🥀 දැවෙන කඩුව

ජින්ගේ පණිවිඩය හැටියට ජේකේ ජින්ලා ඉන්න තැනට ගියා. හරියටම උතුරු කදුකරේ. හිමවලින් සම්පූර්ණයෙන්ම යටවෙච්ච පැත්තක්.

චිමිව පැහැරගෙන එන්න කිව්වෙත් මේ උතුරු කදුකරයටමයි. මේ වෙද්දී හන්ට වගේම වෘක නායකයත් හිටියේ කන්ද මුදුනට වෙන්න වගේ යට උනු පතලක. වෘකයන්ට කිසිම සීතලක් දැනෙන්නේ නෑනේ. උන්ට හිම වල නිදා ගත්තත් සීතල දැනෙන්නේ නෑ. මොකද ඒ තරමටම එයාලා හරිම උණුසිම්.

වෘක නායකයා එයාගේ පැක් එකේ අය එනකල් පතල පටන් ගන්න තැන ලී කොටයක් උඩට වෙලා කකුලක් පිට කකුලක් දාගෙන ඉද්දී මේ සීතල තවත් ඉවසන් ඉන්න බැරි හන්ට කටිනුයි නහයෙනුයි සීතලට දුම් දදා ගිනි උදුන ලගට වෙලා හිටියා. කෝච්චර ගින්දර තිබ්බත් සීතල අඩු උනේ නෑ. කුණාටුවක් එන්න වගෙයි. කදු මුදුනට කුණාටු එනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. වෘකයන්ට ඒක සාමන්‍ය දෙයක් මිනිස්සුන්ට ඒක දරා ගන්න අමාරුයි. මේ සීතල නිසාම මිනිස්සු මේ කදුකරයේ ගෙවල් හදා ගත්තෙත් නෑ. මොකද මිනිස්සු සීතල නිසාම මැරෙනවා.

ජින් වගේම හෝසොකත් මේ වෙද්දී හිටියේ එයාලා දිහා ඇහැ ගහගෙන ලගම තිබ්බ කැලේ අස්සෙයි. ජින්ටත් හෝසොකාටත් මේ සීතල කොහෙත්ම දැනුනේ නෑ. පලිගු වගේ ශක්තිමත් හමට සීතල දැනෙන්නේ නෑ.

මොහොතක් ඇතුලත ජේකේ ජෙමින් වගේම අනිත් කට්ටියත් ජින්ලා ඉන්න තැනට ආවා. කිසිම සද්දයක් නැතුව කැලේ ඇතුලේදී එකතු උනු කට්ටිය ගොඩාක් ප්‍රවේසමෙන් සංඥා මාර්ගෙන් අදහස් හුවමාරු කලා. කිසිම සද්දයක් නොකර එයාලා හැමදේම හොදින් තේරුම් ගත්තා. වෘක නායකයාඑයාගේ පැක් එකේ අයවයි දැන් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒකම අවියක් කරගත්ත ජින් සැලසුම් කලා තනියෙම ඉන්න වෘක නායකයාවත් හන්ටවත් අල්ල ගන්න.

හන්ට වගේම වෘක නායකයා එයාලාගේ කට්ටියව බලාපොරොත්තුවෙන් අත් බැදගෙන ආඩම්බරෙන් ඉන්නවා. වෘක නායකයා කල්පනා කලේ ජින්ව අල්ල ගත්තම වෝල්තුරීලාව අල්ල ගන්න ක්‍රමයක්. ජින් කියන්නේ හොද මොලකාරයෙක් වග වෘක නායකයා දැනගෙන හිටියා. ජින්ගේ පොඩි කොල්ලව අල්ල ගත්තම ජින් පොඩි එකාව බේරගන්න වෝල්තුරීලාව අල්ල ගන්න ක්‍රමයක් හදලා දෙයි කියලා වෘක නායකයා හිතුවා.

ඒ වගේම ඊට පස්සේ වැඩකට නැති මෝඩ හන්ටවත් මරලා දාන්න හිතුවා. මොකද එයාගෙන් කිසිම වැඩක් නැති නිසා. ජිමින්ව අල්ලගෙන ආවට පස්සේ ගිනි මැල සාදයක් දාලා එතනදී හන්ටව මරන්න වෘක නායකයා සැලසුම් කලා. හොද කෑමක් හිටන් හිතේ මවා ගත්තා. සුපිරි සාදයක් මවා ගත්තා. එයා දැන් නටනවා. ලස්සන කෙල්ලෙක් එක්ක. ඒ කෙල්ලව ඇදගෙන ගිහින් ඔන ඔන විදිහටත් ජරා විදිහටත් ඒ කෙල්ලව අල්ලලා සතුටු වෙනවා. කෙල්ලව සම්පූර්ණයෙන්ම නිරුවත් කරනවා.

සර ... සර...🍂
කොල පෑගෙන සද්දයක් ඇහුනා. වෘක නායකයා ඇස් පියාගෙන තවත් අර කෙල්ල එක්ක හීන බැලුවා. වෘක නායකයා ජිමින්ව ඇදගෙන එන එයාගේ ගෝලයො දිහා නොබලම ආඩම්බරෙන් විසිල් පිබින්නත් ගත්තා. සින්දුවක තාලේට විසිල් ගගහා කෙල්ලෙක් එක්ක ඉන්න හීනය දිගටම බැලුවා. ලගටම ආපු කෙනෙක් බෙල්ලට මොකක් හරි තිබ්බා. නායකයා ඇස් ඇරලා බැලුවා. ඔහ් නෑහ් ඒ ඉන්නේ පැක් එකේ අය නෙවෙයි. ඒ ඉන්නේ ජින්ගේ කට්ටිය.
බෙල්ලට තියන් ඉන්නේ කඩුවක්.

"සද්දකරන්න එපා. කොහෙද අර හන්ට ඉන්නේ...🤨"

ඒහෙම ඇහුවේ හෝසොක්.
නායකයගේ බෙල්ලට කඩුවක් තියන් හිටියෙත් හෝසොක්මයි. වෘක නායකයා ඇස් ලොකුකරගෙන හෝසොක් දිහා බලන් හිටියා.

"උබ...උබලා... 🤬 කෝ යකෝ... ම.."
"හා හා හා... තමුසෙට මම කිව්වා.."

වෘක නායකයා කෑ ගහද්දී තවත් බෙල්ලට කඩුව තද කරලා හෝසොක් තරහින් කෑ ගැහුවා. හෝසොක්ගෙන් කඩුව ඇදලා ගත්ත ජෙමින් වෘක නායකයාගේ බෙල්ලෙන් අල්ලා උඩට ඉස්සුවා. කකුල් බිමවත් ගෑවෙන්නේ නැති තරමට නායකයාව උඩට ඉස්සුවා. ජෙමින්ගේ ශක්තිමත් අත් අතරේ හිර උනු නායකයගේ බෙල්ලා හොදටම හිර උනා. කොච්චර දැගලුවත් ඌට බැරි උනා ජෙමින්ගේ ශක්තිමත් අතින් බේරෙන්න. අත ගලෝලා අයින් කරන්න හැදුවත් එයාට ඒක කරගන්න බැරි උනා. වෘක නායකයා එතකොටයි තේරුම් ගත්තේ මේ ඉන්නේ හාෆ් වැම්පයර් කෙනෙක් කියලා. කියාගන්නත් බැරි තරම් ශක්තියක්නේ ජෙමින්ට තිබ්නේ. වෘක නායකයා මැරෙන්න ඔන්න මෙන්න. හුස්මත් හොදටම හිරවෙලා.

"ජෙමින්..."

හෝසොක් ජෙමින්ගේ කරට අත තිබ්බා. ජෙමින් හෝසොක් දිහා බලලා නායකයව අත ඇරියා. නැත්තන් ඉතින් අරයා පරලොව මෙලහකට. දඩබඩාන් ගාගෙන බිමට ඇදගෙන වැටෙද්දී නායකයා වෙස් පෙරලගන්න යද්දිම එයාගේ බෙල්ලට දන්වැලක් දාලා තදකලා. ඒත් වෙස්පෙරල ගත්ත නිසා දන්වැල කැඩිලා ගියා. මේ සද්දේ ඇහිලා හන්ට තඩි කභායක් පෙරෝගෙන සීතලේ ගැහි ගැහි එයාගේ අප්පගේ හැරමිටියත් අරෙගන එලියට යන්න ගියා.

කලු වෘක නායකයා ජෙමින්ගේ ඉස්සරහා ඉදගෙන ගොරවන්න ගත්තා. මුලු පලාතම ඒ ගෙරවිල්ලට ඔලුව නැවුවා.

ජින්ව පිටිපස්සට කරලා ඉස්සරහට පැන්න ජේකේ ජෙමින් එක්ක වෘක නායකයාව මෙල්ල කරගන්න හැදුවා. හෝසොක් ජෙමින්ට කෑ ගැහුවා ඌ ගොඩාක් භයානකයි කියලා. ජෙමින් හෝසොක්ව ගන්න කියලා ජින්ට කෑ ගැහුවා. කඩුව විසික් කරපු ජෙමින් ලෑස්ති උනේ ඌ එක්ක පොර බදින්නයි.

මේ වෙනකොට ජින්ගේ යාලුවොත් වෘක නායකයාව වට කරගත්තා. මිනිස් ආශ්‍රයේ හිටපු ජින්ගේ යාලුවන්ට දැන් දැන් සටන් කරන විදිහත් අමතකයි වගේ. ඒත් වෘක නායකයාව මට්ටු කරගන්න එයාලා උදව් කලේ කිසිම බයක් නෙපෙන්නන ගමනුයි. හැමෝම දන්වැල් අතේ තියන් හිටියා. එකින් එක දඩාර වෘක නායකයාගේ ඇගවටේ පැටලෙන විදිහට විසික් කලා. ඒත් වැඩක් උනේනම් නෑ ඌ ඒවා ඔක්කොම හරිම ලේසියෙන් කඩලා දැම්මා. ජෙමින් දිහාවටම පැන්න නායකයා. මහා හයියෙන් ගොරවන්න ගත්තා.

ඒතකොටම හන්ටත් එලියට ආවා. හන්ටව දැක්ක හෝසොක් ජින්ව එහාට කරලා ඒ දිහාවට ගියා. හන්ට එලියේ වෙන දේ දුර තියාම දැක්ක නිසා එයාගේ හැරමිටියේ කොපුව ගලවලා ඇතුලේ තිබ්බ විස කඩුව එලියට ඇදලා ගත්තා. පරණ කතා වලට අනුව රෙඩ් ජෝන්ගේ කඩුව හදලා තියෙන්නේ ලෝදිය පොකුනෙන්. ඒ කඩුව කාටවත් අල්ලන්න බෑ. රත්තරන් පාට ඒ කඩුව ලග ඉන්න කෙනෙක්ටත් ඒ රස්නය දරා ගන්න බෑ. දැවෙන කඩුව කියලයි ඒ කඩුව හැදින්නුවේ. හෝසොක් ඒ කඩුව දැක්ක ගමන් එතනම නතර උනා. ඒ කඩුවෙන් වැම්පයර්ලාගේ බෙල්ල එකපාරින්ම කඩලා දාන්න පුලුවන්. ආයි එක්වීමක් නෑ.

හෝසොක් පිටිපස්ස හැරිලා එයාගේ පුංචි පවුල දිහා බැලුවා. ජෙමින් ජේකේ වෘක නායකයා එක්ක පොරබදිනවා. ඒ වගේම ජින්ගේ යාලුවෝ වෘක නායකයාව මෙල්ල කරගන්න දන්වැල් වලින් ඌව අල්ල ගන්න හදනවා. කිසිදෙයක් හිතාගන්න බැරි ජින් ජේකේ ජෙමින් දිහාත් හෝසොක් දිහාත් මාරුවෙන් මාරුවට බල බල කෑ ගහනවා. එයාට තේරෙන්නෑ එයා කාවද බේර ගන්න ඔනේ කියලා. එක අතකින් එයාගේ කොල්ලෝ දෙන්නා අනික් අතින් හොදම යාලුවා.

හෝසොක් ආයෙත් හන්ට දිහා බැලුවා. හන්ටගේ ඇස් වල තියෙන්නේ විනාස කරනවා කියන හැගීම විතරමයි. හන්ටට ඔනේ උනේ හැමෝවම පනපිටින් අල්ල ගන්නයි. බලාපොරොත්තු නොවුනු දෙයක් සිද්ද වෙලා. එයාට දැන් වෝල්තුරීලාව අල්ල ගන්න විදිහක් නෑ. එයාට තිබ්බ එකම මග වෘක නායකයා. එයාවත් දැන් අල්ල ගන්න ඔන්න මෙන්න. හන්ටට තේරුනා එයාට තමයිදැන් ඔක්කොම කරගන්න වෙන්නේ කියලා. පැත්තකට වෙලා අත් දෙක බැදගෙන ඉන්න හැදුවට හන්ටට දැන් වැඩේට බහින්න වෙලා. තාත්තගේ සටන් ක්‍රමත් කඩුවේ මාරන්තික බවත් මතක් කරගත්ත හන්ට කට කොනට හිනාඋනා.

රෙඩ් ජෝන්ට ඔනේ උනෙත් මේකමයි. වැම්පයර් පවුල් වගේම වෝල්තුරීලාගෙත් අවසානය. මිනිස්සු විතරක් ජීවත් වෙන ලෝකයක් රෙඩ් ජෝන් දැක්කේ.
කුරිරු විදිහට වැම්පයර්වරුන්ව මරලා දැම්මා. රෙඩ් ජෝන් මුලින්ම මැරුවේ හුගාක් අහිංසක මිනිස්සුන්ගෙත් හිත දිනා ගත්ත වැම්පයර්වරුන්වයි.

කිසිම් වැරැද්දක් නැති එයාලා ගැන රෙඩ් ජෝන් මවා ගත්තේ එයාලගේ ලෝකෙට අයිති නැති සත්තු කොටසක් විදිහටයි. ජාන විකුර්ත් වෙච්ච සත්තු විදිහටයි වැම්පයර්ල ගැන මිනිස්සුන්ගේ හිත්වල විස පිරෙව්වා. මිනිස්සුන්වත් එකතු කර
ගත්ත රෙඩ් ජෝන් එදා ලොකු විප්ලවයක් කලා.

මිනිස්සුන්ව මරන්නෙ නැති ලේ බෑන්ක්වලින් අවශ්‍ය කරන ලේ ගත්ත වැම්පයර්වරුන්ව කපටි කමින් අල්ල ගත්ත රෙඩ් ජෝන් එයාලව මැරුවේ එයාලගෙම ගෙවල් ඇතුලෙම තියලා ගිනිතියලයි. මිනිස්සුන්ට කිසිම විදිහකින් කරදරයක් නොකරපු ඒ වැම්පයර්ලා තමන්ගේ පවුලත් එක්කම මැරිලා ගියා. එයාලව මරන්න හැදුවත් එයාලට ඔනේ උනේ නෑ මිනිස්සුන්ව මරන්න.

රෙඩ් ජෝන් නිසාම වැම්පයර්ලා ගොඩාක් විනාස උනා. ඒ අතරින් ඉතුරු උනු කිප දෙනෙක් අද ජීවත් වෙනවා. රෙඩ් ජෝන්ගේ ක්‍රියාකලාපය නිසා තවත් බලා නොහිටපු බිග් බ්‍රදර් ඇතුලු හෝසොක් සහෝදරයෝ රෙඩ් ජෝන්ව අල්ල ගත්තා.

එකපාරින්ම විනාශ කරලා දැම්මා,
රෙඩ් ජෝන්ව වගේම එයාට සහය දුන්නු හැම අමනුස්සයෙක්වම. මිනිස්සුන්ට මේවගේ අහිංසකයෙක්ව මරන්න පුලුවන්ද. එහෙනම් ඒ අමනුස්සයෙක්මයි. එයාලට විතරද මේ ලෝකේ අයිති.

මිනිස්සුන්ට ඔනෙ වෙලාවට සත්තුන්ව රංචු පිටින් මරනවා. ගස් කපලා පාරවල් හදනවා. ජින් කියන්නේ සත්තු මරන කෙනෙක් උනත්. අද හෙටම මැරෙන්න ඉන්න වයසකම සතාවයි එයා දඩයම් කරන්නේ. මේ වගේ අයට මේ ලෝකේ අයිති නැති වගත් සත්තු රංචිපිටින් මරලා මුලු කැලෑවම කාන්තාරයක් කරන මිනිස්සුන්ට තමයි මේ ලෝකය අයිති යන්න රෙඩ් ජෝන් වගේ හන්ටලා හිතුවා. අන්තිමට රෙඩ් ජෝන් කියන අමුනුස්සයා මැරුම් කෑවා. මිනිස්සුන්ගේ හිත් වලින් වැම්පයර්ලා ඉන්න වගත් නති කරලා දැම්මා. හන්ටර්ලා බිහිවෙන එකටත් වග බලා ගත්තා. වෝල්තුරී සහෝදරයෝ ඉතුරු හැම වැම්පයර් කෙනෙක්වම ආරක්ශා කලා. හමදාටම නෙවේ. හැම හන්ට කෙනෙක්වම විනාශ කරනකල් විතරටි. එයාලා ඔක්කොවම විනාශ කරලා දාලා වෝල්තුරීලා එයාලගේ නීතී අලුත් කලා. මිනිස්සු එක්ක ඉන්න එක තහනම් කලා. තනියෙම ජීවත් වෙන්න කිව්වා. මිනිස්සුන්ගෙන් තමන් කවුද යනවග හංගන් ඉන්න කිව්වා. මිනිස්සු එක්ක කිසිම සම්බන්දතාවක් තියා ගන්න එපා කියලා නීතීයක් ගෙනාවා.

රෙඩ් ජෝන් මැරුනත් ඉතුරු උනා එයාගේ පුතා. රෙඩ් ජෝන් ඒ වෙද්දී එයාගේ පුතාට හැමෆ්හේම ඉගැන්නුවා. අවුරුදු7ක් උනත් රෙඩ් ජෝන්ගේපුතා හොද සටන් කාරයෙක් උනා. රෙඩ් ජෝන් මැරුනම තනියෙම සටන් ක්‍රම පුරුදු උනා. ලෝකේ වටේම ගිහින් හැම සටන් ක්‍රමයක්ම ප්‍රගුන කලා. වැම්පයර්ලාව විනාස කරන්න පුලුවන් හැම විදිහක්ම එයා ඉගෙන ගත්තා.
දැන් ඒ වෙලාව උදා වෙලා. හන්ටගේ ඉස්සරහා ඉන්නේ එයාට අවශම කරන වැම්පයර්ලයි.

හෝසොක් එයාගේ අත මිට මොලව්වේ හන්ට එක්ක සටන් කරන්නයි. හන්ට එයාගේ කඩුව අමෝරාගෙන හෝසොක් දිහාවට දුවගෙන ආවා. එක පහරයි.

"නෑ නෑ.... හෝසොකා..... ඔහ් නෑ....😰"

_______________________________________

Hi gys 🐽

🤒 කියන්න ගොඩාක් දේවල් තීනවා. කමක් නෑ කමේන්ට් වලින් මාව මරන්න 🤒

Enjoy 🤷

Ishki 🐒

Bạn đang đọc truyện trên: AzTruyen.Top