🥀 තණ්හාව
ලුසිෆර්ගේ ඇස් විමතියෙන් විමතියටම පත් උනේ සුගාගේ යටපත් උන ඒන්ජල් සම්පූර්ණයෙන්ම සුගා ආයෙමත් උඩට අරගෙන තියෙන හැටි දැකලයි. හැමදේම තිබුනු තත්වෙටම පත්වෙන්න මහ කාලයක් ගියේ නෑ. ගිනිබත් උනු ජින්ගේ ගෙදර තත්පරයකටත් වඩා අඩු කාලයකින් තිබුනු තත්වෙටම පත් උනා.
සුගාගේ පැමීනීම නිසා ලුසිෆර්ට කරකියා ගන්න දෙයක් නැති උනා. මෙතනින් පැන ගන්න එක ලුසිෆර්ගේ හිතේ තදින්ම වැදුනා. ඒත් දන්වැලකින් බැද දාලා වගේ ලුසිෆර්ට හෙල්ලෙන්නවත් බැරි උනා. පොලවෙන් ඇද ගත්ත වැල් ටේගේ ශරීරය තදින්ම අල්ලගෙන.
ඒ වෙලාවෙ නම්ජුන් වගේම අනිත් අයත් එතනට ආවා.
..................🕠...................
ජැක්සන් ජේකේව අරන් ආපු වෙලාවේ නම්ජුන් ජේකේගේ මනස සම්පූර්ණයෙන්ම දැක්කා. ටේගේ හැසීරීම වගේම ටේ අමුතු භාශාවකින් ජේකේගේ කනට කොදුරන හැම දෙයක්ම නම්ජුන්ට ජේකේගේ මනසෙන් දැක ගන්න වගේම අහගන්න පුලුවන් උනා. ඒ ක්ෂනයෙන්ම හැමදේම නම්ජුන්ගේ මාර්ගයෙන් සුගා දැන ගත්තා. ජේකේ හිටියේ අන්ත අසරනව. ඒ ශරීරය පන නෑ.
ලුසිෆර් එයාට ලොකු බන්දනයක් කරලා. මේ හැමදේම සුගාට තේරුම් ගියේ ටේගේ හැසිරීම් ගැන නම්ජුන් සැක පල කරනකොටයි.
සුගා දැන ගත්තා ඒ දේවල් කියද්දිම මේ ඉන්නේ සාතන් කියලා. සුගා තවල් කල් ගන්නැතුව එවෙලෙම එතනින් අතුරුදහන් උනා. සුගාගේ අතුරුදහන් වීමත් එක්ක නම්ජුන් ජින් වගේම අනිත් අයත් එක්ක ටේ ඉන්න තැනක් හොයාගෙන යන්න ගියා. ටේගේ ඉව අනුව නම්ජුන්ලා ගෙදරට ආවා.
...........................🕠....................
" මගේ ටෙටේට ඉන්න දෙනවා.... 😠"
ජේකේ කෑ ගහගෙන ඉස්සරහට පැන්නා. ඒත් එකපාරටම ජේකේ සිහිය නැතිව බිමට ඇදගෙන වැටුනා. ජින් බය වෙලා දුවගෙන ගිහින් බිම දනගහගෙන ජේකේව පපුවට කරගෙන ජේකේට සිහිය ගන්න හැදුවා.
එතකොටයි ජින් දැක්කේ ජේකේ හොදට හුස්ම ගන්නවා වගේම ජේකේ හිටියටත් වඩා සාමන්‍ය වෙන්න ගන්නවා කියලා. ඒක දැකපු ජින්ට තේරුනා ජේකේට ලුසිෆර් කරලා තිබ්බ මායාව සම්පූර්ණයෙන්ම ජේකේ ඇගෙන් අයින් වෙලා කියලා. ජේකේ යතාතත්වෙට පත්වෙනවා. ඒ සුගා නිසයි කියලා හැමෝම දන්නවා.
නම්ජුනයි චිමීයි ජින් ලගින් දනගහගෙන ජේකේට කොහොමද කියලා බලන්න ගත්තා. ජේකේ ලග එයාලා එහෙම ඉද්දී හෝසොක් ජෙමින් සුගාගේ පස්සෙන් හිටියා.
ලුසිෆර් උපරිම වෙහෙසක් දැරුවා එතනින් පැන ගන්න. ඒත් ලුසිෆර්ව තදින්ම බැද දාලා. ඒවායින් ගැලවෙන්න ලුසිෆර්ට බෑ. මායාවක් එක්ක එතුනු භාහිර ශක්තීන් නිසා එක ට්ගේ බලට කිසිම ආකාරකින් ප්‍රශ්නයක් උනේ නෑ. භාහිර දේවල් වලින් ට්ගේ ශරීරයට හානී කරන්න පුලුව.
ලුසිෆර් එයාගේ උපරිම ශක්තිය පාවිච්චි කරන්න පටන් ගත්තා. සුගා දැන් බලවටත්. ඉතින් ලුසිෆර්ට ඒ බලයත් එක්ක ටිකක් හෙල්ලෙන්න අමාරු උනස්. සුගා උනත් තාම එයාගේ ඒන්ජල් පවර් එක හරියට පාවිච්චි කරන්න දැනම් හිටියේ නෑ. ඉතින් ලුසිෆර් එකපාරටම එයාගේ ඇගෙන් ලොකු එනජිඑකක් පිට කලා. ඒ පිට උනේ සම්පූර්ණයෙන්ම ටේගේ ශරීරයේ ශක්තිය.
ටේගේ ශරීරය ඇතුල් වෙන්න කලින් ටේගේ ශරීරය ලුසිෆර් ලෙඩ කෙරෙව්වා. ඉතින් ටේගේ ශරීරයට දැන් නිකන් හරි නැගිටලා ඉන්න ශක්තියක් නෑ. ඒ ලෙඩේ නිසා.
ඒත් ලුසිෆර්ගේ පවර් එක නිසා ටේගේ ශරීරයට පැවැත්මක් ලැබුනා. ඒත් ලුසිෆර් ටේගේ ඇගෙන් අයින් උනොත් ටේගේ අවසානය. ටේ සටන් කලේ මොලේ පිලිකාවක් එක්ක. ඉතින් ලුසිෆර්ගේ එනජි එකෙන් පැවැත්මක් ඇතිකරගෙන තියෙන ටේගේ ශරීරය ලුසිෆර් අයින් වෙනවත් එක්කම මලකදක් වීමේ හැකියාව වැඩී. මේගැන සුගා හොදින් දැනම් හිටියා. ඒත් ටේගේ ශරීරයේ ලුසිෆර් ඉන්නවා කියන්නේ තව දුරටත් ලෝකයම අනතුරේ.
මේ මොහොතේ ලුසිෆර් කරපු දෙයින් ටේගේ මනසේ හිර කරපු ටේගේ ආත්මයට ලොකු බලපෑමක් එල්ල උනා. ටේගේ ආත්මය සම්පූර්ණයෙන්ම අදුරකින් වැහිලා යන්න පටන් ගත්තා. ලුසිෆර් ටේගේ ශරීරයේ ශක්තිය හීන කලා වගේම ටේගේ අත්මයත් නැති කරගන්නයි යන්නේ මෙතනින් ගැලවෙන්න ඔන නිසාම. සුගාට තවත් ලුසිෆර්ව අල්ලන් ඉන්න බැරි උනා. මොකද ලුසිෆර් ටේගේ ශරීරයට වද දෙනවා. ටේව බේර ගන්න තියෙන අවස්තාවත් නැති වෙන ඉඩකඩ වැඩී නිසා සුගා ලුසිෆර්ව අත ඇරියා.
" අප්පා... ඔය ශරීරය අත අරින්න... මට පුලුවන් ඔයාට උදව් කරන්න.. ඒ නිසා ඔය ශරීරය අත අරින්න.."
" අ...හ්... උබ... උබ... හිතනවද උබේ.. බොරු වලට මන් අහු වෙයි කියලා... ඒක එහෙනම් වැරදී...😏 උබට පුලුවන් උනා උබේ අප්පාට මේ වගේ දෙයක් කරන්න. කවදාවත් නෑ... 🤨මම මේ වස්තුව අත අරින්නේ නෑ.."
" ඔය ශරීරය අත ඇරියේ නැත්තන් පසුතැවෙන්න වෙවී.."
"ඔහ් හෝ... මේ මන් පසුතැවෙන්න... 😏 උබ හරියට උබේ පවර් එක පාවිච්චි කරන්නවත් දන්නේ නෑ...ඒකනේ මාව අත ඇරියේ... මගේ පවර් එකත් එක්ක උබට බෑ තාමත් හැප්පෙන්න.."
" ඒක වැරදී... හොදටම දන්නවා ඇතිනේ මට ඩීමන් බලය තාමත් තියෙනවා කියලා .ඒ නිසා ශරීරය අත අරින්න ...... නැත්තම්..."
" නැත්තන් ඇයි....කරලා බලන්න.. උබට හිතා ගන්නවත් බැරිවෙයි මන් මේ ශරීරයට දැන් කරන්න යන දේවත්... උබට පුලුවන් දෙයක් කරපන්.."
ඒකපාරටම ලුසිෆර් පාවෙන්න ගත්තා. ඒත් එක්කම ලුසිෆර් ඇස් පියා ගත්තා. තවත් තත්පරයක් යනකොට ඒ ඇස් වල කදුලු පුරෝගෙන
" කුකී.... මාව බේර ගන්න..... කුකී..... හෙයොන්... හෙයොන්....මේ යක්සයා මාව හිරකරන් ඉන්නේ... අනේ මගේ මොචී.... මට තවත් මෙහෙම ඉන්න බෑ... අබේ මාව බේර ගන්න... මට බයයි....."
ටේකේ අහිංසක කටහඩ ඇහෙද්දී ජේකේ ලග හිටපු චිමී නැගිටලා ටේ ලගට දුවන්න යන්න හැදුවා. ඒත් සුගා ජේකේගේ වටේට දාපු බල වලල්ල නිසා චිමීට තවත් ඉස්සරහට යන්න බැරි උනා. ටේගේ කටහඩ නිසාම බලෙන්ම සිහිය අරගෙන වගේ ජේකේ එකපාරටම ඇස් ඇරියා. ජේකේට කිසි දෙයක් හිතා ගන්න බෑ. වෙච්ච දේවල් හරියට මතක නෑ. ඇස් අරිනකොට දැක්ක දෙයින් ජේකේට පිස්සු වගේ. ඇස් ලොකු කරගෙන ජේකේ නැගිට්ටා. මොකල්ද වෙන්නේ... ඇයි මේ ටේටෙ අඩන්නේ... ටේටෙට මොකක් වෙලාද.. ටේ පාවෙනවා දැකපු ජේකේ බල වලල්ල දැක්කේත් නෑ. ටේ ලගට යන්න හැදුවත් එයාට යා ගන්න බැරිඋනා. ජින් වගේම චිමී ජේකේව සංසුන් කෙරෙව්වත් ටේගේ වේදනාව දැකලා ජින්ටත් චිමීටත් ජේකේව සංසුන් කරන එක කෙසේ වෙතත් ඒ දෙන්නට සංසුන් වෙන්න බැරිඋනා. චිමී ජින්ව බදාගෙන ඔලුව හන්ග ගත්තේ මේ හැමදේම ලුසිෆර් කරන දේවල් කියලා දන්න නිසායි. නම්ජුන් ජින්ගේ උරහිස තදින්ම අල්ලගෙන ජින්ව සංසුන් කෙරෙව්වා. ජේකේ බිම දන ගහගෙන ටේව අත අරින්න කියලා වැද වැටුනා.
සුගාගෙන් ගැලවෙන්න ඔනේ නිසා ලුසිෆර් ටේව පාවිච්චි කලා. ලුසිෆර්ට පැනගන්න බෑ. මොකද ටේගේ ආත්මයට හානි වෙලා. ලුසිෆර්ට එතනින් අතුරුදහන් වෙන්න තරම් ඇතිවෙන පවර් එකක් තිබුනේ නෑ. එගෙනම් ටේගේ ශරීරයට වද දෙනකොට චිමී වේදනාවෙන් අඩනවා දැකලා සුගා අත අරී එයාට යන්න දෙයි කියලා හිතුනා. ඒත් චිමී ලුසිෆර්ගේ කපටිකම් දන්න නිසා කිසිම විදිහකින් ටේව අතරින්න කියලා සුගාට කිව්වේ නෑ.
ලුසිෆර් ටේව පාවිච්චි කරලා සුගාව නවත්තන්න හැදුවත් ඒක හරි ගියේ නෑ. සුගාට සිද්ද වෙනවා සුපුරුදු ඩීමන් පවර්ස් පාවිච්චී කරන්න. මේ වෙලාවේ ලුසිෆර්ට උනත් වැඩි ශක්තියක් නැති නිසා සුගාට ලුසිෆර්ව යටත් කර ගන්න පුලුවන් වේවී කියලා හිතපු සුගා ලුසිෆර්ගේ ඇග වටේ එතිලා තිබුනු බැමි ලිහිල් කරන ගමන් සුගා ලුසිෆර් දිහාඅවට ඇදිලා ගියේ බලෙන්ම ටේගේ ශරීරයෙන් ලුසිෆර්ගේ ආත්මය ඇදලා ගන්නයි. ඒත් නොහිතපු මොහොතක එල්ල උනු පහර නිසා සුගාට කර කියා ගන්න දෙයක් නැති උනා. සුගාගේ බෙල්ලෙන්ම ලුසිෆර් අල්ලගත්තා.
චිමී මරහඩ දුන්නා. සුගා පුලුවන් තරම් චිමීලව ආරක්ශා කරගෙන ඉන්න බල වලල්ල ඒ විදිහටම තියාගන්න දැගලුවා. සුගාට ඒ තප්පරේට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා. හෝසොක් වගේන ජෙමින් සුගාව බේර ගන්න ලන් උනත් ලුසිෆර් ඒ දෙන්නට එන්න බැරිවෙන්න සුලන් කුනාටුවකින් ඒ දෙන්නව ඈත්ට විසික් කරලා දැම්මා.
" උබට අමතකද උවට සටන් කරන්න ඉගැන්නුවේ මම කියලා. උබ හැරෙද්දී මම දන්නවා. මේ බාල වැඩවලින් බැ මාව අල්ල ගන්න... උබ මට කලේ ලොකු උදව්වක්.."
ලුසිෆර් එකපාරටම සුගාගේ බෙල්ලට නියපොත්තෙන් පාරක් එල්ල කලා. සුගාගේ ආන්ජල් ග්‍රේස් එක නිල් පාටින් දිලිසෙන්න ගත්තා ඒ පැලුම ලගින්. ඒත් එක්කම ලුසිෆර් සුගාගේ ග්‍රේස් එක උරා ගන්න ලන් උනා. චිමී වටේ තිබුනු ආරක්ශක වලල්ල බිදිලා ගියා.
____________________________________
Hi gyz 👀
අනේ සොරි ලමයි... සනීප මදී ඒකයි පරක්කූ... දවසට දෙකක් දානව කිව්වට කොහෙද ඉතින් කරගන්න බෑනේ... 😷
Enjoy 🥀
Ishki_
Bạn đang đọc truyện trên: AzTruyen.Top