🥀අවසන් සටන
............දවස් කීපයකට පසු............
ආරක්ශා යකඩ කාමරේ සම්පූර්ණයෙන්ම බලවලලු වලුන් ආරක්ශා කරලා තිබුනා.
චිමී ඇස් අරිද්දිම චිමීගේ නල්ල තදින්ම සිප ගත්ත සුගා
" මන් බය උනා....😶 ආයිමත් එහෙම කරන්න හිතන්නවත් එපා.... ඔයාව මට නැති උනොත් මන් තවත් ජීවත් වෙන්නේ නෑ...."
" ම..ම..ගේ ඒන්ජල්...❣"
සුගාව බේර ගන්න චිමී එදා මැද්දට පනිද්දී ලුසිෆර් චිමීගේ බෙල්ල තදින්ම මිරිකුවා. චිමීගේ වේදනාව දරාගන්න බැරුව සුගාව ගිනි ගත්තා. ඒත් එක්කම සුගාගේ ඇගෙන් විහිදෙන්න ගත්ත බලය නිසා ලුසිෆර්ව ඈතකට විසික් වෙලා ගියා. චිමීව බිමට වැටෙන්න යද්දිම ලගට ඇදලා ගත්ත සුගා චිමීව පපුවට තද කරගත්තා.
එදා සුගාවත් සුගාගේ ග්රේස් එකත් චන්ඩි චිමී බේර ගත්තා. ඒත් ටිකක්හරි එහා මෙහා උනානම් අද සුගාට කවුරුත්ම නැතිවෙන්න තිබුනා.
ලුසිෆර්ට ඒ වෙලාවේ පැන ගන්න පුලුවන් උනා. ජේකේගේ තත්වයනම් හොද එකක් උනේ නෑ. ජින්ගේ තුරුලේ හිටපු ජේකේ හැමදිස්සෙම අලුත් වෙන කදුලුත් එක්ක සටන් කලා. කෝම හරි ටේව බේර ගන්න ජේකේට තාමත් ඔනේ උනා.
හෝසොක් වගේම ජෙමින්, නම්ජුන් එක්ක බලවලලු ගැන බලන්න ගත්තේ එලියෙන් දිගින් දිගටම පහර දෙන නපුරු ආත්මයන්ගෙන් ඒ බලවලලු වලට හානී වෙන්න ගත්ත නිසයි. එයාලට තවත්නම් මේකේ ඇතුලේ ඉන්න වෙන්නේ නෑ.
ටේගේ අත්මයට උන හානිය නිසා සාතන්ට මහ ලොකු බලයක් නැති උනා. ආපු කේන්තිය නිසා මුලු ලෝකෙම තමා යටතට ගන්න ලුසිෆර් ලෑස්ති උනා. මිනිස්සුන්ගේ ආත්මයට වද දෙන්න පටන් ගත්තා. ලුසිෆර් එක බැල්මකින් මිනිස්සුන්ව පිස්සු වැට්ටුවා. එයාලා තන්ගෙම අයට පහර දුන්නා.
මිනිස්සුන්ව නොමරම ඒ ආත්ම වියරුවෙන් ඇනකොටා ගන්න සත්තු විදිහට හැරෙව්වා.
මේ ලෝකේ අවසානයද...?
කාටවත්ම ගැලවීමක් නෑ. අපායෙන් හැම නපුරු ආත්මයක්ම නිදහස්වෙලා. මිනිස් ලෝකෙම රජ කරන්න පටන් අරන්. හැම මනුස්සයෙක්ම ඇන කොටා ගන්නවා.
සාතන්ට ඒ තරම් සතුටක් තවත් නෑ.
නම්ජුන් වගේම අනිත් හැමෝම ආරක්ශා වෙන්න ගත්තා. එයාලට මෙච්චර ලොකු හමුදාවක් එක්ක සටන් කරන්න බෑ. හම්බුනු අවස්තාවෙන් එයාලා ඉක්මන්ට ආරක්ශා උනා. හැමදේම හරිම ඉක්මනින් සිද්ද උනා.
සුගාගේ තුවාල උනු බෙල්ල සනීප වෙන්න තව කාලයක් යනවා. සුගාට උනත් මේ වෙලාවේ ලුසිෆර්ට විරුද්දව කිසිම දෙයක් කරගන්න බෑ. හැමවෙලේම කල්පනා කලේ එයාගේ බලය එලියට ගන්න විදිහක් ගැනයි. ඒත් කරපු කිසිම දෙයක් හරි ගියේ නෑ.
ඔය අතරේ ලුසිෆර් අදුරු කැලයට ඇතුල් උනේ නැතිවෙච්ච බලය ලබා ගන්න බැරි නිසා මෙච්චර කල් හන්ගලා තිබුනු අදුරු පියාපත් හොයාගෙනයි.
ලුසිෆර් එදා දෙව් ලොවින් බිමට වැටෙද්දී කැඩුනු තටු ලුසිෆර් අදුරු කැලේ හැන්ගුවේ ශක්තිමත් ආත්මයක් ඇති මනුස්සයෙක්ව හම්බුනු දවසට ඒ ශරීරයට ඒ පියාපත් එකතු කරගන්නයි. ඉතින් අද ලුසිෆර්ට ඒ ශරීරය ලැබුනා.
ඒත් ආත්මය ශක්තිමත් නෑ. දැනට ශරීරයේ තියෙන බලය නිසා ලුසිෆර්ට පුලුවන් ඒ අත් තටු ආයෙත් හිමි කරගන්න.
ඒන්ජල් කෙනෙක්ගේ බලය දෙගුන වෙන්නේ මේ පියාපත් නිසායි. පියාපත් නැති ඒන්ජල් නිකන්ම නිකන් කෙනෙක් විතරයි. සාතන් බලවත් කෙනෙක් උනත් එයාට කරන්න බැරි දේවල් හුගාක් තියෙනවා. ඒත් ඒ හැමදේම කරගන්න පුලුවන් එයාට මෙ වෙද්දී ලැබිලා තියෙන ටේගේ ශරීරය නිසා.
අදුරු කෑලෑවේ හන්ගපු පියාපත් ලුසිෆර් ලබාගත්තා.
.....................↘................
අවසාන මොහොතේ යකඩ කාමරයේ ආරක්ශක බැමි කඩාගත්ත අදුරු ආත්මයන් වියරුවෙන් කඩාගෙන පැන්නා. සුගා නම්ජුන් හෝසොක් ඒ ක්ෂනිකව හැමෝම ආරක්ෂා කරගන්න ඉස්සරහට පැන්නා. ජින්වත් ජිමින්වත් මැද්දට කරන ගමන් අනිත් අය එයලා වටා රවුමක් ගැහිලා හැමෝවම ආරක්ශා කරන ගමන් අදුරු ආත්මයන්ට මූන දෙන්න සැරසුනා. ජෙමින් චිමීත් ජින්වත් වට කරලා ගිනිදර වලින් වලල්ලක් හදුවා. ජෙමින් එක්ක එකතු උන සුගා අදුරු ආත්මයන්ට තවත් ඉස්සරහට එන්න නොදී වග බලා ගත්තා .
නම්ජුන් හෝසොක් ජේකේ මේ වෙනකොටත් ඒ ආත්මයන් එක්ක සටන් කරනවා. මුලු පලාතම වටකරගෙන ඒ අදුරු ආතමයන් එයාලව ගිලගන්න හැදුවා. එන්න එන්නම අදුරු ආත්මයන් වැඩි වෙන්න ගනිද්දී පස්දෙනා දන්නෙම නැතුව ජින්වත් චිමීවත් තනිකරලා ඈතට ගිහින් තිබුනා. කාටවත්ම බැරි උනා ජින් ලගටවත් චිමී ලගටවත් ආපහු යන්න. ඒ තරමටම අදුරු ආත්මන් හැමතැනම හිටියා.
ජෙමින් පුලුවන් තරම් එයාලගේ වටේ ඉන්න ආත්මයන් ගිනි බත් කලා. ඒත් ගින්දර වලින් වැඩි හානියක් උනේ නැති ශක්තිමත් වියරු ආත්මයන් සිය ගානාක් හිටියා. වැඩිවෙලාවක් නොගිහින්ම ජෙමින්ව එයාලා අල්ල ගත්තා. ජේකේ පුලුවන් තරම් සටන් කලා. ජෙමින්ව බේර ගන්න ගිහින් අන්තිමට ජේකේවත් ඒ ආත්මයන් අල්ල ගත්තා. හෝසොක් නම්ජුන් ජේකේවත් ජෙමින්වත් බේර ගන්න පුදුම කැපකිරීමක් කලා. නම්ජුන්ගේ වගේම හෝසොක්ගේ පලිගු ශක්තිමත් අත පය ආත්මයන්ගේ වියරු වැටිච්ච කැපෙන සුලු අඩු වලට අහුවෙලා තුවාල වෙලා තිබුනා.
සුගා ලගට එන හැම එකාගෙම ඔලුවට අත තියන ගමන් උන්ව අලු කරලා දැම්මා.
ඔය අතරේ එකපාරටම
" නෑ නෑ නෑ 😰.........."
ජින් මරහඩ දීලා කෑ ගැහුවා.
සුගා ඒත් එක්කම හැරිලා බැලද්දීයි දැක්කේ චිමීව අල්ලගෙන ඉන්න අදුරු ආත්මය චිමීගේ බෙල්ල මිරිකගෙන ඉන්නවා. සුගාගේ බෙල්ලේ තුවාලය එකපාරටම හොද වෙන්න ගත්තා. සුගාගේ මුලු ඇගම තරහින් පුපුරන්න ගත්තා. ඒත් එක්කම සුගාගෙ ඇගෙන් විහිදුනු එලියත් එක්කම පොලව හෙල්ලෙන්න ගත්තා. සුගා හිටියේ සිහියකින් නෙවේ. සුගාගේ ඇග අමුතු විදිහට දිලිසුනා. ඒ ඇස් තනිකරම කලුපාට උනා.
සුගාගේ ඇගෙන් දරාගන්න බැරි තරම් ලොකු ආලෝකයක් පිට උනා. ඒ එලියට අහු උන අදුරු ආත්මයක් සම්පූර්ණයෙන්ම සුන් වෙලා ගියා. කාටවත්ම හිතා ගන්න බැරුව ගියා මේ වෙන දේ. සුගා එකපාරටම පාවෙන්න ගත්තා. සුගාගේ ඇගෙන් මතු උනු සුදුපාට පිහාටු කලින් තිබුනටත් වඩා හුගාක් විශාල වෙලා. මුලු ඇගම ඒන්ජල් කෙනෙක් වගේ උනත් ඒ ඇස් තනිකරම කලුපාට වෙලා. චිමීව අල්ලගෙන හිටපු ආත්මය විතරක් හැමෝගෙන්ම අවසානයේ ඉතුරුවෙලා හිටියා. සුගා ඒ දිහාවට මාරම වේගෙකින් ඇදිලා ගියා.
චිමීගේ බෙල්ල තදින්ම ඒ අදුරු ආත්මය ඇද්දා කිසිම හිතක් පපුවක් නැතුව. ඒත් එක්කම ඒ අත්මයේ ඔලුව පසාරු කරගෙන යන්න සුගාඅත මිට මොලවලා පාරක් එල්ල කරා. ඒ මොහොතේ චිමී මලකදක් වගේ බිමට ඇදගෙන වැටුනා.
චිමීගේ සියුමැලි කම්බුල් සුදු මැලි වෙන්න පටන් ගත්තා.
ඒ රෝස තොල් කලුපාට වෙන්න ගත්තා.
ඒ මූනේ ජීවය නැත්තටම නැතිවෙලා යද්දී සුගා තවත් බලා නොයිද චිමීව දෑතින්ම උස්ස ගත්තා වගේම එයාලා අතුරුදහන් වෙලා ගියා.
නම්ජුන් ඉක්මන්ට ජින් ලගට ගියා. ජින් ගල්පිලිමයක් වගේ ඔහේ බලාගෙන හිටියා. එකපාරටම ඒ වෙච්ච දේ කාටවත්ම හිතා ගන්න බැරි උනා. ජෙමින් එතනම බිමට කඩාගෙන වැටුනේ ඇස් වල කදුලුත් පුරෝගෙනයි. ජේකේ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන බිම ඉදගත්තා.
" නෑ නෑ.... 😰පොඩ්ඩා හොදින්... එයාට මොකුත් වෙන්නෑ.... නෑ නෑ.... නෑ...😰 "
හෝසොක් ජෙමින්ව පපුවට තුරුල් කරගන්න ගමන් මතුරන්න ගත්තා.
හැමෝම අන්තීමට තීරනය කලා ලුසිෆර්ට එකට මූන දෙන්න. තවත් එයාලට නැති වීමක් නෑ. එයාලට සිද්ද උනා ඩෙවිල්ගේ මරනයේ අසිපත හොයාගෙන යන්න. ඒක තමයි එයාලට ඉතුරු වෙලා තිබ්බ එකම දේ මේ වෙලාවේ කරන්න.
ඒකට අසිපතක් කිව්වට ඒක ඇත්තටම අසිපතක් නෙවෙයි. සාතන් එහෙම නැත්තන් ලුසිෆර් වගේ ඒන්ජල්ලව විනාශ කරන්න පුලුවන් එකම එක ආයුදයක් තිබුනා. ඒක දේව ලෝකය පූජනීය වස්තුවක් විදිහට සලකපු එකක්. ඒක මේ වෙනකොට තිබ්බේ මිනිස් ලෝකෙමයි. ඒත් ප්රශ්නේ උනේ එතන්ට යන එකයි. කාටවත්ම ඒ ජූජනීය මැදුරට ඇතුල් වෙන්න අවසර නෑ.
ඒ ආයුදය ආරක්ශා කරේ එක් බලවත් පූජකයෙක්. එයාට දෙවියන් වහන්සේ විසින් ලබා දීලා තිබුනු බලය නිසා විශ්වයේ ඔනෙම බලවත් කෙනෙක්ගෙන් එයාට ඒ ආයුදය ආරක්ශා කරගන්න පුලුවන් මොන විදිහක බලපෑමක් ආවත්. ඒත් එයාට බෑ ඒ ආයුදය පාවිච්චිකරන්න. මේ පූජකයා හුගාක් බලවත් නිසා කාටවත්ම ඒ ආයුදයට අතවත් තියන්න ලැබුනේ නෑ.
......................☄..............
පූජනීය දෙව් මැදුර ඉදිරියේ පස්දෙනාම හිට ගත්තා, කොහොම හරි ඒ ආයුදය අරගන්නවාමයි කියලා අදිඨන් කරගෙන. මැදුරට ඇතුල් වෙනවත් එක්කම හැම දොරක්ම වැහිලා ගියා. ජින්ගේ අත නම්ජුන් තදින්ම අල්ල ගත්තා. ජෙමින් වගේම හෝසොක් මූනට මූන බලාගෙන බය වෙන්න එපා කියාගන්න වගේ මාරුවෙන් මාරුවට බැල්මක් හෙලුවා. හැමෝගෙම මැද්දෙන් හිටන් හිටපු ජේකේ
' ටේටෙ ඔයාව මන් කෝම හරි බේර ගන්නවා... මන් එනකල් ටිකක් අල්ලගෙන ඉන්න...😶.'
හිතින් ටේටේ වෙනුවෙන් කතා කලා.
හැමෝගෙම හිත්වල තිබුනේ එයාලගේ නැතිවීම ගැන පසුතැවීමකුත් ලෝකය මේ විනාසයෙන් බේරගන්න ඔනේ කියන දේම විතරයි. දෙව් මැදුරේ ආරක්ශක පූජකයා මේ හැමෝගෙම ඉරනම හොයන්න ගත්තා. එයලා මෙතනට ආවේ වැරදි සිතුවිල්ලකින් නෙවේ යන වගත් එයාලට ඕනේ ලෝකය යටත් කරගන්න නෙවේ ලෝකය බේර ගන්න ඕනේ වෙලා තියෙන, යන වගත් පූජකයා දැන ගත්තා.
ඒත් එක්කම පස් දෙනාගේ වටේට එකතු උනු පුංචි පුංචි අලෝකයන් එයාලගේ හිත් සංසුන් කරන්න පටන් ගත්තා. එහා මෙහා දුවන අලෝක අතරින් පූජකයාගේ තෙවනි ඇස දිලිසෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙදී පූජකයා කතා කලා
" මේ ආලෝකයන් ඔබව ශක්තිමත් කරනවා වගේම පූජනීය අසිපත ඔබව වගේම ලෝකයත් ආරක්ශා කරාවී. මෙතැන් පටන් එහි පූර්ණ අයිතිය ඔබ සතුයි..."
ඒත් එක්කම හැම ආලෝකයක්ම කොල්ලෝ පස්දෙනාගේ ඇගට ඇදිලා ආවා. ජූජකයා කරපු මායාව හරිම අපූරුයි. කොල්ලෝ පස්දෙනාගේ ඇග දැවටුන, ශක්තිමත් හම්වලින් හදපු ලෝගූ නිසා එයාලට දැනුනේ ශක්තිමත් බලයක් ඇග පුරා දුවනවා වගෙයි. මැදුරේ හැම දොරක්ම ඇරෙනවත් එක්කම ජූජකයා අතුරුදන් උනා. හැමෝගෙම ඇස් පුදුමයෙන් ලොකු වෙලා එකම දිහාවක් දිහා බලන් හිටියා. ඒ අර කිව්ව කිව්ව පූජනීය වස්තුව දිහාවට.
ඩෙවිල්ගේ අවසානය මේ ආයුදයෙන් අවසන් වෙනවත් එක්කම ලෝකය තිබ්බ තත්වයට පත් කරන්න පුලුවන් වෙයි කියලා තමයි ජූජකයා අදහස් කලේ.
ඩෙවිල්ගේ මරනයේ අසිපත අරගෙන දෙව් මැදුරෙන් එලියට ආව කොල්ලෝ පස් දෙනා ලෝකය අවසානය වෙන තැනට ගියේ ලුසිෆර්ව ඉවරයක් කරලා දාන්න බලාගෙනයි.
ලුසිෆර්ව ඉවරයක් කරන්න ආයුදය ලැබුනේ ජේකේටයි.
හැමදේම අවසානයේ අහසින් බිමට කඩා පාත් උනු කලු දුමාරයත් එක්කම ලුසිෆර් මතූ උනා. ඒ අලුත් වෙනස්වීමකුත් එක්කමයි.
එයාව බලන්න ඇවිල්ල ඉන්න අමුත්තන් දිහා බලලා කට කොනට ලුසිෆර් හිනා උනා.
___________________________________
Hi gyz 🙊
මේක තේරුනාද ලමයි.... ඔන්න යුද්දෙ හරි මන් හිතන්නේ 👀😃
බලමු ජේකේට ටේව බේර ගන්න පුලුවන් වෙයිද කියලා...
මන් ඔයාලා මුල ඉදන්ම කතාව හිතාගෙන හිටපු විදිහ කඩලා බිදලා දැම්මට සමාවෙන්ඩෝ... 🙊🔥
Enjoy 👀
Ishki_
Bạn đang đọc truyện trên: AzTruyen.Top