🥀 වැරැද්ද

චිමීගේ පිරුනු කම්බුල් දිහාත් පපුව පුරා දුවන හුරතල් ඇස් දිහාත් භාගෙට ඇරන් හිටපු ඇස් වලින් ඩීමන් බලන් හිටියා. ඩීමන් උත්සාහා කලේම චිමීගේ රෝස තොල් දිහා නොබලා ඉන්නයි. ඒ තොල් දකිද්දිත් ඩීමන් පිස්සු වැටුනා. මෙච්චර ලගට ඒ තොල් පලවෙනි වතාවට හොදින් හුගාක් වෙලා බලන් ඉන්න අවස්තාව ලැබිලත් ඩීමන් ඒ දිහා නොබලා හිටියේ එයාගේ අතින් චිමීට වැරැද්දක් වෙයි කියලා හිතිලයි. කියාගන්න බැරි තරම්ම අහිංසක මේ චිමීට පොඩි දෙයක් උනත් ඇතිනේ ඉකි ගගහා අඩන්න. ඒ කදුලු ආයිමත් දකින්න ඩීමන් අකමැති උනා.

චිමීට පුලුවන් තරම් වද දීලා චිමීව මරන්න ඩීමන් එදා පැහැරගනිද්දී හිතුවා.
චිමීව දකිද්දී ලේ පිපාසාවෙන් බෙල්ල තුලට කිදා බැහැගෙන ඇති තරම් ලේ බීමේ ආසාව ඇති උනා.
ඒත් දැන් චිමීව දකිද්දී හැමදේම අමතක වෙලා ආදරෙන් මත් වෙන්න පටන් අරන්.
මේ වෙද්දී ඩීමන් හොදටම වෙනස්වෙන ගමනුයි ඉන්නේ. කොටින්ම මුලු කාලයම චිමී දිහා බලන් ඉන්නම වැය කරනවා. මේ තරම් දරුනු කෙනෙක් චිමි වගේ අහින්සක කෙනෙක්ට ආදරේ කරන්න පටන් අරගත්ත එකනම් කාට උනත් විශ්වාස කරන්න බැරිවෙයි. ඉතිහාසයේ වගේම ඒන්ජල්, ඩීමන් ලෝකයන් වල ලොකු වෙනසක් ඇති වෙන්න යනවා මේ ඩීමන්ගේ ඒකපාර්ශ්වික ආදරය.

කුලුදුල් චිමිගේ තොල් අතර මොහොතකට හරි නවතින්න ඇත්නම් කියන හීනය ඩීමන් හැමදිස්සෙම දැක්කා.
කවදාවත් චිමීගේ හුරතල් හිනාව ඩීමන් දැකලා නෑ. චිමී හිනා වෙනවා දකින්න ඩීමන් හීන මැව්වා. රෝස තොල් අතරින් කොයිම වෙලාවක හරි දත් පෙන්නලා හිනා වෙනවනම් කියලා හිතුනු වාර අනන්තයි. ඩීමන්ට මේ වෙලාවේ අමතක උනා එයා රග පෑමක් කරනවා නේද කියලත්. චිමී නිකමට වගේ ඩීමන්ගේ ඇස් දිහා බලද්දී අකුනක් ඇගදිගේ දුවනවා වගේ චිමීට දැනුනා.

ඩීමන්ගේ ඇස් එක එල්ලේම චිමීගේ ඇස් වලට වගේම තොල් වලට වැටිලා තිබුනා. අන්තිම වෙලුම් පටියේ කොන ගැටගහ ගහ හිටපු චිමීගේ අතින් වෙලුම අත ඇරුනා. හොදටම දාඩිය දාලා චිමීව වෙව්ලන්න ගත්තා.
හොදටම බය වෙච්ච චිමී පිටිපස්සෙන් පිටිපස්සට බිම දිගේ ඇදි ආදි යන්න ගත්තා. ඒත් තවත් පිටිපස්සට යන්න නොදී, චිමීගේ ලෝකේ මත් වෙලා හිටපු ඩීමන් චිමීව ලගට ඇදලා ගත්තා.

ඩීමන්ට කාටවත් රිද්දන්නැතුව ඉන්න පුරුදු නැතිනිසාම චිමීගේ අත තදින්ම මිරිකිලා චිමීට,

"ක්රෑස්.."

ගෑවුනා. ඒත් එක්කම චිමී ඉකි ගහන්න ගත්තතා. බය වැඩි කමට කෑ ගහලා අඩන්නත් චිමීට බැරි උනා. කිසිම සද්දයක් පිට උනෙත් නෑ. ඒත් අමාරුවෙන්

"ආ...අ.අ..අ.. රිදෙ...න..."

හිමිට කෙදිරිල්ලකින් කිව්වා. ඒත් ඩීමන්ට නෙවේ ඒ දේවල් ඇහුනේ. චිමීගේ රෝස කම්බුල් අත ගෑව ඩීමන් චිමීව බිමට තල්ලු කරගෙන ඇග උඩට නැග්ගා. චිමීගේ අත් දෙකම ඩීමගේ එක අතක තනිවෙලා තිබුනා. චිමී තදින්ම ඇස් පියාගෙන ඉකි ගහන්න ගත්තා. ඒත් චිමීට කෑ ගහන්න තාමත් බැරි උනා. ඩීමන්ගෙන් එහාට පැනලා දුවන්න චිමීට ඔනේ උනා.
ඒත් එයාට හෙල්ලෙන්නවත් බෑ.

රෝස කම්බුල් වලට ඇදුනු ඩීමන් ආසාවෙන් ඒ දිහා බලන් ඉදලා චිමීගේ කම්බුල් වල සීතල තොල් තදින් තියලා ඒ පහස විද ගත්තේ යටි හිතේ ඉන්න ඇවිස්සිලිකාරයගේ කීමටයි. ඒත් එක්කම අහිංසක චිමී තද කරන් ඉන්න තොල් වලට ඇගිලි යැව්ව ඩීමන් ඒ තොල් උඩ ඇගිල්ලෙන් රට ඇන්දේ හැමදේම එයාගේ විතරයි කියන්න වගේ. ඩීමන් බලෙන්ම චිමීව මේ විදිහට අල්ලද්දී චිමීට එකපාරටම කෑ ගහන්න පුලුවන් උනා.

" එපා......😭 අ...අනේ....එපා..... මට රිද්දන්න එපා... අනේ😭.... එපා.... අනේ රිද්දන්න එපා.......😭"

මහ හයියෙන් බෙරිහන් දෙද්දී ඩීමන් ඉක්මන්ට චිමීගෙන් ඈත් උනා. ඒ මුනෙන් ලස්සන හිනාවක් විතරක් දකින්න හීන මවපු ඩීමන් දැක්කේ ඒ මූනේ පරන බයමයි පරන දුකමයි. ඒත් එක්කම ඩීමන් එතනින් අතුරුදහන් උනා. ලොකු කලකිරීමක් ඇති උනා වගේම හැමදේම එපා වෙන්න ගත්තා. එයා නිසා චිමී දුකෙන් වගේම බයෙන් ඉන්න එක ගැන ඩීමන්ට හුගාක් ලොකු වේදනාවක් ගෙන දුන්නා. කවදාවක් දුකක් නොදැනුනු ඩීමන්ගේ පපුව පුරා ගිනි ඇවිලෙන්න ගත්තා. චිමීගෙන් ඈත් වෙලාම ඉන්න තීරනය කලා.

ඩීමන් බලන් හිටියා කාලයට ඉඩ දීලා. චිමී හිටියා වගේම වෙයිද කියලා. ඒත් චිමී ඇදෙ එකම ඉරියව්වෙන් වැතිරිලා අඩ අඩ ඉන්නවා.
මෙහෙම ඉදලා දැන් දවස් ගානක් වෙනවා. චිමීට අඩන්න කදුලු කොයින්ද මෙච්චර. ඩීමන්ට එයා ඒ තරම්ම බයයිද. ඇත්තටම ඩීමන්ට තිබුනා එ දේ නොකර ඉන්න.

චිමීව එයාගේ හෙයොන්ලා බලා ගත්තේ මලකටත් වඩා සියුම්ව ආදරෙන් පරිස්සමෙන් . කවුරුත් එයාට සිරීමක්වත් කරලා නෑ. පුංචිම දෙයක් උනත් ජෙමින්ට කේන්ති ගිහින් චිමි වෙනුවෙන් රන්ඩුවට යනවා. චිමීගේ ඇගේ වැදුනත් ඇති ජෙමින්ට. ඉතින් ඒ විදිහට රෝස මලක් වගේ බලා ගත්තු චිමීව බලෙන් කිස් කරද්දී, බලෙන් අල්ලද්දී කෝම දරා ගන්නද ඒ බොලද අහින්සක චිමී. චිමී කවදාවත් ඒ වගේ දේකට මුන දීලවත් නෑ. හෙයොන්ලගෙන් ටේගෙන් හැර කිසිම කෙනෙක්ගෙන් මේ වගේ ස්පර්ශයක් ලබන්න චිමි කැමති උනෙත් නෑ.

එන්න එන්නම හැමදේම නරක අතටම හැරුනා. චිමී නොකා නොබී හිටියා. කෑම ඇද ලගට යැව්වත් චිමී නැගිට්ටේ නෑ. මේ වෙන හැමදේම බලන් හිටපු පූස් තඩියා චිමීගේ ලගින්ම මුලු දවසම ගුලිවෙලා හිටියා. ඒත් චිමී නෙවේ ඇස් ඇරියේ. හොදටම හෙම්බත් වෙලා වගේම පන නැතිව චිමී ආයෙමත් ඉස්සර වගේම වෙන්න ගත්තා.

මේ දේවල් බලන්නද ච්මීව මෙහෙම තියන් ඉන්නේ කියලා හිතුනා. චිමී කවදාවත් එයා එක්ක හිනා වෙන එකක් නෑ කියන එක ඩීමන් තේරුම් ගත්තා. චිමීගේ ඇස් වලින් හැම දිස්සෙම එයා කෙරේ තියෙන බය නැතිවෙන එකක් නෑ වගේම චිමී කවමදාකවත් එයාට ආදරේ කරන එකක් නෑ කියන එක ඩීමන් තේරුම් ගත්තා.

ඩීමන් තීරනයක් ගත්තා. අදුරෙන් එලියට ආවේ හැමදේම හරිගස්සන්න හිතාගෙනයි. ඒත් මේ දේ කරන්න කොයිම වෙලාවකවත් ඩීමන් කැමතිඋනේ නෑ. ඒත් චිමිගේ ආදරය එයාට හිමි නැත්තනම් කරන්න තියෙන එකම දේ මේකයි කියලා හිතුවා.

ඩීමන් චිමීගේ ඇද ලගට ගිහින් පෙරවන් හිටපු රෙද්ද ඇදලා අයින් කරේ චිමී ගැස්සිලා එයා දිහා බයෙන් බයෙන් ඇද කොනට ගුලි වෙද්දීයී. ඇද කොනේ ගිලුවෙලා ඉන්න චිමීගේ අතින් ඇදලා අරගත්තත් චිමීට නොරිද්දන්න වග බලා ගත්තා.
ඒත් එක්කම චිමීවත් ඇදගෙන අදුර දිහාවට යන්න ගියා.

ඇද උඩ හිටපු පූස් තඩියත් ඒ පස්සෙන්ම දුවගෙන ගියේ චිමීට කරදරයක් කරයි කියලා බයෙන් වගෙයි. ඒත් ස්වාමියාගේ හිතේ චිමීට තියෙන බැදීම ගැන පූස් තඩියට හොදින් දැනුනා. ඒත් ඩීමන්ගේ අතින් නොදැනුවත්ව චිමීව වෙන්නෙම හානී විතරයි. ඒ නිසා පූස් තඩියා හුගාක් බය උනා එයාගේ හුරතල් යාලුවා ගැන.

චිමීගේ ඇස් තෙත් වෙලා නිසාත් හැම දිස්සෙම අතින් ඔඉහිදාපු නිසාත් ඇස් පොඩිවෙලා මොකුත් පෙන්නේ නැතුව බොද වෙලා තමයි ඉස්සරහා පෙවුනේ. ඩීමන් හුගාක් ද්‍ර චිමීගේ අතින් අල්ලගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා. මහා කලබලයක් ඒ කකුල්වලනම් තිබුනේ නෑ. ඩීමන්ට මේ ගමන් යන්න ඔනේ නැති පාටයි. ඒත් නොයා බැරි කමට යනවා වගෙයි. එයාලා හිටපු තැන පොලව යට තැනක් උමන් ගොඩාක් පහු කරගෙන චිමීවත් අරගෙන ඩීමන් ගියා. චිමගේ ඊය විතරක් ඉතුරුවෙලා තිබුනා. මත වෙලා වගේ ඔහේ ඇවිදගෙන ගියා. කොහෙද යන්නේ කියලාවත් එයා දන්නේ නෑ. චිමීට පන නෑ තවත් ඇවිදින්න. චිමීගේ කම්බුල් තෙතයි හැමවෙලාවෙම වගේ. ඒත් තොල් හොදටම වේලිලා තිබුනා.

චිමීට තවත් දුව යන්න බෑ. චිමී බිත්තිවල හැප්පෙන්න ගත්තා. චිමී ඇදගෙන වැටෙද්දී ඉක්මන්ට අල්ල ගත්ත ඩීමන් චිමීව දෑතින්ම උස්සගත්තා. චිමීට සිහිය තියෙනවා. ඒත් හරි සිහිය නෑ. ඩීමන්ගේ මූන බොදවෙලා පෙවුනා. චිමී ඇස් පියා ගනිද්දී අන්තිම වතාවට දැක්කේ ඩීමන්ගේ මූන.

ඩීමන් චිමීවත් අරගෙන එයාලා හිටිය තැනින් එලියට ආවා. මද්‍යම කදුකරය හරහා ඩීමන් ඉස්සරහට ඇවිදන් ගියේ ඉබ්බෙක්ටත් වඩා හිමිනුයි. අවසාන මොහොතේ චිමී එයාගේ අත් උඩ මෙහෙම ඉද්දී ඩීමන්ට තවත් දරා ගන්න බැරි උනා. දියපාරකින් වතුර අරගෙන චිමීගේ මූන තෙමුවා. ටිකෙන්ටික චිමීට සිහියනම් එන්න ගත්තා. ඒතෙයාට පනක් නෑ.

ආයෙත් චිමීව උස්සගෙන ඩීමන් කැලේ මැදින් ඇවිදින්න ගත්තා. කිසිම හැලහොල්මනක් නැති පාලු කැලේ ඩීමන් චිමීවත් උස්සගෙන යන්නේ කොහෙ වෙන්න ඇතිද..

තවත් ඉස්සරහට යද්දී චිමී හිමීට ඇස් ඇරියා. අහසේ ලස්සන තරු පායලා තියෙන හැටි චිමීට පෙවුනා. හරිම නිහඩයි. ඒ අතරින් තාලෙට කියන වචන පෙලක් හරි අපුරුවට රැහැයින්ගේ සද්දත් එක්ක ඇමිනුනා. චිමීගේ බෙල්ල කඩන් වැටිලා තිබුනු නිසා ඩීමගේ මූන එයාට පෙනුනේ නෑ. ඒත් චිමීට තේරුනා මේ සිංදුව මුමුනන්නේ ඩීමන් වග. අහන් ඉන්න ආසයි. මීට කලිනුත් චිමී ඩීමන්ගේ එකම එක මෙලඩියකට වැයුනු සංගීතයත් සිංදුවත් ඇහුවා. ඒත් ඒ එකම සිංදුව නෙවේ දැන් ඇහුනේ.

ඒක හරිම ලස්සනයි.
අපුරුවට තාලේ අල්ලන ගමන් හිමීට ඒ වචන වටේම පැතිරුනා. උස් කටහඩක් තිබුනත් සිංදුව පුදුම ලස්සනට හිමින් කියන ඩීමන් චිමී දිහා නොබලම සිංදුව මුමුන මුමුන පාඩුවේ යන ගමන ගියා.

චිමීට ඒ වචන එකින් එකින් එක පැහැදිලිව හොදින් ඇහෙන්න ගත්තා
පැරදුනු ආදරයත් විරහවත් මුසු වෙච්ච ඒ සිංදුවේ වචන හුගාක් ඉක්මනින් හිතට වැදුනා.
වේදනාවක් දෙන්න ඔනේ නැති වගත් හැම දේකටම සමාව ගන්න ඔනේ වගත් ආයේ කවදාවත් හමු නොවෙන වගත් ඒ සිංදුවෙන් කියඋනා.
චිමීට අර්තය හොදින්ම තේරුනේ නෑ. ඒත් චිමීට ඒ හැම වචනයක්ම හොදින් මතක තිබුනා. සිංදුවේ අවසානයට මලකට සමාන කරපු කොලු පැටියෙක් ගැන වර්නනාවක් කියැවුනා. ඒ දේවල් වල හිමි කාරයාගේ නම විදිහට ජිමින් කියලා අන්තිමට සිංදුව ඉවර උනා.

චිමීට කිසිම දෙයක් හිතා ගන්න බෑ. හරි සිහියක් තිබුනෙත් නෑ.ඩීමන් එයාව කොහේ ගෙනියනවා ඇද්ද මොනා කරයිද.. මරයිද රිද්දයිද ආයෙත් බෙල්ල මිරිකලා ලේ බොයිද.. කියන බයෙන් චිමී මිරිකුනා.

________________________________

Hi gyz 🎊🎊️

සමාවෙන්න පරක්කු උනාට 👀 අද ඉතින් අපිට විශේශයිනේ....







Jk කොල්ලට 23යි.....අපේ වැම්පයර් කොලු පැටියා දැන් ලොකුයි.... 🎊️😍
HaPpY bIrThDAy jUnGKoOkAaA🤗🙆

මේක දැක්කද...👀

Enjoy 😍

Ishki_

Bạn đang đọc truyện trên: AzTruyen.Top