🥀 නිහඩ වූ ප්‍රේමය

"අන්තිමට ඔයාලා ආවා එහෙනම් 😌 හ්ම්... මම බලාපොරොත්තුවෙන් හිටියේ මගේ හෙවනැල්ලේ අයිතිකාරයාත් එයි කියලා. ඔහ් එයා දැනටමත් අර පොඩි එකාව භුමිදානය කරනවා ඇති "

ලුසිෆර් බොහොම උජාරුවෙන් ඒ දේවල් කියලා දැම්මා. හෙවනැල්ල.. ඒ කියන්නේ සුගාට. සුගාගේ ග්‍රේස් එක නිසයි එහෙම කියන්නේ එහෙම නැත්තන් එකම පුතා නිසා නෙවේ. ලුසිෆර්ට සුගාගෙන් වැඩක් නෑ. ලුසිෆර් කොල්ලෝ පස්දෙනාට මුහුනලා කෙලින්ම හිට ගත්තා. එයාලා හිටියේ හුගාක් ඈතින්, සංවේදී කන් වලින් ලුසිෆර්ගේ කතාව අහන් හිටියා.

ඒත් එක්කම හෝසොක් බිම ඇදගෙන වැටුනා.

" හොබී.... හොබී... "

ජෙමින් හෝසොක් ලග දනගහගනිද්දී හෝසොක්ගේ වෙනස් වෙන මූන දැකපු ජේකේ හෝසොක්ගේ හිත කියෙව්වා.
හෝසොක් පෙරනිමිත්තක් දැකලා. ජේකේගේ ඇස් වල කදුලු පිරුනේ ඒ දැක්ක දේ හොද දෙයක් නෙවේ නිසයි. ඒක කොහෙත්ම හොද දෙයක් නෙවෙයි.
ජේකේට ඒක හොද දෙයක් නොවුනත් ලුසිෆර්ටනම් ඒක හුගාක් හොද දෙයක්. හෝසොකා දැක්ක දේ තේරිලා වගේ ලුසිෆර්,

" අනාගතය අයිති මට විතරයි එහෙම.... නේද..? 😃 ඔය බය උනු මූනු දැක්කම මට හිතා ගන්න පුලුවන්..😏 මේ මුලු ලෝකයම දැනටමත් මට අවනතයි. උබලගේ අවසානය මගේ අතින්ම සිද්ද උනාට පස්සේ මට අණ දෙන්න කවුරුත් නෑ.උබලා හැමෝගෙම අවසානය විතරක් නෙවේ මේ මුලු විශ්වයම මම මගේ අතට ගන්නවා. හ්ම්.... 😏ටෙටේ ඔයාට ගොඩාක් ස්තූතී මට මේ දේවල් ලබාගන්න උදව් කලාට... 😌 ඒ දේ වෙනුවෙන් මම ඔයාගේ ආදරවන්තයව වැඩිය රිද්දන්නේ නැතුව හැමෝගෙම මරනය එයාගේ ඉස්සරහම වෙන්න ඉඩ ඇරලා අන්තිමට මරලා දාන්නම්. එහෙම හොදයි නේද ජේකේ....ඔහ් නෑහ්.. කුකී.... 😃😌"

ජේකේ තදින්ම ඇස් පියා ගත්තා.

......................................................
දේදුන්න හිමීට නැතිවෙලා ගියා, ලා කොලපාට තණකොළ තද දුබුරුපාට වෙලා වේලිලා හුලගත් එක්කම ගහගෙන ගියා.
නිල්පාට මුහුදු රල කලු ගල් වල වැදෙනවත් එක්කම හැම වතුර බිදුවක්ම අහසට වාශ්පවෙලා ගියා. නිල් අහස කලු වලාවකින් වැහෙන්න පටන් ගත්තා.

සෙල්ලම් පිට්ටනිවල දුවන පුංචි ලමයින්ගේ ඇගට පයින විකෘති සත්තු හපා කෑව නිසා ඒ ලමයිනුත් ඒ වගේම විකෘතිකයෝ උනා.
මුලු මිනිස් ලෝකයම ඒ වසන්ගතය එක් ක්ෂනයකින් දැහැ ගත්තා. තවත් මොහොතක් ඇතුලත සම්පූර්න මිනිස් ලෝකයම දූවිල්ලක් වෙලා ගියා.

ලුසිෆර් ආයෙත් එයාගෙම කියලා ලෝකයක් නිමානය කරනවා. ඒක සම්පූර්ණයෙන්ම භයානක අදුරු ලෝකයක්.

අදුරු ආත්මයන් රජ කරන,
ඉර එලියක් අහලකවත් නැති අදුරටම හිමිකම් කියන ලෝකයක්.

අදුර අතරින් පිස්සුවෙන් හිනාවෙන එකම එක කෙනෙක්,

ලෙයින් නෑහැවුනු ආසනයක ආඩම්බරෙන් ඉදන් ඉන්න ලුසිෆර්ගේ කකුල යට හිටියේ සුගා. මුලු ඇගම ලෙයින් නෑවිලා. උගුරුදන්ඩ ලගින්ම කැපුම් පාරක් තිබුනා. සුගා නිකන්ම නිකන් කෙනෙක් විතරක් වෙලා. වැලපීම වේදනාව කදුලු විතරක්ම උරුම වෙලා.
කිරි සුදු පාට අත් තටු කඩලා දාලා. ඒ පිහාටු වල ලේ නෑවිලා හැම තැනම විසිරිලා.
ලුසිෆර්ගේ ආසනය වටේ දැවෙන ගිනිගොඩවල් තිබුනා. අදුරු ආත්මයන් ජින්ගේ,
ජෙමින්ගේ,
නම්ජුන්ගෙ,
හෝසොක්ගේ කදින් වෙන් කරපු බෙල්ල ඒ දැවෙන ගිනි ගොඩට විසික් කරලා දැම්මා. ඒවා අලුවෙලා යන හැටි ජේකේට බලා ඉන්න සිද්ද උනා. ජේකේගේ අත පය බෙල්ල ඉන තදින්ම යකඩ දන්වැල් වලින් බැදලා දාලා තිබුනා.
ජේකේ කෑ ගගහා අඩනවා.
ඒ දරාගන්න බැරි නැතිවීම නිසාම විතරයි. ජේකේට කිසිම වේදනාවක් දැනුනේ නෑ එයාගේ ශරීරයට අදුරු ආත්මයන් තදින්ම පහර දිදී වද දුන්නට.
ඊට වඩා නැතිවීම් ගැනත්, හම්බුනු අවස්තාව නැති කරගත්ත එක ගැන පසු තැවෙන ගමන් තමන්ගේ, සහෝදරයෝ ගිනි ගොඩේ දැවෙද්දී පිච්චෙන හදවත සමාව ඉල්ලුවා.

ඒ අතරේ අදුරු ආත්මයන් ජේකේගේ අතපය කඩලා දැම්මා.
ලුසිෆර් සුගාගේ බෙල්ල පාගගෙන නැගිටලා ජේකේ ලගට ආවේ ගිනි පෙලෙල්කුත් අරගෙනයි. ඒ මූන සම්පූර්ණයෙන්ම දැන් වෙනස්. ටේගේ අහිංසක ඒ මූන ලුසිෆර් හුගාක් වෙනස් කරලා. භයානක නපුරු කිසිම හැගීමක් නැති කෙනෙක් වෙලා. සම්පූර්ණයෙන්ම සාතන් ඒ ශරීරයෙම හිමිකම අරගෙන. ටේගේ ආත්මය සම්පූර්ණයෙන්ම ලුසිෆර්ගේ බලයත් එක්ක යටත් වෙලා ඉවරයි.

ලුසිෆර් කට කොනට හිනාවෙවී ජේකේ ලගට ඇවිදන් ඇවිත් ජේකේගේ කම්බුල් තදින්ම අල්ලගන්නවා. ලුසිෆර්ගේ ඇස්වලින් ජේකේ ටේගේ ආදරය හෙව්වා. දැන් මේ ශරීරය ටේටවත් අයිති නෑ කියලා ජේකේ දන්නවා. ඒත් අන්තිම මොහොතේ හරී ටේගෙන් සමුගන්න වගේම ටේට ආදරෙයි කියන්න ජේකේට ඔනේ උනා. ඒත් ලුසිෆර් ටේව අයිති කරගෙන ඉවරයි. ජේකේ ඒ ඇස් දිහාම ආදරෙන් බලන් හිටියා.

" මේක උබේ අවසානය....😌"

ජේකේගේ බෙල්ල කදින් වෙන් කරපු ලුසිෆර් කෑ ගගහා හිනාවෙවී ජේකේව සම්පූර්ණයෙන්ම දවලා අලු කලා.

................................................

මේ හැමදේම සිද්ද උනේ ජේකේගේ වැරැද්දක් නිසා. පෙරනිමිත්තේ හැටියට ජේකේට ලුසිෆර්ව මරන්න අවස්තාවක් හම්බෙනවා. ඒත් ජේකේ ටේගේ කටහඩ ඉදිරියේ දුර්වලයෙක් වෙනවා.

...................................................

" නෑ නෑ... "

ජේකේ ඇස් ඇරියේ හැමදේම එයා ඉවරයක් කරනවා කියලයි. අනාගතය වෙනස් කරන්න ජේකේට පුලුවන් වෙයි කියලා හිතන්න බෑ.
හෝසොක් ජෙමින්ව තදිනම අල්ල ගත්තා. ඒත් එක වචනයක්වත් කාටවත් කියන්න ගියේ නෑ. පෙරනිමිත්තේ හැටියට හැමෝම මැරෙනවනවා උනත් හෝසොක් දැනම් හිටියා එක තැනකදී හරී මොකක්ම හරී අවස්තාවක් හම්බෙන විත්තිය. මීට කලිනුත් දේවල් වෙනස් උනා.
පෙරනිමිත්ත නිකන්ම නිකන් නිමිත්තක්ම විතරක් කරන්න අවස්තාවක් එනවා.
ඒකට ජේකේට සිද්ද වෙනවා ටේව මරන්න. ලුසිෆර් ටේගේ ඇගේ ඉද්දිම ඒ දේ කරොත් ලුසිෆර්ට තවත් ආත්මයක් නැති වෙනවා. ලුසිෆර්ගේ අවසානය සිද්ද කරන්න පුලුවන් ඒ විදිහටයි.

ජේකේට ලෝකය බේර ගන්නනම් මේ දේ කරන්නම වෙනවා.

' ජේකේ මේ අහන්න... මේක අන්තිම අවස්තාව.. වැටෙන්න එපා... තේහියුන්ගා ඔයා මේ දේ කරනවට ඔයාට කවදාවත් වෛර කරන්නෙ නෑ. හැමෝම වෙනුවෙන් ඔයාට මේ දේ කරන්න වෙනවා....'

හෝසොක් ජේකේට හිතින් කතා කලා. ජේකේ ඇස් වල කදුලු අතරින් හෝසොක්ට හිනා උනා.

ජේකේ හදවතින්ම ටේගේන් සමාව ඉල්ලන්න පටන් ගත්තා.

ජේකේගේ හදවත ගැහෙන වේගේ එන්න එන්නම වැඩිඋනා.

හොද හුස්මක් ගත්ත ජේකේ පූජනීය අසිපත අතමිට මොලවලා තදින්ම පපුවට ලන් කරගත්තා.

බලාපොරොත්තුවක් හිතැතිව නැගිටලා හිටගත්ත හෝසොක් ජෙමින්ගේ අතින් අල්ලගෙන ජේකේගේ ලගින් හිට ගත්තා. නම්ජුන් ජින් ජේකේට ශක්තිය වෙන්න ජේකේගේ උරහිසින් අත තියා ගත්තා.

" ටෙටේ ඔයාගේ ආදරේ මාව දුර්වලයෙක් කරන්නේ නෑ.."

එක පාරටම ජේකේ ගාවින් හිටිය හෝසොක්ව පාවෙලා ලුසිෆර් දිහාවට ඇදිලා යන්න පටන් ගත්තා. හෝසොක්ව මුලුන්ම ඉවරයක් කරන්න ලුසිෆර් ලෑස්ති උනා.
කේන්තියෙන් ජෙමින්ගේ මුලු ඇගම රත්තරන් පාට වෙලා දැවෙන්න පටන් ගත්තා. ලුසිෆර් දිහාවට වේගෙන් ඇදුනු ජෙමින් මහ විශාල ගිනි දලු ලුසිෆර් දිහාවට අත අරින්න පටන් ගත්තා. ජිමින්ගේ බලය දෙගුන වෙලා ඒ අර ඇග දැවටුනු ලෝගුව නිසා.

ජේකේත් ජින් නම්ජුනත් ලුසිෆර් දිහාවට ඇදෙන්න පටන් ගත්තේ ලුසිෆර්ව කොහොම හරි ඉවරයක් කරනවා කියලා හිතාගෙනයි. ඒ වගේම නම්ජුන් ජින් දෙන්නා හිතාගෙන හිටියා කෙනෙක් මැරුනොත් අනිත් කෙනා එයා වෙනුවෙන් ජීවත් වෙනවා කියලා. අවසානය කොහොම එකක් උනත් ලමයි වෙනුවෙන් ජීවත් වෙලා එයාලව ආරක්ශා කරනවා කියන එක එයාලාතදිනම හිතා ගත්තා.

ජින්ගේ වගේම නම්ජුන්ගේ ඇග දැවටිලා තිබුනු ලෝගු වලින් පිටවෙන බලයන් අත් එකතු කරනකොටම.., විශාල බලයක් පිරුනු දැවෙන කඩුවක් විදිහට හැඩ ගැහුනා. පුදුමයත් එක්ක හම්බුනු බලයත් කඩුවත් මිට මොලවගෙන ලුසිෆර් දිහාවට කඩාගෙන පැන්නා. හතරවටින්ම ඒ අය ලුසිෆර්ට පහරදෙන්න පටන් ගත්තා. කඩුවලින් පිටවෙන
ශක්තිය නිසා එයාලට ලුසිෆර්ගේ ඈතින් ඉදගෙන ලුසිෆර් දිහාවට ඒ බලයන්ගෙන් කෙලින්ම පහර දෙන්න විතරයි තිබුනේ.

පහරදීම් සිද්ද උනේ එකටම නිසා ලුසිෆර්ට සිද්ද උනා හෝසොක්ව අත අරින්න.
ලුසිෆර්ගෙන් බේරුලා බිමට කඩාගෙන වැටුනු හෝසොක් ඉක්මන්ට ජින් නම්ජුන් වගේම එයාගේ බලයත් පාවිච්චි කරන්න පටන් ගත්තා.

ලුසිෆර් අමාරුවෙන් පහරදීම වලක්ව ගන්න අතරේ ජේකේ එයා ලගට එන දිහා හිනාවෙවී බලන් හිටියා. ජේකේ තවත් තදින්ම අසිපත අල්ලගත්තේ ලුසිෆර්ගේ හිනාවට එයාව වට්ටන්න දෙන්න නැතුව ශක්තිමත් වෙනගමනුයි.

ලුසිෆර් දිහාවට ඇදෙන අතරේ ජේකේ ටේ එක්ක ගත කරපු හැම මතකයක්ම සිහි කරන්න ගත්තා. ටේගේ හිනාව ජේකේගේ හදවට දුර්වල කරන්න පටන් ගත්තා. ජේකේ ටේගේ හිනාව අතරින් දැක්කේ ටේ අමාරුවෙන් අදුරත් එක්ක පොර බදින හැටීයි.
ලුසිෆර් එයාව මේ විදිහට හිර කරෙගෙන ඉද්දී වේදනාව නිසා විදවනවා ජේකේට මැවිලා පෙවුනා.
ටේ තවත් වේදනා විදිනවට වඩා හෙවන් වලට යන එක ටේට සැපතක් වෙයි කියලා ජේකේ තදින්ට හිතා ගත්තා. එහෙදී ටේ ජේකේ ගැන ආඩම්බර වෙයි. අන්තිමේදී ඒ දෙන්නට එකට අත් අල්ලගන්න පුලුවන් වෙයි කියලා හිතුනු ජේකේගේ ඇස් වල කදුලු උණුසිම්ව කම්බුල් දිගේ ගලාගෙන ගියා.

ලුසිෆර්ට ලන් වෙනවත් එක්කම ලුසිෆර් පොලවෙන් ඈත් වෙලා අහස දිහාව ඇදුනා.
ලුසිෆර්ගේ අත් තටු වලින් විහිදෙන අදුරු වලාවන් කෙලින්ම ජින් දිහාවට ඇදිලා ගියා. එත් එක්කම ලුසිෆර්ට පහර දෙන එක නවත්තපු නම්ජුන් ජින්ගේ ඉස්සරහට පැන්නා.
කලු වලාව දරාගන්න බැරි ලොකු බලය ඇගේ වැදෙනවත් එක්කම ඈතට විසික් වෙලා ගියපු නම්ජුන් බිම දිගේ පෙරලිලා ගලක වැදිලා නතර උනා.

නම්ජුන් හෙල්ලෙන්නෙවත් නෑ.

නම්ජුන්ගේ ඇග දැවටුන ලෝගුව නම්ජුන්ගේ ඇගෙන් අතුරුදහන් උනා.

ලුසිෆර්ට පහර දෙන ගමන් ජින් මහ හයියෙන් අඩන්න ගත්තා.

" නම්ජුනා...😰 අනේ නැගිටින්න... නම්ජුනා.....😭 මන් ලගට එන්න.... ඔයාට මොකුත් උනේ නෑ... අනේ මගේ පන....😭"

ජින්ට නම්ජුන් දිහා බලන්නවත් බැරිඋනා. ලුසිෆර්ට පහර දෙන එක නැවත්තුවොත් ජේකේගේ අවසානය.

කොමද ජින් එහෙම දරා ගන්නේ.
පපුව පිච්චෙනවා.
ඒ වේදනාවත් එක්කම ඒ කේන්තිය නිසාම ජින් යටිගිරියෙන් කෑ ගහගෙන ලුසිෆර්ට පහර දුන්නා. ජින්ගෙන් පිට උනු බලය දෙගුන වෙලා ලුසිර්ට තවත් ඒ පහදීම් වලින් ආරක්ශා වෙලා ඉන්න බැරි තැනටම පත් කලා.

ජේකේට ලුසිෆර්ව ලගට ගෙන්න ගන්න සිද්ද වෙනවා ලුසිෆර්ව සම්පූර්ණයෙන්ම ඉවරයක් කරන්න නම්.
ජෙමින් හෝසොක් ජින් තුන් පැත්තකට බෙදිලා ලුසිෆර්ට දිගින් දිගටම පහර දුන්නා. ලුසිෆර් එන්න එන්නම පොලව දිහාට ඇදෙන්න ගත්තා පහර දීම නිසා.

තවත් බලා නොයිදපු ලුසිෆර් දෑත් විහිදලා එයාගේ බලය පෙන්නන්න පටන් ගත්තා.
මුලු ඇගම කලු වලාවකින් වැහිලා ගියා. ලුසිෆර් ඉන්නවද කියලවත් නොපෙනන තරම් විශාල කලු වලාවක් ඇති උනා. ඒත් ජින් වගේම හෝසොක්, ජෙමින්නුත් එක දිගටම නොනවත්වා පහර දුන්නා.
කොහෙන්දෝ ආපු කලු වලාවන් ජේකේවත් සම්පූර්ණයෙන්ම ගිලගත්තා. ජේකේගේ අතින් අසිපත බිමට වැටුනා. ජේකේට අදුර නිසා ඒක හොයා ගන්න බැරි උනා. ජේකේට හෙල්ලෙන්නවත් බැරි උනා ඒ අදුර නිසා. ජේකේගේ වටේට මතු උනු කලු වලාවන් ජේකේට කිසිම දෙයක් පේන්නේ නැති කලා.

එකපාරටම ජින්ගේ පිටිපස්සෙන් බෙල්ල තදින්ම අල්ල ගත්ත ලුසිෆර් ජින්ගේ කනට ලන් වෙලා

" බලන් හිටියේ කොයි වෙලේද එයා ලගට යන්නේ කියලා නේද... "

ජින්ගේ බෙල්ල තදින්ම අල්ලලා ඇදලා දාන්න යද්දිම ලුසිෆර්ගේ පියාපත් හෝසොක් කපාලා දැම්මා. බිමට වැටුනු අත් තටු තප්පරයක් තුලදී ජෙමින් පුච්චලා අලු කලා.

වේදනාවෙන් කෑ ගහපු ලුසිෆර් ආවේගයත් එක්කම දෑත් වලින් විහිදුනු බලය ජින් හරහා යවන ගමන් ජින්වත් නම්ජුන් දිහාවට හයියෙන් විසික් කරලා දැම්මා.
ලුසිෆර්ගේ ඇස් කහපාටින් දිලිසෙන්න පටන් ගත්තා. කේන්තියෙන් දැවෙන ඇස් කෑ ගහගෙන පිටිපස්සට හැරිලා පැනපු ගමන් හෝසොක්ගෙත් ජෙමින්ගෙත් බෙල්ලෙන් අල්ල ගත්ත. ක්ෂනිකව සිද්ද උන ඒ දේ එයාලව පුදුම කලා.
කේන්තිය නිසා ලුසිෆර් මාරයෙක් වුනා. තවත් බලා නොයිද කෑ ගහගෙන ඒ දෙන්නව උස්සලා පොලේ ගැහුවා. දෙන්නගෙම බෙල්ල තදිනම පොලවට තද කරද්දී ජෙමින්ගෙත් හෝසොක්ගෙත් ලෝගු ඇගෙන් අතුරු දහන් උනා.

අන්තිම මොහොත එකටම යන්න වෙලා,
හෝසොක් ජෙමින් අමාරුවෙන් එයාලගේ අත් එකට අල්ල ගත්තා. අවසාන මොහොතේ ඒ දෙන්නට ඒ දෙන්නා දිහා බලන්න වෙන්නෙ නැති වෙන එක ගැන එයාලට දුකක් නෑ,
දෙන්නම අත් තදින්ම අල්ලගෙන ඇස් පියා ගත්තා.

ජෙමින්ගෙත් හෝසොක්ගෙත් අවසාන මොහොත ලන්වෙලා ලුසිෆර් පිස්සෙක් වගේ හිනා උනා. එයාට අන්තිමේදී හැමෝගෙම ජීවිත ඉවරයක් කරලා දාන්න පුලුවන් උනා.
තවත් බලා නොයිද ඒ දෙන්නගේ බෙල්ල තදකරගෙන උඩට ඇද්දා.

ලුසිෆර්ට ඒ දෙන්නගේ බෙල්ල කඩලා දන්න හම්බුනේ නෑ. ඒ මොහොතෙම කොහෙන්දෝ ආපු ලොකු ශක්තිමත් බලයක් නිසා ලුසිෆර්ව පිටිපස්සට විසික් වෙලා ගියා.

ජේකේව වටකරලා තිබුනු කලු වලාව එකපාරටම අතුරුදහන් වෙද්දී ලුසිෆර් ඉදිරියෙ හිටන් හිටපු කෙනා දැකලා ජේකේ පුදුමෙන් ඇස් ලොකු කරගෙන තවත් බලා නොයිද අසිපත හොයන්න ගත්තා.

______________________________________

Hi gyz 🤗

මියානෙ...!!!!
🤧

තාම කතාව ඉවර උනේ නෑ.. එක බලාපොරොත්තුවක් තියෙනවා.... 😵


Enjoy 🤧
Ishki_

Bạn đang đọc truyện trên: AzTruyen.Top