🥀 වෙනස්වීම

ජින් බයටම බිත්තිය දිගේ රූටලා බිමින් ඉදගත්තා. එදා ජේකේ නම්ජුන්ව දැක්ක වෙලේ ඉදන්ම හිත කියවන්න ගත්තේ එයාලට මෙයා මොනා කරයිද කියලා දැනගන්නයි. ජේකේ දෙපාරක් නොහිතම නම්ජුන්ගේ ඇස් දිහා බලන් හිටියා.

නම්ජුන් එවෙලේ හිත හිත ආවේ හෝසොක්ව ජීවිත කාලෙට හිරකරලා දාන්නත් ජින්ගේ යාලුවන්ම මෙතනම මරලා දාන්නත්, ජින්ව හොයාගෙන එයා ඉස්සරහම කොල්ලෝ තුන්දෙනාවත් මරන්නයි. මේ දේවල් හිත කියවලා දැනගනිද්දී, ජේකේගේ ඇස් වලට කදුලු පිරුනේ එයාලා මොනතරම් මෝඩ විදිහට අහු උනාද කියලා හිතිලයි. ටිකක් එහා මෙහා උනානම්,
ජිනුත් මෙතන හිටියනම් වෙන දේ ජේකේට හිතා ගන්න පුලුවන් උනා..

ජින් කරපු කියපු දේවල් වලින් නම්ජුන් ජින් ගැන හොද කිව්වත් ඇත්තටම නම්ජුන් හිත යටින් ජින් එක්ක ලොකු තරහක් තියන් හිටියා. නම්ජුන් සභාවට එද්දී එයාගේ ඇස් යන්නෙම හිස් ආසනයට. එතන ඉන්න ඔනේ අද හෝසොක් නේද කියලා නම්ජුන්ට මතක් වෙද්දී ජින් කියන්නේ රැවටිලිකාරයෙක් කියලා නම්ජුන් හිතුවා. ජින් එලියට පේන චරිතේ නෙවේ කියලා හිතුවා. ඒත් කවුරුත් දැනම් හිටියේ නෑ නම්ජුන් ජින් ගැන මෙහෙම හිතනවා ඇති කියලා. හැමෝම හිතුවේ ජින් ගැන හොද කියනගොට නම්ජුන් ජින් ගැන පැහැදීමක් තියන් ඉන්නවා කියලයි. ඒත් නම්ජුන් බලන් ඉදලා තිබ්බේ වෙලාව එනකල්. නම්ජුන්ට පුලුවන්කම තිබ්බා කාටවත් දැනගන්න නොදී ජින්ව ඉවරයක් කරන්න. ඒත් එයාට ඒක කරන්න හිත දුන්නේ නෑ.

අන්තිමේදී ජේකේගේ මනස තුලින් නම්ජුන් හෙව්වෙම ජින් ගැන. ජේකේ තුල ජින්ගේ මතකයන් පිරිලා තිබුනා. ජේකේගේ හැකියාව නිසා ජින්ගේ හිත මොනතරම් වෙනස් කෙනෙක්ද වගේම ජින්ගේ ආදරය වචනෙන් කියාගන්න බැරි එකක් කියලා නම්ජුන් දැක්කා. ජේකේව වගේම අනිත් කොල්ලේ දෙන්නවත් ආදරෙන් බලාකියා ගත්තු විදිහත් එයාලා එක්ක ගේ වටේ, කැලේ මැද්දේ දුව දුව සෙල්ලම් කරන මතකයන් නම්ජුන් දැක්කා. කොච්චර පරිනත කෙනෙක් උනත් ලාභාල තරුනයෙක්ගේ හැසීරීමක් තිබ්බ ජින් ගැන නම්ජුන්ට පැහැදීමකට වඩා දෙයක් එයාගේ හිතේ ඇති උනා.

නම්ජුන් තද හිතක් තියෙන කළු ගලක් වගේ කෙනෙක්. කාගේවත් වචනෙකට බෑ එයාව වට්ටන්න.ඉතින් නම්ජුන්ව කවුරුත් තරහා කරගත්තේ නෑ. හැමෝම වගේ නම්ජුන්ව දැක්කේ භයානක කෙනෙක් විදිහට.

ජෙනී නිසා නම්ජුන්ගේ හිත මෙලෙක් වෙන්න ගියත් ජෙනීගේ නැතිවීමම නම්ජුන්ව මාන්සටකෙනෙක් කලා.

නම්ජුන්ට හැමෝම යටත්. එයා දිහා කවුරුත් කෙලින් බලන්නේ නෑ. නම්ජුන්ගේ ඉස්සරහට යන්නෙත් නෑ. නම්ජුන්ව දැකපු කෙනෙක් මේ වෙනකල් ඉදලත් නෑ. ජින්ගේ යාලුවන්ට ඒ වාසනම් හිමි උනා.මරණය අත් වෙන්න තිබුනත් ඒ හැමෝටම සමාවක් දෙන්න නම්ජුන් හිතුවා. ඒ ජින් නිසයි. නම්ජුන් එන්නම එන්නම වෙනස් වෙන වග ජැක්සන්ට තේරුනා. ජැක්සන් නම්ජුන් එක්ක වචන දෙකකට වඩා කතා කරලා නෑ. ජැක්සන් වැඩිය කතා නොකරන කෙනෙක් නිසාත් නම්ජුන් හැම්දිස්සෙම අණ දෙන නිසාත් ඒවා පිලි පදින්න විතරයි ජැක්සන්ට තිබ්බේ.

නම්ජුන් දැන් මාස ගානකින් දඩයම් කලෙත් නෑ. නම්ජුන්ගේ ඇස් තනිකරම කලු පාටින් ඉරි තැලිලා. එයාව දකිද්දිත් බය හිතුනා. තමන්ගේ සහෝදරයා හැසිරෙන විදිහේ වෙනසක් දකිද්දී ජැක්සන්ට බලන් ඉන්න බැරි උනා. ජැක්සන් කායිලටත් හොරෙන් නම්ජුන් ගැන හොයන්න ගත්තා.

මේ අතරේ ජින් ඇකඩමී හොස්පිටල් එකේදී වැඩ කලේ හරිම හිමින්. පේශන්ලව බලන වෙලාවට හැර අනික් වැඩ හරිම මංදගාමී විදිහට කරන්න ගත්තා. වෙන දෙයක් නිසා නෙවේ කලින් ගෙදර යන්න වෙයි කියලා බයට. ජින් හදන්නෙම පරක්කුවෙලා ගෙදර යන්නයි. ඒම නැත්තන් වැඩ දාගෙන එහෙම නවතින්නයි. ඒත් ජින්ගේ ඇසිස්ටන් වගේ ජින්ගේ පස්සෙන්ම ඉන්න මිසී ජින්ට ඒකට ඉඩ දුන්නෙම නෑ. ජින්ගේ වැඩ පැන පැන කලා.
ජින්ට කේන්තිත් එක්ක.

ඔය අස්සේ ජේකේ කාලෙකින් හරියට ජින් එක්ක කතා කරන්න බැරි උනු නිසා ජින්ව බලන්න හොස්පිටල් එකට ආවා.
කොරිඩෝව දිගේ ජේකේ ජින් ඉන්න තැන හොයාගෙන ඇවිදන් ආවා. ඒක දැකපු ජින් ඇස් දෙකත් ලොකු කරගෙන මිසීගේ පැත්තට හැරුනා.

"මේ.... අහ්ම්... මම මේ ටික පස්සේ බලන්නම් මම දැන් යනවා...."

ජින් ටක්ගාලා එතනින් පැනගත්තා. ජේකේ ජින්ව හොයාගෙන අන්තිමට මිසී ලගට ආවා. මිසී ඒ වෙනකොට ජින් දඩිබියේ ගියපු එක ගැන හිත හිත හිටියා. ජින්ව හම්බෙන්න වෙන්නැ කියලා ජේකේ දැන් දන්න නිසා ආපිට ආයෙත් හැරිලා යන්න ගියා.

ජින් කා පාක් එකටත් ගිහින් නිකමට ඔරලෝසුව දිහා බැලුවා.

"12.00යිනේ තාම... 😥... "

ජේකේගෙන් මූන හැංගුවත්,
තනියෙම කරගන්නවා කියලා ජින් හිතුවත් නම්ජුන් ලගින් ගියත් ජින් බයයි

දැන් ජින්ට ගෙදර යන්නත් බයයි. ආපහු හොස්පිටල් එකට යන්නත් බෑ ජේකේ ඉන්න නිසා.

ජින් කා එකට නැග්ගේ ලග පාරකින් නැතුව දුර පාරකින් යන්න හිතාගෙනයි. සාක්කුවට අත දාලා කී එකට අතට අරගත්ත ජින් ආයෙත් කල්පනා කලා. ආපහු ගිහින් හෝසෝකාට හරි ඇත්ත කියනවද කියලා. ඒත් ජින් බය උනා නිකන් හරි එයාට මොනාහරි උනොත් ලමයි තුන්දෙනාව බලාගන්න කවුරුත් නැතිවෙයි කියලා. ලග ඉන්න හොදම යාලුවටවත් කිසි දෙයක් නොකිව්වේ ජේකේලව බලා ගන්න ඉන්න එකම හොදම ආරක්ශකයා හෝසොක් විතරක් නිසයි. මේ වෙලාවෙදිත් ජින් හිතුවේ ලමයි ගැනයි.

ජින් දිගින් දිගටම හිතුවේ නම්ජුන් එයාව හම්බෙන්න ආව වග එයාලා දැනගත්තොත් ඊලගට ලොකු ප්‍රශ්නයක් වෙයි කියලයි. ජේකේ ජින්ට කිව්වත් නම්ජුන් එයාලට කරදර කරන එකක් නෑ කියලා ජින් කෝමද එකපාරටම නම්ජුන් ගැන තියෙන බය අයින් කර ගන්නේ. ජෙමින්, චිමි නිසා නම්ජුන් නිකන් හිටියත් වෙච්ච හැමදේකටම එයාගෙන් විතරක් පලි ගන්න නම්ජුන් ජින්ව හොයන් එනවා ඇති කියලා එයා හිතුවා.

නම්ජුන්ට හැමදේටම වඩා නීතී ලොකුයි කියලා ජින් හිතුවා. ජේකේ නම්ජුන්ගේ හිතින් එදා දැනගත්ත දේවලුත් එක්ක ජින් නම්ජුන් ගැන හිතන් හිටියටත් වඩා බය උනා. ජින්ට තවත් බය වැඩි වෙන්න ගත්තේ නම්ජුන් ජින්ව හොයාගෙම ගෙදරටම එන්න ගත්තහමයි. ජින් කා එක ස්ටාට් කරද්දිම

"මම හිතුවා අද ඕක ස්ටාර්ට් කරන එකක් නෑ කියලා.."

ජින් බය වෙලා ගැස්සුනු පාර කා එක රිවස් එකට ගියා. නම්ජුන් ඉක්මන් ඒ තප්පරේට කී එක ඇදලා අරගත්තා. ජින්ට කෑ ගැස්සුනත් එක්ක. මේ වෙද්දීඑ නම්ජුන් හිටියේ ජින්ගේ මූන ලග. ජින් ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියේ අනේ මාව මරන්න එපා කියන්න වගෙයි. නම්ජුන් ජින් දිහා බලාගෙන හිටියා. නම්ජුන්ගේ ඇස් වල ඉරිතැලුනු පාරවල් දකිද්දී ජින් හොදටම බය වුනා. නම්ජුන් හිටියටත් වඩා භයානක පෙනුමයි. ජින් නම්ජුන්ගෙන් එහාට.. එහාට.. ගියා.

" මම ගන්නද......"

නම්ජුන් අහද්දී ජින්ට හිතා ගන්න බැරිඋනා නම්ජුන් මොනා ගැනද කියන්නේ කියලා. ඒ වගේම ජින් තාම කල්පනා කරන්නේ නම්ජුන් කෝමද කා එකට නැග්ගේ කියලයි. පුදුමෙනුත් බයෙනුත් ඉන්න ජින්ගෙන් නම්ජුන් කා එක ගන්නද කියලා ඇහුවට ජින්ට මෙලෝ දෙයක් කියා ගන්න වචන එන්නේ නෑ. නම්ජුන් කට කොනට හිනා උනා. ජින්ගේ මූන ඉස්සරහා හිටපු නම්ජුන් එකපාරටම අතුරුදහන් උනා. කා එකේ දොර වැහෙන සද්දේ ඇහුනත් නම්ජුන් කා එකෙන් බහිනවා ජින් දැක්කේ නෑ. එකපාරටම ජින් ගේ එහා පැත්තේ එලියෙන් කවුරුහරී ජනේලෙට තට්ටු කලා. ආයෙත් ගැස්සුනු ජින් දැක්කේ එලියේ ජනේලේ වීදුරුවෙන් ජින් දිහා බලන් ඉන්න නම්ජුන්වයි.

නම්ජුන් ඇගිල්ලෙන් ජින්ට සංඥා කලා එහාට යන්න කියලා. හොදටම බයවෙලා ඉන්න ජින් ඉක්මන්ට එහා ශීට් එකට කකුල තියලා කා එකේ පිටිපස්සේ ශීට් එකට පැන්නා. ජින්ගේ මේ වැඩේට නජුන්ට හිනා ගියා. කටකොනට හිනාවෙවී නම්ජුන් කා එකට නැග්ගා. ඉස්සරහා කන්නාඩිය ජින්ව පේන්න හදාගත්ත නම්ජුන් එක පිම්මට කා එක පාරට දැම්මා. ජින් කකුල් දෙකත් ශීට් එක උඩට අරගෙන ඔලුවත් ඔබාගෙන බයෙන් ඉස්සරහට වෙන්න යන දේවල් ගැන කල්පනා කලා. ජින් හිතුවෙම නම්ජුන් එයාගෙන් පලිගන්න යනවා කියලයි. ටික වෙලාවකින් කා එක කැලේ පටුපාරවල් වලින් යනවා තේරුනු ජින් හීමීට හොරහින් එලිය බලන්න ගත්තා.
නම්ජුන් යන්නේ ජින් ජෙමින්ලට තහනම් කරපු කැලේ දකුණටයි.

නම්ජුන් එකපාරටම කා එක නවත්තලා අතුරුදහන් උනා. ආයෙත් ජින් ගැස්සුනේ නම්ජුන් ඉස්සෙල්ලා වගේම ජනේලේට තට්ටු කරපු නිසයි. ජින් දොර අරින්නේ නෑ කියලා තේරුනු නම්ජුන් දොර ඇරලා දොරට හේත්තු වෙලා ජින් දිහා කට කොනට හිනාවෙලා බැලුවා. ජින් හිටියේ තාමත් කකුල් දෙක ශීට් එක උඩට අරගෙනයි.

" බහිනවද.... නැත්තම්...."

නම්ජුන් කියද්දිම ජින් ඒ පමාවට කා එකෙන් එලියට බැස්සා. ජින් එයාගේ අන්තිම කැමැත්තත් මේ වෙනකොට හිතාගෙනයි හිටියේ. නම්ජුන් නිකන්ම එයාව මරන එකක් නෑ කියලා ජින් හිතුවා. ජින් කල්පනා කලේ නම්ජුන් එයාව කෝම මරයිද කියලයි.

ජින් කා එකෙන් බැහැලා ඔලුව බිමට නවාගෙන හිටියා. ජින් එහෙම ඉද්දී නම්ජුන්ට ජින් ගැන එක එක ඒවා හිතෙන්න ගත්තා. ජින් එහෙම ඉද්දී එයාගේ කම්බුල් පිම්බිලා පේනවා. හරිම හුරතල් පාටයි.

නම්ජුන් ජින් ලගට ගියේ ජින්ව සිහි නැති කරන්න තරම් බයක් දීගෙනයි. නම්ජුන් ඔනේ කමින්මයි ජින්ව බය කරන්නේ. නම්ජුන් හැරුනත් ජින් බයවෙනවා කියලා එයා දන්නවා. ජින් ඒ වෙලාවට හුගාක් හුරතල් පාටයි. ඒ නිසාම නම්ජුන් ජින්ව හොදට බය කලා.

ඒත් මේ වෙලාවේ නම්ජුන්ට ඔනේ උනේ එයාගේ හිතේ තියෙන දේවල් ජින්ට කියන්නයි. ඒ වගේම ජින්ට උදව් කරන්න. නම්ජුන් එයාගේ දරුවන්ට ඉස්සරට වෙන්න යන දේවල් ගැන ජින්ව දැනුවත් කරන්න හැදුවා. නම්ජුන් වැඩියෙන්ම හිතුවේ අහිංසක චිමි ගැන. එයා හරියට ජෙනී වගේමයි. නම්ජුන්ට චිමිව බලන්න ඔනේ උනත් චිමි එයාව දැක්ක ගමන් අඩන්න ගන්න වග නම්ජුන් දන්නවා.

ජින් වගේ කෙනෙක් නම්ජුන්ට මෙහෙම බය වෙද්දී ච්මි බය නොවී හිටියොත් තමයි පුදුමේ....

______________________________________

Hi gyz 🙆

ඉතින් ඉතින් මොකෝ වෙන්නේ..😂

මේ දෙන්නා තාම පැටලිලි සහගතයි වගේ නේද... මේ චැප්පත් හරි නෑ... අනපු බත් එකක් වගේ... ඒ උනාට මම කිම්චි වලට කැමති...
තේරුන් නෑ නේද... අන්න ඒ වගෙයි අද චැප්ප හා නැද්ද... මටනම් තේරුනේ නෑ...😳😂

Enjoy 🙉

Ishki 🌺

Bạn đang đọc truyện trên: AzTruyen.Top