැම්පයර්ලා කියලා කාටවත් තේරෙන්න දුන්නේ නෑ.

වෝල්තුරීලාට ආරංචි උනේ අලුත් වැම්පයර්ලා තුන්දෙනෙක් ජින් එක්කයි හෝසොක් එක්කයි ඉන්නවා කියලයි. එයාලත් සත්තුන්ගේ ලේ බොනවා කියාලා දැන ගත්තම තවත් හොයන්න ගියේ නෑ.

දරුවෝ තුන්දෙනා අලුත් වැම්පයර්ලා කියලා තමයි වෝල්තුරීලා දන්නේ.
ඒත් අලුත් වැම්පයර්ලව නිර්මානය කරන්න තහනම්. මොකද වැඩිපුර වැම්පයර්ලා නිර්මානය වෙන්න වෙන්න මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ. ඒ වගේම වෝල්තුරීලාට ඇතිවෙන්න ලේ නැතිවෙනවා. මොකද හැමෝම වගේ වැම්පයර්ලා උනොත් කොහෙන්ද ලේ හොයන්නේ. ඒක නිසා පරන ඒ කියන්නේ අවුරුදු 1000ක් විතර පරන වැම්පයර්ලට ජීවත් වෙන්න පුලුවන්. ඒත් අලුත් අයට ඉන්න බෑ. එයාලව වෝල්තුරීලා මරලා දානවා. වෝල්තුරීලා තරම් බලවත් බලයන් තියෙන අයත් නෑ. ඒකයි හැමෝම බය. එයාලා කියන්නේ මොකක්ද ඒකයි නීතිය.

ඒත් මේ තුන්දෙනාත් සත්තුන්ගේ ලේ බොනවා කියලා දැන ගත්තම එයාලා තවත් හොයන එක අත හැරියා. බිග් බ්‍රදර් ඒක අමතක කලා.

බිග් බ්‍රදර් ජින් ගැන දන්නවා. කවදාවත් දැකලා නැති උනත් ජින් ගැන ගොඩාක් දේවල් බිග් බ්‍රදර් අහලා තියෙනවා. මිනිස්සු එක්ක හොදින් ජීවත් වෙනවා මිනිස්සුන්ට බෙහෙත් කරනවා. හෝසෝකාව හොදින් බලා ගන්නවා.

ඒත් බිග් බ්‍රදර් ජින් එක්ක අමනාපයි. එයා නිසයි හෝසෝකා එයාලව අත හැරියේ කියලා එයා හිතන්නේ. ජින් නැත්තනම් හෝසෝකාව එයාලට හදාගන්න තිබ්බ කියලා එයා හිතුවා. බිග් බ්‍රදර් බය උනේ ජැක්සනුත් හෝසෝකා එක්ක යයි කියලයි. ඒත් හෝසෝකා තරම් අනික් සහෝදරයෝ මුරන්ඩු නෑ ඒ වගේම බිග් බ්‍රදර්ට බයයි වගේම එයාට බැදිලා ඉන්නේ. එයා කියන ඕනම දෙයක් කරන තැන සහෝදරයෝ තුන්දෙනා හිටියේ.

ඒත් බිග් බ්‍රදර් දැනම් හිටියේ නෑ එයත් බෙකී වගේම වැරද්දක් කරපු බව. මේ නීතීය මුලින්ම කැඩුනේ බිග් බ්‍රදර්ගේ අතිනුයි.

ජන්කුක් ඉපදෙන්න මාස කීපයකට කලින් බිග් බ්‍රදර්ට ආදරය කරපු පුංචි මිනිස් දුවක් හිටියා. හරිම අහිංසකයි. පුංචි දරුවෙක් වගෙයි. තරුණ හැඩකාර කෙල්ලෙක්.

දවසක් පල්ලියේදී මේ කෙල්ල වැරදිලා බිග් බ්‍රදර් හිටිය කාමරේට යනවා.
කාටවත් යන්න අවසර නැති බිග් බ්‍රදර්ගේ කාමරයට ගියපු මේ කෙල්ල බිත්තිවල එල්ලපු පිංතූර දිහා ආසාවෙන් බලන් හිටියා. අදුරේ හැංගිලා මේ කෙල්ලගේ දගකාර හුරතල් හිනාව දිහා බිග් බ්‍රද්‍රර් බලන් හිටියා. කලින් මේ වගේ වැරදිලා අතරමන් වෙලා බිග් බ්‍රදර්ගේ කාමරේට ආපු හැමෝවම එසැනින් මරලා දැම්මත් බිග් බ්‍රදර් මේ කෙල්ල දිහා බලන් හිටියේ වශීවෙලා වගේයි.

එකපාරටම අදුරෙන් එලියට ආපු බිග් බ්‍රදර්ගේ ඇස් වලට කෙල්ල හොදටම බය උනා. කෙල්ල හැදුවේ එලියට දුවන්න. ඒත් ඇස් පිල්ලන් ගහන පමාවට බිග් බ්‍රදර් කාමරේ විශාල දොර වහලා කෙල්ලගේ ඇස් ඉස්සරහින් හිට ගත්තා.

රතුපාට ඇස් දිහා කෙල්ල බලන් හිටියේ ගල් වෙලාවගෙයි. බිග් බ්‍රදර් කෙල්ලගේ ඇස් දිහා බලන් හිටියේ වශීවෙලයි. කෙල්ල බය නැතුව බිග් බ්‍රදර්ගේ කම්මුල අතින් පිරි මැද්දා. බිග් බ්‍රදර් ඒ උණුසුම් අත උඩින් එයාගේ සීතල අත තියලා කෙල්ලගේ ඇස් දිහා බලාගෙන හිනා උනා.

කෙල්ලගේ ලා රෝසපාට තොල්වලට පරිස්සමෙන් ලන් උනේ දත්වල විස වලින් කෙල්ලට අනතුරක් වෙයි කියලා හිතලයි. ටික වෙලාවක් ඒ තොල්වල පහස විදපු බිග් බ්‍රදර්

"මේ සුරංගනාවිගේ නම මොකක්ද..?"

කෙල්ලගෙනන් නම ඇහුවා.

"ජෙනීෆර්.... "

ගත්කටටම කියලා දැම්මා.

"හ්ම්... මෙතන්ට එන්න අවසර නැහැ ඔයාට. දන්නවනේ ඒක. දැන් ඉක්මන්ට යන්න. මාව හම්බුනු වග කාටවත් කියන්න එපා තේරුනාද..? එහෙම උනොත් ලොකු දරුනු දෙයක් වෙයි.. හ්ම්.. යන්න.."

වෙන මනුස්සයෙක්නම් ගිරිය යටින් කෑ ගහගෙන දුවන්නේ.
ඒත් ජෙනී බිග් බ්‍රදර්ට බය උනේ නෑ.
ඒ ඇස් දැක්ක මොහොතෙම ආදරෙන් බැදුනා. වෙනස් කෙනෙක් තමන් ඉස්සරහා හිටන් ඉන්නවා කියලා දැනුනා. ඒත් ඒ දේ ගානකටවත් නොගෙන බිග් බ්‍රදර්ට ලන් උනා.

නීතී වල හැටියට බිග් බ්‍රදර් කරන්නේ වැරැද්දක් නිසා හැගීම් පාලනය කරගෙන කෙල්ලව අත ඇරියා. හදිස්සියෙම කෙල්ලට වශී උන නිසා එයාව නොමරා පරිස්සමට පල්ලියෙන් එලියට යවන්න ඔනේ උනා.

එදා ජිනී යන්න ගියත් ආයෙත් බිග් බ්‍රදර්ව හොයාගෙන පල්ලියට ආවා ගියා.
මේ කාලෙදී බිග් බ්‍රදර් උනත් ජෙනී එක්ක ආදරෙන් බැදුනා.

කෙල්ලව වැම්පයර් කෙනෙක් කරන්න බිග් බ්‍රදර් හිතා ගත්තා. ඒත් ඒ විස ඇග දිගේ දුවද්දී මේ අහිංසක කෙල්ල කෝම දරාගනීද කියලා බිග් බ්‍රදර්ගේ හදවත කඩන් වැටුනා. සහෝදරයන් උනත් කැමති උනේ නෑ කෙල්ල එක්ක සම්බන්දයක් තියන් ඉන්නවට වැම්පයර් කෙනෙක් නොකර.

ඒත් කාගෙවත් කීම අහන් නැතුව බිග් බ්‍රදර් හිටියා. දවසක් දෙන්නා තනියෙම පෙම් සුව විදින අතරේ බිග් බ්‍රදර්ට එයාගේ හැගීම් තවත් පාලනය කරගන්න බැරි උනා. ජෙනී එක්ක මුලු රැයක්ම යහන් ගත උනා. ඒත් බිග් බ්‍රදර් පරිස්සම් උනා. කිසිම වැරැද්දක් නොවෙන්න.

ජෙනී මේ වෙනකොට වැම්පයර්ලා ගැන වගේම එයාලගේ අතීත කතාවන් උනත් පරන පොත පත කියවලා හොදට දැනගෙන හිටියා. ජෙනී එයාලගේ නීතී වගේම එයාලයි මිනිස්සුයි එකතු උනහම වෙන භයානක දේවල් ගැන දැන ගත්තා.

බිග් බ්‍රදර් එදා රෑ කොච්චර පරිස්සම් උනත් වැඩක් උනේ නෑ. ජෙනී තුලට ඇතුල්වීමත් එක්කම ජෙනී ගැබ් ගත්තා. ඒත් ජෙනී හැර කිසිම කෙනෙක් මේ ගැන දැනම් හිටියේ නෑ. යහන්ගත උනේ ඊයේ රෑනම් අද උදේ ජෙනී ගැබ් ගත්තා.

ජෙනී තමන්ගේ බඩේ ඉන්න දරුව ගැන බය උනා. තමන්ට විශේෂ බලයක් නැති නිසාත් ජෙනී හිතුවා යක්සයෙක් බිහිවෙයි කියලා. ජෙනීට ලමයව නැති කරන්න ඕනේ උනත් හිත හදා ගන්න බැරි උනා. බඩේ ඉන්නේ එයාගෙම දරුවා කියලා මතක් වෙද්දී ජෙනී මරාගෙන මැරෙන තරම් වේදනාවෙන් කෑ ගහන්න ගත්තා. ජෙනී ඔමමාගෙනුත් අප්පගෙනුත් හැමදේම හන්ගගෙන හිටියා.

දවස් කීපෙක ඉදලම ජෙනී ආවේ නැති නිසා බිග් බ්‍රදර් සහෝදර ජැක්සන්ව යැව්වා ජෙනී ගැන හොයන්න. මේ වෙනකොට බිග් බ්දර් හිත හදාගෙන හිටියා කෙල්ලව වැම්පයර් කෙනෙක් කරන්න. ඒත් ජැක්සන් ආපහු ආවේ හිස් අතින් වගේම අසුභ ආරංචියක් අරගෙනයි.

______________________________________

Hi gyz..🤗

කවුද මල්ලී මේ බිග් බ්‍රදර්..🤔

*වැම්පයර්ලාගේ දත්වල තමයි විස තියෙන්නේ. එයාලා මනුස්සයෙක්ව මරලා එසැනින් හැපුවම එයාලා වැම්පයර් කෙනෙක් වෙනවා.

*සාමන්‍යයෙන් එයාලා ආහාරයට ගන්න මිනිස්සුන්ගේ ලේ සම්පූර්ණයෙන්මවගේ බොන නිසා එ මිනිස්සූ වැම්පයර්ලා වෙන්නේ නෑ. හදවත සම්පූර්ණයෙන්ම නතරවෙලා ඇග සීතල වෙන්න කලින් විස ඇග පුරාම දිව්වොත් තමයි වැම්පයර් කෙනෙක් වෙන්නේ. එයාලා ලේ බොන්න ගන්න මිනිස්සුන්ව මරලා පුච්චනවා.

ඉතින් කෝමද කතාව තේරුනාද..? ඊලගට මොකක් වෙයිද ඊලග කොටසින් තමයි දැන ගන්න වෙන්නේ..

Enjoy 😘

^ ishki ^

Bạn đang đọc truyện trên: AzTruyen.Top