🥀 යතුරු හිල


ඉර එලිය මූනට වැටෙනවත් එක්කම ජේකේ ඇහැරුනේ ගැස්සිලා වගෙයි. මේක හීනයක්ද කියලා ජේකේ වටපිට බලන කොට ඊයේ රෑ හිටපු තැනේ ඒ විදිහටම එයා ඉන්නවා.
ඇගේ කිසිම ඇදුමක් තිබුනෙත් නෑ ඇදත් කැඩිලා කොට්ටවලින් පුලුන් එලියට ඇවිත් මුලු කාමරේම ඒවායින් වැහිලා තිබුනා. ජේකේ හිරි කඩන ගමන් එයාගේ එයාගේ එහා පැත්තේ නිදන් ඉන්න ටේ දිහා බැලුවා. ඔලුවේ ඉදන්ම රෙද්ද පොරෝගෙන ටේ තාම නිදියගෙන ඉන්නවා දැකලා ජේකේගේ මූනට ලොකු එලියක් ආවා.

හුග කාලයක් ගිහින් ටේගේ උනුහුම හොදින්ම ජේකේට දැනුනා. ටේ දැන් එයා ලගින්ම ඉන්නවා. ටේව ආයි කවදාවත් නැති කර ගන්නෑ කියලා ජේකේ හිතා ගත්තා. හිමීට ටේට ලන්වෙලා ටේගේ ඔලුවෙ රෙද්ද අයින් කරපු ජේකේ හොදට නිදන් ඉන්න ටේගේ නල්ල උඩට වැටිලා තිබුනු කොන්ඩේ අයින් කරලා ඒ නල්ලට පුංචි ආදරනීය හාදුවක් දුන්නා.
හිමීට ඇදෙන් නැගිට්ට ජේකේ එලියට ගියේ එයාලට කන්න මොනා හරි අරන් එන්න හිතාගෙනයි. ඒ තප්පරේට පටස් ගාලා කෑම අරගෙන බෝඩිමට දුවන් ආවා.

ජේකේ ගිහින් කෑමත් අරන් ආපු ඒ ඩින්ගට ටේ ඇදේ නෑ. ජේකේගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා. එතකොටම ටේ වොශ්රූම් එකේ ඉදන් එලියට ආවා ටවල් එක පිටින්ම. ටේ මාර ඉක්මන්නේ. වෝශ් එකකුත් දාන් මේ තප්පරේට. බයවෙලා හිටපුජේකේ ලොකු හුස්මක් පිටකලා ටේව දැක්කහම.

" කුකී මොනාද ගෙනාවේ...🙄"

" රැමන්.. ඔයා ආසයිනේ...😍 එන්න කමු... කාලා අපි ගෙදර යමු.."

"ඒක හොදයි මට මෙහෙ ඉදලා ඇතිවෙලා තියෙන්නේ.. ගෙදරනම් යන්නම ඔනේ.. 😃"

ජේකේ හිනාවෙලා ටේට කෑම ලෑස්ති කරා. ටේත් ඇදුමක් දාගෙන කෑම කන්න ඉද ගත්තා. ටේ ඔක්කොම රැමන් ටික කෑවා විතරක් නෙවේ දීසීය ඇගිල්ලෙනුත් පිහිදලා ඇගිල්ලත් ලෙවකෑවා. ජේකේගේ ඇස් උඩ ගියා. ටේ හරියට කෑමක්වත් කාලා නෑ කියලා ජේකේ දුක් උනා. ඒත් එක්කම ජේකේ එයා කකා හිටපු රැමන් එක එහෙමම ටේට දික් කලාම ටේ හිනාවෙලා

"ඔයාට කන්න බැයිද... ඔහ් මන් කන්නම්... මේවා එහෙම විසික් කරන්න හොද නෑ... කන්න, කන්න තමයිනේ මේ ශරීරී හොදට ශක්තිමත් වෙන්නේ.. ඔයාගේ ටෙටේ... උනත් කැමතිවෙයි රැමන් කොප්ප දෙකක් බඩට වැටෙන.... කො...ටහ්....😀 මන් කිව්වේ මන් ආසයිනේ රැමන් කන්න....කුකී දන්නෝනේ🤤"

"අහ්..හ්ම්.... ටේ එහෙනම් මන් ඔයාගේ බඩු ටික ලෑස්ති කරන්නම් ඔයා හිමීට කන්න.."

"හ්ම්... යම්... හ්ම්.හ්ම්...🤤"

ටේට ජේකේ කියන ඒවා ඇහුනෙත් නෑ.
ඒ රැමන් කෝප්පෙත් කෑවා.
ජේකේ තප්පරේට දෙකට ටේගේ බෑග්ටික ලෑස්ති කලා. මේසේ උඩ තිබුනු පොත් එක්ක ෆයිල්ස් පුරෝපු බෑග් එකක්ම තිබ්බා. ජේකේ වැඩිය හොයන්නේ බලන්නේ නැතුව ඒවා බෑග් එක උඩින්ම අඩුක් කලා.

"හරි.. බඩු ටික ලෑස්ති.. ඔයා...කාලා.."

"වාව්... ජීවිතේට කාලා නෑ.. මෙහෙම කෑමක්...🤤"

"ටෙටේ...🙄 දන්නවනම් ඔච්චර බඩගිනී කියලා තව ගේනවනේ...කමක් නෑ ගෙදර ගියාම ලොකු හෙයොන් ඔයාට ඕන තරම් හදලා දෙයි.."

"ආහ් එහෙනම් ඉක්මන්ට යමු..."

ඉක්මන්ට දොර ඇරගෙන ටේ එලියට ගියේ ජේකේට තනියෙම බඩු ටික උස්සන් එන්න දීලයි. ටේ ජේකේගේ වාහනේට හේත්තුවකුත් දාගෙන ජේකේ එනකල් හිටියා. වාහනේ ලගට ආපු ජේකේ වාහනේ ලොක් එක ඇරියා විතරයි ටේ වාහනේට නැගලත් ඉවරයි.
හිනාවෙවී ජේකේ බඩු ටික ඩිකියට දාලා හැරෙනවත් එක්කම කවුදෝ කෙනෙක් ජේකේගේ ඇදුමෙන් ඇද්දා. ඒ කෙනාට ජේකේව ඇදලා අරගන්න ඔනේ උනත් ජේකේව හොල්ලන්නවත් එයාට බැරි උනා.

ජේකේ ඒ කෙනා දිහාට හැරුනේ බොහොම සානුකම්පිත බැල්මෙනුයි. එතකොටයි ජේකේ දැක්කේ මේ ඉන්නේ ටේව ඊයේ රෑ බොඩිමට ගෙනාපු කොල්ලා නේද කියලා.
අනික්පැත්තට ජේකේ ඒ කොල්ලගේ හිත කියෙව්වා. ජේකේ ටිකක්වෙලා යද්දී කට කොනට හිනා උනා ඒත් ටේට තියෙන ලෙඩෙ ගැන දැන ගත්තම ජේකේ එතනම ගල් ගැහුනා.

"මේ සර්... ඔයා කවුද ටේ හෙයොන්ව අරන් යන්න ආ... ඔයාට බෑ මෙහෙම එයාව එක්කන් යන්න😑.."

"හෝව්... හෝව්... කොල්ලෝ... ටේ... නෙවේ එයා මගේ බෝයි බ්‍රෙන්ඩ්🤨... ඉතින් මන් නැතුව වෙන කාටද එයාව එක්කන් යන්න අයිතිය තියෙන්නේ.."

"නෑහ්... නෑහ්...😨 ටේ හෙයොන්ට... නෑ.... ඔයා බොරුකාරයෙක්... ටේ හෙයොන්ව රවට්ටගෙන...😤 යන්න දෙනවා.... යන්න දෙනවා... ටේ හෙයොන්ව මොනාටද අරන් යන්න... ඔහේ මහා..."

"හේයි...😒 යෙඔන්ජුන්.."

"ටේ හෙයොන්.."

" මේ ඉන්නේ මගේ බී එෆ් තමයි😏. එයා එනකල් තමයි මන් මෙච්චරකල් බලන් හිටියේ. ඉතින් ඔන්න එයා ආවා😌. දැන් අපි යනවා. ඔකේ.. බායි... ලෙට්ස් ගෝ..."

"ටේ... හෙ...යොන්..😰"

"ඇහුනනේ..🧐 බායි😒..."

ජේකේ අන්තිමට එහෙම කියාගෙන කා එකට නැග්ගා. ඒත් ජේකේගේ හිත එක තැනක නෑ. ටේට තියෙන්නේ කෑන්සර් එකක්. ටේට තව මාසයක් වත් නෑ. ටේට මෙහෙම උනේ එයා නිසා කියලා හිතෙනකොට ජේකේට පොලව පලන් යන්න හිතුනා. ජේකේගේ ඇස් වල කදුලු පිරුනා. ටේ ඉන්න නිසා අමාරුවෙන් ඒ දුලු හිර කරගෙන ජේකේ වාහනේ ඩ්‍රයිව් කලා.

ඒත් ටේට තියෙන ලෙඩේ ගැනත් එයා එකපාරටම නැගිටලා මෙහෙම හොදින් ඉන්න එක ගැන ජේකේට කිසිම දෙයක් තේරුනේ නෑ. ජේකේට ඔනේ උනත් ඒක ටේගෙන් අහන්න දැන් මේ වෙලාවේ ඕවා අහලා ටේව දුකින් තියන්න ජේකේට ඔනේ උනේ නෑ. ටේ මැරෙන්න යනවග දැන ගත්ත නිසා ජේකේ වාහනේ එලෙව්වෙත් සිහියකින් නෙවේ. ටේ කෑ ගැහුවේ නැත්තම් දෙන්නම ඇක්සිඩන්ට් වෙනවා.




.....................⚡















දේවල් ටිකින් ටික හොද අතට හැරුනත් ජින් හිටියේ ලොකු දුකක් හිතේ හිර කරගෙනයි. ජින් නම්ජුන්ට හුගාක් වෙනස්කම් කලා. නම්ජුන් හැමදේම දරාගෙන ජින් ලග හිටියේ ජින්ට තියෙන ආදරේ නිසයි. ජින් නම්ජුන්ව ගනම් නොගත්තට නම්ජුන් හැමවෙලේම ජින්ගේ පස්සෙන්ම හිටියා. ඒත් චිමීව හම්බෙනවත් එක්කම නම්ජුන් අතුරුදහන් උනා. රතුපල්ලියෙන්වත් කිසිම ආරංචියක් ලැබුනේ නෑ. හෝසොකා උනත් වෝල්තුරීලා එක්ක තිබ්බ ගනුදෙනු නතරකලා. හෝසොක්ට නම්ජුන් ගැන කිසි දෙයක් දැන ගන්න බැරිඋනා. වෝල්තුරීලාට ජින්ගේ පවුලත් එක්ක කිසිම ගනුදෙනුවක් තියා ගන්න එපා කියලා නම්ජුන් දැනුම් දීලා තිබුනා. ඒ හේතුව නිසාම ජැක්සන්ට පවා හෝසොකාව හම්බෙන්න තහනම් උනා.

ජින්ගේ පවුලේ විස්තර සදහටම මකලා දැම්මා. සාමාන්‍ය පවුලක් විදිහට තමයි එයාලව දැන් කාට උනත් පේන්නේ. කිසිම විදිහකින් එයාලා වැම්පයර්ලා කියන එකනම් හොයා ගන්න බෑ. එයාලා ඉන්නෙත් ප්‍රධාන නගරයේ ඉහලම ව්‍යාපාරිකයෝ විදිහට නිසා කාටවත් සැකයක් ඇති උනෙත් නෑ. ජින් එයාගෙම ඩිස්පෙන්සරි එකක් වගේම හෝසොක් පෞද්ගලික ආරක්ෂකයන් පුහුනු කරන කෙනෙක් විදිහටත් එයාලගේම පෞද්ගලික තැන් පටන් අරන් ඒවා වල වැඩ කරගෙන ගියා.

මේ අතරේ චිමීගේ තත්වේ ටිකක් හොද තත්වෙට හැරුනා. චිමී තනියෙම කාමරේ ඉන්නනම් තාම බයයි. ඒත් හැමදේටම හේතුවක් නැතුව බයවෙන එක අඩන එක ටිකක් විතර අඩු උනා. හීනෙන් කෑ ගහන එකනම් අඩූ උනේම නෑ. හොද නින්දක් නොලැබුනත් චිමී සාමන්‍ය තත්වෙට වැටුනා.

මේ අතරේ කවුරුත් නොදන්න චිමී විතරක් දන්න දෙයක් සිද්ද උනා. ඒ චිමීව බලන්න රෑට රෑට එන ඩීමන්. චිමී දැනම් හිටියා. ඔව්.
මුලදී ඩීමන් චිමී ලගට ආවේ නෑ චිමී බයවෙන නිසා. ඒත් චිමීට ඩීමන් ලගපාතක ඉන්නවනම් ඒක හොදින්ම දැනුනා. මුලදී චිමී ගනම් ගත්තේ නෑ ඒ ඉන්නේ ඇත්තතටම ඩීමන් කියලා. චිමී හිතුවේ එයාට නරක දේවල් මැවිලා පේනවා කියලා. ඒත් ජින් නැති වෙලාවක චිමීගේ ඇදලගටම වෙලා චිමී නිදන් ඉන්නවා ඩීමන් බලන් ඉද්දී චිමීට ඒක හොදටම දැනුනා. චිමී බයටම වෙවුලුවා. චිමී ඇස් අරින්නෙම නැතුව හිටියා. ඩීමන් චිමීගේ කනට ලන් වෙලා

"කාටවත් කියන්න එපා මන් ආව එක ගැන. දන්නවනේ මට කේන්ති යයි.. හොදට නිදා ගන්න. හැමදේම හරියයි."

එසැනිනින් ඩීමන් අතුරුදහන් උනා. චිමී කාටවත්ම මේ ගැන නොකිව්වේ ඒ නිසයි. බයටමත්ම නෙවේ පස්සේ පස්සේ චිමීට තේරුම් ගියා ඩීමන් එන්නේ එයාට කරදරයක් කරන්න නෙවේ වගත් එයාව බලලා යන්න කියන වගත්. චිමී ඩීමන්ගේ වෙනස හොදින්ම දැක්කා. ඩීමන්ගේ මූනේ තිබුනු අමුතුම හිනාව ඒ මුනේ ඉස්සර තිබුනු නපුරුකම භයානක කම දැන් නෑ කියන එක චිමී හොදින් දැක්කා. ඒත් චිමීට තාමත් කෙලින්ම ඩීමන්ගේ ඇස් දිහා බලන්න බය හිතුනා. චිමී ඩීමන් මෙහෙම එයාව බලන්න එන එක ගැන රහසක් විදිහට තියා ගත්තා. චිමී එයාගේ හෙයොන්ට පුංචි දේ උනත් කියන කෙනෙක්. බයටම හෙයොන්ලට මේ දේවල් නොකියා හිටියමත් නෙවේ චිමීට හිතුනා ඩීමන් කාටවත් කරදරයක් කරන එකක් නෑ කියලා. ඒත් කලින් මෙහෙම චිමීට හිතිලම නෑ. චිමී එහෙම හිතෙන්නේ ඩීමන් ගැන ඇති උන විස්වාසය නිසයි.

ඩීමන් එයාව මෙහෙම බලන්න එන්නේ ඇයි.
ඩීමන් ඇයි එදා එහෙම අත ඇරියේ. නිකන්ම අත ඇරලා නොදා පරිස්සමට ගෙදර ලගටම ගෙනත් ඇරලුවේ ඇයි. මේ ප්‍රශ්න චිමීට ආවා. චිමී ගොඩාක් බොලදයි තමයි. ඒත් දේවල් තේරුම් ගන්න එයාට හොදට පුලුවන්. චිමී කලුවරේ ඉදන් එයා දිහා ලස්සනට හිනා වෙලා බලන් ඉන්න ඩීමන් දිහා ජොන්ටත් හොරෙන් බලන් ඉන්න පුරුදු උනා. ඒ දෙන්නගේ ඇස් යාවෙලා තිබුනා කාලය ගෙවනවත් තේරුනේ නැති තරම්. ඩීමන්ට උනත් තේරුම් ගියා මේකයි හරි දේ කියලා. චිමීගේ නිදහස ඩීමන්ට හුගාක් වටින්න ගත්තා. හිරකරන් හිටපු ඒ කාලයට වඩා චිමී හුගාක් නිදහසේ හිනාවෙලා ඉන්නවා. චිමීගේ හිනාව ඩීමන්ට දකින්න පුලුවන් උනෙත් මේ කාලෙදියි. ඩීමන්ට චිමීගෙන් ඈත් වෙලා ඉන්න බැරි උනා. හුගාක් වෙලාවට ජින් යනකල් බලන් ඉදලා, ඉදලා කලාතුරකින් හම්බෙන පුංචි වෙලාවෙදී චිමී ලගට යන්න හැදුවත් ජින් එක්කම අනික් පැත්තට ඇදෙන් පැනලා චිමී දුවලා ගීම් කාමරෙන් එලියට පැන්නා. ඉතින් ඩීමන්ට චිමී ලගටනම් යන්න බැරි උනා.


.

.



මේ කාලය අතරෙදි හුගාක් දේවල් සිද්ද උනා. ඉතින් අන්තිමට ටේ ගෙදරත් ආවා. හැමෝමටම කියාගන්න බැරි තරම් සතුටුයි. ජින් ටේ එන නිසාම ටේට රසට කෑම හැදුවා. චිමීත් හරිම සතුටින් ජින් එක්ක හිනාවෙවී ජින්ට කෑම හදන්න උදව් කලා. හෝසොකා වගේම ජෙමින් කෑම මේසේ ලෑස්ති කරන ගමන් පිරිසිවලට තට්ටු දදා තාලෙට නටන්න ගත්තා. ඒ දෙන්නගේ ආදරේනම් හුගාක් වැඩි වෙලා වගේම ගෙදර ලොකුම ජෝකර් කාරයෝ දෙන්නා වෙලා. හැමෝවම හිනස්සන්න ඒ දෙන්නා හොද හොද ජොලි වැඩ කලා.
ඔය අතරේ ටේගේ බඩු නහයෙන් කටින් එල්ල ගත්ත ජේකේ ගෙදරට එද්දිම හැමෝම ඒ දිහාවට එක පිම්මට දුවලා ගියේ ටේව බදාගෙන උඩ පයින්න හිතාගෙනයි.

ජේකේ පුංචි හිනාවක් දාලා බිම බලාගෙන කාමරේට යන්න ගියා. ජේකේ ආවත් ටේ තාම ඇතුල්ට ආවේ නෑ. චිමී දුවලා ගිහින් ජේකේගේ කා එක ලග බැලුවා. එතකොටයි ටේ කොහෙන්දෝ එකපාරටම මතු උනා.

"මේහ්..... කුකී... එයා..ව.. දැක්කද.. මේ පැත්තට තමයි ගියේ 🤔"

"ටේ....😍"

ටේ ජේකේ ගැන අහනවත් එක්කම ටේව දැකපු සතුටට චිමී ටේගේ බෙල්ලට කඩන් පැලා ටේව ඉබගෙන ඉබගෙන ගියා. ඒත් එක්කම චිමීව ඇගෙන් එහාට කරපු ටේ

"ආශ්... අහ්ම්ම්... .. "

" ටේ... ... ටේ ආයි උයාව දකින්න ලැබෙයි කියලා හිතුනේ නෑ... 😭 ටේ ඔයා හොදින් 😍... ඔයාගේ මොචි.. ඔයා නැතුව පාලුවෙන් හිටියේ😭..."

"මො..මොචි... අහ්...මොචී.... ඔ...ඔයා.....නේ... 😐 මො..මොචී 😭🤥 අනේ මන් ඔයා නැතුව කොච්චර දුකෙන්ද හිටියේ.."

ටේ චිමීව ඇදලා අරගෙන බදා ගත්තා. ටේගේ අමුතු ශක්තිය නිසා චිමීට හුස්ම ගන්න බැරි තරමටම ටේගේ පපුවට චිමීගේ නහය තද උනා. චිමී අමාරුවෙන් නහය නිදහස් කරගෙන ටේ එක්ක ඇඩුවා. ටේගේ ඇස් වල කදුලු තිබුනේ නෑ. ඒත් ටේ අතින් මූන වහගෙන අඩනවා. ඒත් එක්කම එතනට අනික් අයත් ආවා.

" තේහියුන්ග්ශී.... "

"තේහෙයොන්ගා..."

"ඕහ් තේහියුන්ග්..."

ජෙමින් හෝසොකා වගේම ජිනුත් එතනට එකතු වෙලා එකට හැමෝම වටවෙලා බදා ගත්තා. හැමෝගෙම මූනුවල ලොකු සතුටක් තිබුනා. ඒ ටේව ආයිමත් දැක්ක සතුටට වගේම ටේට කිසිම කරදරයක් නැති නිසායි.

ඒ වගේම හැම කරදරයක්ම ඉවරයි කියලා එයාලා හිතුවා.


.

.

.

..................⚡

"ඔයා වොශ් දාම් එන්න මන් පොඩ්ඩක් පල්ලෙහාට යනවා .."

"දැන් හැමෝම නිදිනේ... පල්ලෙහාට යන්නේ මොකෝ..."

"ආහ්... මේහ්... වතුර ඉවරයි😉... වතුර අරන් එන්නම්.. "

ටේ ජේකේ වොශ් දාන්න යනවත් එක්කම කාමරෙන් එලියට ආවා. ටේ බෝතලෙත් අරන් පල්ලෙහාට නොයා එයා චිමීගේ කාමරේ පැත්තට ගියා. ටිකක් වටපිට බලලා චිමීගේ කාමරේ ලගට ගිහින් චිමීගේ දොරේ යතුරු හිලෙන් ටේ නැවිලා මොනාදෝ බලන්න ගත්තා. ඒත් එක්කම දොර ඇරගෙන එලියට ආවේ ජින්.

_________________________________

Hi gyz 😂

හායි ගානකොට මේකීට දෙන්න හිතෙනවා උඩින් යන්න නේද.. 😂 ඉන්න ඉන්න ඉවසන්න... 😂 ඩෝන් ඩෝන්...

Ad.....





Enjoy😅

Ishki_

Bạn đang đọc truyện trên: AzTruyen.Top