🥀 ඔක්කොම ඉවරයි


* jemin p.o.v. * fire boy 🔥

ජින් හෙයොන් කෑ ගැහුවා නේද...
මොකද උනේ... හොබී...
මගේ හොබී කොහෙද.. ඇයි ජින් හෙයොන් කෑ ගැහුවේ...
මූව මම.... 😡
මටම තේරුනා මගේ රස්නෙට කාටවත් මන් ලග ඉන්න බෑ කියලා. හැමෝම එහාට උනා. තප්පරයක් යද්දී කලු ගොන් වෘක නායකයා සුනේ සුන්.. හහ් හහ් හා..

ආහ්... කෝ.. හොබී... 👀

"ජින් හෙයොන්... හොබී හෙයොන්..."

ෆ#
මගේ හොබී හෙයොන්ට තමුසේ කොහොමද යකෝ අත තිබ්බේ😡##.. උබ ඉවරයි අද.. එක පිම්මට එතනට පැනලා උගේ බෙල්ල කඩලා දැම්මේ ඌ මිනිහෙක් කියලත් අමතක වෙලයි😑.
උගේ ඇගෙන් ලේ විදින්න ගත්තා.
ජින් හෙයොන්ගේ යාලුවන්ට ලේ සුවද දරාගන්න බැරුව වියරු වැටුනා. එයාලා ඔක්කොම හන්ටගේ ඇග ඇදගෙන එහාටට දිව්වා.

"හොබී... නැගිටින්න... ඒයි... නැගිටින්න... මන් දිහා බලන්න..."

එයාට මොකුත් වෙලා නෑ. මන් එනකල්ම හන්ට එක්ක සටන් කලානේ. එයාට අමාරුයි. මෙයාට මන් එනකල් ඉන්න බැරි උනානේ. මෝඩයා. ජින් හෙයොන් හොබීට කිසිම කරදරයක් නෑ කියලා සනාත කර ගත්තා. මට ඇහුනා ජේකේට හොබීව බලන්න කියලා ජින් හෙයොන් පතල ඇතුල්ට ගියා. කඩුවේ කොපුවයි හන්ට හදපු අනික් හන්ටලා ගැන මොනා හරි දෙයක් දැන ගන්න කියලා කියනවයි ඇහුනේ.

බිම වැටිලා හිටිය හොබීව මගේ අත් උඩට ගත්තා. මගේ හොබී මගේ පපුවට තුරුල් උනා. එයා හොදින්. ඔයාට මොකුත් වෙන්නෑ මන් ඉන්න කල්. ටිකක් වෙලා යද්දී හොබී අමුතු විදිහට ගැහෙන්න ගත්තා.
එකපාරටම ඇස් ඇරිය හොබී

"යන්න... ජෙම්..න් යන්...න.. එ එ..යා...ල.."

මොකක්ද කියන්න හදන්නේ.

"ජේකේ ඉක්මන්ට එන්න😕... කෝ උබ... ඉක්මන්ට එනවා😑..."

ජේකේ අපි ලගට එද්දිම එකපාරටම වටේ ගස් හෙලවෙන විදිහ වෙනස් උනා. හරි අමුත්තක් දැනුනා. මොකක්ද මේ වෙන්නේ..🤨
ජේකේ අපි ලගට ආවා. හෝසොක් දිහා බලපු ජේකේ නිකන් හොල්මන් උනා.
අනේ මන්දා මූ...😒

හිමවලින් පිරුනු ගස් අස්සෙන් කලු ලෝගු ඇදගත්ත 3න් දෙනෙක් එනවා. හරි අමුතුයි. එයාලා මාරම ඝාන්භීරව ඇවිදන් එනවා. ජීවිතේට දැකලානම් නෑ. හපොයි අර අර ඉන්නේ කෙල්ලෙක් නේද... අම්මෝ....
එයා වැම්පයර් කෙනෙක්.. තුන්දෙනාගෙම ඇස් රතු පාටයි... ඔහ්... එතකොට මෙයාලා කවු.... ආශ්... ෆ#...

"ඔහ්...ඔහ්...ඔහ්.... වාව්..... අපිට කිව්වෙත් නෑනේ..... හන්ටගේ බෙල්ල නේද මේ.... ඔහ් වාව්.... 😀 ඔයාලා අපි නැතුවම වැඩේ කරලානේ.. 😅 බලු කුක්කා උඩු බුරන එකත් නවත්තලා ...හෝසොක් සහෝදරයා... මොකද බයවෙලා..."

කවුද මේ හෝතම්බුවා... මගේ හොබීට සහෝදර...
මේ වෝල්තුරීලා කියලානම් මට තේරුනා. එතකොට මේ හරහට කියවන්නේ කායි වෙන්න ඇති. අනේ මන්දා ජින් හෙයොන් කිව්ව විදිහට මන් හිතුවේ බලන්න බැරි තරම් භයානකයි කියලා. අනෙහ් මට මූගෙ බෙල්ල එකපාරින් ගලවන්න පුලුවන්..😏 හොබීගේ සහෝදරයෙක් නෙවේනම් මෙලහකට ගලෝලා.. හෝතම්බුවා.. 😐

නිකමට වගේ ජේකේ දිහා බැලුවා.. කෝ මේකා.. ආහ් අනික් පැත්තේ..
ජේකේගේ මූන බලන්නයි තිබ්බේ...
ආහ් සමහරවිට මුන්ගේ හිත්වල තියෙන ඒවා නිසා ජේකේ බයවෙලා ඇත්තේ. අනේ මේ යක්කුන්ට මොකටද බය වෙන්නේ.. හරි මෝඩ පාටයි🤨.

" හ්ම්..වාව් හෝසොක් සහෝදරයා වාව්... එහෙනම් මේකයි ඔයාලා හැංගුව රහස... වාව් වාව් වාව්..."

මේ හෝතම්බුවා නහය තලා ගන්නයි යන්නේ දැන්. මම නැගිටින්න හැදුවේ ඌට හොදවයින් නෙලන්න ඒත් මාව සීතල උනා. මගේ හොබී මගේ අත තද කරලා අල්ලගෙන.
ආශ් මගේ මැනික..
ඔයා කියනදේ මන් අහනවා.
ඔයා වෙනුවෙන් මැරෙන්නම්.. හුම්...😍.

"හෝසොක් හෙයො..."

අර වැම්පයර් කෙල්ලගේ එහා පැත්තෙන් හිටිය එක්කෙනා හොබී ලගට එන්න ඉස්සරහට අඩිය තියද්දී කායි එයාට ඉස්සරහට එන්න එපා කිව්වා.
එයා වෙන්න ඔනේ ජැක්සන්..
අහිංසක පාටයි. එටත් තිබ්බේ හොබි එක්ක එන්නනේ.. අර මෝඩ බිග් බ්රෝ ලග ඉදලා කජු ඇට කොස් ඇට තම්බන්නද..

ජේකේ තාම හොල්මනක් දැකලා වගේ ඉන්නේ. ඔන්න මන් දිහා බැලුවා. මිනිහා ඔලුව දෙපැත්තට වනලා ඔක්කොම ඉවරයි වගේ හැගෙව්වා. ඇයි ඒ..🤨

" බිග් බ්‍රදර් කැමතිවෙයි අපේ අලුත් කුණු ලේ යාලුවෝ දෙන්නව බලන්න... 😀.."

කායි කිව්ව විදිහනම් මට ඇල්ලුවේ නෑ. ඇත්තටම හොබී නැත්තන් මුගේ නහය සමතලා කරලා මන් මෙලහකට. ඔය දට් ටික සුදුවට තියෙන නිසානේ මූ ඇඩ් එක දදා කියවන්නේ.. හෝතම්බුවා.. බඩට යන්න දෙන්නේ උබට..
මම ඉතින් හිතින් හිතුවා නැත්තන් ඉතින් නැත්තන් මුට මේවා ඇහෙන්න කියන්නද.. 😐

අපි දැන් මෙයාලා එක්ක යන්න ඔනෙද. ඒ මොන එහෙකටද..🤨 කායි ඉස්සරහට ආවා එතකොටම ජින් හෙයොන්ගේ අප්‍රිකන් යාලුවා ඉස්සරහට පැන්නා.

"මේ අහන්න.. මි..මියා..නේ.. මේ.. අය... කිසිම..වැරැද්දක්.. කරලා.. නෑ.. අනේ මේ අයට ඉන්න දෙන්න... අපි... අ..පි හන්ටවත්... විනා..ශ.. කලා... ඉ..ඉතින්.."

හෝතම්බුවා : "ෂ්....🤫 ඔයාලා හැමෝටමත් එක්ක තමයි කිව්වේ.. බිග් බ්දර් ඔයාලාවත් දකින්න ආසවෙයි.. කොච්චර කාලෙකට පස්සෙද ඔයාලව හම්බුනේ... වාව්... 😉 ඔයාලත් බිග් බ්‍රදර්ව දැක ගන්න කැමතිත් ඇතිනේ... හන්ටව මැරුව නිසා සහනයක් හම්බෙනවා. බිග් බ්‍රදර්ගේ අතින්ම මැරෙන්න පුලුවන්. ඉතින් ඒ ගෞරවයම ඇතිනේ හිත හදා ගන්න. කෝ ඔයාලගේ මහලොකු මොලකාරයා.. හහ් පැනලා ගිහින්.. 😅.. "

අප්‍රිකන් යාලුවා : " ඒත්..ඒත්.."

හෝතම්බුවා : " ලීසා...😠"

එකපාරටම ජින් හෙයොන්ගේ යාලුවා අමුතු විදිහට ඇබරුනා. මුලු ඇගේම නහරවල් ඉලිප්පිලා පෙවුනා. ඇස් එලියට පයින්න ඔන්න මෙන්න වගේ. බෙල්ල ලග ඉරි තැලෙනවා.. අර ලීසා කියන එක්කෙනා ඇස් දෙක ලොකු කරගෙන ජින් හෙයොන්ගේ යාලුවව වේදනාවට පතකලා. ඔව් ඒ එයාගේ බලය. වෝල්තුරීලාගේ තියන බයානකම බලය හිමි එයාටනේ. මන් කෝමද මේවා මෙහෙම බලන් ඉන්නේ.. ඔව් මගේ අත හොබී පැටියා අල්ලන් ඉන්නේ..😍 මාව සීතලයි.. කිසිම තරහක් නෑ දනෙන්නේ නෑ..

ජින් හෙයොන් මෙතන නෑ.. එයා නැති එක හොදයි. හෙයොන්ට පුලුවන් මගේ අඩන බබාව බලා ගන්න. තේහෙයොන්ශි මගේ අඩන බබා ලග ඉන්න නිසා බයක් නෑ. මන් කෝම හරි හැමෝවම බේරගෙන එනවා මල්ලී.

මේ ලීසා කියන එක්කෙනා නිසා මොකුත් කරන්න බෑ. කායිගේ එක සංඥාවකින් ලීසා කියන කෙනා ජින් හෙයොන්ගේ යාලුවව අත ඇරිලා. බිම ඇදගෙන වැටිලා අමාරුවෙන් නැගිට්ට එයා හොබී දිහා බලුවේ මියාගේ කියන්න වගෙයි. මගේ හොබී මගේ අතට වාරුවෙලා කෙලින් උනා.
.

.

.
.........................⛪......♨️

.

.

.

.

ආශ් කවදා වෙයිද දන්නෑ මේ බිග් බ්රෝව බලන්න. ඇයි යකෝ දැන් මේ කීවෙනි පාරද. වංගු වංගු වංගු. ලිෆ්ට් එකෙන් යන්න බැයිද දන්නෑ.. පඩිපෙලකුත් බැස්සා පැයක් දිස්සේ. මුන්ට යකෝ බලේකුත් තිබිලා ඉබ්බෝ වගේනේ වැඩ කරන්නේ..

ගිහින් ගිහින් අන්තිමට පොලොව යටටම ආවා මන් හිතන්නේ. දඩාර යකඩ දොර ඇරගෙන කායි ඇතුල්ට ගියා. එතකොටම ඇතුලේ හිටිය තව කීපදෙක් අපේ පිටිපස්සෙන් හිටගත්තා. මුන්ට මොන විකාරයක් වෙලාද. හොල්මන් වෙලා වගේ ඉන්නේ. සොම්බි ලෑන්ඩ් එක මතක් උනා. ආශ් ඒකේ ඉතුරු ටික බලලා ඉවර කලෙත් නෑ. මුන් අද යන්න දුන්නොත් අද නයිටක් ගහලා ඒ ටික බලනවා.

අර යකා අපිට එන්න කවුලුවක් වගේ පොඩි හිඩසක් විතරක් අර දොරෙන් එන්න ඇරලා. මන් ඒ දොර එක පාරින් ඇරියා. ඌට ඒක ඇරගන්නත් හත්තිය නැතුව ඇති පව් පොඩි එකා. හේ හේ යකඩ දොර දඩාන් ගාලා දෙපැත්තේ බිත්ති වලත් වැදුනා.. 😅 අනේ මන්දා ඒක හෙන ආතල්.. මට නිකන් ආයෙත් ඒක ඇරලා වහන්න ඔනි ඔනි වගේ.. අනේ අඩන බබාත් ඉන්නයි තිබ්බේ. ඕයි පිස්සුද මිනිහෝ.. අඩන බබා මෙතන හිටියනම් මගේ අත යට ඉදගෙන මෙලහකට හොටු පෙර පෙර අඩනවා.

* no one p.o.v. *

ජෙමින්ට කිසිම ගානක් නෑ වෙන්න යන දේ ගැන. මොකද වෝල්තුරීලා ගැන දැනම් හිටියට කවදාවත් දැකලා තිබ්බේ නෑ වගේම එයාලා වැඩ කරන විදිහ දැකලා තිබ්බෙත් නෑ. ලීසා නිසා ජෙමින් ටිකක් සයිලන්ට්ව හිටියා. හොබී නිසා යකා නග්ග ගත්තෙත් නෑ. ජේකේ වෙන්න යන දේ දැනගෙන වගේ ඔහේ ඇවිදගෙන ගියා.

රජකාලේ වගේ රජ සභාවක් විදිහට ඒ තැන හදලා තිබ්බා. වෙනසකට තිබ්බේ එතන එක රජෙක්ට නෙවේ රජවරු 3න් දෙනෙක්ට ආසන තිබ්බා. මැද ආසනය යෝදයෙක්ට තරම් විශාලයි. විශාල දොරෙන් ඇතුල් වෙන ඔනෙම කෙනෙක්ට කැපිලා පේන තැන තමයි ඒ අමුතු ආසනය තිබ්බේ.

හෝසොකා වගේම ජේකේත් ජෙමිනුත් අනිත් අයත් කායිගේ පස්සෙන්ම ගිහින් ඒ ආසන ඉස්සරහින් හිට ගත්තා. කායි වගේම ලීසාත් ජැකසනුත් තව කාව හරි බලා පොරොත්තු උනා. එකපාරටම හැමෝම ඇතුල් උනු විශාල යකඩ දොර වැහුනා.

අමුතු විශාල ආසනය පිටිපස්සෙන් ඇහුනේ ගාම්භීර කෙනෙක් ඇවිදන් එන අඩි සද්දයක්. හැමෝම වගේ බලාපොරොත්තු උනේ ඒ කෙනාව තමයි. එයා එනවා ඇහෙද්දී හැමෝම වගේ ටිකක් කෙලින් උනා. නිකන් ගරු කිරීමකට වඩා බයක් වගේ. ඒ එන කෙනා එච්චරටම ලොකු කෙනෙක්ද..
ජෙමින් ටිකක් නැවිලත් බැලුවා. කලු ලෝගුවක් විතරක් එයාට පෙවුනා. ඒ ආසනයත් පහුකරගෙන ඉස්සරහට ආව කෙනා පිරිපුන් දේහදාරියෙක්. බැලූ බැල්මටම කඩවසම්. ඒක මූන නොබලම කියන්න පුලුවන්. ශාලාවේ කාටවත් වඩා මාර උසක් ඒ පිරිපුන් දේහදාරියට තිබ්බා. ඒ කෙනාගේ මූන වැහිලා එයාගේ කලු ලෝගුවට.

මැද තිබුනු විශාල ආසනය ඉස්සරහහින් හිටගත්තු එ කෙනා අත් දෙක ගස්සලා එයාගේ ලෝගුව ටිකක් එහාට කරලා අත් දෙක මූනට යවන ගමන් එයාගේ මූන වැහිලා තිබ්බ ලොගුව මූනෙන් අයින් කලා.

_____________________________________

Hi gyz 🙉

හේ හේ ඔන්න ගෙනාවා... මේකටනම් හොද කමේන්ට් ඔනී හලිද... මරන තර්ජන නිසාමයි මේක දැම්මේ.. හුම්... 😖
අනිත් එකත් ඔනිද... 👀 අද දෙකක්ම දුන්නා... හෙට එක අද පාන්දර ඔනෙ නෑනේ... හෙට පාන්දර දෙන්නම් 👀


Enjoy 🙊

Ishki 😅

Bạn đang đọc truyện trên: AzTruyen.Top