🥀වෙන්වයාමට පෙර
එකින් එක නිවුනු ඉටිපන්දම් දැල්වෙන්න ගත්තා. දැල්වෙන එකින් එක ඉටිපන්දම් දැල්ලේ එලිය, චිමීගේ පිරුනු කම්බුල් උඩ ගලාවැටෙන කදුලු වලට වැටිලා දිලිසුනා.
මේවෙද්දිනම් චිමිගේ ඇඩිල්ල නතර වෙලා තිබුනා. ඒත් බයනම් ඒ විදිහමයි. ඉටිපන්දම් දැල්ලේ එලියෙන් හැදෙන හෙවනැලි එහා මෙහා යනවා චිමී මේසේ යට ඉදන් ගැහි ගැහි බලන් හිටියා.
වෙන්දාවගේම පියානෝව හරිම අපූරුවට අදත් වාදනය උනා. ඒත් වෙන්දා නොදල්වන ඉටිපන්දම් දැන් පත්තු උනා. මේසේ යට ඉන්න චිමීට මේසෙට ටිකක් ඈතින් තියෙන පියානෝව ලග බංකුවේ ඉදන් ඉන්න ආඩම්බරකාර, භයානක ඒත් කියාගන්න බැරි ලස්සනක් හිමි රුව, ඒ කියන්නේ ඩීමන්ව හොදින්ම පෙවුනා.
චිමී බලන් ඉන්න වග ඩීමන්ට තේරුනා. ඒත් ඩීමන් පියානෝව වාදනය කලේ චිමීට එයාව පේනවා කියලා අගවන්නේත් නැතුවයි. ඩීමන් දිහා චිමී බලන්න හුගාක් බය උනත් පුංචි හිඩසකින් පේන ඩීමන්ගේ අමුතුම ලස්සන දිහා චිමී බලන් ඉන්නේ කවදාවත් දැකලා නැති ලස්සනක් දිහා බලන් ඉන්නවා වගේ. පියානෝ කීවල එහා මෙහා දුවන ඇගිලි වැඩිය පෙනුනේ නැති උනත් ඒ අත්වල ඉස්මතු උනු නහරවල් ඩීමන්ගේ ශරීරය මනාවට වැඩුනු දේහදාරී පුරුශයෙක්ගේ ලක්ශන හොදින් පෙන්නුවා.
ඒත් එක්කම චිමීගේ ඇස් ගියේ ඩීමන්ගේ මූනට වැටිලා තියෙන කොන්ඩේ අතරින් පේන පුංචි ඇස් වලට.
පුංචි නහය,
පුංචි තොල්,
පුංචි කට,
ඩීමන්ගේ අපූරු මූන දිහා චිමී ආසාවෙන් බලන් හිටියේ හරියට මේ ඉන්නේ ඩීමන් කියලත් අමතක වෙලා වගේ. ඒ මොහොතෙම නොබලම බැරිම ර්හැන ඩීමන්ගේ ඇස් නිකන්ම චිමීගේ අහිංසක ඇස් එක්ක ගැටුනා. පුදුමයක් කියන්නේ චිමී ඩීමන්ගේ බැල්මට බය උනේ නෑ. චිමී බලන් හිටපු විදිහටම දනිස් දෙක උඩ තියන් හිටපු අත් වලට නිකට තියාගෙන ඩීමන් දිහා එක එල්ලේම ඒ විදිහටම බලන් හිටියා. ඒ දෙන්නගේ ඇස් එකින් එක යා වෙලා තිබුනා, ඉටිපන්දම්වලින් භාගයක්ම රත්වෙලා දියවෙනකල්ම.
මේ අතරේ චිමීගේ ඇද යට හිටපු සුදු පූසා මීයෙක්ගේ බෙල්ලෙන්ම අල්ලගෙන චිමී හිටපු මේසේ යටට දුවගෙන ආවා. චිමී තාමත් හිටියේ ඩීමන්ගේ ඇස් දිහා බලාගෙන. කන ලග ඉදගෙන මීයෙක් බෙල්ල හිරවෙලා මරහඩ දෙද්දී චිමී උඩ ගියා වගේම ඔලුව දඩාන් ගාලා මේසේ වද්ද ගත්තා. ඒත් එක්කම චිමී මරහඩ දීලා කෑ ගැහුවේ එයාගේ කකුල් දෙක ලගම ඉදගෙන පූසා මීයාගේ බෙල්ල කඩාගෙන කෑව නිසයි. චිමී කෑ ගහනවත් එක්කම සුදු පුසාව මෙසෙන් එලියට විසික් වෙලා ගියා හරියට ලොකු හුලගකට අහු උනා වගේ. චිමී කකුල් අතරේ මූන හංගගෙන තවත් හයියෙන් කෑ ගහන්න ගත්තා ඔලුවත් බදාගෙනම. චිමිගේ ඇඩිල්ලනම් ඉතින් නතරවෙන එකක් නෙවේනේ.
චිමී හිමීට හිමීට එතනින් එහාට බඩගාගෙන ගියා. මියාගේ ඉතුරු ඇගේ කොටස එතන නලියන්න ගනිද්දී චිමීට තවත්නම් එතන ඉන්න බැරි උනා. චිමී පුරුදු විදිහටම ඉකි ගගහා හිටියා. ඒත් එක්කම නිකන්ම වගේ චිමීගේ ඇස් දිව්වේ පියානෝව දිහාවට. පියානෝ වාදනය නැවතිලා වගේම, ඩීමන් එතන පේන්නවත් නෑ.චිමීගේ ඇස් කාමරේ බිම හැම තැනටම වගේ දිව්වා. ඒත් කවුරුත් ඉන්නපාටක්නම් පේන්න නෑ.
අන්තිමට චිමීගේ ඇස් වලට මහන්සි දැනිලද කොහෙද චිමීටත් නොදැනිම ඒ අහිංසක ඇස් පිය උනා. පුංචි බබෙක් අඩලා අඩලා අන්තිමට නිදා ගත්තා වගේ සම්පූර්ණයෙන්ම කාමරේ නිහඩ උනා.
ඩීමන් එයාගේ පුරුදු තැනටම ගිහින් හිටියා. චිමී නොකා නොබී ඉන්නකොට ඩීමන්ට තවත් කේන්තී. එයාට බය වෙන එකට ඉටත් වඩා කේන්තී. ඒ හැම තරහක්ම ඩීමන් එයාගේ සුදු පූසාගේ පිටින් යැවුවා. පුසාව පා කර කර කාමරේ එහාටයි මෙහාටයි විසික් කලා. ඒකා කෑ ගහනවා.
මේ සද්දේ නිසාම චිමී ඇහැරුනා. පුසා මරහඩ දිලා කෑ ගහනකොට චිමී බය උනා පුසාට කරදරයක් කියලා. කිසිම කෙනෙක් කාමරේ නෑ කියලා හිතන් චිමී හිමීට බඩගාගෙන මේසේ යටින් එලියට ඇවිත් හිමීට වටපිට බැලුවා.
" එ...පා.... අනේ.... එපා....."
චිමීගේ වචන හරිම හිමින් පිට උනේ.චිමී කෑ ගහලා ඉක්මන්ට අතින් කට වහගෙන මේසේ යටට මුවා උනා. චිමී දැන ගත්තා මේක ඩීමන්ගේ වැඩක් කියලා. මීයාට කරපු දේට චිමී පූස් තඩියා එක්ක අමනාප නෑ. චිමී හැමෝටම ආදරෙයි. ඉතින් කාටවත් කරදරයක් වෙනවට චිමී අකමැතී. ඒත් එක්කම සුදු පූසා දඩාස් ගාලා බිමට වැටුනා. හොදටම බය වෙලා ඉන්න පූස් තඩියා ක්ෂනිකව මේසේ යට ඉන්න චිමී ලගට ගිහින් අත යටින් රින්ගලා චිමීගේ ඇදුම අස්සට රිංගුවා.
චිමීගේ මූනට හිනාවක් ආවා පූස් තඩියාගේ මයිල් ඇගේ ගෑවෙනකොට දැනෙන කිතිය නිසාම. චිමී එයාගේ ඇදුමේ කර ඉස්සරහට ඇදටා එකෙන් ඔලුව ඔබාගෙන ඇදුම ඇතුලේ ඉන්න පූස් තඩියා දිහා බැලුවා. පූස් තඩියා හොදට චිමීගේ උණුසුමට ගුලි වෙලා ඇසුත් පියාගෙන සනීපෙට ඉන්නවා මොකුත්ම නොවිච්ච ගානට.
"පැටියො..."
චිමී පූස් තඩියට කතා කරන්න ගත්තා. චිමීගේ ඇගෙන් එක මොහොතකටවත් මේ පූස් තඩියා එහාට ගියේ නෑ. චිමීටත් තනියට යාලුවෙක් හම්බුනා. චිමී ඇදුම් අස්සෙන් පූස් තඩියව අරගෙන සනීපෙට පුස් තඩියගේ ඔලුව අත ගාන්න ගත්තා. චිමීගේ පුංචි ඇගිලි ඔලුව පුරා යද්දී දැනෙන සනීපෙටම පූස් තඩියට නින්දත් ගියා.
චිමීගේ මූනට හිනාවක් ඇවිල්ලා. චිමීගේ මූන එලිය වැටිලා.
ඒත් ඩීමන්නම් මේදේට පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. එයාට හිතුනෙම පූස් තඩියාව චිමීගේ ඇගෙන් අයින් කරන්නමයි. පූස් තඩියා චිමීගේ ඇගේ දැවටි දැවටි චිමීගේ උණුසුමට තුරුල් වෙලා ඉද්දී ඩීමන්ට බලන් ඉන්න බැරි උනා. ඒ මොනා උනත් ඩීමන් පූසාව චිමීගෙන් ඈත් නොකරේ චිමීගේ මූනේ තිබ්බ හුරතල් හිනාව නිසයි. කවදාවත් දකින්න නොලැබුනු ඒ හිනාවට ඩීමන් පුදුම විදිහට වශී උනා. කොටින්ම එයාට හැම තැනම ඒ හිනාවම මැවිලා පෙන්න ගත්තා. හිනාවල් වලට කරන්න පුලුවන් දේවල්නම් ගොඩායි. ඒ අතරින් කෙනෙක්ගේ හිතක් මෙල්ල කරගන්න හොදම දේ තමයි හුරතල් හිනාව. චිමීගේ හිනාව තරම් හුරතල් හිනාවක් කොහෙවත් නෑ. ඉතින් ඒ හිනාවට වශී නොවී ඉන්නේ කොහොමද. පූස් තඩියගේ දිගට වැඩුනු කිරි සුදුපාට මයිල් අතරින් එහා මෙහා යන චිමීගේ පුංචි ඇගිලි ඩීමන්ව තවත් පිස්සු වැට්ටෙව්වා.
මේ දේවල් එක්ක ඩීමන්ට එයාගේ හැම දෙයක්ම අමතක වෙන්න ගත්තා.
හෙල් එක ගැන.
එහෙ නීතී.
බලය.
ලේ.
මේ හැමදේම. චිමී නැති ලෝකයක් ගැන ඩීමන් හිතුවෙම නෑ.
ඩීමන්ට චිමීට ඉක්මන්ටම ලන් වෙන්න උවමනා කලා. ඒත් චිමී කියන්නේ දරුවෙක්ටත් වඩා හුගාක් ලාමක බොලද අහිංසක කෙනෙක්. ඉතින් ඩීමන් වගේ අවුරුඩදු සිය දහස් ගානක් ජීවත් උනු කෙනෙක්ට එකපාරටම මේ වගේ අහිංසක කෙනෙක්ගේ හිත ගන්නවත් එයාගේ හිතේ තියෙන බය නැති කරන්නවත් බෑ. ඒත් ඩීමන් එයාගේ උත්සාහයනම් අත ඇරියේ නෑ.
ඩීමන්ට හෙල් එකෙන් දිගින් දිගටම පනිවිඩ ආවා. ඒත් ඩීමන් ඒ කිසිම දෙයක් ගැන තැකීමක් කලේ නෑ. එයාට මේ කාමරෙන් කොහෙටවත් යන්න උවමනා නෑ. එයාට ඔනේ මුලු කාලයම චිමීගේ හැසීරීම් දිහා බලාගෙන ඉන්න. ඒකට ඩීමන් හුගාක් ආස කලා.
කාලයත් එක්කම හෙල් එක සම්පූර්ණයෙන්ම වගේ පහතට කඩන් වැටුනා. එතන්ට නායකයෙක් නැති උනා. ඩීමන් නැති වෙන හදිස්සි අවස්තාවකදී එතන මුල් තැන අරගන්න ඔනේ හරිනම් ලිලිත්.ඒත් දැන් එතන මේ කවුරුත් නෑ. පාලනයකින් තොරව එතන ආත්මයන්ට වද දීම්, වියරු වැටුනු සොම්බි සෙබලු බිහි වෙන එක ඔහේ සිදු උනා.
මේ වග ආරංචි උනා කායිට. අකුරක්නෑරම කායි හෙල් එකේ මේ වෙනකොට තත්වය දැන ගත්තා. කායි ඒ මොහොතෙම නම්ජුන් එක්ක මේ දේවල් කතා කරගත්තා වගේම එයාලා හමුදාවක් ලෑස්ති කර ගත්තා සම්පූර්න හෙල් එකම නම්ජුන් යටතට ගන්න.
මේ එක්කම ජේකේගේ සැලැස්ම ජින්ට රහසේ කරගෙන යන්න ජේකේත් හෝසොකාත් වගබලා ගත්තා. එයාලගේ සැලැස්මට අනුව ජින්වත් ජෙමින් එක්කම හිර කරන්නයි හෝසොක් කල්පනා කලේ. ජින් මැද්දට පැන්නොත් කිසිම දෙයක් කරගන්න වෙන්නැති නිසා ජින්ව ජෙමින් එක්ක තියන්න හෝසොක් තදින්ම තීරනය කලා. නම්ජුන් අකමැති උනත් අන්තිමේදි හෝසොක් එක්ක එකග උනේ අන්තිමේදී හැමදේම හොදින් විසදෙයි කියන විස්වාසය නිසාමයි.නැත්නම් කීයටවත් නම්ජුන් ජින්ව යකඩ කාමරයක හිර කරන්නනම් කැමති වෙන්නේ නෑ.
නම්ජුන් හමුදාව ලෑස්ති කරලා ඒ අයගේ පලනයට වැම්පයර් නයිට්වරු 4දෙනෙක්ව සූදානම් කරන අතරේ ජේකේ අන්තිම වතාවට ටේ එක්ක කතා කරන්න හිතාගෙන කාමරෙන් එලියේ හිටගෙන ඇතුල්ට යනවද නැද්ද වගේ කල්පනා කලා. ජේකේ ලෑස්ති වෙන්නේ එයාගේ ජීවිතේ අනතුරේ දාගෙන ඩීමන්ව කොටු කරගන්න යන්නයි.
ඉතින් ජේකේට ටේව අන්තිම වතාවට බලලා එයාගේ හිතේ තියෙන හැගීම් ගැන කියලා නිදහස් වෙන්න ජේකේ හිතුවා.
ටිකක්වෙලා කල්පනා කරපු ජේකේ අන්තිමට හොද හුස්මක් අරගෙන කාමරේ දොර ඇරගෙන ඇතුල්ට ගියා. අඩලා අඩලා හොදටම තෙමුනු ටී එක භාගෙට ගලවගෙන හිටපු ටේ ගැස්සිලා දොර දිහා බැලුවා. ජේකේ දොර ඇරගෙන එතනම හිටගෙන, ගල්වෙලා ටේ දිහාම බලන් හිටියා. ටේ එක අතක් විතරක් ගලෝගෙන බෙල්ලෙන් ඇදුම පන්නන්න ලෑස්ති වෙද්දිමයි ජේකේත් ආවේ. ටේගේ ඇසුත් ජේකේගේ දිලිසෙන ඇස් අතරේ නතර උනා. ටේට ඇදුම ගලවන්න උවමාව තිබුනත් ටේ ආපහු ඒ ඇදුමම ඇදගන්න හැදුවේ මේ වෙලාව මේ හැගීම් එලියට එන්න හොද මොහොතක් නෙවේ කියන්න වගෙයි. ටේගේ හිතේ උපදින හැගීම් පාලනය කරගත්ත ටේ බිම බලාග්ර්න ඇදුම හිමීට හ්දා ගත්තා.
ඒත් ජේකේට එයාගේ පලනය නැති උනා. දොරේ ලොක් එක අල්ලගෙන දොර භාගෙට වහගෙන හිටපු ජේකේ දොර තදින් වගෙන ටේ දිහා බලාගෙනම ටේ ලගට ගියා. ටේගේ මූන හොදටම රතුවෙලා තිබුනා වගේම ටේ ඇදුමේ ගලවපු අත දාගන්නවත් එක්කම ඒ තප්පරේට ජේකේ ටේ ලගට ගිහින් ටේ අදින්න ගියපු ඇදුම ගලවලා අයින් කලා. ටේට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. ඒ තරම් ඉක්මන් උන ජේකේ ටේගේ නිකටින් අල්ලලා උඩට ඉස්සුවේ ටේගේ ඇස් දිහා කෙලින්ම බලාගෙනයි.
ටේගේ ඇස්වල ජේකේ කෙරේ උතුරන ආදරයත් ඒත් එක්කම දරාගන්න බැරි දුකත් එකට මුසු වෙලා තිබුනා. ඒ වගේම ඒ සමානවම හැගීම් ගොන්නක් ජේකේගේ ඇස් වලත් ඇදිලා තිබුනා. ජේකේට මේ දේ කරන්න උවමනා උනේ නෑ ඒත් එයාගේ හැගීම් එයාව සම්පූර්ණයෙන්ම යටත් කර ගත්තා. දිගින් දිගටම ජේකේට හිතුනේ ටේ මගේ ටේ මගේ කියලම විතරයි.
ටේව රටින් පිට කරන්න ටේට මේ වෙනකොටත් ටිකට්ස් ජේකේ බුක් කරලා ඉවරයි. ටේට හොද ජීවිතයක් ගත කරන්න ජේකේ ටේටත් ආච්චිටත් කියලා හුගාක් දේවල් එහේ වෙන් කරලා තිබුනා. ටේට කොටිපතියෙක්ටත් වඩා හොද ජීවිතයක් ජේකේ ලෑස්ති කලත් ජේකේට ඒක ටේට මූනට කියන්න බැරි උනා. ජේකේ හැමදේම සැලසුම් කරලා ඊට පස්සෙයි ටේට කියන්නේ. ඒකත් අන්තිම මොහොතේ.
ජේකේ මේ වෙනකොටත් එයාගේ දුක පිට කරගෙන තිබ්බේ නෑ මොනම විදිහකටවත්. චිමි කියන්නේ එයාගේ හෙයොන් උනත් ජේකේට දැනුනේ චිමී එයාගේම පුංචි දරුවෙක් වගේ. චිමී එක්ක පුංචිම දේ උනත් ජේකේ බෙදා ගත්තා. ජෙමින් එක්ක කොච්චර එකතු උනත් ජේකේ වැඩියෙන්ම ආදරේ චිමීට. චිමී නැති උන අඩුව තදින්ම ජේකේටත් බලපෑවා. ඒත් ඒක හිතේම හිර කරගෙන ජේකේ හිටියේ මාරම අමාරුවකින්. ඒත් ජේකේ තරම් ශක්තිමත් කෙනෙක්නම් නෑ. ජේකේ විතරයි එයාගේ සැබෑ චරිතයම රැකගෙන හිටියේ. ඒත් අනිත් කාටවත් බැරිඋනා එහෙම ඉන්න. ජේකේ විතරයි කඩාගෙන වැටුනේ නැත්තේ. එයාට දරා ගන්න පුලුවන්. ජේකේ කියන්නේ ශක්තිවන්තයා මේ හැමෝගෙන්ම.
හිතින් වගේම ගතිනුත්.
ටේව එයාපෝට් අරගෙන යන්න ඔනේ නිසාත් ටේව අවසාන මොහොතේ හම්බෙලා එයාගේ හිතේ තියෙන දේවල් කියන්න ඔනේ නිසාත් ජේකේ කාමරේට ගියත් අන්තිමට වෙන්නේ ජේකේට ඔන දේ නම් නෙවෙයි. හැමදේම කනපිටට වෙන්නයි යන්නේ.
.......o_O
ටේගේ රතුපාට තොල ජේකේ වෙනුවෙන්ම මැවිලා වගේයි ජේකේට පෙවුනේ. ටේගේ තොල් වලට එබුනු ජේකේගේ තොල් වලට ඇගිල්ල යවලා හරස් කරපු ටේ
" මේක... දැන්... ඕනෙමද...?.."
__________________________________
Hi gys 🐻
නෑ නේද...? 😂
Enjoy 🐥
Ishki 🐰
Bạn đang đọc truyện trên: AzTruyen.Top