🥀 ඇගිලි සලකුන

පාන්දර 3.00යි ටේ මහාපාරේ ෆාමසී ගානේ ඇවිදින්නවා. ආච්චි හදිස්සියෙම අසනීප උන නිසා ටේට ඉක්මනින් ආච්චිට ඕන කරන බෙහෙතක් අරන්න එන්න කියලා ඩොක්ටස්ලා කියද්දී ටේ පයින්ම ඇවිදින්නවත් නොදන්න නගරේ හැම වීදීයකම හති දදා දිව්වා.

ටේ අදුරුපාරක ඇස්වලින් වැටෙන කදුලු පී දදා ඉස්සරහට ගියේ ආච්චිට ඔන කරන බෙහෙත එයාට කොහෙන්වත් හොයා ගන්න බැරි උනු නිසයි.

දඩාස්💥

* taehyung p.o.v. *

"ක...ක...කවුද ඔතන...😰"

අනේ කවුරුහරි මගේ පස්සෙන් එනවා. මට බයයි. කවුද එතන ඉන්නේ. මට ගිහින් බලන්නත් හිතෙනවා.
අනේ මට බයයි.
මෙතන ගොඩාක් කලුවරයි.
මහා පාර කොහෙද..
අනේ මට මෙතනින් යන්න ඔනේ.
මම පිටිපස්ස නොබලම ඉස්සරහට දුවගෙන ගියා. පේනතෙක්මානෙක කවුරුත්ම නෑ.

මට එක එක ඒවා මතක් වෙන්න ගත්තා. ඇකඩමී එකේ ලමයි කතාවෙන ඒවා.
වීදිවල ජීවත් වෙන අමුතු මිනිස්සු ගැන. එයාලගේ ලේ ගෑවුනු තොල් ගැන. එයාලාගේ ඇස් රතුපාටින් දිලිසෙන විදිහ. එයාලා මිනිස්සුන්ව මරන හැටි.
මේ පාලු වීදීවල මිනිස්සු හැමදිස්සෙම අතරමන් වෙන හැටිත් එයාලා ආයි කවදාවත් ආවේ නැති හැටි.
එයාලගේ ඩෙඩ් බොඩීස් කැලෑවේ තැන තැන විසික් කරලා තියෙන හැටි. මට එවෙලේ හිතුනේ ඇත්තටම ඒවා බොරු කියලා. ඒත් මට දැන් ඒවා මතක් වෙනවා. මොන කරුමයක්ද මේ වෙලාවෙන මේවා මතක් උනානේ.

මම හතිදාගෙන හද්ද කලුවර කපාගෙන මහා පාර හොයාගෙන දිව්වා. මගේ ආච්චි දැන් ගොඩාක් අමාරුවෙන් ඇත්තේ. ඉක්මන්ට බෙහෙත් ගෙනියන්නත් ඔනේ. මට තේරෙන්නෙ නෑ කොහෙන් හොයන්නද කියලා. අනේ ආච්චී මම ඉක්මන්ට එනවා ඔයා ලගට.

ආයෙත් මගේ ලගින්ම ඉස්සෙල්ලා සද්දෙම ඇහුනා. මගේ ඇග ලගින් හරි අමුතු සීතලක් ගියා. මගේ බෙල්ලහරියෙන් ටිකක් රිදෙන්න ගත්තා. මගේ කකුල් ගැහෙනවා බයටම. වටපිට බැලුවත් පේන්න කවුරුත් හිටියේ නෑ. කොහේ පේන්නද ඒ තරමටම කලුවරයි. මගේ ඇස්වලින් හොදටම කදුලු ගලන්න ගත්ත. එක අතකින් ආච්චි අරහේ අමාරුවෙන් බෙහෙත් නැතුව ඉන්නවා මෙහේ මම පාර හොයාගන්න බැරුව ඉන්නවා. මට ඉක්මන්ටමගේ ආච්චි ලගට යන්න ඔනේ.

මම දිගටම දිව්වා.

ඩෝන්💥

"ආව්... මගේ ඔලුව..😫"

කලුවරේ පාරක්වත් පේන්නේ නැතුව දුවපු නිසා තඩි කනුවක ඔලුව වැදුනා. ඔලුව අල්ලගෙන මම එතනම ටිකක්වෙලා හිටියා.

කලුවරේ අතගගා කනුව තියෙන තැන හෙව්වා. කනුව හොයාගෙන එකට හේත්තු උනා. ඔලුව හොදටම රිදෙනවා. හිමීට ඇස් ඇරියේ ආයෙත් යන්න හිතාගෙන.

මීදුමවගේ සුදුපාට දුමක් මගේ වටේම වටකරලා.
හරියට බයහිතෙනවා.
මගේ හිරිකටු පිපෙන තරමටම බය දෙගුන වෙලා. කවුරුහරි ඒ මැද්දෙන් මා දිහාවට එනවා.
මාව සීතල උනා. කෙලත් ගිලුනා.
නහය උඩ තිබ්බ දාඩිය පිහිදාලා ටිකක් සංසුන්වෙලා

" මහත්තයා... මේ පැත්තෙද... මට ම..හා පාරට යන වි...විදිහ කියනවද.. මම හිතන්නේ මන් අ..අතරමන් වෙලා.."

ටිකක් ගොත ගැහුනත් මම ඒ කෙනාගෙන් ඇහුවාම ඒ කෙනා මා දිහාවට එන වේගේ වැඩි උනා. වැඩි නෙවෙ ඒක

"ඔව් මට පුලුවන්.. 😈"

ඇහිපිල්ලමක් ගහන තප්පරේට එහා කොනේම හිටපු කෙනා මගේ මූන ඉස්සරහා නතර උනා.
නෑ නෑ මේක වෙන්න බෑ😨.
මාව පන නැතිවෙන්න වගේ. කෝමද..කෝමද... එහෙම..උනේ😰...

"ඇයි පැටියෝ බයවෙලා... දන්නවද ඔයාගේ සුවද පස්සෙන් මම ආපු දුර..ආහ්.. ඔයා කොහොමද දන්නේ...... අවුරුදු 9ක ඉදන්නේ මම මේ දේට බලන් හිටියේ... අන්තිමට ඔයා ගොඩාක් ලොකුවෙලා වාව්..."

ඒ ඇගිලි පුදුම සීතලයි ඔලුවට දාගෙන හිටපු කලු ලෝගුව ගැලෙව්ව එයා මගේ බෙල්ල ලගට එබිලා අමුතු විදිහට හුස්ම ගත්තා. දෙයියනේ ඒ ඇස් රතු පාටයි. කම්බුල දිගේ ඇගිල්ල මගේ බෙල්ල ලගට යවපු ඒ භයානක පෙනුම තියෙන කෙනා මගේ ඇස් දිහා බලාගෙන කැත විදිහට හිනා උනා. මීට කලින් මම දැකලා තියෙනවා ඒ අතේ කොටපු ටැටූ එක ඒ..ඒක මට මතකයි.

ඒත් කොහෙදිද?

මම දැගලුවත් මාව හෙල්ලුනේවත් නෑ. ඒ කෙනා මාව තදින් අල්ලගෙන. මෙච්චර ශක්තිමත් කෙනෙක්. මම..මම.. මොකද කරන්නේ... අනේ මාව මරයිද... මට පැනලා දුවන්න ඔනේ.. මේක මගේ අවසානෙද..? මගේ ආච්චිට බෙහෙත් ඕනේ.. අනේ මගේ ආච්චි.. ඔයා හොදින් නේද..

මාව බේරගන්න...

එකපාරම මාගේ ඉස්සරහා හිටපු යක්සයව පිට්පස්සෙන් ආපු දෙන්නෙක් වීදීයේ කොනට එකපාරින්ම විසික් කරලා දැම්මා.
යක්සයව එහාට ඇදලා දැම්ම කලු කැප් එකක් දාගත්ත දම්පාට ටී එකක් ඇදන් හිටිය කෙනා ටිකක් ඈතට වෙන්න ඉදගෙන මා දිහාවට හැරිලා හිටියා. හරියට මන් දිහා බලන් ඉන්නවා වගේ.
අනිත් කෙනා තනිකරම කලු පාට ඇදගෙන එයත් කලු කැප් එකක් දාගෙන හිටියා. දෙන්නගෙම මූනූ මම දැක්කේ නෑ. තවත් බලානොයිද මම පන කඩාගෙන දුවන්න ගත්තා.

මගදිගට කුනු බක්කි දඩබඩාන් ගාලා බිම වැටෙන සද්දෙයි වීදුරු කැඩෙන සද්දෙයි එක දිගට ඇහුනා. මම බිත්තිවල වැදි වැදි ඉස්සරහට දිව්වා.

එකපාරටම කවුදෝ යටිගෙරියෙන් කෑ ගැහුවා. මම දුවන ගමන්ම පිටිපස්ස හැරිලා බැලුවා. කරුවල අතරේ මම දැක්කේ කාගෙදෝ බෙල්ලක් බිම දිගේ පෙරලිලා කානුවකට වැටෙනවා. මගේ ලේ වතුර උනා.

මම දිගටම දිව්වා.
තවත් ඉස්සරහට දුවන්න හම්බුනේ නෑ. ආයෙත් මාව කොහෙදෝ බිත්තියක වැදුනා. ඒ පාරේ සැර වැඩි කමටම ඔලුව කැරකෙන්න ගත්තා.

ආච්චිගේ බෙහෙත් ගන්න බැරි උන එක ගැන මගේ හිත පසු තැවුනා. බිම ඇදෙගෙන වැටෙද්දී ආයෙත් බිම ඔලුව වැදුනා. වටේම කලුවර නිසා ඇස් පිය උනත් මට තේරුනේ නෑ.

.......🌄...🏥...⏳

අනේ මගේ ඔලුවට යකඩ පොල්ලකින් ගහලා වගේ කීන් කීන් ගානවා. නිකන් මත්වෙලා වගෙයි.
අමාරුවෙන් ඇස් අරිද්දී මගේ අත අල්ලගෙන හිටියේ මගේ එකම වස්තුව මගේ ආච්චී. ඒ මූනේ තිබ්බ හිනාව නිසා මගේ ඔලුව කැක්කුමත් නැති උනා.

"හනේ හනේ... යන්ග් මෑන්ලා එලිවෙනකල් නිදා ගන්නවද මෙහෙම.. කෝ ඉතින් නැගිටින්න.. මට මෙහෙ ඉන්න බෑ... "

අනේ මගේ ආච්චි..

" ඩොක්ට මොකෝ කිව්වේ..."

රැලි වැටුනත් හරිම සිරියවන්ත ලස්සන මූනක් මගේ ආච්චිට තියෙනවා. මගේ ආච්චිගේ ඇස්මයි මගේ ඔම්මටත් තිබ්බේ. අනේ මගේ ඔම්මාත් අද හිටියනම්.. එහෙනම් හරියට බෙහෙත් බොන්නැති එකට ආච්චි හොදට බැනුම් හානවා😓..

" ඔයාගේ යාලු ඩොක්ට පුතා කිව්වා මගේ ටිකට් කපන්න පුලුවන් කියලා👵.. ඉතින් දැන්ම යමු.. "

ආච්චි හොස්පිටල් වල ඉන්න හරිම අකමැතී. කොටින්ම බෙහෙත් කියන්නේ එයාට පේන්න බැරි දෙයක්. ආච්චි හිතන්නේ එයා තාම යන්ග් ගර්ල් කෙනෙක් කියලා. හරි පණ්ඩිත වැඩ කරන්නේ🙄. පොඩ්ඩක් ඉන්න මගේ යාලු ඩොක්ට කිව්වා🧐

"හෑ ආච්චී කවුද යාලු ඩො.."
"ආ.. තේහියුන්ග් හොදට නිදා ගත්තා නේද..?😉"

මම ආච්චිගෙන් කවුද කියලා අහද්දිම අපේ රූම් එකට ආවේ ජිමින්ගේ ලොකු හියුන්ග්😳...ජින් ඩොක්ට.

"ජින් හියුන්ග්.. "

මම පුදුම උනේ ජින් හියුන්ග් හොස්පිටල් එකේ ඉන්නවා දැක්කමයි. ඔව් ඉතින් ජින් හියුන් ඩොක්ටකෙනෙක්නේ... මොකක්හරි වැඩකට එන්න ඇත්තේ.

"ජින් හියුන්ග් ආච්චිගේ තත්වේ..."
"ආහ්.. බයවෙන්න දෙයක් නෑ.. එයාට හොදටම හොදයි.."

ජින් හියුන්ග් කියද්දී මට පුදුම සතුටක් දැනුනා.

"ඒ කියන්නේ මට ආච්චිව ගෙදර එක්කන් යන්න පුලුවන් නේද..? 🤩"

මට ඔනේ උනේ ඉක්මන්ට ආච්චිව ගෙෆ්හර එක්කන් යන්න.

"ඔව් ඔව් පුලුවන් තේහියුන්ග්.. ආච්චිට විතරක්නෙවේ මුනුබුරාටත් ඔනේ ඉක්මන්ට යන්නනේ.. දැනටනම් ප්‍රශ්නයක් නෑ.. වෙලාවට බෙහෙත් බොන්න ඔනේ ආච්චි... ඕම බෑ ලෙඩ සනීප කරගන්න"

මට කිසි දෙයක් හරියට මතක නෑ. මම කොයිවෙලාවෙද බෙහෙත් අරන් ආවේ. ඔලුව තාමත් රිදෙනවා. මම පාලු පාරක ඇවිදන් යනවා මතකයි අර මහත්තයාගෙන් පාර ඇහුවට පස්සේ... ආහ් මට මතක් නෑ.... ඒක මතක් කරද්දී ඔලුව පැලෙන්න වගේ රිදෙනවා...

ජින් හියුන්ග් අපිට යන්න පුලුවන් කිව්ව ගමන් මම ආච්චිගේ ටිකට් කපාගෙන බඩුත් අරගෙන හොස්පිටල් එකෙන් එලියට යද්දිම

"තේහියුන්ග්....🤗"

මගේ කරට පැන්නේ ජිමින්. එයා දැන් අත්වලට ග්ලව්ස් දානවා. මගේ බෙල්ල බදාගෙන හිනා උන ජිමින් ආච්චි දිහාවට නැමිලා

"මම ආවේ මගේ ආච්චිව එක්කන් යන්න... හී හී 😋🤗 අපි නමූ..."

ආච්චිගේ අතින් අල්ලගෙන ජිමින් එක්කන් ගියා. කෝමද ආච්චි අසනීපෙන් කියලා දන්නේ. ආහ් ජින් හියුන් කියන්න ඇත්තේ. එතකොට කෝ මෙයාගේ අනිත් භාගේ..👀
එතකොටම අපි ඉස්සරහින් කා එක නැවැත්තුවේ ජෙමින්.

....⏳

ල්ල්ල්
"ජිමින් මාර වැඩක් උනානේ... "

මගදිගට යද්දී මගේ ලගින් ඉදන් හිටපු ජිමින්ලගට ලන්වෙලා මම ඊයේ රෑ වෙච්ච දේ කිව්වා. මට කිසිදෙයක් මතක නෑ කියලත් එතකොට බෙල්ලේ තියෙන ඇගිලි පාර ගැනත්. අහම්බෙන් මම ඇගිලිපාර දැක්කේ ආච්චිගේ බෑග් එකේ තිබ්බ කන්නාඩියෙනුයි. රතුපාටවෙලා තිබුනා එතන. අල්ලද්දිත් රිදෙනවා. ජිමින් එයාගේ ග්ලව්ස් දාපු අතින් මගේ බෙල්ල ලග හිමීට ඇල්ලුවා.

"ආයි..."

ජිමින් ඉක්මන්ට අත ගත්තා. අනේ පව් අනේ එයා හිතන්න ඇති මට ගොඩාක් රිදුනා කියලා. ඒ මූන මැල උනා.

" නෑ.. නෑ.. ජිමින්.. ඒක එච්චර රිදුනේ නෑ... "

ජිමින් ලාවට හිනා. ජිමින් පොඩිදේට උනත් හිත කඩා ගන්නවා.
කොච්චර අහිංසකද..
මේ වෙනකොට ජිමින් මගේ ජීවිතේ වෙච්ච හැමදේම දන්නවා. මම තනියෙම ඉන්න තීරනය කරලා තිබ්බත් අහම්බෙන් හම්බුනු ජිමින් ජෙමින් ජින් හියුන් හෝසොක් හියුන් නිසා මට පාලුවක් දැනෙන්නේ නැති තරම්.
ආච්චියි මායි තනියෙම හිටියත් දැන් මට ලොකු පවුලක් ඉන්නවා වගේ දැනෙනවා.

ජිමින් හැමදිස්සෙම මා එක්කමයි හිටියේ. ජිමින් ඉන්නේ කොහෙද එතන ඉතින් ජෙමිනුත් හිටියා. කවදාවත් මම ජිමින් තනියෙම කොහෙවත් ඉන්නවා දැකලා නෑ. ඇකඩමී එකේදී එයාට සමහරක් ලෙච්චස් ෆ්‍රී උනාම ජිමින් හොස්පිටල් එකටවෙලා ජින් හියුන් එක්ක ඉන්නවා. ඒ හැර එයා තනියෙම ඇවිදින්නෙම නැති තරම්. ජෙමින් එයාව හරියට පරිස්සන් කරනවා. ජිමින්ගේ ඇගේ කවුරුහරි වැදුනත් යකා යන සයිස් එකේ ජෙමින් ඉන්නේ. ජිමින්ට යාලුවෝ ඉන්නවා ඇකඩමී එකේ හැමතැනම.. ජිමින්ගේ යාලුවන්ටනම් ජෙමින් කැමති නෑ. ඒත් ජෙමින් මා එක්කනම් විහිලු කරලා හිනා වෙනවා. කොච්චර නපුරු උනත් ජෙමින් මා එක්ක හිටියේ හොදම යාලුවෙක් වගෙයි.

මග දිගට ජිමින් එක්ක පහුගිය කාලේ උනු දේවල් කිය කිය ගියා. ජන්කුක් කොහෙද දන්නේ නෑ.. හ්ම් හැමවෙලේම මගේ හිතේ ඇදුනේ ජන්කුක්වම විතරයි. මට තේරෙන්නේ නෑ ඇයි මන් කොල්ලෙක් ගැන මෙච්චර හිතන්නේ කියලා.

මට ඔනේ එයා එක්කම ඉන්න. එ ලස්සන දිලිසෙන ඇස් දිහා බලන් ඉන්න. එයාගේ හිනාවට පිස්සු හැදෙනවා. කොච්චර සෙල්ලන්කාරයෙක් උනත් මට ඒ දේවල් අමතක වෙනවා.
ජන්කුක් මා එක්ක එක වචනයක් හරී කතා කරොත් මට මුලු ලෝකෙම ලැබුනා වගේ හැගීමක් දැනුනා. ඒත් කොහෙන්දෝ ආපු ලොකු කමක් නිසා මට ජන්කුක්ව යාලු කරගන්න හිතුනේ නෑ. එක්කෝ ඒක බය වෙන්න ඇති. එයා මාව මග අරිනවා වගේ නැත්තන් එයා මට කැමති නෑ.

මන් ලගපාතින්හරි වාඩි උනොත් එයා එතනින් ඉක්මන්ටම යනවා.
හ්ම් මට එකමොහොතක් එයා එක්ක තනිවෙන්න තිබ්බනම්...
ආශ්...මටත් පිස්සු... කොල්ලෙක්ට ආදරේ කරන්න පුලුවන්ද.... ඔයාට පිස්සුද තේහියුන්ග්.. හීන දකින්ම එපා.. එයා කැමති කෙල්ලන්ට.. හැමදාම ඔයා ඉස්සරහා වෙන කෙල්ලන්ට පැනි හලනවා.. අමතකද ඒවා...
මම මටම කියා ගත්තා.

.......⏳

ආච්චිව ගෙදරට දාලා රෑ වෙන්න කලින් ඇකඩමී එකට ගියපු අපි රූම් වලට ගියේ මහන්සි වැඩි නිසා නිදා ගන්න බලාගෙනයි. මම වොශ්රූම් එකට ගිහින් කන්නාඩිය ලගින් හිටගෙන ටිකක්වෙලා බලන් හිටියා.

මටත් නොදැනිම එදා පාලුපර ලගට මම ගියා. කලුවරේ හම්බුනු මනුස්සයාගෙන් පස්සේ මට හැමදේම අමතකයි. මම අමාරුවෙන් ඒ දේවල් මතක් කලා. ඒත් අමාරුයි.. මත්වෙලා වගේ මාව වැනෙනවා වගේ මට දැනුනා. ඔව් හොස්පිටල් එකේදිත් මට දැනුන මාව විසික් වෙනවා වගේ.

අතින් ඇස් දෙක පොඩිකරලා මම ශවර් එක යටින් හිටගෙන ඇගට වැටෙන වතුර
වල සනීපේ වැඩි කමට ඇස් පියා ගත්තා.

"නෑ.. නෑ 😰 නෑ 😭... එපා.. එපා😭..."

කවුරුහරි මගේ පස්සෙන් පැන්නුවා. මට වෙච්ච හැමදේම වගේ මතක්වෙන්න ගත්තා. වතුර ඇගට වැටුනත් හොදටම දාඩිය දැම්මේ බය උන හිනදයි. ඉක්මන්ට ටවල් එක ඉන වටේ ගෙට ගහගෙන එලියට දිව්වේ තනියෙන් ඉන්න බය උන නිසයි.

"ජිමින්.. ජිමින්.."

කෝ ජිමින්... අනේ කෝ.. ඔයා..😥.

"ජන්කුක්..."

අනේ මට බයයි...😩

එකපාරටම පිටිපස්සෙන් ලොකු හුලගක් ආවා. මම බය වෙච්ච පාරට කෑ ගහගෙන ඇද උඩට පැනලා රෙද්දෙන් ඔලුවේ ඉදන්ම පෙරව ගත්තා.

අඩි සද්දයක්...😳😟😰😭

"එපා.. අනේ එපා😭.. මාව මරන්න එපා😭.."

මගේ ඇදෙන් ඉදගත්තා...
ඒක මට හොදටම දැනුනා.
මුලු කාමරේම කිසිම සද්දයක් නෑ.

"ඔය බය තිබ්බනම් ඇති.. "

ඒ.. ඒ.. ජන්කුක්...😟😳

මම ඉක්මන්ට රෙද්ද අස්සෙන් බැලුවා. ඔව් ඒ ජන්කුක්.... 😣

"මම... මම😟... "
" ජිමින්ශි දැන් එයි.. එයාලා දෙන්නා ගියා කෑම ගෙන්න.. අපි අද රූම් එකේ ඉදන් කන්න හිතන් ඉන්නේ.. "

එයා අහක බලාගෙන කිව්වා.
එයා මන් දිහා දැන් ඉස්සරවගේ බලන් ඉන්නේ නෑ. ඒත් ඒ ඇස් වල අමුතු දෙයක් තිබ්බා. හරියට... නෑ නෑ.. එයා මට කැමති නෑ...

"මේ ආයෙත් ඔහොම ඇදුමක් නැතුව එලියට එන්න එපා.. "
"ඒ මොකද..🙄"

ආහ් මටත් මටපියන් ඉන්න බෑනේ.

" ඔය ලස්සන සිනිදු ඇග පුරා රතුපාටට පැල්ලම් තියෙනවා දකින්න ආසද..😌 "

මො..මොකක්ද පි පිස්සුද මෙයාට...😳
ඔලුවේ ඉදන්ම රෙද්ද පෙරෝගෙන ඇදුමක් අරගෙන රෙද්ද ඇතුලේ ඉදගෙනම මාරු කරගෙන මම ඇදට නැග්ගා.

ජන්කුක් වෙලාවකට අදුරගන්න බැරි චරිතයක්. මාව පිස්සු වට්ටනවා. ඒත් වෙලාවකට මාව පේන්න බෑ වගෙයි ඉන්නේ...

ජන්කුක් එයාගේ ඇද උඩට නැගලා 4න් එක ඔබන්න ගත්තා. කලින්නම් ජන්කුක්ගේ ඇද තිබ්බේ මගේ ඇද ඉස්සරහින්මයි. ඒත් දැන් තියෙන්නේ ජෙමින් ලග.
මන් ලගින් තියෙන්නේ ජිමින්ගේ ඇද. මහා රෑ වෙනකල් ජිමිනුයි මායී ලස්සන ෆිල්ම් බලනවා. ඒත් ජෙමිනුයි ජන්කුකයි එන්නේ නෑ. අපි බලන්නේ සුරංගනා කතා කියලා විහිලු කරලා අපි හරිම ලාමකයි කියලා එයාලා හොල්මන් ෆිල්ම් බලනවා.

ජන්කුකයි ජෙමිනුයි ෆිල්ම් බලද්දී ජිමිනුයි මායි එක ඇදේ බදාගෙන කෑ ගහනවා. ඒ තරමට බය හිතෙන ෆිල්ම් එයාලා බලන්නේ.

දන්නෙම නැතුව මට නින්ද ගිහින්. ජිමින් කන්න කතා කරද්දී මම කෑ ගහගෙන ඇදෙන් ඉද ගත්තා.
හීනෙන් පෙවුනෙත් එදා දැකපු යක්සයාවමයි. ජිමිනුත් ගැස්සුනා.

"වේ වේ.. තේහියුන්... මියානේ... මම හිතලා කරේ නෑ.. අනී මට..😟"

හොදටම දාඩියෙන් තෙත්වෙලා මම නැගිටිද්දී ජිමින් තවත් බය උනා.

" හෙයොන්...😟"

ජිමින් ජෙමින් ලගට දුවගෙන ගියා. මට කිසිදෙයක් හිතා ගන්න බෑ. ඒ යක්සයා මගේ ලගින් ඉන්නවා වගෙයි මට දැනෙන්නේ.. මගේ කෑ ගැහිල්ල නිසා ජිමින් බය උනා.
අනේ මට සමාවෙන්න ජිමින්..
මට කියන්න ඔනේ උනා ඒත් කටින් වචනයක්වත් එලියට ආවේ නෑ... ජන්කුක් මන් ලගට එද්දී ජිමිනුත් මන් ලගට ආවා. මගේ අතින් අල්ලගෙන ජිමින් මගේ ලගින් වාඩි උනා.

" තේහියුන්.. අනේ... බය වෙන්නෙපා... මේ බලනකූ... අපි කෑම කමූ.. ඔයා කාලත් නෑනේ තාම එන්න..."
"තේහියුන්ශී... මේ ජිමිනි තාරපැටියව දැක්කම බය හිතෙනවද..? 😂 මන් හිතන් හිටියේ අපේ ජිමින්ශී විතරයි පොඩිදේටත් බයවෙන්නේ කියලා.. "

ජෙමින් විහිලු කරද්දී ජේකේත් එක එක ඒවා කිව්වා. හුම් හරි නරකයි. ඒත් මම වෙච්ච දේ එකක් නෑරම එයාලට කිව්වා.

" ඒ කියන්නේ අන්තිමට ඔයාව වීරයෝ දෙන්නෙක් බේරගත්‍තා කියන එකනේ...😉😅"

ජෙමින් හිනාවෙවී කිව්වා.

"තේහියුන්ග්.. ඔයා හීනයක් දැකලා... එහෙම දෙයක් උනානම් කෝමද වෙලාවටම ආච්චිගෙ බෙහෙත් ගෙනාවේ.. ඔයා ගිහින් අනික් පැත්තට බෙහෙත් ගෙනාපු නිසානේ ආච්චි සනීප උනේ.. ඔයා හීනයක් දැකලා.. මේ හෙයොන් තමයි කොහෙන්දෝ යක්කු ඉන්න ෆිල්ම් එකක් පෙන්නුවේ.. බලන්නකූ ඉතින් දැම් තේහියුන් හීනෙන් බය වෙනෝනී...🙁"

ජිමිනි අගිල්ල දික් කරලා ජෙමින්ට කියද්දී

"හහ් හහ් හා😃... ජේකේ කෝ බන් ඊයේ ගත්තුවා.. මොකෝ කියන්නේ දැන් බලමුද..😅"

කාටද කියන්නේ... මම මෙතන හොදටම බයවෙලා ඉන්නවා. එ දෙන්නට ගානක්වත් නෑ.. හුම්...😣
මගේ බය හිමීට ඈතට ගියා.. එයාලගේ කතා නිසා මම හිතා ගත්තා මම දැක්කේ හීනයක් කියලා. ඒක එහෙමම උනොත් හොදයි දෙයියනේ... 😕 ඇත්තටම ඒම යක්කු හිටියොත්... නෑ නෑ... ඒම අය නෑ.... අමතක වෙන්න.😐.. මතක් කරන්න එපා😑....

කිව්වා වගේම ජෙමින් ස්පීකර්ස්වල සද්දේ හයියෙන් දාලා ලයිටුත් නිවලා ෆිල්ම් එක දැම්මා. හැමදාම වගේ මමයි ජිමිනුයි කොට්ට වලින් ඔලුවත් තදකරගෙන රෙදිවලින් මුලු ඇගම පෙරෝගෙන හිටියා.

ටිකක්වෙලා යද්දී බෙල්ල මිරිකනවා වගේ....
මොන කෙහෙල්මලක්ද අප්පා අර ගෑනියෙක් යටිගිරියෙන් කෑ ගහනවා. පිස්සුද මන්දා මේ ගෑනිට. මම කොට්ටේ අයින් කරලා මොකක්ද වෙලා තියෙන්නේ කියලා බැලුවා.
දෙයියනේ ඇයි ඇයි මම බැලුවේ... අනේ ඔම්මා.... 😖😭 අර ගෑනී කෑ ගලා තියෙන්නේ එයාව මරන්න එන්නේ බෙල්ලක් නැති අසරුවෙක් නිසයි. අනේ මට බෑ...😰😭

කලුවර උනත් මන් දිහා බලන් ඉන්න ජන්කුක්ගේ දිලිසෙන ඇස් මම දැක්කා. එයාට හොදටම හිනා. ජෙමින් හොදට ඇසුත් ලොකු කරන් ෆිල්ම් එක බලද්දී ජේකේ මම රෙද්ද අස්සෙන් බල බල කෑ ගහද්දී හිනා උනා. එයා මගේ පැත්තට හැරිලා මා දිහාම බලන් ඉන්නවා. ෆිල්ම් එක ගැන ගානක්වත් නෑ එයාට.
මන් බයවෙන එකට මෙයාට මෙච්චර හිනා යනෝද... හරි වැඩේ හුම්..😒 මලකෝලන්....😑 තඩියා...😒

_______________________________________

Hi gyz😈

ජෙමින් ජිමින් තැපලෙනෝ...ජෙමින්ට ජේ කියන්නම්... ඔයාලාම නැත්තන් නමක් කියන්න..

ජිමිනිනම් ගානක් නෑනේ...

ඔන්න ලමයි මේ ස්ටෝරි එකේ පලවෙනි 21+ එක හෙට දෙනෝ 😅🖐️ කවුරු කියලද හිතන්නේ... ඔයාලා හිතන්නෙවත් නැති කෙනෙක් තමයි ටොප් වෙන්නේ හපොයි... 🤣

මගේ කතා කියවන්නේ වැඩිපුරම ඔය වගේ කෑලි කියවන්න කැමති අයනේ හේ හේ මන් දන්නෝ හුදේ 😅 හේ හේ මන් දස්සයා නේහ් 🤣

හේනම් හෙටත් දිග චැප්පක් දාන්නම්. එක දිගට දෙක දෙක ගානේ දාපු නිසා මම ටිකක් රෙස්ට් කලා.

Gl ස්ටෝරි එක අප්ඩේට් කරන්නම් ඉක්මන්ට.. 😉 බයින්න එපා හුදේ මන් පව්... ජිමිනි තරම්ම...😁

Enjoy 😋

^ ishki ^

Bạn đang đọc truyện trên: AzTruyen.Top