🥀 ආරක්ශා කිරීම

ටේගේ රෝසපාට තොල් දිහා බලන් හිටපු ජේකේ හිටියේ වෙනම ලෝකෙක. අවුරුදු 119ක් ගත උනත් ජේකේට කා ගැනවත් මේ වගේ හැගීමක් දැනිලා නෑ. ජේකේ හැගීම් ගොන්නක් එක්ක ටේගේ තොල් පෙති වලට ලන් උනා.

"ටේ අන්න ආච්... ආ.. මේ... මම ආවේ වැරදි වෙලාවක නේද..😳"

ජිමිනි හොදටම පුදුමවෙලා අත් දෙකත් කම්බුලට තියාගෙන ඇසුත් ලොකු කරගෙන කිව්වා.

ජේකේගෙන් ඉක්මන්ට ඈත් උන ටේ ජිමින් ලගට දුවගෙන ආවා. ජේකේට මාර නෝන්ඩිය.

යාලුවෙන්නවත් ඔනේ නැතෙයි කිව්වා උනාට කිස් කරන්න ගියානේ කියලා ජේකේ හිතින් එයාටම බැන ගත්තා. ටේ ඉක්මන්ට කාමරෙන් එලියට දිව්වා. ටිකවෙලාවක් ජිමිනි ජේකේ දිහා ඒ විදිහටම බලන් හිටියා. ජේකේ කකුලක් ඉස්සරහට තියලා ජිමිනිව බය කලා හරියට මොනාද බලන්නේ දුවන්නයි කිව්වේ මෙතනින් වගෙයි. ජිමිනි හිතන දේවල් නිසා ජේකේට තවත් ලැජ්ජයි. ජේකේට බය උන ජිමිනි ටග්ගාලා ටේ දිව්ව දිහාවටම දිව්වා.

ටේ ආච්චිලගට වෙලා හිනාවෙවී ඉන්නකොට ජිමිනි ටේ ලගින් හිට ගත්තා.

"මේ ගනම් ගන්න එපා හලිද..? ජේකේ ඔම තමයි...🙄"

ටේගේ උසට ඇගිලි තුඩුවලින් ඉස්සිලා ජිමිනි ටේගේ කනට කරලා රහසින් කිව්වා.
ටේ ජිමිනි දිහා බලලා ලස්සනට හිනාවෙලා ඇහැක් ගහලා

"දන්නවා☺️.. එයා හරි අමුතුයි😒.."

ටේ කියද්දී ජිමිනි අතින් කට වහගෙන හිනා උනා.

හැමෝම වටවෙලා වටමේස සාකච්චාවක් දැම්මා. ටේගේ ආච්චි ලස්සන කතා කියන්න දන්නවා. හැමෝම වටවෙලා ඒ කතා අහන් හිටියා.

ආච්චිත් ජින්ගෙන් කැලේ සත්තු ගැන ඇහුවා. එයාලා දෙන්නම නගරෙට උනත් අලුත් නිසා දේවල් ගැන වැඩිය දැනම් හිටියේ නෑ. ටේගේ ගෙවල් වටේ ඉන්න ගෑනු හවසට රොක්වෙලා ඕපදූප කියවනවා ටේගේ ආච්චිවත් කතාවට ඇදලා ගන්න ගෑනු අය කියන ඒවා ඇහිලා තමයි ආච්චි ජින්ගෙන් ප්‍රශ්න කලේ.

"ආහ් ඔව් අච්චී.. ඒත් මෙහෙට එන්නේ නෑ.. දඩයක්කාරයෝ ඉන්නවනේ. ඒක නිසා බයවෙන්න දේකුත් නැ😊. "

ආච්චිගේ ප්‍රශ්නවලට හරිම සංසුන්ව පැහැදිලිව ජින් උත්තර දුන්නේ හරිම පලපුරුදු කාරයෙක් වගෙයි. ඔව් ඉතින් කොච්චර කාලයක්ද මේ කැලේ මේ තැන ගේ හදාගෙන කට්ටියම ජීවත් වෙන්නේ. ජින් කොච්චර මිනිස්සු එක්ක කතා බහා කරනවද. මිනිස්සු ඉතින් කුතුහලයෙන් පිරිච්ච ජාතියක්නේ.

..........⏳🌄

ටේත් ආච්චිත් ගෙදරට ආපු එකට කට්ටිය සතුටු උනා. ජින්ටයි හෝසොකාටයි ඇත්තටම ටේගේ සුවද ගැන ඇත්ත හෙවීමේ උවමානාවක් තිබ්බා. විශේෂ කෙනෙක් නිසා ඒ දෙන්නට ඔනේ උනා ටේ ගැන දේවල් දැන ගන්න. ජින්ලා දැන ගත්තා ටේටත් හානියක් තියෙනවා කියලා.

ටේ නැති අතරේ ජින් ආච්චිගෙන් ටේගේ ඔම්මලා නැති උන විදිහ අහලා දැන ගත්තා. ගොඩාක් අමුතු විදිහට තමයි දෙන්නවම නැති වෙලා තියෙන්නේ. මර්ඩර් එකක් විදිහට පොලිසිය කලින් සැක කලත් පස්සේ කිව්වලු දෙන්නම සුවිසයිඩ් කරගෙන කියලා.ඒත් එයලා හිටියේ බොහොම සතුටෙන් බොහොම ආදරෙන්. ටේගේ අනාගතය වෙනුවෙන් ඇතිවෙන්න ඒ දෙන්නා සල්ලි හම්බ කලා. ඒ දෙන්න ගැනවත් හිතුවේ නෑ එ දෙන්නා. පුංචියට ව්‍යාපාරයක් කරගෙන ජීවත් උනා.

දවසක් ටේ ස්කූල් ගිහින් එද්දී ගෙදර මිනිස්සු වටවෙලා. සමහර අය අඩනවා. ටේව දැක්ක ගමන් ආච්චි ඇවිත් ටේව බදාගෙන අඩන්න ගත්තා. පස්සෙයි දැන ගත්තේ ටේත් ඔම්මායි අප්පයි එයාව දාල ගිහින් කියලා. ටේ ඕන දේකින් සතුටුවෙන්න දන්න කෙනෙක් ඔම්මා අප්පා වගේමයි. හැමදේටම හිනාවෙලා ඉන්න ටේ ආසයි. ඒත් ඔම්මගෙයි අප්පගෙයි මරනයෙන් පස්සේ ටේ හිනා වෙන එක අමතක කලා. ටේ යාලුවන්ගෙන් ඈත් උනා. මුලු සාමජෙන්ම ඈත් උනා. ටේගේ මූනට හිනාවක් ගේන හිටියේ ආච්චි විතරයි. ටේගේ මුලු ජීවීතේම උනේ ආච්චී.

එහෙම කාලයක් ඉදලා තමයි ටේට ඇකඩමී එකට ස්කොලශිප් හම්බුනේ.

ඉතින් ටේගේ ලේ සුවද පස්සෙන් වැම්පයර්ලා එන වග ජින් හෝසොක් දැන ගත්තා. ටේගේ ඔම්මවයි අප්පවයි මරලා තියෙන්නෙත් ඒ ලේ සුවද එයාලා ලගත් තිබ්බ නිසයි. ඒත් ඊටත් වඩා සුවදක් ටේගෙන් එනවා. ටේ මෙච්චරකල් බේරිලා හිටිය එක ගැන එයාලා පුදුම උනා.

ඒත් ටේ උස්මහත් වෙනකල් ඉන්න ඇත්තේ පොඩි කාලෙදිම ටේව මරලා ගන්න ලේ මදි නිසා වෙන්න ඇති, කියලා එයාලා අනුමාන කලා. ජින්ගෙත් හෝසොකාගෙත් හිත් ජේකේට ඇහෙන නිසා ජින් කවදාවත් එයාගෙන් දේවල් හංගන් ඉන්න හැදුවේ නෑ. මොකද එහෙම කරලා වැඩක් නැති නිසා.

ජින් ලමයින්ව බලා ගන්න කාලෙම කෑම හදන්න ඉගෙන ගත්තා. රසවත් නොබලා සුපිරියටම කෑම හදන්න ජින්ට පුලුවන්. ජින් වගේම ජිමිනිත් කෑම හදනවා. ජින් හදන සමහරක් කෑම එයා ඇකඩමී එකේ පේශන්ලටත් ගෙනියනවා. එයාලගේ ශක්තිය වර්ධනය වෙන්න කියලා. ජින් එයාලටවිතරක් රස කෑම හදලා දෙන එකට ජේකේ තරහෙන් හිටියේ. ඉතින් ජින් කොහේ හැංගුවත් හිත කියවලස් ජේකේ කෑම හොයා ගන්නවා. ජේකේ එයාගේ දේවල් කා එක්කවත් බෙදා ගන්ම කැමති නෑ.ඉතින් ජින් එයාගෙ හියුන්. එයා හදන ඒවා එයාගේ විතරයි ජේකේ එහෙමයි හිතුවේ.

ජින් මිනිසු එක්ක එකතුයි. ජින්ගෙන් බෙහෙත් ගන්න ඇකඩමී එකේ හැමෝම මාරම ආසයි. විශේෂයෙන් කෙල්ලෝ. ජින්ගේ අමුතුම ලස්සනට කෙල්ලෝ වහ වැටිලා හිටියේ.

ප් මුලු ඇකඩමී එකේම අය ජේකේව, ජෙමින්ව, ජිමින්ව, හෝසෝකාව එහෙම දාගන්න ට්‍රයි කලා. ගොඩාක්ම සෙල්ලන්කාර උනේ ජේකේ. ජේකේ යාලුවෙච්ච නැති කෙල්ලෙක් නෑ. ඒත් ජේකේ සතියකට වඩා කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නෙත් නෑ. අඩුම තරමේ කිස් එකක්වත් දීලා නෑ කෙල්ලන්ට.

ඒ උනාට පැනියා වගේ එහෙමයි ටේගේ හිත කිව්වේ.

ඉතින් සෙල්ලන්කාර ජේකේගේන් කිසි දෙයක් හංගන්න බැරිනිසා එයාලා හැමවේලේම දේවල් එකිනෙකා අතරේ කතා කරගත්තා. ජේකේ ටේට තියෙන අනතුර ගැන දැනගත්තා. ජිමිනි අඩන්න වගෙයි එක අහපුවෙලේ ඉදන්. හෝසොකා ජිමින්ගේ ඔලුව අත ගගා නලවනවා. ඔන දේකට අඩන්න බලාගෙනයි ජිමිනි ඉන්නේ. ජිමිනිව කොච්චර පුහුණු කලත් වැඩක් උනේ නෑ. කොහෙන් ආපු අහිංසක කමක්ද මංදා. ජිමිනිව හදන්නම බෑ. ඒ හිත පොඩි එකෙක්ටත් වඩා හපන්. ජින් ජිමිනිව පුහුණු කලා මිනිස්සුන්ට ලන් උනත් එයාලා මැරෙන කොට දරාගන්න. ඒත් ජිමිනිට ඒක තාම කරගන්න බෑ. ඒත් ජිමිනි යාලුවන්ව ඇති කර ගන්නවා. ටේටත් ඉක්මන්ට ලන් උනා. දැන් ඉතින් ටේට මොනාහරි උනාම එකට ජිමිනිත් අඩනවා.

ඇකඩමී එකේ අලුත් වසර උදාවෙද්දී අලුත් ලමයි ඇකඩමී එකට එනවා. එතකොට ටේලා වසරක් ඉහලට සමත් වෙනවා. වසර 3ක් ඇකඩමී ලයිෆ් එක තුල එයාලා ඉගෙන ගන්නවා.

මිනිස්සුන්ට මෙයාලා ගැන මහලොකු දෙයක් දැන ගන්න ලැබුනේ නෑ. එයාලා කාලෙන් කාලෙට තැන් මාරු කලා. අවුරුදු 200ක් විතර මේ නගරේ ජින්ලා ජීවත් උනා. මෙච්චරකාලයක් එයාලා ඉන්න එක ගැන වැඩි අවදානයක් මිනිස්සුන්ට ගියේ නෑ. හෝසොකා අවුරුදු ගානක් තිස්සෙම ස්කෝලේ ප්‍රින්සිපල්වෙලා හිටියා. නගරේ ඉදලා හිටලා ඇවිද්දේ ජින් විතරයි. හොසොකාව කවුරුත් දැකලා නැති තරම්. නගරේ වයසකම කෙනා උනත් හොසෝකව දන්නේ නෑ. ජින් ගැන උනත් වැඩි දෙයක් කවුරුත් දන්නෙ නෑ.

ඇකඩමී එකේ ලමයින් අවුරුදු 3න් පස්සේ ඇකඩමී එකෙන් යනවා. එතනින් එහාට කිසි දෙයක් එයාල දන්නේ නෑ. ඇකඩමී ලෙච්චස්ලා උනත් වැඩි දෙනෙක් නෑ. එයාලට අවුරුදු 5ක් විතර සේවය කරලා වෙන පලාත්වලට මාරු වෙනවා.

ඔනම ප්‍රශ්නයක් ආවොත් කාලයක් ජීවත් උන පලපුරුද්දෙන් එයාලා ඒවට උත්තර දෙනවා. එයාලා සල්ලිකාරයෝ වෙලා ඉන්නත් හේතුව මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉදිමයි. එයාලට සල්ලිවලින් වැඩක් උනේ නෑ. ඒත් මිනිස්සු එක්ක ජීවත් වෙද්දී ප්‍රශ්න එනවා ඒ නිසාම එයාලා මිනිස්සු වගේම සල්ලි හෙව්වා. මිනිස්සු වගේ ජීවත් උනා.

ජින් හෝසොකා වැම්පයර්වරු නිසා එයාලගේ ඇස් රතු පාටයි. ඒත් එයාලා කාච දාගෙන මිනිස්සු එක්ක එකට ජීවත් උනා. එයාලා මිනිස්සු එක්ක හිටියේ බොහොම පරිස්සෙමෙනුයි. අඩුම තරමේ කාවත් අල්ලන්නවත් ගියේ නෑ. හුස්ම ගන්න ඔනේ නැති නිසා හුස්ම නොගත්තත් මිනිස්සු එක්ක ඉද්දී හුස්ම ගන්නවා වගේ රග පාන්න සිද්ද උනා.

ටේට හොරෙන් ටේගේ පස්සෙන් ගිහින් එයාව ආරක්ශා කරන්න ජෙමින් ජේකේ ඉදිරිපත් උනත් ජින් හෝසොකා ඒකට විරුද්ද උනා. ටේට විතරක් නෙවෙයි කොයිවෙලාවක හරි ඉව දැනිලා ඩීමන් එන්න පුලුවන් නිසා ජින්ලා බය උනා. ඒත් ඩීමන්ට පොඩ්ඩක්වත් ජන්කුක්තියා ජෙමින්වත් බය උනේ නෑ.

එයාලා කොච්චර ශක්තිමත් උනත් ඩීමන් එක්ක හැරෙන්නවත් බැරි වග ජින් හෝසොකා කිව්වත් ටේව ආරක්ශා කරන්න ඒ දෙන්නට ඔනේ උනා. ඉතින් හොසොකත් ටේව ආරක්ශා කරන්න උදව් උනා. මොනා උනත් එයාට ජෙමින්ට මොකුත් වෙනවා බලන්න බෑ. ජෙමින්ට හෝසොකා කැමතිබව ඇත්ත. ඒත් හොසොක් බය උනා. බිග් බ්‍රදර් දැන ගත්තොත් එයා කොල්ලෙක් එක්ක යාලු උනා කියලා ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හෝසොක් හිතුවා.

නම්ජුන්ගේ මනසම දැකීමේ හැකියාව නිසා එයාලා හංගන් ඉන්න රහස් එලියට එයි කියලා එයාලා බය උනා. මෙච්චර කාලයක් ගියා වෝල්තුරීලා එක්ක කිසිම ප්‍රශ්නයක්උනේ නෑ ඒ වගේම එක සහෝදරයෙක්කවත් අවුරුදු 118කින් දැක්කෙත් නැති තරම් . ඉතින් මෙච්චරකාලයක් නිදහසේ එයාලා හිටියා.

ඔය අතරේ ටේගේ පස්සෙන් වැම්පයර්ලා ලුහුබදින්න ගත්තා.

_____________________________________

Hi gys🙊

හේ හේ ඔබට ගැටලු තිබේද..?🤗

Enjoy 😘

^ ishki ^

Bạn đang đọc truyện trên: AzTruyen.Top