🥀රැවටිල්ල

කනාමැදොරියො මුලු කැලේම වහලා හිටියා හරියට අහසේ තරු වගේ. නම්ජුන් ජින්ලගටම ගියේ ජින්ව සිහිය නැති වෙන්න තරමට බය කරන ගමන්මයි. ජින් එයාගේ ඇස් දෙක ලොකූ කරගෙන බයට කා එකට හේත්තු උනා. එකපාරටම නම්ජුන් ජින්ගේ අත අල්ලගෙන ඒ ක්ෂනයෙන් මනාමැදිරියෝ වහගෙන ඉන්න තණකොල මැදින් කැලේ අවසානය ඒ කියන්නේ බෑවුමට ජින්ව අරගෙන ගියා. ජින් හිතුවේ නම්ජුන් එයාව සමහරවිට මෙතනින් පල්ලෙහාට විසික් කරලා කුඩුවෙන කෑලි ටික පුච්චලා දාවි කියලයි. නම්ජුන් එයාව මරන්න යන්නේ මේ විදිහටයි කියලා හිතා ගත්ත, ජින්..

' ජන්කුකා.. මට කියන්න බැරි උනාට සමාවෙන්න.. මේ දේවල් මෙච්චර ඉක්මන්ට වෙයි කියලා මමවත් හිතුවේ නෑ. මම ගියාට ඔයාට පුලුවන් හොදින් ඉන්න. ජන්කුකා.... වැඩිය කන්න එපා.. ඔයා තඩි වෙයි. හැමදාම මම කියනවනේ තරමට කන්න කියලා... ඔයා ගැන පොඩ්ඩක් බලන්න... දගවැඩ කරන්න එපා ජෙමින් එක්ක එකතුවෙලා. හෝසොක්ට වද දෙන්න එපා එයා මන් වගේ ඉවසන්නේ නෑ කොයි වෙලාවක හරි ඔයා එයාගෙන් කනවා... ජන්කුකා... මට ඔයාට කියලා දෙන්න ගොඩාක් දේවල් තිබ්බ.. මියානේ... ඒ හැම්දේම හෝසොක් ඔයාට කියලා දෙයි... ජන්කුකා.... සරන්හේ ....

ජෙමිනා...
මගේ පොඩි එකාව ඔයවගේම හැමදාම ආදරෙන් බලා ගන්න. මම කවදාවත් දැකලා නෑ ඔය දෙන්නා වගේ ලස්සන සහෝදර බැදීමක්. ඒ බැදීම හරිම ආදරණීයයි. ඔයා එදා අල්ල ගත්ත ඒ පුංචි ඇගිල්ල ආරක්ශා කරන්න.. ජිමිනා... ඔයා හරිම ශක්තිමත්... මගේ කොල්ලෝ දෙන්නාව බලා ගන්න... ජෙමිනෝ සරන්හේ

මගේ පොඩි එකා...
මගේ උපන්දිනේට තෑග්ගක් ගන්න බැරිවෙලා ඔලුවේ රිබන් එකක් ගෙටගහගෙන "හෙයොන් ඔයාගේ උපන්දින තෑග්ග තමයි මම" කියද්දී මම හිනා උනාත් ඇත්තටම මට ලැබුනු හොදම තෑග්ග ඔයා. ඔයා ශරීරයෙන් හැගීම්වලින් පොඩි උනාට ඔයා තමයි මගේ ශක්තිය... හැමෝගෙම හුරතලේ ඔයා... ඔයා නැත්තන් අපිට කොහෙන්ද සතුටක්...
මගේ හුරතලේ..... ඔයාගේ නපුරු හෙයොන් කියන දේ අහලා එයා එක්කම ඉන්න.. සරන්හේ.....

මියානේ හෝසෝකා....
මේ හැමදේටම මුල මමයි. බෙකීට පස්සේ මට ලන්වුනු එකම සහෝදරයා ඔයා... හැමදේම බෙදා හදාගන්න පුලුවන් එකම සහෝදරයා ඔයා... මගේ බෑඩ් ජෝක් වලට උල්පන්දම් දුන්න, ඒවටම ගැලපෙන ජෝකර් කෙනෙක් නා, ඒ වගේම වෙලාවකට මගේම අම්මා වුන පුදුම සහෝදරයෙක් ඔයා...
මියානේ හෝසොකා... අද මම ඔයාලව දාලා යනවා...
මියානේ...
ඔයා තමයි මට ඉන්න එකම පිහිට...
මම නැති උනාම මගේ දරුවෝ තුන්දෙනාව ආරක්ශා කරන්න... මම දන්නවා බිග් බ්‍රදර් මාව මැරුවට ඔයාට මොකුත් කරන්නෑ. ඒ වගේම ඔයා කියන දේ අහනවා. එයා එයාගේ දරුවන්ට මොකුත් කරන්නෑ ඒකත් මම දන්නවා.. ඒත් මගේ ජන්කුකාව බේර ගන්න පුලුවන් ඔයාට විතරයි... ඒකට ඔයා එයාලා එක්ක ඉන්නම ඔනේ.... '

ජින් ඇස් පියාගෙන හෙල ලගින්ම හිටගත්තා එයාගේ අවසානය ගැන හිත හිත. එකපාරටම ජින්ගේ ඉන දෙපැත්තෙන් නම්ජුන් තදින් ඇල්ලූවා. ජින් එයාගේ ඇස් දෙක තවත් තද කර ගත්තා. නම්ජුන් දැන් එයාව තල්ලු කරන්නයි යන්නේ. එකපාරටම නම්ජුන් ජින්ව පල්ලෙහාට තල්ලු කලා. ජින් එයාගේ අත් දෙක දෙපැත්තට විහිදලා එයාගේ ලස්සන මතකයන් සිහිකලා.

ඒත් එකපාරටම ජින් ගැස්සිලා ඇහැරුනේ නම්ජුන් ජින්ගේ ඉනෙන් ඇදලා අරගෙන තණකොල ගොඩ උඩට විසික් කරද්දියි.

ජින් පෙරලිලා පෙරලිලා ගිහින් තණකොල ගොඩේ මද්දක නතර වුනා. ජින් කිසිදෙයක් හිතා ගන්න බැරුව එයාගේ උඩින් පේන අහස දිහා ගල් වෙලා එකම විදිහට බලන් හිටියා.
නම්ජුන් එයාව මරන්න ගිහින් නවත්ත ගත්තා.
ඇයි ඒ...?
කිසිම දෙයක් හිතා ගන්න බෑ.
එයා කල්පනා කරනවා.

එකපාරටම ජින්ගේ ඇග උඩින් වැතිරුනු නම්ජුන් ජින්ගේ ඇස් දිහා බලන් හිටියා. මේ වෙන කිසි දෙයක් හිතා ගන්න බැරි ජින් නම්ජුන් දිහා බලන් හිටියා හරියට ඇයි මාව මැරුවේ නැත්තේ අහන්න වගේ.

"ජින් ඔයාට පිස්සුද.... මට ඔයාව මරන්න ඔනේ නෑ... මියානේ බය කලාට.. දෙයක් කියන්නද...ඔයා හරිම මෝඩයි..."

නම්ජුන්ටත් නොදැනිම නම්ජුන්ගේ ලස්සන හිනාව එලියට ආවා. ජින් පුදුමෙන් බලන් හිටියේ ජීවිත කාලෙටම නම්ජුන් හිනාවෙලා නෑ කියලා කියන කතා මතක් වෙලයි. නම්ජුන්ගේ හිනාවත් එක්කම ඒ මූන මාරම ලස්සනට දිලිසෙන හැටි ජින් බලන් හිටියා.

මේ වෙනකල් ජින් නම්ජුන්ට පන බයේ හිටියත්, ඒක වෙනස් වෙන්න එක තප්පරයයි ගියේ. නම්ජුන්ගේ පුංචි හිනාව ජින්ගේ ඒ බය නැත්තටම නැති කලා. දෙන්නම නොදැනිම එලිය වැටෙනකල් ඒ ඇස් දිහා එක දිගට බලන් හිටියා. නම්ජුන් එයාගේ වැලමිට ජින්ගේ බෙල්ල දෙපැත්ත ලගින් බිමට ආරක්කු ගහගෙන නිකටට අත් දෙක තියාගෙන ජින්ගේ ලස්සන ඇස් දිහාත්, ජින් නම්ජුන්ගේ ලස්සන හිනාව දිහාත් බලාගෙන හිටියා. එයාලට වෙලාව යනවා තේරුනේවත් නැතිතරම්.

එකපාරටම

"ජින්හෙයොන්......"

ඒ ඈතින් ඇහුනේ ජේකේගේ කටහඩ. එයා එක්ක හෝසොකාත් ජෙමිනුත් චිමිත් හිටියා.

එයාලව දැක්ක ජින් බයවෙලා ඒ දිහා බලන් ඉද්දී බොහොම ලස්සනට හරිම සාන්තව නම්ජුන් ජින්ගේ ඇග උඩින් අයින් වෙලා හිමීට සංසුන්ව හිටගත්තා. ඒ වගේම එයාගේ අත දික් කරා ජින්ට නැගිටින්න. ජින් නම්ජුන්ගේ අත මග ඇරලා හිටගත්තා. හැමදේම අමතකවෙලා වගේ නම්ජුන්ගේ හිනාවේ දැහැන් ගත්වෙලා හිටිය ජින් දැන් නම්ජුන් දිහා නොබලම ඈතින් හිටිය හෝසොක්ලා ලගට යන්න ගියා.

හෝසොක්ලා හොදටම පුදුමවෙලා කටත් ඇරගෙන ජින් දිහා බලන් හිටියා. දෙන්නගෙම හිත් වලින් උපදින ආදරය ජේකේ දැක්කා. ඈත ඉන්න නම්ජුන්

"හෝසොකා පල්ලියට එන්න.."

හිමීට මුමුනලා අතුරුදහන් වුනා. ජෙමින්ගේ පිටිපස්සේ හැන්ගිලා ඉන්න ච්මිගේ ඔලුව කවුරුහරි අත ගෑවා.ච්මී කෑ ගහගෙන ජෙමින්ව බදා ගත්තා.

"හෙයොන් හෙයොන්....😰😭 "

ච්මි හයියෙන් ඇඩුවා. එකපාරටම කැලේ පැත්තෙන්

"මියානේ..."

ඇහෙන නෑහෙන තරම් හිමීට ඒ කටහඩ කැලේ ඇතුලේ එහා මෙහා දිව්වා. හැමදේම හරිම ඉක්මනින් ඉවර උනා. ජින් බිම බලාගෙනම හිටියා. ඒ මුනේ ඇදිලා තිබ්බේ කිසි දෙයක් හිතා ගන්න බැරි අමුතු හැගීමක්. ජින්ට වෙච්ච දේවල් කාටවත් කියාගන්න බැරි උනා.

..............⚡

හෝසොකාත් එක්ක ජෙමින් චිමි රෑ ඔෆිස් එකේ ඉද්දී හෝසොකා එකපාරටම ගල් ගැහුනා. හෝසොක් දැක්කේ ජින්ව හෙලට තල්ලු කරන නම්ජුන්ව.
එතනින් එහාට දැකීම සම්පූර්ණයෙන්ම අදුරු වෙද්දී හෝසොකාව ගැහෙන්න ගත්තා. ඇස් වල කදුලු පුරෝගත්ත හෝසොක් ගැහෙන කටහඩින් ජෙමින්ට කතා කලා. ඒ මොහොතෙම ජේකේට කතා කරපු ජෙමින් මෙලෝ සිහියක් නැතුව චිමිගේ අත තදින්ම අල්ලගෙන කැලේ තහනම් පැත්තට ඒ කියන්නේ දකුණට ගියේ හිතා ගන්න බැරි තරම් වේගෙනුයි.

ජෙමින්ගේ වේගේ නිසා යන අතරමග එයා චිමීව කරට ගත්තේ චිමී දනින් වැටෙන්න යන නිසයි. ජේකේත් මගදි එයාලා එක්ක එකතුවෙද්දී හතරදෙනාම කැලේ පීර පීර ඒ හෙල හෙව්වා. හෝසොක් හෙලක් දැක්කට මොන හෙලද කියන්න එයාට බැරි උනා. කැලේ කියන්නේ කියාගන්න බැරිතරම් විශාල වගේම ඒකේ අවසානයක් හොයන්න බෑ. කැලේ භයානකම පැත්ත, ඒ කියන්නේ කැලේ දකුණ. ඒ හරියේ හෙලවල් හැමතැනම. නම්ජුන්ලා හිටියේ එක්පැත්තකට වෙන්න. ඒ නිසාම හෝසොකාලට එයාලව හොයාගන්න පරක්කු උනා.

අන්තිමට ඉතුරුවෙලා තිබ්බ පැත්තට ගියපු හෝසොකාලා දැනටමත් ජින්ව මරලා ඇති කියලා හිතාගෙන හැම දේම නැති උනු පන නැති නිකන්ම නිකන් ශරීර කූඩූ වගේ අඩ අඩ බයෙන් බයෙන් ජින්ව හොයන් ගියා. හැමදේම නැති උනා කියලා හිතපු එයාලා දැක්කේ කීයටවත් හිතන්නෙවත් නැති දෙයක්.

ජින් එයාලා ලගට එද්දී ජේකේ නම්ජුන්ගේ හිත දැක්කා. නම්ජුන් ජින් ගැන හිතන වගත් ඒක ඇත්තම ආදරයක් බවත් නම්ජුන් ජින් නිසා වෙනස් වෙන බවත් ජේකේ දැක්කා.

ඒ වගේම නම්ජුන් දැන් යන්නේ දඩයම් කරන්න... ඒත් මිනිස්සුන්ව නෙවේ ජින්ව අනුගමනය කරලා සත්තුන්ව දඩයම් කරන්න.

බිම බලන් ඉන්න ජින්ගේ ඇස් නොදැක්කත් ජේකේ ජින්ගේ හැසිරීමෙන් තේරුම් ගත්තා වෙච්ච දේවල්.



.

.

.................🌤️........

.

.




හෝසොක් ජින් එක්ක වුන දේවල් මුල ඉදන්ම කතා කරලා දැන ගත්තා. හෝසොක් බය උනා ජින් නම්ජුන් එක්ක පැටලෙන්න යද්දී. නම්ජුන් මොන තරම් භයානක කෙනෙක්ද කියන්න හෝසොක් තරම් දන්න කවුරුවත් නෑ. එහෙව් අදුරේ නායකයා මේ වගේ අහිංසකයෙක් එක්ක පැටලෙද්දී ඒක හොදදෙයක් වෙන්නේ නැතිවෙයි කියලා හෝසොක් හිතුවා. ඒත් හෝසොක් කිසි දෙයක් නොකිව්වේ එකපාරටම එයාට මේ දේවල් තීරනය කරන්න බැරි නිසයි. බිග් බ්‍රදර් කිව්වොත් දෙයක් ඒක වෙනස් කරන්න කාටවත් බෑ.

හෝසොක් තමන්ගේ සහෝදරයා ජින්ට ආදරේ කරන එකට විරුද්ද උනේ නෑ. ඒ වගේම ජින්ට වැරැද්දක් කිව්වෙත් නෑ. හෝසොක් කලේ නිශ්ශබ්දව බලන් හිටපු එක. ජින් ආපු වෙලාවේ ඉදන් කවදාවත් නැතුව කාමරේටම වෙලා මුල්ලකට ගුලිවෙලා ඉද්දී හෝසොක් කලේ ජින්ව ශක්තිමත් කරපු එක.

ජින් මේ වෙද්දී නම්ජුන්ගේ හැසීරිමට කැමැත්තක් දැක්කුවා. නම්ජුන්ගේ හිනාව මතක් උනාම ඔහේ පැත්තක් බලාගෙන ජින් කල්පනා කලා. කවමදාකවත් කා ගැනවත් මේ විදිහට නොහිතපු ජින් දැන් නම්ජුන් ගැන හැම මොහොතෙම හිතනවා. නම්ජුන් ගැන ආදරයක් ජින්ගේ හිතේ හිමීට උපදිනකොට නම්ජුන් පිස්සුවෙන් වගේ ජින් ගැන හීන දකින්න ගත්තා.

දවස් ගානක් ගත උනා නම්ජුන් ජින්ව බලන්න ආවේ නෑ. ජින් එයාගේ ජනේලේ ලගට වෙලා ඈත කැලේ දිහා බලන් හිටියේ දැන් එයි, දැන් එයි කියලයි ඒත් නම්ජුන් නෙවේ ආවේ.

මේ වෙද්දී කායි ලීසාත් නම්ජුන්ගේ හැසිරේමේ වෙනස හොදටම අත් වින්දේ නම්ජුන් සභාවට වෙන්දා වගේ එන්නේ නැති උනුනිසයි. දැන් දවස් ගානක් වෙනවා කායිලා නම්ජුන්ව ඇහැටවත් දැක්කේ නෑ. නම්ජුන් මෙහෙම ලේ නැතුව ජීවත් වෙන්නේ කෝමද කියලවත් එයාලා දන්නේ නෑ. ඒත් එයාලට හොයන්නත් බෑ. නම්ජුන් ගැන හොයනවට එයා කැමතිනැති බව කායිලා දන්නවා. ඒ නිසා කායි සභාවේ වැඩ තනියෙම කරගෙන ගියා. ඒ අතරේ ජැක්සන් නම්ජුන් ගැන හෙව්වා. රෑට රෑට නම්ජුන් එලියට යනවා ජැක්සන් දැනගත්තා. ඒත් පස්සෙන් නොගියේ නම්ජුන් කියන්නේ හොදට සෙවිල්ලෙන් ඉන්න කෙනෙක්. නම්ජුන් දැනගත්තොත් එයා ගැන හොයනවා කියලා එතනින් එහාට ජැක්සන් වෙන දේ හිතා ගත්තා. ඒ නිසාම ජැක්සන් පරිස්සමෙන් එයාගේ සහෝදරයා ගැන හොයලා බැලුවා.

දවස් ගානකට පස්සේ නම්ජුන් එයාගේ කාමරෙන් එලියට ඇවිදගෙන සකභාව පැත්තට යද්දී ජැක්සන් හිටියේ කායිගේ කීම නිසා අල්ලන් ආපු වැම්පයර් කෙනෙක්ගේ හැම සතුටක්ම දියකරලා දුකින් හෙම්බත්කරන කරන ගමනුයි. ජැක්සන්ගේ ඇස් වලින් එකදිගටම කදුලු එන්න ගත්තා. කවමදාකවත් එයාට බලෙන් මේ වැඩ කරන්න කියලා නම්ජුන්වත් කියලා නෑ.
පොඩිම සහෝදරයට නම්ජුන් ආදරෙයි. සක්සුන්ව ඇවිදන් ගියපු නම්ජුන් බිම ඉදගෙන අඩ අඩ ඉන්න ජැක්සන්ගේ කරට අත තියලා වැම්පයර් ගාවින් අරගෙන ගියේ සභාවටයි.

මේ වෙද්දී කායි වගේම ලීසත් සම්පූර්න බලය අරගෙන සභාවම පාලනය කලා.

"කායි..."

නම්ජුන්ගේ කටහඩ ඇහෙද්දිම කායි වගේම ලීසාත් පිටිපස්සෙන් පිටිපස්සට යන්න ගියා.
නම්ජුන්ගේ කටහඩින් එයාලව යටත් වුනා. කායි කියන්නේ මුලු හමුදාවක් උනත් එකපාරින්ම යටත් කරන්න පුලුවන් කෙනෙක් ඒත් එයාව ඕන වෙලාවක නම්ජුන්ට යටත් කරගන්න පුලුවන්. නම්ජුන්ගේ කටහඩට සහෝදරයෝ හතරදෙනාම යටත් වෙනවා. ඒක හරියට නම්ජුන්ගේ බලයක් වගේ.

කායි කරන්නේ වැරැද්දක් නෙවෙයි. එයා කලේ නම්ජුන් නැති නිසා හැමදේම නීතියටම කරපු එක. සභාවේ මේ වෙද්දී මරන්න ගෙනාපු වැම්පයර්ලා 4ර දෙනෙක් හිටියා. මිනිස්සුන්ව මරලා ගම්මානයක්ම තමන් යටතට ගත්ත එකට දඩුවම් දෙනගමනුයි කායිලා හිටියේ. නම්ජුන් මෙතනට ආවයින් උනේ සභාවම තවත් උණුසුම් උන එකයි.

නම්ජුන්ව දැක්ක ගමන් ඔලුව බිම ගහගෙන වැරදිකාර වැම්පයර්ලා සමාව ඉල්ලන්න ගත්තා. නම්ජුන් එයාලව වදකාරයන්ට භාර දුන්නේ වෙන්දාවගේ ප්‍රශ්න නොකරමයි. නම්ජුන්ට ඔනේ උනේ එයාලව මෙතනින් යවලා කායිලා එක්ක කතා කරන්න.

මේ වෙන දේවල් ගැන පුදුමෙන් කායි වගේම ලීසත් බලන් හිටියා. වදකාරයෝ වැම්පයර්ලව මරලා දන්ජන් එකට අරන් ගියේ එයාලව සම්පූර්ණයෙන්ම විනාස කරන්නයි. සභාවම හ්ම් සද්දයක්වත් නැතුව සම්පූරනෙන්ම නිශ්ශබ්ද උනා.
නම්ජුන් එයා ගැනත් ජින් ගැනත් කායිලට කිව්වා. එයාගේ හිතේ ජින් ගැන තියෙන පැහැදීම ගැන කිව්වා. ඒ වගේම ජෙමින්ලව ඩීමන්ගෙන් ආරක්ශා කරගන්න ඔනේ කියාලත් නජුන් කායිලව දැනුවත් කලා.

නම්ජුන් තවත් කිසි දෙයක් නොකියා ආයෙමත් යන්න ගියා. ජෙමින් එක්ක කායි හිටියේ පුදුම තරහකින් උනත් නම්ජුන් නිසා දැන් එයාට ජෙමින්ව ආරක්ශා කරන්න වෙනවා. එක හිතකින් නෙවෙයිඋනත් කායි හිත හදා ගත්තා.

.

.................🥀...............

.

දවස් ගානකට පස්සෙත් තාමත් ජින් බලන්
ඉන්නවා නම්ජුන් එයාව බලන්න එනකල්. ඒත් ආයෙත් ආවේ නැති නම්ජුන් ගැන ජින් බලාපොරොත්තු හීන කරගත්තා.
ඉතින් නම්ජුන් ආයෙත් එන එකක් නෑ කියලා ජින් හිතා ගත්තා.

ජින් වෙනදාවගේම ඇකඩමී එකේ වැඩ කර කර හිටියා. ඒත් කිසිම උනන්දුවක් නෑ. ජින් වෙනස් නිසා ජින්ගේ පස්සෙන් කැරකෙන මිසීටත් හරිම අවුල්. ජින් තනියෙම ඔෆිස් එකට වෙලා කල්පනා කරද්දී මිසී ගිහින් ජින් එක්ක කතා කලා. ඒත් වැඩිය කතා නොකරපු ජින් තමන්ගේ පඩුවේම හිටියා.

ජින් එයාව ගනම් නොගන්න නිසා මිසී ජින් ලගටම ගියා. ඒත් ජින් ගනම් නොගෙනම හිටියා. ටිකක් වෙලා බලන් හිටපු මිසී එකපාරටම ජින්ගේ මූන ඉස්සරහට එබුනේ ජින්ගේ තොල් අල්ලගන්න හිතාගෙනයි.
ඒ තප්පරේට මිසීගෙන් ජින් එහාට උනා.

" මන් හිතන්නේ මිස් දැන් මෙතනින් ගියානම් හරී..."

මිසී 👩‍⚕️ : " මන් දන්නවා ඔයාත් මට කැමතී කියලා😏... "

ජින් : "එහෙම දෙයක් නෑ.. මම මිස් ගැන එහෙම වැරදියට හිතලා නෑ. සාමාන්‍ය කෙනෙක් විදිහට මම මිස්ව දැක්කේ... මිස් දැන් මෙතනින් යන්න..."

මිසී 👩‍⚕️ : " ඒත් ඩොක්ට...😶
ඔයාට ගර්ල් කෙනෙක් නෑනේද... අනේ මට කියන්න.... ඩොක්ට කැමති කෙනෙක් ඉන්නවද....අනේ ඇයි මට අකමැතී.... අනේ මට කියන්න... මම ඩොක්ටට කොච්චර ආදරේද... ඩොක්ට ඒක දන්නවා...😔 ඇයි මගේ ආදරේ දැනුන්නෑ වගේ ඉන්නේ... ඩොක්ට... ප්ලීස්... මන් දිහා බලන්න..😞. අනේ කියන්න මට ආදරෙයි නේද..."

ජේකේ තමයි මිසීව ඇන්දෙව්වේ ජින් මිසීට කැමතී කියලා. දැන් ඉතින් කාපන්කෝ. ජින් ජේකේට හිතින් බැන බැන හිටියා. ඒ අස්සේ මිසී අඩන්න ඔන්න මෙන්න.

ජින් හිමීට මිසීට තේරුම් කලා. ඒත් ජින් එයාට අකමැති වෙන්න හේතුවක් අහද්දී ජින්ට කියන්න දෙයක් නෑ. ජින් බොරුවට කිව්වා එයා කැමති කෙනෙක් ඉන්නවා කියලා. ජින් ඒක කියද්දී එයාගේ මතකෙට ආවේ නම්ජුන්ව.

ජින්ට කෙනෙක් ඉන්නවා කිව්වා විතරයි මිසී අනික් පැත්තට අඩ අඩා දුවලා යන්න ගියා. ජින් මේ වගේ දේවල් අත් වින්ද පලවෙනි වතාව මේක නෙවෙයි. ජේකේ කරන වැඩ නිසා ජින් ඉහේ කෙස් ගානට මේ වගේ දේවල් වලට මූන දුන්නා.අන්තිමට ජින් නැගිට්ටේ ගෙදර යන්න හිතාගෙනයි.

ජැකට් එකත් අතට අරගෙන කා පාක් එකට ගියපු ජින් පුරුද්දට ඔරලෝසුව දිහා බැලුවා.
පාන්දර 1.00ටත් ලගයි.
ජින් කා එක ලගට ඇවිදගෙන ගියේ හැමදාම වගේ හෝසොක්ට කෝල් එකක් දෙන්න ෆෝන් එක අතට අරගන්න ගමනුයි.
අද හෝසොක් කලින් ගෙදර ඇවිත් කියලා දැන ගත්තම ජින් කා එකට නැග්ගේ හරිම මන්දාගමී මිනිහෙක් වගෙයි. හිමීට කා එක ස්ටාට් කරලා පාරට දාපු ජින් නොදැනිම කා එක හැරෙව්වේ කැලේට. පටුපාරවල් වලින් කැලේ මැදට ගියපු ජින් එදා නම්ජුන් එක්ක හිටපු තැන හොයාගෙන ගියා. ඒත් ජින්ට ඒ තැන හොයා ගන්න බැරි උනා. ජින් කා එක නවත්තලා කා එකෙන් බැහැලා ඇවිදගෙන ගියේ කලාමැදිරියෝ පිරිච්ච තණකොල යාය මැද්දටයි. ජින් යද්දී ජින්ගේ වටේට කලාමැදිරියෝ එකතුවෙද්දී ජින්ව දිලිසි දිලිසි පේන්න ගත්තා. ජින් ඒ තනකොල ගොඩේ වැතිරිලා අහස දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා. එහෙම ඉදපු ජින් ඇස් පියා ගත්තා. ජින්ට ඔනේ උනා එදා ඒ දැක්ක නම්ජුන්ගේ හිනාව ආයෙමත් දකින්න.
නම්ජුන්ගේ හිනාව මතක් කරගත්ත ජින් තනියෙම හිනා උනා හරිම ලස්සනට.

කැලේ පැත්තෙන් ආපු සද්දේ නිසා ජින් ගැස්සිලා ඒ පැත්ත බැලුවේ බලාපොරොත්තුවක් ඇතිකරගෙනයි.

නම්ජුන් ඇවිල්ලා.

ජින් හිතුවා. ඒත් එතන කවුරුත් නෑ. ආයෙත් අහස දිහා බලන් හිටපු ජින් දුකෙන් ඇස් පියා ගත්ත . එහෙමම ඉදලා එලිය වැටෙද්දී ජින් ආයෙම ගෙදර ගියේ බලාපොරොත්තු සුං වෙච්ච කෙනෙක් විදිහටයි.



_______________________________________

Hi gyz 😁

මොකක්ද යකූ මේ වෙන්නේ.... 😂 දැන ගන්න ලැබෙයි... නම්ජුන් ඉන්නේ ලොකු වැඩක දැනට ඒම හිතා ගන්නකෝ...හුදේ... 😁


😂

Enjoy 😍

Ishki 😎

Bạn đang đọc truyện trên: AzTruyen.Top