🥀 පවුල


"යා... බෙකී... මට නටන්න බැරි නෑ.. පොලව ඇදයි.. 😏🤣"

හෝසෝකා ඩාන්සින්වලට මාරම ආසයි. ඔනම මියුසික් එකකට හෝසොක්ට ඩාන්ස් කරන්න පුලුවන්. එයා ඩාන්ස් කරනවා බලන්න කවුරු උනත් ආසයි. හෝසොකා එක්ක තරගෙට දගර ඩාන්ස් දැම්ම ජින්ට බිම ඉදගෙන කෑ ගගහා බෙකී හිනා. ජින් අත පය එහාට මෙහාට වන වන පොඩි එකෙක් වගේ නැටුවා.

ඒ දිහා බලන් ඉන්න ආස උනත් ඔන කෙනෙක්ට හිනා යනවා එයා දාන වැඩකෑලි වලට. ඇස් දෙකත් ලොකු කර කර කට ඇද කර කර එයාගෙම ඩාන්ස් එකට එයාම හිනාවෙවී ඩාන්ස් කරනවා.

මේ තුන්දෙනා ගෙදරම දෙවනත් කරනවා මේ වෙලාවේ කෑ ගගහා හිනාවෙවී. ඒ තුන්දෙනා ඉන්නේ හරිම සතුටින්.

එකපාරටම තුන්දෙනාම ගල් ගැහුනා. හෝසෝක් මියුසින් නතර කලා. තුන්දෙනාම මූනට මූන බලා ගත්තා. එයාලගේ සංවේදී තියුනු කන් වලට මොකක් හරි සද්දයක් ඇහුනා.

බෙකීටයි හෝසෝකාටයි දැනුනු ලේ සුවදත් එක්කම පිස්සුවෙන් වගේ වියරු වැටුනා. ලේ සුවද පස්සෙන් හෝසෝකායි බෙකීයි ගියේ හරිම වේගෙන් ජින් එයාලත් එක්කම ගියා. තප්පරයක් යන්නත් කලින් ගේ ලගම කැලේ පැත්තට වෙන්න බිම වැටිලා ඉන්න මනුස්සයා දිහාවට බෙකීත් හෝසොකාත් වේගෙන් ගියා. එයාලට කලින් ජින් යන්න හැදුවත් ගොඩාක් අමාරු උනා ඒ දෙන්නව නවත්ත ගන්න. ජින් පොර බැද්දා.
බෙකීට වඩා හොසෝකාව නවත්තගන්න ජින්ට අමාරු උනා.

හෝසෝකාත් බෙකීත් තුවාල වෙච්ච කෙනා ලග දනින් වැටිලා වියරුවෙන් ලේ සුවද විද ගත්තේ පිස්සු වැටිච්ච වෘකයෝ වගෙයි. ඒත් එකපාරටම හෝසෝකා දැක්ක දෙයින් ගල් ගැහුනා. බෙකීත් පුලුවන් තරම් තමන්ව පාලනය කරගන්න හැදුවා. ඒත් අමාරුයි බෙල්ල හිර වෙනවා. ජින් හෝසෝකාවත් බෙකීවත් එකපාරින් පිටිපස්සට ඇදලා විසික් කලා. හෝසෝකාත් බෙකීත් කැලේ පැත්තට විසික් වෙලා ගියා.

ලේ සුවද ටිකක් අඩුවෙද්දී හෝසොකාත් බෙකීත් ඈතින් පේන ජින් දිහාත් මනුස්සයා දිහාත් බැලුවා. තාමත් ලේ සුවද දැනෙනවා.

"අපි යනවා ජින්.. එයාගේ පිට උඩ මොකක්හරි තියෙනවා. හදවත් දෙකක් ගැහෙනවා. තවත් ඉන්න බෑ.. අයින් කරන්න.."

හෝසොකායි බෙකීයි තප්පරේට නොපෙනී ගියා. ජින් තුවාල වෙලා ඉන්න කෙල්ලව පරීක්ෂා කලා. අතේ පිහිතලයක්. පිට උස ලොකු රෙදි ගෝනියක්. ජින්ට හදවත් දෙකක් ගැහෙන සද්දය ඇහෙනවා. ඒත් කෙල්ල මැරිලා. බඩත් තුවාල වෙලා බඩේ ලමයෙක් ඉන්න විදිහක් නෑ. ජින් කල්පනා කලා. රෙදි ගෝනිය ටිකක් එහාට මෙහාට කරා.

එකට අල්ලන් ඉන්න පුංචි අත් දෙකක්. දරුවෝ දෙන්නෙක්. ජින් ඇස් ලොකු කරග්‍ර්න ඒ දිහා බලන් හිටියා. ජින් හරිම පරිස්සමෙන් ලමයිදෙන්නව තුරුලට ගත්තා. එක දරුවෙක් ජින් දිහා හොදට බලන් ඉන්නවා. ඒ ඇස් අදුරුයි ඒත් අමුතුම ලස්සනක්. ජින්ට අමුතුම රස්නයක් දැනුනා. සාමන්‍ය මිනිස් දරුවෙක්ටත් වඩා වෙනස්. ජින්ගේ ඇස් ගියේ අනික් අතේ ඉන්න ලමයාගේ මූනට. එ ඇස් නිල්ම නිල්පාටයි. ඇග හැම තැනම වතුර රැදිලා. ඒ පුංචි ඇස් වල කදුලු දෝරේ ගලනවා. නිල් ඇස් පොඩ්ඩා ජින්ගේ කබුල ඇගිල්ලෙන් පිරි මැදලා එකපාරටම හිනා උනා. ජින් පුදුමෙනුත් පුදුම උනා.

ලමයිදෙන්නගේ වෙනස අදුන ගත්තා. සාමන්‍ය ලමයින්ටවඩා වැඩි උශ්ණත්වයක්. ලෙඩක් නිසා නෙවෙයි. හම ශක්තිමත්. අසාමාන්‍ය විදිහට ඇගේ වතුර රැදිලා. ලමයි දෙන්නව පරිස්සමට පැත්තකට කරපු ජින් කෙල්ලව පරීක්ෂා කලා. බඩ සිදුරු කරපු තැන.
සති දෙකක් ඇවිදපු බවක් වගේම කෙල්ලගේ කටේ බෙල්ලේ ගෑවුනු මිනිස් ලේ. මාස නමයක් නෙවෙයි සති දෙකකින් ලමයි බිහිකරපු වග අවුරුදු 1000ක විතර දැනුමෙන් ජින් හොයා ගත්තා. ලමයින්ව පරිස්සම් ඇතිව තිබ්බ ජින් තප්පරක් ඇතුලත කෙල්ලව කැලේ පැත්තේ වල දාලා ලමයි ලගට ගියා.

පාන්දර වෙද්දී හෝසොකාත් බෙකීත් හිනාවෙවී කියෝ කියෝ ගේ ඇතුල්ට ආවා. ජින්ගේ අතේ තිබ්බ දේ දැකලා බෙකී හෝසොකා ඇස් ලොකු කරන් එතනම ගල් ගැහුනා.

"බ.. බා..බබෙක්.. ජින්.. මිනි..."

"හාෆ් වැම්පයර් "

හෝසෝකා ගොත ගහද්දී ජින් ලමයින්ව හුරතල් කර කරම කිව්වා. පුදුමෙනුත් පුදුම උන බෙකීත් හෝසොකාත් ජින්ගේ අතේ ඉන්න දරුවෝ දිහා බැලුවා.

හෝසෝකාව දැක්ක හැටියේම හෝසෝකාගේ කම්බුල අත ගෑවේ කලු ඇස් පොඩ්ඩා. හෝසෝකට දරුවව දැක්කම අමුතුම හැගීමක් ඇති උනා. ලස්සන හිනාවක් දාලා දරුවව වඩාගෙන හුරතල් කරන්න ගත්තා.

119 පසු නැවත අනාගතයට

ටේ ආච්චිත් එක්ක පාර බලන් හිටියේ ජිමිනි එයාලව එක්කන් යන්න එන නිසයි. තවත් විනාඩියක් යන්න කලින් කොහෙවත් තනියෙම යවන්නැති ජිමිනිවත් එක්කන් ජෙමින් එයාගේ කලු පාට කා එකේ ආවා. කලින් ටේ එයාලාගේ වාහන දැකලා තිබ්බේ නෑ. ඇකඩමී එකේ එහාට මෙහාට යන්න වාහන ඔනේ නෑනේ.

දැන් එන අලුත්ම මොඩන් එක. කා එක ටේගේ පුංචි ගේ ඉස්සරහින් නැවැත්තුවා. ඉබේම ඇරුනු කා එකේ ෂටර් එකෙන් ජිමිනි ඔලුව දාලා හුරතල් විදිහට ටේට හිනා උනා.

"එන්නෝ...🤗"

හරිම හුරතල්. ජිමිනිගේ එහා පැත්තෙන් ඩ්‍රයිවින් ශීට් එකේ හිටපු ජෙමින් ටේට අත වැනුවා. ටේවත් ආච්චිවත් එයාලා එයාලගේ කැලේ මැද ලස්සන ගෙදරට එක්කන් ගියා. ටේගේ ආච්චි එක්ක මග දිගට හරි හරියට කියෝ කියෝ ජිමිනි හිනාවෙනවා. ටේ ජිමිනිට කියලා තිබ්බේ ආච්චි ගොඩාක් හොද විහිලු කාරයෙක් වගේම ආදරණීය කෙනෙක් කියලයි. කිව්වා වගේම ආච්චී එහෙමයි. ජිමිනි ටේගේ ආච්චිට හරිම කැමතී.

"වෝහ් 😮"

ටේට නිකන්ම කටින් පිටවුනා. ජෙමින් කා එක නැවැත්තුවේ ලස්සන ගෙයක් ලග. ටේ කවදාවත් එච්චර ලස්සන ගෙයක් දැකලා. පුදුම ලස්සනක්. කැලේත් එක්කම ගේ ලස්සනට පේනවා.

කා එක නැවැත්තුවහම එයාල එනකල් බලන් හිටිය ජින් කා එකේ දොර ඇරියේ ටේගේ ආච්චිට බහින්නයි. ලස්සනට ජින් එක්ක හිනා උන ආච්චි ජින් එක්කම ඇතුල්ට ගියේ ටේවත් එක්කන් එන්න කියන ගමනුයි. ජෙමින් ටේගේ පිටට තට්ටුවක් දාලා ඇතුල්ට දිව්වේ එක තප්පරයක්වත් හෝසෝකාව නොබලා ඉන්න බැරි නිසයි.

"ජිමින්.. සත්තු එහෙම එන්නේ නැද්ද..? මේ කැලේ වෘකයෝ ඉන්නවලු නේද.. "

ටේ ජිමින්ගෙන් ඇහුවම ජිමින් බිම බලාගෙන හිනා උනා.

"නෑ තේහියුන්ග්.. මේ පැත්තට එන්නේ නෑ.. අපි යමුද ඇතුලට කට්ටිය බලන් ඉන්නවා ඔයාව හම්බෙන්න..🤗"

ටේට පුදුමත් හිතුනා. මිනිස්සුන්ව කන සත්තු එන්නේ නෑ කිව්වම.
ටේ හිත හිත ගියේ ජේකේ ගැන. ඇයි එයාව බලන්න එලියටවත් ආවේ නැත්තේ කියලා ටේ කල්පනා කලා. ටේ ජිමින් එක්ක ඇතුල්ට ගියා.

හෝසොකා කෑම මේසේ හදනවා. ජෙමින් එතන ඉදගෙන හොසොකාගේ පිටිපස්සෙන් බදාගෙන එයාගේ කන හපනවා. ටේලා එතකොට හෝසොකා ජෙමින්ව පැත්තකට තල්ලු කලා ලැජ්ජාවට. ජින් ආච්ච්වත් කුස්සියට එක්කන් ගිහින් කෑම හදන ගමන් කතා කරනවා.

ටේ මුලු ගේ දිහාම බෙල්ල හරව හරව බලනවා. ඔන්න එතකොටම ජේකේ උඩ තට්ටුවේ ඉදන් පල්ලෙහාට එබුනා.ටේ ජේකේව දැක්ක ගමන් අහක බලා ගත්තා.

"යා... ජන්කුක්ශී... හෝසෝකා මේ වදකාරයත් එක්ක තනියෙම වැඩ කරනවා. ඔතන ඉදන් මොනාද බලන් ඉන්නේ.."

ජින් කෑ ගැහුවම ජේකේ හිනාවෙවී පල්ලෙහාට බැස්සා. ටේ දිහා කට කොනට හිනාවක් දාලා බලන ගමන් ජේකේ කෑම මේසේ ලගින් හිට ගත්තා.

" හී හී..😁 යම්..යම්..යම්😋"

ජේකේ ගත්ත ගමන් එයා ආසම කෑමක් තියෙනවා දැකලා කටට ඔබාගත්තා.

"අයිගෝ... ජින් ඔවා හැදුවේ තීහියුන්ටයි ආච්චිටයි.."

හෝසෝකා ජේකේට පොඩ්ඩක් සැරෙන් කිව්වම

"යා ගිල්ලා නේද... තේහියුන්ග්ලා එන්න කලිනුත් ගිල්ල නේද..? යා ජන්කුකා..."

හැන්ද වන වන ජින් ජේකේ ලගට එද්දී ජින්ට දිව දික් කරපු ජේකේ හෝසෝකා පිටිපස්සෙන් හැංගුනා.

හැමෝම ටේගේ ආච්චි අම්මත් එක්ක දවසම හිනාවෙන් කාලය ගතකරා. වැම්පයර්වරු මිනිස් ආශ්‍රය නවත්තලයි තිබ්බේ. ඒත් ජින් එහෙම නෑ. මිනිස්සු එක්කමයි කාලය ගත කලේ. හෝසොක් උනත් ජින් එක්ක හිටිය කාලෙදි මිනිස්සු එක්ක ඉන්න ඉගෙන ගත්තා. ඒත් මේ තරම් එකට හිනා වෙලා ඉදලා නෑ කවුරිත්ම.

ජිමිනි ටේට එයාගේ කාමරෙයිජෙමින්ගේ කාමරෙයි පෙන්නුවා.

හරිම අපූරුවට එයාලගේ කාමර හදලා තිබ්බා.ජිමිනිගේ කාමරේ ජනේලේ ලගම ලොකු ගහක අත්තක් තිබ්බා ඒ දිගේ ගිහින් ගහ මුදුනටම නගින්න පුලුවන්.

ජෙමින්ගේ කාමරේ අදුරුයි. ජෙමින් බොක්සින් වලට කැමති. පුහුණු වෙන ලොකු කොට්ටයක් වගේ එකක් කාමරේ කොනට වෙන්න තිබ්බා. ගොඩාක් ලොකුයි එ කාමර හැම එකක්ම.

ටේට ඔනේ උනේ ජේකේගේ කාමරේ බලන්න.

"එතකොට ජන්කුක්🙄..."

හෝසොක් එක්ක පිගන් පිහිදාන ජේකේ ජිමිනි එක්ක ටේ කියවන හැම එකක්ම අහන් හිටියා. උඩ කොනේම තියෙන එයාගේ කාමරේ ලග ටේ ජිමිනිගෙන් එයා ගැන එක එක ඒවා අහනවා.

ජේකේට හිනත් එක්ක. ජේකේ ඇයි නපුරු ඇයි එයා දිහා හැමවෙලේම බලන් ඉන්නේ. ඒත් ඇතුලෙන් හොද කෙනෙක් වෙන්න ඇති වගේ දේවල් ජිමිනි එක්ක කියෙව්වා.

හෝසොකායි ජෙමිනිටත් ඒ වගේම ඇහුනු දේවල් නිසාත් ජේකේගේ මනමාල හිනාවටත් විහිලුවට හිනාවෙන්න ගත්තා. ජේකේ හිනාව කපාගෙන උඩට ගියා.

ජින් ජිමින්ට පල්ලෙහාට කතා කරපු නිසා ජිමින් පල්ලෙහාට ගියා ටේට ටිකක් ඉන්න කියාගෙන.

ටේ ජේකේගේ කාමරේ කැරකි කැරකී ඉදලා නැවතුනේ විශාල කබ්ඩ් එකක් ලග.

" මම නවල් කියවනවා."

කාමරේ ඇතුල්ට ආව ජේකේ කන පිටිපස්ස ඇගිල්ලෙන් කසන ගමන් වෙන අතක් බලාගෙන කිව්වා.

" අන්තිමේටම කියෙව්වේ මේක නේද..? හ්ම් මාත් මේක කියවලා තියෙනවා."

ටේ කිව්වේ ලගම තිබ්බ පොතක් අතට ගන්න ගමනුයි. තිබ්බ එක පොතකවත් දූවිලි නෑ. හරියට ඔක්කොම එකපාර කියෝනවා වගේ. හැමදාම වගේ මේ පොත් පිරිසිදු කරනවා වගෙයි.

" මම ඒකට කැමති නෑ. හැකියාවකට ඉරිසියා කරන කෙල්ලෙක් හරිම ආත්මාර්තකාමී. අනික් අයගැන හිතන්නේ නෑ.හැමෝම ඒ වගේ."

ජේකේ කිව්ව දෙයින් ටේ කල්පනා කලේ එයාටද මෙයා මේ හින්ට් ගහන්නේ කියලායි.
ටේ පොත පැත්තකින් තියලා

" මා එක්ක ඇයි ඔයා තරහා.."

ටේ ඇහුවත් ජේකේ උත්තර දුන්නේ නෑ. කකුලක් පිට කකුලත් නවාගෙන ජේකේ බිත්තියට හේත්තුවෙලා ටේ දිහා බලාගෙන හිටියා.

"මට ඔයා එක්ක යාලුවෙක් වගේ ඉන්න උවමනාවක් නෑ..... මම යාලුවන්ට කැමති නෑ.. එච්චරයි "

ජේකේ කියලා දැම්මා. මිනිස්සු වයසට ගියහම මැරිලා යනවා. ජේකේ කැමති උනේ නෑ ඒ දේට. දුකක්විතරයි කියලා ජේකේ හිතුවා. ජේකේ කිව්ව දේට ටේට දුක හිතුනාත්

"මම හැදුවේ යාලුවෙක් වෙන්නමත් නෙවේ.. මන් දිහා කන්න වගේ හැමවෙලේම බලනවනේ.. මගෙන් වැරැද්දක් උනාද කියලයි දැන ගන්න ඔනේ උනේ..😒"

ටේ කිව්වම ජේකේ කට කොනට හිනා වෙලා ටේ දිහාවට එකපාරටම එන්න ගත්තා. ටේ බයටම පිටිපස්සෙන් පිටිපස්සට ගියා. ජන්කුක් මාරම ලස්සනට ටේ දිහාවට ආවා. ටේ බය උනේ ජන්කුක් එයා දිහා බලාගෙන අමුතුවිදිහට හිනාවක් දාගෙන එන නිසයි.

එන්න එන්නම ඒ හිනාව ටේගේ මූන ලගටම ආවා. ටේට තවත් පිටිපස්සට යන්න හම්බුනේ නෑ. ටේ බිත්තියට හේත්තු උනා. ටේට තවත් යන්න දිහාවක් නෑ.

ටේගේ හුස්ම ජේකේගේ පපුවට වැදුනා. ජෙකේ ටේට වඩා ටිකක් උස නිසා ටේ ඇසුත් ලොකු කරන් ජේකේ දිහා බැලුවා.

ජේකේ ටේගේ ලේ සුවද විද ගත්තා. මාරම සුවදයි ටේ ලග. ජේකේ ටේගේ සුවදට මාරම විදිහට කැමති උනා. ජේකෙට ඒ සුවද තව තවත් විදගන්න ඔනේ උනා.

_______________________________________

Hi gyz 🤗

* එයාලා කැලෑවේ ඉන්නේ කැලෑව අදුරු නිසයි. මොකද එයාලව ඉර එලියට දිලිසෙනවා. ඇකඩමියෙදි උනත් එයාලා වැඩිය එලියේ ඉන්නේ නෑ. එලා ඉන්න පලාතට ඉර පායනවා උනාට වැඩි එලියක් නෑ. ගොඩාක්ම සීතල නගරයක්. එහෙම ඉන්නගොට මිනිස්සුන්ගෙන් ඈත්වෙලා ඉන්න වගේම දඩයම් කරන්නත් එයාලට ලේසී.

......

මේ කොටස බෝරින්ද..?

*****
මට හරි කේන්ති ලමයි.. මේ දවස්වල අපේම armyලා අපිවගේ ආතර්ලගේ ස්ටෝරීස් රිපෝට් කරනවා. කොච්චර නපුරුද බලන්න. මම වගේ තව අය එයාලාට එන ලස්සන අදහස් එකතු කරලා මේ වගේ ෆෑන් ෆික්ශන් ලියනවා. බලන් ඉන්න බැරි ආත්මාර්තකාමී අය ඒවා රිපෝට් කරනවා. හරිම දුකයි. ඊටත් ඔනම කෙනෙක්ට නිදහස් තැනක් මේ වෙට්පෑඩ් එක. තමන්ට කැමති කෙනෙක්ව කතාවට ගන්න පුලුවන්.

අපි එයාලව ශිප් කරාම එයාලට සෙල්ෆ් හානි වෙනවලු. අනේ මොන ගොන් කතාවක්ද බලන්නකෝ. මේවා නෙවෙයි එයාලට එන ප්‍රශ්න. Bl අයට එයාලා උදව් කරනවා. ඒක වැරදි දෙයක් නෙවෙයි කියලා එයාලත් දන්නවා. එයාලාව ශිප් කරන එකට එයාලා අකමැති නෑ. ටේකුක් බොහොම ජනප්‍රියයි ඒ දෙන්නත් එයාලගේ ශිප් නේම් එක දන්නවා.

අපි සෙක්ස් ගැන ලියන එක මේ අයට හරි අමාරුයි. අනේ ඇත්තටමඅය නෙවේනේ සෙක්ස් කලේ. හැබැයි මෙහෙමත් එකක් තියෙනවා එයාලා ඒ කොටස හොදට කියවලා රස විදලා තමයි කෑ ගහන්නේ.

මගේ කතාවලනම් තාම අවුලක් උනේ නෑ. ඒත් මේක රිපෝට් කලොත් මම කතාව නොදා ඉන්නෙත් නෑ. පරන විදිහට හිතන අඩු මානසිකත්වේ ඉන්න අය තමයි ඔහොම හිතන්නෙත්.

. ඇත්තටම මට ඉන්නේ හොද රීඩර්ස්ලා ටිකක් ආදරෙයි ගොඩාක්.

තව දෙයක් ෆෑන් ෆික්ශන් කියන්නේ තමන් කැමති ඇක්ටර් වේවා කවුරුහෝ වේවා ඒ ෆේමස් කෙනාව දාලා එයා කතාවක් නිර්මානය කරලා අනික් ෆෑන්ස්ලත් එක්ක ඒක බෙදා ගන්න එකයි.

බලන්නකෝ ඉතින් ලංකාව නොදියුණුයි කියලා ඇයි මිනිස්සු කියන්නේ මේ වගේ මෝඩ විදිහට හිතන නිසානේ. අපේ කතා ඔන්නම් 350ක් වගේ ඇති. බලන්න නිකමට කොරියාවෙම අය bts ship ගැන හෙනට කතා ලියනවා. කිසිම කුහක කමක් නැතුව එයාලා ඒවා රස විදලා අනික් අයත් එක්ක බෙදා ගන්නවා. එයාලගෙම රටේ අය එහෙම කරනවා. එත් එයාලට ප්‍රශ්නයක් නෑ. ඒත් අපි ලිව්වම අපේ අයට ප්‍රශ්නයක්.

මම සෙක්ස් ගැන ලියලා තියෙනවා ඒත් කැත විදිහට නෙවේ. මට ඔනේ රොමෑන්ස් ගැනත් සෙක්ස් ගැනත් ලස්සනට දැනෙන්න ලියන්න.

අප්පිරියා හිතෙන්න මම සෙක්ස් ගැන ලියන්නෙත් නෑ. නිකන් හරි අප්පිරිය හිතෙන කෑල්ලක් තිබ්බොත් මට බයින්න අනිවාරෙන් මම අයින් කරනවා.

ඉතින් මම දිගටම bts ශිප් ගැන ලියනවා. මම දන්නවා මම ලියන ස්ටෝරි වලින් කාටවත්ම හානියක් වෙන්නේ නෑ.

මේවා නිකන් කතා විතරයි. මා එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා.

මට ගොඩාක් යාලුවෝ හම්බුනා මේ කතා ලියලා. එයාලගේ හිත් ඇත්තටම ලස්සනයි. මේ වගේ කතා කියවන්නේ ඇත්තටම හොද රසාස්වාදනයක් තියෙන අයයි. ඒක ලෙඩක් නෙවෙයි. ඒක එකතරා කලාවක්. මනස නිදහස් වෙන්න තමන් කැමති විදිහේ දෙයක් කරන්න ඔනේ. එකට සමහරක් අය bl සීරියස් බලනවා, ස්ටෝරිස් කියවනවා. සමහර අය වෙන වෙන ඒවා කරනවා.

මිනිස්සු විවිදාකරයි. රසාස්වාදනයක් තියෙන ලස්සන හිත් ඇත්තෝ bl gl පිලිගන්නවා. මනුස්සකම දන්න තවත් මනුස්සයෙක්ට ගරු කරන අය ඒවට උදව් කරනවා. ඒත් සමහරු ගරහනවා එවට හිනාවෙනව මඩ ගහනවා. එයාලට කියන්න නමක් මම දන්නෙත් නෑ.

-------

ඉතින් ලමයි මම පාන්දර වෙලත් තව පාට් එකක් දාන්නම් 😁 උම්මා හුදේ මගේ දේසනේ කියෙව්වට 😘

Enjoy 🤗

^ ishki ^

Bạn đang đọc truyện trên: AzTruyen.Top