🥀 ජෝකර්
; නැතුවම බැරි ආදරය ;
මීට අවුරුදු 125/126කට උඩදී ජින්ට ආදරය කරපු කෙල්ලෙක් තමයි මේ පොත ජින්ට දුන්නේ. කෙනෙක් ගැන ඇතිවෙන ආදරය මොන වගේ දෙයක්ද කියන්නවත් ජින් දැනම් හිටියේ නෑ. ඒත් ජින් හැමෝටම ආදරය දෙන්න දන්න කෙනෙක්. මෙච්චර කාලෙකට ජින්ටම කියලා ආදරයක් නොතිබ්බේ ජින්ට ඒ ගැන උවමනාවක් නැති නිසාම නෙවේ. ජින් ආස කලා ඒ ආදරේ අත්විදින්න. ඒත් කා ගැනවත් එ වගේ හැගීමක් කිසිම කෙනෙක් ඉක්ක ඉද්දී ජින්ට දැනුනේ නෑ. ඉතින් ජින් ඒ කෙනා හම්බෙනකල් බලන් හිටියා.
ජින් අතේ තියෙන පොතේ පිටකවරය දිහා බලාගෙන ඒ නම කීපපාරක්ම හිතින් කියෙව්වා.
එයා හොයන ආදරය මේකද..?
ජින් කල්පනා ලෝකේ අතරමන් වෙලා. එකම වතාවක් දැක්ක හිනාවට මෙච්චර ආදරෙන් බැදෙන්න පුලුවන්ද..?
ඒ හිනාවට ජින්ගේ මුලු හදවතම අල්ලලා ගැටගහගන්න පුලුවන්ද..?
ජින් ඒ හිනාව ආපහු දකින්න මග බලාගෙන ඉන්නවා. ඒත් ඒ හිනාව ආයෙත් දකින්න පුලුවන් වෙයිද ඒ ගැන ජින්වත් හරියට දන්නෑ. එදා ඒ කෙල්ල දුන්නූ පොතේ තිබ්බ දේවල් ජින්ට තේරුනේ නෑ. ඒත් ඒ පොතේ තියෙන දේවල් දැන් ජින්ට හොදටම තේරෙනවා. ඒක තමයි කෙනෙක් ගැන ඇතිවෙන අමුතුම හැගීම. ඒක ආදරය. ජින් තේරුම් ගත්තා එයාගේ හිතේ නම්ජුන් ගැන ආදරයක් ඉපදිලා කියලා. ඒත් ජින් බය උනා ඒ ආදරය ජයගනීද කියලා.
වැම්පයර්ස්ලා ඉන්නේ තනි තනිවම එහෙම නැත්තන් කල්ලියක් හරි පවුලක් විදිහට. ජින් තමයි වැම්පයර් පලවෙනි පවුලේ හිමිකාරයා. ඉතින් මේ පුංචි පවුලත් එක්ක වෝල්තුරි නායකයා එකතු වෙයිද..? නම්ජුන් ජින් ගැන මොන විදිහටද හිතන්නේ... ජින් ඒ කිසිම දෙයක් දන්නෑ. නම්ජුන් ජින්ව බලන්න ආවේ ගියේ එයාගේ දරුවෝ දෙන්නා ගැන දැනගන්න වෙන්නත් පුලුවන්...
ඒ කෝම උනත් ජින් දැන් හිතන්නේ නම්ජුන් ගැන විතරමයි. එක එක විදිහට ප්රශ්න හදාගෙන ජින් ඒවට උත්තර හොයනවා.
.
.............🍂............
.
ඇකඩමී එකේ අන්තිම අවුරුද්දත් ගෙවිලා ජේකේලා එයාලගේ කාමරවලින් යන්න බඩු අස් කරනවා. ජෙමින් ජේකේ එක්ක වීඩියෝ ගේම් ප්ලේ කලේ එයාලගේ බඩු චිමි ලස්සනට බෑග්වලට අහුරලා නිසයි. ඔක්කොම ලෑස්ති කරගත්ත ටේයි චිමි මුල්ලකටවෙලා බර කතාවක.මේ දෙන්නගේ කසු කුසුවට නිකමට වගේ ජේකේ කන දැම්මා.
" හරි හේනම් පින්කි පොමිස්...🤗"
ටේ එක්ක නවතින්න චිමි පොරොන්දු උනා. ඒත් ජෙමින්ගෙන් මුලින්ම අවසර ගන්න ඔනේ. චිමි හොදටම දන්නවා ජෙමින් එයාට තනියෙම කොහෙවත් ඉන්න දෙන්නෑ කියලා. ඉතින් ජෙමිනුත් එයි. ඒත් මේ පොඩි එවුන් දෙන්නගේ ලමා වැඩ බල බල ඉන්න ජෙමින් කැමතිවෙයිද කියන එකයි අවුල. ජේකේ දෙන්නගේ ලමා කතා අහන් ඉදලා හිතුවේ චිමිට ගැලපෙන සුප්පු බබෙක් හම්බෙලා සෙල්ලම් කරන්න කියලා. ඇත්තනේ ඉතින් චිමියි ටේයි අල්ලන් සෙල්ලනුත් කරනවා වෙලාවකට. මුන් දෙන්නගේ පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නෑ තාම ජෙමින් එහෙම හිතද්දී, ඒත් ඒ දෙන්නා හරිම හුරතල් ජේකේ මේම හිතුවා.
ජෙමින්ටනම් ඉතින් හෝසොක් පොඩ්ඩක් හිනා වුනත් 'අනේ මගේ පැටියගේ හුරතලේ ' ගාගෙන කෑ ගහනවා. ජෙමින්ට හුරතල් හෝසොක් විතරයි. හෙට උදේම හතර දෙනාම ඇකඩමී හොස්ටල් එකට සමුදෙනවා. ඉතින් මේ ගෙවෙන්නේ එයාලා හතර දෙනා එකට ඉන්න අන්තිම රැය.
ජේකේ හිටියේ ටේගේ ඇදේ කොනක ඉදගෙන ටේව යාලු කරගන්න ගමන්. ඒ දෙන්නගේ වැඩේම තරහවෙනවයි යාලුවෙනවයි. ජේකේ දන්නවා ටේ පොඩ්ඩක් ඇත්තන් මූන ඇබුල් කරගෙන තරහා වෙනවා කියලා. ජේකේ ඉතින් ටේව අවුස්සන්න හරි ආසයිනේ. පස්සේ එයාටමයි පරිප්පුව කන්න වෙන්නේ. ඇයි ඉතින් තරහා කරගත්තා වගේ නෙවේනේ ටේව යාලු කරගන්න ගියාම මොන නාඩගම නැටුවත් ටේවනම් ජේකේට යාලු කරගන්න බෑ. ඉතින් අත් දෙකත් බැදගෙන අහක බලාගෙන තොලත් උල් කරන් තරාවෙලා ඉන්න ටේව ජේකේ යාලු කරගන්න බැරිම තැන චිමීව දම්මලා ටේව යාලු කරගන්නවත් හිත හදා ගත්තා.
ජේකේ ටේව යාලු කරගන්න අතරේ චිමී අද ඇකඩමී එකේ ලෙච්චර්ස් අතරෙදි වෙච්ච දෙයක් රස කර කර හිනාවෙවී ජෙමින්ට කියන්න ගත්තා.
අන්තිමට ජෙමින්ගේ කතාවට කන වැටුනු තුන්දෙනාම බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා. ටේයි ජේකෙයි තරහවල් අමතක කරලා මහ හයියෙන් හිනාවෙන්න ගත්තා.
ඉතින් හෝම ඉදලා හතර දෙනාම එකට රෑ කෑම කෑවා. ඒ කෑවෙත් පහුගිය වෙච්ච දේවල් මතක් කර කර හිනාවෙවියි. මේ අවුරුදු 3නට මේ හතරදෙනා පුදුම විදිහට ලන් උනා. ටේ මනුස්සයෙක් උනත් චිමීටවත් ජේකේ ජෙමින්ටවත් හිතුනෙම නැති තරම් එයා මනුස්සයෙක් කියලා.
ජෙමින්ගේ කීමට තුන්දෙනාම ඇදවල් හතරම එකට ලන්කරේ අන්තිම රෑ එලිවෙනකල් ෆිල්ම් බලන්න හිතාගෙනයි. ටේයි චිමිත් කට්ටියට කන්න ස්නැක් අරගෙන එකට ලන් කරපු ඇදවල් වලට නැග්ගා. ජේකේයි ජෙමිනුයි හොරාට ටේලා දිහා බල බල ඩීවීඩී එක ප්ලේ කලා. ප්ලේ කලා විතරයි මතක ටේයි චිමි පේන්නවත් නෑ.
අනේ පව් ....!
ලස්සන ෆිල්ම් එකක් තියෙනවා බය හිතෙන්නෑ සුරන්ගනා කතාවක් වගේ කියලා ජෙමින්ඇනකොන්ඩා සීරියස් එකක් ප්ලේ කරලා. ප්ලේ කලා විතරයි ඒ සීරියස් එක පටන් ගත්තෙම තඩි ඇනකොන්ඩෙක් මිනිහෙක්ව එකපාරින්ම ගිල දාගෙනයි. ටේයි චිමී කෑ ගහගෙන ඇදෙන් බිමටත් පෙරලිලා වැටිලා වැටිලා.
ජේකේයි ජෙමිනුයි උඩ පැන පැන හිනා වෙනවා. අනේ පව් අහින්සකයෝ දෙන්නා හොදටම බය වෙලා. ටේ ලේ වලට හුගාක් බයයි. එයා රතුපාටට කෝමත් කැමති නෑ ඉතින්. ඉතින් මිනිහව කද්දී ලේ විදින්න ගත්තා. ටේ හොදටම බය වෙලා ගැහෙනවා ඒ පාර. ටේව දාගෙන ගැගෙනවා දැකපු චිමිත් බය උනා. මේකනම් හොද වැඩක් නෙවෙයි.
චිමි ටේව හයියෙන් අල්ලගෙන
"හෙ...හෙයොන්...😥"
* jemin p.o.v. 🔥 "
ඔය ඉතින් කරගත්තේ... උබට මම කිව්වනේ..
මම ජේකේට හිතින් බනිද්දී ජේකේ බයවෙලා ටේ ලගට දුවගෙන ගියා
. බලන් ගියාම තාරාවා හොදයි වගේ 🤔 ජේකේ ටේව අත් දෙකට උස්සගෙන ආයි ඇදට නැග්ගා. අම්මේ බලන්න එපැයි ටේත් ජේකේව බදාගෙන ඒ පාර... 😌
ආශ් තාරාවා....😳
"ඒ... මොනාද බලන්නේ... මෙහෙ එනවා... මෝඩ තාරාවා...🤨"
තාරපැටියා හොදට බලන් ඉන්නවා මෙතන අර දෙන්නා නයි දෙන්නෙක් වගේ.. ආශ් කට කට ජෙමිනෝ 😂අරකට ඇහුනොත් එහෙම...😂 තාරාවා ඉක්මන්ට මන් ලගට දුවගෙන ආවා. කොහෙද ඉතින් නයිටක් ගහන්න හැදුවා. මුන් දෙන්නා එක්ක බෑනේ.. මම ඉතින් අපේ තාරාවා කැමතිම ෆිල්ම් එකක් දැම්මා. ඇනකොටා ගන්න ඒවා මේ වගේ වෙලාවක බලන්න බෑනේ. තාරපැටියා හොදට ෆිල්ම් එක බැලුවා.
ආශ්... මාර කම්මැලී... ඈනුම් ඇර ඇර ඉදපු මට දන්නෙම නැතුව නින්ද ගිහින්
⏰🔔🔔🔔🔔🔔🔔}}}}
එකපාරටම ගැස්සිලා ඇහැරුනා..
එලාම් එකක් තිබ්බේ කවුද අප්පා 😤
අප්පටසිරි උදේවෙලා..😱
මොන කෙහෙල් මලක්ද යකූ... දැන්නේ නිදා ගත්තේ... 😑
අප්පා තාරාවා හොදට නිදි මගේ අත උඩ☺️. මොනා කරන්නද තාරාවගේ බඩ උඩට මගේ තඩි කකුල හරහට දාගෙන මාත් අනික් පැත්තට ඇස් දෙක පියා ගත්තා තව ටිකක් නින්දක් දාන්න.
"ඔයේ.......🗣️ ඊට් ජින් කිව්වා ලබන සති අන්තේ එයාලා එක්ක යන්න පුලුවන්ලූ අපිටත් ......ඌ......... ඔයේ...... ඔයේ.... ඩිංගි ඩිගා.... ඔයේ ඩෙග ඩෙග.....🕺🕺🕺🕺..."
ඒ පාර මොන # ද..? 😤
ජේකේ මීමා දඩාන් ගාගෙන දොරත් ඇරගෙන ඇතුල්ට ආවේ හයියෙන් කෑ ගහගෙනත් එක්ක...
"අහ්ම්.... හෙයොන්....ගුම්..මෝ...... නි....... ම්ම්.......🤗😍😘"
තාරපැටියා ඇහැරුනා මගේ බෙල්ල බදාගෙන ගුඩ්මෝනින් කියලා හැමදාම වගේ කෙල තලියක් ගාලා ඉබලා ඉබලා ගියා ටේව ඇහරවන්න..
ඇත්තමයි මේකා මන් ලග නැත්තන් දනී මගේ නින්ද කඩපු යක්සයට මම කරන දේ....😒
එලුවා..😌
පොඩ්ඩක් ඉන්ට👀.. ඒ කියන්නේ හොබී හෙයොන් එක්ක දඩයම් කරන්න යන්න අපිව එක්කන් යනවද...?😳
වෝහ්...🤩
ජේකේ ඔලුව වැනුවේ මගේ හිත ඇහිලා නිසයි. මම ඇදෙන් පැන්නා විතරයි ජේකේත් තඩි හිනාවක් දාගෙන අත දිග ඇරලා මට පහක් දැම්මා. ඔයේ ඔයේ🤩 ඒ කියන්නේ අපි පලවෙනි පාරට කැලේ පයිනවා සතියකට... ඔයේ..... 🤩
අර මොකෝ... චිමිගේ මූන බෙරි වෙලා...
" ආහ් ජිමින්ශී... එයාවත් එක්කන්තමයි😁... "
ආහ් දැනුයි තේරුනේ.. මූන බෙරි උනේ ටේව එක්කන් යන්න බැරි වෙන හින්දයි. ඔප්පටසිරි කිව්වලූ ටේව කෝමද එක්කන් යන්නේ..
"හෑ ජේකේ... 🤔"
" ජින් හෙයොන්ට මම නිකන් කියලා බැලුවා.... මුලදී බෑ කිව්වට පස්සේ හා කිව්වා... ඉතින් දැන් ටෙටේත් අපි එක්ක යනවා..."
මම අහන්නත් කලින් ජේකේ උත්තර දුන්නා. ඇත්තටම කියනවනම් මම ඊරිසියයි අපේ ජේකේට තියෙන හැකියාව ගැන. ඒ මොනා වුනත් මට ජේකේ එක්ක ඉද්දී කතා කරන්න ඔනෙම නෑ... අනේ මගේ වචන නාස්ති වෙන්නේ නෑ... 😌
කෝමින් කෝම හරි කස්ටිය ලෑස්ති උනා බෑග්ටිකත් එල්ලගෙන හොස්ටල් එකෙන් එලියට යන්න. මටනම් ඉතින් ගානක්වත් නෑ. ඇයි ඉතින් මමයි ජේකෙයි භාගෙට භාගයක්ම හිටියේ එලියෙනේ. තාරාවගේ බෑග් ටිකත් මමම ගත්තා. එයා හොදට අත් දෙක වන වන එනවා ටේ එක්ක කියෝ කියෝ. ටේගේ බෑග් ටිකත් ජේකේ අරගෙන එනවා. හම්මේ මුන් දෙන්නට අපි සලකන තරම් කවුරුත් සලකයිද මන් අහන්නේ. මොනා උනත් අපේ ජේකේ ටෙටේ හින්දා මාර විදිහට වෙනස් වෙලා. හැබැයි ටෙටේට විතරයි ඒ වෙනස. මේ වටේ ඉන්න අපිට ඒ හිටපු ජේකේම තමයි 😒
ආසාවට වැඩක් කරගන්න බෑ මේකට කියලා.. කවුද දන්නෑ අපිව එක්කන් යන්නේ. හොබී හෙයොන්නම් 😍....🤔 ඒත් අද එයැයිට වැඩ වැඩී 😒 මාව ගන්න තමයි එන්න බැරි මේ මෝඩයට... අහු වෙන්නකෝ පැටියෝ උයා මට...😌 දැන් ඉතින් මම ගෙදරනේ... අපි ඉගෙන ගත්ත කාලේ දැන් ඉවරයි.. ආයෙත් දිගටම පිහුනුවීම්... ලොකු හෙයොන් කියන විදිහට අපිට ඉස්සරහට මෙහෙන් යන්නවෙයිලු.. අපරාදේ හැබැයි ආහ්.. මේ ගෙදරට මම පට්ට ලව්.. 😌
අපි හතරදෙනා කා පාක් එකටම ගියා. අපි එනකල් ලොකු හෙයොනුයි ටෙටේගේ ආච්චියි හිටියා. අම්මේ ආච්චිව දැක්කම මට රැමන් මතක් වෙනවා දෙයියනේ..😋 අම්මෝ රස මගේ කටට කෙල උනනවා... අම්මෝ මට බෑ....😋
ටේ දුවගෙන ගිහින් ආච්චිව බදාගත්තා. අපේ තාරාවා කැන්ගරුවෙන් වගේ උඩ පැන පැන ලොකු හෙයොන් ලගට ගියා. එයාලා කියෝන අතරේ ආච්චිට හාය්යි පාරක් දාලා ජේකේයි මායි බෑග් ටික ඩිකියට දැම්මා..
හෑ මේ මොකො මේ..
" ඒ මේ.."
"ඔ..ඔ... අපි එක්ක යනෝ... හී හී 😁 ටෙටේගේ ආච්චිට සියොල් යන්න වෙනවලු.. ඉතින් ටෙටේ ගෙදර තනියෙම නිසා ජින් හෙයොන් කියලා එයා බලාගන්නම් කියලා. දැනුයි මාත් දැන ගත්තේ.. ඒකයි අහන්නේ නැතුවම බෑග් එක ඩිකියට දැම්මේ 😁"
එතකොට ටේ නවතින්නේ...
" එයා ගෙදරම ඉදී... 😒 මේ එයාව ගෙදරට දානවා විතරයි"
"ආහ්... "
ඔනාවට එපාවට ඒම කියලා ජේකේ ගිහින් කා එකට නැග්ගා.
ටේයි ආච්චියි කතාවෙනවා මම අහන් හිටියා.
රැමන් ආච්චී😋 : " පුතේ ගෙදරින් එලියට යන්න එපා වැඩිය... ආච්චි ඉක්මන්ට ඔයාගේ මාමලා එක්ක ඒ වැඩ ටික බලලා එන්නම් හොදද... එයාලා ඒ වැඩේ හදිස්සී කරනවා.. ඉතින් ආච්චිට දැන් යන්නම වෙනවා.. හ්ම්....පොඩි කාලයක් යයි... මගේ පුතාට තනියක් නෑනේ... නේද..?"
ලොකු හෙයොන් : "මොන තනියක්ද ආච්චි...☺️අපේ කොල්ලෝ තුන්දෙනා ඉන්නකොට....ආච්චි බයවෙන්න දෙයක් නෑ.. මම හැමදේම බලා ගන්නම් "
ඒත් ප්රශ්නේ ටේ ඇයි අපි එක්ක නවතින්නේ නැත්තේ කියන එක. මට ඇහුනු විදිහට ආච්චි අපි ඉන්න තැනට බයයි. ටේ එහෙම ඉන්න බය කතාවකුත් කිව්වා. ඉතින්යකූ දැන් ටේ ගෙදර ඉන්නේ තනියෙමනේ එතකොට බය නැද්ද... මෙතන මොකක්හරි තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද... 🤔
ජේකේට ටේගේ හිත කියවන්න බැරි උනාට ආච්චිගේ හිත කියවන්න පුලුවන්නේ 🤔 මමත් ගිහින් කා එකට නැග්ගා මේකේ අගක් මුලක් මට තේරෙන්නේ නැති නිසා. මම ජේකේගේ කරට අත තිබ්බා.
ඉතින් මම හිතන දේ ඇහුනු ජේකේ
"ආච්චි ඉන්නෙම අර මෝඩ ඕපදූප කියෝන ගෑනු එක්කනේ... ඒ මිනිස්සූ අපි ගැන බොරු කියලා. ඒ වගේම කැලේ ඉන්නේ භයානක සත්තුලු... අපි ලග ගන් තියෙනවලු උන්ව මරන්න.. .. ආච්චිනම් අපි ගැන වැරදියට හිතන්නේ නෑ... ඒ ඇහුනු දේවල් එයා ජින් හෙයොන්ට කියලා... එයා ටෙටේ ගැන වද වෙනවා....කෝකටත් ගෙදරම ඉන්න එක හොදයි කියල ආච්චිකියලා."
හරි එහෙනම් ඒකයි සීන් එක...
ටිකක් වෙලා එලියේ ආච්චි එක්ක කියෝ කියෝ හිටපු තාරාවයි ලොකු හෙයොනුයි ටේයි කා එකට නැග්ගා. ටෙගේ ආච්චී ආව ටැක්සි එකේ එයා යන්න ගියා. පෙවුනු විදිහට එයාදැන්ම සියොල් යනවා. ටේව ගෙදරින්ම දාන්න ලොකු හෙයොන් ආච්චිට පොරොන්දු වෙලා. ඒ වගේම ටේව බලා ගන්නත්. ආච්චි අපිට හුගත් කැමති එයාට අපිව හුගක් විස්වාසයි. විශේෂයෙන් ලොකු හෙයොන්ව. අපේ ලොකු හෙයොන්ව දකින ඔන කෙනෙක් එයා එක්ක ඉක්මන්ට එකතු වෙනවා හරියට අපේ තාරාවට වගේ.
ටේව ගෙදරින් දාලා අපි අපේ සුපුරුදු ගෙදරට ගොඩ බෑවා... හම්බේ දැනෙන සනීපේ... ඇගේ හිරි කඩලා මම හුලග කපාගෙන මිදුලේ රවුමක් දිව්වා. ජේකේ, ටේ කා එකට නැගලා ගෙදරින් බහින්න ඔන්න මෙන්න වෙනකල් හොදට හිටියා. ඒත් දැන් ලොම් ගලෝපු බැටලුවෙක් වගේ.. 😂
ඔය අස්සේ තාරාවා මන් ලග දුවන් ආවා. එන්නේනම් හොදකට නෙවේ 😒
"මොකෝ"
තාරාවා 🐥 : " හෙයොන්.... අලේ බලන්නකෝ මගේ හෙයොන්... හරිම සෝයි...🤗 හෙයොන් තමයි..."
"මේ... බටර් ගන්න එපා.. මම පාන් ගෙඩියක් නෙවේ... 😒 එකපාර කියන්න මොකක්ද වෙන්න ඔනේ..."
🐥 : "මේකයි... හෙයො...න්....🤥 මේ.... මම...... මේ.....මේ.... මේකයි...🤥"
"ආශ්.... චූ බරද...😒"
🐥 : " හෙයොන් ටේලා ගෙදර සතියක් නවතින්නම්..අනෙ අනෙ අනේ අනේ... සතියයිනේ.... එකම එක සතියයි... කොහෙවත් යන්නෑ... ටේ එක්කම ඉන්නවා...🤥"
" පිස්සුද... බෑ...🤨 "
🐥 : "හෙයොන්....😪 අලේ.... අලේ අලේ අලේ අලේ.....🙄 හෙයොන් මම ආච්චි හදන රැමන් හදලා දෙල්ලම් උයාට.... 🙄 අලේ හෙයොන්.... අලේ අලේ.... හෙයොන්....."
"කිව්වනේ බෑ...🤨 ආයි අහන්න එපා අනිනවා ටොක්කක් ඔය පොඩි ඔලු ගෙඩිය දෙකඩ වෙන්න... දන්නවනේ 🤨... ආව මෙතන රවුන් ගහන්න අහන්න... "
🐥 : " නපුරු හෙයොන් 😫😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 මට යන්නෝනීමයි.......... 😭😭😭😭 "
ආශ් ඒ පාර අඩනවා...
අඩන්න තරම් දෙයක් කිව්වද මේකට මම 🤨 ගොන් අල ගෙඩියා.
දැන් මොකෝ කරන්නේ.. මම හිතුවා මෙයා මේ වගේ දෙයක් අහයි කියලා.. මුන් දෙන්නා එක්ක මටනම් ඉන්න බැ... හෙන ගොන් වැඩනේ කරන්නේ... ආ.......ආශ් තනියෙන් තියන්න බෑ... ජේකේ එක්ක කතා කරන්න වෙයි... අයියෝ මේ ටැප් එක...
" හා හා... 😒"
🐥 : "😭😭😭...😳 හෙයොන්... ඇත්තමද....? 😱 ..... අලේ මගේ හෙයොන්...🤗😍😘😘😘😘 "
"අනේ යනවා යන්න... දැන් මන් නපුරු හෙයොන්නේ 😒.."
..................
ජේකේනම් ගත් කටටම හා කිව්වා ඔව් ඉතින් අර ටේ කොල්ලා එක්ක ඉන්න තියේනම් මේකට වෙන මොකුත් ඔන්නෑනේ... හනී මගේ පැටියා එක්ක ඉන්න තියෙන වෙලාව නේද දෙයියෝ මේ මුන් මට නැති කරන්නේ.... 😱 කමක් නෑ සති අන්තී මට හොබී එක්කම ඉන්න පුලුවන්... 😌
හෙයොන්ලාගෙන් අහලා අපි තුන්දෙනා ටේලා ගෙදර ගියා. ටේට මාර හැපී.. උඩ පැන පැන තාරාවා එක්ක ගේ වටේ දුවනවා.
මුල ඉදන් මොන්ඩිසෝරි යැව්වනම් මේ ගතිය ඇරිලා යයි 🤔
* chimi p.o.v 💧*
නපුරු හෙයොන් ජේකේ එක්ක ආව නිසා මට තවත් සතුටුයි.. 😋 අලේ අපි ආයෙත් එකට.... යේ මගේ ලාලුවා එයා එක්ක එක දිගට සතියක් ඉන්නවා.
ඉතින් අපි ගියපු ගමන් හොදට සෙල්ලන් කලා. ඉතින් අපි දෙවනි දවසේ හොදට ඇවිදින්න හිතාගෙන සාප්පු ගියා. ගේම් කැෆේ වල මුලු දවසම ගත කරපු අපි හතර දෙනාම අන්තිමට කානිවල් එකට ගියා. අලේ දැන්නම් ටේට හරිම මහන්සී පාටයි.. ජේකේ ටේටයි මටයි අයිස්ක්රීම් අරම් දුන්නා. ටේ ඒක දැක්ක ගමන් අත් දෙකෙන්ම අයිස් කීම් එක අරගෙන කෑවා. මහන්සිය කොයිම් ගියා දල්ලෑ...
නපුරු හෙයොනුයි මාවයි ටේවයි කතුරු ඔන්චිල්ලාව ලග තියලා ගියා ටිකට් අරන් එන්න කියලා.
මම කතුරු ඔන්චිල්ලාවට බයයි... 🙁 ටේටනම් අවුලක් නෑ... හෙයොනුයි ජේකේටයි ඒක දැක්ක වෙලේ ඉදන් ඒකේ යන්න හරිම ආසාවක් තිබ්බේ ...
ජේකේ ටිකට් අරම් තිබ්බේ තුන්දෙනෙක්ටයි. මම බය නිසා අරම් යන්න බෑනේ...මම අඩනෝනේ කෑ ගහලා... ඒම අඩනෝද මන් 🙈 නෑ...
ඉතින් මට තව අයිස් කීම් එකක් නපුරු හෙයොන් අරම් දුන්නා. නපුරු හෙයොන් මාව කතුරු ඔන්චිල්ලාව ලගම තියෙන බෙන්ච් එකෙන් ඉන්දෙව්වා.
"කවුරු කතා කලත් යන්න එපා... කවුරු කතා කරත් ඇහුන්නෑ වගේ ඉන්න... මොනා දුන්නත් ගන්න එපා.."
ඔන්න ඉතින් මගේ නපුරු හෙයොන් නීතී දාන්න පටන් ගත්තා🤗. මාන් ඉතින් ඔක්කෝටම ඔලුව වැනුවා🙈.. ඒත් අනිතිම ටික හැවුනේ නෑ මගේ අතේ තිබ්බ අයිස් කීම් එකක් වැටෙන්න ගියානේ... බෝම අමාරුවෙන් කෙලින් කරම් ඒක සෙව කෑවා. හී හී මගේ අයිස් කීම් එක බේරුනා😋.
" එහෙම ඇහුවත් බෑ කියන්න.. තේරුනාද 🤨"
කෝම ඇහුවොත්ද... 😳
"හලී 😳"
අහම් හිටියේ නෑ කිව්වොත් කයි මාව නපුරු හෙයොන්..🙁 යන්න හැරුනු හෙයොන් ආයෙත් මගේ පැත්තට හැරිලා ඇගිල්ල දික් කලා කොයිවත් යන්නෑ කියන්න.. මන් කොයිවත් යන්නෑ අලේ..🙈.
ටේ එක්ක ජේකේයි නපුරු හෙයොනුයි එකට ගියා. මම ඔදට මගේ සස අයිස් කීම් එක සස කර කෑවා... චොකෝ දාලා..ස්ටොබෙරි දාලා... හී හී.... 😋
වාව්..... සතුපාට බෝලයක් නහයේ ගහගෙන හිටපු ජෝකර් මාමා මන් දිහා බලාගෙන පාට පාට බෝල උඩ දැම්මා.. ඒවා හරිම ශෝක්.... එයා ඒවා ගාන්ට ඇල්ලුවා. ඒ මාමා හිනාවෙවී මන් ලගට ආවා
"ඕනේද උඩ දාන්න.... ආ....මේවා ඔයා ගන්න....🤡"
පොඩි බාබාලව සතුටු කරන ජෝකර් මාමා මට බෝල තුනක් දුන්නා. අතේ අයි කීම් නිසා එයා ඒවා මගේ ඔඩොක්කුවට දැම්මා.හෙ හේ මාව සූටි බබෙක් වගේද එයාට පේන්නේ 🙈 සෝයි... 😋 ජෝකර් මාමා මට බෝල ටික දීලා එයා පස්සෙන් දුවන් ආපු පොඩි බබාලට බෝල උඩ දාලා පෙන්නුවා. මම අයිස් කීම් එක කාලා ඉවර වෙලා බෝල් තුන අතට අරගෙන මාත් ට්රයි කලා ජෝකර් මාමා වගේම වැඩ කෑලී දාන්න.
ආ.... වැටුනා. අනේ මගේ බෝල තුන... 😥 වැටුනා...
"කෝ ඔයාලා.....👀 බෝලේ...... බෝලේ....👀"
ආහ් මේ තින්නේ.. එකක් හම්බුනා... කෝ අනික්දෙක... ආහ්... අර තින්නේ... හරි කෝ ඉතුරු එක දැම්.... මම ඉනටත් අත් දෙක තියාගෙන වටේට කැරකුනා.
කානිවල් එකේ කොනට වෙන්න හිටිය මම මගේ රතුපාට බෝලේ පදුරක් ලග තීනෝ දැකලා එතනට දුවගෙන ගියා. පදුර ලගට නැවිලා මම බෝලේ ඇහිද ගත්තා. එකපාරටම පදුර ඇතුලේ ඉදලා එලියට සුදුපාට පූසෙක් පැන්නා...
" හෙයෝන්....😭"
කොයිද මම ඉන්නේ 😳🙁
අනේ හෙයොන්.... 😥
ඔයාලා කෝ.... 😖
මම ඉන්න තැන කවුරුත්ම නෑ... අනේ හෙයොන්.... 😩 මම දන්නෑ මන් කොයිද ඉන්නේ කියලා... හැමතැනම කලූරයි...😧
එකපාරටම මගේ පිටිපස්සෙන් ගස් කොලන් හෙලවෙන්න ගත්තා. මම ගැහි ගැහි බෝල තුරුල් කරගෙන පිටිපස්ස හැරුනා..
"අනේ බෑ මට බලන්න බෑ... අනේ මට බයයි 😭 අනේ හෙයොන් ඔයාලා කොයිද.... කවුරු හරි මගේ පිටිපස්සේ ඉන්නවා.... අනේ හෙයොන්....."
මම කෑ ගැහුවා... අනේ ඒත් හෙයොන්ලා ආවේ නෑ.. 😖 ආයෙත් ඒ සද්දේ එන්න එන්නම වැඩි උනා... මගේ අතේ තිබ්බ බෝල තුනම බිමට වැටුනා.... ඒවා රෝල් වෙලා තුන්පැත්තකට ගියා. බයටම බිම ඉද ගත්ත මන් හයියෙන් ඇඩුවේ මගේ හෙයොන් මාව හොයන් එයි කියලයි.
සුදු පූසව මතක් වෙලා අත යටින් මම මගේ පිටිපස්ස බලුවා.. මම බය වෙන්න ඇතතේ සුදු පූස් පැටියටද කියලා බලන්න...
😨😰 කහා පාට ඇස් ....දිලි සෙනවා 😰
"හෙයොන්.....😭 🗣️🗣️🗣️🗣️🗣️🗣️......................................"
________________________________________
Hi gyz 🤡
අහින්සක ජෝකර් මාමා මේවට සම්බන්ද නැති වග කරුණාවෙන් සලකන්න... චිමි අත් දෙකටම අයිස්කීම් දෙකක් අරගෙන කකා ඉද්දී ඒ මිනිහට චිමි පොඩි එකෙක් වගේ පෙනිලා 😂 හපොයි අපේ චිමී 🙁 බය වෙන්නම ඕනී මේ මොහොතටනම්... අපේ චිමී ඉන්නේ ලොකු අනතුරක...
.........................
දැන් සිට එලබෙන්නේ සුපර්නැචුරල් කතාරම්භයයි......
Coming soon 🤗
Enjoy 🤩
Ishki 😋
Bạn đang đọc truyện trên: AzTruyen.Top