🥀 වෙනස්වන හැගීම්


නිවුනු ඉටිපන්දම් එකින් එක දැල්වෙනකොට චිමීගේ බය ටිකක් විතර නැති උනා. දවස් කීපයක්ම චිමීට කෑම හම්බුනා. මේසේ උඩට කොහෙන්දෝ මතුවෙන කෑම චිමී බය නැතුවම කෑවා. චිමී කෑවට පස්සේ හුගාක් වෙලාවට ඩීමන් පියානෝ එක ප්ලේ කරනවා හොරාවන් කීපයක්ම එක දිගට.

ඩීමන් චිමී දිහාවත් නොබලම හිටියා හරියට එයාගේ මූන දැකලා චිමී බයෙන් ගැහෙනවා කියල දැනිලම වගේ. අඩුම තරමේ චිමී ලගටවත් ආවේ නැති තරම්. මෙහෙම කාලය ගතවෙද්දී චිමී ඩීමන් එන යන වෙලාවන් එහෙම හොදට මතක තියා ගත්තා. ඇදලග තියෙන ඉට්පන්දම පත්තු වෙද්දී ඩීමන් කාමරේ නෑ. මේසේ ලග ඉටිපන්දම පත්තු වෙද්දී ඩීමන් මේ ලග කොහේ හරි ඉන්නවා ඒත් කාමරේ නෑ. චිමී කෑම කලා ඇදට යද්දී හැම ඉටිපන්දමක්ම නිවෙනවා ඒ වෙලාවට පියානෝ එක ප්ලේ වෙනවා. ඒ කියන්නේ මේ වෙලාවට ඩීමන් කාමරේ ඉන්නවා.

චිමී එහෙම හිතන් හිටියත් මේ මුලු කාලයම ඩීමන් චිමී දිහා බලාගෙන කාමරේ උඩ අදුරේ ඉදගෙන බලන් හිටියා.



............🕕



කැඩිච්ච පියානෝ එක උස්සගත්ත ඩීමන් තරහින් දත්මිටිකාගෙන බිම පන නැතුව වැතිරිලා ඉන්න චිමීගේ ඇග උඩට පියානෝ එකෙන් හයියෙන් දමලා ගහන්න යද්දිම චිමී

" ම...ට... රි..ද්...ද..න්...න...එ...පා..."

ඇහෙන්නැති තරම්ම හිමීට ඒ වචන චිමීගේ තොල් වලින් එලියට ආවා. ඒ අහිංසක යැදීම ඩීමන්ට මතක් කරලා දුන්නා එයා පලවෙනියටම මරපු මනුස්සයා වැදවැටෙනවා මරන්න එපා වද දෙන්න එපා කියලා. මොකක්දෝ හේතුවක් නිසා ඒ වෙලාවේ ඩීමන් චිමීගේ ඇගට අත අරින්න ගියපු පියානෝව පැත්තකට විසික් කලා. ඒ වැටිච්ච පාරට ඒක කැඩිලා බිදිලා සීසීකඩ විසිරිලා ගියා.

බිම වැතිරිලා ඉන්න චිමීව අත් දෙකට උස්සගෙන චිමීගේ සුදුමැලිවෙච්ච මූන දිහා බලන් හිටියා. කොච්චර අහිංසකද ඒ මූන. කවදාවත් දැකලා නෑ මෙච්චර අහිංසක ඇස් දෙකක්. ඩීමන්ගේ හිත මෙහෙම හිතන්න ඇති. ඩීමන්ගේ ඇස් එක එල්ලෙම චිමීගේ මූනට වැටිලා තිබ්බා.

ඩීමන් පන නැතුව ඉන්න චිමීව අරගෙන ගියා එතනින් වෙනත් තැනකට. ඩීමන්ට ඔනේ උනා චිමී එක්ක ඉන්න ඒත් එයාට මොකුත් නොකරන්න එයාව තවත් විදවීම් නොදෙන්න. ඒ ඇයි කියලා එයාවත් දැනම් හිටියේ නෑ. වේදනාකාරී මතකයන් හිමීට යටපත් උනත් චිමීගේ අහිංසක කම එයාගේ හැගීම් ඉස්මතු කලා. ඩීමන්ට ඔනේ උනා චිමීගේ හැසීරීම් හැම එකක් දිහාම නිහඩව බලන් ඉන්න.

සුවපහසු ඇදක් උඩින් චිමීව තියලා චිමීගේ ඇදුම් එකින් එක ගැලෙව්වා. ඒත් එක්කම චිමීට තියෙන වේදනාව මහන්සිය වැඩි කමටම නින්ද ගියා. ඩීමන් ඒ තප්පරේට චිමීගේ ලස්ස්න හම සුදු ඇදුමකින් වහලා දැම්මේ දැඩි ආශාවක් හිත යට උපදින කොට ඒවා අමාරුවෙන් යටපත් කරගෙනයි. කාට උනත් ඒ කියාගන්න බැරි සියුමැලි ඇග ටිකක් හරි අල්ලන්න හිතෙනවා.
චිමීට බලහත්කාරකම් කරන්න ආපු අයනම් හුගයි. ඒ වගේම ඒ අයගේ අතපය බොහොම ලස්සනට අබරලා කඩලා කරලා සම්පූර්නෙන්ම හෙළු කරලා ඇකඩමී එක මැද ගහක බැදලා එන හැමෝටම ප්‍රධර්ශනය කරලා තමයි තරහව පිරිමහගත්තේ චිමීගේ ආදරණීය හෙයොන් වන ජෙමින්.

චිමීගේ ඇදුම් මාරු කරලා එසැනින් අදුරට ගිහින් ඩීමන් චිමී නැගිටිනකල්ම බලන් හිටියා. චිමී ලස්සනට නිදන් ඉන්නකොට ඒ ලස්සන දිහා භාවනාවක් වඩනවා වගේ ඩීමන් හොදින් බලන් හිටියා. ඩීමන්ටත් නොදැනිම එයාගේ ඇස් දිලුසුනා.
චිමී නැගිටලා වටපිට බලන හැටිත් මේසේ තියෙන කේක් එක ලගට යන්න ගියපු හැටිත් ඩීමන් බලන් හිටියා. ඒත් එක්කම චිමී එයාගේ ඇදුම් මාරුවෙලා තියෙනවත් එයා දැක්කලා ඒ දිහා හොදට බලන හැටි ඩීමන් දැක්කා. ඒ වෙලාවේ ඩීමන්ට කට කොනකට හිනාවක් ගියා. සමහරවිට චිමීගේ පියකරු සියුම් තැන් මතක් වෙලා වෙන්නත් ඇති. (o_O)
ඩීමන්ට ඒත් එක්කම කේන්ති ගියේ චිමී කෑම කන්නේ නැතුව රෙද්ද අස්සටම ගුලි උන නිසා. ඒත් එක්කම ඩීමන් උඩ ඉදගෙනම මේසේ උඩ තිබ්බ කේක් එක උඩ පා කරලා බිත්තිය දිහාවට යැව්වා. බිත්තියේ හයියෙන් වැදුනු කේක් එක කැලි කැලි වෙලා කාමරේ පුරාම විසිරුනා.

ඩීමන්ට ඔනේ උනා චිමීට හොදට කන්න දෙන්න. ඒ ඇයි... ඒකනම් එයා වත් දැනම් හිටියේ නෑ.
එයාට මේ කාලයෙදී ලේ අමතක උනා. ජෙමින් ජේකේව අල්ල ගන්න ඔනේ කියන එකත් එයාට අමතක උනා. ඩීමන්ට ඔනේ උනේ චිමී දිහා බලන් ඉන්න.

චිමීට බලෙන් කෑම කන්න දුන්නූ ඩීමන් පියානෝ එක ප්ලේ කර්ද්දී චිමී තියෙන කෑම බයටම නොකන බව තේරුනා. එයාගේ බැල්ම නිසා බයටම කෑම කෑව වග ඩීමන් තේරුම් ගත්තා. එයාට චිමී හුගාක් බයයි කියලා චිමී හොද හැටි තේරුම් ගත්තා.
ඩීමන්ට ඇති උනේ එක්තරා විදිහකින් කලකිරීමක්. එක අතකට ඒක එයාගෙම විදිහ. ඩීමන් දන්නේ නෑ කෙනෙක්ට හොදින් සලකන්න. එයාට ඔනේ දේ එයා එයාගෙම විදිහටයි කරන්නේ.

ඉතින් ඊට පස්සේ ඩීමන් කෑම මේසේ පුරවලා එයා උඩ ඉදන් චිමී දිහා බලන් හිටියා. ටික දවසක් යද්දී චිමී කෑම කන්න ගත්තා. චිමී අපුරුවට කෑම කන හැටි චිමී සමහර පලතුරුවල පොතු අමාරුවෙන් ගලෝගෙන ඇස් ලොකු කරගෙන ඒවායේ රස බලන් හැටි සමහර ගෙඩිවල ඇට වෙනම පැත්තකින් එකතු කරලා ලස්සනට කන හැටි මේ හැම හැසීරීමක්ම ඩීමන් බලන් හිටියා පුදුම ආසාවකින්. ඩීමන්ට දවස ගෙවෙනවදවත් තේරුනේ නෑ. එයාගේ දවසේ වැඩ ටික උනේ චිමීට කන්න දීලා ඒ දිහා බලන් ඉන්න එකයි චිමීට නින්ද යනකල් පියානෝ ප්ලේ කරන එකයි.

චිමී එයාව දැකලා බයවෙන නිසාම ඩීමන් හැම ඉටිපන්දමක්ම නිවලා දාලා අදුරෙම පියානෝ ප්ලේ කලා.
ඩීමන්ගේ මේ හැසීරිම් වලට චිමී බය උනත් ඩීමන් එයාට පේන්න එන්නැති එක ගැන චිමීගේ බය නැති වෙන්න එක හේතුවක් උනා.

..............🕕

කාලය මෙහෙම ගතවෙද්දී ඩීමන් හොදින් දැක්කා චිමී කුමාරයෙක් තරම්ම ලස්සන කෙනෙක් වෙනවා. මෙච්චරකල් හරියට කෑමක්වත් නැතිව ඉන්නකොට චිමීගේ මූන මැලවිලා තොල් සුදුමැලිවෙලා තිබුනත් දැන් දැන් ලැබෙන කෑම වේල නිසා චිමී හිටියා වගේම ලස්සන උනා. කියාගන්න බැරිතරම් මේ චිමීගේ ලස්සන දිහා ඩීමන් බලන් හිටියේ නියපොත්තක කොනකුත් හපාගෙනමයි.

වෙන්දාවගේම මේසේ උඩ කෑම මවලා චිමී පැද්දී පැද්දී කුරුලු පැටියෙක් වගේ ඒ දිහාවට ගිහින් ලස්සනට පුටුව පිටිපස්සට කරලා ඉදගෙන කෑම කන්න ගත්තා. චිමී හැම පලතුරක් දිහාම හොදට බලලා එකින් එක කන්න ගත්තා. දැන් දැන් චිමීගේ ඇස් පියානෝ එක දිහාවට දිව්වේ ඩීමන් වැරදිලාවත් එතන ඉදන් එයා දිහා නපුරුවිදිහට බලන් ඉන්නවදෝ කියලා බය හිතිලයි. ඒත් එයාට ඩීමන්ගේ හෙවනැල්ලක්වත් දකින්න ලැබුනේනම් නෑ. චිමී කාලා ඉවරවෙලා ඇදට නැගලා රෙද්ද ඔලුවේ ඉදන්ම පෙරෝගෙන රෙද්ද අස්සෙන් බලන් හිටියා එකින් එක ඉටිපන්දම් නිවෙන හැටි.
ඒත් එක්කම වෙන්දා වගේම සුපුරුදු පියානෝවේ සංගීතයට චිමී ඇහුම් කන් දුන්නා. චීමී ඒ සංගීතයට පුදුම විදිහට ආස උනා. ඒත් ඒක ප්ලේ කරන්නේ කවුද කියලා මතක්වෙද්දී එයාට ඇති උනේ ලොකු බයක්. ඒ බයත් එක්කම චිමී පියානෝ සන්ගීතය ඉවරවෙනකල්ම අමාරුවෙන් ඇස් ඇරම් හිටියා.

පියානෝ සංගීතය ඉවර වෙනවත් එක්කම චිමීට නොදැනිම නින්ද ගියේ සංගීතය තියා කිසිම සද්දෙකුත් නැති නිසයි. චීමීට හොද නින්දක් හොද කෑම වෙලාක් ලැබුනා. ඒත් චිමීගේ බයනම් එහෙමමයි. හැමවෙලාවෙම ගැහෙන අත පය දැන් දැන් නැවතිලා කලින් වගේම හොදින් චිමී හිටියා. ඒත් චිමීගේ හිත කිව්වෙම කොයිවෙලාවක හරි ඩීමන් එයාව මරාගෙන කයි කියලමයි.
ඒත් ඩීමන් නෙවේ එයා ලගටවත් ආවේ.

මෙහෙම කාලය ගතවෙද්දී දවසක් චිමී කෑම කකා ඉද්දී ඩීමන්ට ඔනේ උනා බිමට බැහැලා චිමී ලගට යන්න. කාලයත් එක්කම ඩීමන් හිතුවා චිමී දැන් බය නැතුව ඇති කියලා.
චිමී කෑම කනකොට චිමීට තේරුනා කවුරුහරී එයාගේ ලග හිටන් ඉන්නවා කියාලා. චිමී ගැස්සුනු පාර ඒ දිහා නොබලම පුටුව උඩට කකුල් දෙක අරගෙන පපුවට තුරුල් කරන් බයෙන් ගැහෙන්න ගත්තා. ඒත් එක්කම චිමී ඇඩුවා.
මේ හැසීරීම නිස ඩීමන්ට හොදටම කේන්ති ගියා. තරහ ගියපු පාර චිමීගේ පුටුවෙන් ඇදලා අරගෙන පුටුවේ ගුලිවෙලා හිටපු චිමිගේ අතින් ඇදලා ගත්තා. ඒත් ඩීමන්ට චිමීට තවත් වද දෙන්න ඔනේ උනේ නෑ. තදින්ම දත්මිටිකාගෙන එසැනින් ඩීමන් අතුරුදහන් උනා. ඒත් එක්ක චිමී එතනම බිම දනගහගත්තේ මේ වෙන කිසි දෙයක් හිතා ගන්න බැරුවයි. චිමී බිම ඇලවෙලා හයියෙන් ඇඩුවා.

________________________________________
Hi gys 🙉

කට්ටියට ඔනේ උනා වගේම ඔන්න ඩීමන් ටිකක් හොදවෙලා. 👀 බලමූ ඉස්සරහට මොනා වෙයිද කියලා..

Enjoy 🙉

Ishki o_O

Bạn đang đọc truyện trên: AzTruyen.Top