🥀 වෘක රැල
" නෑ නෑ කුකී... ඔන්නෑ... එකට කමක් නෑ ඒත්......... හ්ම් මතක් උනෙත් නැද්ද එතකොට නිකන්හරි මාව... මම බලන් ඇති කි...යලා... හිතුන් නැද්ද..."
ටේ එක්ක ෆෝන් එකෙන් හරි හරියට මහ රෑ මල් කඩන ජේකේ නිසා ලගම ඇදේ ඉන්න ජෙමින්ටත් නිදා ගන්න නෑ. බැරිම තැන නැගිටලා ගිහින් ඉය ෆෝන් දෙක ගහගෙන ජේකේගේ කියවිල්ල ඇහෙන්නේ නැතිවෙන්න සද්දෙට මියුසික් දාගෙන ටේගේ ඇදේ නිදා ගත්තා.
ඒකට චිමි හොදට ගුලිවෙලා මී පැටියෙක් වගේ නිදි.
"මතක් උනේනම් නෑ ඉතින්... 😏 ඔයා බලන්ද හිටියේ.... ඇයි ඒ දන්නෑ නේද.. මාත් ආසයි දැන...... හෙලෝ... හෙලෝ... ආශ්... තිබ්බනේද..."
ටේට කේන්ති ගිහින් ටේ කෝල් එක කට් කලා. ඒ විතරක් නෙවේ ෆෝන් එකත් ඕෆ් කලා.
එදා මුදුන්ගල ලගදී උනු දේවලුත් එක්ක ජේකේ ටේ එක්ක ෆෝන් එකෙන් කතා කරන්න පටන් ගත්තා හරි හරියට. ඒත් ජේකේගේ ආඩම්බරකමයි කටකාරකමයි නිසා ටේට හිතුනෙම ජේකේ ටේට තාමත් හතුරුකම් කරනවාවත්දෝ කියලා. මේ දෙන්නා තාමත් හිතේ තියෙන දේවල්තේරුම් ගන්න බැරුව නටනවා ගගා ජින් වගේම චිමිත් කල්පනා කරා.
* jk p.ov. * (savage king)
මේයා මට කැමතිද..?🤔 නෑහ් මෙයා කැමති ජිමින්ශිට වෙන්න ඇති.. 😒 මටනම් පේන්න බෑ... අනේ මට මොකෝ 😒
ආයි ගන්නත් හිතෙනවා. ගනීද දන්නෑ.. ආශ් මටත් පිස්සූ..
හහ් හහ් හා... මතක් වෙනවදත් අහනවා... 😳 ඇත්තටම මට මතක් උනාද... 🤔 නෑ නෑ මට මතක් උනේ නෑ... 😳 ඇයි මන් එයාව මතක් කරන්නේ... ඔනි තරම් කෙල්ලෝ ඉන්නේ මට මතක් කරන්න... 😒💪
ආශ් අනේ ෆෝන් එක ඕෆ් දැන්.. ගන්නකෝ ඒයි... 😒
මන් ඇයි දැන් මේම පස්සෙන් යන්නේ.... 😒 මොනා උනත් කවුරුත් මා එක්ක තරහ වෙනවට කැමති නෑනේ මන් 😳 හෑ මන් කවද්ද මෙහෙම හිතුවේ... ටෙටේ ඔයා මාව පිස්සු වට්ටලා... 😒
ආහ් ඔන් ඔන් ඔන්.. කරලා.....ඕයේ ගත්තා ගත්තා.... 😁
"ආ... ඇහුන්නෑ...මොකක්ද..."
ටේටෙ : " මොකද ... "
"ආහ් ඒක ඇහුනා... මේ කුකී කියන එක ඇහුන්නෑ ... වෙන්දට ගත්තම ඉතින් කුකී කියලනේ...😀 හේ.. හේ..ඒක මන් නිකන් කිව්වේ... 😒"
ටේටෙ : " නෑ ආයි කුකී කියන්නෑ.. මන් තියනවා.."
"හෝව් හෝව්.. ඔකනේ ඉතින් කලබලේනේ... බඩ්ඩක් අහන්නනේ ගියේ... 🤒"
ටේටෙ : " ඔන්නෑ කුකී.. ඔයා නපුරුකන් කරන්නේ මට තමයි.. හුම්... "
" හෑ....🤔 මන් එහෙම කලාද... 😏.."
..........
මහා රෑ වෙනකල් ටේටෙ එක්ක කතා කරලා කරලා මට නිදා ගන්නත් අමතක උනානේ.. එයාව අවුස්සන්න මන් මාරම ආසයි.. එතකොට තවත් ලස්සනයි. ටේටෙ මේ ලෝකේඉන්න ලස්ස්නම කොල්ලා.ඔව් එයා වගේ ලස්සන මනුස්සයෙක් මගේ ජීවිතේට දැකලා නෑ.ආශ් ඒ කටහඩ මුලු දවසම අහන් ඉන්න පුලුවන්.. මොනාද මේ මන් හිතන්නේ ඒ පාර
😈ආව් ආව් ජේකේ ඔයා එයාට කැමතී වද්ද...
😇 ජේකේ ටේටෙ තමයි හොදම...
😈 හහ් හහ් හා... ඒ උනාට කෙල්ලෝ මරු ඔයිට වඩා...
😇 එහෙම නෑ ජේකේ... නරක කෙල්ලන්ට වඩා හොදම...... ටේටෙ විතරමයි.. ඔයාට ගොඩාක් ආදරේ දෙන්න පුලුවන් ටේට විතරමයි...
😈 නෑ එයා ආදරේ නෑ... එයා කැමති ජිමින්ට...
😇 ජේකේ ටේටෙ අනිත් අයට වඩා ඔයාව දකිද්දී ලස්ස්නට හිනාවෙනවා.
ආශ් මට තේරෙන්නෑ... ඒත් මන් ටේටෙ ලග ඉන්න කැමතී ඔය ගොබ්බ කෙල්ලන්ට වඩා ...
"ජේකේ... ජින් හෙයොනුයි හෝසොක් හෙයොනුයි දැන් දවස් දෙකක ඉදලා අර නපුරු මිනිහා පස්සේ ගියා.. අනේ මට බයයි ජේකේ...😥"
ඔන්න තාරාවා කන ලග ඉදන් කෙදිරි ගානවා ඒ පාර..
" අද රෑ වෙනකල් විතරයි බලන්නේ... බය වෙන්න දෙයක් නෑ.. උන් ඔයාව අල්ලගන්නයි දැන් බලන් ඉන්නේ.. මන් අද රෑට යනවා එයාලව හොයාගෙන.. ඔයාට ඉන්න තැනක් අපි ලෑස්ති කලා."
ඔන්න බය වෙනවා ඒ පාර
"නෑ නෑ තනියෙම නෙවෙයි.. ටේටෙත් එක්කමයි.. ටිකයි දුර... ආඅහ් ජෙමින් මා එක්ක යනවා... බය වෙන්න එපා.. මේ තව දෙයක් ටේටෙ එක්ක ඉද්දී මන් ගැන හොද කියන්න හරිද...😒 හුම්............... අයියෝ ජිමින්ශී..."
මන් හිතුවා මේකා අඩන්න ගනී කියලා. ආශ්
"ඒයි මෙහෙ එන්න... ජේකේ මන් කිව්වනේ බන්... "
ජෙමින් කලින්ම කිව්වා දෙන්නව ගිහින් දානකොටම කියමු කියලා. ආශ් ඒක අමතක උනා ඉතින්... 🤷
.....................
කලින් කතා උන විදිහට ජෙමින් ජිමින්ශී වගේ රගපාන්න ගත්තා. ඇකඩමී එකෙන් ගියපු ජෙමින් උන් පස්සෙන්ම ගෙන්න ගන්නයි අපේ සැලැස්ම. ඒ වෙද්දී මම ටේවයි ජිමිනිවයි එක්කන් කදු මුදුනට යනවා.
සැලසුමේ හැටියට හැමදේම උනා. ඒත් ටේටෙව මට දාලා යද්දී මූන බලන්න බැරි උනා. මට හිතුනේ මට යන්න බැරිවෙයි කියලා ඒ මුන දකිද්දී.
කදු මුදුනේ මිනිස්සු කවුරුත්ම නැති අපේම තැනක් තියෙනවා. හෙයොන්ලා සත්තු දඩයම් කරන කාලෙට මෙතන ඉන්නවා. තියෙන ආරක්ශාකාරීම තැන මෙතන. ටේටෙගේ සුවද උනත් වැඩිය දැනෙන්නෑ වටේ තියන ගස් වල තිබ්බ මල් වල සුවදත් එක්ක. ඒ මල්වල සුවද මුලු පලාතෙම හැමුවා. දම්පාට... මන් ආසම පාට... ඒ හැම තැනම දම්පාටින් පිරිලා. ටේටෙ ආසයි කොල පාටට.. ටේටෙ එතනට ගොඩාක් කැමති ඇති.. එයාගේ මුනේ තිබ්බ හිනාවෙන් මන් ඒම හිතුවා.
ඒ ලස්සන හිනාව මූනේ තියෙද්දිම මට යන්න ඔනේ උනා. මොකද ආයිමත් එන දවසක් ගැන මට කියන්න බෑ. ටේටෙගේ හිනාව විතරක් මගේ මතකේ තියෙන්න ඔනේ. සමහරවිට එයාටත් එහෙම ඔනෙ ඇති. මන් යද්දී නිකන් හරී ඒ මූන මැල උනොත්... 😕
මම යන්න හැරුනා.. එතකොටම මාව පිටිපස්සෙන් බදා ගත්තේ ටේටෙ...
හ්ම්... එයා අඩනවා...
මගේ ඇදුම තෙත් වෙනවා...
ටේගේ හැමදේම මට දැනෙනවා...
මට එයාව බදා ගන්න හිතෙනවා...
"මට යනවා කියන්නෙවත් නැද්ද කුකී ඔයා... ඇයි මාව එපාද... කුකී..."
ටේටෙ අඩනවා... ඒත් ඇයි... මාව එපාද අහනවා.. 😳 ඒත් ඇත්ත මේක නෙවෙයි. එයා මට යාළුවෙක්ට වගේ වෙන්නැති සලකන්නේ... ඒත් මට තවත් ඉන්න බෑ.
මම ටේටෙගේ අත් දෙක මගේ ඉනෙන් අයින් කලා. මට ඒ මුන බලන්න බෑ. මම යන්න ගියා. වාහනේට නගිනකොට මම සයිඩ් කන්නාඩියෙන් දැක්ක දේ නිසා මගේ හිතටවත් එකග නොවී ආයෙත් බැහැල ගිහින් ඒ අහිංසකයගේ රෝස කම්බුල් තදින්ම කිස් කරන්න ඔනි උනා.
ඒ ඇස්... ආශ්... ඒ රෝස තොල්... ඒවා මාව ඉල්ලනවා...
එහා පැත්තේ හිටියේ ජිමින්.
ඒත් ටේටෙ කැමති ජිමින්ටනම්... ඒත් ඇයි ටේටෙ මන් යද්දී මේම අඩන්නේ..
ටේටෙ මට කියන්න..
ඔයා මට ආදරෙයිද...?
මට අහන්න ඔනේ...
උනා... ඒත් දැන් පරක්කුයි.. මේ වෙනකොටත් හැමෝම කැලේ මැද මන් එනකල් ඉන්නවා ඇති...
මම යනවා ටේටෙ... මියානේ...
මම වාහනේ ස්ටාට් කලා... ඒත් හිතකින් නෙවේ.. එතකොටම ජිමින් ටේව බදා ගත්තා.. ජිමින් ටේගේ ඉස්සරහින් හිටගත්තා. ජෙමින්ව මට හරියට පෙවුනෙත් නෑ... මොකක්... ටේ ජිමින්ව කිස් කලා.. 😳
නෑ නෑ... 😥 නෑ.... 😓
මම එතනින් යන්න ගියා.. මොකක්ද ඒ උනේ ඒක වෙන්න බෑ... මම කෝමද... ආශ්... එයා ජිමින්ට කැමති ඇති...
ඒත් ටේටෙ.... 😓
කමක් නෑ ටේටෙ මන් ලග ඉන්නවා... කමක් නෑ...
මන් යද්දී කතා උනු විදිහට ජින් හෙයොන්ගේ පරන යාලුවෝ වගේම තවත් හැංගිලා හිටපු වැම්පයර් පවුල් 10යකට වඩා එකතු වෙලා හිටියා.
* no one p.o.v. *
ජින් කියන්නේ මිනිස්සුන් වගේම වැම්පයර්ලාගෙත් හොද මිත්‍රයෙක්. ජින්ට හිටියා ලෝකේ වටේම වැම්පයර් මිත්‍රයෝ. සමහරු වෝල්තුරීලාට හොරෙන් ඉන්න අය. නීති කඩපු අය. නීතියෙන් වැරදී උනාට ආදරයට හදවත දුන්නම එක නීතියෙන් වැරැද්දක් උනා.
ජේකේගේ හිත කඩන් වැටිලා. ඒත් දැන් එයාට බෑ වැටෙන්න. ජින් වගේම හෝසොකා ඉන්නෙත් ලොකු මෙහෙයුමක. ලොකුම වැඩේ තිබ්බේ ජෙමින්ට.
මේ වෙනකොට චිමි කියලා හිතාගෙන ජෙමින්ගේ පස්සෙන් වෘක මිනිස්සු ලුහුබැන්දා. ජෙමින් සැලැස්මේ විදිහටම කැලේ පටන් ගන්න තැනටම උන්ව එක්කන් ආවා. එතකොටත් ජේකේ වගේම අනික් කට්ටිය ලෑස්ති වෙලා හිටියා ජෙමින් පස්සෙන් එන වෘක මිනිස්සුන්ව ඇමට අහු කරගන්න.
ජින් සැලැසුම් කලේ වෘක නායකයාගෙයි හන්ටගෙයි සැලසුම පටන් ගන්න දවසට කලින් දවසෙම උන්ගේ කට්ටියව අල්ල ගන්නයි. එතකොට එයාලගේ සැලසුම් වෙනස් වෙනවා. හන්ටගේ සැලැස්ම යට ගියත් හන්ට හිතුවේ ජිමින් එලියේ ඉන්න නිසා අල්ල ගත්තම වැඩේ තවත් ලේසි කියලයි. ඉතින් එයාලට සටන් කරන් නැතුවම ජිමින්ව ලේසියෙන් අල්ල ගන්න පුලුවන් කියලා හිතුවා. හදිස්සියේම ජිමින් මෙහෙම තනියෙම කැලේ පැත්තට යද්දී වෘක නායකයා හැර උගේ කට්ටිය ඔක්කොම එයා පස්සෙන් පැන්නුවා.
කැලේ පටන් ගන්න තැනටම ආව ජෙමින් කට කොනට හිනාවෙලා ආයෙත් රෞද්‍ර පෙනුම මූනට ගත්තා. වෘකයෝ එතකොටයි දැන ගත්තේ එයාලා රැවටිලා කියලා. එතකොටම එයාලව වට කරගත්තේ ජේකේයි අනිත් අයයි. වෘක මිනිස්සූ වෘක ස්භාවයට වෙස් පෙරල ගත්තා.
එකපාරටම ජේකේත් අනිත් අයත් ගස්වල ගෙටගහලා තිබ්බ දන්වැල් ඇද්දා.
වෘක රැලම කූඩූ අස්සේ හිර උනා. උන් හූ තියන්න ගත්තා. ජේකේ යකඩයක් අරගෙන ඒ කූඩූ වල කනු වලට හයියෙන් ගහන්න ගත්තා. උන්ගේ සංවේදී කන් වලට ඒ සද්දේ හරිම අමාරු උනා. උන් බලු පැටව් වගේ කෙදිරි ගෑවා. ජේකේලටත් අනිත් අයටත් ප්‍රශ්නයක් උනේ නෑ කලින්ම එයාලා ඒකට ලෑස්තිවෙලා හිටියා.
කට කොනට හිනාවක් ගත්ත ජෙමින් කූඩුව ලගට ගිහින් එයාට ගොරවන වෘක රැලට සද්ද නැතුව ඉන්න කියන්න වගේ කටට ඇගිල්ල තියලා සංඥා කලා.
" යෙහ්......" 🤜🤛
පොඩි සද්දෙකුත් දාලා ජේක්ත් ජෙමිනුත් අත මිට මොලවලා පාරක් ගහගත්තා වැඩේ ගොඩ කියන්න වගේ.
"දැන් ජින් හෙයොන්ලා ඉන්න තැනට යමු.. 😏"
මෝඩ වෘකරැල දිහා හිනාවෙවී බලන ගමන් ජේකේ කිව්වා. ටොන්ගානක් බර වෘක කූඩුව ජේකේ කට පුරා මාමා කියන ජෙකබ් කුඩූවේ එක කෙරවරක් එයාගේ උරහිසට ගත්තා. අනික් කෙරවර ජෙකබ්ගේ මල්ලි වුනු එඩ්වඩ් උස්ස ගත්තා. ඒ දෙන්නා හයියෙන් හිනාවෙවී කූඩූව කැලේ මැද්දට උස්සගෙන ගියා.
________________________________________
Hi gys 🤛
අද පාන්දර දෙන්න බැරි උන එකට මියානේ....🤒 නිදිමතක් ආවානේ කොයින්ද මන්දා.. ඔන්න ඊයේ කෑල්ල දැම්මා...
අද කෑල්ලත් දෙන්නම් ඉක්මන්ටම 😇
Enjoy 🤜
Ishki ❤️
Bạn đang đọc truyện trên: AzTruyen.Top