🥀රිදී ඉරක්
බිග් බ්‍රදර් බිත්තිය පසාරු කරගෙන යන තරම් වේගෙන් අත මිට මොලවලා බිත්තියට ගැහුවේ වේදනාව දරාගන්න බැරිම තැනයි. එයා ජෙනීව නැති කර ගත්තා කියලා පසු තැවුනා.
ජෙනී ඔම්මවත් අප්පාවත් අත ඇරලා ගෙදරින් ගිහින්. කිසිම හේතුවත් කාටවත් නොකියපු ජෙනි හදිස්සියෙම වෙනස් විදිහට හැසිරෙන්න අරගෙන. කා එක්කවත් කතා නොකරම දවස් කීපයක් ඉදලා.
පල්ලියට ලියුමක් විතරක් තියලා ජෙනී යන්න ගිහින්.
.
.
'Dr my love,
මතකද අපි හමුවුනු ඒ දවස.
ඒ රතුපාට ඇස් මට තාමත් මතකයි.
එදා දුන්න හාදුව.
තාමත් ඔයාගේ සීතල මන් ලග තියෙනවා ඒක මට දැනෙනවා.
මම ආසයි මගේ jooni මාව පරිස්සම් කරන විදිහට. මිනිස් දුවකට අපේ නීතී කඩන්න බෑ කියලා කායි මාව බලෙන්ම වෙනස් කරන්න හැදුවම මගේ ආදරේ මගේ jooni ඇවිත් මාව බේර ගත්තා.
මට ලොකූ ආරක්ශාවක් මගේ ආදරේ ලගින් දැනුනා. කියාගන්න බැරි ආදරයන් මගේ jooni මට දුන්නා.
ඒත් මට සමාවෙන්න.
තවත් අපිට එකට ඉන්න බෑ මේ විදිහට.
මගේ අතින් උනේ වැරැද්දක්.
සමාවෙන්න මගේ ආදරේ..
මට යන්න වෙනවා..
සමුගන්නම්..
......your love .....jeni
ජුනී ඒ කියන්නේ බිග් බ්දර්ට ජෙනී ආදරේට කිව්ව නම. බිග් බ්‍රදර්ටත් නමක් තිබ්බා ඒ නම්ජුන්. කවුරුත් නොදන්න බිග් බ්‍රදර්ගේ නම නම්ජුන්. සහෝදරයන් හැර දැන් ඒ නම ජෙනීත් දන්නවා. ජෙනී නම්ජුන් ගැන හැමදෙයක්ම දන්නවා.
හැමදේම පොඩි කාලෙකදි ඉවර උනා.
නම්ජුන් මින්පස්සේ ගෑනු අයට පල්ලිය ඇතුල්ට එනඑක තහනම් කලා. පූජාවන් දවසට පල්ලියේ යාග වලට සහාභාගි උනත් පල්ලියේ ඇවිදින්න තහනම් කලා. නම්ජුන් කාවවත්ම දකින්න අකමැති උනා. තමන්ගේ කාමරයට වෙලා ඉන්න එයා තීරනය කලා.
..........🌕☄️ .........
පුරහද පායපු ලස්සන රෑක ඝන කලුවර අතරින් මහා විශාල කැලේ බඩ දරු පුංචි කෙල්ලක් අමාරුවෙන් ගස් අල්ල අල්ල ඇවිදන් යනවා. මිනිස් පුලුටක්වත් නැති එක එක සත්තු කෑ ගහන මහා භයානක කැලේ මැද මේ බඩ දරු කෙල්ල තනියෙම. දවස් ගානක් හරියට කෑමක්වත් නැතුව කෙල්ල කෙදිරි ගගා ඇවිදන් යන්නේ තවත් වැඩි වෙලාවක් යන්න කලින් දරුවව බිහි කරන්න යන නිසයි.
මේ වෙන කවුරුත් නෙවෙයි නම්ජුන් අතින් ගැබ් ගත්ත පුංචි කෙල්ල ජෙනී. සතියක් විතර මහා විශාල කැලේ ඇතුල්ටම ආවේ කාටවත්ම එයාව හොයා ගන්න බැරිවෙන්නයි. මහා කලුවරේ හද එලියෙන් පාරක් හදාගෙන ජෙනී තවත් ඉස්සරහට ගියේ දරුවව බිහි කරන්න හෙවනක් හොයා ගෙනයි.
පිහිතල කැල්ලකුයි රෙදී පටි කෑලී ගොඩකුයි ජෙනී අතේ තිබුනා. දරුවෙක්ව හරියට බිහි කරන හැටිවත් නොදන්න ජෙනී තනියෙම මේ දේ කරගන්න ධෛර්යමත් වුණා.
තවත් ඉස්සරහට ජෙනීට යන්න බෑ. ඒ තරම්ම එයාට අමාරුයි. මුලු ඇගම පන නැතුව ජෙනී ඇදගෙන වැටුනා. බාගෙනට ඇස් පියන් හිටිය ජෙනී දැක්කේ ගහක බෙනයක්. බිම බඩගාගෙන බිම දිගේ අත් තිය තිය ජෙනී ඇදුනේ බෙනේ දිහාවට.
බෙනේ ඇතුල්ට හද එලිය හොදට වැටුනා. ජෙනීගේ හම එන්න එන්නම සුදු මැලිවෙලා. බඩ ඇතුලේ දරුවා දැනටමත් පෝෂණය වෙලා. එයා අම්මගේ ලේ වලින් තමයි පෝෂණය වෙන්නේ. ජෙනීගේ මුලු ඇගේම ලේ දරුවා ඇදලා ගනිද්දී ජෙනී බය උනේ මේ යක්සයෙක්ද කියලයි. පිහි තලේ තියන් හිටියේ දරුවව එලියට ගන්න වගේම ඒ බිහිවෙන්න යක්සයෙක්නම් මරලා දාන්නයි.
ජෙනී දැනම් හිටියා හාෆ් වැම්පයර් කෙනෙක් බිහිවෙද්දී එයා බඩ තුල ඉන්න කාලෙදී ලේ හුගාක් ඔනේ වෙනවා කියලා. එයා පෝෂණය වෙන්නේ ලේ වලින්. යක්සයෙක් බිහිඋනත් එයත් පෝෂණය වෙන්නේ ලේ වලින්මයි. ඒකයි ජෙනී බය උනේ. ඒත් මෙච්චරකල් ජෙනී ජීවත් උනා. ජෙනීගේ බඩ තුල ඉන්න දරුවා අම්මව ආරක්ශා කරනවා වගෙයි. ජෙනීට කෑම කන්න බෑ ජෙනීට ඔනේත් මේ වෙලාවේ ලේමයි.
මුලදී බඩ එන්න ගනිද්දිම ජෙනී මිනිස් ලේ හොයා ගත්තා. කාවවත් මරන්න ජෙනීට බෑ. ජෙනී හරිම අහිංසකයි. ඒත් කැලේ පාර හොයා ගන්න බැරුව අතරමන් වෙලා වතුර පොදක්වත් නැතුව මැරෙන්න වැටිලා හිටිය මිනිහෙක්ගේ බෙල්ල පලලා ජෙනී ලේ බිව්වා.
යක්ශයටත් හාෆ් වැම්පයර්ටත් ලේ ඕනේ. ඒත් හාෆ් වැම්පයර් අම්මව මැරෙන්න දෙන්නේ නෑ. ඒත් යක්සයෙක් බිහිවෙනවනම් එයා අම්මවත් මරාගෙනමයි එලියට එන්නෙත්. ඒත් ජෙනීට එහෙම උනේ නෑ.
හද එලිය නිසා ජෙනීගේ රෝසපාට ඇදුම අතරින් තැනින් තැන ඉරිලා පේන සුදු මැලි බඩ දිලිසෙනවා.
ජෙනී හැමදාම වගේ දැනුත් ලස්සන කතා එයාගේ බඩේ ඉන්න දරුවට කියලා දුන්නා.
ජෙනීගේ කටහඩ ඇහෙද්දිත් බඩ ඇතුලේ ඉන්න දරුවා පයින් ගහන්න ගත්තා.
මේ වෙලාව හරිම වේදනා කාරී උනත් ජෙනී ලස්සන කතා කියලා දුන්නේ බිහිවෙන දරුවා නරක කෙනෙක් නොවෙන්න ඔනේ කියලා හිතලයි. ජෙනී ලස්සන සිංදුවක් හිමීට මිමිනුවා.
එකපාර බඩ ඇතුලෙන් කීපදෙනෙක්ම පයින් ගහනවා වගේ ජෙනීට දනුනේ ඒ තරමටම ශක්තිමත් දරුවෙක්, ජෙනී හිතුවා.
ජෙනීගේ ඇස් පිය වෙන්න වගේ. ජෙනී එන්න එන්නම කෙදිරි ගානවා. මහා කැලේ මැද්දේ ජෙනී තනියම දරු ගැබක් එක්ක. ජෙනීගේ මුලු ඇගම සීතලයි. ජෙනීට කිසිම පනක් නෑ. බිම පහුරු ගගා ජෙනි වේදනාවෙන් කෙදිරි ගානවා.
ඒත් අමාරුවෙන් පුලුවන්තරම් හයියෙන් වෙර දාලා එයාගේ බඩ ලගින් ඇදුම පැලුවා. ජෙනී හිතට ධෛර්යය අරගෙන පිහිතලෙන් යටි බඩ හරියෙන් කපා ගත්තා. රෙදිපටියක් විකාගෙන වේදනාවෙන් කෙදිරි ගෑව ජෙනී බඩේ සිදුරෙන් අත දාලා දරුවව එලියට ගත්තා.
ජෙනීගේ අත් උඩ පුංචි දරු පැටියෙක්. ඇග හරිම රස්නෙයි ගින්දර තරන්ම. ඒ ඇස් කලුම කලූ පාටයි. දරුවා ජෙනීගේ ඇස් දිහා අමුතුවිදිහට බලන් ඉන්නවා.
කිසි දෙයක් නොතේරෙන පුංචි දරුවා එයාගේ පුංචි අත ජෙනීගේ බඩේ සිදුර දිහාවට දික් කරලා ජෙනීට මොනාද පෙන්නුවා. එතකොටයි ජෙනී දැක්කේ තවත් පුංචි සුදුමැලි අතක් බඩ ඇතුලෙන් එලියට ඇවිත් තියෙනවා. පරිස්සමෙන් අතේ හිටපු දරුවව පපුවට තුරුල් කරගත්ත ජෙනී සිදුර තුලින් අනික් දරුවවත් එලියට ගත්තා.
ඇස් කලුපාටට හුරු තද නිල් පාටක්. ඇග පුරාම වතුර. ජෙනීගේ බඩ ඇතුලේ තිබ්බ වතුර ඔක්කොම ඒ පුංචි දරුවගේ ඇග පුරාම අමුතු විදිහට රැදිලා තිබ්බා.
ජෙනීගේ වේදනාව කොහෙන් ගියාද දන්නෑ පුංචි එවුන්ගේ මූනු දැක්කම.
හද එලියට දිලිසෙන ඒ දරුවෝ දෙන්නා දිහා බලාගෙන වේදනාව අතරින් ජෙනී ලස්සනට හිනා උනා.
ජෙනී එක්කම නිල් ඇස් තිබ්බ පුංචි පොඩ්ඩා හිනා උනාම කලු ඇස් තියෙන පොඩ්ඩා නිල් ඇස් තියෙන පොඩ්ඩගේ පුංචි ඇගිල්ලෙන් අල්ලගත්තා,
හරියට මම හැමදාම මල්ලිව ආරක්ශා කරනවා කියන්න වගෙයි. ජෙනීගේ ඇස් වලින් කදුලු ආවා.
"මගේ පැටියෝ... මල්ලිව හොදින් බලාගන්න ඔනේ. මොන දේ උනත් මල්ලි එක්ක ඉන්න ඔනේ... මගේ පැටව් දෙන්නට මම ගොඩාක් ආදරෙයි.."
ජෙනී පැටව් දෙන්නව ලේ ගෑවුනු අත් දෙකෙන් පපුවට තියලා බදා ගත්තේ කියාගන්න බැරි දරු කැක්කුමකිනුයි.
ඒ වෙලාවෙම කැලේ වෘකයන්ට ඉව දැනිලා මුලු කැලේම දෙවනත් වෙන්න හූ තියන්න ගත්තා. ජෙනීගේ ලේ සුවද දැනිලා කැලේ සත්තු වියරු වැටුනා. වෘකයෝ වගේම තවත් භයානක සත්තු පොකුරු පිටින් ජෙනීගේ ඉව හොයන්න ගත්තා.
වෘකයන්ගේ සද්දයත් එක්කම බය උන ජෙනී පිහිතලෙන් රෙදි කෑලි ඉරලා අමාරුවෙන් ලමයි දෙන්නව පිටේ ගැට ගහගෙන යටි බඩේන් ගලන ලේ ගලන්නේ නැතිවෙන්න අතින් තද කරලා අල්ලගත්තා. ඇගිලි අස්සෙන් රූටලා ලේ බිම දිගේ ගලන්න ගත්තා.
ජෙනී මහා විශාල කැලේ මැද වැටි වැටි අමාරුවෙන් ඇවිදගෙන ඉස්සරහට ගියේ ලමයින්ගේ ජීවිත බේර ගන්නයි. ජෙනීගේ ලේ සුවදට වටේම සත්තු එහෙ මෙහේ දුවනවා. ජෙනී අමාරුවෙන් යටි බඩ තද කරලා අල්ලගෙන දුවන්න ගත්තා. ජෙනී හොදටම සීතලවෙලා, මලානික වෙලා. තවත් දුවාගන්න ජෙනීට පනත් නෑ.
අදුරේ රිදී ඉරක් හම්බුනා වගේ ඝන කැලේ මැද එලියක් ජෙනී දැක්කා.
ජෙනීට දැනුනේ අමුතුම ආරක්ශාවක්.
ඒ දිහාවට ජෙනී දුවද්දී තවත් ජෙනීගේ පස්සෙන් සත්තු ආවේ නෑ. සත්තු ඒ එලියට බය වෙලා. ජෙනී තවත් ඉස්සරහට ගියා. මහ විශාල කැලේ මැද හරිම ලස්සන ගෙයක්.
කාගේදෝ හිනා හඩක් රැව් දෙනවා. හරිම සතුටෙන් ඉන්න පිරිමි කටහඩවල් කීපයක්ම ඒ ගේ දිහාවෙන් ඇහුනා.
ජෙනී එතනම ඇදගෙන වැටුනා. ජෙනීගේ පිට උඩ හිටපු නිල් ඇස් පොඩ්ඩා ජෙනීගේ කම්බුල දිගේ ඇගිලි අරන් ගියේ හරියට ඔම්මා අමාරුවෙන් ඉන්නවා කියලා දැනිලා වගෙයි. නිල් ඇස් පොඩ්ඩගේ පුංචි ඇගිල්ල තාමත් කලු ඇස් පොඩ්ඩා අල්ලගෙන ඉන්නවා. ජෙනීගේ ඇස් වලින් කදුලු ගලන්න ගත්තා. ඒ වගේම මුලු පලාතම වැහෙන්න තරම් ලේ ජෙනීගේ ඇගෙන් පිට උනා. ජෙනී අන්තිම හුස්ම ඉහලට අරගෙන
"ම..ගේ ද..රු..වෝ දෙන්..න..ව.. පරි..ස්..ස..ම්.. කරන්..න...."
ජෙනි අන්තිම හුස්ම හෙලුවා.
නිල් ඇස් පොඩ්ඩා මහ හයියෙන් අඩන්න ගත්තා.
______________________________________
Hi gyz 🌕
* හාෆ් වැම්පයර් කෙනෙක් බිහිවෙද්දී මනුස්ස දුවට කෑම අප්පිරිය වෙනවා. එයාට ලේ ඔනේ වෙනවා. බිහිවෙන්නේ යක්සයෙක්නම් හොදට පෝෂණය උනාට පස්සේ අම්මගේ සම්පූර්ණයෙන්ම ලේ උරාගෙන බඩ පලාගෙන එලියට එනවා.
හම්බූ ටිකක් අමාරුයි නේද මේක කියවන්න.. අම්බූ මටත් බය හිතුනා ටිකක්.. 😭 දැනට මේම යන් අපේ නම්ජුන්ගේ ලමයි තමයි එතකොට ජෙමිනුයි ජිමිනුයි. 🤗 බලන්නකෝ එකෙත් හැටි. අම්මගේ හුරතල්කම ජිමිනි අරගෙන තත්තගේ නපුරුකම ජෙමින් අරගෙන. 🙊
Enjoy 🤗
^ ishki ^
Bạn đang đọc truyện trên: AzTruyen.Top