🥀 චිමීගේ මරණය
යාන්තමට වගේ බොදවෙච්ච හැඩරුවක් ඉස්සරහින් තමන් දිහාවටම ඇවිදන් එනවා. අදුර අතරින් ජින් ගෙදර දොර ලග බිම ඉදගෙන ඇතුල්ට යන එන අය දිහා විමසිල්ලෙන්ම බලන් හිටියා. ගේ ඇතුලේ කොහෙන් හරි පොඩි හරි සද්දයක් ඇහුනොත් ඒ දිහාවට තප්පරෙන් ගිහින් බලනවා. හැමවෙලාවෙම ජෙමින්ව වගේම ජේකේ ටේ ගැන මාරම විමසිල්ලෙන් හිටියා.
මේ වෙනකොට ලේ නැතුව මාස ගානක් හිටපු ජින්ගේ ඇස් වටේ රතුපාටින් ඉරි ගිහින්, ඇස් වල ලෙන්ස් නැති නිසා රතුපාටින් තවත් ඒ ඇස් දිලිසුනා භයානක විදිහට.
"මා එක්ක යමු... මේ දැන්ම..."
"ඒක අණක්ද..?"
ජින් කෙලින්ම ඇහුවේ එයාට අණ කරනවද කියලා දැන ගන්නයි. ඒ ඇස් හුගාක් නපුරු වෙලා. ජින්ගේ අසරණකම හොදින්ම තේරුනු නම්ජුන් ජින්ගේ අත තදින්ම අල්ල ගත්තා.
ජින් ඒ අත් දිහා බලන් ඉදලා මොහොතක්වත් නොයිද ගසලා දාලා එතනනින් එහාට යන්න ගියා. ජින්ට නම්ජුන් කවුද කියලත් අමතක උනා එක තප්පරේට. ජින්ට මේ වෙලාවේ කිසි දෙයක් වැඩක් උනේ නෑ. එයා එයාට වැරදි පටව ගත්තා. ජින් කොයිම වෙලාවකත් නම්ජුන්ට කිසිම විදිහකින් වැරැද්දක් කිව්වේ නෑ. මොකද නම්ජුන් චිමීව කලින්ම අරන් ගියානම් මේ දේ වෙන්නේ නෑ.
සමහරවිට එයාල එදා රෑ එකතු නොවී හිටියනම් චිමී බේරෙන්න ඉඩ තිබ්බා. ඒක එහෙමම නොවෙන්නත් තිබ්බා. ජින් හැම පැත්තකින්ම හොදට හිතන කෙනෙක්.
ඒත් මේ වෙලාවේ එයා එයාටම දොස් කියා ගත්තා. ඒ වගේම කිසිම හැගීමක් නැති කෙනෙක් වගේ හැසිරුනා. ඇගට අමාරුවක් දැනුනත් ඒක දරාගෙන ජින් හිටියා.
ජින් වගේම හෝසොකත් ලේ නැතුව මාස ගානක් එක දිගට එකම විදිහට එයාගේ කොල්ලෝ දෙන්නගේ ආරක්ශාව ගැන බලාගෙන ගේ මුර කලා. මේ නිසාම ජේකේ ටේව කාමරෙන් එලියට යැව්වේ නෑ. ටේ නිකන් හරි තුවාල උනොත් හරි ජින් වගේම හෝසොක් පිස්සු වැටෙන්න පුලුවන්. මාස ගානක් බඩ ගින්නේ ඉන්නකොට ලේ දැක්ක ගමන් යක්සයෝ වගෙයි වැම්පයර්ලා හැසිරෙන්නේ. ඉතින් ජේකේ වගබලා ගත්තා ටේ ගේ පරිස්සම ගැන. ටේ මුලින් හිටියේ ගෙට්ස්ලට වෙන් කරපු රූම් එකක උනත් දැන් ඉන්නේ චිමීගේ රූම් එකේ ජේකේත් එක්කමයි. හෝසොක් උනත් හුගාක් වෙලාවට චිමීගේ කාමරේ බැල්කනී එකට එනවා යනවා. ඒ ඩීමන්ගේ ඉවක් එහෙම දැනෙනවද බලන්න.
ඒත් ඩීමන් ලගකදී ආව කියන්න තරම් අලුත් ඉවක්නම් නෑ.
හෝසොක් හැසුරුනේ හුගාක් නපුරු විදිහට ජින් වගේම. හෝසොක් මේ වෙනකල් ගේ ඇතුල්ට ගියේ නෑ. ඒ වගේම ජෙමින්ගේ ඇස් ඉස්සරහට ගියේ නෑ ඒත් යකඩ කූඩූවේ හිරවෙලා ඉන්න ජෙමින් දිහා ජෙමින්ටත් හොරෙන් හෝසොක් බලන් හිටියා. ජෙමින්ගේ දෑතින් පිට වෙන ගින්දර එයා අමාරුවෙන් පාලනය කරගෙන චිමීගේ නම කිය කිය කෑ ගහන හැටි දිහා බලාගෙන හෝසෝක් විදෙව්වා.
ජින් නම්ජුන්ට පිටුපාලා ජනේලෙන් එලිය දිහා බලාගෙන හිටියා.
"මියානේ.... ජිනී මියානේ.... මට කරන්න පුලුවන් හැමදේම කලා.. ම.."
"ඇති... මට අහන්න ඔනේ නෑ... "
ජින් කෙලින්ම කියලා දැම්මා. ඒ වචන පිහියෙන් අනින තරම් දරුනු උනා. ජින්ට ඔනේ උනේ නෑ නම්ජුන්ට රිද්දන්න. ඒත් දැන් වෙලාව නෙවෙයි මේ දේවල් වලට. ජින්ට ඔනේ උනා නම්ජුන්ගේත් ඈත් වෙලා ඉන්න. ඒ ඇයි කියන්න එයා දන්නේ නෑ. ඒක වේදනාකාරි උනත් ජින් ඒ දේ කලා. නම්ජුන්ට තවත් ජින් ඉස්සරහා හිටන් ඉන්න බැරි උනා. නම්ජුන් එතනින් යන්න ගියා. හෝසොක් එක්ක නම්ජුන් මේ කාලය පුරාවටම මුලු කැලේම පීරුවා වගේම කැලේ තැන් තැන් වලට ඔත්තුකාරයෝ දැම්මා. ඒත් කිසිම විදිහකින් ආරන්චියක් නෑ. දාපු ඔත්තු කාරයන්ව හොයාගන්නත් නෑ. හෝසොක් තේරුම් ගත්තා ඒ අයව ඩීමන්ගේ ගොදුරක් වෙන්න ඇති කියලා.
ඩීමන් හෝසොක්ගේ පහර නිසා වෙඩි කාපු, තුවාල වෙච්ච, දරුනු සතෙක්වගේ දැන් වියරුවෙන්, ඉන්න වග හෝසොක් දැනම් හිටියා. හෝසොක්ටත් ඔනේ උනා ඩීමන් එක්ක තනියම සටන් කරන්න. හෝසොක්ට ඔනේ උනේ එයාගේ ජීවිතේ අනතුරේ දගෙන හරි චිමීව ජෙමින් ලගට ගෙනත් දෙන්න.
ආයෙත් ඒ පුංචි එකාගේ හිනාව දකින්න.
හෝසොක් මේ වෙලාවෙ හිටියේ එයාගේ යකඩ පොල්ල හරස් කරගෙන හරියටම කැලේට, ජින්ගේ ගේ පේන මානේ හෙල්ලෙන්නෙවත් නැතුව ගල් රූපයක් වගේ හිටගෙන. වටේ හිටාවේ වෙන හැමදේකටම හෝසොක් හොදින් ඇහුන් කන් දුන්නා. එකපාරටම පිටිපස්සෙන් ඇහුනු අඩි සද්දයත් එක්කම
" බිග් බ්රදර් ජින් ගැන හිතන්න එපා. එයා දැන් ඉන්නේ හොද තත්වෙක නෙවෙයි. "
පිටිපස්ස නොබලම හෝසොක් පිටිපස්සේ ඉන්න කෙනාව අඩි සද්දෙන් අදුර ගත්තා.
හෝසොක් කියන්නේ හැමවෙලේම හිනාවෙලා ඉන්න කෙනෙක්. ඒ මූන දකින් හැමවෙලාවෙම ඒ මූනේ තිබ්බේ ලොකූ ලස්සන හිනාවක් සතුටක්. හැමෝවම එයා හිනා ගැස්සූවා. ජින් තරම් හොදට ඩෑඩ් ජෝක්ස් වලින් කට්ටියව හිනා ගස්සන්න බැරි උනාත් හෝසොක්ගේ හිනාවම ඇති අනිත් අයට හිනා යන්න. ඒත් දැන් සම්පූර්ණයෙන්ම හෝසොක්ගේ ඒ ජෝකර් චරිතය මැරිලා ගිහින්. හෝසොගේ මූනේ හිනාව ඇත්තෙම නෑ.
නම්ජුන්ට වෙනදට පහත් හඩින් කතා කරන හෝසොක් අද සාමන්ය විදිහට නම්ජුන්ට කතා කලා.
"එයා තනියම විදවනවා මම කෝමද බලන් ඉන්නේ.... මගේ දරුවව මට බලා ගන්න බැරි උනා. "
"දැන් කරන්න තියෙන්නේ ඩීමන්ට මූන දෙන එක විතරයි. මරාගෙන මැරිලා හරී පොඩි එකාව හොයාගන්නයි ඔන. "
ඒත් එක්කම හෝසොක් ගල් උනා ලගම තිබ්බ ගහට වාරු උනු හෝසොක් ඇස් දෙක තදින්ම පියාගත්තා. එයා මොකක් හරි දැක්කා. හෝසොඛේ මූන එහෙම් පිටින්ම වෙනස් උනා.
හෝසොක් දැක්ක දේ...
"නෑ....නැ නැ.... මගේ පොඩ්ඩා...නෑ....නෑ..."
"හෝසොක්"
හෝසොක්ගේ උරහිසට අත තිබ්බ නම්ජුන් හෝසොක් දැක්ක දේ හෝසොක්ගේ මනසින් බැලුවා.
අහිංසක චිමී ඩීමන්ගේ බලහත්කාරකම් වලට අහුවෙන හැටි හෝසොක් දැක්කා.ඒ තැන හුගාක් අදුරුයි හරියට තැන පේන්නේ නැති තරම්. චිමීගේ සියුමැලු අත පය ආවේස උනු මුර්ගයෙක් වගේ ඩීමන් තදින්ම හපා කෑවා.
අන්තිමට හෝසොක් දැක්කේ ලේ ගොඩාක් උඩ වැතිරිලා ඉන්න චිමීගේ මලකද.
හෝසොක් දැක්කේ අනාගත සිදුවීමක්.
හෝසොක් එතනම දන ගහගත්තා. ඩීමන් චිමීව මරලා දානවා..හෝසොක් දැක්කා.
ඒක හිතන්නවත් පුලුවන්ද..
එතනම ගල් උනු නම්ජුන්ගේ ඇස් ගියේ ඈත ඉදන් එයාලා දිහා බලන් ඉන්න ජින්ගේ ඇස් වලට. ජනේලේ ලග ඉදන් ජින් ඒ දිහා බලන් ඉන්නවා නම්ජුන් දැක්කා වගේම එක දිගටම ජින්ගේ ඇස් දිහා බලන් හිටියා දැන් මොනාද මම කරන්නේ කියලා අහන්න වගේ.
ඒත් එක්කම නම්ජුන් එතනින් යන්න ගියා.
ජින් ජනේලේ ලග හිටගෙන හෝසොක්ගේ හැසීරීම් අද්යනය කලා. ජින්ට තේරුනා නිකන්ම වගේ හෝසොක් දැකපු දේ.
චිමී දැනටමත් මැරිලා කියලා ජින්ට හිතුනා. ජින්ගේ කම්බුල් දිගේ අලුත් කදුලු රූටලා බිමට වැටුනා. ඒත් ජින් එක එල්ලේම හෝසොක් දිහා බලාගෙනම හිටියා. ජින්ගේ අත මිට මෙල උනා වගේම ඒ වේගෙන්ම ජින් ජනේලේ වීදුරුව කුඩුවෙලා යන්න හයියෙන් ගැහුවා. ඒත් එක්ක හෝසොක් ඔලුව උස්සලා බැලුවමයි දැක්කේ එයා දිහා බලන් ඉන්න ජින්ව. ජින් කුඩුවෙච්ච වීදුරු ගොඩ උඩම ඇල උනා. මහ හයියෙන් කෑ ගගහා පොලවේ හැපි හැපි ජින් ඇඩුවා.
ජින්ගේ මේ හැසිරීමත් ජින් එකපාරටම කෑ ගහන්න ගත්ත නිසාත් ජේකේ ගැස්සුනා. ජේකේගේ තුරුලේ අඩලා අඩලා යන්තම් නිදා ගත්තු ටේව නොදැනෙන්න එහාට කරලා කාමරේ ලොක් කරලා ජින්ගේ කෑ ගැහිල්ල දිගාවට තප්පරේට ගියා.
ජි ලගින් හිටගත්තු එයා හැමදේම දැනගෙන, ජේකේ ජින්ගේ කකුල් ලගම දන ගහගත්තේ කිසිම හැගීමක් නැති කෙනෙක් වගේ. ජේකේට කිසිම දෙයක් හිතා ගන්න බැරි උනා. ජින් වැරදියට හිතන්න ඇති කියලා හිතුනු ජේකේ කැඩුනු ජනේලෙන් එබිලා හෝසොක්ව හෙව්වා. තාමත් මේ දිහා අසරණව බලාගෙන අඩන හෝසොගේ ඇස් දැකපු ජේකේ
"නෑ..... නැ................................"
.....................⏳.....................
ඩීමන් එකම විදිහට චිමීගේ බෙල්ල තදින්ම අල්ලගෙන හිටියා. අසරණ චිමී හුගාක් අමාරුවෙන් දැගලුවා ඒත් එයාට ඩීම්න්ගේ ශක්තිමත් අත් වලින් ගැලවෙන්න බැරි උනා. චිමීගේ සිහියට ආවේ ඩීමන් මතුරපු සිංදුවේ හැමදිස්සෙම කියැවුනු නමක්.
" සු....ග....ගා....."
චිමී අමාරුවෙන් ඒ නම කියද්දී ඩීමන්ගේ කහ ඇස් ආයිත් යතා තත්වෙට ආවා. ඒ ඇස් තිබුනා වගේම කලුපාට උනා. තනිකරම කලුපාටයි. ඒත් එක්කම ඩීමන් දත්මිටි කාගෙන
"ඒ නම ඇහෙන්නවත් කියන්න එපා.."
චිමීගේ බෙල්ලෙන් අත් දෙක ගත්තු ඩීමන් චිමීගේ ඇදුමේ කොලර් එකෙන් ඇදලා අරගෙන චිමීගේ රෝස කම්බුල් වලට හයියෙන් පාරක් ගැහුවා. පාර හයියෙන් වැදුනු නිසා චිමීට හයියෙන්ම ඉකි ගැහුනා ඩීමන්ගෙන් ඉක්මන්ට පිටිපස්සට තල්ලු වෙවී චිමී බයෙන් කම්බුල අල්ලගෙන අඩන්න ගත්තා. ඩීමන් ආපහු යන්න හැරුනත් ආයිමත් චිමී කියපු නම මතක් වෙලා චිමීගේ දිහාවට ගිහින් චිමීව ඇදගෙන හිටපු තැනින් එහාට ගිහින් චිමීව උස්සලා විසික් කලා.
විසික් වෙලා ගියපු පාර චිමීව කැඩිච්ච පියානෝ එක උඩට වැටුනා. . පුංචි කෙදිරිල්ලක් එක්කම චිමිගේ කිසිම සද්දයක් නැති උනා. ඒ තප්පරේට චිමීව ආයෙමත් ඇදලා ගත්ත ඩීමන් චිමීව උස්සලා ආයිමත් විසික් කරන්න හැදුවා ඒත් චිමීගේ ලස්සන මූන තැනින් තැන ඉරි තැලිලා ඩීමගේ ඇස් වලට අහු උනා. චිමී නිකන්වත් හෙලවුනේ නෑ. ඩීමන් එයාගේ දෑතින්ම චිමීව උස්සගෙන මොහොතක් ඒ මූන දිහා බලන් හිටියා.
ඩීමන්ගේ කන ලගින්' සුගා 'ආයි ආයි එයාට ඒ නම ඇහෙද්දී මරාගෙන මැරෙන්න තරම් කේන්තියක් දැනුනා. ඩීමන් ආපු කේන්තියත් එක්කම කැඩුනු පියානෝව දෑතීන්ම උස්සගෙන චිමී දිහාවට හැරුනා.
______________________________________
Hi gyz....🥂
හෙ හෙ අයි ලෑන්ඩ් සීන් එක බැලුවදෝ......... අනේ මට බෑ... අප්පා ජීවත් වෙන්න.... 😫 ජේකේනම් පිස්සෙක්... වචනෙන්ම කිව්වොත් 😂
Enjoy 🤗
Ishki 🥂
Bạn đang đọc truyện trên: AzTruyen.Top