🥀 වැම්පයර් හමුදාව

"අ...ආච්චි... අනේ... ඔ..ඔ..ඔයා.. කොහෙද... මට බය හිතෙනවා.... ආච්චී......😭"

ටේ ගෙදරින් එලියට යද්දී මහ අමූතු සීතලක් ටේගේ ඇගේ වැදුනා. ටේට බයටම ඇඩුනා. ටේ හිත හයිය කරගෙන ඉස්සරහට ගියා ආච්චිව හොයා ගන්න. ටේ හිතුවා හීනේ හිටිය යක්සයා ආච්චිව අරන් ගිහින් කියලා.

ටේ දන්නෙම නැතුව නගරෙටම දුවගෙන ආවා. මුලු නගරෙම මහ මූසල පාටයි. එක මිනිහෙක් නෑ. හැමතැනම තද කලුවරකින් වැහිලා ගිහින්. එක වීදී ලාම්පුවක්වත් පත්තු වෙලා නෑ. සමහර වීදී ලාම්පු ගැස්සි ගැස්සී පත්තු වෙනවා. ටේ ඉස්සරහ අඩිය තියද්දිම ගැස්සි ගැස්සී තිබ්බ වීදී ලාම්පුවක් පුපුරලා ගියා. වීදී ලාම්පුවෙන් ගිනිපුපුර වැස්සක් වගේ ටේගේ වටේටම වැටෙන්න ගත්තා. ටේ ඔලුව බදාගෙන කෑ ගහගෙන බිම දන ගහගත්තා.

ටිකක් වෙලා එහෙමම හිටපු ටේට ආයෙත් කෑ ගහන සද්දේ ඇහුනා. ටේ එකපාරටම ඔලුව ඉස්සුවේ ලගපාතින්ම ආච්චිගේ සද්දේ ඇහුනු නිසයි. ටේ ඔලුව හරෝ හරෝ හෙව්වා සද්දේ එන දිහා.
ටේ බයම තැන. පාළු වීදී.
ඔව් පාළු වීදියක් ඇතුලෙන් ආච්චි ටේට කතා කරනවා. ටේගේ පපුව ගැහෙන සද්දේ ටේටත් ඇහෙන තරමටම සද්දෙන් ගැහුනේ බය වැඩි කමටයි. ටේ දැන් හිතන්නේ නෑ එයා දකින්නෙත්, දැක්කෙත් හීනයක් කියලා.

ටේ ගැහෙන කකුල් වලට පන දීලා අත් වලින් බිමට බර දීලා හිමීට නැගිට්ටා. එයාගේ කම්බුල් දිගේ වැටෙන මැනික් වගේ දිලිසෙන කදුලු ටේ එයා ඇදන් හිටපු එයාගේ අත් වලටත් වඩා දිග එයාටත් වඩා ලොකු ඇගිලිත් පේන්නැති තරම් දිග ඇදුමෙන් ටේ එයාගේ කදුලු ඉක්මන්ට පිහි දැම්මා.

ටෙ හිතා ගත්තා එයා මැරුනත් කමක් නෑ මට මගේ ආච්චිව බේර ගන්න ඔනේ කියලා එයා වීදීය ඇතුල්ට එක පිම්මට දුවගෙන ගියා. ටේ වීදිය ඇතුල්ට යද්දිම සීතල උනත් ටිකක් උණුසුම් අතක් ටේගේ ඉන වටේ එතුනා. කොච්චර ශක්තිමත් අතක්ද කිව්වොත් ටේව නිකන් පිහාට්ටක් වගේ ඒ කෙනා එක අතින් ටේව වීදිය කොනට ඇදලා ගත්තා. ටේට වඩා උස ඒ කෙනා ටේගේ ඔලුව උඩින් වීදීයේ අනික් කෙරවර දිහා බැලන් හිටියා.

ටේට දැනුනේ ලොකු ආරක්ශාවක් වගේම හුරු පුරුදු බවක්. ටේට ඔනේ උනා ඒ කෙනාගේ මූන බලාගන්න. ටේ ඒ උණුසුම් පපුවට තුරුල් වෙලා හිටියේ අත් දෙකත් ගුලි කරගෙනයි.
පුංචි හුරතල් බෙයා.
ටේ ඔලුව උස්සන උස්සන පාරට ඒ කෙනා ටේගේ ඔලුව උඩින් අත තියාගෙන ටේව පපුවටම තද කරගත්තා. හරියට මන් දිහා බලන්න එපා ඔහොමම තුරුල් වෙලා ඉන්න.. හැමදේම දැන් හරියයි.. මන් ඉන්නවනේ.. කියන්න වගෙයි. ටේ තුම්පාරක් විතර මූන දිහා බලන්න ට්‍රයි කරලා අන්තිමට එයාට අවනත වෙලා ටේ ඒ උණුසුම් පපුවට ඔලුව තියාගෙන ඒ හදවත් ගැහෙන තාලේ අහන් හිටියා. ශක්තිමත් හුගාක් ශක්තිමත්. කියාගන්න බැරි තරම් විදිහේ ශක්තියක් ටේට ඒ කෙනාගේ ලග ඉද්දී තේරුනා. ටේ එයාගේ හිතේ වීරයෙක්ගේ රූපයක් මවා ගත්තා. ඒත් එයාට මූනක් නෑ. ටේ ඇස් පියා ගත්තා. එකපාරටම ඒ මවගත්ත කෙනාගේ මූන මැවුනේ ජේකේ විදිහටයි. ටේ ගැස්සුනා. ටේට කෝම හරි මේ කෙනාගේ මූන බලන්න ඔනි උනා. ඒත් පුංචි දරුවෙක්ව තුරුල් කරන් ඉන්නවා වගේ ඒ කෙනා ටේව තවත් එයාගේ තුරුලටම කරලා තියා ගත්තා. ටේ මේ අමුතු සීතලත් උණුසුමත් අතරෙ අතරමංවෙද්දී ටේට මොහොතකට ආච්චිගේ කටහඩ අමතක උනා.

"පු...තේ...... තේහියුන්ගා......"

ඒ කටහඩ ආයෙත් හිමීට ටේගේ කන ලගින් ඇහුනා. ටේ හිමීට මූන විදිය කොන පැත්තට හැරෙවා. ටේ දැක්කේ වයසක ගෑනු කෙනෙක්ව. අමාරුවෙන් බිම දිගේ ඇදෙනවා.

ටේ දැක්කේ එයාගේ ආච්චිව.

"නෑ... නෑ.... යන්න එපා... යන්න එපා.. ඒ පැත්තට යන්න එපා.... ආච්චී........ මට යන්න දෙන්න... අනේ මගේ ආච්චී....."
"ෂ්....🤫"

ටේ කෑ ගැහුව පාරට එයාලා හැංගිලා හිටිය වීදේයේ හැම ලාම්පුවක්ම ගැහි ගැහි පත්තු උනා. ටේ මහ හයියෙන් ඇගිලි හපාගෙන අර කෙනාගේ පපුවට ඔලුව තියන් වීදීය කොන දිහා බලාගෙන අඩන්න ගත්තා. ටේට දුවලා ගිහින් එයාගේ ආච්චිව අල්ල ගන්න ඔනේ උනා. ආච්චිගේ ජ්‍යායාව එන්න එන්නම බොද වෙලා ගියා. ටේට් දැගලුවා. ඒත් ටේට හෙල්ලෙන්නවත් බෑ.

එකපාරටම අවතාර හමුදාවක් වගේ කලුවර අතරින් වීදියේ කොන් දෙකෙන්ම වැම්පයර්ලා ඇතුල් උනා. ටේලා හිටිය තැන කණුවේ ලාම්පුව බිදිලා ගියා. සී සීකඩ ගිනි පුපුර විසිරෙන අතරින් ටේව තුරුල් කරන් ඉන්න කෙනාගේ ඇස් දිහා මහා කැත විදිහට බලාගෙන ඉස්සරහට ආවේ ලේ පිපාසාවෙන් ඉන්න අලුත් වැම්පයර්ලා හ්මුදාවයි. කිසි බලයක් නැතිඋනත් මේ අය ශක්තිමත්. ලේ පිපාසාවෙන් වියරු වැටුනම සත්තුන්ටත් අන්තයි.
ඒ ඇස් රතු පාටයි.
ඒ ඇස් බෝල රතු පාටින් මුලු වීදියම භයංකාව කලා.
ටේව ආරක්ශා කරන කෙනා ටේගේ මූන තවත් පපුවටම කරලා තද කරා. තවත් වැම්පයර්ලා ඉස්සරහට එද්දී ටේව හිමීට එයාගේ පිටිපස්සට කරපු එයා ඇදන් හිටපු ජැකට් එක ගලවලා ටේගේ ලේ සුවද හොදටම එන බෙල්ල වැහෙන්න ජැකට් එක එතුවා. කලු කැප් එකක් දාන් හිටපු මෙයාගේ මූන ටේට තාමත් බලාගන්න බැරි උනා. ටේ ඒ කෙනාට මුවා වෙලා හිමීට එහාට බර වෙලා එයාව ආරක්ශා කරන්නේ මෙයා මාව කාගෙන්ද කියන්න වගේ බැලුවා. ඒත් තවත් එහාට නැවෙන්න නොදී ටේව කෙලින් කෙරෙව්ව කෙනා ටේගේ අත් දෙක අරගෙන ටේගේ මූනෙන් තියලා වහගෙන ඉන්න කියන්න වගේ හැගෙව්වා.
නෑ අණ කලා.

ටේව බිත්තියට හේත්තු කරලා අනික් පැත්ත හැරුනු එයා එයාට ඉස්සරහින් වීදීයේ තැනින් තැන සිමෙන්ති වලින් හිට්ටවලා තිබුනු යකඩ පොල්ලක් තනි අතින් හරිම ලේසියෙන් කඩලා අතට ගත්තා. එයාගෙ ඉස්සරහින් ඉන්න හමුදාව දිහා එයා බලන් හිටියා.

මොහොතක් නිෂ්ශබ්ද උනා මුලු වීදියම. ටික වෙලාවකින් ඒ අය අතරින් ඉස්සරහට ආවේ මහ මොලකරු කියන්න වගේ මේ අලුත් වැම්පයර්ලාව නිර්මාණය කරපු ලොක්කා.
එදා ටේව වීදියෙදී මරන්න ආපු කෙනාගේ සහෝදරයා.
මහ නපුරු භියකරු ඇස් දෙකක්.
ඒ ඇස් වලින් මුලු පාලාතක්ම භය කරන්න පුලුවන් ඒ තරම් ඒ ඇස් මහ භයානකයි. ඒත් ඒ ඇස් දිහා එක එල්ලේ බලන් හිටියා ටේව ආරක්ශා කරන කෙනා. ටේ එයාගේ අත් වලින් මූන වහගෙනම හිටියා. ටේට ඔනේ උනේ නෑ එයාගේ ඉස්සරහා මොනාද වෙන්නේ කියලා බලන්න. ඒ දේ හුගාක් භයානක් දෙයක් නිසායි මූන වහන් ඉන්න කිව්වේ. ටේ ඒ හින්දම මූනෙන් අත් දෙක් හෙලෙව්වෙවත් නෑ.

"උබ.... කවුද... මේ මනුස්සයාගේ... තමුන් මෙයාව ආරක්ශා කරනවද... හහ්...😃... උබ වගේ මනුස්සයෙක් කොහොමද අපි එක්ක හැප්පෙන්නේ... ඊටත් අපි හොයන කෙනා උබ නෙවේ... මුගේ පස්සෙන් එන්න ඔනේ වැම්පයර් කෙනෙක්... ශිට්..... එකට කමක් නෑ... දැන් අපිට මෙයා ඉන්නවනේ... මෙයාට මොකද කරන්නේ..... මෙන්න උබලගේ රෑ කෑම වේල එහෙනම්... මූව මරාගෙන උබලා ඇති තරම් සතුටු වෙයන්... මට අනික් කෙනාව ඔනේ... මට මගේ මල්ලිව මරපු වැම්පයර්ව හොයා ගන්න ඌව ඔනේ. තවත් මොනාද බලන් ඉන්නේ මරපන්..."

නායකයා කෑ ගහද්දී අඩි හප්ප හප්ප මහ හමුදාවම ටේව ආරක්ශා කරපු කෙනාව වට කර ගත්තා. ටික වෙලාවකින් ඒ එක එක්කෙනාගේ බෙලි ගැලවිලා විසික් වෙලා ගියා. තැන් තැන උන්ගෙ බෙලි නැති කදවල්. සීතලට ඇග උණුසුම් කරගන්න වීදිවල යාචකයෝ බැරල්වලට දර දාලා අගුරු කරල ගිනි ගොඩවල් ගහනවා. ඒ වගේ බැරල් කීපයක්ම වීදී කොන් වල තිබ්බා. වැඩිය පත්තු නොවුනත් ඒ ගිනි දැල් වලින් දුම හතර වටේම පැතුරුනා. බිම වැටුනු බෙලි එකින් එක පයින් ගහලා පන්දුව හරියටම දැලට දාන ක්‍රීඩකයෙක් වගේ ඒ කෙනා බැරල් වලට බෙලි විසික් කලා. වැම්පයර් හමුදාවේ නායකයගේ ඇස් උඩ ගියා. මෙච්චර ශක්තිමත් කෙනෙක්... ඒ කියන්නේ හාෆ් වැම්පයර් කෙනෙක් කියලා නායකයා දැන ගත්තා. ලේසියෙන්ම වැම්පයර්ලාව විනාස් කරපු ඒ කෙනා හමුදාව මැදින් නිර්භීතව නායකයා ලගට ගියා. අලුත් වැම්පයර්ලා එයාට ලන් වෙන්නත් භය උනා. උන්ගේ නායකයා ලගට ගියපු ඒ කෙනා අතේ තිබ්බ පොල්ල නායකයගේ මුනට දික් කලා

"තමුන්ගේ සහෝදරයව මැරුවේ මමයි.. ඒක උනේ එයාගෙම වැරැද්දෙන්.. මගේ කෙනාගේ පස්සෙන් ආව එක වැරදී.. එයාව අපිට වටිනවා.. මම දන්නවා තමුසෙලා මෙයාව හොයන්නේ හුග කාලෙක් ඉදලා කියලත්, එයාගේ ඔම්මවයි අප්පවයි මැරුවෙත් උබ කියලත්.. අ..අ..අ.. තමුන් ඔය හිතන්නේ මාව මරන්නද තමුන්ගේ ඔය පිටිපස්සේ හන්ගන් ඉන්න කඩුවෙන්... ඔහ්... ඔහ්....හෝ... ඔහේ හැරෙන කොට ඔහේගේ බෙල්ල තියෙයි අර බැරල් එකේ ගිනි දැල්ලට දිය වෙලා....."

එ කෙනා නායකයට අභියෝග කලා කෙලින්ම සටන් කරන්න. ඒ දෙන්නා විතරක්.. ඒත් එක පාරටම හමුදාව ඇහිපිල්ලන් ගහන පමාවට දූවිල්ලක් වගේ එතනින් විසිරුනා, විතරක් නෙවේ එකපාරටම නායකයා කට කොනට හිනා උනා. ඒ හිනාවත් එක්කම ටේගේ ආරක්ශකයා බය උනා.
ඉක්මන්ට පිටි පස්ස හැරිලා බැලුවා. බිත්තිය ලග මෙච්චර වෙලා හිටපු ටේ එතන නෑ. වීදිය පිරෙන්න හිටපු හමුදාවත් නෑ.

"උබට මම....😡..................😰"

එයා අනික් පැත්ත හැරෙන පමාවට නායකයත් අතුරුදහන්..

"නෑ............... කෝ.... ටෙටේ..........."

හයියෙන් මුලු වීදියම දෙවනත් කලා එයා. ටේ හිටිය බිත්තිය ලගට ගියපු එයා ටේගේ සුවද පස්සෙන් ගියා. වීදී පුරාම ටේගේ සුවද... ටිකක් දුර ය්ද්දී ටේගේ බෙල්ලේ ඔතපු ජැකට් එක හම්බුනා. තවත් වීදීයකින් ටේගේ සුවද එනවා. ඒ වීදෙයට යද්දී ටේගේ උඩ ඇදුම බිම වැටිලා තිබ්බා. ඒ යක්කු ටේගේ ඇදුම් වීදී වටේම අරම් ගියපු නිසා ඒවයින් එන සුවද නිසාත් උන් ගියපු පාර ටේගේ ආරක්ශකයට හොයා ගන්න බැරි උනා.

අසරනව බිම දනගහගෙන දැතින්ම කොන්ඩේ ඇදගෙන ටේ ගේ නම කිය කිය කෑ ගහන්න ගත්තා. ආයෙත් නැගිටලා හැම වීදියකම හොයන්න ගත්තේ පිස්සුවෙන් වගෙයි. ඉස්සරහට හම්බෙන ඔනම එකෙක්ව මරන තරම් කේන්තියකින් එයා ටේව හෙව්වා. ටේගේ ඇදුම් පපුවට තුරුල් කරගෙන යකඩ පොල්ල තදින් අතමිට මොලවගෙන බලාපොරොත්තු සුන් වෙච්ච හදවතින් එයා බිම බලාගෙන වීදීය දිගේ ඇවිදගෙන ගියා.

"ජේකේ...."

.

.

_________________________________________

Hi gyz👁️

ඔබ එන්න සුලගේ දැවටිලා.... 😍

තේරුන් නැති දෙයක් තිබේද....?

පරක්කු උනා නේද ඊයේ මේ වෙට්පෑඩ් එක පිස්සුවක් නැටුවනේ.. කෑලු දෙකක්ම දානවා නැත්තම්... මේක කියවන්නකෝ... මම රෑ වෙද්දී අනිත් එකත් දෙනෝ.. 😘

EEnjoy 😍

Ishki 💓

Bạn đang đọc truyện trên: AzTruyen.Top