🥀පලිගැනීම
පාන්දර වෙද්දිත් ඇකඩමී හොස්පිටල් එකේ හරි කලබල. දවල් තිස්සෙම සෙල්ලම් කරපු ලමයි වැටිලා ඔලු පලාගෙන අත් වල ලෙලි ගිහින්. මේ හැම එකක්ම මාක් කරේ හොස්පිටල් එකේ හිටිය ලස්සනම මිසී. මේ මිසීත් ජිනුත් හොදට ගැලපෙනවා කියලා හැමෝම වගේ කතා උනා. ඇකඩමී ලමයි ජින්වයි මිසීවයි කපල් කරලා එයාලගේ ස්ටෝරිස් වල උනත් අප්ඩේට් කලා. ජනප්‍රිය කපල් එකක් උනා ඒ දෙන්නම.මිසී උනත් අකමැති වෙයිද මේ වගේ නළු ලුක් එකක් තියෙන හැන්ඩ්සම් කොල්ලෙක්ට.
අවුරුදු 26ක් කිව්වට අවුරුදු 20කටත් වඩා බාල පෙනුමක් ජින්ට තිබ්බා. ඇකඩමී එකේ සමහර කෙල්ලෝ ඔනකමින්ම බඩේ අමරුයි රටේ නැති අමාරුයි ලෙඩයි හදාගෙන ජින් ලගට එනවා බහෙත් ගන්න. ජින් උනත් හැමතිස්සෙම ග්ලවුස් දාගෙන හිටිය නිසා කෙල්ලෝ එයාගේ අතේ එල්ලුනත් ගානක් උනේ නෑ. ඔය මොකා එල්ලුනත් වැඩක් නෑ ජින්ට ඕවා ගානක් උනේම නෑ. ජින් තරම් ආඩම්බර ඩොක්ට කෙනෙක් කොහෙවත් නැතුව ඇති. කෙල්ලෙක් ලගින් ගියත් ජින් නෙවේ හැරිලා බැලුවේ. හරියට ඔයිට වඩා ලස්සන කෙල්ලෝ දැකලා තියෙනවා කියන්න වගෙයි.
ජින් අවුරුදු 1000ක ඉදලා තනිකඩයි. මනුස්ස ජීවිතේ කොහොම ගතකලාද කියලවත් එයාට මතක නෑ. ඉතින් ලෞකික ආශාවන් ගැන එයාට දැන් දැනුමක් නෑ එයාගේ ජීවිතේ වෙන්නේ ජන්කුකා චිමි ජෙමින් හෝසොකා කියන පුංචි පවුලයි. ජින්ට ඊට එහා බැදීමක් ගැන නිකන්වත් දැනිලාත් නෑ හිතිලාත් නෑ.
ලස්සන මිසී උනත් ජින්ට ලයින් දානවා. ඒක ඉතින් නොදන්න කෙනෙක් නෑ. ජේකේගේ වැඩේම ජින් මිසී ලග ඉන්නකොට මිසීට හිතෙන දේවල් කිය කිය ජින්ව අවුස්සන එක. කොච්චර කාලයක් ජීවත් වෙලා හිටියත් කොච්චර පරිනත දැනුමක් තිබුනත් තමන්ගේ පොඩි හා පැටියා කියන කරන ඒවටනම් ජින්ව හරියට ඇවිස්සෙනවා.
........⚡..........
.
.
.
ජේකේ ජින්ව දකින්නේ ඔම්මාටත් වඩා අප්පාටත් වඩා එයාගේ ජීවිතේ කෙනෙක් වගෙයි,
හීරෝ කෙනෙක් විදිහට වගෙයි.
ජේකේගේ පුංචි ඇගිල්ල අල්ලගෙන ලෝකේ ලස්සන දකින්නත්,
මිනිස්සු කියන්නේ කවුද කියලත්, ගහකොලවලට ආදරේ කරන්නත්,
කියලා දුන්නේ හෝසොකයි.
ජින්ගෙත් හෝසොක්ගේත් සෙනෙහස නිසාම ජේකේ චිමි ජෙමින් එයාලගේ ජීවිතේ හැමදේම එකක් නෑර මේ දෙන්නා එක්ක බෙදා ගත්තා. කිසිම දවසක ඔම්මා අප්ප ගැන ඇහුවේ නෑ.
ජේකේ දැනම් හිටියා එයාගේ ඔම්මා අප්පා ගැන මොකද ජින් හැම වෙලේම එයාගේ බෙකී ගැන දුක් උනා. ඒ කුරුරි දවස ගැන ජින් මතක් කර කර ඇඩුවා. ජින්ගේ මල්ලිගේ පාලුව තනිකරම මකලා දාන්න ජේකේට පුලුවන් උනත් ජින්ට මතකයන් මකන්න බෑ. චිමි ජෙමින් කවදාවත් වැලලුනු අතීතේ හොයන්න ගියෙත් නෑ. ඒ වැලලුනු අතීතේ එදා වෙච්ච දේවල් ජින්ගේ හිත කියවලා ජේකේ දැනම් හිටියත් එයාට ඔනේ උනේ නෑ චිමිගේ හිත රිද්දන්න. එයාගේ ඔම්මා මැරිලා කියන්න ජේකේ හිතට හයියක් නෑ. ජෙමින් කියන්නේ ඔනම දෙයක් දරා ගන්න පුලුවන් ශක්තිමත් කන්දක් වගේ කෙනෙක්. පුංචි හුලගටත් වැනෙන් පන නැති තණකොල ගහක් වගේ චිමී.
.......කන්ද ඒ තනකොල ආරක්ශා කලා සැඩ සුලන් වලින්........
ලස්සනට හිනාවෙලා සතුටින් ඉන්න මේ පවුලට කරදර කරන්න කාටවත් බැරි උනා. මේ පුංචි ලෝකෙට අලුත් මේ හාෆ් වැම්පයර්ලා තුන් දෙනාව අවුරුදු ගානක් තිස්සේ ජින් වගේම හෝසොක් ඉස්සරහට එන ලොකු යුද්දෙකට වගේ ඒ තුන් දෙනාව පුහුණු කෙරෙව්වා.
ඇකඩමියට දැම්මත් තුන් දෙනාව නොකඩවා පුහුණු වීම් ඇකඩමී එක ඇතුලෙදිත් කෙරුනා. හෝසොක් ඒ වෙලාවට ඒ තුන්දෙනාට මාරම දරුනු උනා. ජෙමින් උනත් ඒ වෙලාවට සයිලන්ඩ්. හෙයොන්ග් කියන්නේ මොකක්ද ඊට උඩින් කතා කලේ නෑ. ඔලුව නවාගෙන ජෙමින් හෝසොක් කියන කියන එක කලා. ජෙමින් ජේකේ හැම වෙලේම ගහගත්තේ ඒ දෙන්නගෙන් කවුද වැඩියෙන්ම ශක්තිමත් කියලා හොයන්නයි. ජෙමින් වගේම ජේකේත් හුගක් ශක්තිමත්.
හෝසොක් තුන් දෙනාව එකම වෙලාවේ වෙන වෙනම පුහුණු කරා. ජේකේගේ මුල් වැඩෙන වයසෙදී ජේකේට මිනිස්සු එක්ක ඉන්න අමාරු උනා. මිනිස්සුන්ගේ ඇස් දිහා බලන්න ජේකේ බය උනා. මිනිස්සු රොත්තක් ඉන්න මැද්දක ජේකේ තනි උනාම ඒ මිනිස්සු හිතන හැම එකක්ම ජේකේට ආහෙන්න ගත්තා. හෝසොක් ජේකේව තිබ්බෙම මිනිස්සු වැඩිය ගැවසෙන තැන්වලමයි. හෝසොක් හැමතැනම වගේ ජේකේව එක්කන් ගියා. ජේකේ මිනිස්සු අතරේ තනි කලා. ජේකේ පුංචි උනත් හරි ඉක්මන්ට ඉගෙන ගත්තා. එයා ඇස් පියාගෙන හැමදේටම ඇහුන්කන් දුන්නා හිමීට හැමදේම අයින් කරලා නගරේ ඒ කොනේ ඉදන් මේ කොනේ ඉන්න අම්මයි දරුවයි කතා කරන් එක අහන් හිටියා. ජේකේ ඇස් ඇරියා ඒ විදිහටම එයා ඇස් අතරින් එක මනුස්සයෙක්ව විතරක් තෝරගෙන එයා හිතන දේ විතරක් ඇහුවා. එතනින් පස්සේ ජේකේට දරාගන්න බැරුව තිබුනු ටෙන්ශන් එක බය විඩාව නැතිඋනා. එයාට ඔක්කොම එකපාර ඇහෙන එක පාලනය කර ගන්න පුලුවන් උනා. අවශ්‍ය වෙලාවට විතරක් හිත් කියවන්න තරම් දුරට ජේකේ දියුනු උනා. ජේකේ එයාගේ බලය හොද දේට වගේම කපටි වැඩ වලටත් හොදට පාවිච්චි කලා.
චිමි වැඩෙන මුල් මාස 10දී විතර, දවසක් සමනලයෙක් පස්සෙන් කැලේට දිව්වා. චිමි දිහා ඇහැගහගෙන හැමවෙලේම ජෙමින් හිටියා. ඇහිපිය ගහන තප්පරේට චිමි කැලේ එහේ මෙහේ දුවන්න ගත්තා. සමනල්ලු හැම තැනම. වැම්පයර්ලා කොච්චර ස්පීඩ් උනත් චිමිට බැරි උනා එකෙක්වත් අල්ල ගන්න. එයාට එයාගේ බලයන් පාවිච්චි කරන්න තේරුමක් නෑ. චිමි සමනල්ලු එක්ක සෙල්ලන් කරන නිසා ජෙමින් එයාගේ පාඩුවේ ජේකේ එක්ක තරගෙට පොර බැද්දා.
එකපාරටම දෙන්නම ගල් උනේ චිමි එයාලට කැලේ තහනම් කරපු පැත්තට නොදැන ගියපු නිසා වගේම, වෘකයෝ මේ වෙනකොටත් චිමීව වට කරගෙන නිසයි.
තප්පරයක් යන්නත් කලින් එතනට ගියපු ජෙමින් සමනලුන්ගේ ලස්සන දිහා බල බල හිනා වෙන චිමිගේ ඇගට පයින්න ගියපු වෘකයාවත් පෙරලගෙන බිම දිගේ පොර බැද්දා. චිමි කෑ ගහගෙන බිම ඉදගත්තා. විනාඩියක් යන්නත් කලින් මුලු ඇගම ගිනි ගන්න තරම් රස්සනයක් පිට වෙනවත් එක්කම ජේකේ චිමීව කවර් කරගෙන තිබ්බ ලොකුම ගහ පිටිපස්සේ හැංගුනා. ජෙමින්ට එයාව පාලනය කරගන්න බෑ. මොහොතක් ඇතුලත වෘකයෝ සේරම කරකුට්ටන් උනා. ජෙමින්ගේ අත් වලින් විහිදෙන ගිනි දැල් නිසා වටේ තිබ්බ වේලිච්ච තනකොල ගිනි අරගෙන ගස් වලටත් පැතිරෙන්න ඔන්න මෙන්න තියෙද්දී චිමී
"හෙයොන්.... එපා.... අනේ එපා.. පිච්චෙනවා.... මගේ සමනල්ලු මැරෙයි.... හෙයොන්...😭"
චිමි එයාගේ හෙයොන්ගේ අත් වලින් පිටවෙන ගිනි දැල් වලට අහුවෙලා බිම වැටෙන සමනල්ලු දිහා බලාගෙන අඩන්න ගත්තා. ච්මි ජේකේවත් තල්ලු කරගෙන පාලනයක් නැති එයාගේ හෙයොන් ලගට දුවගෙන ගියා. චිමීගේ ඇස් වලින් වැටෙන කදුලු දැකපු ජෙමින්ගේ අත් වලින් දිගින් දිගටම පිට උන ගිනි දැල් බාල වෙන්න ගත්තා. ජෙමින්ගේ ඇගෙන් තාමත් පිච්චෙන තරම් රස්නයක් පිට උනා. ඒ වෙලාවෙම එතනට ආව හෝසොකා නිසා සම්පූර්ණයෙන්ම කජෙමින් අයිස් ගොඩක් උනා.චිමීට පුංචි කරදරයක් කලත් ඒ කරදරේ උනේ මොන දෙයින් උනත් එ දේත් එක්ක පුදුම කේන්තියක් ජෙමින්ට ඇතිවෙන්නේ. මොහොතක් ඇතුලත ඒ දේ කරකුට්ටන් වෙලා යනවා ලග ඉන්න ඔන කෙනෙක්ට බලා ගන්න පුලුවන්.
චිමි ඒ දේ නිසාම පරිස්සම් උනා පුංචි දේකින් උනත්. කැලේම ගිනි ගන්න ඔන්න මෙන්න තියෙද්දී එදා කැලේම බේරුනේ චිමි නිසයි. මේ දේවල් නිසා හෝසොක් ජෙමින්ව වතුර බාත් එකක් ඇතුලේ දාලා තිබ්බා තමන්ව පාලනය කරගන්න. මොකද චිම් කියන්නේ වතුරත් එක්ක සම්බන්ද කෙනෙක්. හෝසොක් දැනම් හිටියා ජෙමින්ව වතුර නිසා යම් පාලනයක් තියෙනවා කියලා. චිමීට ඒක හොදින් පාලනය කර ගන්න බෑ. ඒත් හෝසොක් ඒකට ක්‍රමයක් හොයා ගන්නවා කොහොම හරී. ජෙමින්ට එයාගේ තරහව යම්තාක් දුරට පාලනය කරගන්න පුලුවන් උනා. එයාගේ බලය එයාට ඔන ඔන විදිහට පාවිච්චියට ගන්නත් එයා පුරුදු උනා.
ච්මි මුලදී වතුර ලගටත් යන්න බයයි. එයා හිතුවා එයව ගිලෙයි කියලා.හෝසොක් ජෙමින්ව වගේම චිමීවත් බාත් එකක තිබ්බා. චිමි කියන්නේ පුංචි සද්දයක් දැම්මත් අඩාගෙන දුවන කෙනෙක්. වතුරේ ඉද්දී චිමීට හැමදේම අමතක වෙනවා. පුංචි දෙයක් උනාම වතුරේ ගිලීගෙන හැමදේම අත ඇරලා දාන්න චිමි පුරුදු උනා. ඒත් වතුරෙන් එලියට ආවම ආයෙත් හිටපු අඩන බබාම තමයි.
චිමී වතුර වලින් පුංචි බිංදු හදලා අල්ල උඩ පා කර කර සෙල්ලම් කලා. ඔහොම ඔහොම චිමී ජින්ව නාවන තැනටම සෙල්ලම් කලා. චිමී ලොකු වතුර බෝල හදලා ඒවලින් ජින්ව නෑවුවා. වෙන කාටවත්ම චිමී මේ වැඩේ නොකලේ ජින් එයාට බයින්නෑ කියලා දන්න නිසයි. ජින් කාට බැන්නත් එයාගේ හුරතල් චිමීට වචනයක් කියන්නෑ. චිමි මේ වගේ වැඩ කරද්දී උඩ පැනලා ගුඩ් ජොබ් ගාලා චිමීගේ මූනට ජින් හිනාවක් ගෙනාවා. චිමී නොදැන කලත් ටිකක් කල් යද්දී එයා ජින්ව පාවිච්චි කරලා කරන්නේ හොද දෙයක් නෙවෙයි කියලා චිමී හිතුවා. පුංචි හිතක් තියෙන චිමීට කාටවත් රිද්දන්න බෑ. ඒ නිසාම එයා පුංචි පුංචි වතුර කැටවලින් තනියෙන් සෙල්ලම් කලා. කොච්චර පුහුණු කලත් චිමීට බැරි උනා එයාගේ බලය හොදටම වැඩි දියුනු කරගන්න. හෝසොක්ට ඔනේ උනා චිමීට තනියෙන් තමාවම ආරක්ශා කරගන්න පුලුවන් වෙන තරමේ කෙනෙක් කරන්න. ඒත් චිමීට ඒ දේ කරගන්න බැරි උනා. ඉතින් හැමෝගෙම අවදානේ තිබ්බේ චිමීටයි. මොකද එයාට එයාව තනියෙම බලාගන්න බෑ වගේම චිමි ගොඩාක් සංවේදීයි.
මෙයාලව මේ තරම් පුහුණු කලේ වෝල්තුරීලාගෙන් බේරගන්න විතරක් නෙවෙයි.....
ඩීමන්ගෙනුත් පරිස්සම් වෙන්නයි.
තියෙන ලොකුම භයානකම නපුරුම දේ.
ඩීමන්,
වැම්පයර්ලාටත් වඩා බලවත් කෙනා,
හාෆ් වැම්පයර්ලටත් වඩා ශක්තිමත්,
මේ කෙනා.
........⏳
ජෙමින් චිමි වගේම ජේකේත් ඇකඩමී එකේ නැති වග ජින්වත් හෝසොක්වත් දැනම් හිටියේ නෑ. ජින් හොස්පිටල් එකේ පේශන්ලව බල බල ඉද්දී හෝසොක් සිහියක් නැතුව ජින් ඉන්න තැනට දුවගෙන ආවා.
"තේහෙයොන්... එය..එයා😰..."
"හෝසොක😦... මොනාද දැක්කේ😨...ඉන්න... සංසුන් වෙන්න.. යමු යමු... එන්න මා එක්ක.."
හෝසොක්ව ඉක්මන්ටම ඔෆිස් එකට එක්කන් ගියපු ජින් හෝසොක් දැකපු දේවල් අහගත්තා. හෝසොක් දැක්ක දේවල් අමුතු උනත් මරියා පල්ලියේ ගබඩාවේ පරන ලිද දැක්කා. ජින් එ පමාවට ජේකෙට කෝල් කරලා තේහෙයොන් ඉන්න තැන ගැන කිව්වා වගේම ඒ මොහොතෙම හොස්පිටල් එකෙන් එලියට ආපු ඒ දෙන්නා කැලෑව මැද්දෙන් තප්පරේට නගරෙට ගියා. මේ වෙද්දිත් ජේකේලා හිටියේ මරියා පල්ලිය ඉස්සරහයි.
"මගේ ටෙටේ... මන් එනවා..."
ජේකේලා පල්ලිය ලග තිබ්බ ගහට නගින්න ගත්තා. ගහේ ඉදලා අඩි ගානක් දුර පල්ලියේ කැඩිච්ච ජනේලෙන් ඇතුල්ට පැන්න ජේකේලා එතනම බිම ඉද ගත්තා. හොදට ඇහුන් කන් දුන්නා වටපිටාවට.
.
.
.
.
.
.
.........❗
"ජන්කුකා..... අනේ මට රෙදෙනවා... "
එයාලට ඇහුනා ටෙටේ කෙදිරිගාන කටහඩ. පිස්සුවෙන් වගේ ඒ පැත්තට හැරුනු ජේකේගේ අත තදින් අල්ල ගත්ත ජෙමින්
"එපා.. අපි හදිස්සි වෙලා මොනා හරි උනොත් තේහියුන්ග්ට කරදරයක් වෙයි.. "
ජේකේ ආයෙත් පස්සට වෙලා හොද හුස්මක් ගත්තා. ඒත් හිත එහේ මෙහේ දුවනවා.පල්ලිය ඇතුලේ මේ වෙද්දී හිටියේ අලුත් වැම්පයර් හමුදාවෙන් භාගයයි. මොකද ජේකේ 100යකට වඩා එකපාර උන්ගේ ඔලු ගලෝලා පිච්චුවා. උන්ව විනාස උනු නිසා දැන් ඉන්නේ ඊටත් වඩා අඩු ගානක්.
හිමීට සද්දේ ඇහෙන දිහාවට බිත්ති වලට මුවා වෙවී හැංගි හැංගි ගියපු ජේකේලා ආවේ පල්ලියේ බිම් කොටසේ ගබඩාවකට. පරන පිලිම, වීදුරු කෑලී, රෙදි වලින් වහපු පුටු, මේස හැමතැනම වගේ තිබ්බා.
එක බල්බ් එකක් විතරක් පත්තු උන ඒ ගබඩාව මැද ටේව පුටුවකට තියලා ගැට ගහලා තිබ්බා. කිසිම හීරීමක්වත් වෙලා නැති උනත් ටේගේ සිනිදු අත් පිටිපස්සට කරලා ඇදලා ගෙට ගහලා තිබුනු නිසා අත් රතු පාට වෙලා තිබ්බා. කකුල් දෙක වෙනම පුටු කකුල් වලට ගෙට ගහලා. හමුදාවේ නායකයා ටේගේ බෙල්ල ලග ඉදගෙන අමුතු විදිහට හුස්ම ගන්නවා.
"උබව හොයාගන්න බැරුව උබව ආරක්ශා කරපු කෙනා දැන් පොලොවේ පස් කකා අඩනවා ඇති.. උබේ ලේ බීලා උබව මරලා කැලේට විසික් කරහම ඌට දැනෙයි මගේ වේදනාව.. මම එහෙමත් නතර වෙයි කියලා හිතන්න එපා... මන් නිකන් නෙවේ උබව මරන්නේ හොදටම වද දීලයි... මගේ මල්ලි උබේ ඔම්මවයි අප්පවයි මැරුවා වගේම මාත් උබව මරනවා. ඒත් ඊට වඩා වේදනාවක් උබට දෙනවා. මගේ මල්ලිව මම හදාගත්තේ උබ වගේ වැඩකට නැති මනුස්සයෙක් හින්දා මැරුම් කන්න නෙවේ. උබව මරලා අරූ විදෝන හැටි මම බලන් ඉන්නවා. එතකොටයි මගේ පලිය පලිගැනීමක් වෙන්නේ..හහ්.. දැන් උබ ලෑස්ති වෙයන්..."
ටේගේ ඇගේ තිබ්බේ සිනිදු බැනියම විතරයි. කොට කලිසමක් ඇදන් හිටිය ටේ ගේ සිනිදු බැනියම නියපොතුවලින් ඇදලා ඉරලා ටේගේ සියුමැලී පපුව පුරාම ඒ යක්සයා තුවාල කරන්න ගත්තා.
මේ හැමල්දේම මෙච්චරවෙලා ඉවසගෙන බලන් හිටපු ජේකේට තවත් එයාගේ ටේට මොකුත් කරනවා බලන් ඉන්න බැරි උනා. ජේකේ අත මිට මොලවගෙන බගඩාව ඇතුල්ට ඇදුනා.
.
.
___________________________________________
Hi gyz 💤
බලන්න නයනී.... 😬 දැන් මාව කන්න හදනොනී... 😂 ජේකේ වැඩ්ඩා කියල මතක තියන් ඉන්ට හුදේ...
Enjoy
Ishki 💪
Bạn đang đọc truyện trên: AzTruyen.Top